ලගින්ම ඉන්න කස්ටිය

Wednesday, January 30, 2013

නෙට් බෝල් කෙල්ලෝ හරි ලස්සනයි නේ බං? (සිහින සිතිවිලි 3)

කලිං කොටස් මෙතැනිං කියවන්න.

අපි පිටසක්වල ලෝකයකට ගියාක් මෙන් වට පිට බලමින් යුවතිය පසු පස්සේ යන්නට වීමු. කුඩා ගැහැනු දරුවන් රොත්තක් නෙට් බෝල් ක්‍රීඩාවේ යෙදේ. ඔවුන්ට සැර දමමින් තරමක් වැඩිමල් බාලිකාවන් තිදෙනෙක් ගුරුහරුකම් ලබා දේ.


කුඩා ගැහැනු දරුවන් රොත්තක් නෙට් බෝල් ක්‍රීඩාවේ යෙදේ




ඒ මචං.....

ඕයි... මේ ලෝකෙට වරෙං බං. යකෝ.... මාධවයා මට කතා කරේ රහසින් මෙනි.

ඇයි බං? මා මාධවයාගෙන් තරමක් ශබ්දයෙන් ඇසීමි.

අර ඉන්නෙ නාලකයගෙ කෑල්ල නේ????? මාධවයා මගෙන් ඇසීය.

ඒ ඔව් බං. සිරාවට. ලගට ගිහිං කතා කරමුද? මම ඇසීමි.

පිස්සුද වස්සො. නිකං කාඩ් කුඩු කරගන්නෙ නැතුව හිනාවක් දාගෙන යමු. එතකොට උඹේ මල් කුමාරිට සිග්නල් එක යයි. මාධවයා කීය.

එල. මාද එසේ කියා ඇයත් සමග කට පුරා සිනා සීමි.

හා හා. ඇති ඇති. පැනි මුට්ටිය හැලුවා. මාධවයා ඇයත් සමග සිනා සීගෙනම එසේ කීවේය.

කස්ටිය පට්ට නේ බං. ආත්මෙකට දැකලා නැති උනුත් ඉන්නවා බං. මම කීමි.
අප දෙදෙනා ඇඹල සිනාව දමමින් වට පිට බලමින් අප පිලිගත් ශිෂ්‍ය නායිකාව පසු පසින් ගමන් ගත්තෙමු.

පසෙකින් තිබූ බෞද්ධ මන්දිරය පසු කරනවාත් සමගම අප දෙදෙනා එදෙසට හැරී වන්දනා කරේ භක්තියටත් වඩා පාසලේ බෞද්ධ මන්දිරයට වන්දනා කිරීමෙන් ඇතිවූ පුරුද්ද නිසාමය.

පසෙකින් තිබූ බෞද්ධ මන්ධිරය

එය දුටු ශිෂ්‍ය නායිකාව අපත් සමග සිනාසුනේ ගෞරවාන්විත බැල්මකිනි.

ලකුණු 99යි ඈ. මාධවයා සිනා සෙමින්ම කනට කර කීය.

එක්ස්කියුස්මී. ඔයාගෙ නම මොකක්ද? මාධවයා ඇගෙන් තරමක් ශබ්ද නගා ඇසුවේය.

මම චායා. ඇය සිනා මුසු මුහුනින් අපට පැවසීය.

ඇත්තද ලස්සන නම. මම මාධව මේ සහන්. මාධවයා අප දෙදෙනාවත් අදුන්වා දුන්නේය.

අදුනාගැනීම සතුටක්. ඇය සිනාසෙමින් කීවාය.

අපිව දැං මේ කොහෙද එක්කං යන්නෙ චායා????? 
මාධවයා දැල එලීමට පටන් ගෙන ඇත.

අනේ තෝ දන්නෙම නෑ... පැනියා. මා මටම කියාගතිමි.

ඕගොල්ලන්ව ඔඩිටෝරියම් එකට එක්කං එන්න කිව්වා. මං හිතන්නෙ අද එතන මොකක් හරි ෆන්ෂන් එකකට ප්‍රැක්ටිස් කරනවා. මට ධම්මිකා මැඩම් කිව්වා ඔය දෙන්නව එක්කං එන්න කියලා.

ආහ් ධම්මිකා මැඩම් එතන ඉන්නවද? 
මා තරමක විමතියෙන් ඇගෙන් ඇසීමි.

ඔව් ඇය කෙටියෙන් පිලිතුරු සැපයීය.

ආපු එකෙනුත් වැඩක් නෑ බං. මෙයා අපිව ලගටම කරලා තියා ගනී වගේ. මා මාධවයාට රහසින් මෙන් පැවසීමි.

බලමුකො. මාධවයා කීවේ එතරම් විස්වාසෙකින් නොවන බව මට වැටහුනි.

පෝලිමක් සෑදී විද්‍යාගාරය දෙසට  ඇදී යන බාලිකාවන් පිරිසක් අප දෙස බලමින් සිනා සිසී ගියේ සත්තු වත්ත නැරබීමට ආ සිසුවියන් පිරිසක් පරිද්දෙනි.

ඒ බලහංකො බං. පොඩි කමට නෙමේ මුංගෙ විසේ. මාධවයා මට පමනක් ඇසෙන ලෙසින් කීය.

ශ්‍රවනාගාරය ඉදිරිපිට ධම්මිකා මැඩමුත් තවත් ගුරුවරියන් කීප දෙනෙකුත් කථා කරමින් සිටී. අප දුටු වහාම ධම්මිකා මැඩම් සිනාසී අපට කථා කලේ වෙනදා නැති සුහදත්වයකිනි.

ශ්‍රවනාගාරය (මැඩම්ල හිටියෙ මෙතැනයි)

ආ පුතාලා...

අප දෙදෙනාත් ඇය වෙත සිනාවක් පා අනෙක් ගුරුවරු සමගද සිනා සීමු.

තෑන්ක්ස් චායා කියමින් එක් ගුරුවරියක් ශිෂ්‍ය නායිකාව හරවා යැවීය. 
ඇය ආපසු හැරෙන ගමන් මාධව සමග සිනා සී එතැනින් නික්මිනි.

මචං මට ඒ හිනාව එච්චර ඇල්ලුවෙ නෑ... මම මාධවගේ කනට කර සිනහසෙමින් කීමි.

කෝමද වැඩ... පට්ටනේ???????


පට්ට පට්ට. වෙන නැත්තං කියමින් මා සිනා සී ධම්මිකා මැඩම් වෙත හැරුනි.

මිසිස් සුභසිංහ මේ තමයි මං කිව්ව ස්ටුඩන්ට්ස්ලා. මේ ගොල්ලො ඔය ඕගනයිසිං වලට දක්ෂයි. ඕන දෙයක් පුළුවං. මුල ඉදංම උනත් මේගොල්ලන්ට කියලා ප්ලෑන් කරගන්න පුළුවං. ධම්මිකා මැඩම් අමුතුම ආකාරයක බටර් ගෑමක් කලාය.

ඇත්තද. අනේ කොච්චර දෙයක්ද? අනේ පුතාලා මේ නංගිලව අපිට ඔය වගේ වැඩ වලට එලියට යවන්න බෑනෙ. අනික ඔය සුවනියර් එකටත් හදල දුන්න ආටි වර්ක් එක එච්චරම කොලිටි නෑ. සුභසිංහ යැයි හැදින්වූ ගුරුතුමිය අපිව ඉහලම අත්තක තැබීය.

ආ මිසිස් සුභසිංහ ආට්වර්ක් එක හැදුවද? මං මේගොල්ලන්ට කිව්වා ඒක හදාගෙන එන්න කියලා. ධම්මිකා මැඩම් කීවාය.

අප දෙදෙනා ඔවුන්ගේ කටවල් දෙස බලා සිටියා මිස කිසිවක් කීවේ නැත.

ඇත්තද? අපි ඒකත් බලමු. මොකද මට අපේ අය හදපු එක එච්චරම ජෙල් උනේ නෑ. සුභසිංහ මහත්මිය කීය.

පුතා ගෙනාවා නේද? ධම්මිකා මැඩම් අපෙන් විමසීය.

ඔව් මැඩම් කියමින් මම සංයුක්ත තැටිය ඇය අතේ තැබීමි.

ධම්මිකා මැඩම් සිනාසී එය අතට ගනිමින් උජාරුවෙන් සුභසිංහ මහත්මියට ලබා දුන්නාය.

අපි IT lab එකට ගිහිංම බලමු. අපිට වෙනස්කම් කරගන්න ඕනනම් ඒක කරගන්නත් පුළුවංනෙ.

සුභසිංහ මහත්මිය එසේ කියා ධම්මිකා මැඩම් සමග ගමන් ගන්නට වූයේ පසුපසින් එන ලෙස අතිං සංඥා කරමිනි.


අප දෙදෙනාත් සුවච කීකරු ගෝලබාලයින් බැවින් ඔවුන් පසු පස්සේ වැටුනෙමු.

ගමන අතරතුරදී මග දෙපස හමුවූ සිසුවියන් අප දෙස බලමින් ඔවුනොවුන් කොදුරමින් ගමන් කලේය.

සුළු වේලාවකින් අපි පරිඝණක විද්‍යාගාරය වෙත ගියෙමු.




දම්මිකා සහ සුභසිංහ මැඩම්ලා විද්‍යාගාරය භාර ආචාර්යවරිය යැයි සිතිය හැකි තැනැත්තියක් සමග සාකච්චා කොට අපට ඇතුලට එන ලෙස සන් කලේය.


පුතාලා මේ මැඩම්ට ඕන විදිහට වැඩේ කරලා දෙන්න. මට වැඩකට අමාත්‍යාංශයට යන්න වෙලා තියෙනවා. ඕගොල්ලො හෙට ඉස්කෝලෙට ඇවිල්ලා මාව හම්බවෙන්නකො කියමින් සුභසිංහ මහත්මියටද සිනාසී පිටවී ගියේය.

සුභසිංහ මහත්මිය සංයුක්ත තැටිය මාධව අතට පත්කොට එය පරිඝණකයට දමන ලෙස කීවාය.

මාධව මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පැවති පරිඝණකයක් වෙත ගොස් සංයුක්ත තැටිය ඇතුල් කලේය. මා ඒ ආසන්නයේම වූ පුටුවක් ඇද සුභසිංහ මහත්මියට පිලිගන්වා මාධවට පිටු පසින් සිටගෙන සිටියෙමි.

මාධව සංයුක්ත තැටියෙන් විවෘත කර ගත් ගොනුව සුභසිංහ මහත්මියට පෙන්වමින් එය විස්තර කලේය.

සුභසිංහ මහත්මියද ප්‍රශ්ණ කිහිපයක් මාධවගෙන් අසමින් ඒ පිලිබද පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමේ උත්සහයක නිරතවන අතර මමද විද්‍යාගාරය සිසාරමින් ඇය හෝ ඇගේ මිතුරියක සෙවීමේ ප්‍රභල උත්සහයක නිරත විය.

මගේ උත්සහය නිශ්ප්‍රභ කරමින් කිසිවෙකු මගේ නෙත ගැටුනේ නැත. මම පරිඝණක තිරය දෙස කිසිදු හැගීමකින් බලා සිටියේ වෙන කල යුත්තක් නොමැති බැවිනි.

නේද සහන්? යැයි අසමින් මගෙන් මාධව යමක් විමසුවද ඒ කුමක් පිලිබදවදැයි මට වැටහීමක් නොතිබුනි.

මොකක්ද? මං අඩමානයට මෙන් මාධවගෙන් ඇසුවෙමි.

මේ තීම් එකට මේ පාට මැච් වෙන්නෙ නෑනෙ නේ? මාධව විමසීය.

මම නැත යන්න හැගවීමට සුභසිංහ මහත්මිය වෙත හැරී දෙපසට ඔලුව වැනීමි.

එහෙනං කමක් නෑ පුතා. ඕක හොදයි කියමින් සුභසිංහ මහත්මිය නැගිට්ටේය.

ඕගොල්ලො පොඩ්ඩක් මෙතන ඉන්න මන් ටිකකින් එන්නං කියමින් ඇය විද්‍යාගාරයෙන් පිටව ගියාය.

මම සුභසිංහ මහත්මිය සිටි පුටවෙන් වාඩි වෙන ගමන් මාධව සමග කථාවට වැටුනෙමි.

ආවටත් ණයයි බං.

ඇයි? දම්මිකත් ගියේ බං. දැං අපිට ඕන විදිහටනෙ වැඩේ.

ඒ උනාට. බලපංකො අදුනන එකෙක්වවත් නෑ. ඔක්කොම හිච්චි කෙල්ලොනෙ.

ඒකනෙ මස්සිනා. උබට ඉවසීම කියල එකක් නෑනෙ. තෝ හිතුවද අපිව පිලිගන්න උං මග බලාගෙන ඉදියි කියලා?

ඒ උනාට බං අරකි අපිව දැක්කනෙ. නිව්ස් එක යන්න ඕනනෙ බං මෙලහකට.

උන්ට අපිට වගේ එහෙ මෙහෙ යන්න බැරුව ඇති බං. උබ දැක්කද කොහෙවත් එකා දෙන්න එහෙ මෙහෙ රවුං ගහනවා? නෑනෙ. ඒක නිසා අහවල් එක ගිනි අරං වගේ උඩ පයින්නැතුව චුට්ටක් හිටපන්.

මාධව පරිඝණකයෙන් සංයුක්ත තැටිය ගෙන පරිඝණකය ක්‍රියා විරහිත කලේය.
පරිඝණකය ක්‍රියා විරහිත කරනවාත් සමගම ශිෂ්‍යාවන් දෙදෙනෙක් විද්‍යාගාරයට ඇතුල් වීය.

එයින් එක් අයෙක් අපට මුලින්ම මුන ගැසුනු චායා විය.

ආ ඔයාද මේ ඉස්කෝලෙ පිටිං ආපු අයට කෑම අදින කෙනා?
මාධව සිනහ සෙමින් ඇගෙන් විමසුවේය.

ඔව් අනේ පිටිං කට්ටිය ආවම අපිට තමයි කරදරේ.

ඇය පෙරට වඩා අපත් සමග කුළු පගු අයුරෙන් කතා කරන්නට වීම අපට තරමක ඇසිල්ලක් විය.

කන්න යැයි කියමින් අනික් සිසුවිය ඇය අත තිබූ බන්දේසිය අප වෙත පෑවේය.



බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

45 comments:

  1. හරිම ලස්සනයි තරු... <3
    එක නෙමේ,ධම්මිකා මැඩම්??? ඔයා අඳුනනවද???

    ReplyDelete
    Replies
    1. තැංකූ වේවා බිනා..
      මං අදුරන දම්මිකෙක් නෑ අප්පා..

      Delete
  2. ඔය එලිවෙන්නේ තරියගේ කෙරුවාවල්..හිහී..

    ReplyDelete
  3. මොනවාද බං උඹලට කන්න දුන්නේ??? තල ගුලිද??ගල් බනිස්ද??

    ReplyDelete
    Replies
    1. රෝල්ස්...
      හැබැයි අපිට නෙමේ බං සහනයටයි මාධවයටයි...

      Delete
  4. බුකියෙන් කියපු කතාව හරි, මේකට ආවොත් ඉවරයි. ඕන්න මට දැන් බඩගිනීයි

    ReplyDelete
    Replies
    1. බුකිය මාත් එක්ක යුද්ධ ප්‍රකාස කරලා තීන්නේ...
      බඩගිනිනං කාපං කොත්තු මී මගේ රෙසපිය අනුව හදං...

      Delete
  5. කන්න දුන්නේ මුනාද?? බඩගිනියෝ.........

    ReplyDelete
    Replies
    1. රෝල්ස් රොයිස්....

      Delete
  6. අයියෝ ... මම උස්සල පොලොවෙ ගහපු වගේ උනා. මට මඟින් අතෑරිල වගේ කතාව, පළවෙනි කොටස නම් කියෙව්ව මතකයි, දෙවෙනි එක කියවලම ආයෙ එන්නම්.

    ReplyDelete
    Replies
    1. එල එල..
      පස්සට දාන මෙවුවා ඉතිං වෙන්නැති බව අපි නොදන්නවයැ..
      ජයවේවා...

      Delete
    2. පිස්සුද බං, මම කිව්වොත් ඉතිං පහුවෙල හරි වැඩේ කරල ඇති. හරි .......

      දැන් තමා බං කොටස් දෙකම කියෙව්වෙ, හ්ම් ... කතාව නැගල යන්න ගත්තෙ දැන් තමා. ඉබ්බො දියේ දාද්දි ඇන්නෑවෙ කිව්වලු.

      අරුන් දෙන්නට ලුණු වැඩියෙන් දාලා කන්න දෙනකන් නෑනේ.

      Delete
    3. නැතිවෙයි නේ..
      ආ මං දැක්කා පහුවෙලා වැඩේ දීලා තියෙනවා..
      එල ඈ..

      Delete
  7. හිටපිය අනුශ්කට කියන්න දේවි බාලිකාවෙ කරක් ගැහුව කියල

    ReplyDelete
    Replies
    1. අනුෂ්කත් දේවි තමා ඕම හිටියට නැන්දේ.....

      Delete
  8. මටත් ඉස්කෝලෙ ගිය කාලේ මතක් උනා... ඒ කාලේ කොල්ලෙක් දකිනව කියන්නෙ දෙය්යො දෑක්ක වගේ තමයි.... හි හී..

    ReplyDelete
    Replies
    1. ඈ...
      එහෙනං මේ ඉස්කෝලෙ කෙල්ලෝ ටිකටත් මුං දෙන්නව දැක්කම දෙයියෝ සී වෙන්නැති නේ?????

      Delete
  9. Replies
    1. අහ්හ් මෙන්න මෙයත් ඒක දැකලා....

      Delete
    2. @ අටං අයියා...
      අදත් මොනා හරි පානය කරලා වගේ..
      ඒ මැස්සෝ නෙමේ..
      වැඩිපුර කර වෙච්චි එවුවා....

      Delete
    3. අටමත් එක්ක අදනං සමනලිත් සෙට් වෙලා වගේ..
      දෙන්නටම අද වෙරි...

      Delete
  10. ඒ ඕගොල්ලන්ට මැස්සෝ වහපු රෝල්ස්ද කන්න දුන්නේ..... අර ඉස්සරහම තියෙන රෝල් එකේ මැස්සෝ ගොඩයි....ඈක්......

    ReplyDelete
    Replies
    1. ලොකු කරලා බලනවා ඒ මැස්සොද කියලා..
      මැස්සො හිටියත් කමක් නෑ අපි කනවා..
      කෙල්ලො ආදරෙංනේ දුන්නේ....

      Delete
  11. හා හා සැලකිලි එහෙම ලැබිල තියන්නේ. (කතාව ලියන විදිහෙන් ආයේ ඉස්කෝලේ කාලේ මතක් වෙනවා බං. ලස්සනයි)

    ReplyDelete
    Replies
    1. සැලකිලි දක්වනවා නේන්නං උදව් කරන්න ගියාම...
      මොකෝ උං දන්නවයැ කොල්ලෝ කෙල්ලෝ බලන්න එන්නේ කියලා...

      Delete
  12. මට පුදුම මලක් එන්නේ මේ වගේ කෑලි කෑලි කතා කියවන්න ගියාම , :D

    ReplyDelete
    Replies
    1. මල අතේ තියාගෙන කතාව කියවහං මචං...

      Delete
  13. අනිත් දවසෙ ඔය වගේ තැනකට යද්දි අර වල් රජාවත් ඇන්න පලයල්ලා...ඌ අපිටත් එක්ක අරන් එයි හොදවායින් පින්තූර...

    ReplyDelete
    Replies
    1. ඌව එක්කං ගියොත් පන පිටිං එන්න පුළුවං වෙයිද දන්නෑ...

      Delete
  14. අෆ්ෆා, මං ඉස්කොලේ හෙඩා හන්දා ස්පොර්ට් මීට් එකට කෙල්ලො නෙට් බෝල් ගහද්දී කොල්ලන්ට එන්න නොදී බලා ගන්න බාර උනේ මටලු ඈ.. මට ඒක මතක් උනේ මේක බලද්දි..

    ( සුදූ මේ කමෙන්ට් එක නොදකිවියි සිතමි.. පෙන්නලා එහෙම අහු වෙන්නේ නෑ උඹ..)

    ReplyDelete
    Replies
    1. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නරියට කුකුල්ලු භාරදී ඇති හැඩයි....

      (මං පෙන්නන්නෑ.. ටොප් සීක්‍රට් ඈ..)

      Delete
  15. අඩේ ඒ කියන්නේ..එක්කෝ ඕනි නෑ මට හිතිච්චා ඉස්සරහට කියන්නම්....

    ReplyDelete
    Replies
    1. කියහං කියහං ඉස්සරහට...

      Delete
  16. මු වගේ පෙරේත කොල්ලෙක් ලැජ්ජාවක් නැති කම අපිට මෙහෙ දකින්නවත් නැති කෑම දාලා කට අවුස්සන්න එපා බොල.

    ReplyDelete
    Replies
    1. ඈ....
      ඔහෙ නැද්ද රෝල්ස්????????

      Delete
  17. යටම තිබුණු පින්තුරේ තමා මම ආසම කෙල තවම බේරෙනවා..

    ReplyDelete
    Replies
    1. සෞඛ්‍යට අහිතකරයි ඈ....

      Delete
  18. ඉක්මනට මේක දාන්නකො අයියො...:/

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????