අද උදේ ගෙදර හිටපු නිසා ටීවී එක බලන්න ඉදගෙය
චැනල් එකිං එක මාරු කර කර හිටියා. හැම එකේව කාන්තා වැඩසටහන්. සාකච්චා, ලග්න පලාපල.
චැනල් එකෙං චැනල් එක මාරු කර කර යනකොට මැක්ස් ටීවී කියලා චැනල් එකක අල් ජසීරා එකේ
නිව්ස් වගයක් යනවා දැක්කා. වෙන බලන්න දේකුත් නැති එකේ නිව්ස් බල බල ඉන්නකොට ඒක ඉවර
වෙලා අර්ත් රයිස් (Earthrise) කියලා වාර්තාමය වැඩසටහනක් පටං ගත්තා.
බැලූ බැල්මට එච්චර සිත් ඇදගන්නා සුළු
පෙනුමක් නොතිබුනත් වෙන කරන්න වැඩක් නොතිබ්බ නිසා බැලුවා.
මුලින්ම තිබ්බේ කෙන්යාවේ අලි සම්බන්ධ
වැඩසටහනක්. මේකෙදි පෙන්නුවා කෙන්යාවේ ජීවත් වෙන අප්‍රිකානු වල් අලි රංචු සහ
ඔවුන්ගේ හැසිරීම් රටා ගැන. ඒකෙදි සදහන් උන ආකාරයට මේ අලි සීමා මායිම් ගැන කිසිම
තැකීමක් කරන්නේ නැහැ. ඒ නිසාම අහල පහල ගම් වලට කඩා වැදිලා විශාල විනාසයක් කරනවා.
ඉතිං මේ රූපවාහිනී කණ්ඩායම ඒ ගම් වලටත් යනවා ඒ ගැනත් හොයලා බලන්න.
පළවෙනියටම යන්නේ ඊට කලින් දවසක වල් අලි
විනාශ කරපු ගෙයක් බලන්න. ඒ ගෙදර සම්පූර්ණයෙන්ම විනාශ කරලා තිබුන අතර එක්
පුද්ගලයෙක් මරණයට පත් වෙලා තිබුනා. වැඩසටහනේ මියගිය පුද්ගලයාගේ ඉතුරු වෙලා තිබුනු
සපත්තුවක් විතරක් පෙන්නුවා.
රාත්‍රී සිදුවීම විස්තර කරපු කෙනෙක් කිව්වේ
අලි 30ක් විතර රංචුවක් ඇවිත් මුළු අස්වැන්නම කාලා විනාස කරලා ගෙදරත් ඒ ගෙදර හිටපු
මනුස්සයවත් පාගලා විනාස කරලා දාපු බවකුයි.
වල් අලි පහරදීම් නිසා දුකටත් කේන්තියටත් පත්
උනු මිනිස්සු ඔවුන් සතු තුවක්කු වලින් අලින්ට වෙඩි තිබ්බත් එයින් සහනයක් නොවූ බව
වැඩසටහනේ පැවසුවා. අප්‍රිකානු අලි ආසියානු අලින්ට වඩා ප්රමායෙන් විශාල වීමත්
තුවක්කු ප්‍රභල නොවීමත් නිසා වෙඩි තැබීම් වලින් අලි මරමුවට පත් වන්නේ කාලයක් ගත
වීමෙන් බවත් ඒ නිසාවෙන් ප්රකෝපකාරී වන අලි නැවත ගම්මාන වලට පහර දෙන බවත් එහි
සදහන් උනා.
මේ රූප රාමු ටික දැකපු මට මතක් උනේ ශ්‍රී
ලංකාවේ වල් අලි තර්ජනය. නමුත් වැඩි වෙලාවක් නොගෙනම ඒ ගම්මානෙන්ම මේ අලි කරදරේට
හොයාගත්තු සාර්ථක විසදුමකුත් පෙන්නුවා.
අලි කොච්චර ලොකු උනත් ස්වභාවයෙන්ම උන් මී
මැස්සන් වැනි කුඩා කෘමීන්ට බය බව මේ ගම්වාසීන් අධ්‍යනය කරලා තියෙනවා. ඒ අනුව මී
මැස්සන් යොදාගෙන මොවුන් අලි එලවීමට ක්‍රියා කරන ආකාරය හරිම සිත්ගන්නාසුළුයි.
මුලින්ම තමන්ට ආරක්ෂා කර ගත යුතු ඉඩම වටේට කනු
හිටවලා ඒක වටේට කම්බි අඳිනවා. ඊට පස්සේ ලී භාවිතා කරලා පොඩි පොඩි මී මැසි කූඩු
කීපයක් නිර්මාණය කර ගන්නවා. ඊට පස්සේ ඒ මීමැසි කූඩු අර වැටවල් වල එල්ලලා මී මැසි
ජනපදය වර්ධනය වෙනකන් බලන් ඉන්න විතරයි තියෙන්නේ.
![]() |
මී මැසි පෙට්ටි එල්ලූ වගා බිමක්. |
අලි වගා බිමට එනකොට අර කම්බි වල වැදිලා ඒ
කම්බි හෙලවෙන්න ගන්නවා. එතකොට ඒ කම්බි වල
එල්ලලා තිබ්බ මී මැසි පෙට්ටි හෙලවිලා මී මැස්සෝ ඇවිස්සෙනවා. මී මැසි සද්දෙට පවා බය
අලි මේ නිසා ආයේ කැලෑ වදිනවා.
ඔවුන් පැවසූ ආකාරයට අලියාට හොද මතක ශක්තියක්
තිබෙන නිසා මේ අත්දැකීම මතක තබාගෙන නැවත ඒ වගා බිමට පැමිනෙන්නේ නැහැ.
මේ හේතුව නිසා ඔවුන්ට සිය වගාවේ අස්වැන්නට
අමතරව මී පැනි අස්වැන්නකුත් ලැබීම නිසා ඔවුන් ගොඩක් සතුටු වෙන බවත් මේ වැඩසටහන
අතරතුරදී ඔවුන් පැවසුවා.
දුප්පත්කමේ පතුලෙම ඉන්න කෙන්යානුවන් පරිසරයේ
සම්පත් උපයෝගී කරගෙනම වල් අලි ගැටළුවට ලබා දුන්නු ඒ පිළිතුර ලංකාව වගේ මෝඩ වියදම්
අධික අක්‍රමවත් විසදුම් හොයන රටකට හොද ආදර්ශයක්.
ලංකාවේත් පාරම්පරිකව පැමිනෙන මෙවැනි
අත්දැකීම් හා දැනුම උපයෝගී කොටගෙන වගා සංස්කෘතියක් පැවතුනත් අති පන්ඩිත වගා
උපදේශකයන්ගේ කීම් මත වගාවත් බාල වෙලා වන සත්ත්ව තර්ජනත් ඉහල ගිහින් තියෙනවා. මේ
වගේ දෙයක් ලංකාවේ ක්‍රියාත්මක කරන්න රජයක් පියවර නොගන්න හේතු කීපයක් තියෙනවා.
- මූල්‍යමය ලාභයක් නිලධාරීන්ට නොවීම (කොමිස්, ගසාකෑම් වැනිදෑ)
- පාරම්පරික දැනුම නිවැරදි යැයි පිළිගැනීමට ඇති අකමැත්ත.
මේවා සම්බන්ධයෙන් වගකිව යුත්තෝ සහ වල් අලි
තර්ජන ඇත්තෝ අවධානය යොමු කරත්වා. අත්හදා බලනවනං මේකත් හොද වැඩක් තමා නොකෙරුනාට.
වැඩසටහන වගේම මගේ පෝස්ටුවත් ඒ තරම් සිත්
ඇදගන්නාසුළු වෙන්නැති වෙන්න පුළුවන්. ඒත් මං හිතන්නේ මං කියන් හදපු දේ තේරෙන්නැති
කියලා හිතෙනවා.
අන්තිමට කියන්න තියෙන්නේ ඒ වැඩසටහන තුළ තව
තව දේවල් පෙන්නුවා. පරිසර හිතකාමී වැසිකිලි පද්ධතියක් තුලින් ජීව වායු විදුලි
උත්පාදනය හා වගා ක්‍රම වගේ. වැඩසටහන විනාඩි 30ක් නැරඹීම නිසා විශාල දැනුමකුත්
ලබාගන්න පුළුවන් උනා.
මෙලෝ රහක් නැති බහුබූත නාට්ටි පෙන්නන වෙලාවේ
මේ වගේ දෙයක් පෙන්නුවනං කොච්චර දෙයක්ද
නේද???????
ජේමස් බොන්ඩ් අළුත්ම චිත්‍රපටිය skyfall බැලුවනං එකේ තනිකරම තියෙන්නේ Bact to basics සංකල්පය
ReplyDeleteබැලුවා බැලුවා...
Deleteපරන කාර් එකනං සිරා...
නියම කතාවක්නේ මලයා. මේක ගැන අපේ වන ජීවීන් ගැන හොයන බලන ගාමිණි මහත්තාව දැනුවත් කළා නම් හරි. ජාතික රූපවාහිනියෙත් උදේ 11 ඉදන් පැයක් මේ වගේ පිටරට නාලිකාවලින් ගත්තු හොඳ වැඩසටහන් හඬ කවලා විකාශනය කරනවා
ReplyDeleteඔව් ඔව්....
Deleteමං ඒකත් බලලා තියෙනවා...
ඉස්සර වගේ චැනල් අයි එකේ ඩිස්කවරිත් පෙන්නනවනං ලොකු දෙයක්....
මිනිස්සුන්ගේ අලින්ට වෙන හානිය නතර වෙනකම් අලින්ගෙන් මිනිස්සුන්ට වෙන හානිය නතර වෙන එකක් නෑ. සල්ලි මහා ගොඩක් වියදම් කරලා කරන්ට් වැටවල් දැම්මට ඒවා කාලෙකින් වැඩ කරන්නෙත් නැතුව යනවලු. අනික කොච්චර අනතුරුදායකද.? ලංකාවේ උදවියටත් ඔය ක්‍රමේ පාවිච්චි කරලා ප්‍රයෝජනයක් ගන්න බැරි වෙන එකක් නෑ.
ReplyDeleteප්‍රයෝජනයක් ගන්න පුළුවං උනොත් ලොකු සතුටක් මට......
Deleteඅනිත් එක එක ගලෙං කුරුල්ලො දෙන්නෙක්මනේ....
වියදම් අධික අසාර්තක ක්‍රම වලට වඩා මේ ක්‍රමය නම් හොදයි වගේ ... වැදගත් වැඩක් කෙරෙනවනම් ...
ReplyDeleteඔව්....
Deleteවියදමනං ගොඩක් අඩු වෙයි හැබැයි...
අනේ අපේ රටේ කරන්ට් වැට !
ReplyDeleteපාරම්පරික දැනුම තියා පාරම්පරික දේවල් ගැන හොයන්නවත් අකමැති එවුන්නේ බන් අපේ ඉන්නේ
කරන්ට් වැට අලි කඩනවනේ බං...
Deleteහදන්නෙත් කඩන්න පුළුවං වෙන්නනේ අනික...
ඔන්න ඔය වගේ වැඩසටහන් නම් ඇත්තටම වැදගත්. ඒ ක්‍රමය සාර්ථක එකක් නේ බලාගෙන ගියාම. පහුගිය කාලේ තල් වැටක් හදන්න ඕන කියල කතාවක් ගියාට ඒක ක්‍රියාත්මක වුනේ නැද්ද කොහෙද. ඊට වඩා ලාභදායක ක්‍රමයක් මේක. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි.
ReplyDeleteඔව් මී පැනි ටිකත් අන්තිමේදී ගන්න පුළුවංනේ චන්දන අයියේ!!!!!!!!!!!
Deleteසිරාම පට්ටයි ඇ...
ReplyDeletealways best theory is the simplest theory කියන්නේ කට කහනවටයෑ
සිරාවට...
Deleteඅයි ලවු ලේසි ක්‍රම!!!!!!!!
අපෙ රටේත් ඉස්සර ඉඳන්ම මූණ දෙන ප්‍රශ්නයක් නෙ ඕක.
ReplyDeleteවියදම් අධික අසාර්තක විසඳුමක් නෙ කරන්ට් වැට. මේක කොයිතරම් සරල ක්රමයක්ද.
සරලයි සුගමයි!!!!!!!!!!!
Deleteෂ මේක මරුනේ.
ReplyDeleteහි හි...
Deleteවැඩේ හොදා නේ??????/
හොඳ විස්තරයක්. මේ විස්තරේ පත්තරේට දැම්මත් හොඳයි කියලා හිතෙනවා. හැමදාම අලි ඇවිත් වගා බිම් වගේම ජීවිත හානිත් කරලා යන ප්‍රදේශවල මිනිස්සුන්ට මේ තොරතුරු හුඟාක් ප්‍රයෝජනවත් වෙයි..
ReplyDeleteබලං ඉන්න කෙනෙක් දැම්මනං හරි..
Deleteඅපි ඔය පත්තර විශයට නෑනේ....
වැඩේ කියන්නේ එහෙම දුක් විදින මිනිස්සු බ්ලොග් කියවන්නෙ නෑනේ අක්කේ!!!!!!!
ඔක අපේ ආණ්ඩු පක්ෂයට දැන ගන්න තියන්න එපා.එහෙම උනොත් ඉතිරි අලි ටිකත් නැතිවෙයි
ReplyDeleteඒ මොකෝ ඒ???????????
Deleteමේ ක්රමෙං අලි මැරෙන්නෑ....
පෝස්ටුවේ සිත් ඇදගන්නා සුළු බව නෙවේ වැදගත් කරුණු වල වටිනාකම,,මේක වනජීවි එකෙන්වත් කියවනවනම් ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි..
ReplyDeleteහිතුවට වඩා කාරනේ කට්ටියට වැදගත් වෙලා ඈ හෙනං...
Deleteහොදා හොදා....
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උබලෑ ගෙදර වැටෙත් එල්ල ගනිං...
Deleteහ්ම්ම්...මම දැක්කා මව්බිම පත්තරේ බඹරපති කියලා කෙනෙක් මේ වගේ දෙයක් බඹරුගෙන් කරන්න පුළුවන් කියලා තියනවා..ඇත්තටම මේ දේවල් මහ මිනිස්සුන්ට තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ...
ReplyDeleteසමහර ලොකු ප්‍රශ්ණ වලට සරල ක්‍රම ඕන තරං තියෙනවා කිසි වියදමක් නැති....
Deleteතරියෝ ඔයා අවසර දෙනවනම් මේක පුවත් පතකට ගන්න හැකියි. ඔබේ නමින්ම.
ReplyDeleteආ ගන්න නලීන් අයියේ ගන්ට.....
Deleteකොච්චර දෙයක්ද...
නියම වැඩක් නොවැ ඒක අපේ උන්දැලට කරන්ට පුලුවන්නම්... ලොකු තැන් වලට ඕවා ගැන කියල තේරුමක් නෑ. කාලය අපතේ යනවා විතරයි. පොඩි අපිම එකතු වෙලා මේ දේට මෙහෙමවත් පිළියමක් කලොත් නරකද... වැඩේ හරි ගියොත් ලොකු තැන්ගේ ඇස් ඇරෙන්නේ නැතෑ.
ReplyDeleteඔව්...
Deleteවල් අලි තර්ජන තියෙන අය එකතු වෙලා පොඩියට පටං ගත්තනං වැඩේ නැගලා යයි..
වැඩි වියදමකුත් නෑනේ...
excellent concept.thanks for sharing.
ReplyDeleteThanks U4J10!!!!!!!!!!
Deleteමේවා ලංකාවේ මලාට කරන්නේ නැහැ මොකද එතකොට ජරාව කන්න බැහැනේ.
ReplyDeleteඔව්...
Deleteඒකත් මේවා ක්‍රියාත්මක නොවෙන්න එක හේතුවක් තමා...
මෙන්න කරනවානම් වැඩ ...
ReplyDeleteකෙන්යාවට පුළුවංනං ඇයි ලංකාවට බැරි????????
Deleteවටින අදහසක්.. මේ වගේ දෙයක් ලංකාවේ කෙරුනොත් අහිංසක මිනිස්සු මැරෙන එකයි වගා පාලුවෙන එකයි නතරවෙයි ඉක්මනට..
ReplyDeleteඑහෙම උනොත් හොදයි ඇත්තටම....
Deletekawuda ane rahak na kiyanne. mewa thamai harinam raha. ape rate kattiyath meka try karalawath balanawanam hodai.
ReplyDeleteහි හි...
Deleteරහනං හොදා...
හිතවත් මිතුර,ඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
ReplyDeleteමේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
එසේනම් දැන්ම මේ පාහරයා,
ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
මොහුගේ සින්ඩියෙන් ඉවත්වී
මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..
** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
(රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )
අදාලත්වයක් නෑ....
Deleteහිරේ විලංගුවේ වැටෙන බ්ලොග් ලියන්න එපා යකෝ... උන්ට කියන්නේ වල් අලි නෙමෙයි... වන අලි
ReplyDeleteඅම්මටසිරි ඔව්මයි..
Deleteඅලින්ට ලැජ්ජ හිතුනනං සමා වෙන්න!!!!!!!!!!!
වන අලි ඈ...
හොඳ ලිපියක්. මීමැස්සො ඇවිල්ල මිනිස්සුන්ටම ගේම දුන්නොත්?
ReplyDeleteඑහෙම වෙන්නේ ඇවිස්සුනොත්නේ..
Deleteඅනික වගා බිම් වල පදිංචියක් නෑනේ මිනිස්සු නේද රාජ් අයියේ...
අහම්බයකින් ඔබේ දැස් නැවතුණ තැන කදිමයි මල්ලී.මම කලින් රාජකාරි කළ ප්‍රදේශයේ කැම්ප් එකට අලි එනවා රැට.ඇත්තටම එය අපගේ රැ ඩියුටි කරන අයට කරදරයක්. මෙවැනි ක්‍රම අපි සොයා ගත යුතුය.වැදගත්ම සටහනක්
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඒ වගේ තැන් වලට මේක ආදේශ කරලා බලන්න අක්කේ...
Deleteපාඩුවක් වෙන එකක් නෑ...
ජයවේවා!!!!!!!!!!!
අලින්ගෙන් බේරෙනවා ඇරුනාම මීපැණි හොඳ ආදායමක් ගන්නත් පුළුවන්නේ
ReplyDeleteසිරාවට..
Deleteඑක ගලෙං කුරුල්ලෝ දෙන්නයි!!!!!!!!!!
ඒ ඕක සිංහලෙන්ද බන් ගියේ? :P
ReplyDeleteඉතින් බන් මීමැස්සෝ පස්සේ මිනිසුන්ටත් විදින්න ගත්තොත්?
මී මැස්සො එහෙම දරුනුවට විදින්නෙ නෑ බං..!
Deleteඅපේ දරුවන්ගෙ පන්තියෙ මී වද කූඩුවක් තියෙනව කබ්ඩ් එකේ. පොඩි ඈයො නිතරම පිඹල අවුස්සනව. දැන්..මාස ගානක් වෙනව කිසිකෙනෙකුට විදල නෑ.
අපේ ගෙදර මිදුලෙ ගල් වැටියකත් ඉන්නව ඒත් කිසි හානියක් නෑ.
@ පිංක් පැන්තරයා...
Deleteනෑ බං කඩ්ඩෙං ගියේ..
මං ඉතිං හෙන කඩු කාරයනේ...
වී අයියා කිව්වා වගේ එච්චර උං විස නෑ බං..
අලින්ට කේස් වෙන්නේ හොඬේ ඇතුලට ගියාම අලිංට අමාරුයිලු..
ඉතිං අලි බයයිලු...
@ වී අයියා..
Deleteඔව් උං විද්දොත් දල කැඩෙන නිසා එහෙම ලේසියෙං විදින්නෑලු...
විද්දත් එච්චර විසක් නැති නිසා ප්‍රශ්ණයක් නෑ..
ඒ වගේද අලි ප්‍රශ්නේ...
චටිනා ලිපියක් තරියා.
ReplyDeleteමමත් ඔයගැන වැඩසටහනක් දුටුවා කාලෙකට කලින්.
ඕවුන් වගාව වවන්න කලින් කරන්නෙ මීමැස්සන්ට සුදුසු පරිසර තත්වයක් හදන එක .දැඩි අවුරෂ්මියක් තියෙන ප්‍රදේශයක මීමැස්සන්ට ඉන්න අමාරුයි.ඒක වලක්වන්නට ඔවුන් මල් වර්ග වවනව.
අනික ඒ මී මැස්සො ලොකුයි මම මුලින් හිතුවෙ බඹරු කියල.
අපේ රටෙත් ඕය ගැන කතාකලා එක් මහත්මයෙක් මට එතුමාගෙ නම මතක නෑ..ටීවී වලට නම් ආවා.
එතුමා කියන්නෙ ඉස්සර විදියට අපි වගා කරමු කියල.වගාව අතරෙ වල් පැල තියෙන්න ඕන. කෘමීන් ඉන්න ඕන.ඒත් වගාවට හානියක් නෑ වල් පැලවලටත් හානිකරන නිසා වගා හානිය අඩුයි.
අපේ නිලධාරීන් ඕව කරන්නැත්තෙ.කොමිස් නැති නිසාම තමා. රටට ආදරේට නොවේ රැකියාව කරන්නෙ.
ඔව්..
Deleteමේ මී මැසි පෙට්ටි වලටත් උඩිං මං දැක්කා පොල් අතු කොල අතු එහෙම දාලා තියෙනවා....
අර නාඩියා කිව්ව බඹර පතිද දන්නෑ වී අයියා කියන්නේ....
ස්වභාවධර්මයෙන්ම ඔය වගේ දේවල් වලට පිළිතුරු තියෙනවා අපි යොදා නොගත්තට...
ඔන්න මම අපේ වනජීවී බ්ලොග් ලියන ගාමිණී සමරකෝන් ට ලින්ක් එක යැව්වා.
ReplyDeleteලිංක් එක එව්වාට ස්තුතියි හෙන්රි මචෝ.
Deleteමෑතකදී වල් අලි වලක්වන්න විදුලි වැටක් වෙනුවට මී මැස්සෝ භාවිතා කරන්න පුලුවන් කියන අදහස ඉදිරිපත් උනා. නමුත් ඒක අත්හදා බලලා විදුලි වැටකට වඩා පලදායී ක්‍රමවේදයක් ද කියලා තහවුරු කරගන්න ටික කලක් යයි. දෙපාර්තමේන්තුව විදුලිවැට භාවිතා කරන්නේ ඒක ලෝකෙ හැම රටකම භාවිතා කරන සම්මත ක්‍රමවේදයක් නිසා. මම දන්න විදියට කෙන්යාවෙත් එක අත්හදා බැලීමක් මිසක් තවම විදුලි වැටට විකල්පයක් හැටියට පිළිගැනිලා නෑ.
ස්තූතියි ඩූඩ් අයියේ!!!!!!!!!!!!
Deleteමේ වැඩසටහනේ අදහස් දක්වපු ගොවි ගෙවිලියො නං කිව්වේ මී මැසි වැට යෙදෙව්වයින් පස්සේ අලි කරදරේ මුළුමනින්ම නැති උනා කියලයි...
Deleteසම්මත ක්‍රමවේදයක්ද කියලනං දන්නෑ ගාමිණී අයියේ!!!!!!!!!!!
ජයවේවා!!!!!!!!!!
උබට කවුද බන් කිව්වෙ මේ පෝස්ට් එක නීරසයි කියලා.. මමන්ම කැමති මේ ජාතියෙ ඒවට..
ReplyDeleteමීමැස්සො ඇතිකරගන්න එක මුලදි ටිකක් අමාරු වුනාට, වැඩේ සාර්ථකයි වගේ පේන්ඩ තියනවා..
හැබැයි ලංකාවෙ ඉඩ සීමිත නිසා ඕක සාර්ථක වෙයිද කියලා මට පොඩි සැකයක් තියනවා බන්.. අලින්ට යන්න තැනක් නැති වුනාම උන් මී මැස්සන්ට හුරු වෙන්න උනත් පුළුවන්..
වැඩසටහනේ අය කිව්වෙනං මී මැස්සෝ අලිංගේ හොඬවැල අස්සේ ගියාම උංට අපහසු වෙනවලු...
Deleteඉතිං ඒක මතක තියෙනකං ඒ පැත්ත පලාතේ ආයේ එන්නෑලු..
සෙන්නා අයියා කියපු එකත් වෙන්න පුළුවං දැන් කැලෑ සීමිත නිසා...
මේ තියෙන්නේ තරියෝ පෝස්ට්ස්.. ලංකාවේ ඔහොම කලොත් අලි මදිවට මී මැස්සෝ වෙයිද දන්නේ නෑ..
ReplyDeleteපිළිවෙලක් ඇතුව වැඩේ කරොත් වැඩේ හබක් වෙන එකක් නෑ නේ ක්සැන්ඩර් අයියා...
Deleteකොහෙවත් නැති සීගිරියෙ බමර ප්‍රහාර වලටත් අහුවෙන අපේ උන්ට මීමැස්සොත් පන්න පන්න අනින්න ගත්තම කොහොමද සැප
ReplyDeleteනියමිත වැඩ පිළිවෙලක් ඔස්සේ කරොත් අවුලක් වෙන එකක් නෑ ධවලයා....
Deleteඇත්තටම ඒක හරිම අපුරු වැඩසටහනක් විය යතුයි. ගහකොළ සතා සීපාවා ආරක්ෂා කරගෙනම ගොවිතැනත් ආරක්ෂා කරගන්නවා. කොයිතරම් හොදද
ReplyDeleteඔව්....
Deleteමං හිතුවේ නෑ අල් ජසීරා එකේ එච්චර හොද වැඩසටහන් ඇති කියලා දයා අයියේ..
ඒත් ප්‍රෝග්‍රෑම් එකනං මරු!!!!!!!!!!!!
මචං මේකත් සිත් ඇදගන්න සුළු ලිපියක් බන්. මම ඒ තාක්ෂනය ගැන ඉස්සෙල්ලම දැනගත්තේ උඹෙන්.
ReplyDeleteඅඩේ මට ආඩම්බරයි ඈ....
Deleteහිකිස්....
බොහොම ස්තූතියි අසරණයෝ!!!!!!!!!!!
liyuma hondai. Adahasa paper ekakata danawanam eken wena honda wagema narakak tiyanawada kiyalath hoyala balalama kriyathmaka karanna kiyala liyanna.
ReplyDeleteඔව් අනිවාර්යයෙන්ම...
Deleteබ්ලොග් එකකුයි පත්තරේකුයි කියන්නේ දෙකක්නේ...
ස්තූතියි ජයවේවා!!!!!!!
me wage deyak kohmawath ape lankwe wenne na malli mokada athkota lankwe inna amathila tikata salli pilli gahnna bane..lol
ReplyDeleteපාරම්පරික දැනුමට ගෞරව කරන එවුන් දැන් කොහෙද තරියෝ. මේ වැඩසටහන මමත් බැලුවා. (ඒ වැඩසටහන් නැවත විකාශය කරනවා ඒ නාලිකාවේම)මම වැලිඔය ප්‍රදේශයේ රාජකාරි කරද්දී මහා වාදයක් ඇතිවුනා ඒ පැත්තේ පාරම්පරික ගොවීන් සහ වාරිමාර්ග ඉංජිනේරුවන් අතර. වැව් ප්රතිසංස්කරනයෙදී ගොවීන් තම පාරම්පරික දැනුමෙන් කිව්වදේ අහන්න ලොකු ඉංජිනේරු මහත්තුරු කැමති වුනේ නැහැ. ගොවීන් කිව්ව ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයකින් වැව් හැදුවා. අන්තිමට වැහි කාලේදී වැව් කැඩුනා. අනේ මෙහෙව් රටක්. අම්මපා මම ඒ ගොවියෙක් උනානම් ගිහින් රෙද්ද උස්සලා පුක පෙන්නලා එනවා අර ඉංජිනේරු කියන ඇම්බට්ටයන්ට.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
අඩේ ඇත්තමයි මල්ලී . . මේක නම් නියම වැඩක් . . ඉන්න මම අපේ අලි නෝනා ඩී හෙවත් දීපානිට මේ ලින්ක් එක යවනන්ම් . .
ReplyDeleteසිරාම සිරා වටින ලිපියක් මල්ලී . . .
අලි පැන්නීමේ මෙම උපක්‍රමය ගැන අනාවරණය ඉතා වටිනවා.
ReplyDeleteමේ ආකාරයේන් පාරම්පරික අපේ දැනුවත් කොපමණ යට ගැසී ඇති ද?
මත්තල එයාර් පෝට් එකට යන අයට වල් අලින්ගෙන් කරදරලු. නරකද තරියා මත්තල ප්‍රදේශයේ මී මැසි ජනපද පිහිටුවානම්....
Deleteමත්තල මී මැස්සෝ ප්ලේන්වට හැප්පුනොත් මක්කෙයි කරන්නෙ?
Deleteමි මාසි පෙට්ටි මිලදී ගැනීමෙන් ජරාව කන්න පුළුවන් ක්‍රමයක් තිබුනොත් මේ වැඩේ මෙහෙට හරියයි.
ReplyDeleteලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.
ReplyDeleteජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.
ස්තූතියි,
මම ඔබේ හිතවත් අභීත
තරියෝ ඔය මී මැස්සො සීන් එක අපේ මිනිස්සු දන්නවා. ඒ වුනත් ඒක ඒ තරම්ම ප්‍රායෝගික නෑ. මී මැස්සො වගේම තමයි, බූරුවා කෑ ගහනකොටත් අලි එන්නෙ නෑ.
ReplyDeleteඔය ඔක්කොටම වඩා අලින්ගෙ පාරවල් හරහට අපි ගෙවල් හදාගත්තු එකයි වැරැද්ද වුනේ.
තරියෝ.. මොකද පෙන්නේ නැත්තේ..??
ReplyDeleteහැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා..!