Monday, July 23, 2012
නිව්ටන්ගේ රහස් නියමය 5
පලමු කොටසට මෙතැනින්
දෙවන කොටසට මෙතැනින්
තෙවන කොටසට මෙතැනින්
සිව්වන කොටසට මෙතැනින්
පස්වන කොටස
එහෙනම් මේකයි අපේ අවසානය.
මට ගොඩක් සතුටුයි ඔබ වගේ නිර්භීත තරුණයෙක් සමග මේ වගේ ගවේෂණයකට එක් වෙන්න ලැබුන එක ගැන හරිත.
මටත් එහෙමයි මහාචාර්යතුමනි.
මොකක්ද ඒ වෙන්නේ?
Monday, July 16, 2012
නිව්ටන්ගේ රහස් නියමය 4
පලමු කොටසට මෙතැනින්
දෙවන කොටසට මෙතැනින්
තෙවැනි කොටසට මෙතැනින්
සිව්වැනි කොටස
සියුස් යානය ස්ථාවර කරන්න. සියලුම එන්ජින් ක්‍රියා විරහිත කරන්න
Saturday, July 14, 2012
10000 කියලා ලොකුද?????
එෆ් බී එකේ ගෘප් එකක් තියෙනවා
ඔන්ලයින් හෙල්ප්
කියලා. නොදැන ඉන්න විදිහක් නෑනේ ඉතිං. කොහොම හරි ඔය ගෘප් එකේ මාත් ඉන්නවා.
බ්ලොග් ලෝකෙට එන්න ආසාවක් ඇතිවෙලා මං බ්ලොගර් එකේ එකවුන්ට් එකක් හදන්න හිතාගන්නවා. හිතාගත්තට මදිනෙ. හදා ගන්නත් ඕනනනේ. ඉතිං මං හදන්න බලනවා.
Friday, July 13, 2012
ඒ සුදු නංගි... මං ලොකු අයියා
එතකොට මං 9 වසරේ. උබ අම්මගෙ බඩේ. අපිත් එක්ක එකතු උනෙත් ඒ අවුරුද්දෙම තමා. මුල්ම සතියෙ බොලාට නමක් නෑ. තිබ්බෙ අංකයක්. ඉස්පිරිතාලෙදි රවුං කාඩ් බෝඩ් කෑල්ලක නො 11 කියලා ලියලා අතේ ගැට ගහලා තිබ්බා. අපිත් ඉතිං ජොලියට වගේ උබට කිව්වෙ 11 කියලා. පස්සෙ නමක් දාන්න කියලා අකුරු හම්බවෙලා තිබ්බා. හම්බෙලා තිබ්බෙත් පට්ට අකුරු ටිකක්. පු යන්නයි ක යන්නයි. කාලා වරෙංකො. අම්මා හොයලා හොයලා දැම්ම ලස්සන නමක්. පවුලෙ අනිත් ඔක්කොම පිරිමි ලමයි නිසා කෙල්ලංගෙ නං එච්චර භාවිතයේ නෑනේ. ටික කාලෙකිං උබේ හමේ පාටත් එක්කම මං සුදු නංගි කියන්න පටං ගත්තා. දැං උබට අවුරුදු 8යි. ඒ කියන්නෙ බං මං හෙන ඉක්මනට වයසට ගිහිංනේ. ලොකු අයියා උනාට මං මෙලෝ රහක් නැතුව ඇති. ඇත්ත මං පිලිගන්නවා. මොනා කරන්නද හලෝ. අවුරුද්දකිං උබටම හරියන්න මල්ලි කෙනෙකුත් හම්බඋනා. ඒකත් හොදා. නැත්තං උබත් එක්ක සෙල්ලං කරන්න වෙන්නෙ අපිටනේ.
මං
ලොකු අයියා
Thursday, July 12, 2012
නුඹ ????
පොඩ්ඩක් මේ අහං ඉන්න...
මං කිව්වා මට මතකයි..
රවුම් දෙනෙත් ලොකු කරගෙන...
බලං හිටිය හැටි පුදුමයි...
අපිට නොදැනි ඒ කාලය...
ගතවීලා ගියා තමයි..
ආසයි මට ආයෙ යන්න..
ප්‍රශ්ණය දැං ඔයා තමයි...
Wednesday, July 11, 2012
නිව්ටන්ගේ රහස් නියමය 3
පලමු කොටසට මෙතැනින්
දෙවැනි කොටසට මෙතැනින්
තුන්වන කොටස
සියුස් මේ පාලක මැදිරියයි.
සියල්ලන්වම නිද්‍රාවෙන් අවධි කරන්න.
(
පරිඝණක ගත කොට තිබූ හඩ අවධි විය.
)
සියුස් විසින් සියලු දෙනාවම ක්‍රමයෙන් ඔවුන් සියවස් ගනනාවක් තිස්සේ පත්ව සිටි ශිෂිර තාරක නින්දෙන් අවදි කරවීය. ක්‍රමක්‍රමයෙන් යථා තත්වෙට ඔවුන් පත් වන්නට විය.
Tuesday, July 10, 2012
ඓතිහාසික පිලිකුත්තුව රජමහා විහාරය
ගම්පහ නගරයට තරමක් එහාට වෙන්න තියෙන ඓතිහාසිකත්වය කියලා නිම කරන්න බැරි පන්සලක් තියෙනවා. ඒ තමයි පිලිකුත්තුව පන්සල. විශේෂත්වය තමයි මේ විහාරස්ථානයේ විශාල ලෙන් විහාර ගනනාවක් තිබීම. ගොඩක් දවස් ඉදන් මේ පන්සල සහ ඒ ආසන්නයේ තියෙන බැලුම්ගල කියන කන්ද නගින්න ආසාවෙන් හිටියත් අපිට ඒකට වෙලාවක් හොයා ගන්න බැරි උනා.
Monday, July 9, 2012
සමින්දික අයියා නොහොත් යුගයේ අජපල්ම බ්ලොග හිමි සෑමාගේ හමුවීම
උදේ පාන්දරම ඇහැරුනේ වෙනදා වගේම ලෙකට යන්න. ඒත් ඉතිං සීතල වැස්සක් වහිනකොට ඇදෙං බහින්න හිතුන්නෑ. කෝම හරි කැලණිය බස් ස්ටෑන්ඩ් එකේ තිබ්බ හිස් 135ක ඉදගත්තේ පුරුදු විදිහටම හෙඩ් ෆෝන් දෙක කනේ ගහං පාඩුවෙ ගමන යන්නයි.
ජනේලෙං පනින්නද කියලා අහන්නා වගේ මං පාර දිහා බලං ඉන්නකොට ඈතිං එනවා පේනවා නිකං දැකලා පුරුදු මූනක්.
මේ මොකෙක්ද මේ?
Sunday, July 8, 2012
නිව්ටන්ගේ රහස් නියමය 2
පලමු කොටසට මෙතැනින්
දෙවන කොටස
සමුළුව අවසානයේ සියලුම සභිකයන් පිරිවරා විද්‍යාඥ හරිත තම සොයාගැනීමක් වූ වීර් යානයේ නිශ්පාදන අංගනය කරා ගමන් කරන්නට විය.
අංගනයේ ඉහල රැදවුමක සිට මහත් අභිමානයෙන් රැස්ව සිටි සභිකයන් දෙස සුළු මොහොතක් බලාසිටි හරිත පිරිසට යානය ගැන වැඩි දුරටත් විස්තර කරන්නට විය.
Thursday, July 5, 2012
නිව්ටන්ගේ රහස් නියමය 1
පලමු කොටස
වර්ෂ2015දී සිදුවූ අනපේක්ෂිත සිදුවීමත් සමගම
පෘථුවියේ එවකට පැවති ගැටළු රැසක් සඳහටම සමුගත්තාක් මෙන් ලෝකයම එකම රටක් මෙන් සාමකාමීව වැඩ කටයුතු කරන්නට විය.
ඒ අනුව එක් එක් රටවල් විවිධ අංශයන්හි පුරෝගාමීත්වය දරමින් ඒ ඒ අංශ වල පරතෙරටම යාමට උත්සහ ගත්තේය.
ඉන්දියාව ප්‍රමුඛ ආසියානු රටවල් කිහිපයක් එක්ව ආසියානු ලීගයක් පිහිටුවා අභ්‍යාවකාෂ වැඩ පිලිවෙලක් දියත් කරන ලදී.
Monday, July 2, 2012
බලාපොරොත්තුවේ ආලෝකය (ප්‍රභන්ධ) 5
පලමු කොටසට මෙතනින්
දෙවනි කොටසට මෙතනින්
තුන්වැනි කොටසට මෙතනින්
සිව්වැනි කොටසට මෙතනින්
-----පස්වැනි කොටස-----
2015.04.06
පෙ.ව 5.32
සර් අපිට ලෝකයේ හැම මහද්වීපයෙන්ම වගේ භූ චලන රැසක් වාර්තා වෙනවා. ඒ වගේමයි කවදාවත් නොදැකපු ආකාරයේ චලන කීපයක් අගහරු හා සිකුරු ග්‍රහයන් අතර සිදුවන බවත් අපට ලැබී තිබෙන තොරතුරු වල දැක්වෙනවා.
‹
›
Home
View web version