මොකෝ මේ පැත්තේ?????
එකපාරටම කතා කරපු පාරට කෙල්ල බය උනාද මංදා..
සුපුරුදු ඇස් ලොකු ලුක් එකම දාපු ගමං මටයි මාධවයටයි දෙන්නටම හිනා ගියා..
බලාගෙන නංගි ඇස් දෙක එලියට පනී..
ඕගොල්ලොනං මාර මිනිස්සු තමා මාධව.. මාව
ගැස්සිලා ගියා..
ඇයි මංකොල්ල කාරයෝ දෙන්නෙක් කියලා
හිතුවද????
නැතුව.. ප්රතිභාත් හිනාවෙන ගමංම කියලා
දැම්මා.. දැන්නං ඉස්සර වගේ ගල් ඉබ්බි වගේ නෑ හොදට කතා කරනවා...
ඉතිං ඉතිං මෙතන මොකද කරන්නේ??? මම ප්රශ්නෙ
කෙලිංම අහලා දැම්මා..
නෑ අනේ සහන්.. මේ මෙයාගේ ක්ලාස් ෆීස් ගෙවන්න
ආපු සල්ලියි පර්ස් එකයි දෙකම නැති වෙලා.. අද කාඩ් එක ගන්න ඕනෙනේ.. ඉතිං මගේ කාඩ්
එකෙං සල්ලි ගන්න ආවා මෙතනට..
ප්රතිභගේ යාළුවා බොහොම අසරණ හිනාවක්
දැම්මා...
අප්පා.. මාර සීන් එක.. කොහෙදිද නැති උනේ??
දන්නෙ නැහැ සහන්.. ඒක නෙමේ ඕගොල්ලෝ මොකෝ
මෙහෙ???
ඇයි අපිට නුගේගොඩ තහනංද??? අපි මේ ක්ලාස්
ආවා.. අද අපිට බයෝ.. ඕගොල්ලංට මොනාද???
අද ඉකෝන්....
සැසිප් එකේද???
හ්ම්ම්ම්..
යං එහෙනං.. අපිත් යන්නේ ඒ පැත්තට තමා...
෴ ෴ ෴
නුගේගොඩ
හන්දියේ ඉදං ටිකක් දුර යනකොටම මාධවයා ප්රතිභගේ යාළුවව කතාවට අල්ල ගත්තේ මට ප්රතිභත්
එක්ක කතා කරන්න කියලා මිනිහගෙ හිනාවෙන්ම තේරුනා...
ඒත්
ප්රතිභා දිහා බලාගෙන කතා කරන්න හිතේ හයියක් තිබ්බේ නෑ..
ක්ලාස්
ඉවරවෙන්නේ කීයටද?? නුගේගොඩ බස් හෝල්ට් එක පහුවෙනවත් එක්කම ඉවසලා
ඉවසලා ඉවසන්න බැරිම තැන මං ප්රතිභගෙං ඇහුවා..
මෙච්චර
වෙලා කවදාවත් දැකලා නෑ වගේ පේමන්ට් එක දිහාම බලාගෙන ඇවිද්ද එයා හෙමිහිට මගේ දිහා
බලලා හිනා උනා...
6ට..
ඉස්සරහ බලාගෙන හිනා වේගෙනම එයා කියපු විදිහට මට මුළු ලෝකෙම ලැබුනා වගේ සතුටක් ඇති
උනා...
ඡායා
කියපු එක හරි. එයා මට කැමතියි වගේ..
මං
පුළුවං තරං හිතට ගට අරගෙන ආයෙත් ගොලු වෙලා තිබ්බ මගේ කටහඬ හොයා ගත්තා...
6ට
ඉස්සරහා ගේට් එක ගාවට ආවොත් මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද???
ප්රතිභා
උත්තරයක් දුන්නේ නැහැ. මං ගොනා උනාද මංදා. කමක් නෑ ආයේ අහලා බලනවා කියලා හිතා
ගත්තා...
ඇයි
කතා නැත්තේ. මට ටිකක් කතා කරන්න ඕනා..
බැහැ.
මට පරක්කු වෙනවා.. එයා ඇවිදින වේගේ වැඩි කරන ගමන් ඒක කියාගෙන මාව පහු කරගෙන එයාගේ
යාළුවා ගාවට ගියා...
මට
තරහයි, දුකයි, පරාජිත හැඟීමකුයි මිශ්ර වෙච්ච මොකක්දෝ දෙයක් දැනුනා.. තප්පර ගානකට
කලිං තිබ්බ සංතෝසේ කොහාට උනාද කියලා මට හිතා ගන්නත් බැරි උනා. අනේ ඒ සංතෝසේ හැමදාම
තියා ගන්න පුළුවං උනානං...
මං
හිටපු තැනම නැවතුනා. පිටිපස්ස බලපු ප්රතිභා ඔළුව බිමට නවාගෙන ආයෙත් මං හිටපු
පැත්තටම ආවා...
හවසට
මාව ගන්න අප්පච්චි එනවා. ඉතින් මට පරක්කු වෙන්න බැහැ.. ලබන සතියේ ඩේ එක දවසට මං හම්බවෙන්නං..
කියලා
ආපහු හැරිලා එයාගේ යාළුවා ඉන්න පැත්තටම දුවලා ගියා....
මේක
හීනයක්ද දෙයියනේ... මට මගේ කන් දෙකත් විස්වාස නැති උනා...
කෙල්ලෝ කියන්නේ මහ තේරුං ගන්න බැරි ජාතියක්...
මචන් දාමුද හොද තෝසේ පාටියක්
ReplyDeleteඒ මක්කටෙයි බං???
Deleteඇයි යකො තොට දැන් සෙට් වෙන්න නෙ යන්නෙ
Deleteබලමු ඊළඟ කොටස..ලස්සනට ලියල තියෙනවා තරියෝ...
ReplyDeleteඊලග කෑල්ල එනකං තමා මේ මාත් බලං ඉන්නේ ^_^
Deleteතැංකූ ඈ..
එල ඈ.ඉක්මනට ඊලග එකත් දාමු
ReplyDeleteඅන්න එතන තමා පොඩි අවුලක් තියෙන්නේ....
Deleteතරියටත් චීත්තයක් දුර ඉදන් අතවනනවා වගේ
ReplyDelete" The අච්චාරු පිටුව "
මොන චීත්තද බං මේ අහිංසක අපිට...
Deleteකාලෙකට පස්සේ එකක් දාලා ටිකක් එක දිගට දාන්නකෝ
ReplyDeleteඒක තමා අමාරුම වැඩේ මචං...
Deleteපට්ට.හෙන පොඩ්ඩඉනේ එක පාරකට ලියන්නේ.ටව ටිකක් දික් කරානං හරි කතාව
ReplyDeleteඊලග පාර එහෙම කරන්නං...
Deleteවැඩි කරාමත් එපා වෙනවනේ...
අඩේ මං නිවාඩු ගත්ත කාලේ මේක ටිකක් දුරට ගිහින් නේ.. මොනා කරන්නද ඉතින්.. හෙමීට බලන්න ඕන..
ReplyDeleteඑච්චරමත් නෑ ඉතිං..
Deleteසේපර් එකේ බලන්නකෝ..
උඹ දැන් නෙත් එක්කද ඉන්නෙ ? ඉදලා හිටලා ලියවෙන හින්දා ඇහුවෙ...ජය !
ReplyDeleteනෑ නෑ..
Deleteනෙත් එකේ නෙමේ... :D
චුට්ට චුට්ටද දාන්නෙ ඇයි යකෝ..
ReplyDeleteමම වෙලාවකට කියවලා කමෙන්ට් නොකර යනවා.. කේන්තියට !
මොනා කරන්නද ඉතිං...
Deleteගැත්තාට අනුකම්පා කරන්ට...
මොකක්ද බං මේකේ තේරුම මල්ලි ටික ටික ලියන්නේ කියවන්න එපා වෙනවා බං මෙහෙම ලියද්දි ටිකක් දිගට ලියහන් කෝ
ReplyDeleteමටත් දැන්නං එපා වෙලා අයියෝ..
Deleteවෙලාව නැති නිසා...
මේක හීනයක්ද දෙයියනේ... මට මගේ කන් දෙකත් විස්වාස නැති උනා
ReplyDelete:D :D :D
හි හි එළ එළ......
එළද උබට??? :D
Deleteමගේ බ්ලොග් රෝලේ මාතලන්ගේ බ්ලොග් එකයි මේකයි දෙකම අප්ඩේට් වෙන්නේ නෑ. ඉතිං හොයාගෙන ගිහින් තමයි බලන්නේ.
ReplyDeleteතාක්ෂණික දෝෂ..
Deleteමගෙත් සමහරකගේ තියෙනවා..
එතකොටනං ඉතිං එපා වෙනවා ඈ...
(y) tikak wedipura !
ReplyDeleteදෙන්නං දෙන්නං...
Deleteඊලග එකේදි...
අදමද කොහෙද මේ පැත්තෙ ආවේ.. :O
ReplyDeleteසසිප් එකෙ පින්තුරයක් එහෙම තියෙන්නෙ.. :D ආයෙ ගිහින් ඔය ගැට්ට උඩ ඉදන් ඉන්න ආසාවෙ බෑ.. :D
ඒ ගැට්ට තමා නේ බං ගැට්ට... :D
Deleteපිළිගන්නවා කෙරුවාවට ඈ...
mokakda ban,ikmanata dapanko,mata ublei paramparawa mathakwenawa bn,den dawas kiyakada blapan,
ReplyDeletethariya mahatha, thawa dawas 3k athulata eelanga kotasa nodammoth kudu wenna wedi thiyanawa, sthuthyi.
ReplyDeleteps: kathawa lassanayi, kohoma hari welawak hoyagena eelanga kotasath danna :)
This comment has been removed by the author.
ReplyDeleteko bn ithuru tika?ikmanata dapanko
ReplyDeleteපිස්සුද බං ඔය කෙල්ලගෙන් කැමතිද කියලා අහන්න යන්නේ.... හොඳට දන්න දේවල් මොකටද අහලා දැනගන්නේ... :D
ReplyDelete