ලගින්ම ඉන්න කස්ටිය

Tuesday, August 27, 2013

මචං පේමතී ජායතී සෝකෝ කියලා කියන්නේ නිකංද (සිහින සිතිවිලි 11)

ඉතිං මොකෝ උනේ..

මොකක්ද????

දැං උබලා ඊයේ ගියේ අවලමේ.... මොකද උනේ....

ආ.... ඒකද? කොටා ඒක අහපු විදිහට මට බකස් ගාලා හිනා ගියා..

ඒක දිග කතාවක් බං. කැන්ටිම පැත්තෙ යමුද. බඩගිනියි.




හරි හැබැයි උබලා අපිව ඊයේ දාලා ගිය නිසා උබලා ගානේ අරං දීපං, නැද්ද බං.. කොටා ලැම්බා දිහා බලං කිව්වා...

ඔව් ඔව්...

එක්කෝ ඕන්නෑ බං. මට බඩගිනි නෑ. මම ආයේ පුටුවෙ ඉදගත්තා....

යං බං මටත් බඩගිනියි මාධවයත් නැගිට්ටා...

යං බං අරයා එන්න කලිං. කසුන් පුටුවත් ඩෙස් එක ඇතුලට දාගෙනම නැගිට්ටා....

අපි හතර දෙනා හෙමිං සැරේ කොරිඩෝ එකේ වට පිට බල බල ඉස්සරහට යනකොටම බයෝ ප්‍රියන්ති මතුඋනා..

ඕගොල්ලො කොහිද යන්නේ????

වතුර ටිකක් බොන්න මැඩම්.... කොටා හිනාවෙලා කිව්වා....

නෑ නෑ. මොන වතුරද යනවා පන්තියට..

අනේ මැඩම් හරි තිබහයි බීලා ටක් ගාලා එන්නං.....



යන්න නේද කිව්වේ.

යමු බං... කාන්තාරේ ඉදං ආවත් මෙහෙ වතුර බොනවා බොරු.. කොටා කියාගෙනම හැරුනා...

ප්‍රියන්ති මැඩම්ටත් කොටාගේ ටෝක් එකට හිනා ගියා... තමුසෙලා වතුර විතරක් නෙමේනේ, ඊට පස්සේ සොමාලියාවේ ඉදං ආවා වගේ බඩ ගින්නකුත් එනවා.. ඊට පස්සේ කැන්ටිමේ.. ඊටත් පස්සේ හොයාගන්නත් බැරි වෙන්න රහත් වෙනවනේ..
ප්‍රියන්ති මැඩම් හිනා වෙවීම කිව්වා...

කොහෙද ඉතිං උබලා කරුමෙ කියන එක සාක්කුවෙ දාගෙනනේ එන්නේ කස්සා ඇහෙන නෑහෙන ගානට කියාගෙන ගිහිං ඉදගත්තා....

සුප්පගේ පොත ඉල්ල ගත්ත ප්‍රියන්ති මැඩම් කලිං දවසේ පාඩම නවත්තපු තැන හොය හොය ඉන්න අතරේ මමත් කසුන්ගේ පොත අරං කොච්චර පිටු ටිකක් ඉඩ තියන්න ඕනද කියලා බැලුවා...

මාතෘකාව ලියාගන්න සම්බන්ධක පටක. ප්‍රියන්ති මැඩම් පාඩම පටං ගත්තා..

බඩගින්න ඉන්ටර්වල් එක වෙනකං කල් දාපු මමත් පොතට ඔළුව හරවං මාතෘකාව ලියන්න ගත්තා...

බයෝ පීරියඩ් එක අතරතුරේ ඔළුවට නිතර නිතරම හොරෙං වගේ ඇවිත් කීප පාරක්ම ප්‍රතිභා ගියා..
ඊයේ දවසේ කරපු කියපු දේවල් එක්ක බලද්දි එයා මට කැමති වෙයි. වෙන කොල්ලො දැකලා නැත්තං උබට කැමති වෙයි. හිත ඇතුලේ එහෙම් පිටිංම විවාදයක්...

ඉස්කෝලෙ යන්නයි ඉගෙන ගන්නයි විභාග ලියන්නයි ගියාම කෙල්ලෙක්ට ලව් කරන්න ටයිම් තියෙයිද??? ඉස්සෙල්ලා ඉගෙන ගනිං. නැත්තං හුලං තමා. ඕකනේ ඉතිං අපේ එවුංමයි අපිට කෙලින්නේ. මම ටික වෙලාවකට මාත් එක්කම කතා කරා... ඒකත් හෙන ආතල් වැඩේ...

ඕයි උබ ලියන්නෙ නැද්ද? කසුන් මැඩම් දිහා බලාගෙන මගෙං ඇහුවා...

මනෝ පාරක් දාං ඉදලා මං පාඩම ලියලත් නෑ.. කසුන්ගේ පොත බලනකොට පිටුවක් එහෙම්පිටිංම ඉවර කරලා..

ලියපං බං. දැං ප්‍රියන්ති කීප සැරයක්ම උබ දිහා බැලුවා. කසුන් වෝනිං එක දීලා ආයේ ලියන්න ගත්තා...

හ්ම්ම්ම්.. තව පිටුවක් ඉඩ ඇරලා මම ආයෙත් මැඩම් කියන දේ ලියන්න ගත්තා...

සම්බන්ධක පටක වල කෘත්‍යයන් ලියා ගන්න. ප්‍රියන්ති මැඩම් පොතක් බලාගෙන කියවනවා.

පංතියේ එවුනුත් ඔලු පොත් වලට හරවාගෙන ලියනවා.

පටක අවයව අදිය අතර සම්බන්ධතාව ඇති කිරීම.
සන්ධාරණය
ක්ෂුද්‍ර ජීවී ආක්‍රමණ හා යාන්ත්‍රික උපද්‍රව වලින් අවයව ආරක්ෂා කිරීම
ද්‍රව්‍ය පරිවහනය
වෙනත් පටක වලට පෝෂණය සැපයීම
තාප පරිවාරක කෘත්‍ය ඉටු කිරීම.

ළමයි මේ බෝඩ් එකේ තියෙන සටහන ඇදගන්න. ප්‍රියන්ති මැඩම් වයිට් බෝඩ් එකේ රූප සටහනක් ඇදලා ගුරු පුටුවේ ඉදගෙන මොකක්දෝ පොතක් කියවන්න ගත්තා...


පට්ට බඩගිනියි ඕයි.

කාපං මාව.....

අපේ පවුලෙ කව්රුත් ඌරු මස් කන්නෑ බං. කසුන් එහෙම්ම කියාගෙන රූප සටහන ඇන්දා...

හා. කියන්න වෙන දෙයක් නැති නිසා මාත් කිව්වා...

අසංකයා අදත් ෆෝන් එක අරං ඇවිත් වටේටම වැල බෙදනවා. කොටා එහා පේලියට එබි එබි කිව්වා.

මාට්ටු උන දවසට තමයි රහ දැනෙන්නේ. එදාට වරෙංකෝ අපිව හොයාගෙන ෂේප් කරවගන්න.. මාධවයා තරහකිං නැතත් ටිකක් තදේට කිව්වා....

උංගේ කතා වලට කට දාන්න තරං මට මූඩ් එකක් එවෙලාවේ තිබ්බේ නෑ... මං දිගටම බෝඩ් එක බලං කොප්පෙ ගැහුවා...

ඒ මූ මොකෝ බං මේ මූඩ් ගහලා.... අරකි බෑ කියලවත් කිව්වද?

හි හි. උබටත් ඒක තේරුණා එහෙනං ඈ. මාධවයා කිංඩි හිනාවක් දැම්මා..

සිරාවටම බෑ කිව්වද බං. කොටා සීරියස් අරං වගේ...

නෑ බං. ඒකි ගොඩ. මූනේ ඇබරෙන්නේ.

මොකෝ කයිය ගහන්නේ??? ඇදගෙන ඉවරද??? එහෙනං ලියා ගන්නවා මේක... ප්‍රියන්ති මැඩම් පුටුවෙං නැගිට්ටා...

හෝව් හෝව් මැඩම්, පොඩ්ඩක් ඉන්න අන්තිම ටික...

ගෝතයංගේ ඕපදුපේ ඇති ඔයිං නතර උනා... වැඩෙත් ඉවර නිසා පුටුවට හේත්තුවක් දාගෙන දිග හුස්මක් ඇරියේ මහන්සියටත් වඩා හිතේ එකලාසයක් නැති කමටමයි...

මෙන්න මූ සුසුම් හෙලනෝ... කසුනුත් මාධවත් කොටාත් බඩවල් අල්ලගෙන හිනාවෙන්න පටං ගත්තා..

නොදකිං මෙහෙමත් යාළුවෝ...


* * * *

ඉස්කෝලෙ ඇරිලා බොම්බේ ස්විට් එක ඉස්සරහ මයියොක්කා අක්කගෙං බැදපු මයියොක්කා රුපියල් 20ක අරං කකා කයියක් දාගෙනම මමයි මාධවයයි ඉස්ටේෂම පැත්තට ගියා...

මට  එක වෙලාවකට හිතෙනවා බං මුංගේ ඩේ එකේ වැඩ වලට ගියේ නැතුව හිටියනං ඉවරයි කියලා..

ඒ මොකෝ ඒ????

නෑ බං.. ප්‍රතිභා එක්ක කතා කරපු දවසේ ඉදං හිතට කිසි නිදහසක් නෑ... මංදා මොනා වෙලාද කියලා...

මචං පේමතී ජායතී සෝකෝ කියලා කියන්නේ නිකංද ඈ.. අල්ලලා දාපං..

හරියට පාඩමක් ගානක් හදා ගන්නත් බැරි උනා බං කාලෙකිං..

මොකෝ කියන්නේ ලයිබ්‍රි පැත්තේ දාමුද රවුමක්????

ඔය රෙද්දට ගියා කියලා පාඩං කෙරෙන්නෑ බං.. මතකනේ එදා.. කෑලි දිහා බල බල ඉන්නවා මිසක් වෙන වැඩක් කෙරෙන්නෑ..

එහෙනං අපේ ගෙදර ආයේ සෙට් වෙමු...

මං උබට බලලා කියන්නං මාධව.. මං යනවා ගෙදර..

එල.. හෙට සෙට් වෙමු එහෙනං...

මාධවයා පොලිස්සිය ඉස්සරහිං පාර පැනලා 136ක එල්ලුනත් එක්කම මම තනියම ඉස්ටේසමට යන්න පිටත් උනා..

කලින් කොටස් මෙන්න මෙතැනිං

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

21 comments:

  1. ඈ බං, මේක පටන් ගත්තෙ කොහෙන්ද කියල උඹටවත් මතකද. මේක ඉක්මනට ලියල දාපං බං. කලින් කොටස ඉවර කළේ කොහෙන්ද කියල ආපහු කියවල ඉන්න ඕන. ආයෙත් කමෙන්ට් එකක් දාන්නම් කියවල. දන්නවනේ, කිව්වොත් ආපහු එනවා අනිවා.

    ReplyDelete
    Replies
    1. ඌට ලව්සික් බං.

      අපෝ ... බයෝ නං මට පේන්න බෑ. මොන මල ඉලව් සබ්ජෙක්ට් එකක්ද, කාටද ඕවා අහගෙන ඉන්න පුළුවන්. මැත කරානම් මුං ටිකට ඒ වෙලාවෙ ආතල් එකේ ගානක් හදන් ඉන්න තිබ්බා.

      Delete
    2. //ඈ බං, මේක පටන් ගත්තෙ කොහෙන්ද කියල උඹටවත් මතකද.
      මටනං ඉතිං මතකයි...

      ලව්සික් කියන්නේ හෙන චාටර් ලෙඩක් නේ...

      Delete
  2. කාලෙකට පස්සේ නේද? පළවෙනි පින්තූරේ දැක්කාම නම් මටත් බඩගින්නක් ආවා. මේ ළමයි ටික පන්තියේ තියාගන්න මිස්ලට කොච්චර අමාරු වෙන්න ඇත්ද?

    ReplyDelete
    Replies
    1. අනේ මංදා ඉතිං ඒගොල්ලොත් කොල්ලොත් එක්ක අවුරුදු ගානක් තැම්බිච්ච ඈයොනේ...

      Delete
  3. oya digatama liyane nahane malli. meka lassanai. next episode eka ikmanata publizh karana.

    Nadee

    ReplyDelete
    Replies
    1. අන්න වර්ඩ් එක..
      එපිසෝඩ්...
      වෙලාව තමා නැත්තේ ඉතිං..
      බලමුකෝ නේ...

      Delete
  4. තරියා මලේ, උඹ ලියන කතා හොඳයි සිරාවටම. වැඩි විච්චූරණ නෑ. සරලයි. ඒකට මං කැමතියි.

    ඒත් මටත් හිතුනෙ DDT කිව්ව එකමයි. කොටස් කතාවක් ලියද්දි කොටස් දෙකක් අතර කාලය මීට වඩා අඩු කරන්න පුළුවන් නම් හොඳයි කියලයි මට හිතෙන්නෙ.. නැත්නම් මුල් ටික අමතක වෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත...
      මාත් අකමැතියි මේ මෙගා මඟුල් ලියන්න..
      ඒත් ඉතිං විස්තර කර කර ලියද්දි නිකංම දිග්ගැස්සෙනවා...

      Delete
  5. මචං මං මේකෙ ඔක්කොම කිය්ප්ල නෑ.. මැදදි දාසක එක කොටහක් නං කියෙව්වා. ඔක්කොම කියවන්ඩ එන්නං දවසක ! එතෙක් ජය!!

    ReplyDelete
    Replies
    1. මට හැමදාම ඉතිං ජය තමා බං.... ^_^

      Delete
  6. උබලට වෑඩියෙන්ම එන දෑනිම බඩගින්නද බන් ? (අටම්පහුර පොඩ්ඩක් බලන්ඩො )

    ReplyDelete
    Replies
    1. හැදෙන වයසේ උංට ඉතිං ඒක තමා දැනෙන්නේ...

      Delete
  7. මේ කතාව කියවනකොට ආයෙත් ඒ ලෙවෙල් කාලෙට හිතින් යන්න පුළුවන්..
    දිගටම ලියන්න තරියා..

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.....
      ලියනවා...

      Delete
  8. අනේ ඔව් බන් ඉක්මනට දාපන්,සතියක් ගානෙ විතර දාපන්, :D

    ReplyDelete
  9. දැන් කතාව ටිකක් ඇදි ඇදි යන්නේ

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????