Wednesday, December 26, 2012
ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි 21ක වෙලානේ...
පළවෙනි උපන්දිනේ පාස් කරලා නිකං අද ඊයේ වගේ, මෙන්න බොලේ 21ක්ලු..
ඇඩෙනවා....
21 කියන එකේ විසේසත්වය මොකක්ද කියලා බලමු...
දුම දාන එවුන්ට අවුලක් නැතුව දුං බට ගන්න පුළුවං කඩ වලිං, හැංගෙන්න අවස්ය නෑ..
Wednesday, December 19, 2012
මේ විපතකදී පිහිට වෙන ඔබට කෙරෙන ඇරයුමයි
පසුගිය දවස් කිහිපය ඇතුලත ලංකාවට ඇතිවුන අයහපත් කාලගුණ තත්වය නිසා අපේ රටේ මිනිස්සු ගොඩක් කරදර වලට මුහුන දුන්නා..
මේ වගේ දේවල් වලදි රටේ ලොකු ලොක්කො ක්‍රියාත්මක වෙන්න ඕන උනත් අර රටේ එහෙම දෙයක් වෙන්නෑ..
Sunday, December 16, 2012
වෑර්ලස් කතන්දරේ දෙවෙනි කොටස
පළවෙනි කොටහ මෙතැනිං කියවන්න
ආරම්භ කර ගත්තු ගුවන් විදුලි සේවයේ ප්‍රධාන විකාශනාගාරය පිහිටලා තිබුනේ වැලිකඩ. මහා බ්‍රිතාන්‍යයේ 1922දි ගුවන් විදුලි සේවාව ආරම්භ වෙලා වසර තුනක් වැනි කෙටි කාලයක් තුලදිම ශ්‍රී ලංකාවෙත් ගුවන් විදුලි සේවාවක් ආරම්භ වීම වාර්ථාවක් බවට සලකනවා. ආසියාවේ ජ්‍යෙශ්ඨතම ගුවන් විදුලිය ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය බවට හදුන්වන්න පුළුවන්. ඒ දවස් වල තිබුන හිරු නොබසින අධිරාජ්‍ය නැත්තං බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අනෙකුත් රටවල ගුවන් විදුලියට නායකත්වය දුන්නේ ශ්‍රී ලංකාවයි.
සංස්ථාව ඉස්සරහදි ගත්තු ෆොටෝ එකක්
Thursday, December 13, 2012
වෑර්ලස් කතන්දරේ පළවෙනි කොටස
මං තරියා දැං කරන්නේ ජන සන්නිවේදනයනේ ඉතිං අපිට ඔය අනං මනං ඉගෙන ගන්න වෙනවා, එහෙම ඉගෙන ගත්තු පාඩමකිං කට්ටියට වැදගත් වෙයි කියලා හිතපු එකක් බ්ලොගේ දාන්න තීරනේ කලේ පාඩම කියලා දෙන අතරතුරමයි. එදා පාඩම උනේ ගුවන් විදුලියේ විකාශනය. ඒකෙං ලංකාවේ ගුවන් විදුලිය ඇති උනේ කොහොමද කියලා සේපර් එකේ කියලා දාන්නං.
Sunday, December 9, 2012
මාර සීන් එක...
ෂර්ලොක් හෝම්ස් ලංකාවේ පර්යේසන කරපු සීන් එකේ දෙවනි කොටහ මං ඊයේ ( 08 සෙනසුරාදා ) බ්ලොගේ දැම්මා කස්ටියට ප්‍රමාදයකිං තොරව කතාව දෙන්න ඕන නිසාවෙං.. ඒත් බ්ලොගර් කාරයා කන පාත් වෙන්නම බීලා නිසාද මංදා ඒක පබ්ලිස් වෙලා නෑ... ඉතිං මගේ ඥාති වරිගයාව මතක් කරන්නැතුව පහත දැක්වෙන ලිංකුවෙං ගිහිං දෙවනි කොටහ කියවන්න කියලා මං ඉල්ලා හිටිනවා...
ජය ඈ....
ෂර්ලොක් හෝම්ස් වායු රයිෆලයේ අභිරහස (Sherlock Holmes Mystery of the Air rifle) දෙවනි කොටස
Saturday, December 8, 2012
ෂර්ලොක් හෝම්ස් වායු රයිෆලයේ අභිරහස (Sherlock Holmes Mystery of the Air rifle) දෙවනි කොටස
පලමු කොටසට මෙතැනින්
මළසිරුර එතැනින් ඉවතට ගෙන යෑමට පැමිණි පිරිස සිරුර ඔසවද්දී...
”
හෝව් ...හෝව්.... පොඩ්ඩක් ඉන්න....
”
කෑ ගසමින් සිරුර ළඟට ගිය හෝම්ස් එතැන මඳවේලාවක් හිට ගෙන සිට අවට පිරික්සා ඇමති තුමාගේ නිවස දෙස බලාසිට ජානක මහත්මයා ඇමතුවේය...
“ජානක මට කියනවද ඇමති තුමා මෙහාට ආවෙ ඇයි කියල....
?
“
“ඇත්තටම හෝම්ස් මේ අමතිතුමාගෙ දෙවැනි විවාහයෙ නිවස... මෙහෙ එන්නෙ සති කිහිපයකට සැරයයි කියල අපිට ඇමතිතුමාගෙ රියදුරාගෙන් දැනගන්න ලැබුණ. බොහෝ වෙලාවටඒ සෙනසුරාද දිනයන්ලු.“
Thursday, December 6, 2012
ෂර්ලොක් හෝම්ස් වායු රයිෆලයේ අභිරහස (Sherlock Holmes Mystery of the Air rifle)
මහාචාර්ය රත්නායක හා ඔහුගේ සහයක මයුර විසින් කල කාල තරණ පර්යේෂණයේ ප්‍රතිඵලයක් ලෙස 2005හේ පෙබරවාරි මස අතීතයේ ජීවත් වී මියගිය චරිතයන්හි මතකයන් සහ විඥානයන් වර්තමානයට ගෙන්වා එය ක්ලෝන තාක්ෂණය මගින් නිපදවූ ශරීරයකට ඇතුල් කර අතීත චරිතයන්ට පන දිය හැකි ක්‍රමවේදයක් නිපදවීය.
Tuesday, December 4, 2012
තරියට මොකද උනේ....
මං දන්නවා එකෙක්ටවත් එහෙම හිතෙන්නැතුව ඇති..
‹
›
Home
View web version