ලගින්ම ඉන්න කස්ටිය

Thursday, January 17, 2013

සිහින සිතිවලි 2

පළමු කොටස කියවන්න මෙතැනින්

අද දෙවැනි කොටස

කොහෙද බං උබලා අහස් කූරක් අහවල් එකේ ගහගෙන වගේ දුවන්නෙ? රෝල්ස් එකක් කටේ ඔබා ගන්න ගමන් කසුන් ඇසුවේය.

නාන්න බං. උබත් එනවද?
නොදකිං පිංගුත්තරයා..
තොට හෙන ගහනවා. තනියම ගිල්ලා නේ ඒකත්. මාධවයා කියාගෙන කියාගෙන ගියේය.

අඩෝ මූ මොකෝ අද සයිලන්ට් මූඩ්?? මා පෙන්වා කසුන් ඇසුවේ මාධවගෙන්ය..

ඌට දරුනු ඊතල පාරක් වැදිලා.
උගුරු දන්ඩ හිල් වෙලා. කතා කෙරවෙන්නෙ නෑ.. මාධවයා පිලිතුරු සැපයීය.

ඕන ඊතලයක්. යමංකො කියමින් කසුන්ද අප සමග එක් විය.

පාසලට ඇතුලුවන විටම ඉනෝකා මැඩම් හමු වීම අපේ අවාසනාවම විය.

අපි මද සිනාවක් පා ගුඩ් මෝනිං මැඩම් යැයි කීවේ පුරුද්දට මෙනි
ගුඩ් මෝනිං කියමින් ඉනෝකා මැඩමුත් සිනාසී කාර්යාලය දෙසට නික්මිනි

ඒ බලහංකො බං මෙයත් අපිටම කෙලවන්න සෙට් වෙනවනෙ. මට කියැවිනි.

ඉනෝකා මැඩම් යනු අප පන්ති බාර ගුරුමහත්මියයි.

ඇයි උබල අද කොහෙ හරි මාරු වෙන්නද යන්නෙ? කසුන් විමසුවේ අප දෙදෙනාගේ කතාබහ නිගමනය කරමිනි.

ඔව් බං. අද අපි පොඩි වැඩකට යනවා. මාධවයා කීවේ එතරම් කැමැත්තකින් නොවේ.

කොහෙද? අපිවත් එක්ක පලකො. කසුන් කීවේය.

බැරිවෙයි බං. ධම්මිකාගෙ වැඩකට යන්නෙ. එයත් එයි මං හිතන්නෙ. මාධවයා කීය.

හරි හරි උබලා ඉතිං ලොකු සයිස්නෙ.. හරි  මස්සිනා කියමින් කසුන් ලමුන් උදය රැස්වීමට ගෙන යන පෝලිමට එක්  විය.

අප දෙදෙනා කාර්යාලය දෙසට හැරුනේ ශිෂ්‍ය නායක පැමිනීම රපෝර්තු පොතේ අත්සන් කිරීමටයි.

බලහංකො බං. 
ප්‍රොබේෂන් සමහර උං උදේ 5ටත් ඇවිල්ලා. මුංට නින්ද යන්නෙ නැද්ද මන්දා. 
ඉක්මනින් තම අත්සන සහ වේලාව යෙදු මාධව පෙර පිටුව හරවා බලා කීවේ සිනහසෙමිනි.

උනන්දුවනෙ බං. අනික තාම අළුත්නෙ. පරන වෙනකොට හරියයි. මා කීවේ පොතේ අත්සන යොදමින්මයි.

මේ අද ඩියුටි කරන්න බෑ බං. දාඩිය දාගෙන අහරෙ යන්න බෑ. ප්‍රයිමරිය පැත්තට මාරු වෙමුද? මම යෝජනා කලෙමි.

හ්ම්ම්ම්ම්ම්. එහෙම කරමු. මාධව එය අනුමත කලේය.



(උදේ රැස්වීම)


උදේ රැස්වීම  අවසානවී ලමුන් පංති කරා ඇදෙන්නට වූයේ එතරම් උවමනාවකින් නොවේ. මන්ද යත් රැස්වීමේ සිට පන්තියට යෑම කබලෙන් ලිපට වැටීමට සමාන බැව් අත්දැකීමෙන්ම ඔවුන් දන්නා බැවිනි.
මේ.. පංතියට මට යන්න බෑ බං. මාව ඔය ගෑනි එවන්නෙ නෑ වේලාසන. උබ පලයං. මට ඩිබෙටිං සොසයිටි එකේ මීටින් එකක් කියපං. මට පංතියට යෑමට උපන් කම්මැලිකම නිසා මාධවට එසේ කීය.

මටත් යන්න බෑ වගේ බං. අර ඉනෝකා කියන මගුල් අහගෙන ඉන්න බෑ බං. අදනං කොහෙත්ම බෑ. යකෝ මං මැරෙයි නිදිමතේ. 
මාධව කීය.

මෙහෙම කරමු. ධම්මිකාට කියලා වේලාස්සනම පයිමුද අන්තඃපුරේට? මාධව ඇසීය.

අදහස නරකම නෑ. වචං තමා ගැලපෙන්නෙ නැත්තෙ. 
හරකෝ ධම්මිකා යන්න දෙයිද බොල? මා ඇසීමි

කව්ද යකෝ පයින්න අහන්නෙ.
අපි අහන්නෙ.....

“මැඩම් මැඩම්ගෙ වැඩේ කරා. හැබැයි මං ඒක සේව් කරපු සී ඩී එක ගෙනත් නෑනෙ. මම ගිහිං සී ඩී එක අරගෙනම එන්නද?“


--------------------------------------------------------------------------------------

හරි කමක් නෑ. හැබැයි මම 10.30 වෙනකොට එහෙට යනවා. ඉක්මනට එන්න එහෙනං. 
වෙනත් වැඩක නියැලී සිටි ධම්මිකා මැඩම්  පැවසුවේ නුවමනාවට මෙනි.

මැඩම් එහෙනං අපි එහාටම එන්නද? මාධවයා මගේ කකුලට තට්ටුවක් දාමින් මැඩම්ගෙන් විමසීය.

හරි එහෙනං එහෙම කරන්න. ධම්මිකා මැඩම් කීවාය.

ගුරු විවේකාගාරයෙන් එලියට පැමිනි විගස අප දෙදෙනා සතුට සමරන්නට විය.

කෝමද මල්ලී වැඩ.. මාධව ඇසීය.

එල එල. අඩෝ අපේ එවුං ටික අද මොනා කරනවද දන්නෑනේ? උංව දාලා යන එක හරි නෑ නේ. මම කීවෙමි.

එහෙනං නොයා ඉමු. යකෝ හැත්ත බුරුත්ත පිටිං යන්න අපි යන්නේ වන්දනා ගමනක්ද? රෙද්ද. අපි උංව හෙට හම්බෙමු. දැං යමු යකෝ. මාධව බෑගයත් රැගෙන ගේට්ටුවෙන් පිට විය.

මේ උපවංස එකට ගිහිං බීම එකක් අරගෙන බත් එක දිග ඇරං කමු බං. බඩගිනියි. මා කීවෙමි.

එහෙම කරමු. මාධවයාත් මාත් සමග එකග විය.

(බොරැල්ල මංසන්ධිය)

අප දෙදෙනාම බස් රථයක නැගී බොරැල්ල මංසන්ධියට පැමින උපවංශ හෝටලයට ගොඩ විය.

කෝක් දෙකක් ගේන්න අයියේ.
මාධවයා වේටර් අයියට කීවේය.

අප දෙදෙනා එක් බත් පතක් දිග ඇරගෙන කෑමට පටං ගතිමු.

--------------------------------------------------------------------------------------

මේ ඕක සූප්පු කර කර ඉන්නේ, දැං යමු බං. මාකීවේ ඔරලෝසුව දෙස බලමිනි.

අඩෝ මේ, මං උබට එකක් කියන්නං. බඩට යන කෑම එකට වඩා ගෑනිව ලොකු කර ගන්න එපා කවදාවත් හරිය. ඇයි යකෝ... මාධව කීවේ අත තිබූ කරවල කට්ට තවත් සූප්පු කරමිනි.

එහෙම නෙමේ බං, පොඩ්ඩක් මානුසීයව හිතපංකෝ මේ මානුසීය මෙහෙයුම ක්‍රියාත්මක වෙන වෙලාවෙදිවත්.

හ්ං. යමං එහෙනං.

--------------------------------------------------------------------------------------

ඔවුන්ගේ පාසල අසලට ලං වන විට වේලාව උදෑසන 10 පසුවී විනාඩි 45ක් පමන විය.



අප ප්‍රධාන ගේට්ටුව අසලට ගොස් මුරකරුගේ කුටියට එබුනෙමු.

මේ.... අංකල්... අංකොල්.... මාධවයා මුරකරුට ඇමතීය.

අංකල් අපිව මේ ධම්මිකා මැඩම් එව්වෙ.

කවුලුවෙං එලියට ඔලුව දැමූ අංකලයා අප දෙදෙනා දිහා සමච්චල් හිනාවක් පෑවේය.

මොන ධම්මිකා මැඩමෙක්ද? කෝ ලියුමක්? මොකක්ද වැඩේ? අවසර නැතුව යවන්න බෑ. මුරකරු පැවසීය.

සික්කගෙ ගෑස් බලහංකො. මා මාධවයාගේ කනට කර කීමි.

අංකල් අපි ගාව ලියුං නෑ. අපි ඉස්කෝලෙ ඉදං ආවෙ. ඒ මාධවයායි.

කරන්න දෙයක් නෑ අවසර නැත්තං යන්න දෙන්න බෑ. මුරකරු මුරකුටියේ කව්ලුව වසා දැම්මේය.


(නාකි සික්කා වයසට නෙමේ කට)


මාධවයා හැරුනේ ජංගම දුරකථනය අතට ගන්න ගමිනි.

මුගේ ආච්චිට යකෝ මූ නිකං මේකෙ ප්‍රින්සිපල් වගේනෙ. නාකියා.

මාධවයට මල පැන ඇත.

දැං උබ ඔය මොකක්ද කරන්නෙ? මම ඇසිමී.

ධම්මිකාට කෝල් එකක් දීලා කියනවා බං මේ යකා යන්න දෙන්නෙ නෑ කියලා.

ඒත් සමගම මාධවයා කටේ ඇගිල්ල තබා සංඥා කලේ නිෂ්ශබ්ද වන ලෙසයි.

හෙලෝ ධම්මිකා මැඩම්... මැඩම් අපි ඉස්කෝලෙ ඉස්සරහා ඉන්නෙ.. සිකියුරිටි අපිට අතුලට යන්න දෙන්නෙ නෑනෙ.. හරි මැඩම්.. හා.. හරි හරි.. ඕකේ.

මාධවයා ඇමතුම විසන්දි කොට කට කොනකින් හිනා වෙන්නට විය.

ඇයි මොකෝ කියන්නෙ? මම ඇසීමි.

වැඩේ හරියන්නෙ නෑ.. ආපහු අපේ ඉස්කෝලෙට යන්නලු මැඩම්ට වෙන වැඩක් සෙට් වෙලාලු. මාධවයා කීය.

දහසක් බලාපොරොත්තු නිමේෂයකින් කඩා වැටීම දරා ගැනීම අපහසු දෙයකි.

මගේ මුහුන මැලවී යනු දුටු මාධවයා කොක් හඩලා සිනා සෙන්නට විය.

අඩෝ ඕකට කියන්නෙ ලව් සික් කියලා.

මට දුකත් හිතෙනවාඩෝ. කියමින් නැවතත් සිනා සෙන්නට විය.

මොකද බං හිනා වෙන්නෙ? මාව නිකං දැං හින්දුස්ථාන් පකිස්ථාන් වෙලා වගේ. පිස්සු වගේ බං. මම ඇත්තම කීමි.

හා හා. ඒනං දැං ඉක්මනට කිරිකිස්ථාන් වෙයං. අන්න මැඩම් ඇතුලෙලු ඉන්නේ මුන්ට කෝල් එකක් දෙන්නං කිව්වා. මාධවයා කීය.

හිපාටුවා... කියමින් මාත් සිනා සෙන්නට විය.

මිනිත්තු කීපයක් ගත විය. ඒ අතර තුර අප ගේට්ටුව ඉදිරිපිට ගස් හෙවනකට වී සිටිමු.

ගේට්ටවේ මුරකුටිය දෙසින් යුවතියකගේ කට හඩ ඇසිනි.

මුරකුටියේ දොරටුව විවෘත විය.

ඇය ශිෂ්‍ය නායිකාවකි.

ඕගොල්ලොද ධම්මිකා මිස්ගෙ ළමයි? ඇය සිහින් කටහඩින් විමසීය.

නෑ අපි එයාගෙ ස්ටුඩන්ට්ස්ලා. එයාගෙ ළමයි රට. මාධවයා සිනහ සෙමින් කීය.

යුවතියත් ප්‍රසන්න සිනහවක් පා එන්න මාත් එක්ක. කියමින් ඉස්සර විය.

මාධවයාත් මමත් මුරකරුට උපහාසාත්මක සිනහවක් පා යන්නං කීය.

මුරකරුට අසරණව බලා සිටිනවා හැර කරන්නට වෙනත් දෙයක් නොවීය.

ඒ මචං හීනයක් වගේ නේ?????????????????????????? මම ආඩම්බරයෙන් මාධවයාගෙන් ඇසීමි.


(මචං හීනයක් වගේ නේ)

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

70 comments:

  1. he he he................

    ReplyDelete
  2. අහ් ඒකාලේ සිහිනය අසැල්වැසි කාන්තා විදුහලට රිංගීම නොවැ..

    අපිට සයන්ස්-ඩේ ඉන්විටේෂන් ආවහම කොල්ලො මරාගන්නව :)

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙම තමයි. හැබැයි ඉතිං අපෙං පිට වෙන උං යනවා බොරු

      Delete
  3. නෙද්දකින් මේවා කියන ලස්සන...

    ReplyDelete
    Replies
    1. සැහ් මුගෙ තීන කුප්ප කම....
      මුන්ට හොදයි අර තාරිලගේ අනං මනං කියන්න...
      අපිට තමා බැරි...

      Delete
  4. මේ ටික මං කලින් කියෙවුව නේ අප්පා..
    අලුතෙන් ලියද්දි කියන්ට ඈ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. දැං ලොකු පුටුනේ...
      නංගිගෙම අක්කනේ..
      හාකෝ හාකෝ...

      Delete
  5. ගෑල්ලමයිගේ ඉක්කෝලවල සිකුරිටි අංකල්ලා ඕම තමයි ඇ, @අපේ අංකල් මතක් කරන ගමන්

    ReplyDelete
    Replies
    1. එහෙනං උංට සිකුරිටි කියන්නැතුව අපි ප්‍රින්සිපල් කියමුකෝ ඈ..
      @ඇයි යකෝ...

      Delete
  6. Replies
    1. ඔය කියන තරංම සුන්දරත් නෑ අප්පා සමහරක් මෙවුවා...

      Delete
  7. සිංහල භාෂාවෙ තියෙන ඉතාම සරල උක්ත ආඛ්යාත සම්බන්ධය ගැනවත් තව ටිකක් හදාරනවනම්, ඒ ගැනත් සැළකිලිමත් වෙනවනම් අප වගේ කරෙක්ෂන් ම බලන අයට කියවන්න ලෙහසියි.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සර්....
      මං ඒක හදාගන්නං..

      Delete
  8. අපේ ඉස්කෝලට එහෙම ඔය වගේ තනියෙන් කොල්ලෝ දෙන්නෙක් ආව නං උන් දෙන්නා ආයි ජිවිතේට කෙල්ලන්ගේ ඉස්කෝලයක් පැත්ත බලන් නෑ... තරියට අමුතුවෙන් කියන්න දෙයක් නෑ‌ෙන්.. හි හි....

    ReplyDelete
    Replies
    1. අනේ බං උඹලගේ කොළකැඳ බාලිකාවට අපි කොච්චර ඇවිත් තියනව ද?....

      Delete
    2. ඔයාලව කවුද නලීන් අයියේ ගනන් ගන්නේ.. හි හි

      Delete
    3. මං නොදන්න හිරු අක්කලගේ ඉස්කෝලෙ...
      ඇදං ගිය ඇදුං ටිකවත් ආපහු අරං එන්න පුළුවං උනොත් ලොකු දෙයක්ලු ඈ...

      Delete
    4. @ නලීන් අයියා..
      අන්න නියම වචනේ..
      කොළකැඳ..

      Delete
    5. එච්චරම නරකමත් නෑ අපේ ඉස්කෝලෙ ළමයි හෆ්ෆා.. :p ඔය අසෝකෙ එවුන් නම් ගනන් ගන්නෙ නෑ අපිනම් ඉස්සර.. ;)

      Delete
    6. අනේ ෆලයං යන්න හිතුවක්කාරී..
      බොලාවත් ගනං ගන්නෑ අපි හඃ...

      Delete
  9. බලකොටුවට ඇතුල් වුනා එහෙනම් :)

    ReplyDelete
  10. පංකාදු පහට ලියල තියනවා මලයා. කියවන්න ආසයි. තේනුවර අයියා කියන එක ගැනත් සැලකුවට වරදක් නෑ. මේක කියවන්නාට ගැටලුවක් නොවුණට ඒවත් නිවරද වුණා නම් ඔබට ලැබෙන වටිනා කම වැඩි වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියේ..
      සර් කියපු එක ඉක්මන්ට හදාගන්න ඕනා..
      මේක මං බ්ලොගේ මුල් කාලේ ලියපු එකක් නිසා අඩුපාඩු ගොඩයි. ඒකාලේ ඉතිං කිසිම පුරුද්දක් නෑනේ...
      (දැනටත් නෑ තමා ඉතිං)

      Delete
  11. පංකාදු පහයි නේන්නං.. අපිට ඔය බාලිකා පාසල් වලට රිංගන්න දෙයක් තිබුනෙ නෑනේ.

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද බං...
      මේ සහනුයි මාධවයි කියන උං දෙන්නා පිරිමි ඉස්කෝලෙකටනේ ගිහිං තියෙන්නේ....

      Delete
  12. මේක ඇත්ත සීන් එකක්ද?

    ReplyDelete
    Replies
    1. අනේ මංදා බං..
      ඕකුං දෙන්නගෙංම තමා අහන්න තියෙන්නේ...

      Delete
  13. me ganu sch ehekatada ringuwe?

    ReplyDelete
  14. මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ ..... අන්තිම වාක්‍ය දැක්කම මට මතක් වුනේ මෙන්න මේක.

    ReplyDelete
    Replies
    1. හීනම තමා ඉතිං එවුවා...

      Delete
  15. kaalekin awe machooooo ela ela ohoma yamuuuu

    ReplyDelete
    Replies
    1. එල එල මචං....
      ජයවේවා!!!!!!!

      Delete
  16. මේක කියෙව්වාම ආයෙත් හිතෙන් ඉස්කොලෙ ගියා..ඒක් මිශ්‍ර පාසලක ඉගෙන ගත්ත එක කොච්චර වටිනවද කියලා හිතුනා..:D

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ ඒ කොච්චර වටිනවද කියලා හිතුනේ?????????

      Delete
  17. කොහොමහරි පැන ගත්තා එහෙනම්...

    ReplyDelete
    Replies
    1. පැන්නා නේන්නං...

      Delete
  18. ඇෆ්ඵට සිරි , තෝ සිරාවාටම අහවල් දෙයක් කොරාද දන්නේ නැහැ ද:

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං අහවල් දේ?

      Delete
  19. හ්ම්ම්.. ඔහොම යන්.... ඔහොම යන්....

    ReplyDelete
  20. මේක මට මඟ ඇරිල බං, දැන් නිදිමතයි හෙට ඇවිත් කියවන්නම්.

    ReplyDelete
    Replies
    1. හෙට කිව්වට, ඕන් දැන් තමා කියෙව්වෙ.

      අර උදේ රැස්වීමෙ හිටගෙන ඉන්න එකනම් මහම මහ එපා කරපු වැඩක් බං.

      කතාව ඉස්සරහට යනවනේ, බලමු ඔහොම්ම ඉතුරු ටිකත්.

      Delete
  21. අහා තරියා.... යකෝ එකපාර කතා දෙහෙක ඉන්න ලැජ්ජා නැද්දඩෝ :පී.... හිකිස්

    ReplyDelete
    Replies
    1. කෝ කතා දෙකක්?....
      මං ආසයි කෙල්ලෙක්ට එකද?

      Delete
  22. අපිත් ඉතිං නිවාසාන්තර ක්‍රීඩා තරග තියෙන දවස්වලට බාලිකා පාසල් වලට තාප්ප උඩින් පැනලා වාර කීපයක් ගිහින් තියෙනවා...අපි එනතුරු තමයි ඒවායෙ කෙල්ලොත් බලාන ඉන්නෙ...නැත්නම් උන්ටත් කිසි කික් එකක් නෑ...වැඩිපුරම ගියේ වතුර ටැංකිය යට ඉස්කෝලෙට...

    සුන්දර මතකයක් තරියා...

    ReplyDelete
    Replies
    1. වතුර ටැංකිය යට ඉස්කෝලෙ කිවුවේ ගම්පහනේ..
      මීටර් මීටර්....
      හික්ස්..

      Delete
  23. //....ඒ මචං හීනයක් වගේ නේ?????????????????????????? ...//

    මන් මුකුත් කිව්වේ නැතත් අවුලක් නෑනේ.. :D

    ReplyDelete
  24. හික්ස්ස්..., ඔය බාලිකා පාසැල් වල ඉන්න සික්කා අංකල් ලා හෙන වසයි ;) නැත්තම් ආක්‍රමණිකයන්ගෙ බලපෑම් වලට මූණ දෙන්න බෑනෙ..

    එල එල, ඊළඟ කොටස....

    ReplyDelete
    Replies
    1. බාලිකා සික්කෝ තරං මට පෙන්නන්න බැරි ජාතියක් ඒ දවස් වල....

      Delete
  25. ගෑනු ළමයින්ගේ ඉස්කෝලයක් ඇතුලට යන්න ලැබෙනවා කියන්නේ නම් ඉතිං සිහිනයක් සැබෑ උනා වග වැඩක් තමයි

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????