ඉස්කෝලෙ
යන කාලේ කොල්ලෝ කෙල්ලංට ලියුං ලියනවා..
අද කාලෙනං ටිකක් අඩුයි.. මොකද හෑන්ඩ් ෆෝන්
තියෙනව S.M.S කොටන්න..
සමහරු
එක එක මාධ්‍ය භාවිතා කරනවා ඔය ලියුං ලියන්න.
කවි
ලියනවා, සිංදු ලියනවා, එතකොට තීන්ත වෙනුවට ලේ භාවිතා කරනවා.. විකාර ගොඩයි..
ඉතිං
ඔහොම පන දාගෙන ඉස්කෝලෙ වෙලාවේ යාළුවෝ වට කරගෙන ලස්සන අත් අකුරෙං කොල්ලෙක් ලියුමක්
ලියනකොට ඒක පංතියේ සර්ට අහු උනොත් මොකද වෙන්නේ???????
සොරි
තමා..
අම්බානක ගුටි කාලා කාඩ් කුඩු කරගන්න තමා වෙන්නේ..
ලගදි
දවසක කොලඹ අශෝක විද්‍යාලයෙත් මෙහෙම දෙයක් වෙලා තිබුනා..
ලියුම
මාට්ටු උන ගමංම පංතියේ හිටපු ගුරුවරයා අයිතිකාරයත් එක්කම නතර වෙලා තිබුනේ ප්‍රින්සිපල්
සර් ගාව....
කොල්ලට
දෙයියෝ බුදුං සිහි වෙන්න ඇති..
ඒත්
විදුහල්පති තුමන් තරමක් කාර්යබහුල වෙලා හිටපු නිසා ලියුම විතරක් කාර්යාලයට බාරදීලා
කොල්ලව කුදලං ආයේ පංතියට ගිහිං තියෙනවා..
ප්‍රින්සිපල්
සර් නිවාඩු පාඩුවේ ලියුම අරං බලනකොට සර්ට තේරිලා තියෙනවා මේ ලියුම ගොඩක්
නිර්මාණශීලීව ලියලා තියෙන බව....
ආයෙත්
අර කොල්ලවම ඔෆිස් එකට කැදවලා තියෙනවා..
කොල්ලා
පන බයේ ගැහි ගැහි ආවත් ආයේ පංතියට ගිහිං තියෙන්නේ හිනා වෙවී...
ප්‍රින්සිපල්
කොල්ලට කියලා මේ දේවල් එකතු කරලා සිංදුවක් ලියන්න කියලා..
ලියලා
දුන්නු පද ටිකට ලයාන්විත තනුව එකතු කලේ පාසලේම හිටපු බොහොම පලපුරුදු සංගීත
ගුරුවයෙක් උනු රංජිත් ප්‍රේමවීර මහතායි...
![]() |
ඔය නිල් පාට ඇදං ඉන්නේ රංජිත් සර් තමා |
(රංජිත්
ප්‍රේමවීර ගැන කෙටියෙන් සදහන් කරනවානම් ඔහු කේමදාස මාස්ටර්ගේ සෙවනෙහි හැදී වැඩුනු
ගෝල පරම්පරාවේ මුල් පුරුකකි. ගීත ගනනාවක තනු නිර්මාණයන්ට දායක වූවෙකි)
ගීතය
ගායනා කරන්න ලැබෙන්නේ තීක්ෂණ අනුරාධ නම් තරුණ ගායකයාටයි...
![]() |
මෙයාව ඉතිං අදුරනවනේ |
පද
රචනය ඉතිං අපේ කොල්ලගෙ තමා...
ගීතයේ රූප රචනයත් විද්‍යාලය තුලම සිදුකොට ඇතිබවත් සදහන් කෙරුනා..
මේ
ගැන ඊයේ (ඔක්තෝබර් 16) ස්වර්ණවාහිනී ප්රවෘත්ති ඔස්සේ පලවීමත් එක්කම ලොකු
කෘතුහලයක් ඇති උනා හැමෝම අතර..
ස්වර්ණවාහිනියේ ගිය පුවත මෙතනින්
ස්වර්ණවාහිනියේ ගිය පුවත මෙතනින්
ඔන්න
තියෙනවා සිංදුව...
මං ආසයි හිනාවෙන්නජීවිතයම නුඹත් එක්කනොවරදවා නුඹ එනවිටසිනා මලක්...
සිනා මලක් අරං එන්න..
මං ආසයි යාළු වෙන්නජීවිතයම නුඹත් එක්ක //නොවරදවා නුඹ එනවිට ලෙංගතුකම අරං එන්න..මං ආසයි නුඹත් එක්කසෙනේහයේ සුව විදින්න..//අද ඇවිදින් නුඹ යන විට.. තුටු කදුලක් තබා යන්න..//මං ආසයි හිනාවෙන්නජීවිතයම නුඹත් එක්කනොවරදවා නුඹ එනවිටසිනා මලක්...
සිනා මලක් අරං එන්න..
සාර්ථක
ඉදිරි ගමනක් යන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු ඒ මල්ලිට...
ජයවේවා!!!!!!!!!!!!!(මලයව සෙට් කර ගන්නනං තාම බැරි උනා.. පුළුවං උනාම දාන්නං පෝස්ට් එකක්)
ඉදිරි විස්තර මේ පිටුවෙන් ලබා ගන්න
අපූරුයි! Instruments Use කරලා තියනවා නියමයි..පද ටිකත් ලස්සනයි.ජය!
ReplyDeleteInstruments serama computer based... okkoma sounds computer eken hadapuwa... but creativity eka thienawa.
DeleteYup! Live Instruments Play කරනවා නම් ඒක අඳුරගන්න පුළුවන් කෙලින්ම.Computer Based නම් Different එකක් තියනවා කොහොමත්.Live විදිහටම ඇහෙන්නෙ නැහැ.Tone Colour එක වෙනස් වෙනවා.Use කරලා තියන Instruments වලින් ට්‍රැක් එක හොඳට Fill වෙලා තියෙනවා..
Deleteඅම්මෝ මේ හිරුව දන්න දේවල් කොච්චර වටින කෙල්ලෙක්ද...ඉතින් පිස්සු වැඩ අතඇරලා මේවට දිගටම හිත යොදවන්නකෝ...
Delete@ හිරුවා...
Deleteඑල ඈ..
එලම තමා...
අර මල් සිංදුව ආවමත් මං දෙන්නංකෝ නියම පෝස්ට් එකක්...
@ නලීන් අයියා...
Deleteඒකනේ ඒකනේ...
මං ආසයි යාළු වෙන්න
ReplyDeleteජීවිතයම නුඹත් එක්ක
නොවරදවා නුඹ එනවිට ලෙංගතුකම අරං එන්න.. (මගේ ආසම පද ටික)
කලිනුත් කිවුව වගේ මේ සින්දුවේ පද මට හරි හුරුවක් දැනෙනවා අප්පා.. මොකද මන්ද... කලින් අහල තීනවා තීනවා වගෙයි නිකං ... හුම්ම් හුම්ම්
මේ සින්දුව ගැන සරසවිය පත්තරේ තිබ්බ පෝස්ට් එකට පස්සේ කියෙවුව දෙවෙනි පෝස්ට් එක තරියගෙන් ද කොහෙද..
ජය වේවා!!
සිනා බෝ වේවා!!!
ගොඩක් අය කීනවා ඔය කතාවනං..
Deleteඅනේ මන්දා ඉතිං...
එළ....නියමෙට දැනෙනව....
ReplyDeleteස්තූතියි මචං!!!!!!!!!!!
Deleteමෙන්න ප්‍රින්සිපල්ලා. මෙහෙම සර්ලා ඉන්න තාක් කල් වැරදි කරපු ළමයි හරි පාරට හරි විදියට ඒවි. අනිත් දේ බහුතර වැඩිහිටියන් හෙලා දකින පාසල් ප්‍රේමය හරි විදියට තේරුම් අරන් මෙහෙම දෙයක් කරපු එක ගොඩක් ලොකු දෙයක්
ReplyDelete*
Deleteමාත් ආවේ මේ ටික කියන්න හිතාගෙන... ඔන්න මට කලින් කියලා නොවැ.... තරු ළකුණක් දැම්මා.... හි හි....
මමත් ඒ ටිකට එකතුවෙනව....!
Deleteනියම ගුරුවරු..!
මමත් ආවේ ඕක කියන්නමයි..ඔන්න මගේ චන්දෙත් එතනටම..!!!!
Deleteඇයි මම. මමත් කියන්න ආවේ මේ ටික. මියුසික් පොඩ්ඩක් සැර වැඩියි කියල හිතෙනවා.
Deleteමේ බ්ලොග් එක අසෝකේ ප්‍රින්සිපලුත් බලලා තියෙනවා..
Deleteඅනිවා මේ කමෙන්ට්ස් ටිකත් දකින්නැති..
ජයවේවා කට්ටියටම ඈ...
පද ටිකනම් සිරා.. සරලයි සුන්දරයි..
ReplyDeleteතාම ඔෆිස් ඉන්නෙ ගෙදර ගිහින් සින්දුවත් අහන්න ඔනේ
මං හිතන්නේ දැංනං සිංදුව අහලා ඇති...
Deleteහි හි...
ජයවේවා මී අයියේ...
අනේ වාසනාවන්..අපෙනුත් මල්ලිට සුභ පැතුම්..
ReplyDeleteඑල එල අමා...
Deleteජයවේවා ඈ...
අපූරු සිංදුවක්... සරලයි පට්ටයි... :) සිංදුව හිට් උනාම කොලුව මාධ්‍ය ඉදිරියට එන්න ලැජ්ජවේවි නේ... :P මලයට සුභ පැතුම්... :)
ReplyDeleteහි හි...
Deleteඒකනං කෝම වෙයිද දන්නෑ..
ඇඩෙනවා නෙහ්... කොහොමද කොල්ලගේ අම්මා එතන අඩපු හැටි. මටත් ඇඩෙන්න ආවා බං :)
ReplyDeleteකොල්ලට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සිරා සිරා...
Deleteමාත් දැක්කා ඒකනං...
මං ආසයි හිනාවෙන්න
ReplyDeleteජීවිතයම නුඹත් එක්ක
නොවරදවා නුඹ එනවිට
සිනා මලක්...
සිනා මලක් අරං එන්න..
මං ආසයි යාළු වෙන්න
ජීවිතයම නුඹත් එක්ක //
නොවරදවා නුඹ එනවිට ලෙංගතුකම අරං එන්න.
මේ පද ටික???? මම කොහෙන් හරි කියවලා තියනවානෙ :O
එලකිරි එකේ ගියා කියලත් කතාවක් තීනවා..
Deleteසත්‍ය අසත්‍යතාව නොදනිමි...
නියමෙට ගලාගෙන යනව ..... ඒත් මගේ ටයිප් කේ සින්දුවක් නෙවෙයි බං ..... කොහොම උනත් කොල්ලට ජයවේවා
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්...
Deleteටිකක් ස්ලෝ එකක්නේ...
ඒ වගේ නුවණැති විදුහල්පති වරුන් ඉන්නෙ අතලොස්සයි... වැඩිහිටි ශිෂ්‍යයන්ගෙ ගැටළු ඒ වයසින් හිතලා විසදන්න ඕනෙ... මගේ පාසලේ අපි ඉගෙන ගන්න දවස් වල නාහෙට නාහන කලහකාරී ශිෂ්‍යයො පිරිසක් හිටියා... කොහෙ හිටියත් වලියක්....පාසලට ගැටළුවක් වෙලා තිබුන මේ පිරිස වෙනත් විදුහල්පති වරයෙක් කම් පාසලෙන් අයින් කරනවා... එහෙත් ඒ වෙලාවෙ හිටපු විදුහල්පති තුමා පාසලේ තිබුනෙ නැති රගර් ක්‍රීඩාව පටන් අරන් උඹලට ඇග පතේ හිරිඇර ගන්න ගහපියව් රගර් කිව්වා... ඊට පස්සෙ අරුන් සියල්ල රගර් වලට අසීමිතව කැප වුනා පමණක් නොව පළමු වාරයේම සෑහෙන ජයග්‍රහණත් ලබාගත්තා... ක්‍රීඩාවේ අනුහසින් විනයගරුක පිරිසක් උනා... හැම විදුහල්පති කෙනෙක්ටම හොද පරිපාලකයෙක් වෙන්න බෑ... මේවා හොද පාරිපාලකයෙක්ගෙ ලක්ෂණ... ජය !
ReplyDeleteඇත්ත බං එහෙම දෙයක් කලාම තමයි හැමෝටම වැඩක වෙන්නේ. එක පාරක් අපේ ඉස්කෝලෙත් හිටපු චන්ඩි සෙට් එක පිපෙට්ලා කළා. එතකොට උන්ට බැහැනේ වැරදි කරන්න. ඒකනම් කලේ පිනා නෙමෙයි හෙඩ් පිපෙට්.
Deleteසිරා විදුහල්පති කෙනෙක්. ලොකු දෙයක් කරලා තියෙන්නේ.
@සිරා අයියේ...
Deleteගොඩක් අය හිතලා මතලා තීරණ ගන්නෑ තමා දැං නං..
ඒ අතිං මේ ප්‍රින්සිපල් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා..
පෝස්ට් එක ලිවුවෙත් කොල්ලට වඩා ප්‍රින්සිපල් ගැන හිතලා..
මෙහෙම ප්‍රින්සිපල්ලා ලබන්න පිං කරලා තියෙන්න ඕනා...
@ ඇනෝ අයියා...
ඒක තමා..
නායකත්වයට සුදුසු මිනිස්සු පත් උනාම ඕන දෙයක් හොද අතට හරෝ ගන්න පුළුවං...
දෙන්නටම ජයවේවා!!!!!!!
ගොඩක් වටින ලිපියක් අපෙනුත් සුබ පැතුම්... ජය සහෝ.!
ReplyDeleteබොහොම ස්තූතියි ලහිරු!!!!!!!!!!!!
Deleteපට්ටයිනේ බං. කොල්ලගේ පොටෝ එකකුත් දැම්මනම් අගෙයි!
ReplyDeletemR. ano, we are true anonymous... we are legion,we do not forgive or forget. expect us
Deletenah... buddy! Dis is only a nick. But I hate these stupid anonymous comments cuz itz sign of a weakness
Delete;-) :P
පොටෝ එකක්නං මං ගාව නෑ..
Deleteහම්බුනොත් දාන්නං..
මේ සිද්දිය කියෙව්වා කෙහෙදි හරි.. අ ශෝකේ නේද? :)
ReplyDeleteආඩම්බරයි ඈ !
එකෙංම ඈ...
Deleteජයවේවා සෑමයියේ!!!!!!!!!!!
අර පනුච්චිට වගේ මටත් හරි හුරු පුරුදු ගතියක් දැනෙනවා මේ පද පේලි..
ReplyDeleteහරිම ලස්සනයි.
මේ වගේ ගුරු දෙවිවරු වාසනාවන්....!!
අනිවාර්රෙංම ප්‍රමුදි...
Deleteවාසනාව තමා...
ජයවේවා!!!!!!!!!!!!!
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... මම ආසයි ඒ පද පේලි වලට!!!!! අනේ මංදා, හැමෝටම වගේ මටත් මාර හුරුයි පද ටික..
ReplyDeleteඒක කලිං ගිහිං තීනවලු එලකිරි එකේ..
Deleteසත්‍ය අසත්‍යතාව නොදනිමි...
මේ වගේ ගුරුවරු අඩුයි අද. ඒ එක්කම මෙහෙම ගුරුවරුන්ගේ තමයි අද අඩුවක් තියෙන්නෙත්. ජීවිතයක් හදන්න මේ වගේ ගුරුවරු කරන ආලෝකය කියලා නිම කරන්න බෑ. ඔය කොල්ලව කුදලන් ගිහින් තලලා ගෙවල් වලට කියලා මහා නාඩගමක් නටනවට වෙනුවට මේ කරපු වැඩේ ඉස්තරම්.. මෙහෙම ගුරුවරු හිටියානම් අර කෙල්ලක් නිස්කාරනේ ජීවිතෙන් සමුගන්නේ නෑ නේද?
ReplyDeleteමටත් මේ සිද්දිය අහපු ගමං ඒක තමා මතක් උනේ..
Deleteඒ ගෑනු ලමයා ඒ විදිහට සියදිවිහානි කර ගන්නෑනේ මේ වගේ හෙමිං සීරුවේ හිතලා මතලා වැඩ කරන ගුරුවරු ඉන්නවනං...
තවත් කොහේදි හරි කියෙව්වා වගේ මතකයි. ඇත්තටම නිර්මාණශීලියි. ඒ වගේම සරල නිසා හිතට ඉක්මනින් කාවදිනවා.
ReplyDeleteමම මේ සින්දුවට අදාල පුද්ගලයින් හැමොටම සුබ පතනවා !!!!! වගේම අර සර්ට ගොඩාක් ස්තූති කරනවා. :) :) :) :) :)
ආ තරියටත් ස්තූතියි ඈ :) :) :) :) :)
ජයවේවා අමා!!!!!!!!!!!!!!
Deleteසිංදුව කොහොම උනත් ප්‍රින්සිපල්ට මගේ ප්‍රනාමය!
ReplyDeleteඒකම තමා පෝස්ට් එකෙත් අරමුණ....
Deleteබොහොම ස්තූතියි රාජ් අයියේ!!!!!!!!!!!!
අපේ ඉස්කෝලේ වුනා නම් හෙන කිඳී සහගත සීන් එකක් වෙලා ඇති ඕක.
ReplyDeleteකිඳී නෙවේ කින්ඩි ඈ :)
Deleteහිකිස්....
Deleteඒ මොකෝ ඒ??????????
සින්දුව එල. කොල්ලට සුබ පතනවා මමත්!! මෙහෙම ගුරුවරු රටට වාසනාවන්!!!
ReplyDeleteඋඩ දණ ගහගෙන ඉන්න ෆොටෝ එක ගත්තේ කොහොමද මචන්..?
Deleteපොටෝ එක ඩිලීට් කරා...
Deleteඉහලිං ආපු නියෝග මත...
හි හි...
ඒක ගත්ත විදිහ මං දන්නෙත් නෑ...
ඔබට ජය!!!
ReplyDeleteස්තූතියි බිනා!!!!!!!!!!!!!!!!
Deleteනේනම් කියන්න. අපේ සෙක්ෂන් එකේ සහොදරයෙක්... හැබැයි මිනිහ ඕක ලිව්වේ එයගේ කෙල්ලට නෙමේ. වෙන කොල්ලෙක්ගේ කෙල්ලෙක්ට.
ReplyDeleteContact කරගන්න අවශ්‍ය නම් කියන්න,අපේ සෙක්ෂන් එකේ සහොදරයෙක්... හැබැයි මිනිහ ඕක ලිව්වේ එයගේ කෙල්ලට නෙමේ. වෙන කොල්ලෙක්ගේ කෙල්ලෙක්ට.
Deleteඑල එල...
Deleteස්තූතියි කමෙන්ටුවට...
ජයවේවා!!!!!!!!!!!
අන්න ප්‍රින්සිපල්ල. සම හරක් නම් ගෙදරින් ගෙන්නවල, ගෙදරටත් නෝන්ඩිකරවල, මුළු ඉස්කෝලෙටම සීන් එක ප්රසිද්ධකරල කෙල්ලටයි කොල්ලටයි පාරෙ බැහැල යන්නත් බැරිකරනව. හරියට ඌ නිකන් ජාතික අපරාධයක් කරාවගේ, නැත්නම් එයාලට එහෙම කාලයක් තිබුනෙ නෑ වගේ.
ReplyDelete(මම මුලින් හිතුවෙ දැන් ප්රින්සිපල්ලත් කර්නල්ල නිසා අරූට මිලිටරි පනිෂ්මන්ට් ලැබෙයි කියල. :))
අසෝකේ ප්‍රින්සිපලුත් කර්නල් තමා...
Deleteඒත් මොලයක් තීන කර්නල් කෙනෙක්....
බොහොම ස්තූතියි අයියේ කමෙන්ට් එකට!!!!!!!!!!!
අන්න ප්‍රින්සිපල් ලා තැරිය මලේ මට හම්බ උනේ නැහැනේ මේ වගේ ප්‍රින්සිපල් කෙනෙක් එහෙනම් මම දැන් ළමයි දෙතුන් දෙනෙක්ගේ තාත්ත කෙනෙක්. හිකිස්.......... විහිලු කරාට එතුමා ඒ කල දේම මම හදවතින්ම ගරු කරනවා එහෙම ගුරුවරු ගොඩක් අඩුයි.
ReplyDeleteහි හි...
Deleteඒ මොකෝ ඒ????????????
මට නම් හිතෙන්නෙ මේ සුපිරි පද ටිකෙන් මීට වඩා වැඩක් ගන්න තිබුනා කියල.
ReplyDeleteඒ ගැනනං මගේ අදහසක් නෑ...
Deleteබොහොම ස්තූතියි සුජී කමෙන්ටුවට!!!!!!!!!!!!
ලස්සන පදවැල් ටිකක්!
ReplyDeleteබොහොම ස්තූතියි ලහිරු...
Deleteනියම පාසලක් , නියම විදුහල්පති කෙනෙක් , සමාජ ඇසට එපිටිං දක්ෂතාවය ඉස්මතු කරන්න වෙර දෙන මේ වගේ පුඋගලයන් ඇත්තටම සතුටුයි
ReplyDeleteස්තූතියි මචෝ...
Deletelassana pada walak
ReplyDeleteබොහොම ස්තූතියි උමා!!!!!!!!!!!!!
Deleteහෘදයංගම සටහනක් මලයා. හරිම සුන්දරයි
ReplyDeleteබොහොම ස්තූතියි නලීන් අයියා...
Deleteඒ කොල්ලට දෙකක් ඇනලා, ස්කොලෙන් දොට්ට දාලා අම්ම තාත්ත ගෙන්නල්ල එයාලා ඉස්සරහ බැන්න නම් තත්වේ කොහොමද,? ඇත්තටම ගුරුවරයෙක්ගෙන් ලැබෙන්න ඕනේ සහයෝගයක් නිවැරදිව මේ කොල්ලට ලැබිලා, අනාගතේ ජය වේවා කොල්ලෝ .
ReplyDeleteහැබැයි මේකම ආදර්ශෙට අරන් අනික් ස්කොලවල කොල්ලෝ කවියක් ලිව්වා කියලා ලව් ලෙටර් ලියයිද දන්නේ නෑ කවි වගේ.
මං හිතන්නෑ හරිහමං ප්‍රින්සිපල් කෙනෙක්නං ඒම කරේ නගින්න දෙයි කියලා...
Deleteජයවේවා පැතුම්...
බොහොම ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!
කලේ වරදක් තමයි. හැබැයි ඉතින් ඒකෙන් කොයි තරම් හොඳ දෙයක් වුනාද? ඔය ලියුම අහු නොවෙන්න ඒ ළමය තාමත් පරණ හිටි තැනමයි.
ReplyDeleteඒකනං ඇත්ත...
Deleteහූ ඈහ්
ReplyDeleteහූ හූ....
Deleteම්..ලස්සන සින්දුවක් තමා..හැබැයි දැන් හැමෝම කවි ලියයිද දන්නෑ ආදර හසුන්වල එතකොට ප්‍රින්සිපල්ට අහුවුනත් බේරෙන්න පුළුවන්නේ..
ReplyDeleteඒකනං කෝම වෙයිද දන්නෑ...
Deleteපද වැල නම් ලස්සනයි.. ඒත් ගීතය නම් මට එච්චරම ඇල්ලුවේ නෑ... මොනව උනත් ඒ විදුහල්පතිතුමානම් රටක් වටින සම්පතක්...
ReplyDeleteඑක එක්කෙනාගේ රසය විවිධයිනේ...
Deleteහි හි..
ජයවේවා මචෝ!!!!!!!!!!!!!!
තීක්ෂණ අනුරාධ ළඟදි එකකට ඇවිත් ඔය විස්තරය කියලා සින්දුවේ පද දෙක තුනක් ගායනා කළා.මුළු සින්දුවම බෙදා හදා ගත්තට බොහොම ස්තූතියි තරී. අශෝකේ කොල්ලො කොහොමත් සිරා ඩයල්ස්නේ.හෙ හෙ හෙ.ඉඳලා හිටලා අපිත් එක්ක වලියක් දෙකක් දා ගත්තට අපි උඹලගේ එවුන්ගේ හැකියාවට ගරු කරනවා.
ReplyDeleteහි හි...
Deleteවලිනං මොනාද...
බෝම ස්තූතියි මචෝ!!!!!!!!!!!!
මරු නේ...ස්වර්ණවාහිනී වීඩියෝ එකත් බැලුවා..අර අම්මා අඬන තැන හරි සංවේදියි :) හැබැයි අම්මගේ අතට උනත් ඕක කලින් අහු උනානම් කනෙන් තමයි අදින්නේ...
ReplyDeleteඅම්මගේ අතට අහු උනානං තත්වේ බරපතලයි මීට වඩා...
Deleteහිකිස්....
Tharindu, මේ සින්දුව ගැන තවත් පැත්තක කතාවක් හෙළිදරව් වෙලා තියෙනවා !! කරුණාකරලා ගොසිප් 9 බලන්න. ඔය ළමයාට තවත් සිත් තැවුල් ඇති වෙන්න කලින් මේ ලිපිය ඉවත් කරන්න කියලා ඉල්ලා සිටිනවා.
ReplyDeleteමම දැක්කා...
Deleteජනප්‍රිය වෙනකොට එක එක දේවල් වෙනවා...
එවුවා ඉතිං වලක්වන්න බැහැනේ..
මගෙං එහෙම ඉල්ලීමක් ඒ මල්ලි හෝ පාසලෙං කරේ නෑ...
බොහොම ස්තූතියි ඔබේ කමෙන්ටුවට සහ යෝජනාවට!!!!!!!!!!!
මට මතක් උනේ ඒ කාලේ ලිවුං ලිව්ව හැටි... ;)
ReplyDeleteමටත් ඕම සීන් එකක් උනා බං..
Deleteවෙලාවට මගේ ලියුමේ කවිත් නෑ.. මේ ප්‍රින්සිපල් අපේ ඉස්කෝලෙ හිටියෙත් නෑ...
වරද්දෙත් ගන්න දෙයක් තියනවා ඈ :)
ReplyDeleteඑකෙංම...
Deleteහැබැයි ඒම කියලා වැරදි කරන එකත් වැරදියි නේ...
මලේ ඊයෙ රෑ මං කියෙව්වා මේ සින්දුව ඔයාලගේ ඉස්කෝලෙ කොල්ලගේ නෙමේ කියල ලොකු පෝස්ට් එකක්. අඩවිය මතක නැ.
ReplyDeleteගොසිප් 9න් වෙන්න ඇති...
Deleteමාත් දැක්කා...
මං නං සත්‍ය අසත්‍යතාව හරියටම දන්නෙ නෑ නලීන් අයියේ...
ප්‍රින්සිපල් ප්‍රසන්න උපශාන්ත නේද ?
ReplyDeleteයාෂ්!!!!!!!!
Deletehttp://www.youtube.com/watch?v=iwaZH2F3mcw&feature=plcp
ReplyDeleteස්තූතියි ඇනෝ..
Delete