ලගින්ම ඉන්න කස්ටිය

Saturday, January 26, 2013

පොල් සෙවන ආහාර වැඩසටහන අංක 1



කෑම කියන එවුවා එක එක විදිහට හදන්න පුළුවංනේ.. 
මං මේ ඊයේ නිකං ඉන්න එකේ තිබ්බ ජාති ටිකක් කලවං කරලා අමුතු කෑමක් හැදුවා. 
ඒක හදලා කෑවෙත් මමම තමා. අවුලක් නෑ, පට්ට රසයි. 
වැසිකිලි ප්‍රශ්ණ ඇති උනෙත් නෑ..


හොදයි මුලිංම අපි බලමු අවශ්‍ය අමුද්‍රව්‍ය මොනාද කියලා.

කොත්තු මී නූඩ්ල්ස් පැකට් දෙකක් (ඔබගේ බඩගින්නේ අඩු වැඩිය අනුව පැකට් ප්‍රමාණය වැඩි කර ගන්න)



තුං හුලස් චීස් කැබලි 2ක්



සොසේජස් දෙකක් (එයත් අත ඇති මුදල අනුව අඩු වැඩි කර ගන්න, තමා නිර්මාංශ නම් ඒ වෙනුවට එලවලු සොසේජස් යෙදිය හැකි අතර සොසේජස් නොදමා පිසීමටද ඇහැක)



ආහාර ගබඩා කල ශීතකරණයක්. (මෙහි අපේ ගෙදර ශීතකරණයේ මෙන් තක්කාලි කැරට් මිරිස් පරණ පොල්සම්බෝල ආදිය තිබිය යුතුය)



සාස්පානක්, පියනක්, වතුර කෝප්ප දෙකක්, හැන්දක්, ලිපක්, ගෑස් සිලින්ඩරයක්.

මුලිංම තමාගේ අත් හොදින් සෝදා ගන්න. වැසිකිලි යාමෙන් පසු ඔබේ අතැගිලි අතර හිරවූ ඊ කෝලායි බැක්ටීරියා සිටිය හැක. අත සේදීම සදහා රතු ලයිෆ් බෝයි නිශ්පාදන යොදා ගැන්මෙන් බැක්ටීරියා 99%ක් ඉවත් කර ගත හැක.



ඉන්පසු භාජන පිරිසිදු කර ගත යුතුය, ඒ සදහා මම විම් ඩිෂ් වොෂ් බාර් අනුමත කරමි.
සියල්ල පිරිසිදු කර ගත් පසු වතුර කෝප්ප දෙක භාජනයට දමා ලිපේ තබා ගිනි දල්වන්න.

දැන් ඉක්මනින් තමන් ලග තිබෙන කොත්තු මී පැකට් දෙක කුඩේ කුඩු කර ගන්න.



ඉහත පිංතූරේ වගේ කන්න ආසනං කුඩු නොකරන්න.

පැකට්ටුව ඇතුලේ ඇති තෙල් පැකට්ටුව සහ රසකාරක පැකට්ටුව ඉවතට ගෙන නූඩ්ල්ස් සියල්ල භාජනයට දමන්න.

දැන් ඔබගේ සොසේජස් දෙක, (ඔබගේ කිවුවට ඔබ මිලදී ගත් ඈ...) කැබලි වලට කපා උඳුන මත ඇති බදුනට දමන්න.

දැන් ඉක්මන් කර තුං හුලස් චීස් කැබලි අතින් පොඩි කරමිං භාජනයට දමන්න.

දැන් ඔබට පෙනෙනවා ඇති භාජනයේ වතුර සෙමින් සෙමින් කිරි පැහැයට හැරෙනවා.



මේ අවස්ථාවේ පෙන දමමින් උතුරන විට එය ඉක්මනින් හැදි ගා පියනකින් වසා දමන්න.

දැන් නූඩ්ල්ස් පැකට්ටුවෙන් ගත් රසකාරක හා තෙල් පැකට්ටු කපා භාජනයට එක් කරන්න.

යොදාගත් අමුද්‍රව්‍ය මදි යැයි සිතෙන්නේ නම් ශීතකරණය විවර කර අමු මිරිස් තක්කාලි කැරට් වැනි දෑ හොදින් සෝදා සිහින්ව කපා නූඩ්ල්ස් බදුනටම දමන්න. ඒත් මදියි කියලා හිතෙනවනං ෆ්‍රිජ් එකේ තියෙන පොල්සම්බෝල ටිකත් හෙමින් එකතු කර හැදි ගාන්න..

දැන් ඔබේ ආහාර පිසින බඳුන මෙසේ දිස්වනු ඇත.



වතුර අඩුවී අඩිය ඇල්ලීමට ඔන්න මෙන්න තිබියදී ලිප නිවා භාජනය ගෙන පිගානට දමාගෙන ආහාරයට ගන්න.

හුටා භාජනේ ලිපෙං බානකොට රෙදිකෑල්ලක් යූස් කලේ නෑ නේද? අත පිච්චිලාද????????

වතුරට අල්ලලා නිවෙනකං ඉන්න.

සනීපයි වගේනං නූඩ්ල්ස් ආහාරයට ගන්න. මතක ඇතුව භාජන සෝදා තබන්න. නැත්නම් අම්මාගෙන් හෝ පෙම්වතියගෙන් බැනුම් ඇසීමට සිදුවනු නිසැකය.

තරී මොකෝ කරන්නේ??????????


බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

83 comments:

  1. ඊයා බන් ඕවා කාලා බඩ බුරුල් නොවුනට බද තද වෙලා ආයේ ජීවිතේට ටොයිලට් යන්න වෙන්නේ නැහැ.සූස්ති කරන්න වෙයි පස්සේ සබන් කෑල්ලක් උල් කරලා.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං...
      කාලා බලහංකෝ..
      උඹ ආයේ කයි..

      Delete
  2. හපෝයි...ඒ පාර මේ සෙට්ටි මේකටත් රිංගලා...
    පව් බං උඹ..
    උයන්න දන්නෙ නැති නිසා උඹද උයන්නේ.....:P
    @ හිතේ උපන් සංවේගයෙන්...

    ReplyDelete
    Replies
    1. උබලෑ ඉරිසියාව බං....
      අනුෂ්කා දන්නවා හොදට උයන්න..
      චපාති එහෙම හදනවා..
      අම්මා...

      Delete
  3. සමහර විට හෙට වෙද්දී මොනාහරි වෙයි.කොහොමත් සතියකින් විතර උබ මලේ නැත්නම් පොස්ට් එකක් දාපන්කෝ.
    පන යන්න හිනා මේක ලියල තියෙන විදිහටයි කෑම එක හදල තියෙන විදිහටයි..... :D :D

    ReplyDelete
    Replies
    1. දැං කාලා දවස් තුන හතරක් වෙනවා..
      තාම කිසිම අතුරු ආබාධයක් නෑ...

      Delete
  4. මූට නං පිස්සුව හොදටම තද වෙලා...හික්ස් හික්ස්

    ReplyDelete
    Replies
    1. එතකොට ලොයිඩ් ඕපාතලලටත් පිස්සු ඈ...
      බෑනේ කරන්න දස්සයාට තැන නෑ ලංකාවේ..

      Delete
  5. මේක තනිකරම ඇඩි එකක්නේ බං.. හි හි

    ReplyDelete
    Replies
    1. ඉතිං එහෙම තමා හිරු අක්කේ අර ප්‍රෝග්‍රෑං වලත් කරන්නේ..
      ඇයි දැකලා නැද්ද?????

      Delete
  6. "සියල්ල පිරිසිදු කර ගත් පසු වතුර කෝප්ප දෙක භාජනයට දමා ලිපේ තබා ගිනි දල්වන්න" එතකොට මේ වතුර කෝප්ප වීදුරු එවුවද ප්ලාස්ටික් එවුවද ගන්න ඕනේ? එවුවත් භාජනේටම දැම්මට කමක් නැතෙයි ?

    මගේ රෙසපිය හොරකම් කලාට මං දානවා නඩු..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. මොකෙං දැම්මත් කමක් නෑ වතුර දාන්න ඕනා..
      අනික මේක මේ මමම හිතලා හදපු රෙසපියක්...
      හඃ මෙයාගෙලු...

      Delete
  7. හදපු එකේ රූපෙකුත් දැම්මානම් හිතාගන්න තිබ්බා කෑමෙ තත්වය...

    ReplyDelete
    Replies
    1. හදපු එක මේක දාන වෙලාවේ බඩේනේ...
      රස වැඩිකමට පොටෝ ගගහ ඉන්න බැරි උනා...

      Delete
  8. මේක කෑවොත් නම් හෙට එන්න වෙන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. දැං ආවනේ...
      හදාගෙන කාලා බලහං..

      Delete
  9. බඩ යනකොට බොන්නේ මොනවද

    ReplyDelete
    Replies
    1. සාමාන්නෙං කෝප්, අසමෝදගං වගේ එවුවා නේ...

      Delete
  10. දැක්කත් බඩ රිදෙනවා! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පල පල යන්න....
      උබට හදලා දුන්නනං නොකා ඉදී...

      Delete
  11. අර කියනව වගේ කියවනකොටත් බඩ රිදෙනවා වගේ.... මටනම් ඔය පිරිමි කුස්සියේ උයල ඉවර උනාම අස්කරන එක මතක් වෙනකොට මොන අමාරුවෙන් හරි මමම උයාගන්න එක හොදයි කියල තමයි හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඒ සිරාවට බඩ රිදෙනවැයි???????
      මදෑ අළුත් ක්ෂේත්‍රෙකට බහින්න ගියා...

      Delete
  12. mee uba oya ad danda kiyak gaththada??

    Owwa kala mona ledak hadeida dan na.dawasama kanthoruwe nawatinna unot ehema..

    Blapan Anushka mala anayak neda bn,meki anthimata methanatath panalane.. :p

    ReplyDelete
    Replies
    1. එහෙම කතා කරන්න එපා ඈ..
      මට තරහා යනවා...
      අනුෂ්කා තමා මාව කෑම හදන්න දිරිමත් කරන්නේ...

      Delete
  13. ඉතා රස කෑමක් බව කියා ඇති සැටියෙන්ම පෙනී යයි..දක්ෂ සූප වේදියෙක්ගේ සලකුණු පෙන්නුම් කරනවා තරියා..!!

    ReplyDelete
    Replies
    1. අන්න රූට විතරයි තේරුනේ...
      කොයිද මේ අනිත් උංට තේරෙන්නෑනේ...

      Delete
  14. Mage aluth kaama warga hadana kalaawa copy kalaa neda??? Holaa....

    ReplyDelete
    Replies
    1. පිස්සුද මෙයා...
      මේ මගේ සහජයෙං ආපු දක්සතාවයක්...

      Delete
  15. බොට මේකට ගෙව්වද කම්පැනි වලින්??

    ReplyDelete
    Replies
    1. සල්ලි වලට යට වෙන සූපවේදියෝ ඇති..
      ඒත් මේ තරියා සල්ලි වලට යට වෙන්නෑ ඈ...
      අපි යට වෙන්නේ වෙන වෙන එවුවට..
      @සෑමට පොර ටෝක් එකක් දෙමිං

      Delete
  16. යකෝ මේක තනිකරම ටි වී එකේ යන ඇඩ් එකක් වගේනේ..උඹට කියක් ගෙව්වද කියපන් මේ කොම්පැනි ටිකෙන්...ලොල්...

    ReplyDelete
    Replies
    1. මේ සල්ලි ගැනනං කතා කරන්න එපා සිම්බා ඈ..
      එවුවා උබලට අදාල නෑනේ..
      දීපු දේ හදාගෙන කහං...

      :පී

      Delete

  17. මැරෙන්න හිනා ගියා බන් මේක තනිකරම ඇඩ් එකක් ...

    ReplyDelete
    Replies
    1. වැඩසටහන් මැද්දේ ඇඩ් යනවා තමා..
      නැත්තං ජීවත් වෙන්නේ කෝමෙයි?????

      Delete
  18. ලයිෆ් බෝයි ඇඩ් එක හෙළාදකිනව. හලාල් ඇති කියල හිතෙන නිසා.

    මේක ලොඩ් වෙන්න පැය එකහමාරක් ගියා. rss වලින් බලල නිකාඉන්නව. හදනකල් ආය කමෙන්ට් නෑ.

    අමු තෙල් කාල බයන්න ඩයන්න ගියෙ නෑද බං

    ReplyDelete
    Replies
    1. ලයිෆ්බෝයි හලාල්ද බං???????
      මං දන්නෑ...
      ඒ මොකක්ද බං ලෝඩිං කේස් එක..
      තව ටිකක් විස්තර කරහං පෑදිලි මදි...
      බඩ යන්නෑ හදං කාලා බලහං..

      Delete
    2. kiyanna lejjai bn. Mage net aulak thibila thiyenne. Dan hena wath ne. Hithanna epa e gena

      Delete
  19. මොකක්ද බං අර මුට්ටිය. එක මලේ කෙලින්ම රසායනාගාරයක වැරදුන පර්යේෂණ නළයකින් එක දුම වගෙයි.

    ReplyDelete
    Replies
    1. ටිකක් ඒ වගේ ආවා මට හැදි ගාන්න අමතක උනු වෙලාවේ...
      මෙවුවත් ඉතිං එක්තරා ආකාරයක පර්යේසන තමා..

      Delete
  20. Replies
    1. අමුතුදත් අහනවා...
      අමුතුයි අමුතුයි..
      හැබැයි රහයි..

      Delete
  21. කෑම නම් රස ඇති කියල හිතෙනවා. මාත් හදල බලන්න ඕනේ මේකට රිප්ලයි එකක් ආවට පස්සේ.. :D

    ReplyDelete
    Replies
    1. රසයි රසයි බං..
      හදලා කාපං..
      මං නේ කියන්නේ..

      Delete
  22. කාපු උන් සනීපෙන්ද බොල?....

    ReplyDelete
    Replies
    1. සැපෙං සනීපෙං..
      මේ ඉන්නේ මං...

      Delete
  23. යකෝ මේක ඇඩ් ලෝකයක්නේ. ශාන්තා මායාදුන්නෙවත් (නම හරිද මන්දා) ටීවී එකේ උයද්දි මෙච්චර ඇඩ් දාන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ශාන්තා මායාදුන්නේ කියන්නේ අර උයන එක්කෙනාද?
      මට නම මතක නෑ...
      ඇඩ් නැතුව වැඩසටහන් කරන්න අමාරුයිනේ අයියේ අදකාලේ...

      Delete
    2. අඩේ ... උඹ 27 රෑ කමෙන්ට්වලට රිප්ලයි කරලනේ. මම හිතුවෙ උඹ 27 හවස කනමදය වගේ ගෙදර ඇවිත් වැටිල දොයියගනියි කියල.

      Delete
    3. අපි ඉතිං ඔය සුරාවට සූදුවට නැති බෝ පැල වගේ කොල්ලොනේ....

      Delete
    4. බෝ පැලේ ????? ඕ ... යා යා. වෙලාවට උඹ මල්වත්ත මැද මුල් ඇදුනෙ නැත්තෙ.

      Delete
    5. මාත් බයේ හිටියේ මුල් ඇදෙයි කියලා..
      හොද වෙලාවට ඇදුන්නෑ..

      Delete
  24. තරියෝ... තවම මුකුත් උනේ නෑ නේ?

    කොහොම උනත් බෝඩිං කාරයන්ගේ ‘ඉවීම පිළිබඳ තෙවන නියමය‘ (උයන දේ කොච්චර චාටර් උනත් ඒක කාල ලෙඩ වෙනවනං අඩුවෙංම ලෙඩ වෙන්නෙ උයපු එකා) ඔප්පු කරන්න පුළුවං හොඳ උදාහරණයක්.

    ReplyDelete
    Replies
    1. නෑ බං..
      පුල් පිට් එකේ ඉන්නවා ඈ...

      බෝඩිං කාර කේස් කෙසේ වෙතත් අපේ අම්මා ඇතුලු ගෙදර හැමෝම මට කියන්නෙත් බෝඩිං කාරයා කියලා තමා...

      Delete
  25. නියමයි තරියෝ උබේ කෑම නම්..
    ඒත් මේ අර චීස් කෑලි තුන් හුලස් ඒවම ඕනිද?..

    ReplyDelete
    Replies
    1. මං නං දැම්මේ තුං හුලස් එවුවා තමා..
      අර ඝණකං චෙඩාර් චීස් දියවෙන්න හොරයි නේ???????

      මංදා ඉතිං දාලා බලහංකෝ...

      Delete
  26. උඹ මේවද අනූ ශූටින් ගිහින් එද්දි හදලා දෙන්නේ.. පවු බං ඒකි...

    ReplyDelete
    Replies
    1. අනූ හරි කැමතියි මං හදන එවුවට...
      ඒත් ඉතිං හැම තිස්සෙම හැදෙන්නෑ...
      සර්වන්ට්ස්ලා ඉන්නවනේ...

      Delete
  27. හිටපන් අද මේක හදන්ට TRY එකක් දෙන්ට ඕනි... එල..

    ReplyDelete
  28. හදලා බලන්ඩ ඕනේ

    ReplyDelete
  29. ඊඊඊඊඊඊඊඊඊඊඊ.... මේක කාලා ජීවත් වෙලා ඉන්නවා කියන එකනම්....,,,,

    හෆ්ෆටසිලි!! අනුෂ්කා මේකටත් ඇවිල්ලා... ඉවරායි!!!

    ReplyDelete
    Replies
    1. අනුෂ්කා දැං හැමතැනම නේ...
      කාලා බලනවා ඊයා ගාන්නැතුව...

      Delete
  30. Replies
    1. හන්ඩ්‍රඩ් පසන්ට් සුවර්!!!!!!!!!!

      Delete
  31. වෙලා තියෙන වේලාවක අත්හදා බලමු.
    හැබැයි අප්සෙට් එකක් උනෝත් මේ පැත්ත අහලක නම් ආයේ එන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න එපා ඉතිං ඈ....

      Delete
    2. හරි, එහෙමනම් වෙන කොන්දේසියක්,
      වැඩේ වැරදුනොත්,
      පොල් සෙවන ආහාර වැඩසටහන අංක 2 වත් වර්ජනය කරනවා.
      හැබෑටම ඔයාද ගෙදර උයන්නේ....?

      Delete
    3. මේං බලහල්ලකෝ..
      නෑ නෑ රෑට ඇහැරිලා ඉන්න රෑ වැඩ තීන හොර පොල් කඩන්න යන දවස් වලට පමණක් බඩගිනි හැදුනොත් මොනාහරි හදං ආමාසගත කර ගන්නවා....

      Delete
  32. උඹ තාම ටොයිලට් එකේද....

    ReplyDelete
  33. මගේ ප්‍රියතම කෑම කොත්තු මී... ඒකත් එපා වෙන වැඩක් වේවිද මේ විදියට කෑවොත්...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එපා වෙන්නෑ හරියට හැදුවොත්...
      කාලා බලන්ට...

      Delete
  34. අපෝ.... මෙයා ඇඩ් ගොඩක් දාලා....හික්.....
    හැබැයි මේ අච්චාරුව රසයිද දන්නෙත් නෑ ......

    ReplyDelete
    Replies
    1. ඇඩ් නැතුව ප්‍රෝග්‍රෑං කරන්න පුළුවංයැ...
      අච්චාරු රසයිලු නේ??????

      Delete
  35. මම ඔය විදියටම මේ උපදෙස් අනුගමනය කොරමින් එකක් හදලා බැලුවා.. අවුලක් උනෙ නං නෑ....

    ReplyDelete
    Replies
    1. කෝමද පට්ට රහයි නේ????????

      Delete
  36. මේක බොල එහෙං පිටින්ම ඇඩ් ගොඩක්නෙ...මළබද්දය ඇතිවුන වෙලාවක...ඒක නැති කරන්න හදාගෙන කන්න රෙසිපිය අරන් තියාගන්නම්.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මේක ඖෂධීය වටිනාකමකින් යුක්ත ආහාරයක්...
      තැංකූ සිරා අයියේ ඒ ගැන මට තේරුං කරාට..

      Delete
  37. තරියෝ අපි සාමාන්‍යෙයන් කෑම උයන්ඩ පොල්ලි කිරි පාවිච්චි කලාට භූතානෙ උං චීස් තමයි අපි පොල් කිරි වගේ කෑම වලට දාන්නෙ. එහෙම දාල උයපුවම පට්ටම රසයි. එක දවසක් මගේ භූත යාලුවො සෙට් එකක් දුන්නනි නියම භූතාන කෑම වේලක් කෑව බුරිය උල් වෙන්න. භූතානේ ගෙදරට අවශ්‍ය චීස් ටික ගෙදරදිම හදා ගන්නවලු!

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????