පරාක්‍රම සමූද්‍රයේ බ්සෝ කොටුව අස්සෙත් නිදං හොයනවා කියලා අපේ එක බ්ලොග් එකක් ලියන කෙනෙක් කියනවා.
කවුද ඒ???
බ්ලොග් සම්මාන උලෙල ලංවෙන්න ලංවෙන්න එක එක පැති වලිං එක එක විදියේ කතා ඇහෙනවා. සමහර කතා හරි රසවත් විදිහට තමයි ඉවර වෙන්නේ...
ඉතිං ඒ අය කියපු රස කතා බලන කියවන වෙලාවයි මේ....
---කියන කතා---
![]() |
අතිගරු අ.රා |
දැං අපේ හාමුදුරුවනේ සමහරු කෑ ගහනවා බ්ලොග් එක පටං අරං අවුරුදු 3යි තාම අරක කලේ නෑ මේක කලේ නෑ කියලා.. එහෙම කරන්න බෑනේ අපේ හාමුදුරුවනේ..
මම කැළණි ගගෙං එහා බව මේ කෑ ගහන උදවිය දැනගන්න ඕනා...
මේ ජනතාවට පේනවා අපි කරන වැඩ..
අපේ ඩයිනෝසර් පක්සෙ නායකතුමා රෙපා පරාක්‍රමසිංහල කෑ ගහනවා මිනිස්සුන්ට කන්න නෑ බොන්න නෑ කියලා...
දැං මේ දවස්වල අපි මහජනයට බලන්න ධාතු ගෙනත් තියෙනවා... එවුවා බැලුවම වේල් තුනකට කන්න ඕන්නෑ.. ශ්‍රද්ධාවෙං බඩ පිරෙනවා.. නැද්ද අපේ හාමුදුරුවනේ..
![]() |
රෙපා |
නංගිලා මල්ලිලා.. බලන්න ඕගොල්ලංට දැං චුයිංගම් කන්න පුළුවංද? බෑ..
මොකද වයසට ගියාම චුයිංගං කන්න බෑ..
ඩිග්‍රිය ගන්න ගිහිල්ලම ඕගොල්ලො වයසට ගිහිං...
ඉතිං අපි මොකද කරන්න ඕනා... ගන්න ඕගොල්ලංගෙ ඔය හෑන්ඩ් පෝං..
අරං ගහන්න එස්.එම්.එස්. මේ දූසිත බ්ලොග් අඩවිය වහන්න පුළුවං එහෙම විතරයි... කවදා හරි මේ නංගිලා මල්ලිලාට චුයිංගං කන්න පුළුවං මේ අයියා ඩයිනෝසර් පක්සෙ මගින් බලයට ආවොත් විතරයි කියන එක මතක තියා ගන්න ඕනා..
මේ දවස්වල ධාතු ප්‍රදර්සනයක් තියෙනවා.. ඔය ධාතු මොනාද?
නිකං හරක් අං කෑලි වලිං හදාගත්තුවා නැද්ද?????
නීති ශිෂ්‍යා හිරුහිමා ප්‍රේමචන්ද්‍ර
![]() |
හිරුහිමා |
මම මේ ක්ෂේත්‍රයට ආවම අහක යන උංගේ ඇගේ කටු ඇනෙන්න පටං ගත්තා...
උං මට මඩ ගැහුවා, බැන්නා, තර්ජනේ කලා....
ඒත් මං සැලුන්නෑ.. මොකද මගේ නම හිරුහිමා ප්‍රේමචන්ද්‍ර...
අර මානවක සිල්වට එදා කබ්බා ගෘප් එකේ උනු වෙඩි පයිට් එක මතක නෑලු..
මිනිහගේ මොලේට හානි වෙලාලු..
මං දන්න තරමිං මිනිහට මොලයක් තිබ්බේ නෑ..
තිබ්බෙ ජොල් ඇගක් විතරයි... මටත් ඔය කිවුවට මොලයක් වගේ එකක් නෑ.. නැත්තං මං අඩවි රජාගේ දෑත් සක්තිමත් කරන්න යනවයැ...
අනේ අනේ.. ඒ කෑල්ල රෙකෝඩ් උනානං දාන්න එපා ඈ...
ප්‍රවීන නිලි කාව්‍යා ආකර්ෂා
මං අහන්න කැමතියි ඔය අක්කිලා අම්මිලගෙං මානවක අයියට එහෙම කියනවට ඕගොල්ලො කැමතිද???? නෑ නේද?????
බලන්න එයාගේ මසල්ස්..
එයාට ඔය කියනවා වගේ ජොල් ඇගක් නෑ අනේ..
එයා හරි ෂෝයි... නැද්ද....
මානවක සිල්වා මහතා
![]() |
මානවක |
දැං අර කවුද හිරුහිමා කියලා කෙනෙක් මට බනිනවලු.
මං දන්නෑ ඒ කවුද කියලා..
ඔය කියන කබ්බා ගෘප් එකක් ගැන මට කිසිම දෙයක් මතක නෑ..
කොටිංම කිවුවොත් මං ඔය වෙඩි පයිට් ගැන කිසි දෙයක් දන්නෑ...
මං කිසිම දෙයක් කියන්න ඕන්නෑ.. මොකද මගේ සුවිට් ලවු එක ආකර්සා නංගි ඔක්කොම කියලා තියෙනවා..
උම්මා උම්මා උම්මා... මං ඉස්සර වගේම ඔයාට ආදරෙයි ඈ..
ආචාර්යමීවනපලානේ දුටුගැමුනු
![]() |
මීවනපලානයන් |
අර පෙරේතයෝ බැදගෙන සාත්තර කියන තැනක සාත්තර කාරයෙක් ලෑස්ති වෙනවා බිලි පූජාවක් තියන්න.
මේ මීවනපලානයන් ඉන්නකං එවුවා කරන්න හම්බෙන්නෑ..
මොකද මම රාවන පරම්පරාවෙං පැවතගෙන එන දුටුගැමුනු රජ කාලෙත් හිටපු පරම්පරාවක කෙනෙක්.
මම ඔය පෙරේතයව අදුරනවා, මං ඔය පෙරේතයව අදහනවා..
ඒත් මං ඔය සාත්තර කාරයන්ට බය නෑ...
ඔය මරන ඔටුවංගෙං මස් කිලෝ 10ක් විතර අපිටත් හම්බෙනවනං ඔහොම බිලිපූජා තිබ්බට කමක් නෑ..
මොකද අපිත් කන බොන මිනිස්සුනේ..
නර්ස්ලා බාර නායක මී ගොඩ සිරිසේන
අපේ අය මේ දවස්වල කෑ ගහනවා වතුර නෑ කියල හිටං..
වතුර නැත්තං හිටං මං මක් කරන්නද???
මට වතුර අදාල නෑ.. ඒත් මට දුක තේරෙනවා...
මොකද මාත් ගොවියෙක් හිටං..
ඉස්සර මට කෑ ගැහුවේ ඩෙංගු ඩෙංගු කියලා හිටං..
ඉතිං ඩෙංගු නැති කරන්න අපි වැවු ටික හිංදෙවුවා..
ඉතිං හිටං කවුද වැරදි?????
මහජනතාවම තමා...
මයික්‍රෝස්ටාර් ක්සැන්ඩර් ගුණසේකර
![]() |
ක්සැන්ඩර් |
අම්මේ තාත්තේ..
අර අඩවි රජා ඇතුලු කට්ටිය මේ බ්ලොග් අවකාසේ වර්චස් කරනවා.
පරාක්‍රම සමූද්‍රෙය් බිසෝ කොටුව අස්සෙත් නිදං හොයනවා මේ අ.රාලා..
ප්‍රාදේශීය බ්ලොග් කාරයින්ට තෙලේ වැඩිවෙලා.. මෝල් කලන්තෙ හැදිලා..
මගේ සීල් එක පපුව ඇතුලේ ඩයිනෝසර් පක්සෙ කියලා හරියට වැදිලා තියෙන්නේ.. ඒක ඔය කාටවත් වෙනස් කරන්න බෑ..
ඒ අස්සේ අපේ ඩයිනෝසර් පක්සෙ නායකතුමා රෙපා පරාක්‍රමසිංහ ඔහේ නිකං ඉන්නවා.
ඩයිනෝසර් පක්සෙ කියන්නේ එහෙම ඔහේ නිකං හිටපු පක්ෂයක් නෙමේ.
අඩවි රජාලා හැදුවොත් මොකක් හරි ලෙඩක්.
දැං වැවු තීනවා වතුර නෑ.. වරායවල් තීනවා බෝට්ටු නෑ හයිවේ තීනවා පෙට්‍රල් නෑ. මොකක්ද මේ වෙන්න යන්නේ අපි මේකට විරුද්ධව කසුන් කෑමදාස වගේ නායකයෙක් යටතේ පෙලගැහෙන්න ඕනා.
අන්න එතකොටයි අපිට මේ ඩයිනෝසර් පක්සෙ ගොඩ ගන්න පුළුවං.
දැං මං කතා කලා ඇති. මං දන්නවා ඕගොල්ලො එන්නෙ මගේ කතා අහන්න නෙමේ සිංදු අහන්න කියලා..
ෆෝ.. ත්‍රී... ටූ.. වන්....
දිලි දිලි දිලීසේවී මා දෑසේ ආලෝකේ
දිලි දිලි දිලීසේවී මා දෑසේ ආලෝකේ..
කව්දෝ මාන බලන්නේ ඔබ ලග මා ඉන්නේ...
හිතවත මේ ලෝකෙ ඇත්තෙං නෑ ජයගන්නේ...
සතුරා සමග සිනාසී මිතුරා සේ ඉන්නේ..
ඩයිනෝසර් පක්සේ නියෝජ්‍ය නායක කසුන් කෑමදාස
![]() |
කස්සා |
අද අපි මෙතනට රැස් උනේ මේ සාත්තර මධ්‍යස්ථානෙට රුපියල් 50000කිං ආධාර කරන්නයි...
අපේ ක්සැන්ඩර් ගුණසේකර කිවුවා වගේ මම මගේ පියානන්ගේ නාමයෙං මම බලයට ආපු දවසක මේ අඩවි රජා ඇතුලු දූෂිත බ්ලොග් කාරයෝ ටික පන්නලා දානවා...
මගේ පියානන්ගේ නාමයෙන් මම තාත්තගෙ අඩිපාරෙම ගිහිං ඒ පාර හයිවේ එකක් කරන බවට ඔබතමුන්නාන්සේලාට කියන්න කැමතියි..
අපි මේ වැඩේ බිංමට්ටමිං පටං අරං භූගත වෙන්නයි අදහස් කරං ඉන්නේ.
මගේ පියානන්ගේ නාමයෙන් රෙපා පරාක්‍රමසිංහව එලවලා අපි මේ ඩයිනෝසර් පක්සේ අළුත් ඉසවුවකට අරං යන බව මේ අවස්ථාවේදී ඔබතමුන්නාන්සේලාට කියන්න කැමතියි...
![]() |
සෑමා |
මේ අරා ඇතුලු දූෂිත බ්ලොග් කාරයෝ පන්නන්න මං හිතනවා මේ සහෝදර ජනතාව මාත් එක්ක ඉදී කියලා..
මං හිතං හිටියා අ.රා ගිය පාර ලොක්කා උනේ කොම්පියුටර් ජිල්මාට් එකකිං කියලා.. ඒත් මං ලොකප් එකේ ඉදලා එලියට ආව ගමං අර ගෝතයා අර ඩයිනෝසර් පක්සෙ කටුකන ගොංගල දැං කියනවා එහෙම ජිල්මාට් තිබ්බෙත් නෑ තියෙන්නෙත් නෑ කියලා..
ජනතාව මේ වෙලාවෙදි හොදිං හිතලා බලලා තීරණ ගන්න ඕනා..
අ.රාගෙ බ්ලොග් කාරයෝ ටික දැං අධ්‍යාපනේ විනාස කරලා ඉවරයි.
වතුර ටික විනාස කරලා ඉවරයි.. තව ටික දවසකිං මාත් ඉවරයි..
මට බෙහෙත් ගන්න පරක්කු වෙනවා..
මං යනවා..
ජයවේවා!!!!!!!!
හිටපු නායිකා සැටලයිට් ප්‍රමුදි
![]() |
ප්‍රමුදි |
මිත්‍රවරුනි.. මම එදා බ්ලොග් ලියන්න ආවේ මගේ ලව් එක විකුනලා...
ඒත් අද අර හිරුහිමා මං වගේම එක පාරටම පැත්ත මාරු කරලා දැං අ.රාගේ දෑත් ශක්තිමත් කරන්න යනවලු..
ඒ වගේම පහුගිය දවසක මම යාපනේ ප්‍රදේශයේ සංචාරය කලා ගන්න දෙයක් නෑ මිත්‍රවරුනි.
මගේ කාලේ විනාස කරපුවා එහෙම්මමයි. ඒ මදිවට මං හිටපු කාලේ හැදුවෙත් එකයි දෙකයි එවුවත් මේ අ.රාගේ සෙට් එක කඩනවා..
දැක්කනේ අර බත්තරමුල්ලේ ස්මාරකේ...
එදා මං රෙපා පරාක්‍රමසිංහට කපලා අ.රාට උදව් කරපු නිසා අද පාරේ බැහැලා යන්න නෑ මිනිස්සු චාටර් කරනවා මිත්‍රවරුනි...
ඇත්තම කියන්න අනේ.. වලවුවේ පොල් ටික කඩා ගන්න මිනිහෙක් ගෙන්න ගන්න බෑ ඌත් මට චාටරේ දානවා මෙයාලා...
ඔය අඩවිරජාටනං හොදක් වෙන්න එපා මිත්‍රවරුණි!!!!!! බඩම පලයං..මේ වගේ කතා ටිකක් මෙන්න මේකෙත් තිබ්බා..
ප.ලි - බ්ලොග් ලෝකේ වඩාත් සමීපතම පුද්ගලයන් අලලා ලියූවක් වන මෙය සීරියස් ගැනීමෙං වලකින්න.. මෙය විහිලුවට කල ජෝක් එකක් ලෙස පමණක්ම සලකන්න.. :පී
පට්ට ඈ!! සුපිරියි
ReplyDeleteතැංකූ ඈ....
Deleteපිලිගන්නවා කෙරුවාවට!!!!!
පට්ට කතා ටික මචං :)
ReplyDeleteමේ දවස් වල ජන්දෙ නිසා වෙන්න ඇති කතා ගොඩක් සෙට් වෙන්න ඇත්තේ ;)
රජාට මේවගේ ගානක් නෑ ඌ දැන් කොහෙට හරි වෙලා කෑල්ලක් දිහා බලාගෙන ඇති ;)
රජා සද්දයක්වත් නෑ..
Deleteපේනවනේ ඉතිං..
මිත්‍රවරුනි...!!!!
Deleteඅපි මඩ ගහන්න වගේම මඩ කෑමේද ශූරයෝ වන්නෙමු ^_^
ඌරො ලගින්නෙම මඩේලු නේද අ.රා?????
Deleteයේ රජට ජය වේවා....! :P
Deleteඑකෙංම එහෙම වේවා...
Deleteතව ටිකක් රට කන්න ලැබේවා!!!!!!!
අපි මේ වැඩේ බිංමට්ටමිං පටං අරං භූගත වෙන්නයි අදහස් කරං ඉන්නේ.... එල විතවුට් බ්‍රා...
ReplyDeleteබිංමට්ටං තම්මැට්ටං තමා ඉතිං හැමදාම...
Deleteලින්ක් එක දැකල තමා ගොඩ උනේ මාරයි ආතල් ආ..හූ ඌඌඌ.. :D තරි අයිය ලොලේ ලොල් ආ.. මට පට්ටම හිනා.. :D බුදු අම්මේ කියන කතා...
ReplyDeleteඅතිගරු අඩවි රජා හූ ඌඌ.. හික්ස්.. මොන චැනල් එකේද මෙව්ව ගියේ. මං දන් නැනේ ගිය චැනල් එකේ නම්..
අඩේ හිරුවා බලහන්කෝ ගිය දුර එයා කොහාමත් මඩ කන්න ආසයිනේ.. හූ ඌඌ :D
නීති ශිෂ්‍යා හිරුහිමා ප්‍රේමචන්ද්‍ර.. හික්ස් ලොල්.. LOL හූ හූ හූ.. මරු ඇ.. කියන කතා.. හික්ස් :D
හික්ස්...
Deleteතැංකූ ඈ ආවට...
මෙවුවා ටීවී වල දාන්නෑ මචං..
මගේ පිස්සු මල්ලා.. :) :) @ගැජට් :)
Deleteහෑ...
Deleteගැජටා මල්ලිද???????
ෆේස් බුක් මල්ලි :)
Deleteඑහෙමත් එකක්ද?????
Deleteදැං එතකොට ඌ මල්ලිනං මං මොකාද??????
:) බි ගේ මහත්තයා :) :)
Deleteඈහ්.....
Deleteහිකිස්.. :) මේක කියවලා මමත් ජය වේවා කියලා හයියෙන් කෑ ගැහුවා..
ReplyDeleteකෑ ගැහුවට කමක් නෑ ඔය අ.රාටනං දෙන්න එපා ඡන්දෙ...
Deleteදෙන්න අපේ ඩයිනෝසර් පක්සෙට..
හරි..
හය්යෝ....හිනා අෆ්ෆා.. මෙව්වට ටමා කියන්නේ මඩ කියලා................. ස්වීට් මඩ ඈ.. අයි ලයික් දැට් මඩ
ReplyDeleteඅනේ අම්මපා අහින්ංසක විදියට අපේ පාඩුවේ බ්ලොග් එකක් ලියාගෙන ඉන්න නෑ.. මුට වතුර මෙව්ව උනත් අපි පලි.... මෙව්වා විපක්සේ කුමන්ත්‍රන... මට අපේ අරා බෝඩ් ලෑල්ල ඇඳපු දවසෙ ඉඳන් මුන්නැහේලගේ ඇස්වල කඨු අන්නින්න වගේ ... මෙව්ව කොරල දිනන්න පුළුවන් කියල හිතාගේන ඇත්තේ... ඩිනයි බම්බුව
Deleteමේ කමෙන්ට් එක හිටං දාලා තියෙන්නේ ඇඟ බේරගන්න...
Deleteනැද්ද මී සිරිසේන අයියේ...
බම්බුව තමයි
Deleteඑළ එළ.....යන්ද පොළොන්නරු...
Delete@ මී ගොඩස්ගේ දේසපාලනේ...
Delete@ නලීන් අයියේ ඒ මුකෝ...??????
අඩේ... මේක හරි ස්වීට් මඩ ගැහිල්ලක් නේ.... මරු මරු...
ReplyDeleteනෝටි උනත් අපි නයිස් අනේ...
Deleteහික්ස්..
මට තාම හුස්ම ගන්න බෑ.හිනා වෙලා .පට්ට කියන්නේ පට්ට පට පට..
ReplyDeleteහෑ.....මට වචන මතක නෑනේ...
වචන මතක් උනාම ඉතුරු ටික
.: මානවක සිල්වා :.
ඇත්තටම මානවක අයියේ දැං මොන රටේද ඉන්නේ???
Deleteසිංගප්පූරුවෙද????
:P
ReplyDeleteකෝලං ඩී...
Deleteවෙලාවට මාව මතක් වෙලා නෑ.... :)
ReplyDeleteතව ඉස්සරහට එනවනේ පෝස්ට්..
Deleteඑතකොට මතක් වෙයි..
රැදී සිටින්න..
හික්ස්..
අම්මෝ නැතත් කමක් නෑ... :D
Deleteකරන්න දෙයක් නෑ මතං..
Deleteකැමති උනත් නැතත් එවුවා කරන එක අපේ යුතුකං...
එලම තමා ඈ!!!පිස්සු බම්පින්!!!!!!!! පණ පලයන් ඔජායේ කිව්වලු!!! :පි
ReplyDeleteනාඩියත් තව පොඩ්ඩෙං පෝස්ට් එකට වැටෙන්න ගියාලු....
Deleteහායි මෙයාලා,
ReplyDeleteමේවා විජාතික කුමන්ත්‍රණ,
කැතයි හොඳේ..;)
ඒ මොනා වුනත් තරියෝ බ්ලොග් ලෝකේ සමීපතම යාලුවෝ අතර මාවත් තියන් ඉන්න එක ගැන මට පුදුම විදිහට සතුටුයි.
Deleteබොහොම ස්තුතියි යාලු :) :) :)
සමීපයි නේන්නං මැඩම්....
Deleteසැටලයිට් ප්‍රමුදිට පාරෙ බැහැලා යන්න බෑලු නේ...
වැඩියම තේරුනේ නම් නෑ...
ReplyDeleteඒත් අලුත් අදහසක්,ඔබට ජය!
තේරෙන්නේ කොයිද..
Deleteටී.වී එකක් නිවුස් එකක් බලනවයැ..
පොත අතේනේ.. හි හි...
"සම්පුර්ණයෙන්ම අපි මේක හෙලාදකිනවා "
ReplyDeleteමට මතක නෑනේ .....?
මතක නැති නිසානේ දෙය්යනේ මතක නෑ කියන්නේ...
Deleteමානවක අයියට අනං මනං කීන්න එපා..
ආකර්සා අක්කා බනී..
අඩෝ....තරියෝ...මාව ගොඩ ගනින් බං මං මඩේ එරිලා.....චී...යා...මේ.........මඩ.........
ReplyDeleteඒ මොකෝ ඒ උබ මඩේ ලගින්න ගියේ...
Deleteහිටිං හිටිං...
මරු ඈහ්
ReplyDeleteඅපේ බ්ලොග් කස්ටිය තමා ඉතිං මරු..
Deleteජනතා හිතවාදිව කටයුතු කරන හැමෝටම මේවා වෙනවා. මඩ පාරවල් පාන් පෙත්තක ගෑ බටර් පිඩක් මෙන් හිතල සමාජ මෙහෙවර යෙදෙන්නෝනි. ජනතාව මේවාට විරුද්ධව පෙලගස්සලා පාරට බස්සන්නෝනි. තරියාගේ නමේ ‘ත‘යන්න වෙනත් අකුරකින් ස්ථානගත කළ දවසට ජනතාවාදි රජයක් බිහිවෙනවා ෂුවර්.
ReplyDeleteඑදාට අපෙන් විසිල් ! සහ බුල්ටෝ.. !
ජයෙන් ජය !
අකුරු හරඹ ඔට්ටු නෑ ඈ....
Deleteහි හි...
මට නියෝජ්‍ය නායක පට්ටමකුත් දීලා තියෙන්නේ
ReplyDeleteපට්ට පට්ට
මගේ පියානන්ගේ නාමයෙන් රෙපා වික්‍රමසිංහව එලවලා අපි මේ ඩයිනෝසර් පක්සේ අළුත් ඉසවුවකට අරං යන බව මේ අවස්ථාවේදී ඔබතමුන්නාන්සේලාට ආයෙත් පාරක් කියන්න කැමතියි.
ගිටාර් එක ගේනවනම් සින්දුවක් කියලම ගියත හැකි
අපෝ උඹ සිංදු කියන හැටි අහං ඉන්න බෑ වගේ නිසයි ගුණසේකර මල්ලිට විතරක් සිංදු කියන්න දුන්නේ....
Deleteසුපිරි මීටර් අපිට ඉන්නවා ආඩම්බරයි.
ReplyDelete~ආඩම්බරකාර පියා~
හික්ස්...
Deleteමේ අ.රා නං තාම පියෙක් නෙමේ...
(හැබැයි කියන්න බෑ)
නියමයි සියලු රසින් පිරි රස සාගරයක්..
ReplyDeleteහි හි...
Deleteගොඩක්ම මඩ රස තමා ඇත්තේ...
ස්තූතියි දයා අයියේ!!!!!
මරු මරු
ReplyDeleteමරු නං මරු...
Deleteඅඩේ උඹමාර පොරක්නේ..!!
ReplyDeleteහි හි....
Deleteඒ මොකෝ ඒ??????
හිකිස් මරු!
ReplyDeleteතැංකූ තැංකූ ඈ....
Deleteසිරා මචං. මෙහෙම එකක් කියෙව්වමයි. තරියගේ මොලේ තමයි මොලේ. :D
ReplyDeleteහැමදාම එකම එක දාන්නත් බෑනේ...
Deleteහි හි....
ඒයි පිස්සා..
ReplyDeleteමොනාද මේ ලියල තියෙන්නේ ආ?? O_o
හි හි..උඹ සිරාවටම නිර්මාණශීලි බං.
මට නම් මෙහෙම ඒවා ලියවෙන්නෙ නැහැ :)
නියමයි,,
මම කැමතියි මේ පෝස්ට් එකට.
ජයෙන් ජය මචා.................................... :)
මං හිතුවා ගේමක් අදී තමා කීලා මේකට...
Deleteහි හි...
ස්තූතියි ස්තූතියි අගය කිරීමට ඈ...
ජය ජය..
මේවාට වග කියන්න ඕනේ කවුද.. කවුද සහෝදර සහෝදරියනි.. !! අපේ අඩවියා.. රජා.. රාජකීය නාමය විකුනලා මූ රජවෙලා මදිවට දැන් දැන් යුව රජ බිසව රජ පැටියා ගාගෙන එන්නේ හොඳකට නෙවෙයි..
ReplyDelete(මේ ඇතිද බං?)
මට තවම හිනා මේක දැකලා.. රජා යහතින් නේ?? (අර මාව ජයසේකර කියලා ගුණසේකර කලේ ඇයි සහෝදරවරුනි.. මිත්‍රවරුනි මේවා විජාතික කුමන්ත්‍රණ නෙවෙයි.. මේවා ජනතාවාදී බ්ලොග් වාදී කුමන්ත්‍රණ..)
කරලා තීන වැඩවල හැටියටනං ඔය මදි....
Deleteසිරාවට ඔය යුව රජා ගැන විස්තර දාන්නෙනං අනිවා හොදකට නෙමේ...
රජා තාම සද්දයක් නෑ...
සමාවෙන්න ඕනා මගේ අතිං වෙච්ච වරදට...
දැංමම නිවැරදි කරන්නං...
ඒක තමා මාත් බැලුවා කවුද මේ ගුණසේකර ගොබිලා කවුද කියලා. ඩිව් ගුණසේකරව තමා මතක් වුනේ
Deleteමිනිහගේ ගන්න දේකුත් නෑ ලියන්න දේකුත් නෑනේ...
Deleteමේ අපේ මයික්‍රෝස්ටාර්...
අර සිංදු කියන්නේ..
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උපරිමයි. බ්ලොග් අවකාශයේ මඩ යනවා නම් යන්න ඕනේ මේ වගේ මඩ තමා :D
ReplyDeleteඑකෙන්ම..
Deleteහසිත සහෝ හරි! )
Delete@ හසිත අයියේ...
Deleteදැං මාත් මඩ පැත්තට කෙමෙං කෙමෙං ඇදී යනවා අප්පා..
ස්තූතියි ඈ..
@ ක්සැන්ඩර් & හිරුවා...
තැංකූ තැංකූ...
ජෝක් එකට ලිව්වත් මේක පට්ට සීන් එකක් නෙව.
ReplyDeleteකියවලා ඇති වෙන්නම හිනා උනා.... :)
හික්ස්...
Deleteඡන්ද ප්‍රතිඵල ආවම මේ පාරත් අඩන්න වෙයි කියලා හිතුන නිසා කලිංම දැම්මා...
මේ මාසෙටයි ගිය මාසෙටයි දෙකටම දැක්ක හොඳම බ්ලොග් පෝස්ට් එක.නියමයි තරී....
ReplyDeleteමාස ගානකට මෙවුවා ඇති වගේ එහෙනං...
Deleteහේ හේ මට චන්දෙ දුන්නනම් ඔය කිසිම උලව්වක් නැහැ.
ReplyDeleteකෝරලයට ඡන්දෙ දුන්නනං අපිට දඬුකදේ තමා ඉන්න වෙන්නේ හැමදාම...
Deletehikizzzzzz
Deleteබුහාහාහාහාහා....
Deleteහය්යූ.හිනා වෙලා බඩත් රිදෙනවා... ඇයි යකෝ මගේ ලස්සන නම අර මට එපා කරපුම ආකර්ශා එක්ක සම්භන්ධ කොලේ ඉහි ඉහි මොනවා උනත් නියමයි ඈ
ReplyDeleteඅනික අනිත් හැමෝටම පින්තූර දලා කෝ මං කෙළීගේ පින්තූරයක්? මේක අසාදාරණ නැද්ද ආ....?
Deleteආකර්සාගෙ පාර්ට් කාව්‍යා තුලිං පිලිඹිබු වෙනවා කියලා හිතුනා...
Deleteබට්ටි මැට්ටිගෙං මං ඇහුවා කාව්‍යක්කගෙ පොපයිලෙ මොකක්ද පිංතූරෙ උස්සන්න කියලා..
ඉරිසියාව වැඩිකමට කිවුවේ නෑ..
පිංතූර නැත්තං මං මවන්නයැ..
මං නිකං හිටියා..
වැරැද්ද බට්ටි මැට්ටිගේ..
බොටත් හිතෙන ඒවා. ඒ පාර සයන්ස් අතෑරලා මඩට බැස්සද ?ගැහුවට කමක් නෑ මඩ හෝද ගනින් එතකොට රජ උනෑකි.
ReplyDeleteමඩ සෝදා ගත් කල ගොවියා රජකමට සුදුසුයිලුනේ
සයන්ස් වලිං දානකොට මිනිස්සුන්ට තේරෙන්නෑලු බං..
Deleteමේ දවස් වල සයන්ස් ෆික්ශන් එකක් ලීනවා මිනිස්සුන්ට තේරෙන විදිහට...
අනිවාර්යයෙං රජකමට සුදුසුයි..
දැං බලන්න අපේ අඩවි රජා අමු ගොවියනේ..
ඔය මඩ බාගෙටනේ හෝදං ඉන්නේ..
උඹලගෙ මී ජයාගෙ රෙදි ගලවා ඇත.
ReplyDeletehttp://janasenaa.blogspot.com/2012/09/blog-post_7.html
මීවනපලානයන්ගේ රෙදි ගැලවීම සම්බන්ධයෙන් ජනසේනා හට මාගේ බලවත් විරෝධය...
Delete(ජනසේනා ලියන්නෙත් මීවනපලානේමදැයි සැක සහිතයි..)
යකෝ.... අතිගරු අරාට දාන්න වෙන ලස්සන වැදගත් පින්තූරයක් තිබ්බෙම නැද්ද ඈ??? :)
ReplyDeleteවිපක්සේ රජාගේ අඩවිය වහනවා බොරු... මතකනේ එදා ජාතිය ඇමතීමේ කතාව.
.
.
.
මේ උඹලා ආශ්‍රය කරන රජත් නිකන් නයා වගේ පොරක්. නයි කයිද රෝස් පාන්? නෑ.... හොදි තිබ්බත් නැතත් උන් පාන් කන්නේ නෑ. මොකද උන්ට උඹලට වගේ පාන් නෑ.
මොනවා උනත්... අපි හැමෝටම ගරු කරනවා. ඒක නිසා අපි මේ පෝස්ටුව රජාගේ මඩ හා මල් විජට් එකට ඇතුලත් කරනවා.
ඒත් මේ ගහපු මඩට මුගේ නැට්ට කොට වේවා!!!!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අ.රාට අපි පිලිතුරු දෙන්න ඕන්නෑ...
Deleteජනතාව පිලිතුරු දීලා තීනවා...
පිංතූරේ උබේ බුකි පොපයිලේ පීරලා පීරලා හොයා ගත්තේ...
හික්ස්..
පට්ටයි මචෝ ඇ.........
ReplyDeleteතැංකූ මචෝ...
Deleteඑකෙංම ඈ....
ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල පින්තූර රාමු කොරන්නද බොලාලා හදන්නෙ...
ReplyDeleteඅනේ මන්දා...
Deleteඅ.රා ඇතුලු මේ කතා පවත්තපු එවුංගෙංමයි අහන්න ඕනා..
බුහහහා.... ළඟකදි කියවපු පට්ටම පෝස්ට් එකක්... :D
ReplyDeleteඔය ඔක්කොමල බ්ලොග්ලන්තෙ උන්නතියට කැපවෙලා වැඩකරනකං බ්ලොග්වාසීන් සුවෙන් සැපෙන්... සුභ වේවා! ජයවේවා!
බෝම ස්තූතියි මගේ හිත....
Deleteඅනිවා අනිවා..
අ.රාලා බ්ලොග් ලෝකෙ කෑවට අපි ඉන්නවා එවුවා එලි පෙහෙලි කරලා ජනතාව වල වෙත දක්කං යන්න...
ඔක්කොමත් හරි ඈ අර හිටං හිටං කෑල්ලට නම් හිටගෙනත් හිනා... මරු ඈ...
ReplyDeleteඒක ඉතිං සිරිසේන උන්නැහේගේ කටේම තියෙන එකක්නේ හිටං...
Deleteනියමයි තරියෝ..
ReplyDeleteසුපිරි වැඩක්...
ඉත්තූතියි පැංචියෝ...
Deleteජයවේවා!!!!!!!!
අම්මටසිරි !! කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් කියෙව්වා ! මරු ඈ !! :D
ReplyDeleteමේ කියන්න හදන්නේ අයිසා හරි බිසී කියලනේ...
Deleteපුහ්..
පවු අනේ අපේ හිරුවා..කොහොම උනත් වෙනස් අදහසක්..සුපර් :)
ReplyDeleteහැමාදාම එකම දේ දාලා හරියන්නෙත් නෑනේ...
Deleteඑල ඈ...
ජය ජය..
හී හී :)
Deleteහී...
Deleteතමා...
mada godai............. :)
ReplyDeleteහැමදාම නෑ...
Deleteහැමතැනම නෑ...
හෙහ් හෙහ් ගන්ඩ දෙයක් නෑ ඇඟ පුරාම මඩ. තනි ඇහැට ඇඩේනකොට නහයෙන් කඳුළු දොට්ට පනිනවා කිව්වලු. හෙහ්හ් හෙහ්
ReplyDeleteනහයෙං කදුලු එන්නේ යූෂ්ඨේකීය නාලය දිගේ කියලා ඉගෙන ගත්තා මතකයි....
Deleteමඩ නානකොට කදුලු එන එකනං දන්නෑ...
හික්ස්....
ජයමවේවා!!!!!!!
බ්ලොග් ලෝකේ මෙහෙම කියන කතාත් යනවද? කොහෙද ඉතින් කාලේ යනවා අපි මේ පැත්තට එවෙනවා අඩු නිසා අහන්න ලැබෙන්නේ නෑ නේ ඉතින් මේකේ දෙවෙනි කොටසත් ඒවි නේද?
ReplyDeleteදෙවනි කොටසනං එයි කියලා කියන්න දැංම අමාරුයි...
Deleteබ්ලොග් ලෝකෙ තමා හොදම කියන කතා ටික යන්නේ...
හි හි...
එල එල
ReplyDeleteපිට් තමා!!!!!!!
Deleteඑල තමා.
ReplyDeleteඑල නං එල රාජ් අයියා!!!!!!!!!!!!
Deleteoh ho niyamai niyamai..
ReplyDeleteආ කාලෙකට පස්සෙ මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ අමාට...
Deleteහිහ්...
හොදා හොදා...
දැංවත් දිගටම එන්ට..
අම්මට හ්උඩු තරියො ... උඹට කියන්න ඔනි එව අනික් එවුන් පිටින් දාල ලිවුව මන්දන්නෙ නැහැ
ReplyDeleteඅඩේ මං ඒම කරනවද බං...
Deleteචික්...
එවුවා මහ කැත වැඩනේ..
හිහ්..මරු ඕයි මේක නම්............. :D
ReplyDeleteහි හි.....
Deleteඑල එල ඈ....
මෙන්න පහක් ... පහක් මදි මෙන්න දහයක්ම .
ReplyDeleteහි හි...
Deleteලොකු ජෝං අයියා අදද කියෙව්වේ මේක???????
ඒකනේ
Deleteහිකිස්..
Deleteහෙක් හෙක් කියන කතාත් බැලුවා මෙහෙම කතා නම් නොබැලුවා! මල් හතයි පෙති විසි එකයි තරියා! නටු, ආආ.. නටුත් හතක් දාගන්නකෝ! ^_^
ReplyDelete