ලගින්ම ඉන්න කස්ටිය

Tuesday, June 4, 2013

කෙල්ල දාලා යනකොට අප්සට් තමයි මචං (සිහින සිතිවිලි 9)

කලින් කොටස් මෙතැනින් කියවන්න

සියලු දෙනා වීඩියෝව දෙස ඉතා ඕනෑකමින් බලාසිටියෝය.

එල මචං අවුලක් නෑ පට්ට..



මම කීවෙමි..

ඒම තමයි මල්ලි අපි වැඩක් කරාම.......


මාධව ඇහැක් ගසා සිනා සෙමින්ම කීවේය.

හරි හරි ඉතිං ඔච්චර උඩ යන්න එපා මාධව.
චායා මාධවට සිනාසෙමින්ම කීවාය........

අපි නැති වෙලාවෙ මෙතන මොකක් හරි වෙලා තියෙනවා වගේ නේද ප්‍රතිභා.......

ඔව් ඔව්. උනා ඇයි ඉරිසියාවද උබට.
මාධවයා ඇගට නොදැනී කියා දැමුවේය.

මාධවගේ කතාව නිසා චායා ලැජ්ජාවෙන් ඇබරෙන්නට විය.

ආ වැඩේ හරි වගේ. ඔය ඇබරෙන්නෙ.....

මේ යන්න සහන් බොරු කියන්නෙ නැතුව. රතු කර ගත් මුහුනෙන් යුතුව ඇය බොරු තරහක් මවා පාන්නට විය.........

චායා ඇබරෙනවා.... කෝ මේ ප්‍රතිභා සද්දයක්වත් නෑනෙ. මාධවයා කීය.

මේ ඉන්නවා අනේ. ප්‍රතිභාද පිලිතුරු සැපයීය....

ඒකනෙ මේ සහන් මේ ලමයට හරියට සලකන්නෙ නෑනෙ. පව්.. කියමින් චායාද සිනාසෙන්නට විය.

ඔයා මගෙං ගුටි කන්න එපා චායා.
ප්‍රතිභා බොරු තරහක් මවාගෙන ඇගිල්ලක් උරුක් කර චායාට කීවාය.

ඇත්තනෙ කිව්වෙ මම. චායාද කීවාය.

හරි එහෙනං අපේ වැඩ ඉවරයි.
අපි යනවා එහෙනං.
මාධව කීවේය.

දැන්මම?????? මැඩම්ට කියලම යන්න. ප්‍රතිභා කීවාය.

ප්‍රතිභා කැමතිත් නෑ ඕගොල්ලො යනවට.
විශේෂයෙන් සහන් යනවට.
චායා සිනාසෙන්නට විය.

නිකං ඉන්න චායා.... මෙයාට පිස්සු.......
මැඩම්ට කියලා යන්න මාධව. ප්‍රතිභා කීවාය.

හරි ඉතිං කෝ මැඩම්? එන්න කියන්නකො....... මාධව කීය.

ඉන්න. එන්න කියන්නං. ඔයා එනවද චායා. ප්‍රතිභා ඇසුවාය.

ඔයා ගිහිං කියන්න. මං ඉන්නං............

ප්‍රතිභා සිනා සී ශාලාවෙන් පිට විය.........

මොකෝ කිව්වද උබ????????
ශාලාවෙන් ප්‍රතිභා පිටවී ගියත් සමගම මාධවයා මගෙන් ඇසීය.

කොහෙ කියන්නද? කියන්න යනකොටම කව්ද මන්දා උලමෙක් කෑ ගැහුවනෙ. වැඩ ඉවරයි කියලා. මම කීවෙමි.

අන්න අන්න මස්සිනා. නොහැකියාව වහ ගන්න මාව අල්ලනවා. යකෝ ඕක කියන්න තොට පැයක් යනවද????????

හරි බං ඉතිං හිමින් සැරේ වට පිටාව හදා ගන්නකොට උබ කෑවනේ වැඩේ. මම සිනාසෙමින් කීවෙමි............

හරි කමක් නෑ. මට පේන්නෙ කැමතියි වගේ නේ චායා??? මාධව ඇසීය.

ඒ වගේ. ඒත් අනේ මන්දා........ චායා කීය. මම කෝකටත් අහලා බලන්නංකො.

වෙලාවේ හැටියට මට හිනාවෙනවා ඇරෙන්න මොනවා කියන්නදැයි හිතාගන්නට බැරි උනා..

තෑංක්ස් චායා. මේ වස්සට කෝම හරි වැඩේ ගොඩ දාලා දෙන්න. මාධව කීය........

මං ෆුල් ට්‍රයි එකක් දෙන්නං ඉතිං. චායාද සිනාසෙමින් කීවාය. මෙයා දැංම බය වෙලානෙ. හිනා වෙලා ඉන්න හලෝ..

හි හි. කව්ද බය උනේ.. මම කීවෙමි. දැං මාත් එක්ක ආපු අනිත් එකාට හරි ගිහිං කියන්නෙ ඇත්තද චායා????????

චායා මාධව දෙස බැලුවාය...........

තොට ඕන්නැති මගුලක් නෑ. මාධව කීවේය.

හරි හරි. ඔන්න මං කට වැහුවා..

අප තිදෙනා කතා කරමින් සිටින විට ප්‍රතිභා ගුරුතුමියත් සමග පැමිනෙන්ට විය.

වැඩ ඉවරද පුතාලා??????? ඇය ඇසුවාය.

ඔව් මැඩම්. අපි යන්න කියලා. මාධව කීවේය.

අනේ ලොකු උදව්වක් පුතාලා මේ කරේ. අපිට මේ වැඩ ටික කර ගන්න විදිහක් නැතුව හිටියේ.
බොහොම ස්තූතියි. ඇය ස්තූති පූර්වකව කීවාය.
අපි හින්දා හරි කරදරේ නේද? දවස් දෙකක් ඉස්කෝලෙ ගියෙත් නෑනෙ. ඕගොල්ලො කෑවද??????? ඇය ඇසුවාය.

ආ ඔව් මැඩම්...... ඒවටත් ස්තූතියි. මම සිනාසෙමින්ම කීවෙමි.

අයියෝ අපිනෙ තෑංක් කරන්න ඕනෙ. දැං පුතාලා ඉස්කෝලෙටද යන්නෙ?

නෑ මැඩම්. දැං ඉතිං වෙලාවක් නෑනෙ. අපි මෙහෙම්මම ගෙදර යනවා. මම කීවෙමි.....

හොදයි එහෙනං පරිස්සමෙං. පුතා ඩේ එක තියෙන්නේ 15 වෙනිදා. අනිවාර්යයෙං එදාට එන්න ඕනෙ හරිද?

හි හි. හරි මැඩම්. මාධව කීවේය....

හරි පුතාලා එහෙනං පරිස්සමෙං ගිහං එන්න........ අනේ ධම්මිකා මැඩම්ටත් තෑංක් කලා කියන්න.

හරි මැඩම්. කියමින් අප දෙදෙනා ඇයට දන ගසා වැන්දෙමු.




ඇය අපත් සමග සිනාසී පිටව යන්නට විය. අප දෙදෙනාද අප දෙදෙනාගේ කලමනා ආදිය සූදානම් කොටගෙන පිටව යන්නට සූදානම් විය.

අනේ ෂුවර් එකට ඩේ එක දවසට එන්න හරිද?????? තැන්ක්යූ වෙරි වෙරි මච්. ලොකු උදව්වක් ඕගොල්ලො මේ වෙලාවෙ අපිට කලේ. ප්‍රතිභා කීවාය.

අයියෝ සුළු දෙයක්. ඕන දෙයක් තියෙනවනං කියන්නකො. හරිද? මාධව කීවේය.

මමද සිනහවක් පා ශාලාවේ දොර වෙතට යන්නට විය........

යුවතියන් දෙදෙනාද අපත් සමගම පාසල් ප්‍රධාන දොරටුව වෙත යන තුරුම යම් යම් දේවල් කතා කරමින් ආවෝය.

අප  ඔව්න්ගෙන් සමුගෙන පාසල් ගේට්ටුවෙන් පිටතට පැමින එකිනෙකාගේ මුහුනු දෙස බලා සිනා සෙන්නට විය.



සිරා නේ බං? මාධව මගෙං ඇසීය.

අනේ මන්දා බං.

හි හි ඒ මොකෝ?

හිතට නිකං හරි නෑ වගේ.

ඔහොම තමයි බං. කෑල්ල ඇතුලෙ උබ එලියෙ. ආයෙ සෙට් වෙයි දවසක.

හ්ම්ම්ම.. ඒක නෙමේ. උබ චායත් එක්ක සෙට් උනාද?

හී.... ඔව්..

නෑ............... දීපං මස්සිනා අත. ඉතිං. මොකෝ උනේ?

මං කැමතිද කියලා ඇහුවා. කැමතියි කිව්වා.

යකෝ මාර යාළු වීමක්නෙ. ක්ෂනික නූඩ්ල්ස් වගේ.

පිස්සුද බං. ඒකි මුකුත් කිව්වෙ නෑ. මං නයෙක් ඇරියෙ.

එහෙනං ඒකි ඇබරි ඇබරි හිටියෙ ඇයි.

චායාගෙ කැමැත්තකුත් තියෙනවා බං. ඒ උනාට එහෙම ගහෙං ගෙඩි එනවා වගේ කියන්න පුළුවංද බං? චාටර් වෙන්න බෑනෙ.

තෝ මට නේ කියන්නෙ අහපං අහපං කියලා. බලහං තෝත් එහෙමනෙ.

මගුල. යකෝ චායව මං දැක්කෙත් මේ වැඩේට ඇවිල්ලනෙ. තෝ එහෙමද? මාස කීයක් තිස්සෙ පැනි හලනවද? ක්ලාස් එකෙයි අරහෙයි මෙහෙයි.

හරි හරි බං. ක්ලාස් එකේ කියලා මොකෝ එක පංතියෙද? ඒකි කොමස් අපි බයෝ.

කොහොම හරි චායා කියපු විදිහට ප්‍රතිභා සීන් එක දන්නවා.

නෑ............

නෑ නෙමෙයි ඔව්.

ඉතිං.

ඉතිං ඒක තමා තොට කෙලිංම කියපං කිව්වෙ.

හ්ම්ම්ම්..

තිබහයි බං. මොනාහරි බොමු.

පයිං යන්නත් බෑ බං. ඔය 176යේ එල්ලියං උපවංසෙටවත් ගිහිං මොනා හරි බොමු.


එල


මාධවත් මමත් බොරැල්ල මංසංදියෙන් බැස සුපුරුදු උපවංසෙට රිංගා ගතිමු.

එහි ඉහල මාලයට ගොඩවැදුනු අප දෙදෙනා අපේ හිතමිත්‍ර සුමනේ අයියගෙන් බීම දෙකක් ගෙන එන ලෙස ඉල්ලා කතාවට වැටුනෙමු.

අනේ මන්දා බං. පිස්සු වගේ. මම කීවෙමි.

දැං ඕක අමතක කරලා දාපං. කෙලිංම ගෙදර යංද නැත්තං සෙට් එක ඉස්කෝලෙං පැනලා එනකං ඉමුද? මාධවයා ඇසීය.

අදනං රවුං ගහන්න බෑ බං. ගෙදර යමු නේ? මේ දවස් ටිකේ වැඩක් කෙරුනෙත් නෑනෙ.

එල එහෙනං. උබ අපේ ගෙදර අද ඉන්නවද?

නෑ නෑ. මං ගෙදර යනවා බං. උබලට වගේ අපිට අක්කලා නෑනෙ වැඩ කරලා දෙන්න. මම කීවෙමි.






සුමනේ  අයියා ඒ අතර තුර බීම බෝතල් දෙකක් ගෙනැවිත් තැබුවේය. මල්ලිලා කන්නෙ මොනවද?

පිස්සු කතා කරන්න එපා සුමනේ අයියා. අතේ පිච්චිය නෑ. මේකත් අද ණයට බොන්නෙ. මාධවයා කීය.


අන්න කවුන්ටරේ සල්ලි ගෙවල පලයං. සුමනේ අයියා එසේ කියා සිනහවේගෙනම වෙනත් මේසයක් වෙත ඇදුනේය.

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

23 comments:

  1. යකෝ කොච්චර කාලෙකින්ද මේ පෝස්ට් එක. දැන් මුල් කොටස් අමතකයි.

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද නලීන් අයියේ..
      වැඩ ටිකක් වැඩි උනානේ...

      Delete
  2. කොහේද බං මෙච්චර කල් ගිහින් හිටියෙ.

    බලාපං ඉතිං, අර විදියෙ මැඩම්ලත් ඉන්නවවේ - නරින්ට කිකිලියො බාරදීල යන.

    ගතවෙච්ච කාලෙ හැටියට මං හිතුවෙ දැන් අර කපල් එකේ පළමු ළමය ඉස්කෝලෙත් යනව ඇති කියල.

    ReplyDelete
    Replies
    1. මැඩංට කොල්ලො දෙන්නව විස්සාසයිනේ..
      ඒකයි..
      ටිකක් වහං වෙලා හිටියා...
      දන්නැද්ද...

      Delete
  3. මුල ටික නිකම් අවුල් වගේ කාලෙකින් නිසා සතියට පාරක් වත් ලියන්න

    ReplyDelete
    Replies
    1. දැං ලියන්න හිටපුවත් අමතකයි බං....

      Delete
  4. හොඳ වෙලාවට මගේ මතකේ හොඳ නැත්තන් ආයේ මුල ඉඳන් කියවන්න වෙනවා :v

    ReplyDelete
    Replies
    1. ඔය මතකේ දිගටම තියාගනිං බං....

      Delete
  5. අඩෝ තරියා.. අදද බං බ්ලොගක් තියනවා කියලා මක් වුනේ?? :ඩී මතකත් නෑ බං මුල කොටස් ටික......

    ReplyDelete
    Replies
    1. මතකනං තිබ්බා බං වෙලාවක් තමා තිබ්බේ නැත්තේ....

      Delete
  6. කාලෙකට පස්සෙ කොලුවා නින්දෙන් අහැරිලා තියෙන්නෙ...

    ReplyDelete
  7. මේ... අඩෝව්.... කතාව ලියනවාකෝ එක දිගට....:/

    ReplyDelete
    Replies
    1. ඉතිං හත්තිලව්වේ වෙලාවක් නෑනේ....

      Delete
  8. මාත් ලොප් වෙලා උඹත් ලොප් වෙලා. මේක නමේ අවුලක්ද බං.

    ReplyDelete
    Replies
    1. අනේ මංදා බං...
      නිකං හිස් වගේ නේ....

      Delete
  9. Replies
    1. වැඩ වැඩි උනානේ...

      Delete
  10. මූට මේක ලියන්න මතක් වෙලා තියෙන්නේ.. වැඩ අස්සේ උනත් වෙලාව හදාගෙන ලියපං බං..

    ReplyDelete
    Replies
    1. හි හි...
      ලියන්නෝනා ලියන්නෝනා....

      Delete
  11. දැන් ඉතින් අනිත් ටික මුල ඉදන් කියවන්න එපැයි, මතක නෑනේ.. :/

    ReplyDelete
    Replies
    1. ඉතිං කියෝපියකෝ...

      Delete
  12. දෙන්නටම ජය මංගලම් වගේ

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????