බ්ලොග් එකේ දාන්න දෙයක් නැතුව වැලේ වැල් හොය හොය හිටපු වෙලාවක දෙයියෙක් කනට ගහැවු වගේ පේස් බුක් එකේ යාළුවෙක් මගෙං මේම ඇහුවා..
ඉතිං බුවා මට දුන්නා උගේ සාත්තරේ ලෝබ නැතුව. මාත් නිකං දෙන දේනේ කියලා පැනලා ගත්තා.
ඉතිං මෑන්ස්ගෙං අවසර එහෙම අරගෙන දැං බ්ලොග් එකේ දාන්නයි ලෑස්තිය..
කරුමෙට පී.ඩී.එෆ් එක ලොක් කරපු එකක්.
ඉතිං දාගෙන ඉස්කිරීං සොට් ගගහ පුළු පුළුවං විදිහට මන්තර ටික ඩිජිටල් කොරා.
මේං තීනවා ඒ ටික..
ප.ලි - ඒ කාලේ වෙරළු ගෙඩියත් 70ක්ද කොයිද බෙදං කෑවලුනේ (කොහොමද කීලා අහන්න එපා මං දන්නෙත් නෑ) ඉතිං මං විතරක් තනියම මන්තර වලිං රට අල්ලන එක හොද නෑ කියලා හිතුන නිසයි දැම්මෙ. ඒත් ඉතිං විස්සාස නෑ වගේනං ගනං ගත්තෙ නැතත් කමක් නෑ. වැදගත්ම දේ මේකයි. මං කට්ටඩියෙක් නෙවෙමි. ඒ නිසා මේකේ ඇකියුරසිය හා ප්‍රතිඵල සම්බන්ධව වගකිව නොහැක. අර කාර් පාක් වල තීන්නා වගේ පාක් ඇට් යුවර් ඔව්න් රිස්ක්. ඒකෙ සිංහල තේරුම තමා මන්තර වල වගකීම තම තමංම ගන්න කීන එක.
අදට ඔච්චරයි ලැබෙන පිලිවෙලට ඉස්සරහට දාන්නං..ආ මේ සියල්ල මට කිව්වේ කැලුම් ප්‍රියංකර කියන මගේ මිත්තරයා ඈ..
කෙල්ලෙක් සෙට් කරගන්න වගේ මන්ත්‍රයක් නැද්දෝ ???
ReplyDeleteහොයලා කියන්නං මචෝ...
Deleteදැවෙන ප්‍රස්න වලට උත්තර දෙන්න තමා අපි ඉන්නේ..
ජයවේවා!!!!!!!
ඔන්න මම ඒවත් දීලා ඇති. කොරලා බලාපං....
Deleteයෑස් යෑස් දුටුවා..
Deleteනියමයි ඈ...
mmmmmmmmmmmmm.....mewa athhada beluweee kauda,,,ohh riin kriig...............:p
Deleteඒකනං කෝමද දන්නෑ..
Deleteමං තාම ටෙස් කරේ නෑ..
යකෝ පුදන කොටම කාපි යකා කියලා මම දුන්න ගමං මූ දාලානේ.හැබැයි චැට් එක දාපු එක තමයි අවුල.
ReplyDeleteඒම තමයි බං..
Deleteඅපි වැඩ කරනකොට පූර්ණ විනිවිද භාවෙං යුතුව වැඩ කරන්නේ..
හොර බොරු වංචා දූෂන රේප් කේස් මුකුත් නෑ
ඒ බන් මේවා උබට කොහෙන්ද ලැබුනෙ
DeleteUbelata mewa surede dehhi kapana mantrare wela akurakwath miss unoth apita enewa Kali maniyangen godak durat ewa karanne
Deletesahena dalane
ReplyDeleteනැතුව නැතුව...
Deleteඉබ්බා නිදියං ඉන්න වෙලාවේ මං ඕවර් ටයිම් වෙලාවත් අල්ලලා දිව්වා..
කුණු හරුප කොමෙන්ට් දාන ඇනෝලව අල්ලගන්න මන්තරයක් හොයල දෙන්න බැරිදෝ
ReplyDeleteඑහෙම එකක්නං පොඩ්ඩක් හෙයලා බලන්න ඕනා..
Deleteඅර වර්ගපූර්ණිකාවේ ජයතිලක අයියා ගාව තීනවා මයෙ හිතේ..
ඒ තියෙන්නේ වෙන ඒවා අල්ලන්න මන්තර. (ජයරත්න)
Deleteහි හි...
Deleteවෙන්නැති වෙන්නැති
පොස්ට් කොපි කරලා සද්දේ දාන, ඈත ඉන්න එකෙක්ගේ හොම්බක් තලන්න මන්තරයක් නැද්ද?
ReplyDeleteහොයලා කියන්නං...
Deleteබොහොම ස්තූතියි ආවට!!!!!!
ඔන්න එහෙනම් තවත් මන්තර මගේ ගානේ :P
ReplyDeletehttp://beforeexamu.blogspot.com/
http://dontalcohol.blogspot.com/
http://charmsvashee.blogspot.com/
ස්තූතියි කට්ටියට ප්‍රයෝජනවත්නේ..
Deleteසාදරෙං පිලිගන්නවා රෙප් මහත්තයා...
මලුනේ..දවසක කොරලා බලන්ට ඕනි.
ReplyDeleteකරලා බලන්න..
Deleteහැබැයි වැරදුනොත් ඕං මං නෑ ඈ...
හි හි..
මචං මේවා ටැස් කරලා හෙම බැලුවද ? කට්ටිය සැට් උනාට පස්සෙ පොලෝසියට මාට්ටු නොවී යන්න පුලුවන් මන්තරයක් තියෙනවා නම් රටක් වටිනවා....
ReplyDeleteහි හි...
Deleteමධ්‍යම කදුකරයේ ඉන්න ඍෂි වරයෙක්ගෙං අහලා බලන්න ඕනා...
ඕ වට අතගහල යකෙක්වත් දපනෙ වැටුනොත් කොරල හමාරයි...!
ReplyDeleteයකින්නක් දපනෙ වැටුනොත්නං ඉතිං එපා කියයි..
Deleteහි හි....
අගය කරනවා උත්සාහය .. නමුත් සිංහල මන්තර කියන්නේ බොහොම බලගතු ඒ වගේම දෙපැත්ත කැපෙන පිහිය පාවිච්චි කරන්න ඕන වගේ පරිස්සමින් කරන්න ඕන වැඩ .. ඔබ මේ වගේ වගකීමක් නැති විදියට දාල කව්රුවත් මේවයින් ප්‍රයෝජනයක් ගන්නෙත් නෑ හොදක් සිද්ද වෙන්නෙත් නෑ .. කරනවානම් එක වගකීමක් ඇතිව භාවිත කරන අයට විශ්වාසයක් දැනෙන විදියට කරන්න ... මොකද මිනිස්සු කව්රුවත් කැමති නෑ තමන්ගේ ජිවිතේට හානියක් කරගන්න විශ්වාස නැති දේවල් අත්හද බලලා..
ReplyDeleteවගකීමක් ඇතුව කියන්නේ කෝමද?
Deleteමෙහෙමයි ඉතිං මං කට්ටඩි උන්නැහේ කෙනෙක්නං නෙමේ..
මට මේක කියපු කෙනානං ඒ සම්බන්ධයෙං දන්න කෙනෙක්..
එහෙම කෙනෙක් බොරු කරන්නෙ නෑනේ..
බොහොම ස්තූතියි අදහසට ඇනෝ!!!!!!
මම ඔබට වගකීම දැරිය යුතු කියන්නේ මොකද මේවා නිකන් කවි නෙමේනේ .. ඝන පිහිටුවල හදල තියෙන්නේ , එවැනි ශබ්ද තරංග මගින් ජිවිත වලට බලපෑමක් කරන්න පුළුවන් , හැබැයි වැරදියට භාවිතා කලොත් නරක ප්‍රතිපල ..
Deleteහ්ම්ම්ම්...
Deleteඇත්ත මං ඒ ගැනනං ඇහුවේ නෑ...
මං අහලා ඒ ගැනත් දාන්නම්..
ස්තූතියි පැහැදිලි කිරීමට..
වැරදියට උච්චාරණය කලොත් ප්‍රතිඵලේ භයානකයි.
Deleteහ්ම්ම්ම්ම්...
Deleteඒකනං ඇත්ත..
නමුත් මේවයිං සමහරක් ඒවා සාමාන්‍ය ගැමි ව්‍යවහාරේ තියෙනවා..
උදාහරණයක් විදිහට ඇහේ රොඩු අයිං කරන එක කියන්න පුළුවං..
ස්තූතියි අදහසට...
Puluwan nam mawa contac kragnna mta mantara gene danna aya innawa nm wisthara tikak oona. Loku udawwak. randikaashan@gmail.com
Deleteපට්ට මන්තර ටික අයියා...ටෙස්ට් කොරන්න ගිහින් එලොව යන්න වෙන එකක් නැති වෙයි නේද??? :දිව
ReplyDeleteමේ මාත් දෙන්නද මන්තරයක්??මේක මේ කපුනාම ලේ යන එක නතර කරන්න තියන එකක්..අත් දුටුවයි ප්රත්ත්යක්ෂයි..
(එහෙම කිව්වට මේක මතුර මතුර ඉද්දි ලේ ටික ගල වෙනවද දන්නෙත් නෑ ඉතින් :)
දෙන්නද?
මටනං ඕන්නතැවෙයි.. හි හි..
Deleteඑල මචෝ...
සාදරෙං පිලිගන්නවා ඈ...
ජයවේවා!!!!!!!!!
ඔය සියලුම විභාග එක පාරින් සමත් වෙන්න මන්තරයක් නැද්ද??? විශේෂයින් O/L s'
ReplyDeleteරෙප් මහත්තයා උඩ දාලා තීන ලිංක් වලට ගියාම තීනවා...
Deleteජයවේවා ඈ..
අඩෝ පට්ට බං...... සිරා ඈ... :)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තූතියි රජා...
Deleteරජ වෙච්චි එවුංව එලවන්න මංතරයක් ගොඩක් අය ඇහුවා....
අඩවි රජාව එලවන්නද මන්දා.. :)
ඔව් ඔව් බං ඔව්ව ඒකාලේ කට කහනවට කියපුව නෙමෙයිනේ. තේරුමක් ප්‍රයෝජනයක් තියන හින්ද තමයි අද වෙනකුත් යන්තම් හරි භාවිතා වෙන්නේ. පරණ පුස්කොලපොත් වල හෙම ඕනේ තරම් තියනවලු
ReplyDeleteනැතුව නැතුව...
Deleteමෙච්චර කල් මේවා තියෙන්නත් හේතු තියෙන්න එපෑ..
කොහොමත් බොරුවට ආයුස නෑනේ...
ජයවේවා සිතුම්..
මේවා ඉතින් හරියටම කියන්න බැහැ ඉස්පිල්ලක පා පිල්ලක වරදක් තිබුනොත් ඉතිං වැඩේ හරියන්නේ නැහැ එත උත්සාහය අගේ කරනවා.
ReplyDeleteස්තූතියි අසරණයා...
Deleteඔව් ශබ්ධ කරනකොට හරියට කලේ නැත්තං ප්‍රතිඵල නෑ තමා...
ඔක්කොමත් හරි මේවා කියවන්න ගිහින් උලුක් වෙච්ච මගේ දිවේ උලුක්කුව අරින්න මන්තරයක් නැද්දෝ ? මන්තර හොඳයි කියවගන්න අමාරුයි පුතේ වයසක මට.
ReplyDeleteහැපෝයි...
Deleteබැරි වැඩ නොකරං කෝරලේ මහත්තයෝ..
ස්තූතියි කමෙන්ටුවට!!!
පස්පවින් වැළකුණු සත්පුරුෂයින් විසින් ගණ පිහිටුවා නියමිත උච්චාරණය යොදා ජප කිරීමෙන් වැඩක් මිස අවැඩක් සිදු නොවේ... මගේ මිත්තණියන් ද පාරම්පරික වෙද පරපුරකින් ආ අයෙකි.. ඇයද රෝග සුව කිරීමට, රෝගීන්ගේ දොස් දුරු කිරීමට මෙවැනි මන්ත්රත්රම යොදා ගත්තාය.. අත්දුටු ප්රත්යක්ෂ ප්‍රතිඵල ඇත්තේය...
ReplyDeleteඇය මෙලොව හැර දමා ගොස් වසර 10 කි. එම වෙදකම හා ශාස්ත්‍රය වැළලී යාම කණගාටුවට කරුණකි.
ඔබගේ උත්සාහය සැබෙවින්ම අගයමි...ජයෙන් ජය...!!
නමුදු කිව යුත්තක් ඇත්තේය..
මෙවන් වටිනා උරුමයන් අසත්පුරුෂයන්, මේවාට ගරහන්නන් සහ විශ්වාසය නොමැත්තන් අතට පත් වීමෙන් සිදුවන්නේ අගතියකි.. එමෙන්ම ඒවායෙහි සත්‍යය විනාශ වී යයි. පුරාණ වෙදැදුරන් වරිගෙන් පිටට මෙවන් නේ නොදෙන්නේ එහෙයිනි.
නමුත් මෙවන් දේ හංගා වසන් කොට තබා ගැනීමෙන්ද කිසිවෙකුට වැඩක් නොවේ..
නැවතත් ඔබට ජය පතන්නෙමි..!! මෙවන් දැයක් පළ කළාට ඔබට පින්...!!
ස්තූතියි තිලිණි..
Deleteඔබ සතුවත් මෙවැනි දෑ තිබේනම් පල කරන්න...
කියවා ප්‍රයෝජනයට ගන්නා අයවලුන් බොහෝමැයි..
ජයවේවා!!!!!!!
රේස් ඔට්ටු දාන්න වගේ මන්තර් නැද්ද මචන්
ReplyDeleteE machanla manthara danna kenek kiyannako dan apita. Apiwa kata hari epa wena videye mantharayak nadda . Thiyena kenek ennawana karana vidiyath ekka sankasuresh741@gmail.com mail ekata ewannako
ReplyDeleteMa mantara sattiyaya tawa tiyanawanam awanna. Obatumata godak pin.t.s.
ReplyDelete