පස්වන කොටස
එහෙනම් මේකයි අපේ අවසානය.
මට ගොඩක් සතුටුයි ඔබ වගේ නිර්භීත තරුණයෙක් සමග මේ වගේ ගවේෂණයකට එක් වෙන්න ලැබුන එක ගැන හරිත.
මටත් එහෙමයි මහාචාර්යතුමනි.
මොකක්ද ඒ වෙන්නේ?
පද්දති එකෙන් එක බිද වැටෙනවා. කලු කුහරය වටා අපි වේගයෙන් භ්‍රමණය වෙනවා. මං හිතන්නේ තව සුළු මොහොතකින් අපිට සිහි නැතිවෙයි මහාචාර්යතුමනි.
බලන්න විනාශ වන තාරකාවක ලස්සන හරිත. මෙච්චර ලගට තාරකාවක් දකින පලමු මිනිස්සු දෙන්නා අපි වෙන්නැති.
ලස්සන දකිනවත් එක්කම අපිට මැරෙන්න වෙන එකයි වැඩේ මහාචාර්යතුමනි. පිටත වැස්ම ගිනිගන්නවා උෂ්ණත්වය නිසා.
හහ් හහ් හා. අපි පුදුම මිනිස්සු තමයි නේද හරිත. හැම පැත්තෙන්ම මරණය පෙනි පෙනිත් කලු කුහරෙක ගිලෙන තාරකාවක සෞන්දර්ය විදින එක මෝඩ වැඩක්.
ඒකනං..
---------------------------------------------------------------------------------------------------------------
මොනවා කව්ද මේ? මහාචාර්යතුමනි..
කලබල කරන්න එපා හරිත මං මෙතන.
මහාචාර්යතුමනි කව්ද මේ අය? අපි මේ කොහෙද?
සන්සුන් වෙන්න හරිත සන්සුන් වෙන්න. ඔබේ කකුලේ අස්ථි කීපයක් බිදිලා තියෙනවා. දගලන්න එපා.
මොකක්ද උනේ කියලා මුලිංම මට කියනවද? මට මතක අපි කලු කුහරයට ඇදෙනවා විතරයි. මේ මං දැක්කේ හීනයක් කියලනං කියන්න එපා.
හිහ් හිහ්. ඔබට වැරදුනා හරිත. කලුකුහර ගැන අපි හිතං හිටියා වැරදියි. මං ඔබට සියල්ල පැහැදිලි කරන්නං. ඒත් මුලිං ඔබ විවේක ගන්න. මං හිතන්නේ අපිට ඕනවටත් වඩා කාලය තියෙනවා.
---------------------------------------------------------------------------------------------------------------------
දින කීපයක නිද්‍රාවකින් පසු හරිත අවදි වෙයි.
කව්ද ඔබ? කෝ මහාචාර්යතුමා.
හරිතගේ පිබිදීමත් සමග ඔහු කලබල වී ලග සිටි යුවතියගෙන් ප්‍රශ්ණ අසන්නට විය. ඔහු දෙස බීරාන්ත වී මදක් වේලා බලා සිටි යුවතිය එලියට දිව ගියාය.
මොනවද මේ වෙන්නේ? මං කොහෙද ඉන්නේ. පිදුරු නේද මේ? මං ඉස්තාලයකද ඉන්නේ? ගෑනු ලමයෙක් කොහෙන්ද? මොකක්ද මේ වෙලා තියෙන්නේ?
හරිත කිසිදු දෙයක් සිතා ගත නොහැකිව කල්පනා කරන්නට විය. ඔහු වැතිර සිටි පිදුරු ගොඩෙන් නැගිටින්නට හැදුවත් දුර්වල පාද යුගල නිසා ඔහුට එය අපහසු විය. ඔහු පිදුරු හෙවිලි කල වහලය දෙස බලා වැතිර සිටින්නට විය.
හරිත.
දොරකඩ දෙසින් නැගුනු හුරුපුරුදු කටහඩ නිසා ඔහු හැරී බැලීය.
දෙවියනේ මහාචාර්ය තුමනි. මේ කොහෙද? මොකක්ද උනේ? ඔබට තුවාලද?
මහාචාර්යවරයා සිහින් සිනාවක් නගමින් ඔහු ආසන්නයේ පිදුරු මිටියක් උඩ ඉද ගත්තේය.
හරිත අපි කලු කුහරය ගවේෂණය කලා.
මට තේරෙන්නෑ මහාචාර්ය තුමනි. මොකක්ද මේ වෙලා තියෙන්නේ.
මං මුල ඉදං කියන්නං.
අපි කලු කුහරය වටා භ්රමනය වෙමින් ඒ තුලට ඇදුනා ඔබට මතක ඇති.
ඔව්.
කලු කුහය කියන්නේ කාල දොරටුවක් හරිත. අපි හිතන් හිටියා වැරදියි.
මොනවා?
ඔව්. විශ්වය තුල කිසි දෙයක් විනාශ වන්නේ නෑ හරිත. ඒවා තවත් ශක්තියට පරිවර්ථනය වෙනවා විතරයි. අපි පෘථුවියේම අතීත කාලයට පැමිණ තියෙන්නේ?
මට හිතාගන්න අමාරුයි. ඔබ කියන්නේ අපි ඉන්නේ පෘථුවියේ කියලද?
ඔව් හරිත. අපි කලු කුහරය හරහා අතීතයට පැමිනුනා. ඒ වන විට යානය ඉතා අභලන් තත්වයේ තිබුනේ. ඔබට සිහි නැති වුනා. මම අමාරුවෙන් ඔබව වත්තන් කරගෙන ජෛව ආරක්ෂක කුටියට ඇතුල් වී යානයෙන් වෙන් වුනා.
එතකොට අපි මේ ග්‍රහලෝකයට ඇතුල් උනේ?
ඔබ දන්නවා අපි පරිඝණක ගත කරලා තිබුනේ ජෛව ආරක්ෂක කුටි වලට ජීවය පවත්නා ග්‍රහලෝක තෝරා බේරාගෙන ඒවාට ගොඩබස්වන්න.
මේක ටිකක් විස්වාස කරන්න අමාරුයි මහාචාර්ය තුමනි.
අපි පෘථුවියේ ඉදං ආලෝක වර්ෂ 1600ක දුරක් ඇවිත් හිටියේ. ඒත්...
මං ඒක කල්පනා කලා හරිත. මට ඔප්පු කරන්න තරම් සාධක නෑ. නමුත් මං හිතන්නේ මං දන්නවා එහෙම වෙන්න හේතුව.
ඒ මොකක්ද මහාචාර්ය තුමනි?
විශ්වයේ වෙනත් ග්‍රහලෝක කියා දෙයක් නෑ හරිත. කොටිංම විශ්වය කියන්නේ කාලයට. ඒක අතීතය වර්තමානය සහ අනාගතය විදිහට අපිට බෙදා ගන්න පුළුවං මේක අධ්‍යනය ලේසියට.
අපි ආවේ වර්ථමාන පෘථුවියේ ඉදං කියලා හිතුවොත් අපි දැං ඇවිත් තියෙන්නේ අතීත පෘථුවියට.
මිලියන ගණනක් සෞරග්‍රහ මන්ඩල තිබුනට ඒ සියල්ලම එකම සෞරග්‍රහ මණ්ඩලයේ විවිධ කාලයන්.
මට තේරුන්නෑ මහාචාර්ය තුමනි.
මේ බලන්න.
මහාචාර්ය වරයා අසල තිබූ කෝටුවක් ගෙන බිම සටහනක් අදින්නට විය.
මේක බලන්න.
ඔය A B C D කියන්නේ අපේ සෞරග්‍රහ මන්ඩලය වගේ සෞරග්‍රහ මන්ඩල.
A කියන්නේ අපි ආපු වර්ථමාන සෞරග්‍රහ මණ්ඩලය.
B කියන්නේ අතීතයේ තිබුන සෞරග්‍රහ මණ්ඩලය.
C කියන්නේ අනාගත කාලයේ සෞරග්‍රහ මණ්ඩලය.
D කියන්නේ අපි දැං ඉන්න සෞරග්‍රහ මණ්ඩලය.
මේ මණ්ඩල වල කාලයත් සමග විවිධ වෙනස්කම් ඇති වනවා. ඒකයි අපි හදාරපු ඒවා එකිනෙකට වෙනස්. නමුත් ඒ හැම එකක්ම අපේ සෞරග්‍රහ මණ්ඩලයේම විවිධ අවස්ථාවන්.
මට හිතාගන්න බෑ මහාචාර්ය තුමනි.
මටත් ටිකක් අමාරුනං තමා. ඒත් ඒක තමා මට හිතාගන්න පුළුවං එකම පැහැදිලි කිරීම.
එතකොට මහාචාර්යතුමනි මේ මිනිස්සු කව්ද? අපි දැං ඉන්නේ කොහෙද?
ප්‍රශ්ණය කොහෙද නෙමෙයි හරිත. කවදද කියන එකයි.
ඒ කිව්වේ.
අපි ඉන්නේ 1638 වෙනි අවුරුද්දේ.
දෙවියනේ.
ඔව් හරිත. මේ අපි ඉන්නේ එංගලන්තයේ වූල්ස්තෝර් වල.
හ්ම්ම්ම්. පුදුම ගවේෂණයක්නේ මේක.
ඔව් අපි අනාගතයට ගිහිං ආපහු අතීතයට ආවා. මං හිතන්නේ මැරෙනවට වඩා ඒක හොදයි නේද හරිත?
ඒකනං ඇත්ත. අපිට අපේ මවු රටවල් වලට යන්න බැරි වෙයිද මහාචාර්ය තුමනි?
වැඩක් නෑ හරිත.
මං හිතන්නෑ ඉන්දියාවටවත් ලංකාවටවත් ගියා කියලා අපිට වෙනසක් අත්දකින්න පුළුවන් වෙයි කියලා.
හ්ම්ම්. ඔබ කියන්නේ දිගටම මෙහෙ ඉමු කියලද?
ඔව්. ඔබ අසනීපෙන් හිටපු දවස් ටිකේ මම මේ ගමේ මිනිස්සු සමග ගොවිතැන් කරා.
මට ලොකු වෙනසක් දැනෙනවා ජීවිතයේ.මට කෙලින් වෙන්න අමාරුයි මහාචාර්ය තුමනි.
ඔබගේ කකුල්වල අස්ථි බිදිලා. තව සති කීපයකින් මේක හරියයි කියලා දොස්තර මහත්මා කීව්වා.
දැන් තමයි බ්‍රිතාන්‍යන් ටිකෙන් ටික දියුනු වෙන්නේ හරිත.
හ්ම්ම්.. අපි මේ ඉන්නේ කොහෙද?
අපි ඉන්නේ අයිස්කොෆ් මහත්මයාගේ ගෙදර.
ඒ කවුද?
ඔහු තමා දොස්තර. ඔබට සාත්තු කලේ ඔහුගේ දුව හැනා.
ඇත්තද? එයා බය වෙලා දිවුවා මං ඇහැරුනාම.
හිහ් හිහ්. ඇය මට දුවගෙන ඇවිත් කිව්වා ඔබේ සුරදූතයා අවධි උනා කියලා.
සුරදූතයා????
ඔව්. අපේ ජෛව ආරක්ෂක කුටිය ඔවුන් දුටුවා. අහසින් පැමිනි අය නිසා ඔවුන් හිතන්නේ අපි දෙවියන් කියලා.
මුල් දවස් ටිකේ ඔවුන් අපිට බිය උනා. නමුත් මම ඔවුන් එක්ක කතා බහ කරාම බිය තුනී උනා.
අපි කව්රු කියලද ඔබ කිව්වේ?
මම කිව්වා අපි දේෂ ගවේෂකයෝ කියලා.
---------------------------------------------------------------------------------------------------------------------
වර්ෂ 1654
හෙනා කෝ අයිසැක්?
අයිසැක්. තාත්තා කතා කරනවා.
තාත්තේ.
එන්න. මේ පොත පුතාට දෙන්න කිව්වා පුතාගෙ ඇත්තම තාත්තා.
ඒ කිව්වේ?
කියවලම බලන්නකෝ ඔයා.
පුතා අයිසැක්. ඔයාට බලන්නයි මං මේ දේවල් ලියන්නේ හොදින් මං මේ ලියලා තියෙන දේවල් ඉගෙන ගන්න ඕනා.
පුතා මං ආවේ අනාගතයෙන්.
ලෝකය කියන එක පුදුම දේ වලිං පිරිලා තියෙන්නේ. මං දන්න දේවල් පුතාට මං මේ පොතෙන් කියලා දෙන්නං.
---------------------------------------------------------------------------------------------------------------------
මේ බලන්න තාත්තේ මේ ඇපල් ගෙඩිය බිම වැටෙනවා.
ඇයි ඇපල් ගෙඩිය උඩ යන්නැතුව බිම වැටෙන්නේ?
ඒකට හේතුව තමා ගුරුත්වාකර්ෂණය................
පුතා කොහොමද ඔහොම දෙයක් හිතුවේ? හරිත තාත්තා දුන්න පොතේ මේවා ගැන විස්තර තියෙනවා. මං ඒකෙන් ඉගෙන ගත්තා.
---------------------------------------------------------------------------------------------------------------------
ප.ලි.
වර්ෂ 1642 දී හරිත බන්ඩාර මහත්මා අයිස්කොෆ් මහතාගේ දියනිය හැනා විවාහ කර ගත්තේය.
1942දී වුල්ස්තෝර් හි පාලකයා හා සිදුවූ ආරවුලක් නිසාවෙන් ඔහු අතින් හරිත මරුමුවට පත්විය.
වර්ෂ 1643 ජනවාරි 4 වන දින හරිතගේ බිරිදට පුතෙක් උපන්නේය. ඔහු අයිසැක් විය.
මහාචාර්ය නිව්ටන් විසින් තම නිව්ටන් යන නාමය පුතුගේ වාසගම ලෙස යෙදීය.
වර්ෂ 1743 මාර්තු මාසයේදී මහාචාර්ය නිව්ටන් පටෙල් හෘදාභාදයකින් මිය ගියේය.
මිය යාමට ප්‍රථම හරිත විසින් ලියූ පොතක් ඔහු දුන් ආකාරයට පටෙල් මහතා අයිසැක් වෙනුවෙන් සකසා තබයි.
නිව්ටන් මහතා මිය යාමෙන් පසු හෙනා විසින් තවත් විවාහයක් කර ගනී.
එය අධ්‍යනයේ යෙදෙන තරුණ අයිසෙක් දිගින් දිගටම අධ්‍යනය කොට ඇපල් ගෙඩියක් ආශ්‍රය කොට ගෙන එය සමාජගත කරයි.
එයයි නිව්ටන්ගේ රහස් නියමය..
සමාප්තයි
උඹල මව් රටට ආයෙ එන්නෙ නෑ නේද? අනේ වාසනාවං
ReplyDeleteඋං ආවේ නැති උනාට මං ඉන්නවා බොල..
Deleteඒ කියන්නේ අයිසැක් නිව්ටන් යනු හෙලයෙකි!
ReplyDeleteප්‍රීතියි තරියෝ ප්‍රීතියි...
මීවනපලානයන්ගේ ආභාෂය තමා ප්‍රමුදි දරුව..
Deleteමටද දැං නං ඔටෝ ප්‍රීතිය!!!!!!
අමුතුම අවසානයක් හිතාගන්නත් බෑ..!
ReplyDeleteමටත් හිතා ගන්න බෑ වී පොකුර..
Deleteස්තූතියි කමෙන්ටුවට..
කොහොමද බං මෙච්චර කෙබර කෙලින්නේ??
ReplyDeleteයන්තන් ඇති මෙලෝ රහක් නැති කතාවක් ඉවර උනා.... :-))
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උබෙං තමා නයි අරින්න පුරුදු උනේ..
Deleteඒ හැකියාවට ඒ ලෙවල් සයන්ස් ටිකක් මික්ස් කලා..
තැංකූ ඈ...
අය්සෙක් නෙව්ටන් කියන්නෙ අපෙ කොල්ලෙක්. එලස්
ReplyDeleteආයෙත් අහලා..
Deleteබලන්න ඉතිං මුලු භෞතික විද්‍යාවම අපේනේ..
හික්ස්..
ස්තූතියි කමෙන්ටුවට මචං..
පට්ට සුපිරි..
ReplyDeleteඑලම එල..
මෙතෙක් කියවපු හොදම විද්‍යා ප්‍රබන්දය..
සිරාවට මචන්
පර්ෆෙක්ට් .................
සිරාවටමනං හොදා මචං..
Deleteබෝම ස්තූතියි කමෙන්ටුවට..
ජයවේවා!!!!!
මෙතන තියෙන ලොකුම කුතුහලය දනවන ප්රශ්නය තමයි හරිත,හැනා ව කසාද බැන්දේ 1942 මාර්තු 4 ට කලින්ද පස්සෙද කියන එක... :O
ReplyDeleteඒ ගැන ඔයාට මොකක්ද කියන්න තියෙන්නේ තරියෝ??? :D
හම්මෝ මට කඳුලුත් ආවා මේක කියවනකොට...
ඒ තරම් ලස්සනයි...
ඔබට ජය මිස්ටර් ශ්‍රී ලංකා!!!
හෑ......
Deleteමාර්තු 4 ප්‍රශ්නෙ මට තේරුන්නෑනේ බිනෝ..
ඇයි කදුලු ආවේ ඈ...
තැංකූ වේවා කිව්වා කමෙන්ටුවට...
එලම කිරි
ReplyDeleteඑහෙනං එච්චරයි..
Deleteජයවේවා!!!!!!!!!!
සුපිරියටම ගලාගෙන ගිහින් අවසාන වෙච්ච සුපිරිම කතාවක්. විශිෂ්ඨයි. නිසැකවම මේ කතාව විශිෂ්ඨයි.
ReplyDeleteස්තූතියි ක්සැන්ඩර් අයියා..
Deleteජයම වේවා!!!!!
ඇත්තටම නියමයි තරියා සහෝ..
ReplyDeleteහැමෝම නොලියන විදිහේ දේවල්වලට මම ඇත්තටම කැමතියි..
විශිෂ්ඨයි කිව්වොත් තමා හරි..
වෙලාවේ හැටියට වෙන වචනයක් මතක් වෙන්නේද නැත.හික්ස්!
දිගටම වෙනස් දෙයක් ලියන්න..
ජය! :)
අනිවා හිරූ..
Deleteබෝම ස්තූතියි කමෙන්ටුවට..
ජයවේවා!!!!!
අපූරු ගැලපුමක්..
ReplyDeleteලස්සනයි..
ස්තූතියි රූ...
Deleteජයවේවා!!!!!
අපි වගේ අයට කියවන්න අමාරු උනත් වටිනවා ඈ
ReplyDeleteදැන් ඉතින් වෙනස් විදිහේ එහෙකට බැහැපන්
මොකෑ බං උබලා වගේ උංට කීවන්න බැරි..
Deleteබොරු නැතුව කියවහං..
අනිවා අනිවා.
මාතෘකාව වෙනස් කරන්න ඕනා..
බෝම ස්තූතියි කමෙන්ටුවට..
ජයවේවා!!!!!!!
එතකොට ඒක චක්‍රයක්... අයිසැක් නිව්ටන් හොයාගත්තු ගුරුත්වාකර්ෂනය ඉගෙන ගන්නා හරිත, නැවත එය අයිසෙක්ටම කියල දෙනවා.. එතකොට කවුද ඇත්තටම ගුරුත්වාකර්ෂනය හොයාගන්නේ?? කතාව හොඳයි, සුභ පැතුම්! මීළඟට ???
ReplyDeleteවිශ්වය චක්‍රයක්..
Deleteස්තූතියි කමෙන්ටුවට..
ඈහ් මම ඇවිත් තියෙන්නේ අවසන් කොටසටද ? ආ.. කමක් නෑ ඒකවත් අන්තිම මොහොතේ හරි කියෙව්වා
ReplyDeleteඒකනේ අයියේ..
Deleteබෝම ස්තූතියි කමෙන්ටුවට!!!
උඹට ෂුවර්ද ඔය නම හරිත කියලා. හසන්ත නෙවෙයිද?
ReplyDeletehenryblogwalker the Dude
හික්ස්..
Deleteමං බැලුවා මේ කමෙන්ට් එක මොකෝ පරක්කු කියලා..
ස්තූතියි කමෙන්ටුවට ඩූඩ්
හික් කතාව ඉවරයි නේ. එල ආයේ ටික කාලෙකින් මේ වගේ කතාවක් ලියන්න පටන් ගන්න.
ReplyDelete....ෆේස්බුක් පින්තුරය සම්බන්ධවයි ....
කාගේද ඒ අතක විතරක් පෙන්නේ.
හි හි.. ඉවරයිනේ..
Deleteඔය ෆේස් බුක් පිංතූරෙනං හෙනම ප්‍රශ්ණ ගොඩක මුල තමා...
තැංකූ කමෙන්ටුවට
කවුද යකෝ මේකාට "හරිත" කියල නම දැම්මේ?????????මට මාර හැපි ඈ!!!! ;)
ReplyDeleteහික්ස්...
Deleteහරිතගෙ අම්මලු නම දැම්මෙ...
තැංකූ කමෙන්ටුවට..
හහ්හා හරි ආඩම්බරයි තරියා මහත්තයෝ. මේකත් දැන් වරිගපූර්ණිකාවේ ටීකාව වෙන්නද යන්නේ :D
ReplyDeleteහික්ස්... ඒකනේ ඒකනේ...
Deleteස්තූතියි කමෙන්ටුවට...
අඩේ අයිසෙක් නිව්ටන් හෙළුවෙක් නේද?හුටා අපි මේක හැමෝටම කියමුකෝ.
ReplyDeleteකියමු නිශාන් කියමු..
Deleteස්තූතියි කමෙන්ටුවට!!!!!!
කියවපු කතා අතරින් සුපිරිම එකක් නොවැ මේක ....
ReplyDeleteඇත්තෙයි රොබින්???
Deleteස්තූතියි කමෙන්ටුවට!!!!!!!
අයියෝ කතාව ඉවරද බං?
ReplyDeleteමට මුල ටික කියවද්දි මතක් උනේ ජේ ආර් පී සූරියප්පෙරුම මහත්තයව :Pකතාව පට්ටෙට ගලපල තියනව නියමයි ඈ .... !
සිරාවට බං..
Deleteසූරියප්පෙරුමලා හසන්තලා අරුං මුංලා නිසා කතාවක් ලියන්න බෑ ජෝකට ගන්නවා..
හික්ස්..
තැංකූ ඈ කමෙන්ට් එකට!!!!!!
මාරයිනේ මචන්...... උඹනම් අමුතු සීන් තමයි ලියන්නේ. හිතනදේ නෙමෙයිනේ වෙන්නේ බන්. එල එල හනිකට තව කතාවක් පටන් ගනින්. උඹට සියුස් දෙයියන්ගේ පිහිටයි !!!!
ReplyDeleteඋබට ඕන්නං සියුස් දෙයියෝ හැදුන හැටිත් කියන්න පුළුවං.
Deleteඅද තමා මේකොටස් ටික පිලිවෙලකට බලන්න පුළුවන් උනේ....එළ ඈ..
ReplyDeleteඑල එල තරුවෝ..
Deleteතැංකූ ඈ කමෙන්ට් එකට..
හ්ම්.. මම ආවෙ අද. කලින් g+ ප්‍රොෆයිල් එක නම් දැක්ක වගේ මතකයි. කතව ගලපලා තියනවා එලටම.
ReplyDelete…
… "කලු කුහය කියන්නේ කාල දොරටුවක් හරිත. අපි හිතන් හිටියා වැරදියි."
…
…මගේ හිතට වැදුනු තැනක් ඒක. බටහිර විද්‍යාඥයන් අද කියන දෙය හෙට වෙනස් කරනව. අපිත් ඒව "හා" කියල පිලිගන්නව.
…
…ඇත්තම කිව්වොත් මචං විද්‍යා ප්‍රබන්ධ වලට මගෙ නම් එච්චර කැමැත්තක් නෑ. ඒත් මේ කතාවෙ මුල් කොටස් කියවන්න ආයෙත් එනව මම.
…
…ඔන්න මම හිතුනු දේ එහෙම්මම කිව්ව. ඔබට ජය... !
බොහොම ස්තූතියි චන්දන අයියා කමෙන්ටුවට..
Deleteඅනිවා අනිවා මුල් කොටසෙ ඉදංම කියවලා බලන්ටකෝ!!!!