ලගින්ම ඉන්න කස්ටිය

Wednesday, August 15, 2012

පොඩි හිටියන්ට පමණයි!!!!!


වැඩිහිටි ඇත්තන් මෙය කියවීමෙන් වලකින්න. 
නමුත් ඔබ නාකි අලි බබෙක්නම් මෙය කියවීමට පුළුවන් බව මතක තබා ගන්න.

යෝධයාගේ මල් උයන.

සෑම සවස් භාගයකම පාසල් ඇරී ගෙදර එන ළමයි යෝධයාගේ මල් උයනට ගොස් සෙල්ලම් කරන්නට පුරුදු වී සිටියහ.

මෘදු මොලොක් නිල් තණකොල වලින් ගැවසුනු මල් උයන ඉතා සුන්දර විය. නිල් තණ අතර පිපී තිබුණ සිත්කලු මල් තරු මෙන් බබලමින් මඳ සුලගින් එහා මෙහා වැනුනේය. පීච් ගස් දොලහක්  එහි වැවී තිබුනි. වසන්ත කාලයේදී ලා රත් පැහැයෙන් යුත්  සියුමැලි මලින් විසිතුරු වූ එම පීච් ගස් සරත් කාලයේදී පලින් බරවී ගියේය. මේ ගස් වල අතු පතර වසා සිටි කුරුල්ලෝ  කෙතරම් මිහිරි නදින් ගී ගැයුවේද කියතොත් ළමයි තම කෙලි සෙල්ලම් නතර කොට උන්ගේ ගී වලට ඇහුන් කන් දීමට පුරුදුව සිටියෝය. “මෙහේ අපි හරි සතුටෙන් සෙල්ලං කරනවා නේද?“ යි ඔවුන් එකිනෙකාට පවසාගත් වාර අනන්තය.




දිනක් යෝධයා ආපසු සිය මාලිගාවට පැමිණියේය. තම මිතුරෙකු දැක ගැනීමට දුර බැහැරක ගොස් සිටි ඔහු මෙසේ ආපසු පැමිනියේ සත් අවුරුද්දකට පසුය. මේ සත් අවුරුද්ද  තුලදී පැවසීමට තිබුනු සියල්ලම මිතුරාට පැවසූ ඔහු පෙරලා තම මාලිගයට පැමිනීමේදී උයනෙහි ළමයින් සෙල්ලම් කරමින් සිටිනු දුටුවේය.

“ ඒ මොනවද ළමයි මෙතන කරන්නේ“ යි යෝධයා රළු හඬකින් කෑ ගැසුවේය. බිය වූ ළමයි සියලු දෙනා ම පලා ගියහ.

“මගේ උයන අයිති මටයි“ යි යෝධයා කීවේය. “හැම එකාම ඒක තේරුං ගත්තොත් හොදා. මේ උයනේ සෙල්ලං කරන්නේ මං විතරයි. වෙන කාටවත් සෙල්ලං කරන්න මං ඉඩ දෙන්නෑ.“

මෙසේ කී ඔහු උයන වටා උස් තාප්පයක් බැන්දේය. දැන්වීම් ලෑල්ලක්ද සවි කලේය.
ඔහු ඉතා ආත්මාර්ථකාමී යෝධයෙකි.



උයන වටා උස් තාප්පය බැදීමෙන් අනතුරුව අහිංසක ළමයින්ට සෙල්ලම් කිරීමට තැනක් නොමැති විය. ඔවුහු මහ පාරෙහි සෙල්ලම් කිරීමට උත්සහ කලහ. එහෙත් දූවිල්ලෙන් හා දැඩි ගල් කැබලි වලින් යුක්ත වූ මහ පාරට ලමයි කැමති නොවූහ. 

පාසලේ ඉගෙනීම් කටයුතු අවසන් වූවායින් පසුව ඔවුහු උයන වටා වූ උස් තාප්පය අසල එහා මෙහා ඇවිදීමට පුරුදු වූහ. එසේ ඇවිදින ගමන්ම තාප්පයෙන් එහා තිබෙන සුන්දර උයන ගැන කතා බස් කලහ. “අපි එලකිරි වගේ සෙල්ලං කර කර හිටපු ප්ලේස් එකනේ“ ඔවුහු එකිනෙකාට කියා ගත්හ.

ඉක්බිතිව වසන්ත කාලය පැමිණියේය. මුළු රටම පුංචි පුංචි සුන්දර මලින් බර වී ගියේය. කුඩා කුරුල්ලන්ගේ මිහිරි නදින් පිරී ගියේය. එහෙත් ආත්මාර්ථකාමී යෝධයාගේ උයනෙහි පමණක් සීත කාලයෙහි පමණක් සීත කාලය දිගටම පැවතිනි. කුඩා ළමයින් එහි නොසිටි නිසා කුරුල්ලෝ ගී ගැයීමට කැමැත්තක් නොදැක්වූහ. මල් පුඹුදුවා ලීමට ගස් වලට අමතකව ගියේය. වරක් ලස්සන මලක් තණකොල අතරින් හිස ඔසවා මතු වීය. එහෙත් අර දැන්වීම් පුවරුව දුටු සැටියේම ළමයින් වෙනුවෙන් දුකින් බරවූ ඒ මල යලිත් හිස පහත් කොට බිමට නැමී නින්දට ගියේය. මේ උයනේ සන්තෝෂයට පත් පිරිස නම් හිම කැටත් පිනි කැටත් පමණි. “වසන්තයට මේ උයන අමතක වෙලා“යි ඔවුන් ප්‍රීතියෙන් කෑ ගැසූහ. “ඉතින් අපිට මේ අවුරුද්දම මේ උයනට වෙලා ඉන්න පුළුවන්“ තණ පිටිය සුදු රෙද්දකින් වැසුවාක් මෙන් හිමෙන් වැසී ගියේය. පිණි කැට වලින් බරවුනු ගස් රිදී පාටින් පෙනිනි. උතුරෙන් හැමූ සීත සුලග උයනෙහි නැවතුම් ගත් පරිද්දෙන් දිගටම නොකඩවා හමන්නට පටන් ගත්තේය. සෑම දිනකම පැය ගණනාවක් යෝධයාගේ උයනෙහිත් මාලිගය අවටත් හමා යන්නට වූ සීත සුළග මාලිගයත් උයනත් හිමෙන්ද පිණි කැට වලින්ද වසා දැම්මේය.



“වසන්ත කාලය මෙච්චර පරක්කු ඇයි කියලා මටනං හිතා ගන්න බෑ“ දිනක් යෝධයා සිතුවේය. ජනේලයෙන් පිටත බැලූ ඔහුට සීතල, තෙත් බර සුදු පැහැති උයන පෙනිණ. “කාලගුණය ඉක්මනට වෙනස් උනොත් නං හොදයි“ ඔහු තවදුරටත් සිතුවේය.


එහෙත්  වසන්ත කාලය කෙසේවත් මේ උයනට නම් උදා නොවූයේය. ගිම්හානයද නොපැමිණියේය. සරත් කාලයේදී සෑම උයනක්ම රන්වන් ගෙඩිවලින් පිරී ගිය නමුත් යෝධයාගේ උයනෙහි එකම ගෙඩියක්වත් හට ගත්තේ නැත. “යෝධයා ආත්මාර්ථකාමීයී“ සරත් කාලය පැවසුවේය. ඒ නිසාවෙන් මුළු අවුරුද්දේම සීත කාලය ලැගුම් ගෙන තිබිණ.


එක් උදෑසනක් අවදි වී ඇදෙහි වැතිරී සිටි යෝධයාට ඉතා මිහිරි සංගීත නාදයක් ශ්‍රවණය විය. ඒ සංගීත නාදය කෙතරම් මිහිරි වීද යත් එය රජතුමාගේ වාදක කන්ඩායම විසින් වාදනය කරනු ලබන එකක්යැයිද එම වාදක කණ්ඩායම උයන අසලින් ගමන් කරමිත් ඇතැයි කියාද යෝධයා සිතුවේය. එහෙත් ඒ ඔහුගේ ජනේලයේ පිට පැත්තේ සිටි කුඩා කුරුල්ලෙකුගේ ගී ගැයුමක් පමණි. උයනෙහි කුරුල්ලෙකුගේ ගී හඩ ඔහුට මේ අසන්නට ලැබුනේ කෙතරම් කලකට පසුද කියතොත් ඔහුට එය දිව්‍ය සංගීතයක් ලෙස හැගී ගියේය. උතුරු දෙසින් හමමින් පැවති සීත සුළගත් හිම වැස්සත් නතර වූයේය. විවෘත කර තිබූ ජනේලය අස්සෙන් මධුර සුගන්ධවත් මන්ද මාරුතයක් මාලිගය තුලට හැමීය.


“යංතං ඇති, වසන්ත කාලේ ඇවිල්ලා වගේ“ යි සිතූ යෝධයා ඇදෙන් බිමට පැන ජනේලයෙන් පිටත බැලුවේය.


ඉතාම පුදුම සහගත දර්ශණයක් මෙහිදී ඔහු දුටුවේය. තාප්පයේ තිබුනු කුඩා සිදුරකින් රිංගා උයනට ඇතුලු වී සිටි ළමයින් ගස් වල අතු පතර වාඩි වී සිටියහ. ළමයින් ආපසු පැමිනීම ගැන ගස් කොතරම් සන්තෝසයට පත්වී සිටියේද කියතොත් ඒවා මලින් බරවී තිබිණ. ගස් තම අතු පතර කුඩා ළමයින්ගේ හිස් වලට උඩින් සෙමෙන් සෙමෙන් උස් පහත් කරමින් පවන්  සලමින් සිටියේය.


පිරී ඉතිරී ගිය සන්තෝසයෙන් ගී ගයමින් කුඩා කුරුල්ලෝ එහා මෙහා පියෑඹූහ. නිල් තණ පදුරු වලින් එලියට අවුත් එබී බැලූ මල් කුඩා දරුවන් දැක ප්‍රීතියෙන් සිනා සුනේය. මෙය ඉතාම සුන්දර දර්ශණයක් විය.


එහෙත් උයනේ එක් කොනක පමණක් සීත ඍතුව පැවතිණි. උයනේ ඉතා ඈතින් වූ එම කොනෙහි කුඩා පිරිමි ළමයෙක් සිට ගෙන සිටියේය. ඉතා කුඩා වූ ඔහුට ගසක අත්තකට නැග ගැනීමට පුළුවන් කමක් නොතිබුන හෙයින් ඔහු ගස වටා ඇවිදිමින් අඩ අඩා සිටියේය. ගසද  ඒ වන විටත් හිමෙන්ද පිණි කැට වලින්ද වැසී තිබිණ. සීත උතුරු සුලග හඩ දෙමින් හමා බැස්සේය. “ගහට නගින්න, පුංචි දරුවෝ“ යි ගස ළමයාට කීවේය. මෙසේ කියා තම අතු පතර පහත් කලේය. එහෙත් කුඩා හෙයින් ළමයාට ගසට නැගීමට නුපුළුවන් විය.

පොඩි එකාට ගහට නගින්න ගහ උදව් කලේය..



මේ දර්ශණයෙන් යෝධයාගේ හදවත උණුවී ගියේය. “මම කොච්චර ආත්මාර්ථකාමීද?“ යි ඔහු තමාගෙන්ම ඇසීය. “දැන් මම දන්නවා වසන්ත කාලය තවමත් උයනේ අර මුල්ලට ඇවිල්ලා නැත්තේ ඇයි කියලා. මම තියන්න ඕනා අර පුංචි කොලු පැටියා ගහ මුදුනෙන්. ඊට පස්සෙ උයන වටේ බැදපු තාප්පෙ කඩලා දමන්න ඕනා. මගේ උයන හැමදාටම කුඩා දරුවන්ගේ ක්‍රීඩා බූමිය බවට පත් කරන්න ඕනා.“


මෙසේ සිතමින් තරප්පු පෙලින් පහලට බැස ආලින්දයේ දොර වෙත ගිය ඔහු සෙමෙන් සෙමෙන් දොර ඇර උයනට පිවිසියේය. යෝධයා උයනට එනු දුටු සැනෙකින් ළමයි සියලු දෙනාම බියෙන් පලා ගියහ. එවිටම යලිත් උයනට සීත කාලය පැමිණියේය. යෝධයා දුටු විගස දුවන්නේ නැතිව සිටියේ අර කුඩා පිරිමි දරුවා පමණෙකි. ඔහු නොදිවුවේ දෙනෙත් වල කදුලු පිරී  තිබුන හෙයින් ඔහු යෝධයා නොදුටු නිසාය. යෝධයා සෙමෙන් සෙමෙන් ඔහු වෙතට ගොස් මුදු මොලොක් ලීලාවකින් ඒ දරුවා ඔසවා ගස මත තැබුවේය. එකෙනෙහිම ගස ලොකු කුඩා මල් වලින් බර විය. කුරුල්ලෝ ගී ගැයීමට පටන් ගත්හ. කුඩා දරුවා යෝධයාගේ කරවට දෑත පටලවා ඔහු සිම්බේය.


මෙය දුටු අනෙක් ළමයින් හට යෝධයා දැන් දරුණු නැතැයි වැටහී ගියෙන් ඔවුහු වහාම යලිත් උයනට දුව ගෙන ආවෝය. ඔවුන් සමගම වසන්ත කාලයද උයනට පැමිනියේය. උයන නා නා වර්ණවත් මල් වලින්ද ගෙඩි වලින්ද නොයෙක් වර්ගයේ කුරුල්ලන්ගෙන්ද පිරී ඉතිරී අතිශයින් අලංකාරවත් වූයේය.


“පුංචි ළමයිනේ, මේ උයන දැන් ඔබටයි අයිති“ යි යෝධයා කීවේය. ඉක්බිති යෝධයා උයන වටා වූ තාප්පය කඩා බිද දැම්මේය.


ප.ලි - තාප්පය කඩා ටික දිනක් ඇවෑමෙන් අහක යන බල්ලෝ පැමිණ උයනේ ජරා කරන්න විය. මේවා පෑගී පොඩි එවුං නැවතත් උයනට ඒම සීමා කිරීම නිසා එයට පිලියමක් ලෙස බල්ලන්ට පැමිනීමට නොහැකි වන ලෙස යෝධයා කොල පැහැති යකඩ වැටක් උයන වටා ඉදි කලේය. 

යෝධයා කොල පැහැති යකඩ වැටක් උයන වටා ඉදි කලේය

 ළමුන් ටික ටික ලොකු විය. කෙල්ලෝ කොල්ලෝ සමගත් කොල්ලො කෙල්ලෝ සමගත් යාළු විය. එවිට උන්ට සෙල්ලං කරනවාට වඩා එකිනෙකා සමග කතා කරන්නට උවමනා විය. එයටද ඔවුන් භාවිතා කරන ලද්දේ මේ උයනමය. 

අමුතු ක්‍රියා

මොවුන්ගේ ඇතැමෙක්ගේ අමුතු ක්‍රියා හේතුවෙන් පොඩි ලමයිං නරක් වේ කියා ළමුන්ව උයන වෙත එවීම සීමා කිරීමට දෙමවුපියං කටයුතු කලේය. නැවතත් සරත් ඍතුව පැමිනේ යැයි බියෙන් යෝධයා නරක කපල් එලවා දැමීමට විශිල් එකක් අතට දී සික්කෙක් පත් කලේය. 

සික්කාගේ විසිල් ගැසීං වලට මල පැන්න කොල්ලෙක්


කාලයාගේ ඇවෑමෙන් හාට් ඇටෑක් එකක් සෑදී යෝධයා බොරැල්ල කනත්තේ සමාදානයේ සැතපිනි. ඒ අනුව උයන යෝධ බාරකාර සමිතිය යටතට පත්විය. 

යෝධයාගේ මාලිගය උයන පිහිටි නගරයේ නගර ශාලාව ලෙස පාවිච්චියට ගැනුනි. පසු කාලීනව උයනට වික්ටෝරියා පාක් ලෙස නම වැටුනු අතර යෝධයාගේ මාලිගයට ටවුන් හෝල් ලෙස කතා කිරීමට මිනිසුන් පුරුදු විය. අදටත් පුරහල ආසන්නයට ගියහොත් යෝධයාගේ මාලිගයත් ඒ උයනත් දකින්නට ඔබට හැකිවනු ඇත.
 
යෝධයාගේ මාලිගය



සැ.යු - මෙම කතාව ඔස්කාර් වයිල්ඩ්ගේ “The Selfish Giant” නැමැති කෙටි කතාව ඇසුරෙන් සකස් කර ගන්නා ලද්දක් වන අතර පසු සටහන තරියාගේ සටහනකි. කතාව බ්ලොගය තුලින් ඉදිරිපත් කරන ලද්දේ තරහ වූ යාළුවෙකුගේ ඉල්ලීමක් ඉශ්ඨ කිරීම උදෙසා බව විශේෂයෙන් සදහන් කල යුතුය!!!!!!!!!!! 

කමෙන්ට් එකක්  නොදා ගිහිං යෝධයාව තරහා කර ගන්න එපා ළමයි!!!!!!

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

97 comments:

  1. ඇයි යෝදයා මැරුනට පස්සේ උයනට ඇතුලු වෙන අයගෙන් ටිකට් කඩන්න එකෙක් දැම්මේ නැත්තේ...?

    ReplyDelete
    Replies
    1. ඒක ඉතිං යෝධයගෙංම තමා අහන්න ඕනේ..
      ස්තූතියි කමෙන්ටුවට මනෝජ් අයියේ..

      Delete
  2. ශෘංගාරය අස්සෙ ආදර්ශෙකුත් තියෙන නිසා මම මේ කථාවට මනාපයි...මේක දැක්කට පස්සෙ තරහා වෙච්ච කෙනා නැවතත් යාලු වේවා...

    (එයා ගෑල්ළමයෙක් නේද ? හොර ගෙඩියා )

    ReplyDelete
    Replies
    1. හික්ස්..
      මනාපනං එච්චරයි.
      ගෑල්ලමයෙක්නං තමා. ඒත් මගේ හොදම යාළුවෙක්.
      යාළුඋනොත් හොදා.
      ස්තූතියි කමෙන්ටුවට සහ ප්‍රාර්ථනාවට සිරා අයියේ..

      Delete
  3. යෝධයාගේ කතාවේ අළුත් වර්ෂන් එක. ලකුණු 100න් 100යි. ජය...!

    ReplyDelete
    Replies
    1. උපන්තේකට 100න් 100ය ගත්තමද කොහෙද?
      ස්තූතියි ප්‍රදීප් අයියේ!!!!!

      Delete
  4. හරි චෝයි කතාවක්...

    ReplyDelete
    Replies
    1. ඒකනේ සුරංගනා කතා කියන්නේ..
      ස්තූතියි පුබුදු...

      Delete
  5. යෝධයා උද්‍යානය වටේ වැටක් ඉදිකලා කියන ෆොටෝ එකේ වික්ටෝරියා පාක් එකේ වැට තිබුණු නිසා මම අහන්න ගියේ ඒකට ස්පොන්සර් කලේ CMC එකද කියලා :D

    ReplyDelete
    Replies
    1. උත්තරේ හම්බෙන්නැති නේ??????
      ස්තූතියි හසිතයියේ කමෙන්ටුවට!!!!!!!!

      Delete
  6. පරිස්සමෙන්.. යෝධයා නිදි.. නැගිට්ටොත් බඩුම තමා..

    ReplyDelete
    Replies
    1. යෝධයා සදාකාලික නින්දට පත්තෙලා..
      බය වෙන්න එපා...
      ස්තූතියි කමෙන්ටුවට ඇලෙක්සැන්ඩර්..

      Delete
    2. මේ මම ක්සැන්ඩර් | Xander

      Delete
    3. ආ මේ ක්සැන්ඩර් අයියනේ...
      හි හි..

      Delete
  7. හික්ස්.. ඔස්කාර් වයිල්ඩර්ගේ ප්‍කෙටිකතාව නම් කියවලා තියෙනවා.. දෙවෙනි කතාව නම් අදමයි ඇහුව්වේ ඕන්..ඒකත් හොඳයි.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. හික්ස්...
      ඔස්කාර් වයිල්ඩ් නඩු දායිද දන්නෑනේ අක්කේ...
      ස්තූතියි කමෙන්ටුවට රතු හැට්ට කාරී!!!!!!!!

      Delete
  8. නියමයි අලේ..
    දැන් තරහ වුන කෙනා යාළුද..??

    ReplyDelete
    Replies
    1. ඒනං එලනේ අලේ..
      යාළු නැතෝ...
      ස්තූතියි කමෙන්ටුවට ප්‍රමුදි!!!!!!!

      Delete
  9. මේ කතාව පොඩි කාලේ සිංහල පොතක හරි, නැත්නම් මං කියවපු වෙන කෙටි කතා පොතක හරි තිබුන එකක්...
    සියුම් උපහාසය එක්ක ලියල තියෙන හැටි හරිම ලස්සනයි...
    ආදරේ හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. හික්ස්..
      මතකය හොදයි ලමයගේ..
      ස්තූතියි බිනූ කමෙන්ටුවට!!!!!!

      Delete
  10. හිකිස්........
    අන්න බලපන් යෝධයගේ යෝධ මොලේට කොච්චර දේවල් නොතේරි ගිහින්ද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ...
      යෝධයාගේ ඔළුව නිකං කලේ වගේ තිබ්බට මොලේ අලේ තරංද මංදා..

      Delete
  11. යොදයා අයිස් ක්‍රම් බිශ්නස් නෙද කරලා තීන්නෙ?

    ReplyDelete
    Replies
    1. නෑ බං බනියෝ..
      පසු කාලීනව වක්‍ර රැකියා අවස්ථා ඇති උනාලු උද්‍යානය ආශ්‍රිතව..
      ස්තූතියි කමෙන්ටුවට මචං!!!!!!

      Delete
  12. යෝධයාගේ කතාව නවීකරණය කරල කාලයට උචිත ලෙස . හොඳ නිර්මාණයක් .

    ReplyDelete
    Replies
    1. යෝධයා හිටියනං වහ කාලා මැරෙයිද මන්දා..
      ස්තූතියි ගිං අක්කේ කමෙන්ටුවට!!!!!!!

      Delete
  13. පට්ට කතාව බන්. මුලින් කියවද්දී ඉස්සර කියවන සුරංගනා කතා මතක් වුනා. හිතට මාර සැහැල්ලුවක් දැනුනේ. ඇත්ත කතාවට තරියාගේ කතාව සෙට් කරපු විදිහ නම් පටේ පට්ට ආ....!!

    ReplyDelete
    Replies
    1. හි හි...
      එවුවා මතක් උනානං එල..
      අන්තිම ටිකත් අවුලක් නෑ කියපු නිසා හිතට පිට්ලු ඈ...
      ස්තූතියි පැතුං කමෙන්ටුවට!!!!!!!

      Delete
  14. මම ඒත් බැලුවා ම ඒ පාර අපිට සුරංගන කතා කියන්න යනවද කියලා බැලින්නම් මේ අලුත් වර්ශන් එකක්නෙ

    ReplyDelete
    Replies
    1. අළුත් උනත් ඉතිං සුරංගනා කතානේ අක්කේ..
      ස්තූතියි කමෙන්ටුවට ලොකු මැට්ටි අක්කේ!!!!

      Delete
  15. උබ නිව්ටන් ගැන කියද්දි තේරුනේ නැහැ.
    මේ වගේ ලමා කතන්දර අපිට තේරෙනවා !

    ReplyDelete
    Replies
    1. සෑමයියා බබා හෙනං
      මං ඒත් බැලුවා ඇයි මේ කමෙන්ට් කරන මිනිස්සු නිවුටන්ගෙ අටමගලට කමෙන්ට් කරන්නැත්තෙ ඇයි කියලා..
      ඒකයි ඒනං හේතුව..
      ස්තූතියි කමෙන්ටුවට සෑමයියේ!!!!!!!

      Delete
  16. ubalage pattiye harakta hariyanne me wage surangana katha thama. puka nodi innawada oya. oyath dan puka dena eke seemawak na.

    ReplyDelete
    Replies
    1. මං ඒත් බැලුවා මොකෝ තාම මගේ එකේ ඇනෝලා නැත්තේ කීලා...
      මේ ඉන්නේ..
      තැංකූ ඈ කමෙන්ට් එකට...
      හා මං නොදී ඉන්නංකෝ..

      Delete
    2. @ Ano - Ane me wadak balagannawada.liyana ekekta liyanna denneth na methana.kana palaganna epa thariyata banala

      Delete
    3. දෙවනි ඇනෝට ස්තූති වන්ත වෙමි මා වෙනුවෙන් කතා කලාට..
      ඒත් පලවෙනි ඇනෝලා වගේ අයට පිලිතුරු දෙන එක මහ අනවශ්‍ය වැඩක් හැටියටයි මම දකින්නේ..
      මම ඕවා ඩිලීට් කරන්න බලා පොරොත්තු වන්නේ නැත.
      ජයවේවා!!!!!!

      Delete
  17. shoi kathawak ayya....... :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරලියා/ අරලිය...
      ෂෝක් නං එල..

      Delete
  18. උඹ මේකට වස්තු බීජය හොරකම් කලේ පොඩි එකාගේ පොතකින් නේ :ද
    එල එල පට්ට කතාව

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං..
      පරණ සිංහල පොතකිං...
      ස්තූතියි කමෙන්ටුවට මචං..!!!!!

      Delete
  19. හොඳ ගැලපීමක්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා අයියේ..
      අගය කිරීම හිතට සතුටක්!!!!!

      Delete
  20. ඔහේටත් මහා අමුතු අමුතු ඒවානේ හිතෙන්නේ.. ඔහේත් හැබෑටම ඕකේ සෙල්ලම් කොරන්ට ගියා නේද..? අර අමුතු ක්‍රියා..?

    ReplyDelete
    Replies
    1. හැපෝයි නෑ..
      අමුතු ක්‍රියා කරන්න ගිය සගයංගෙං ආරංචි උනා නෙව..
      ස්තූතියි කමෙන්ටුවට සුදා!!!!!

      Delete
  21. පට්ට කතාවක් තෝ විසින් අනුභව කොට ඇති බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. ඒ නිසාන් ඒම කීන්න එපා බං...
      හි හි..
      බඩගිනි වැඩිකමට චුට්ටක් කෑවා තමා ඉතිං..
      ස්තූතියි කමෙන්ටුවට මචං!!!!!!!!

      Delete
  22. තරියා .. මම තරහ නැහැ බං.
    ඒක ශේප් දැන්. :)
    තෑන්ක්ස් කතාවට.මම ගොඩක් ආසාවෙන් කියෙව්වේ.

    'යෝධයා දුටු විගස දුවන්නේ නැතිව සිටියේ අර කුඩා පිරිමි දරුවා පමණෙකි. ඔහු නොදිවුවේ දෙනෙත් වල කදුලු පිරී තිබුන හෙයින් ඔහු යෝධයා නොදුටු නිසාය.' මෙන්න මේ ටිකට හිතට මාර දෙයක් දැනුනා අප්ප.. :( අනේ මන්ද..

    නියමා,,,,,,යි..
    ආයෙමත් ස්තුතියි :)

    ReplyDelete
    Replies
    1. ඇති යන්තං ශේප් නං...
      කතාව එලනං එලම තමා...
      ස්තූතියි කමෙන්ටුවට මචං!!!!!!!

      Delete
  23. තරියා වෙනුවට කැරියා කියලා දැම්මොත් මොකද.

    ReplyDelete
    Replies
    1. ඒකත් නරක නෑ තමයි..
      හැබැයි මට වඩා ඒක ගැලපෙන්නේ උබට නේ????
      පොඩ්ඩක් කල්පනා කරලා බලහං...
      ස්තූතියි කමෙන්ටුවට ඇනෝ..

      Delete
  24. මරු කතාව... දවසක් යෝදයගේ උයනේදී සික්කෙක් මටත් විසිල් එකක් ගැහුවා... හික්..

    ReplyDelete
    Replies
    1. හි හි...
      යෝධයගෙ උයනේ සෙල්ලං කරන්නේ පරිස්සමෙං ලමයි..
      දැං ඉන්න සික්කෝ යෝධයට වඩා වසයි හරිය..
      ස්තූතියි කමෙන්ටුවට චමී!!!!!!

      Delete
  25. ආදර්ශෙට ගන්නවානම් ඔන්න කතා ....

    ReplyDelete
    Replies
    1. තරියා ඉදිරිපත් කලොත් ඒකේ ආදර්ශයක් තියෙනවම තමා..
      හික්ස්..
      ස්තූතියි කමෙන්ටුවට රොබින්!!!!!!

      Delete
  26. හපොයි.... යෝධයෝ හොදයි තව ඕකේ ඉන්න සික්කොන්ට වඩා.....
    තුනෙන් පස්සේ කොල්ලෙක්ට කෙල්ලෙක්ට ඇතුළට වත් යන්න දෙන්නේ නෑ.....
    මරාගෙන කන්න හිතුනා දවසක් ක්ලාස් එකට යන්න කලින් බත් එක කාලා යන්න ආව දවසක....
    හොද හැටි බැනලා ඇතුළට ගියා.....

    නාකි අලි බබෙක් නෙමේ නිසා අලුත් වර්ශන් එක විතරක් කියෙව්වා....

    ReplyDelete
    Replies
    1. අඩේ ඔවු අප්පා..
      උං නං මහ අමනුස්ස සික්කෝ..
      එදා කලා බවනට ගිහිං බත් එක කන්න ඉස්සරහා තිබ්බ යෝධයගෙ උයනට යන්නද ඇහුවම සික්කා ගත් කටටම කිවුවනේ යන්න දෙන්න බෑ කියලා..
      ඌට ඒකෙ නිදා ගනිං කියලා මං ආවා..
      යෝධයා තව හොදා..
      ස්තූතියි කමෙන්ටුවට හිරු අක්කේ!!!!!!!!!!

      Delete
  27. ඔන්න මම උයත් එක්ක ලාලුයි අයෙත් හලිද

    ReplyDelete
    Replies
    1. හෑ............
      ඇනෝ කෙනෙකුත් තලා වෙලා හිටියද මාත් එක්ක???
      හි හි.
      ස්තූතියි කමෙන්ටුවට!!!!!!!

      Delete
  28. කතාව රීමික්ස් කොරල නෙව ඔහොම යන්

    ReplyDelete
    Replies
    1. ඒකනේ...
      ලියං යද්දි රීමික්ස් උනා...
      ස්තූතියි කමෙන්ටුවට ෂානක!!!!!!!

      Delete
  29. සික්කාAugust 16, 2012 at 4:34 PM

    ane kariyo thota puke amaruwada mage job eka gana hoyanna? lolla

    ReplyDelete
    Replies
    1. ඒකනේ..
      නිකං කහනවා වගේ...
      ස්තූතියි සික්කා කමෙන්ටුවට..

      Delete
  30. කතාව නම් හරිම ලස්සනයි...දැන් යාලුව ආපහු යාලු උනාද?

    ReplyDelete
    Replies
    1. යාළුයි කියන්නේ අක්කේ...
      හි හි..
      ස්තූතියි කමෙන්ටුවට!!!!!

      Delete
  31. මුල් කතාව නම් කියවල තිබුන කලින්. ඒකට පස්සේ එකතු කරපු ටික නියමෙට ගලපලා තියනව. මරු බං :-)

    ReplyDelete
    Replies
    1. හික්ස්...
      මං බැලුවා වර්තමාන කතාවත් මීට කලිං කියෙව්වද කියලා..
      එල එල..
      ස්තූතියි චන්දන කමෙන්ටුවට!!!!!

      Delete
  32. මුල් කතාව අපි දන්න කතාවනේ. දෙවනි කතාව තමයි ඇත්ත කතාව. අර පිංතූර ටිකත් නියමයි. ඔය යෝදයා හිටපු ගෙදර ත්‍රීවිලර් මල්ලි කෙනෙක් උයනේ පාලකයා වුණා කෙටි කාලයක්

    ReplyDelete
    Replies
    1. ආ ඔව්..
      ත්‍රීවීල් මල්ලි ඇවිල්ලා මාලිගාවේ වැට නිල් පාටත් කරේ..
      අපිත් හිනා වෙවී බලං හිටියා ඉතිං..
      ස්තූතියි දයා අයියේ කමෙන්ටුවට!!!!!

      Delete
  33. ඔන්න මමනම් කියෙව්වේ නෑ. මම පොඩි එකෙක්ය ඕවා කියවන්න. හැබැයි අන්තිම ටිකනම් මරු ආ :)

    ReplyDelete
    Replies
    1. ආ අන්තිම ටික කියවන්න පුළුවං නාකි ආච්චිලටත් සයුරි...
      හි හි..
      ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!

      Delete
  34. “මගේ උයන අයිති මටයි“ යි යෝධයා කීවේය. “හැම එකාම ඒක තේරුං ගත්තොත් හොදා. මේ උයනේ සෙල්ලං කරන්නේ මං විතරයි. වෙන කාටවත් සෙල්ලං කරන්න මං ඉඩ දෙන්නෑ.“

    මාත් ඕම තමා හිතං හිටියෙ. ඒත් මගේ උයනෙ ඔප්පුව දැන් වෙන එකෙක් අරං :(

    anyway. best of luck for තරියාගේ සුරංගනා ලෝකේ

    ReplyDelete
    Replies
    1. හෑ..........
      එහෙම හිතං හිටපු නිසා වෙන්නැති නේ යෝධයා තනිකඩවම මැරෙන්න ඇත්තේ..
      පවු අප්පා...
      තැංකූ කමෙන්ට් එකට ඈ..

      Delete
  35. හි හි පට්ට කතාව ඕක ලගින් කොච්චර ගියත් නිධාන කතාව අද නොවැ දැනගත්තේ :P

    ReplyDelete
    Replies
    1. ඒකනේ මඩයෝ අපිම ඉන්න ඕනා මෙවුවා එලි කරන්න ඉතිං...
      ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!!!

      Delete
  36. Replies
    1. මොකෝ තරුවෝ හප්පා?????
      තැංකූ ඈ කමෙන්ට් එකට!!!!!!!

      Delete
  37. පහ වසරේ සිංහල පොතේද කොහෙද තිබුනා පළවෙනි කතාව නම්..
    දෙවනි වර්ශන් එකත් නිර්මාණාශිලියි..

    ReplyDelete
    Replies
    1. 6 වසර සිංහල පොතේ තියෙන්නේ...
      හි හි..
      ස්තූතියි කමෙන්ටුවට රූ...!!!!!!

      Delete
  38. රීමික්ස් කරලා,කතාව ලස්සනට ගලපල තියනවා යාළු ලස්සනයි... :) :)

    ReplyDelete
    Replies
    1. හි හි..
      ස්තූතියි ශම්මි කමෙන්ටුවට..
      පිලිගන්නවා කෙරුවාවට!!!!!!!!!!

      Delete
  39. ඇති යන්තං........දැන් යෝධයා මැරිලා නිසා හොඬයි.නැත්තත් උයනේ වෙන දේවල් දැකලා සියදිවි නසාගනියි.

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත...
      යෝධයා එවුවා දැක්කනං බඩ හපං මැරෙන්නේ...
      ස්තූතියි අමිල කමෙන්ටුවට!!!!!!!!

      Delete
  40. අම්බෝ තලියා හොලා උනාට අලි ලස්සනට ලියනවනේ..මමත් පොඩි හිටියෙක්නේ ඔන්න කියෙව්වා..නියමයි පෝස්ටුව................

    ReplyDelete
    Replies
    1. බට්ටි මැට්ටි උනත් මේ වගේ එවුවා තේරෙනවා නේ...
      හි හි...
      තැංකූ ඈ කමෙන්ට් එකට!!!!!

      Delete
  41. අම්බෝ මේ තරියගේ බ්ලොග් එක හොයාගන්ඩ තිබ්බ අමාරුවක් !
    ඔන්න අද බ්ලොග් එක හොයාගත්තා... ලිපිය නම් තාම කියෙව්වේ නෑ.. කියවලා කමෙන්ට් එකක් දාන්නම්

    ReplyDelete
    Replies
    1. හික්ස්...
      එච්චර අමාරු උනැයි?????
      හි හි.. පිලිගන්නවා කෙරුවාවට!!!!!!!
      ජයවේවා මධුරංග!!!!!

      Delete
  42. හම්මප තරියෝ යෝදයගේ උයනෙන් කීයක් හරි හොයාගන්න පැලැන් එකක් හොයාගමු. හරිම ලොල් සහගතයි සික්කගේ කේස් එක

    ReplyDelete
    Replies
    1. බැරිකමක් නෑ කෝරලේ මාත්තයෝ..
      සික්කොත් එක්ක තමා බැරි...
      හි හි..
      ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!!!!!

      Delete
  43. ලස්සනට ලියල තියනවා... :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැංචි...
      ජයවේවා!!!!!!!!

      Delete
  44. අපූරුයි ඈ....
    මේ කතාව සිංහල පොතේ තිබුණා මතකයි.
    (හැබැයි එකක් ඇරෙන්න​...“අපි එලකිරි වගේ සෙල්ලං කර කර හිටපු ප්ලේස් එකනේ“)

    ReplyDelete
    Replies
    1. හික්ස්...
      මගේ වචනත් අතරිං පතර ඇති..
      නැත්තං ගතියක් නෑනේ..

      Delete
  45. Replies
    1. ආයෙත් අහලා...
      තැංකූ ඈ!!!!!!!!!!

      Delete
  46. niyanai mamat ahamben wage me web page 1 dakke niyama wedak...........

    ReplyDelete
  47. හැක හැක හැක...

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????