රෙද්ද රෙද්ද රෙද්ද...
සුරංගනීගේ අම්මගෙ රෙද්ද...
සුරංගනීගේ අම්මගෙ රෙද්ද...
ෆිසික්ස් පීරියඩ් එක ගෙවන්නේ කොහොමද කියලා
කල්පනා කර කර පන්තියට ගාටනකොටම පන්තිය පැත්තෙං ඇහුන බජව් සද්දෙං මගේ හිතේ තිබ්බ
කම්මැලිකම වාශ්ප වෙලාම ගියා..
මොකෝ බං මේ.. අද නැද්ද ලතාගේ ෆිසික්ස්???
උබ දන්නැද්ද??? ලතාගේ දුවට බබා හම්බෙලා.. ආං
ලතයි ප්‍රියන්ති මැඩමුයි දෙන්නම ගියා..
නෑ....
නෑ නෙමේ යකෝ ඔව්.. වරෙං පාටිය දාන්න..
පිසික්ස් පේපරේ හදන්නේ රෝසා රෝසා...
පිසික්ස් පේපරේ හදන්නේ රෝසා රෝසා..
පිසික්ස් පේපරේ හදන්නේ රෝ....සා...
උබම හදලා උබ ලියපං රෝසා....
පිසික්ස් පේපරේ හදන්නේ රෝ....සා...
උබම හදලා උබ ලියපං රෝසා....
බැහැපියව් ඩෙස් වලිං බිමට....
පිටිපස්සෙං ඇහිච්ච සද්දෙට මට හීන් දාඩිය
දාන්න ගත්තා..
මචං පීරා පීරා... කොටා හෙමීට කියලා සර්ගෙ
පැත්තට හැරුණා...
පන්තියේ හැම එකාම හ්ම් සද්දයක් නෑ.. ඩෙස් උඩ
ඉන්න උං හෙමිං සීරුවේ ඩෙස් වලිං බහිනවා.. හරියට වෙන එකෙක් ඌව උස්සලා ඩෙස් එකෙං
තිබ්බ ගානට.. පිස්සෝ වගේ සිංදු වලට නට නට හිටපු උං එලියට පැනලු ෂර්ට් දඩි බිඩි
ගාලා කලිසමට යට කරගෙන සීරුවෙං ඉන්න හදන හැටි දැක්කම මට හිනා යන්නත් ආවා...
ගුරුවරියක් පන්තියේ නැති වෙන්න බෑ මුං මෙතන
ජවුසං නටනවා.. අහල පහල පන්ති වල උගන්නන්නැද්ද??? කාලකන්නි.. පොතක් පතක් බලාගනිව්..
ආයේ සද්දයක් ඇහිලා තිබුනොත් පන්තියම දන ගස්සනවා දැනගනිං..
පීරිස් සර් බ්ලැක් බෝඩ් එක ගාව හිටං හිටපු
ළහිරුවට ටොක්කකුත් ඇනගෙන පංතියෙං ගියා..
ඇති යංතං ඔයිං ගියා.. මං හිතුවා මගේ බැජ්
එකටත් කෙල උනා තමා කියලා...
අනෙ උබේ බම්බුවේ බැජ් එක.. කොටා මට හින්ට්
පාස් කරන්න ගත්තා..
යකෝ මගේ බැජ් එක නැත්තං තොපි සේරෝම හැමදාම
ඉස්කෝලෙං එලියේ.. මතක තියා ගනිං..
දැං ඉතිං සිංදු කියන්නත් බැරි නිසා මොනා හරි
බඩට දා ගමු බං.. අම්බ බඩ ගිනියි..
හ්ම්ම් ඒකනං ඇත්ත බං.. ලකියා පුටුව පද්දන
ගමං කිව්වා..
මාධවයගේ බෑග් එකේ බත් එකක් ඇති ගනිං බං..
කෝ මාධවයා..
ඌ ඔෆිස් එකේ සීසන් බෙදනවා බං.. ඔය බත් එක
ගනිං කන්න..
බත් එක ලෙහුවත් හරි ගත්ත බත් මිට ඇරෙන්න ආයේ
බත් කනවා බොරු.. අපේ උං බත් එකේ කොලෙත් නැති වෙන්න කනවා..
ඒ මොකක්ද බං කරේ.. මාළු කෑල්ල එහෙං පිටිංම
උබ ගත්තා නේ.. දීපං කෑල්ලක්.. ළහිරුවා මගේ ලගට ඇවිත් අතේ මිට මොලවං හිටපු කෑලි
කෑලි උන මාලුවගේ කෑල්ලක් අරං කටේ දාගෙන ගියා..
කොටා කාලා ඉවර වෙලා ලංච් ෂීට් එකත්
ලෙවකනකොටනං මට වමනෙට වගෙත් ආවා...
මොකක්ද යකෝ කරන්නේ ඕක විසික් කරහං.. වමනෙට
වගේ තොගෙ වැඩ දැකලා....
ඈ යකෝ.. වමනෙට යන්න උබ බඩ වෙලාද.. නිකං බොරු
සුද්දා පාට් නොදා හිටහං සහනා...
කොටාගේ කතාවයි ඌ ඒක කියපු විදිහටයි මුළු
පන්තියටම හිනාව නවත්තගන්න බැරි උනා..
පීරියඩ් බෙල් එක ගහන සද්දේ ඇහුන ගමංම අපේ
සෙට් එකම පට පට ගාලා කාපු ඩෙස් එකෙයි වටෙයි අපි වපුරපු බත් ඇට සුද්ද කරන්න පටං
ගත්තා...
ඊලගට මොනාද බං තියෙන්නේ???
ඉංග්‍රීසි.. ලකියා මූන බෙරි කරගෙන උත්තර
දුන්නා..
නෙදකිං.. එහෙනං සහෝදර වරුණි.. අපි කැපුනා..
ජයවේවා ඈ..
ඒ උබ කොහේද යන්න හදන්නේ???
මං යනවා බං කැන්ටිමට...
තොට බඩම පලයං අම්මපා....
මං ගියාවේ ඈ...
අඩෝ මං පිනාට ගහනවා පෙත්සමක්.. උබ ප්‍රිෆෙක්ට්
බලතල දුරාචාරේ යොදෝනවා කියලා..
ආ ගහපං ගහපං.. මං කෑ ගහගෙනම සෙක්ෂන් එකෙං
පැන්නා...
෴ ෴ ෴
මචං උබ දන්නවද කොල්ලෙක් උනාම අවුරුදු 25
වෙනකං කෑල්ලකට සීරියස් බහින්න හොද නෑලු.. මාධව බස් එකේ මැද හරියේ හිටපු ඇන්ටි
කෙනෙක් දිහා බලාගෙන කිව්වා...
ඒ මොකද???
පසුකාලීනව දුක් වෙන්න වෙනවලු...
මට තේරුන්නෑ..
උබට තේරෙන්නැති නිසානේ මස්සිනා ඔය පීචං
කෑල්ලක් පස්සේ කෙල හලාගෙන යන්නේ.. මේකයි.. උබ සීරියස් කරනවා කියන්නේ තව කෑල්ලක්
දිහා හෘද සාක්කියට එකගව බලන්න බෑ කියන එකනේ..
ඔව්..
ඉතිං උබ දැං නොබලන කෑලි ආයේ නාකි වෙලා
බලන්නද යකෝ??? ඒකයි කිව්වේ පසු කාලීනව තරුණ කාලේ ලව් එකට යට කරපු එක ගැන දුක්
වෙනවා කියලා.. අර පුරාණ ඍෂිවරයෙකුත් කියලා තියෙනවනේ.. “කලබලවී විවාහ වන්නා
නිවිහැනහිල්ලේ දුක් වේ“ කියලා....
ආ එතකොට උබ ඒකයි මේ ඇන්ටිලා, නැන්දම්මලා
නංගිලා හැම එකාම දිහා බල බල ඇස් කරකන්නේ..අනේ නිකා පල ඩෝ යන්න...
නෑ නිකමට හිතහං බං අපේ ලයිෆ් එක ගැන.. එක්කෝ
කෙල්ලෝ, නැත්තං විභාග, එහෙමත් නැත්තං ඊට හපං ජල්බරි කේස් එකක්.. මේ ක්‍රමේ
හරියන්නෑ බං...
හරි දැං උබ මට මොකක්ද කියන්නේ???
උබට මුකුත් කිව්වේ නෑ මං කිව්වේ මට හිතුන
දේ... මොකෝ මං උබට පැහැදිලි උපදෙසක් දුන්නත් උබ අහන එකෙක්යැ..
ඒක නෙමේ බං..මං කල්පනා කරේ හෙට ක්ලාසුත්
නැති එකේ අර පැත්තේ පොඩ්ඩක් කැරකිලා එන්න..
කොයි පැත්තෙද???
බොරැල්ල පැත්තේ.. මං ලාවට හිනාවක් දාගෙනම
කිව්වා...
යන දීපංකරේක තනියම පලයං.. මට බෑ ඔය අව්වේ
කටු කන්න..
එහෙම නෙමේ ඉතිං.. පොඩ්ඩක් වරෙං.. හැමදාම
යන්න නෙමේනේ බං..
ඔය එක දවස වෙන එක තමා අන්තිමට ඩේලි වෙන්නේ.. ගියත් කමක් නෑ
වැඩක් වෙනකං.. ඕක තමා අර ඉංග්‍රීසියෙං කියන්නේ ඩේලි මොනාද කරත් නෝ චිල්ඩ්රන්
කියලා...
හරි හරි බං... හෙට ලෑස්ති වෙයං ඈ..
හරි එහෙනං.. වෙන මොනා කරන්නද ඉතිං..
බැරිවෙයිද
උබේ ඡායට කියලා සපෝට් එකක් ගන්න...
මගේ ඡායා???.. මේ මේ.. මගේ කෑලි නෑ ඈ.. නිකංම
නිකං ඡායා..
හරි හරි ඉතිං...
දැං මොන වගේ උදව්වක්ද උබට අවශ්‍ය කරන්නේ???
මාධවයා ඒක අහන ගමං දාපු කිංඩි ලුක් එකට මට බකස් ගාලා හිනා ගියා..
මේ.. ප්‍රතිභව අපි ගාවට එක්කං එන්න වගේ
උදව්වක්...
උබත් මාර උදව්නේ බං ඉල්ලන්නේ.. ඔයිට නරකද ප්‍රතිභව
ගෙදට්ට එක්කං එන්න බැරිද කියලා ඇහුවනං..
බැරිවෙයිද බං...
පුළුවං කමක් තිබ්බා.. ඒ කෙල්ලත් අර
මොන්ටිසෝරි යන කෙල්ලෙක්නං, අතිං අල්ලං එක්කං එන්න... අම්මපා උබේ මොලේ කොහොද
කියපංකෝ.. පහුගිය මාස තුන හතර ඇතුලත උබේ ඒ අවයවේ ක්ෂය වෙලාම ගිහිං වගේ මට
පේන්නේ...
මං මගේ මෝඩ
හිනාව මාධවයට දාලා වට පිට බල බල හිටියා...
෴ ෴ ෴
හයිලෙවල් පාර බහින්න...
කොන්දා කෑ ගහගෙනම ඉස්සරහා දොර පැත්තට ගියා..
කන්න පින තියෙනකොට ඉබ්බා එනවලු තුන පහත්
පිටේ තියාගෙනම. හයිලෙවල් පාරේ තියෙන මහජන බැංකුව ඉස්සරහා තියෙන ඒ.ටී.එම් එකේ ඉන්න
ප්‍රතිභව දැකපු ගමං මට ඉහිලුං නැති උනා...
මචං යකෝ අර බලපං.. වරෙං බහිමු බහිමු...
ඔන්න අද මං මුල්ම comment එක දැම්ම... හැමදාම වගේම ලස්සනයි කතාව,ඉක්මනට මේක ඉවර කරන්නකෝ අන්තිම ටික බලන්න. ඔයාට ප්‍රතිභ වගේම කෙනෙක් ලැබෙයි ගොඩක් හොඳින් ඉන්න.... :D
ReplyDelete//ඔයාට ප්‍රතිභ වගේම කෙනෙක් ලැබෙයි
Deleteහිනා යනවා ඈ....
හරෙ එ යාආආඅන්
ReplyDeleteආ.... එල එලෝ....
Deleteකියවං යද්දි හරි සමිප බවක් දැනෙනවා.. මචං උබ යෞවනගෙ පොත් ඒම කියෝල තියේද?/ ඉස්කෝලෙ කාලෙ ගැන තියන ඒවා ඒම??
ReplyDeleteයෞවනයා කියන්නේ අර නෝටිගේ කතා ලියන එකා නේ...
Deleteමං මිනිහා ගැන අහලා තියෙනවා, පොත දැකලත් තියෙනවා.. ඒත් කියෝලා නෑ බං..
වෙලාවක කියවන්න ඕනා...
හරි හරි දැන්නම් වැඩේ නැගලා යනවා වගේ!
ReplyDeleteයනවා යනවා...
Deleteදැන්නං පුතේ මටත් නිකං අම්මටසිරි කියවෙනවා උඹ ඒක ඉක්මනට නොදැම්මොත්...
ReplyDeleteඒ මක්කෙයි?????
Deleteතරියා මේ කතාව ලියන්නේ අත්දැකීම් බෙදාගන්නද නැත්තං නවකතාවක් විදිහටද?
ReplyDeleteනවකතාවක් විදිහට නම් සිද්දි ගලපද්දි තව ටිකක් හිතලා බලන්න..ප්‍රධාන කතාව ගලායන්න පහසු විදිහට සිද්දි ඇමිනුවාම ලස්සනයි කියලයි මට හිතෙන්නේ..
මගේ අත්දැකීම් නං නෑ.. යාළුවංගේ එව්වනං තියෙනවා...
Deleteදැන් මතකත් නෑ බොල කතාව...මීට කලින් කොටසෙදි උඹ ප්රතිබාවිව බැන්දද ඈ..
ReplyDeleteඋබට අර කන්ද නැග්ග දවසේ ඉදං ලාවට අවුල් නේ...
Deleteඅනේ දෙයියනේ.. මෙක මම ආයෙත් කියවන්න ඕනි දැන් :O :/
ReplyDeleteඉතිං කියවහංකෝ...
Deleteඅදමයි ඉස්සෙල්ල්ම කියෙව්වේ මුල ඉදන් කියවන්න ඕනේ කතාවක් වගේ. ලස්සනක් දැක්කා වෙනසක් එක්ක.
ReplyDeleteහික්ස්..
Deleteආ කියවන්නකෝ කියවන්නකෝ....
මේ කොටා ලා එහෙම හැම ඉස්කෝලෙකම හැම පංතියකම ඉන්නවා ඇති ද අප්පා...කොටාලා නැති තැනක් නෑනේ
ReplyDeleteසුළඟ වගේ ඇවිදින් එකෙත් කොටෙක් හිටියනේ..ඉස්කෝලේ කාලෙට හිත දුවගෙන ගියෝ...
උයාගේ කතාව ලස්සනයි, මට මග ඇරෙනවා :(
ඒකනං මටත් පුදුමයක් තමා..
Deleteහැම තැනම කොටෙක් ඉන්නා අතර උන්ගේ ගති ලක්ෂණ සැමවිටම සමාන වේ....
අඩෝ මේක කියවද්දි ආපහු ඉස්කෝලෙ කාලෙ මතක් වෙනව බන්
ReplyDeleteහික්ස්...
Deleteතරියගේ බ්ලොග් එක මගේ බ්ලොග් රෝලට එන්නේ නෑ. ඒ නිසා ගොඩක් මිස් වෙලා. මේ කොටස කියෙව්වා. හිත අතීතයට ඇදිලා ගියා. පාසල් කාලේ තමයි කෙනෙකුට තියෙන නිදහස්ම කාලේ. ඒවා තේරෙයි පහුවට.
ReplyDeleteමටනං ඒක දැනටමත් තේරිලා ඉවරයි....
Deleteපළවෙනි වතාවටයි කියෙව්වේ.......ඒත් ආස හිතුණා......ඉස්කෝලෙට දුවල ගියාවෙගේ......ලස්සන කථාවක් දිගටම ලියන්න එන පිළිවෙලට බලන්නම්......(ලස්සන නිසාම)
ReplyDeleteසිහින සිත්තම් (සිත්තමී)
ස්තූතියි සිත්තමී!!!!!!
Deleteඅඩෝ මෙ දැන්නම් මට පරම්පරාව මතක් කරන්න හිතෙනව උඹේ,මොකක්ද බන් ඉක්මනට දාන්න බැය්ද බන් ඉතුරු ටික දාපු දවසෙ ඉඳල හැමදාම ඇවිත් බලනව next part එක දාලද කියල,දාල නැතිඋනාම ඉතින් මල පනිනව,මේකත් නිකන් අර yawwana sameendra ලියන පොත් ලඟින් යනව බන්,ඒ තරම් ගති ,ඉක්මනට දාපන් ඉතුරු ටිකත්, (Y) :)
ReplyDeleteඑල එල මචං..
Deleteවෙලාව නැතිකමක් තමා තියෙන්නේ..
දාන්නං...
තරියා බස් එකෙන් නිකන් ගම්කබරයා වගේ බහින්න ඇති
ReplyDeleteඇවිත් යන්න එන්න >> " The අච්චාරු පිටුව "
මං මොකටද බං බහින්නේ?????
Deleteකතාවට පන ආවේ අන්තිම ටිකේ නේ... ඊළඟ කොටස බලමු
ReplyDeletehttp://uartss.blogspot.com/2017/01/blog-post_26.html
ReplyDelete