ලගින්ම ඉන්න කස්ටිය

Sunday, December 16, 2012

වෑර්ලස් කතන්දරේ දෙවෙනි කොටස



ආරම්භ කර ගත්තු ගුවන් විදුලි සේවයේ ප්‍රධාන විකාශනාගාරය පිහිටලා තිබුනේ වැලිකඩ. මහා බ්‍රිතාන්‍යයේ 1922දි ගුවන් විදුලි සේවාව ආරම්භ වෙලා වසර තුනක් වැනි කෙටි කාලයක් තුලදිම ශ්‍රී ලංකාවෙත් ගුවන් විදුලි සේවාවක් ආරම්භ වීම වාර්ථාවක් බවට සලකනවා. ආසියාවේ ජ්‍යෙශ්ඨතම ගුවන් විදුලිය ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය බවට හදුන්වන්න පුළුවන්. ඒ දවස් වල තිබුන හිරු නොබසින අධිරාජ්‍ය නැත්තං බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අනෙකුත් රටවල ගුවන් විදුලියට නායකත්වය දුන්නේ ශ්‍රී ලංකාවයි.

සංස්ථාව ඉස්සරහදි ගත්තු ෆොටෝ එකක්



ඉස්සර ගුවන් විදුලි යන්ත්‍ර පාවිච්චිය සදහා බලපත්‍ර ලබා ගන්න ඕන උනා. රේඩියෝ වලට විතරක් නෙමේ ටී.වී වලටත් ලයිසොං ගන්න ඕනා. ඕක නැති කරේ අනූ ගනං වල වගේ තමා මට මතක. 1925 වසරෙදි ගුවන් විදුලි යන්ත්‍ර පාවිච්චියට රජයෙන් ලබාගෙන තිබිලා තියෙන අවසරපත් සංඛ්‍යාව 176යි.

මුල්ම කාලේ ප්‍රචාරය කරපු වැඩසටහන් භාරව ඉදලා තියෙන්නේ තැපැල් හා විදුලි පණිවුඩ දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරීන් උනු අතර ප්‍රවෘත්ති, කාලගුණ වාර්තා, මාර්ග වාර්තා, වෙලද කොටස් තොරතුරු සහ සංගීත අංග ප්‍රචාරය උනු වැඩසටහන් අතර වුනා. මේ හැම එකක්ම ප්‍රචාරය උනේ ඉංගිරීසි මාධ්‍යයෙන්.

එංගලන්තයේ බී.බී.සී එකේ නිත්‍ය අංගයක් උනා බිග් බෙන් ඔරලෝසු කනුවේ දහවල් දොලහ සනිටුහන් වීම ප්‍රචාරය කරන එක. අපිත් කලා. දැං අහයි අපිට කොයිද බිග් බෙන්? නෑ අපිටත් එකක් තියෙනවා. කොළඹ කොටුවේ චැතම් වීදිය දන්නවනේ. ඕක හෙන පරණයි. ලංකාවේ පලවෙනි ඔරලෝසු කනුවද කියන්නත් මං දන්නෑ.. වෙන්න පුළුවං. අන්න ඔය ඔරලෝසු කනුවේ දවල් දොලහ වදින එක අපේ ගුවන් විදුලියෙන් හරියටම දවල් 12ට විකාශය කලා. මේකම රෑ 9ටත් ප්‍රචාරය කලා. මතක තියා ගන්න සම්ප්‍රදාය අහුලගත්තේ බී.බී.සී එකෙං.

ඔන්න චැතම් වීදිය, පහල තියෙන්නෙ ඒක වෙන පැත්තකට පේන විදිහ (ඒ කාලේ)



ගුවන් විදුලියේ විකාශයය වෙච්චි වැඩසටහන් ජනතාව අතරට ගෙන යන වැඩ පිලිවෙලක් විදිහට වැඩසටහන් විස්තර ඇතුලත් මාසික සගරාවක් 1926දී රජයේ මුද්‍රනාලය මගින් මුද්‍රණය කරලා රට පුරා බෙදාහැරියා. රුපියල් 1යි 50ක් අවුරුද්දටම ගෙවලා සගරාව ගෙදට්ටම ගෙන්න ගන්න පුළුවං කමක් එදා තිබ්බලු.

මුල්ම කාලේ ගුවන් විදුලි සංස්ථාවට මිනිස්සු වැඩ කලේ ස්වෙච්චාවෙංලු. ඒ කියන්නේ පඩි නැතුව වැඩ. ඒක පස්සෙ පස්සෙ වෙනස් වෙලා පඩි දෙන්න පටං ගත්තලු. ඒත් අපේ සර් කිවුවා ඔය දැං දෙන පඩියෙ හැටියට කොහොමත් ස්වෙච්චාවෙං වැඩ කලා වගේ තමයිලු. මේ මෑතක් වෙනකංම සංස්ථාවේ පඩිය දවසකට රුපියල් 250ක් වගේ සොච්චමක්ලු. අපරාදේ ඒ 250ත් දුන්නේ.

1927 වෙනකොට ලියාපදිංචි කරපු බලපත්‍ර සංඛ්‍යාව 924ක් උනාලු. ක්ෂණික නැග්මක් නේ. 1928 වසර ගැන කතා කරනකොට ඒක සිංහල අසන්නන්ට ඉතා වැදගත් වසරක් විදිහට හදුන්වන්න පුළුවං. මොකද පළවෙනි ගුවන් විදුලි සිංහල කතාව විදිහට ධර්මානුසාසනාවක් පැවැත්වුනේ 1928 අප්‍රේල්  21වෙනිද බම්බලපිටියේ මහනායක අතිපූජ්‍ය පැලෑනේ ශ්‍රී වජිරඥාන හිමිපානන් විසින්ලු. උන්වහන්සේ බුදුදහමේ ඉතා ගැඹුරු අදහස් සරල බසින් උදාහරණ සහිතව ඉදිරිපත් කරපු නිසා බෞද්ධ අබෞද්ධ සැමදෙනාම අතර ඉතාමත් ජනප්‍රිය උනාලු.

මෙහෙම බණ දේශනා කරන්නයි කියලා උන්නාන්සේට යවපු ආරාධනාව සර් අපිට ඇහෙන්න කියෙවුවා. අම්මපා ඒ ආරාධනාව නිකං ආඥාවක් වගේ. කල යුතුදේ සහ නොකල යුතුදේ කෙලිංම ලියලා තියෙනවා. අද කාලේ ඉන්න හාංදුරුවො කෙනෙක්ට යැවුවනං හාමුදුරුවෝ බනියි “මුං මටත් බණ කියන හැටි උගන්නන්න එනවා කියලා“ හිටං...

වජිරඥාන හාමුදුරුවෝ
(ගූගල් සර්ච් එකට කඩ්ඩෙං වජිඥාන කියලා ගහන්න ගිහිං තමා මාර කට්ටක් කෑවේ)


මුල් කාලයේ ගුවන් විදුලි මැදිරියට පැමිණිලා මැදිරියේ ධර්ම දේශණා පැවැත්වුවත් 1940දී ඒ කාලේ මංමාවත් හා කර්මාන්ත අමාත්‍යධූරය දරපු කර්නල් ජේ. එල්. කොතලාවල මහතා විසින් විහාරස්ථානයේ කාමරයක සිට ධර්ම ප්‍රචාරය කරන්න පුළුවං තාක්ෂණික මෙවලම් ලබලා දුන්නලු.

මේ ධර්ම ප්‍රචාරය ගැන කියනකොට මං කිවුවනේ බෞද්ධ අබෞද්ධ ගොඩක් අය අතර මේ ධර්මදේශණාව ප්‍රචලිත උනා කියලා. එහෙම බණ අහන්න ආසා උනු එක මුස්ලිම් වෙලෙන්දෙක් ලිපියක් ලියලා ගුවන් විදුලියට කියලා තිබුනේ තමන් ගුවන් විදුලි යන්ත්‍රයට වියදම් කරපු මුදලේ වටිනාකමටත් වඩා වැඩි වටිනාකමක් මේ ධර්ම දේශණයට සවන් දීමෙන් තමාට ලැබුනු බවයි.

මේ කාලය වෙනකොට සිංහල, දෙමල හා ඉන්දියානු සංගීත සදහා ගුවන් විදුලි කාලයෙන් 10%ක් වෙන්කරලා තිබ්බලු. අදනං ඉතිං 90%ක්ම සිංදුනේ. පළවෙනි සිංහල සංගීත වැඩසටහන ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ කාලේ ගොඩක් ශිෂ්‍යයින්ගේ ගුරුවරයා වෙච්චි ඇම්.ජී. පෙරේරා සංගීතඥවරයා විසිනුයි. ඒ අවස්ථාවට ඔහු තමංගේ හොදම ගෝලයෝ වෙච්ච පී.ආර්. බටුවන්තුඩාව හා දොන් මානිස් හෙට්ටිආරච්චිව සහභාගි කරගෙන තිබුනා.

මුල්ම කාලේ ග්‍රැමෆෝන් ගීත ඉදිරිපත් කරාලු. එවුවා සංරක්ෂනේ කරන්න ගබඩාවක් තිබුන්නැති නිසා ග්‍රැමෆෝන් තැටි හදන නිශ්පාදන ආයතනේට ප්‍රචාරක අනුග්‍රහකත්වයක් දෙන්නං කියන ඩීල් එක පදනං කරගෙන තාවකාලිකව තැටි අරගෙන ප්‍රචාරය කරාලු. 

තේරුන්නැද්ද? 

මෙහෙමයි. තැටි හදන කොම්පැනියත් එක්ක ගිවිසුමක් ගහනවා තැටිය වාදනව කරනකොට කොම්පැනියේ නම කියනවා කියලා. ඊට පස්සේ එදිනෙදා ඕන තැටි එදිනෙදා කොම්පැනියෙං අරං ඇවිත් ප්ලේ කරනවා. ප්ලේ කරන වෙලාවට කියනවා අපි මේ ගීතය ඇතුලත් තැටිය මිලදී ගත්තේ මෙන්න මේ සමාගමෙං මේ ගීතය ඇතුලත් වෙන්නේ මෙන්න මේ නම දරණ තැටියේ කියලා තැටියේ නම්බර් එකත් කියල දානවා. මේ ගේන තැටි වලට සල්ලි ගෙවන්නෑ. ඒවා වාදනයෙං අනතුරුව ආයෙත් කොම්පැනියටම ගිහිං දෙනවා. අර ඉස්සර අපි ෆිල්ම් කැසට්, වී.සී.ඩී රෙන්ට් එකට ගන්නේ. අන්න ඒ වගේ. තැටි කොම්පැනියට කල්ල මරේ ගුවන් විදුලියත් ඒ එක්කම ගොඩ, මිනිස්සුන්ටත් ආතල්.

පැරණි තැටි වාදක යන්ත්‍ර
(ස්වදේශී සේවය මැදිරිය ඇතුලට රිංගපු වෙලාවේ ගහපු ෆොටෝ එකක්)
ඔන්න ඔය උඩ කියපු තත්වය 1937දී නැති උනා. මොකද 1937දී ග්‍රැමෆෝන් තැටි මිලදීගෙන එවුවා වර්ග කරලා ඒගොල්ලොංගෙම ඔෆිස් එකේ ගබඩා කර ගන්න වැඩ පිලිවෙලක් ආරම්භ කරලා තියෙනවා.

මුල් කාලේ නිවේදන කටයුතු කලේ ඒ ගැන පුහුනුවක් නැති ඒ වෙලාවේ කාර්යාලයේ ඉන්න අය විසිනුයි. සිංහල සහ දෙමල වැඩසටහන් ඉදිරිපත් කරද්දි ඌනතා මේ නිසා දකින්න පුළුවං උනාලු.

1937 දෙසැම්බර් 1වැනිදා එස්. නඩරාසා ප්‍රථම දෙමල නිවේදකයා ලෙසත් 1938 ජනවාරි 1වැනිදා ඩී. එම් කොළඹගේ මහතා ප්‍රථම සිංහල නිවේදකයා ලෙසත් පත් උනාලු. ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 4යි සත 8ක්ලු.

ගුවන් විදුලි වැඩසටහන් සදහා ගායන ශිල්පීන් තේරීමේ පරීක්ෂණය ආරම්භ උනේ 1937 ඔක්තෝබර් මාසෙදියි. මුලිංම පරීක්ෂනේට ඉදිරිපත් වෙච්ච අය අතරේ ඩේසි ඩැනියෙල් කියන අති සුන්දර තරුණියකුත් හිටියලු. එයා තමයි පස්සෙ කාලෙක සුප්‍රසිද්ධ සිනමා නිලියක් හා ගායිකාවක් වෙච්ච රුක්මනී දේවි.

රුක්මනී දේවි


සෙස්ස පස්සට දාමු.
තව සදහන් වෙන්න ඕන දේවල් එහෙම තියෙනවනං කියන්නෝ.. මොකෝ මාත් සියල්ල දත් නෙමේනේ.. වැරදි වලට දෙන්න සමා..

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

44 comments:

  1. අර ලිකු තැටි දාන මෙවුව එකක් අපේ ගෙදරත් තියේ... තාත්තගේ කෞතුකාගාර බඩු ලැයිස්තුවට ඒකත් ඇතුලත් කරලා තීන්නේ

    වටිනා ලිපියක්.
    ජය වේවා!!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ලිකු නෙමෙයි අනේ ලොකු තැටි ^_^

      Delete
    2. මේක එහෙම එකක් නෙමේ..
      මේකෙං කෙරෙන්නේ තැටිය රීඩ් කරලා ඒකෙං බ්‍රෝඩ්කාස්ට් කරන එකයි...
      ජයවේවා ඈ....

      Delete
  2. අර හාමුදුරුවන්ට යවපු ඉන්විටේෂන් එකේ පින්තුරයක් ගහ ගන්න බැරි උනාද ?

    ReplyDelete
    Replies
    1. නෑ මං ඉස්සරහට කියන්නං පොතක් ගැන..
      ඒක අරං බලන්න ඒකෙ ඇති....

      Delete
  3. වැදගත් ලිපියක්.මමත් කාලයක් ගුවන් විදුලි සංස්ථාවේ රාජකාරි කළා.ඒ ආතීතයත් මතක් උනා.
    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. අඩේ අදුරගන්න ඕන චරිතනේ...
      අක්කා වැඩසටහනක් කලාද නැත්තං වෙන මොකක් හරි අංශයකට සම්බන්ධව හිටියද??????
      මනසිං දිවියට එකෙත් එහෙනං මෙවුවා ගැන දාමුකෝ..

      Delete
  4. මටත් මතකයි පුන්චි කාලෙ..රේඩියෝ එක ලයිසන් කරන්නතැපැල් කන්තෝරුවට උස්සන් යනව.ඒ කාලෙ නඩුත් දාන්න පුලුවන්ලු..ගුවන් විදුලියට විරුද්දව ..අනවශ්‍ය දේවල් ප්‍රචාරය උනොත්.

    ReplyDelete
    Replies
    1. එහෙම පුළුවන්කමක් තිබ්බලු..
      කිවුවට මට එහෙම මතකයක් නෑ..
      අපිත් ඉතිං 91 එවුංනේ..

      Delete
  5. ලොකු තැටි ග්‍රැමෆෝන් එකක් අපේ ගෙදරත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අන්න පරිස්සං කරලා තියාගන්න ඕන භාන්ඩ ඈ...

      Delete
  6. හප්පේ සෑහෙන්න වටිනා විස්තරයක් නොවෑ

    ReplyDelete
    Replies
    1. හි හි...
      බොහොම ස්තූතියි කෝරලේ අයියේ...

      Delete
  7. මේ! උඹ SLBC එකේ ඉන්නවද? මමත් කාලයක් ඕකේ හිටියනේ??

    ReplyDelete
    Replies
    1. අඩේ නෑ බං...
      මෙවුවා ගැන ඉගෙන ගන්නවා විතරයි...
      ඒකෙ වැඩ කරන්නේ නෑ...

      Delete
  8. රටක් වටිනවා මෙව්වා දිගටම ලියහං

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අටං අයියේ!!!!!!!!!!!
      ජයවේවා!!!!!!!!!!

      Delete
  9. රේඩියෝ එක ටීවී එක අවුරුද්දෙන් අවුරුද්දට ලයිෂන් කරනව මටත් මතකයි. මතක හැටියට චන්දිරික නෝනාගෙ පාලනේ මුල් කාලෙදිම වගේ අයවැය ගෙනෙද්දි යෝජනා කරා ඒක අවලංගු කරන්න.

    වජිරඥාන හාමුදුරුවො, නාරද හාමුදුරුවො එහෙම ඒ කාලෙ ගොඩක් ජනප්‍රිය ධර්ම දේශකයන්ය කියල මමත් අහල තියෙනව.

    පරණ සීන්කෝන් ගැන දැන ගන්න මම මාර ආසයි, ඉතුරුවත් ලියපන්කෝ.

    ReplyDelete
    Replies
    1. ඡන්ද්‍රිකා නෝනා තමයිලු වැඩේ කැන්සල් කලේ..
      මටනං එහෙමටම මීටර් නෑ....
      ඉක්මනට ඉතුරු ටිකත් දාන්නං අයියේ...

      Delete
  10. අලේ හලි වටිනා ලිපියක් අය්යණ්ඩියා..ස්තූතියි!!

    ReplyDelete
    Replies
    1. ජයවේවා සම්මියා...
      ඉතුරු ටිකත් කියවන්ටකෝ...

      Delete
  11. කොහෙන්ද අප්පේ මේවා හොයා ගන්නේ...පට්ට වටිනා ලිපියක් තරියෝ...නියමයි ලියන්න දිගටම

    ReplyDelete
    Replies
    1. අපිට ඉගැන්නුවා බං..
      අමතක උන එවුවා නෝට් එක බලං කෙටුවා..
      ජය ඈ.....

      Delete
  12. Replies
    1. ස්තූතිය් හැදිනපොල!!!!!!!!!!!
      ජයවේවා!!!!!!!!!!!!!

      Delete
  13. උඹට පින්....

    // (ගූගල් සර්ච් එකට කඩ්ඩෙං වජිඥාන කියලා ගහන්න ගිහිං තමා මාර කට්ටක් කෑවේ //

    ඇයි බන් ඉතින් ඕක ඉංග්‍රීසියෙන් ගැහුවෙ.. සිංහලෙන් ගැහුවනම් ඉවරනෙ..

    ReplyDelete
    Replies
    1. සිංහලෙං ගැහුවා..
      පොටෝ තිබ්බේ නෑ....
      ජය ඈ සෙන්නා අයියේ!!!!!!!!!!!!

      Delete
  14. ගුවන් විදුලිය ගැන වැඩසටහනම් ඊයේ (ඉරිදා) ටීවි එකෙත් ගියා.
    මේ විස්තර ටිකත් මරු !

    ReplyDelete
    Replies
    1. අඩේ මට ඒක ගැන බලන්න බැරිඋනා...
      බෝම ඉස්තූතියි ඈ...
      ජය ජය...

      Delete
  15. වටිනා විස්තර ටිකක් තරියෝ.. මං නිකමට වගේ වජිරඥාන කියල සිංහලෙන් සර්ච් කළා දැන්. මේ බ්ලොග් එක විතරයි බං තියන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චන්දන...
      මාත් සර්ච් කලා තිබ්බේ නෑ...
      ඉතිං කඩ්ඩෙං ගහලා හෙවුවා...

      Delete
  16. ඔරලෝසු කණුවෙ ෆොටෝ එකේ තියෙන පරණ වාහන සැට් එක දැක්කම කෙළ බේරුනා මලේ... මම ඇන්ටික් වලට හරිම පෙරේතයි... හොද විස්තරයක්...නොදත් බොහෝ දේ දැනගත්තා... මේක් අප් නැති රුක්මණී දේවී අද ඉන්න කෝලම් බබාලට වඩා ගොඩාක් ලස්සනයි නේද...

    ReplyDelete
    Replies
    1. මාරම ලස්සනයි නේ...
      මාත් අප්ලෝඩ් කරන්න කලිං දෙතුං සැරයක්ම සූම් කර කර බැලුවා..
      රුක්මනී දේවිලව බලන්න ඉස්සර මිනිස්සු පොර කාපු හැටි මං බ්ලොග් එකකිංම කියෙවුවා මතකයි කොහෙංද කියලා මතක නෑ...
      ජයවේවා සිරා අයියේ!!!!!!!!!!

      Delete
  17. කලින් කොටස මිස් වුනා.

    මේ විස්තර ටිකනම් වටිනවා.

    ජය !

    ReplyDelete
    Replies
    1. අඩේ තේරුන්නැද්ද දන්නෑ....
      එල එල ඈ....
      ජයවේවා...

      Delete
  18. ඒකත් එහෙමලුද...........

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි...
      මොකෝ බං අන්තිම????
      වැඩද????

      Delete
  19. නොවැසූ වැදගත් විස්තර ටිකක් දැනගත්තේ.පලවෙනි කොටස වගේම මේකත් රසයි.

    අර හමුදුරුවොට යවපු ආරාධනා පතේ තිබුනේ මොනවද කියල පොඩ්ඩක් සඳහන් කරන්න පුළුවන් වෙයි ද?

    ReplyDelete
    Replies
    1. ඒකනං මට හරිටම මතක නෑ..
      ගුවන් විදුලිය තුලිං බණ දේෂණා කරන්න ඕන සහ කල නොකල යුතු දේවල් තමා තිබ්බේ..

      Delete
  20. වජිරඥාණ හාමුදුරුවෝ මම දන්නා තරමින් නම් මහානායක හාමුදුරු කෙනෙක් නෙමේ.

    එලකිරි වැඩක් මලේ මේ ටික ලිව්ව එක නම්.

    ReplyDelete
    Replies
    1. මං හරියටම දන්නෑ හසිතයියේ..
      අපිට කියලා දුන්නෙනං එහෙමයි...

      Delete
  21. බොහොම හොඳයි. ලිපිය ලිවීමේදී කොටස් වෙන්කරගන්න. තාක්ෂණික කරුණු වෙනමත්, වැඩසටහන් ගැන කරුණු වෙනමත්, ශිල්පීන් ගැන කරුණු වෙනමත් ඡේද වලට ගන්න. තවත් පින්තුර එකතු කරන්න උත්සාහ කරන්න. ඔබේ මේ උත්සාහය සාර්ථකයි. පරණ 'වෑර්ලස්' වල පින්තූරත් දාන්න.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරක අයියේ..
      මං අඩුපාඩු හදාගන්න උත්සහ ගන්නං...

      Delete
  22. Thanks for writing this. I think more people should have a stance.


    http://archive.org/details/CashAdvanceLoansInstantApprovalForEveryone or payday loans las vegas no checking account required

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????