ලගින්ම ඉන්න කස්ටිය

Tuesday, April 22, 2014

ඔබෙන් සමුගනිමි.....

2014 සයිබර් සිහින බක්මහ උළෙලත් ඕං අහවරයි.. ඕකට පස්සේ ඉතිං එන්නේ මඩ සීසන් එක නෙව.. මේං මඩ.... මේ පාරත් අපි මඩ අරං එන්නේ වල් රජාගේ රාජකීය අනුග්‍රහයත් මහාචාර්ය තරියාගේ මෙව්වා එකත් කැටි කරගෙනමයි... බලලම ඉන්ටකෝ...

(01) පැට්ටාගේ පැටියාගේ පියා කවුද???
(02)
(03) වලිය පිටුපස ඇත්තේ මාර පරාජයද????
(04) වැඩි විස්තර සදහා 05 බලන්න
(05)
(06)
(07)
(08)
(09)


රයිට්.. දැං තමා කතාව තියෙන්නේ..

මමයි රං ගොජයි තීරණය කලා මේ අවකාශෙං කාලෙකට සමුගන්න.. මොකද අපි තාම මල් වගේ.. සියුමැලියි ළපටියි.. අපිට තව මෝරන්න හෙනනනනනනන කාලයක් යනවා.. ඉතිං අපි තීරණය කලා මේ සයිබර් සිහින බක්මහ උළෙලෙදි කෙරුවවටයි තහනං අඩවියටයි සමු දෙන්න.. ටිකක් මාන්දවිකයි වගේ නේ..  මං දන්නවා අපි යනකොට ගොඩා....ක් දුක හිතෙයි කරන්න දෙයක් නෑ.. අපි යනෝමයි.. අපිව නවත්තන්න හදන්න එපා..

සංගයි මහේලයිත් වර්ල්ඩ් කප් එකෙං පස්සේ ටී ටුවෙන්ටි වලිං සමුගත්තා වගේ අපිත් මේකෙං සමුගන්නවා.. ඔව් අපි දන්නවා අපි සංගයි මහේලයි වගේ තමා... හෙන ඉම්පෝටන්ට් බුවාලා.. මොනා කරන්නද ඉතිං.. කාලේ ආවම යන්න වෙනවා..

අනික ඉතිං යනවයි කිව්වට යන්නෙම නෑ.. ආයේ අපි පරිණත වෙලා කතා ගොඩා......ක් එක්කහු කරං අවුරුදු 40 පැනලා එනවා.. එදාට අවකාශේ තිබ්බොත් අපි ඉතුරු වෙලා හිටියොත් අනිවා ඩෙෆා මේ මඩ වලට බහිනවම තමා.. ආයේ ඒකෙ සැකයක් තියා ගන්න එපා.. (40 වෙන්න කලිං පරිණත උනොත් අපි ඊට කලිං ආයේ එනවා ඈ...)

හරි ඒනං අපි යනෝ.. අපි ඉතිං මේකේ නැති උනාට බුකියේ නිතරම වගේ ඉන්න චරිත.. මොනා හරි උවමනාවක් එහෙම තියෙනවනං ඒකෙදි කියන්න බැරියැ..

ටටා බායි ඈ...
එන්ජෝයි මයි ලාස්ට් මඩ....
(මේ පාර මඩක්වත් හරියට ගහන්න හිතෙන්නෑ.. එච්චරට අදහස් හිඳිලා)

මීට..
සත්ගුණවත් මහාචාර් තරියා (BS,MS,MA,PhD & ScD)


බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

30 comments:

  1. අඩෝ සිරාවටම මැසේජ් එක දැම්මේ එහෙම කියලා!!! xD

    එහෙනං අපිට ජය වේවා...!
    නාකි වෙලා හම්බෙමු සහෝදරයා!

    සුභවේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. මුන් දෙන්න එන පොට තාම තේරෙන්නේ නෑ,,, බලමු තව ටික දවසක් ඉඳල -_-

    ReplyDelete
  3. අනේ යන්න එපා අයියා මේක දාලා. ඩුකායි :'(

    ReplyDelete
  4. බොලා දෙන්නටම පිස්සු -_-

    ReplyDelete
  5. බොලාලා දෙන්න හනිමූන් යනවද..??

    ReplyDelete
  6. එල පළමු වරට දැක්ක පින්තුර පොඩි විස්තර එක්ක.....THNX ...

    ReplyDelete
  7. තරයේ හෙලා දකිමි !

    ReplyDelete
  8. මම බලපු දෙවැනි මඩ ඇල්බම් එක :) මුදියත් හීනි මඩ ඇල්බම් එකක් දාල තිබුණනේ.

    ReplyDelete
  9. කෝ තරියා කොට්ට පොර අට්ටාලෙට නැගපු පින්තූරේ?

    ReplyDelete
  10. එහෙනං පරිනත වෙලා වරෙල්ලකෝ දෙන්නම...

    ReplyDelete
  11. පරිනත වෙලා අරක නැති කරං එහෙම එන්න එපා ඕං..

    ReplyDelete
    Replies
    1. උඹේ එකනං නැතිවෙලාය කියල අර බුකියෙ දාල තිබුණෙ. :D

      Delete
  12. පරිනත වෙන්න ඕන සෙට් එක පෝලිමක් හැදිලා ආවා නං....

    ReplyDelete
  13. මුං දෙන්න මොකක්හරි ලොකු ගේමක් දෙන්න වගේ ලෑස්තිය. බලමු බලමු අපිත් මේකෙනෙ ඉන්නෙ.

    ReplyDelete
  14. ආ... උඹට බ්ලොග් එකකුත් තිබ්බද... හි හි

    ReplyDelete
  15. දැන්වත් බ්ලොග් ලෝකෙට නිදහස ලැබෙයි!

    ReplyDelete
  16. හා පලයල්ලකො. සෙද්ද :/

    ReplyDelete
  17. මුංට කම්මැලි කමේ මේ පාර ෆොටෝ මඩත් නෑ..

    ReplyDelete
  18. මළ වදේ යන එකමයි හොඳ.. හිටියත් ලියන එකක්යෑ.... එහෙනම් නාකි වෙලා වරෙල්ලකො.. එතකොට අපි ඉඳියිද දන්නෑ...

    ReplyDelete
  19. නෙදකින්...විතරක්..මදැයි මඩ බලන්න ආවා...මේවා මඩද යකෝ...

    ReplyDelete
  20. පරිනත වෙලා එයි වගේ දෙන්නා හොදට ... ;))

    ReplyDelete
  21. ඔය ගියාට අවුරුද්දක් විතර යද්දි කම්මැලි කමේ ඉන්න බැරුව ආයෙමත් උඹලට ලියන්න හිතෙයි.... බලාං කම්මැලිකම නැතිකරගන්න කියවන්න පටන් ගන්නවා කියලා හිතුවා විතරයි බොලා කොරහත් බිඳගෙන යන්න හදනවනේ

    ReplyDelete
  22. මං ගාවත් මඩ තියේ

    ReplyDelete
  23. ඇති යාන්තම් . . :P

    ReplyDelete
  24. හ්ම් හ්ම් බායි බායි

    ReplyDelete
  25. හි හි ෂෝයි

    ReplyDelete
  26. අහන්න බැරි වුණා, අරයද අනේ පවනි තරංගා :)

    ReplyDelete
  27. මේක පිටිපස්සේ ජාත්‍යන්තර කුමන්ත්‍රනයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මේකද යහ පාලනය කියන්නේ ??????????

      Delete
  28. මොනවද අනේ මේ මඩ කතා

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????