අඟහරු ග්‍රහයාගේ විනාශය ලං වීමත් එක්කම අඟහරු වැසියෝ පෘථිවියේ පදිංචියට ආවා..
ඒත් සම්පූර්ණ අඟහරු ජීවී සමූහයටම එන්න බැරි උනා, අඟහරු විනාශ උනා...
දැනුමෙන් සන්නද්ධ අඟහරු වැසියෝ දැක්කා පෘථිවියේ ඒ වෙනකොට හිටපු බුද්ධිමත් අර්ධ මානව සත්ත්ව විශේෂ....
තමන් ලග තිබුනු ජාන තාක්ෂණය භාවිතා කරමින් අඟහරු වැසියෝ මේ අර්ධ මානවයින්ව ජාන සංවර්ධනයකට ලක්කරලා තමන්ගේ සේවකයෝ විදිහට තියා ගත්තා...
මේ සේවකයින්ට කියලා අඟහරු ජීවීන් තමන්ගේ ශිෂ්ඨාචාරයට අයිති විවිධ නිර්මාණ පෘථිවියේ තැන තැන හදා ගත්තා...
පිරමීඩ, නැස්කලයින් වගේ අදටත් අපිට තේරුම් ගන්න බැරි ගොඩක් දේ හැදුවා...



ලෝකය පාලනය කරේ අඟහරු ජීවීන්...
ඉතිං ඔවුන්ට අඟහරු ජීවීන් දෙවියන් උනා..
ලෝකය පුරා හිටපු මානවයින් විවිධාකාරයෙන් තමන්ගේ නායකයෝ උනු අඟහරු ජීවීන්ට පුද පූජා පැවැත්වුවා...


ලෝකයේ හැම භූමියකටම පහසුවෙන් ලංවිය හැකි එක දූපතක් තිබුනා..
මොවුන් මේ දූපත තමන්ගේ පාලන මධ්‍යස්ථානය කර ගත්තා..
තමංගෙම ජාන ඒ දූපතේ හිටපු විවිධ සත්ත්වයෝ එක්ක මුහුම් කරලා බුද්ධිමත් ජීවී කොට්ඨාෂ බිහි කරන්න ඔවුන් උත්සහ ගත්තා..
වඳුරෝ,මාළු,සිංහයෝ මේ වගේ පර්යේෂණ වලට භාජනය කරා..
උත්සහය සාර්ථක උනා..


දිය කිඳුරෝ, වානර මිනිස්සු සහ හෙලයෝ මේ නිසා බිහි උනා..
වැඩිම ශක්තියක් සහ හැකියාවක් ඇති හෙලයෝ අඟහරු ජීවීන්ගේ ප්‍රියතම සත්ත්ව වර්ගයා උනා..
මේ නිසා පාලන දූපතේ හෙල ගහනය වැඩි උනා..
කාලයක් ගත උනා..
දැන් ලෝකය පාලනය ගොඩක්ම භාර වෙලා තියෙන්නේ හෙල සිංහ මිනිස්සුන්ටයි...
මේ අතරතුර පෘථිවිය තුළ මහා භයානක වෛරසයක් පැතිරුනා..
පෘථිවි ජීවීන්ට මේ වෛරසයට මුහුන දෙන්න පුළුවන් උනත් ශ්‍රේෂ්ඨ අඟහරු ජීවීන්ට ඒක දරා ගන්න බැරුව මිය ගියා..

හෙලයෝ තනි උනා..
තමන්ගේ හැකියාව, ශක්කිය පිළිබඳ ඔවුන්ට අමතක උනා..
පෘථිවිය මානවයින්ගේ ලෝකය උනා...
මානවයින්ගේ පරම්පරාවෙන් පරම්පරාවට දෙවියෝ ගැනයි හෙලයෝ ගැනයි කියවෙන කතා ගලාගෙන ගියා..
ඒවා ටිකෙන් ටික මිත්‍යාවක් උනා...
ලෝකෙන් ඇත්ත වසන් උනා....
ඔන්න ඕකයි උනේ....
පොඩ්ඩක් හිටපන් ප්ලේස් එක පොට් කරලා ඉන්න ඔක්කෝටම කලියෙන්...
ReplyDeleteඒ කියන්නේ වැළළුන සතයක් උඹ ගොඩ අරන් තියෙනවා..උඹ ශ්‍රේෂ්ඨයෙක් කෙහෙල් ඇවරියෝ උඹ වීරයෙක්... මගේ මෙව්වා එක පිළිගනින් ...
Deleteඕං පිළිගත්තා ඈ..
Deleteකෝමත් මං වැලලිච්චා ගොඩ දාන්න හෙන සූරයි...
තරියෝ මම මේක වෙන තැනක තිබිලා කියෙව්වා වාගේ මතකිනේ බං
ReplyDeleteමෙන්න මේකද බලන්න....
Deleteමංම තමා ලිව්වේ බුකියේ....
ඉතාමත් මාන්යවිකයි
ReplyDeleteඑසේයැ...
Deleteමෙය වැලලුනු සත්‍යයකි....
මේක උඹ ලිව්වද..නැත්තං කොහෙන් හරි ඉස්සුවද..? උඹ ලිව්වනං මෙන්න මල්...
ReplyDeleteඉස්සුවනං අස්සපු තැන අයිතාකාරයට මල්... :D
හරි හරි..
Deleteමල් මට එහෙනං ඈ..
ටැංකූ වේවා...
සුවර් ද මල්ලි?
ReplyDeleteයෑස් අයියා....
Deleteඔන්න ඔහොමයි උනේ....
ReplyDeleteනැතුව නැතුව.....
Deleteඅපි නොදන්න හෙලයො... ඕකුන් හරි සූරයි ඔය වගේ වංසෙ කබල් ගගා, අතීත පම්පෝරිය ගගහ ඉන්න. අනිත් උන් ඔක්කොම බලන් ඉද්දි දියුනු වෙනවා.. හෙලයො ඔක්කොම කතන්දර කියකිය ඉන්නවා.. උන් ආයෙ බලන් ඉන්නෙ අගහරු උන් ඇවිල්ලා උන්ව ලොක්කො කරනකම්ලු..
ReplyDeleteමොනා කරන්නද ඉතිං...
Deleteඅඟහරු ජීවීන් ටික මැරුණත් හරි හෙලයන්ට සසර කල කිරුනනේ...
බොහොම කාලෙකින්නේ මේ තරියා ලියන්නේ. මේක නං මසුරංම පෝස්ටුවක්. චිත්‍රපටයක්ද වගේ ගතියකුත් දැනෙනවා
ReplyDeleteඅපි ෆිල්ම් එකක් කරොත් නලීන් අයියේ අර සංජීවට වගේ තහනමට ලක් වෙන්න තමා වෙන්නේ...
Deleteහිකිස්...
උබ පහුගිය දවස්වල අගහරු ගිහින් ඔක හොයන එකද කලෙ.එතකොට වදුරට මික්ස් කරල හෑදුවෙ උබව නෙමෙයි නෙ?
ReplyDeleteවඳුරට මික්ස් කරලා හදපු උංගෙං ඉතුරු වෙච්ච එකෙක් තමා විරාට් කෝලි....
Deleteඅහ්හ්... දැන් එහෙමද වෙලා තියෙන්නේ. හාකෝ....හාකෝ....
ReplyDeleteඔව්..
Deleteඇයි ෂැකඩ මෙයා...
මෙන්න මං ඉස්සර ලිව්ව කතාවක් ..........
ReplyDeletehttp://hasarallak.blogspot.com/2012/12/we-are-not-alone.html
http://hasarallak.blogspot.com/2012/12/we-are-not-alone-2.html
http://hasarallak.blogspot.com/2012/12/we-are-not-alone_27.html
එල එල..
Deleteලියමු ලියමු...
හෙට පොඩි එකීට නිදාගන්නකොට කියන්න කතාවක් (අද නිදි ඒකයි හෙට කීවෙ)
ReplyDeleteපොඩි කාලේ ඉදංම ළමයිංට මේ වගේ හරවත් නැනවත් කතා කියලා දෙන එක හොදා තමා :D
Deleteලොකු වෙලා මං වගේ වැඩදායී පුද්ගලයෙක් වෙයි...
තරියට බුරියක් දෙන්න හිතෙනවා මේ වගේ කතා වලට.. එළ තරියෝ..
ReplyDeleteසිරාවට...
Deleteහැකියාවට රැකියාවක් තමා ගොඩක්ම අවස්ය...
හිටි හැටිය හෙලයන්ට තමංගෙ ශක්තිය මතක්වෙන වෙලාවලුත් තියෙනව වගෙයි දැං වෙන දේවල් බැලුවම.
ReplyDeleteඔව් එහෙම වෙන වෙලාවල් තියෙනවා..
Deleteදැං ඔය අපේ මීවණපලානේ උන්නැහේ එහෙම හිටි හැටියේ ෆෝම් වෙන්නේ...
අප්පට සිරි!!!! එහෙමද උනේ?
ReplyDeleteට්‍රස්ට් මී..
Deleteඉට්ස් තෘ.... :)
එතොකොට මේ ප්රමිතියස් ෆිල්ම් එකේ පෙන්නනේ අඟහරු ජිවින්ද ? සෑහෙන වැදගත් සත්‍යක් හෙළි කිරීම වෙනුවෙන් අපගේ ප්‍රමාණය .. ආ නැ ප්‍රණාමය ..
ReplyDeleteප්‍රොමීතියස් එකේ ඉන්නේ හෙන පට්ට දුරක තියෙන ග්‍රහලෝකෙක ඉන්න බුවාලා සෙට් එකක්...
Deleteමේකේ ඉන්නේ අපේ අසල්වාසී පිටසක්වලයෝ ගැන්සියක්...
උඹ රැවුල වැව්වට පස්සෙයි.. මේකේ දෙවනි පොටෝ එකයි අතර ඉතා විශාල සම්බන්ධයක් පේනවා මට! ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උබට ඒම පෙනුනනද?????
Deleteඅම්මපා කියාං...
මෙච්චර කාලයක් වහං වෙලා හිටියෙ රැවුල වවන්නද බොල..!
ReplyDeleteසත්තය සොයන්න....
Deleteදන්නැද්ද ඉතිං....
අර ට්‍රාන්ස්ෆොර්මර්ස් එකේ ඉන්ට්‍රෝ එක දෙන වොයිස් එකෙන් මේක කියවන්න ඕනා.
ReplyDeleteඅන්න කරනවනං වැඩ...
Deleteහිකිෂ්...
මේක වොයිස් කරලා රෙකෝඩ් කලා නම් රෑට දොයියනකොට අහන්න තිබ්බා.
ReplyDeleteකරගෙන අහපං ඉතිං...
Deleteමටනං එයා රෑට කතන්දර කියන නිසා මෙව්වා රෙකෝඩ් කරන්න ඕන්නෑ..
ලස්සන කථාවක්. අනේ තව එකක් කියන්නකෝ.
ReplyDelete(තරියා ට්‍රාන්ස්ෆෝමර් චිත්‍රපටිය බලලා වාගේ)
ට්‍රාන්ස්ෆෝමර් බලලා ගොඩක් කල්නේ...
Deleteඒකත් එහෙමද. හ්ම්ම්....
ReplyDeleteනැතුව...
Deleteතරියා බොහොම කාලෙකින් ලස්සන කතාවක් ලියල තියෙන්නෙ
ReplyDeleteඒක නේන්නං හැලපයියේ...
Deleteඒකත් එහෙමලුද එතකොට
ReplyDeleteඑහෙමයිලු... :)
Delete