දෙවන කොටස
සමුළුව අවසානයේ සියලුම සභිකයන් පිරිවරා විද්‍යාඥ හරිත තම සොයාගැනීමක් වූ වීර් යානයේ නිශ්පාදන අංගනය කරා ගමන් කරන්නට විය.
අංගනයේ ඉහල රැදවුමක සිට මහත් අභිමානයෙන් රැස්ව සිටි සභිකයන් දෙස සුළු මොහොතක් බලාසිටි හරිත පිරිසට යානය ගැන වැඩි දුරටත් විස්තර කරන්නට විය.
ඔබලාට පෙනෙනවා ඇති යානයේ කොටස් තුනකින් සමන්විත බව.
මෙහි තිබෙන විශේෂත්වය තමයි සෑම කොටසක්ම වෙන වෙනම පාලනය කල හැකි වීම.
උදාහරණයක් වශයෙන් එක් කොටසක් අඩපන වුවහොත් එය යානයෙන් වෙන්කර අනෙක් කොටස් වලට ස්වාධීනව ක්‍රියා කිරීමේ හැකියාව පවතිනවා.
එමෙන්ම එන්ජින් 6 එක් කොටසකට දෙක බැගින් වෙනස් මුහුනත් වල පිහිටා තිබීම නිසා පාලනය කිරීම ඉතා පහසු වනවා.
දීර්ඝ ලෙස යානය පිලිබද විස්තර කල හරිත සියලු දෙනා සමගින් යානා අංගනයෙන් නික්මී ගියේය.
-----------------------------------------------------------------------------------------------------------------
හරිත ඔබ සූදානම්ද.
දැන් ආපසු හැරීමක් නෑ ප්‍රොෆෙසර්. මං පටං ගත්තු දේ ඉවර කරනවා.
ඒත් මේ ගමන ඔබ යා යුතුමයි කියා මම හිතන්නේ නෑ. ඔබේ පුතා වෙනුවෙන් ඔබට කලයුතු දෙයක් තිබෙනවා. මම මහලු මහාචාර්යවරයෙක්. සුළු පර්යේෂණයක් වෙනුවෙන් ඔබේ තරුණ කාලය වැය කල යුතු නෑ.
මං දන්නවා මහාචාර්යතුමා හිතන දේ. නමුත් යානයේ ක්‍රියාකාරිත්වය ගැන සම්පූර්ණ වගකීමක් මා සතුයි. මං හිතන්නෙ මගේ පුතා උනත් කවදා හෝ දවසක ආඩම්බර වේවි මා කල වික්‍රමය ගැන.
හරි පුදුමයි ඔබ සිතන විදිහ. මම ඔබනම් අළුත උපන් බිලිදෙක් ඔහුගේ මවත් සමග තනි කොට මේ වගේ ගමනකට එක් වන්නේ නෑ.
මේ ව්‍යපෘතිය ගැන මගේ හිතේ තිබෙන කෘතුහලය ඊට වඩා වැඩියි මහාචාර්යතුමනි. ඔබ දන්නවා ඇති සිදුහත් කුමරා සත්‍ය සොයා යෑමට ගිහිගෙයින් නික්මුනේ ඔහුගේ පුතු ඉපදී දවසකින් බව. මම හිත හදාගෙන ඉවරයි ප්‍රොෆෙසර්. අපි හෙට ගමනට ලෑස්ති වෙමු.
නෑ. අද ඔබ ගෙදර යන්න. අද දවස සතුටින් ගෙවන්න. මම හිතන්නෑ අද අපට ඔබව උවමනා වෙයි කියලා.
හි හි ඔබතුමා මගේ හිත වෙනස්කරන්නමයි හදන්නෙ එහෙනං.
ගිහින් එන්න. උදේට හමුවෙමු.
-----------------------------------------------------------------------------------------------------------------
දරුවනි. ඔබලා මේ පිටත් වන්නේ මනුශ්‍ය සංහතියේ ඉදිරි දියුනුව සදහා ඉතා වැදගත් වන ව්‍යපෘතියක් ඉටු කිරීම සදහායි. මේ සදහා ඔබලා සිදුකරන කැපකිරීම මෙතෙකැයි නිම කිරීමට අප කාටවත් බැරිවේවි. ඔබලා සදා අපේ සිත් වල මතකයේ රැදේවි. ඔබලා නැවත පැමිනෙන අනාගත කාලය තුලදී ඔවුන්ට කියා දෙන්න ඔබලාගේ අතීත සංස්කෘතිය ගැන.
ජය ශ්‍රී!!!!
ලෙස්ලි පෝ මහතාත්, ගයේෂා සිං මහත්මියත් , හරිත බන්ඩාර මහතාත් , නිව්ටන් පටෙල් මහතාත් තම නායක තුමන් ඉදිරියේ ආචාර කොට යානය තුලට ගොඩ වැදුනි.
මහාචාර්ය නිව්ටන් පටෙල් යානා දොරටුව අභියසදී රැස්ව සිටි ජනතාව දෙස බලා සුසුමක් හෙලා යානයට ගොඩ වැදුනි.
අභ්‍යාවකාෂ වැඩපිලිවෙලේ සේවකයන් විසින් යුහුසුළුව යානයේ දොරටු වසමින් ඒ ඒ තාක්ෂණික කටයුතු සිදු කරන්නට විය.
පසෙක තිබූ පුළුල් තිරයකින් යානය තුල ගගනගාමීන් සිදු කරන ක්‍රියාකාරකම් පෙන්වන්නට විය. රැස්ව සිටි ජනතාව දැඩි කෘතුහලයකින් යුතුව ඒ දෙස බලා සිටින්නට විය.
ඔබ සූදානම්ද පටෙල් මහත්මා.
කණ්ඩායම නියමිත ස්ථානවලද?
ඔව් මහාචාර්ය තුමනි.
පාලක මධ්‍යස්තානය අපි සූදානම්.
ගනනය කිරීම දැන් ඇරබෙනවා 10,9,8,.....
පැමින සිටි ජනතාවගේ අත්පොලසන් සතුටු කදුලැලි මධ්‍යයේ යානය ඉතා සුමට අන්දමින් අභ්‍යාවකාෂ ගත විය.
-----------------------------------------------------------------------------------------------------------------
වීර් යානය පාලක මැදිරිය අමතන්න.
පාලක මැදිරිය අමතනවා.
ඔබගේ තත්වය දන්වන්න.
මීට සුළු මොහොතකට පෙර යානය පෘථුවි ගුරුත්වයෙන් මිදුනා. දැන් සියල්ල කෘතිම ගුරුත්ව පාලනය යටතේ පවතිනවා. සියලු දෙනා හොදින් පසුවනවා. යානය දැන් සියුස් (කෘතිම බුද්ධිය) වෙත පවරණවා.
හොදයි ඔබ සියලු දෙනා දැන් අධි ශීෂිර තාරක නින්දට පත් වන්නට සූදානම් වන්න.
මිත්‍රවරුණි මම හිතනවා තව සියවස් ගනනාවකින් නැවත අපට හමුවන්නට පුළුවන් වෙයි කියලා. ඔබ සූදානම්ද නිද්‍රාවට පත්වන්නට.
අපි සූදානම්.
සියලු දෙනා වැලද ගනිමින් තම මිත්‍රයන්ට සුභ පතා ඔවුන්ගේ කුටි තුල අසුන් ගත්තේය.
වීනස් අප සූදානම්. නිද්‍රාවට පත් කරන්න.
තව සුළු මොහාතකින් ඔබ නිද්‍රාවට පත්වනවා ඇත. 9,8,7,6,5,4,

ම්..අයියෝ අද ටිකයිනේ ලියලා තියෙන්නේ..
ReplyDeleteඊළඟ කොටස් කවද්දෝ?
ඔන්න දාලා තියෙන්නේ... :D
Deleteඊට පස්සෙ?
ReplyDeleteහි හි...
Deleteදාන්නං රාජ් අයියා දාන්නං..
එල.. ඉතුරු ටික එනකම් මගබලා ඉඳිමි. මේ ටික මදි බං. ටිකක් වැඩිපුර ලියපං කෝ
ReplyDeleteස්තූතියි ක්සැන්ඩර්..
Deleteඅනිවා ඊලග එකට වැඩිපුර දාන්නං..
යන විදියනම් හොදයි. හැබැයි පුතෝ උඹට තාම හරිහමන් theam එකක්නම් ලැබිල නෑ. මේකත් ටිකක් ඩාර්ක් ගතිය මදි.
ReplyDeleteඋබම බලලා එකක් කියහංකෝ..
Deleteස්තූතියි ඈ...
පට්ට... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එල රජතුමනි එල...
Deleteරාජ සම්පත් වැඩි වැඩියෙංම ලැබේවා..
ඈහ් ...අඩෙ යකෝ මේක හෙන ඇම්බිත්තන් කොටසක් නෙහ්....
ReplyDeleteකමක නෑ //
එල එල...
ටක් ගාල ඉතුරු කොටහත් දාන්න..හරිද...
හරි අනිවා දාන්නංකෝ..
Deleteස්තූතියි කමෙන්ටුවට
විද්‍යා ප්‍රබන්ධයක් වගේ..
ReplyDeleteහි හි හරී අයියා..
Deleteඒ වගේ එකක් තමා...
සාදරයෙන් පිලිගන්නවා කෙරුවාවට
කියවමින්........
ReplyDeleteකියවන්න කියවන්න හසිතයියේ..
Deleteඉතුරු ටික කෝ ?
ReplyDeleteදාන්නං බං..
Deleteඉතින් ඊට පස්සෙ?? :)
ReplyDeleteඊටපස්සෙ මොකෝ උනේ කියලා දැනගන්නනං දිගටම එන්න..
Deleteසාදරෙං පිලිගන්නවා කෙරුවාවට..
ජයවේවා!!!!!!
අනේ ඉතුරු ටික නැනේ ? ^&*%^&^(%(
ReplyDeleteදාන්නං මචෝ...
Deleteස්තූතියි කමෙන්ටුවට!!!!!
දිගටම බලන්න ඕන..!
ReplyDeleteස්තූතියි වී පොකුර!!!!
Deleteඔබගේ අදහසට අනුව හිමායනය කිරිමෙන් මිනිසුන්ගේ අභ්‍යන්තරික අවයව ක්ෂයවීමකින් තොරව අවු: 3000 පමණ තබා ගැනිමට පුළුවන්!! නමුත් එම යානාවේ කොටස් (යාන්ත්‍රික කොටස්) කිසිම විටකත් අවු: 3000 එක දිගට ධාවනය වීමේදී ක්ෂය නොවි තිබෙන්නට ඉඩ නැත.. හදිසියේ යානාවේ කෘතිම බුද්ධි එකකය හානි වුනොත් ඔවුන්ව නැවත පියවි තත්වයට ගෙන ඒමට නොහැකිය.. අනිත් කරුණ තමයි පෘතුවිය සමග සන්නිවේදනය.. මේ යානාව අලෝකයේ වේගයටත් වැඩි වේගෙන් යනවා නම් අලෝකයේ වේගෙන එන සිග්නල් එක (සාමන්‍යයෙන් තොරතුරු සන්නිවේදනය කෙරෙනුයේ මයික්‍රෝ හෝ රේඩියෝ තරංග අධාරයෙනි..[මෙහි වේගය ආලෝකයේ වේගය වේ] ) යානාවට ලැබිමට විශාල කාලයක් ගතවේ..එවිට සිදුවිමට ඇති දේ සිදුව හමාරය.. කතාව හොඳයි.. ජය ශ්‍රි!!
ReplyDeleteස්තූතියි අදහසට!!!!
Deleteනියමය් සහෝදරයා..... කතාව හොදය්....
ReplyDeleteස්තූතියි සහෝ!!!!!
Deleteමරු... විශිෂ්ටයි... එච්චරයි කියන්නෙ... :)
ReplyDeleteසිරාවටම විශිෂ්ටයි නං පට්ට..
Deleteමට නම් කිසි අවුලක් නෑ. එක දිගටම කියෙව්ව. ඊ ලඟ කොටස දානකල් බලන් ඉන්න උනේ නෑ. හැබැයි අර ආලෝකයේ වේගයට වැඩි වේගයෙන් යන්න පුලුවන් යානයේ සන්නිවේදනය නම් පහල මට්ටමක වගේ තියන්නේ.කමක් නෑ කතාවක් නෙ :) ඔන්න මම යනව ඊ ලඟ කොටස කියවන්න.
ReplyDeleteයානයේ වේගය ආලෝකේ වේගය උනත් සන්නිවේදන තරංග වලට ආලෝකේ වේගය පහු කරන්න බෑනේ..
Deleteඒකයි එහෙම දැම්මේ..
ස්තූතියි කමෙන්ටුවට සහෝ!!!!