ලගින්ම ඉන්න කස්ටිය

Thursday, September 27, 2012

ග්‍රීන් ලැන්ටර්න්ගේ ලව් පලහිලවුව විසදා ජීවිත තුනක් බේරාගන්න...


මේක කාටුන් එකක් ආශ්‍රිතව අහන බරපතල ගැටළුවක්...

ගැටළුව පමණක් ඉදිරිපත් කිරීම බලන අයට කරන අසාධාරණයක් නිසා කතාවත් දානවා..

කාටුන් බලලා තීනවද????
බලලා නැත්තං මේක කියවලා වැඩක් නෑ..

කාටුන් වල ගොඩක් කැමති සුපර් හීරෝස්ලා ඉන්න කාටුන් වලට. මංදා මමනං ඒමයි ඈ..

සුපර් හීරෝස්ලා ඉන්න කාටුන් බිහිවෙන්නේ ඔය කොමික් බුක්ස් නැත්තං චිත්‍රකතා පොත් හරහනේ. සුපර් හීරෝස්ලා ඉන්න කොමික් බුක්ස් පල කරන ප්‍රධාන සමාගම් දෙකයි..




තව ඇති.. ඒත් අදාල නෑ...

මේකෙනුත් අපිට අදාල වෙන්නේ DC comics තමා.

සිරාම සිරා දැක්කම ඇඩෙන චරිත ගොඩක් මේගොල්ලෝ ගාව ඉන්නවා... 
ලෝක ප්‍රසිද්ධ සුපර් මෑන් අයිති මේගොල්ලංට තමා...
 
හරි කතාව කියමුකෝ... කතාව ලව් ස්ටෝරියක් වගේ  එකක්.. එහෙම කියන්න හේතුව කාටුන් සීරිස් එක බලලම දැනගන්නලා... බලන්න ආස අය මෙන්න මේ ටොරන්ට් සයිට් එකට ගිහිං බා ගන්ටලා...

සුපර් මෑන් එක කාලෙකදි ඉන්න හොරු මේච්චල් කර ගන්න බැරුව හදා ගන්නවා ලීග් එකක්. නම ජස්ටිස් ලීග්..

ඕක ඇති වෙන්නේ අහම්බෙං.. කතාව කෙටියෙං කියනවනං මේමයි වෙන්නේ..

සමුලුව අමතන සුපර් මෑන්...


සුපර් මෑන් එක්සත් ජාතීන්ගේ සංවිධානෙදි කියනවා ලෝක සාමය සදහා සම්මුතියකට එලබෙන්න කීලා.. ඒත් ඒ වෙනකොටත් පිටසක්වල ජීවීන් සෙට් එකක් පෘථුවිය තුල අන්ඩර් කවර් මිෂන් එකක් කර කර ඉන්නේ පෘථුවිය යටත් කර ගන්න බලාගෙන. මේක නොදන්න සුපර් මෑන් එක්සත් ජාතීන්ගේ රටවල් සියල්ල නිරායුධ කරන සම්මුතියක් ඇති කරගෙන ඔක්කොම අවි ටික විනාශ කරලා දානවා. වැඩේ කරා විතරයි අර පිටසක්වලයෝ ටික ගේම දෙන්න පටං ගන්නවා. මුං ගේම අදිනකොටම සුපර් මෑනුත් ෆයිට් කරනවා අම්බානක.. ඒත් තනි සුපර් මෑන් තනියම බම්බු ගහන්නයැ.. අම්බානක කනවා. මෙහෙම කකා ඉද්දි සුපර් හීරෝස්ලා එකා දෙන්නා ඇවිත් සුපර් මෑන්ට සප් එක දෙනවා.. 

බැට්මෑන්, ෆ්ලෑෂ්, වොන්ඩර් වුමන්, ග්‍රීන් ලැන්ටර්න්, හොව්ක් ගර්ල් යන අය තමා උදව් කරන්න එන්නේ. මේකෙදි අගහරු ජීවියෙක් වෙන මාර්ෂන් ද මෑන්හන්ටර් හෙවත් ජොන්ජෝන්ස් කියන හාදයත් එක්කහු වෙනවා මේගොල්ලො එක්ක.. ඒත් සෙට් වෙන විදිහ කියන්න ගියොත් අද කියන්න ආපු එක කියන්න වෙන්නෑ..

කෝමහරි ඒ පිටසක්වල ආක්‍රමණය මේ සෙට් එක ඉවරම කරලා දානවා.. අන්තිමේදි සුපර් මෑන් කියනවා මේක ඉවරයි කිවුවට ඉවරම නෑ.. උං ආයේ එන්න පුළුවං.. ආයේ එනකොට උංට සෙම්බුව දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්න ඕනා කියලා. ඉතිං මේක කරන්න තනි මට බෑ, අපි කට්ටිය සෙට් වෙලාම ටීම් එකක් විදිහට ගේම දෙමු කියලා.. ඔන්න ඕම සෙට් වෙලා තමා ජස්ටිස් ලීග් එක හැදෙන්නේ... (මේක පෘථුවියට විතරක් අදාල නෑ.. මොකද සමහර සාමාජිකයෝ පිටසක්වල ජීවීන්.. සුපර් මෑනුත් එහෙමනේ..)



මේ සෙට් එක ඉතිං විවිධ මෙහෙයුම් ඉතා සාර්ථකව කරගෙන දැහැමෙං සෙමෙං ලෝකය ආරක්ෂා කරං ආතල් එකේ ඉන්නවා.. මේ අතර මරු සීන් වෙනවා.. එකක් තමා ප්‍රශ්ණයට අදාල වෙන්නේ...

ලීග් එකේ ඉන්නවා කිවුවා නේ ග්‍රීන් ලැන්ටර්නුයි හොව්ක් ගර්ල් කියලා කෙනෙකුයි.. ග්‍රීන් ලැන්ටර්න්ගේ නම ජෝන් ස්ටුවර්ට්. හොව්ක් ගර්ල්ගෙ නම ශහීරා හෝල්.. මුං දෙන්නා ආලෙං වෙලිලා ඇබරිලා යනවා.. ගින්දරයි පුළුනුයි ලංකරොත් පිච්චෙනවනේ. ආයේ ඒක සුපර් හීරෝස්ලා කියලා වෙනස් වෙන්නෑ..

මේ ඉන්නේ ජෝඩුව...

ඉතිං ඔහොම ආලෙං වෙලිලා කෝලං කර කර ඉන්නකොට තමයි ෆැනගාර් කියන ග්‍රහලෝකෙං ආක්‍රමණයක් පෘථුවියට එල්ල වෙන්නේ. කලිං කිවුවේ නෑනේ.. 

ෆැනගාර් කියන්නේ හොව්ක් ගර්ල්ගේ නැත්තං ශහීරගේ මවු ග්‍රහයා. බැලිංනං ශහීරා කියන්නේ ෆැනගාර් හමුදාවේ සෙබලියක්. එයා ඇවිල්ලා තියෙන්නේ ඔත්තු බලන්න. ෆැනගාර් හමුදාව ආපු ගමං ශහීරා ඒගොල්ල එක්ක එකතු වෙනවා. ශහීරගේ ඒ ග්‍රහලෝකෙ පෙංවතා නැමැති පිංවතා තමයි මේ හමුදාව මෙහෙයවන්නේ..

ජෝන්ට අම්බ මලක් පයිනවා. ඇයි ඉතිං ශහීරා ජෝංව අන්දලා වගේ සීන් එකක්නේ වෙලා තීන්නේ. ඒත් ජෝං ඉවසං ඉන්නවා... (පවු නේ ජෝං??)

ටික ටික තමා මීටර් වෙන්නේ ෆැනගාර් වලිං මුං ඇවිල්ලා ඉන්නේ පෘථුවිය ආක්‍රමණය කරන්න නෙමේ විනාස කරන්න කියලා. හැබැයි මේක ශහීරා දන්නෑ.. එයා හිටියේ පෘථුවියෙනේ. මුලිංම ශහීරා ෆැනගාර්ලට පක්ෂපාතීව වැඩ කලත් ප්ලෑන් එක දැනගත්ත ගමං විරුද්ධ වෙනවා. කොහොම හරි ලීග් එකේ සෙට් එකයි ශහීරයි එකතු වෙලා ෆැනගාර්ලව පන්නලා දානවා ආයේ මේ හතර මායිමේ පස් පාගන්න එපා කියලා..

අහෝ දුකකි ඉරකි තිතකි. (වැරදුනාද මන්දා) මේ වෙනකොට ජෝංගේ හිත හොදටම පෑරිලා.. ජෝං සයිඩ් ගහලා ඉන්නවා. ආක්‍රමණය ඉවර වෙච්ච ගමං ශහීරට ලීග් එක අතහැරලා යන්න වෙනවා. ඇයි විස්වාසය කඩ කරනවනේ.. කොහොම හරි අන්තිමේදි වෙන්නේ ශහීරගෙයි ජෝංගෙයි ලව් එක චකබ්ලාස් වෙලා යන එක තමා...

කාලයක් ගත වෙනවා. ලීග් එකට අළුත් අය බදෝ ගන්නවා. ඒ අතර තමා වික්සන් කියන කෙල්ල ඉන්නේ. වික්සන් ඉතිං ටිකක් දඟකාර විසේකාර සෙල්ලක්කාර කෙල්ලෙක්. කියන්න දෙයක් නෑ පොතේ හැටියට අපේ මනමාල කුරුල්ලා එහෙමත් නැත්තං ජෝං අර වික්සන් එක්කත් හාදකමක් පටං ගන්නවා ශහීරගේ මතකේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වගේ අමතකම කරලා දාලා..

ජෝං සහ වික්සන් නංගි..


ඔහොම කා...........ලයක් යනවා... 


සිද්ධවෙන එක සීන් කෝන් එකකිං පස්සෙ සුපර් මෑන් ආයෙත් ශහීරව බලෙංම වගේ ලීග් එකට බදෝ ගන්නවා.. දැං මල හුට්ටප්පරයක් වෙන්නේ..

ජෝං මාරම අපහසුතාවෙකට පත්වෙනවා.. ඇයි හත්තිලවුවේ පන වගේ ආදරේ කරපු ශහීරා ඉද්දි කෝමද පණ වගේ ඉන්න වික්සන්ටත් ආදරේ කරන්නේ.. හරිනෑනේ... චාටර්නේ... වික්සන්ටනං එච්චරම ගානක් නෑ.. ඒත් ශහීරට පුල් අප්සට්.. 

කතාවේ විදිහට ජෝං නැත්තං ග්‍රීන් ලැන්ටර්න් ශහීරටයි වික්සන්ටයි දෙන්නටම එක හා සමානව ආදරෙයි. ඒ වගේමයි ජෝංට ශහීරත් ඕනේ වික්සන්වත් ඕනේ.. ඒත් ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් වගේම රූල්ස් ඇන්ඩ් රෙගියුලේසන්ස් වලට අනුකූලව දෙන්නගෙං එක්කෙනයි තෝර ගන්න පුළුවං..

ඔබ ග්‍රීන් ලැන්ටර්න් නං මොකක්ද ගන්න තීරනේ....

සිරාවට අහන්නේ ඈ...

මේක ඇවිල්ලා සුපර් හීරෝ කෙනෙක්ගේ සුපිරි ප්‍රශ්ණයක්... ඔහුට උදව් කිරීම ඔබේ වගකීමයි...

ආ මේ කියන්න බැරිඋනා බ්ලොග් බැලිල්ල සහ කමෙන්ට් කිරිල්ල අතපසු උනා මේ වැස්ස අස්සේ ගහන විස්සයි විස්ස වර්ල්ඩ් කප් එක නිසා.. ඉවර උන ගමං පොලිත් එක්ක එකතු කරලා කියවන්නං ඈ.. තරා වෙන්ට එපා..



හා හා දැං උත්තරේ දෙන්නලා.. අර ග්‍රීන් ලැන්ටර්න් බලං ඉන්නවා.. ඒ වගේම මං බලං ඉන්නවා මේ සීන් එක වගේ එකක් පටලලා කතාවක් ලියන්න..

සියල්ල පිලිතුරු මගින් ලැබෙන නිගමනය මත තමයි තීරනේ වෙන්නේ...

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

108 comments:

  1. මාර කේස් එකනෙ... අනේ බං සා දීන රූපවාහිනියෙ ඔය තුන්කොන් ඉලව් කතා දැකල එපාවෙලා... :D ලියනවනං සුපිරි එකක් ලියමු... එළ!

    ReplyDelete
    Replies
    1. පළමු වතාවට බ්ලොගක මං එක... :D

      Delete
    2. මං කතාව ලීන අදහස අත්තැර ගත්තා අප්පා...
      ලව් හරියන්නෑ..
      ලීනවා විද්‍යා ප්‍රභන්ධයක්...

      Delete
  2. ඉස්සෙල්ල ආපු කනට වැඩිය පස්සේ ආපු අන ලොකු කරගන්න එපා කියලනේ කතාවට කියන්නේ... ඒත් ඔයා ඔය කියන සුපර් හීරෝ ව පනුච්චිට දැනුන විදියට ... ශහීරා එක්ක ඔය සුපර් හීරෝ සතුටින් ඉන්න එකක් නෑ.. එක නිසා.. ශහීරා ට දුකක් නොදී වික්සන් ගාවට යන්න පුළුවන් නම් ඒ වීරයා සතුටින් ඉන්නේ වික්සන් ගාව. හැබැයි ශහීරා ව අඬවලා වික්සන් ගාවට ගියොත් වික්සන්ටයි වීරයාටයි දෙන්නටම හරියන්නේ නෑ. මං පනුච්චි ආයිත් කියනවා ජෝන් ට ශහීරා අඬවලා වික්සන් ගාවට යන්න දෙන්න එපා තරි...

    ReplyDelete
    Replies
    1. කාටුන් එක මං අදින දවසක ඔය කියන කාරනා සැලකිල්ලට ගන්නං පනුච්චි අක්කේ....
      හි හි...
      ජයවේවා ඈ.....

      Delete
  3. මම මචන් අලුත් පනතක් ගෙනල්ල කොන්දේසි වෙනස් කරලා කරනවා, නැත්නම් එක්කෙනෙක් ව සිංගප්පුරු යවල මතකේ ලොස් කරනවා. නැත්නම් දිවුරුම් පෙත්සමක් දෙනව. කෝමද එතකොට!!

    ReplyDelete
    Replies
    1. මේ ක්‍රමේ සාර්ථක වෙයි කියලා මට නිකං ඉවෙං වගේ තේරෙනවා ඈ...
      කියලා බලන්න ඕනා...

      Delete
  4. "මං අරයට පේන්න ඔයත් එක්ක කතා නොකර ඉන්නම්. නැත්නම් එයා ඔයාගෙන් පලිගන්න හදයි. බය වෙන්නෙපා මං එයත් එක්ක කතා කරන්නෙත් නෑ. මං ඔයාට විතරමයි ආදරේ සුදූ."
    මෙහෙම කියන්නේ කාටද කියලා ඔයාම තීරණය කරන්න.
    (මමනම් දෙන්නටම කියනවා..හි හි...)

    ReplyDelete
    Replies
    1. ග්‍රීන් ලැන්ටර්න් එහෙම දෙපිටකාට්ටු කැරැක්ටරයක්ද????????
      අනේ මන්දා...

      Delete
  5. :( මට තේරුණේ නෑ..ටික දුරක් කියවද්දි මුල ටික අමතක වෙනවා..

    ReplyDelete
    Replies
    1. ශම්මිගේ එවුවා මට තේරෙන්නෑ..
      මගේ එවුවා ශම්මිට තේරෙන්නෑ...
      අනේ මන්දා අප්පා....

      Delete
  6. අලුත් එකී හොදයි බං
    මොකද කලින් එකී මුට teek වැඩේ කලේ :/

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ශහීරා හිතලා කලේ නෑනේ බං...
      පවු නැද්ද????

      Delete
  7. හ්ම්ම්ම් බොන්න ඔනි ප්‍රශ්නයක් බිලාම උත්ත්‍රෙ කියන්නම් :P

    ReplyDelete
    Replies
    1. ඔය බොන්න හදන ජාතියේ නමත් කියන්න..
      ග්‍රීන් ලැන්ටර්න්ටත් බීලා හිතන්න පුළුවංනේ එතකොට...

      Delete
  8. පුහ්...එව්වා එහෙමත් උනාද...හාකෝ හාකෝ....
    මේ මං තරුවා ඔය වගේ කාටුන් වලට වැඩිය ආසා නෑ කියනවලුනේ..මම ආසයිලු ඔය ටොම් ඇන්ඩ් ජෙරී,බග්ස් බනී,ඔය හෙනා බාබරාද හිනා බාබරාද මොකද්ද උන්ගේ සමහර එව්වට එම් ජී එම් ලගෙත් සමහර එව්වට විතරලුනේ...

    ReplyDelete
    Replies
    1. එවුවත් ඉතිං වැදගත් කාටුං තමා...
      ඒත් මං නං කැමති මේ වගේ එවුවට...

      Delete
  9. මේක මේ මුගෙ හුටප්පරයක්...පවු අර අහිංසක ජෝනගෙ චරිතය ඝාතනය කරලා.

    විශ්වාසය කඩ කරපු උන්ව ආයෙ ලංකර ගන්ඩ එපා කියලා තමයි මගේ උපදෙස.

    ReplyDelete
    Replies
    1. හෑ....
      කාටුනය බලන්න..
      මගේ හුටප්පරයක්නං විය නොහැකියි කෙසේවත්...
      හි හි...

      Delete
  10. අනේ මන්දා මුකුත් කියන්න හිතෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. උබත් කාටුන් එක බැලුවොත් ඇබ්බැහිවෙයි..
      හිටිං උබටත් දාලා දෙන්න පෙන් එකකට..

      Delete
  11. මම ජෝන් නම් දෙවෙනි එකම දිගටම කරගෙන යනවා අරක දැන් ඉතින් ඉවරයිනේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ උබනංනේ...
      ජෝන් හෙන සත්‍යප්‍රේම බෘං බෘං ඩයල් එකක්...

      Delete
  12. මටත් නිකං අබ්ලික් වගේ..!

    ReplyDelete
    Replies
    1. අබ්ලික් කිවුවේ??????
      තේරුන්නැද්ද????
      නැත්තං තේරුනා වැඩියිද?????

      Delete
  13. අම්මටශ්‍රී! සුපර්හීරෝලටත් එහෙම වෙනවද?
    අඩේ මට දුකයි බං! :/

    ReplyDelete
    Replies
    1. රයිට් උත්තරේ පැහැදිලියි!

      කණ්ඩායම තුල ලව් කිරීම, ලව් වලට සපෝට් කිරීම, ලව් පිලිබඳ තොරතුරු සෙවීම හා ලඟ තබා ගැනීම සපුරා තහනං! අහු උනොත් කණපලනු ලැබේ!

      simple plan! :D

      Delete
    2. සිම්පල් ප්ලෑනය ප්‍රායෝගික මදි මචං...
      ඒම නීති දාපු තැං වලත් ලවු සීං යනවනේ...

      Delete
    3. නැත්තං මං කරන්න යන එක! කොල්ලව clone කරනව! එතකොට කොල්ලො දෙන්නයි! කණ්ඩායමේ පිරිස් බලයත් වැඩි වෙනව! ක්ලෝන දෙක අතරෙ එකඟතාවයෙන් කෙල්ලො දෙන්නව හුවමාරු කරගන්නත් පුලුවන් (කෙල්ලන් දැනුවත්ව හෝ නොදැනුවත්ව!) තව සිම්පල් ප්ලෑන් එකක්!

      Delete
    4. අම්මා ගහයි කිව්වලු.. මෙන්න මුගේ ප්ලෑන් එක.. හම්මේ..........!!! මෙන්නෝ............

      Delete
    5. සිරාවට පට්ට ප්ලෑන් එක ඈ.....

      Delete
    6. ඒකනේ ක්සැන්ඩර් අයියේ...
      බලන්ටකෝ...

      Delete
  14. අපි මේම කරමු එයාවත් නැතුව මෙයාවත් නැතුව වෙන කෑල්ලක් සෙට් කර ගත්ත නම් වැඩේ ඉවරයිනේ

    ReplyDelete
    Replies
    1. ඒක අමානුසිකයි වගේ නේ??????
      ලැන්ටර්න්ට හොදි නැතුව බත් කන්න වෙන්නේ..

      Delete
  15. අලේ තරියා, මේ ඔයාට උණු සීන් කෝන් එකක් නේද? හිකිස් :D
    මම නම් කරන්නේ දෙන්නවම අතඇරලා තනියම ඉන්නවා. ඒක තමයි හොදම දේ. මට ෂුවර්.

    ReplyDelete
    Replies
    1. "දෙන්නවම අතඇරලා සිරා ලව් එක මං ගාවටම එනකල් ඉන්නවා. ඇත්ත ලව් එක ඔය දෙන්නම නොවෙන්නත් පුලුවන්නේ. නැද්ද මං කියන්නේ?" ග්‍රීන් ලැන්ටර්න් ඔහොම කියනවලු.

      Delete
    2. මට වෙච්චි දෙයක් නෙමේ අලේ...
      මට වෙච්චි එවුවා මං විවෘතව කුජීතව දක්වලා තීන්නේ කිසි විලි ලැජ්ජාවක් නැතුව..
      හි හි.....
      ඔය කීන විදිහට බලං හිටියොත් ලැන්ටර්න්ට ලබන ආත්මේ තමා ලවු කරන්න වෙන්නේ...
      මොකද ලැන්ටර්න් කලුයි...

      Delete
    3. අලේ කලු කොල්ලෝ තමා ලස්සන...

      Delete
    4. අනී හැමෝම මේම හිතනවනං...

      Delete
  16. හත් ඉලව්වයි....... වරදක් කලත් හිතකින් නොවෙයි ඔබමෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස්දෙක වගෙයි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒම සීන් එකක් තමා වෙලා තීන්නේ...
      පවු නේ????????

      Delete
  17. එකෙක්වත් එපා...තනිකඩ ජිවිතේ සැප බව ජෝන් ට කියා දෙනු !!!

    ReplyDelete
    Replies
    1. ජෝන්ට ඒක තේරුං ගන්න තරං මොලයක් නෑ...
      නැත්තං ඉතිං ඕම පිස්සු නටයියැ..
      මේ අපි වගේ ඉන්නවනේ..

      Delete
  18. අනේ අපොයි කියන්න තමා වෙන්නෙ. එක්කෙනෙක්ට පරිත්‍යාගයක් කොරන්ටම වෙයි වගේ.අර ගානක් නැති එක්කෙනාට පුළුවන් වෙයි මයෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ වික්සන්ට බූට් එක කියලද???????
      ඒමනං ජෝංට ලේසි වෙන්නෑ...

      Delete
  19. ඔය දෙකම අතහැරලා සාමාන්‍ය කෙල්ලෙක් හොයන් ලව් කරන්න කියනවා.නැත්නම් ගෙදරින් ගේන යෝජනාවකට කැමති වෙන්න කියන්න ඕනේ. සුපිරි එවුන් හරියන්නේ නෑ.උන් එතකොට සෙකන්ඩ් වෙන්න කැමති නෑ.

    ReplyDelete
    Replies
    1. සුපිරි කිවුවම ඒම සීන් එකකුත් අදාල වෙනවා නේ බං....
      අම්මපා මුංට ඒක තේරෙන්නෑනේ..

      Delete
  20. මේ ඊයේ පෙරෙදා ඔය ග්‍රීන් ලැන්ටන් ෆිල්ම් එක බැලුව හින්දා මං කල්පනා කොලා මොකද්ද බොලේ මේ කියන්නේ කියලා.... හි හි.. ෆිල්ම් එකයි කාටූන් එකයි දෙකක් නේ... අයියෝ ෂල්ලි... (චික් විතරක්.. මටත් කොහෙන් අහුවෙන කෑලිද මන්දා.....)

    ඕකට මරු කතාවක් ස්කූබි ඩූ ෆිල්ම් සෙට් එකේ දෙවැනි කතාවේ දි..( අර ෆ්‍රෙඩියයි ඩැෆ්නියි ලවු එක මාට්ටු වුනාම වෙල්මා කියනවා...

    “ කණ්ඩායමක් ඇතුලේ දෙන්නෙක් අතර ලවු එකක් ඇති උනොත් නොදනුවත්ව උනත් අනිත් අයටත් එකෙන් බලපෑම් ඇතිවෙනවා...“ ( ඔන්න ඔය වගේ තේරුමක් තමා තියෙන්‌ෙන්.....)

    ඒක නිසා සුපර් මෑන් ජෝංට නියෝග කරනවා සුපර් වුමන්ලව අතෑරලා සාමාන්‍ය කෙල්ලෙක් හොයා ගනිං බං නැත්තම් අපිටත් එක්ක මල වදේ කියලා....
    ඒක කොහොමද...... ? හි හි
    ( සුපර් හොයා ගෙන ඉන්නේ ලොයිස් ලේන්ව නේද.. මට මතක එහෙමයි...)

    ( හැබැයි අර ස්කයි හයි එකේ නම් සුපර් අම්මයි තාත්තයි දෙන්නා මරුවට වැඩේ කරගෙන යනවා... තව එකක් තිබ්බා බං සුපර් ෆැමිලි එකක්ම ඉන්න... දැං මතක නෑ නම.. හි හි..)

    ReplyDelete
    Replies
    1. වෙල්මගේ කතාව හරියටම හරි...
      සුපර් මෑන්ට කරන්න තියෙන්නෙත් ඒක තමයි...
      ඒත් ලැන්ටර්න් සහ කෙල්ලෝ දෙන්නා එවුවා අහයිද?????
      ඒ අතිං සුපර් මෑන් මොලකාරයා...
      හොයාගත්තේ පත්තරකාරියක්නේ...
      ස්කයි හයි එකනං සිරාම සිරා...
      අන්න පවුල් කන සුපර් හීරෝස්ලා..

      Delete
  21. කාටූන් වලටවත් ඉන්න දීපන්කෝ උන්ගේ කුණු අවුස්සන්නේ නැතුව :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හඃ...
      ග්‍රීන් ලැන්ටර්න්ගේ කේස් අවුස්සනකොට රජාට මොකෝ ඩෝං යන්නේ????????????

      Delete
  22. මුල ඉඳල කියවගෙන මැදට එනකොට මුලින් හිටිය ගෑල්ලමයගෙ නම අමතකයි...අන්තිමට යනකොට හැමදේම අමතකයි...හෆොයි මගේ මතකය අන්තිමයි.ෂික්...මොක උනත් වෙන කෙනෙක්ට ආදරේ හිතෙන්න ඇත්තෙ ඉතින් පලවෙනි කෙනාගෙ ආදරේ ගැලපෙන්නෙ නැති නිසාද දන්නේ නෑ...ඉස්සර ගියානෙ x-men කාටුන් එක.ඒක තරම් මම අසාවෙන් බලපු එකක් තවත් නෑ.ඒකෙත් ඉන්නවනෙ ඔය වගේ ජෝඩු. සයික්ලොප්ස්-ජීන් :D

    ReplyDelete
    Replies
    1. සයික්ලොප්ස් ජීන් ඩබලනං පට්ට නේ...
      මං තමා සයික්ලොප්ස්..
      කරුමෙට කවුරුත් ජීන් වෙන්න දැගලුවේ නෑ..
      ඔයාගේ මතකෙනං මන්ත්‍රී තුමාගේ මතකෙටත් වඩා අප්සට් වගේ ඈ...

      Delete
  23. ඔලුවෙන් කොම්බුත් පැන්නා...

    ReplyDelete
    Replies
    1. මටත් නිකං ඩොලර් වගේ තමා....

      Delete
  24. මේ ඒක නෙවෙයි බං, මට නම් ඇති වෙච්ච ලොකුම ප්‍රශ්නෙ ඇයි ඔය සුපර් හීරෝස්ලා ඔක්කොම වගේ යට එක උඩින් අඳින්නෙ. මේව අශ්ශීල දර්ශන, කොටු කොටු දාන්ටෝන, හරිය ....

    ReplyDelete
    Replies
    1. මටත් අමතක උනා ඒක අහන්න.. හි හි....

      Delete
    2. @ ඩී.ඩී.ටී...
      වැදගත් ප්‍රස්නයක්..
      ඒත් ඒක අනේ මන්දා...
      ඇයි දන්නෑනේ..
      හොයලා බලන්න ඕනා....

      @ හිරූ අක්කේ...
      හ්ම්ම්ම්....
      මටත් අමතක වෙලා තිබුනේ...

      Delete
  25. මටනම් පේන විදියට මේ කාටූන් එක කොරලා තියෙන්නෙ මේ දවස්වල ටීවී එකේ එකකට එකක් නොදෙවෙනි විදියට යන මෙගා කචල් එකක් ආභාශයෙන්ද කොහෙද..

    ReplyDelete
    Replies
    1. මේක හෙන පරණ කාටුන් එකක් මෙයා...
      බාගෙන බලන්ඩෝ...
      පයිට් ගොඩා..යි!!!!!!!!

      Delete
  26. ඉඳ හිට මේ පැත්තෙ ඇවිත් ගියාට කමෙන්ටුවක් කොටන්නෙ අදයි. මේක නම් සහෝ පුද්ගලික අත්දැකීමක් කාටූනයට නැගීමක් වගේ..

    ReplyDelete
    Replies
    1. රචකයාගේ අත්දැකීමක්ද දන්නෑ..
      මගේනං නෙමේ...
      අපි ඉතිං සුපිරි වීරයෝ නෙමේනේ...

      Delete
  27. තේරුනේ නෑ,ඒත් උත්සාහයට මං හැමදාමත් ගරු කරනවා...
    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. තේරුන්නෑ??????????
      හෑ.......
      හි හි..
      තැංකූ තැංකූ!!!!!!!!

      Delete
  28. අනේ මන්දා අප්පා මම නම් මුකුත් කීන්නෑ.....නෑ නෑමයි....

    ReplyDelete
  29. උබේ ලිවිල්ල නම් පට්ට බන්..අදමයි මේ පැත්තේ ආවේ..සැහැල්ලුවෙන් එක හුස්මට කියවන් යන්න පුලුවන්..ඇත්තම කිව්වොත් මම ඔය සුපිරි වීරයින්ගේ කතා වලට ආස නැ බන්..ඇවෙන්ජර් කියලා එකක් බැලුවා.අනික් උන්ට නම් පට්ට..මට නම් මෙලෝ රහක් නැ බන්...උබේ පුරස්නයට උත්තරය මම ඔතන හිටියනම් මචන් මම පරන කෙල්ල එක්ක යාලු වෙන්න යන් නැ..අළුත් කෙල්ල එක්කම ඉන්නවා...හේතුව විශ්වාසය කියන්නේ හරියට වීදුරුවක් වගෙයි..කැඩුනොත් ආයේ හදන්න බැ...

    ReplyDelete
    Replies
    1. එකෙංම ගවේසක...
      පිලිගන්නවා කෙරුවාවට සාදරෙං......
      උබ කියන එකත් ඇත්ත...
      ඒත් ශහීරත් පවුනේ බං..

      Delete
  30. දෙකම බැලන්ස් කරනවා බං

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නේ ඒක තමා හොදම ක්‍රමේ...
      හි හි...

      Delete
  31. ඔය සුප් මෑන් පරණයි...!!! බලපන් Ben10 Omniverse... ගිය මාසේ තමා වුනේ... ( THE DICTATOR ‍ෆිල්ම් එකක් තියෙනවා ඒකත් බලනවා)

    ReplyDelete
    Replies
    1. ගිය මාසේ තමා Release වුනේ.

      Delete
    2. බලලා තීන්නේ....

      Delete
  32. මේ කතාව පටලවලා ලියන්න යන අළුත් කතාව එනකම් මග බලන් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ලියන්නෑ කියලා හිතා ගත්තා...
      මොකද මාත් පැටලිලා ඉන්නේ...

      Delete
  33. ඈ.. තරියත් කරන්නෙ මාර වැඩනෙ..කොහොමෙන් කොහොම හරි ඔය සුපිරි කට්ටියව මතක් කොරන්නෙ ඇයි අප්පා..කොච්චර අමාරුවෙන්ද අමතක කොරේ..
    හික්.. ලියමු ලියමු එහෙනම් සුපිරි කතාවක් :D

    ReplyDelete
    Replies
    1. එහෙම අමතක කරන්න දෙන්න පුළුවංද???????
      හි හි....
      සුපිරි කතාවනං ලියවෙන එකක් නෑ...

      Delete
  34. මම ගේනවා 50/50 පනත.. කතාව ක්ලෝස් චැප්ටර් ක්ලෝස්..

    ReplyDelete
    Replies
    1. ඒක තමා මාත් බැලුවේ....
      හොදම ක්‍රමේ ඒක තමා...

      Delete
  35. පලවෙනි කෙනා වරදක් නොකර දෙවනියෙක් ලගට යාම තරයේ හෙලා දකිනවා හ්ම්ම්.....එහෙම නොවෙයිනම් ප්‍රශ්නයක් නැහැ.

    ජය!

    ReplyDelete
    Replies
    1. හි හි...
      ග්‍රීන් ලැන්ටර්න්ට කන්න ඕන උනාම කබර ගොයත් තලගොයා කරගන්න පුළුවං හිරුවෝ...

      Delete
  36. මේ වගේ කථන්දර වලට මගෙ එච්චරම කැමැත්තක් නෑ... ඔබේ උත්සාහය අගය කරනවා.... ජය !

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි සිරා අයියේ අකමැත්තෙං හරි කියවලා කමෙන්ට් එකක් දැම්මට...
      ජයවේවා!!!!!!!!!!!!

      Delete
  37. මචං උබේ විද්‍යා ප්‍රබන්ධ ටික කැමතිනම්http://alhelp.blogspot.com/2012/09/blog-post_25.html සදහා ලබා දෙන්න

    ReplyDelete
    Replies
    1. අයියෝ ගනිං මචං...
      කිසි අවුලක් නෑ...

      Delete
  38. සිරා කිව්වත් වගේ කැමති නැති නිසාද මන්දා මේ කතාව මට තේරෙනවා හොරයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයට මේක තේරුන්නෑලු හසිතඅයියේ...
      ගනං ගන්න එපා...

      Delete
  39. අයියෝ මේ කාටුන් කේස් ගැන මගේ එතරම් මනාපයක් නෑ... ආස කරපු එකම කාටුන් එක ටින් ටින් විතරනේ...

    ReplyDelete
  40. හිහ්... සිම්පොල් නේ... සමකෝණී ත්‍රිකෝණයකි කියලා දෙන්නටම ලව් කරන එකනේ තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. කියන්න ලේසියි අප්පා...
      කරන්න ගියාම තමා බඩවැල් බොකු එලියට එන්නේ...
      හි හි...

      Delete
  41. මේක කියවනකොට මම එහෙම පිටින්ම ඔල්මොරොන්දම් වෙලා ගියානේ බං. මෙලෝ හසරක් තේරුනේ නෑනේ තරියෝ.. ඉතින් කොහොමෙයි උත්තරේ හොයන්නේ.

    ReplyDelete
    Replies
    1. ගනං ගන්න එපා මතං...
      අමතක කරලා දහං..

      Delete
  42. මට කියන්න වෙන්නෙත් අයියෝ සල්ලි කියල..
    කතාව කොහොම වුනත් සුබ පැතුම් ..
    ජයම වේවා!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...
      අයියෝ සල්ලි තමා...
      හි හි...
      ඔබටත් ජයවේවා!!!!!!!!!!!!

      Delete
  43. හෙම කොහොමද අනේ දෙන්නෙක්ට කැමති වෙන්නෙ?? ඇත්තටම හිතේ වැඩි පුරම කැමැත්ත තියෙන කෙනා එක්ක ආලු වෙන්න කියන්න..
    මං නම් හිතන්නෙ එයා ඇත්තටම කැමති ඇත්තෙ පලවෙනි එක්කෙනා ට. මොකද ඉතින් ශහීරා කරපු වැඩේ නිසා එයාට දුක හිතුනෙත් එයා ඒ කෙල්ලට ආදරේ නිසානෙ.. අනික ඉතින් විකන්ස් එක්ක යාලු වෙලා ඉදිදිත් එයාට ශහීරා ගැන හිතෙනව කියන්නෙ එය විකන්ස් ට නම් ආදරේ වෙන්න බෑ.. මොකද එයා ඇත්තටම කැමැත්තෙන් නම් විකන්ස් එක්ක ඉන්නෙ වෙන කෙනෙක් ගැන හිතන්න බෑ නෙ ඒ අතරෙ..

    ReplyDelete
    Replies
    1. අනේ මංදා ඉතින් හරි වැරැද්ද නම් දන්නෙ නෑ අනේ.. ඔහේ හිතුනා දේ කියලා දැනම.. : O

      Delete
    2. ඒ උයා කීන කතාවත් ඇත්ත තමා ඈ...
      බලමු බලමු...
      හි හි...

      Delete
  44. මං නං කියන්නේ අලුත් එක්කෙනා ගැන හිතන්න වෙලාව හරි.අර පරන එක්කෙනා හරි චපලයිනේ.ඒකිගේ කිසි සෙක්සි ගතියකුත් නෑ.

    අඩේ උඹ ටිං ටිං එහෙම බලන්නේ නැද්ද? මේ දවස්වල මම හොය හොයා ඇවිදින්නේ ටිං ටිං ඇන්ඩ් කැස්පර්.මොනවා වුණත් මමත් අංක එකේ කාටුන් පිස්සෙක්.ඒවයින් තරං ආතල් එකක් තව කොහෙන් ලබන්නද?

    ReplyDelete
    Replies
    1. ටිං ටිං බැලුවා ටීවී එකේ...
      හඩකවපු එක තමා පට්ට...
      ඉංගිරිසි එක එච්චරම හිතට ඇල්ලුවේ නෑ..
      හම්බුනොත් දෙන්නං..

      Delete
  45. අනේ මටනං ග්‍රීක් වගේ බං

    ReplyDelete
    Replies
    1. අටං අයියට කියන්න මටත් ඒමයි අප්පා...

      Delete
  46. මෙහෙමයි ..ඔබගෙන්දො ඇයගෙන්දෝ මා හෙට දින සමුගන්නේ කියලා සිංදුවක් කියනවා. නැත්නම් ඔය ලැන්ටන්ද් ඇන්ටන්ද මොකාටද අර ඒ දවස්වල අපි ෆිල්ම් බලන කාලේ අක්ෂේයි සුනිල් ෂෙට්ටියි ඉන්න ෆිල්ම් එක පෙන්නනවා. එතකොට ඌට තේරෙයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න මම උඹව මගේ සින්ඩියට දාගත්තා.

      Delete
    2. තේරෙයි නේ????????
      හි හි...
      බෝම ස්තූතියි ඇඩ් කර ගත්තට...
      ජයවේවා!!!!!!!!!!!

      Delete
  47. ලැන්ටන් ට කියන්නකෝ අර Johnny Depp ගේ තියරිය දාන්න කියලා.(පළවෙනියට ඇත්තටම ආදරෙන් හිටියා නං කවදාවත් දෙවනියෙක් තෝරගන්නේ නෑ..ඒ හින්දා දෙවනියා ව තෝරගන්න..)

    ReplyDelete
    Replies
    1. ජොනී ඩෙප් මාර බුවා නේ???????

      Delete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????