ලගින්ම ඉන්න කස්ටිය

Wednesday, December 26, 2012

ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි 21ක වෙලානේ...


පළවෙනි උපන්දිනේ පාස් කරලා නිකං අද ඊයේ වගේ, මෙන්න බොලේ 21ක්ලු..
ඇඩෙනවා....



21 කියන එකේ විසේසත්වය මොකක්ද කියලා බලමු...
  • දුම දාන එවුන්ට අවුලක් නැතුව දුං බට ගන්න පුළුවං කඩ වලිං, හැංගෙන්න අවස්ය නෑ..

Wednesday, December 19, 2012

මේ විපතකදී පිහිට වෙන ඔබට කෙරෙන ඇරයුමයි





පසුගිය දවස් කිහිපය ඇතුලත ලංකාවට ඇතිවුන අයහපත් කාලගුණ තත්වය නිසා අපේ රටේ මිනිස්සු ගොඩක් කරදර වලට මුහුන දුන්නා..

මේ වගේ දේවල් වලදි රටේ ලොකු ලොක්කො ක්‍රියාත්මක වෙන්න ඕන උනත් අර රටේ එහෙම දෙයක් වෙන්නෑ..

Sunday, December 16, 2012

වෑර්ලස් කතන්දරේ දෙවෙනි කොටස



ආරම්භ කර ගත්තු ගුවන් විදුලි සේවයේ ප්‍රධාන විකාශනාගාරය පිහිටලා තිබුනේ වැලිකඩ. මහා බ්‍රිතාන්‍යයේ 1922දි ගුවන් විදුලි සේවාව ආරම්භ වෙලා වසර තුනක් වැනි කෙටි කාලයක් තුලදිම ශ්‍රී ලංකාවෙත් ගුවන් විදුලි සේවාවක් ආරම්භ වීම වාර්ථාවක් බවට සලකනවා. ආසියාවේ ජ්‍යෙශ්ඨතම ගුවන් විදුලිය ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය බවට හදුන්වන්න පුළුවන්. ඒ දවස් වල තිබුන හිරු නොබසින අධිරාජ්‍ය නැත්තං බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අනෙකුත් රටවල ගුවන් විදුලියට නායකත්වය දුන්නේ ශ්‍රී ලංකාවයි.

සංස්ථාව ඉස්සරහදි ගත්තු ෆොටෝ එකක්

Thursday, December 13, 2012

වෑර්ලස් කතන්දරේ පළවෙනි කොටස


මං තරියා දැං කරන්නේ ජන සන්නිවේදනයනේ ඉතිං අපිට ඔය අනං මනං ඉගෙන ගන්න වෙනවා, එහෙම ඉගෙන ගත්තු පාඩමකිං කට්ටියට වැදගත් වෙයි කියලා හිතපු එකක් බ්ලොගේ දාන්න තීරනේ කලේ පාඩම කියලා දෙන අතරතුරමයි. එදා පාඩම උනේ ගුවන් විදුලියේ විකාශනය. ඒකෙං ලංකාවේ ගුවන් විදුලිය ඇති උනේ කොහොමද කියලා සේපර් එකේ කියලා දාන්නං. 


Sunday, December 9, 2012

මාර සීන් එක...

ෂර්ලොක් හෝම්ස් ලංකාවේ පර්යේසන කරපු සීන් එකේ දෙවනි කොටහ මං ඊයේ ( 08 සෙනසුරාදා ) බ්ලොගේ දැම්මා කස්ටියට ප්‍රමාදයකිං තොරව කතාව දෙන්න ඕන නිසාවෙං.. ඒත් බ්ලොගර් කාරයා කන පාත් වෙන්නම බීලා නිසාද මංදා ඒක පබ්ලිස් වෙලා නෑ... ඉතිං මගේ ඥාති වරිගයාව මතක් කරන්නැතුව පහත දැක්වෙන ලිංකුවෙං ගිහිං දෙවනි කොටහ කියවන්න කියලා මං ඉල්ලා හිටිනවා...

ජය ඈ....


ෂර්ලොක් හෝම්ස් වායු රයිෆලයේ අභිරහස (Sherlock Holmes Mystery of the Air rifle) දෙවනි කොටස

Saturday, December 8, 2012

ෂර්ලොක් හෝම්ස් වායු රයිෆලයේ අභිරහස (Sherlock Holmes Mystery of the Air rifle) දෙවනි කොටස



මළසිරුර එතැනින් ඉවතට ගෙන යෑමට පැමිණි පිරිස සිරුර ඔසවද්දී...

හෝව් ...හෝව්.... පොඩ්ඩක් ඉන්න....
කෑ ගසමින් සිරුර ළඟට ගිය හෝම්ස් එතැන මඳවේලාවක් හිට ගෙන සිට අවට පිරික්සා ඇමති තුමාගේ නිවස දෙස බලාසිට ජානක මහත්මයා ඇමතුවේය...

“ජානක මට කියනවද ඇමති තුමා මෙහාට ආවෙ ඇයි කියල....?

“ඇත්තටම හෝම්ස් මේ අමතිතුමාගෙ දෙවැනි විවාහයෙ නිවස... මෙහෙ එන්නෙ සති කිහිපයකට සැරයයි කියල අපිට ඇමතිතුමාගෙ රියදුරාගෙන් දැනගන්න ලැබුණ. බොහෝ වෙලාවටඒ සෙනසුරාද දිනයන්ලු.“

Thursday, December 6, 2012

ෂර්ලොක් හෝම්ස් වායු රයිෆලයේ අභිරහස (Sherlock Holmes Mystery of the Air rifle)




මහාචාර්ය රත්නායක හා ඔහුගේ සහයක මයුර විසින් කල කාල තරණ පර්යේෂණයේ ප්‍රතිඵලයක් ලෙස 2005හේ පෙබරවාරි මස අතීතයේ ජීවත් වී මියගිය චරිතයන්හි මතකයන් සහ විඥානයන් වර්තමානයට ගෙන්වා එය ක්ලෝන තාක්ෂණය මගින් නිපදවූ ශරීරයකට ඇතුල් කර අතීත චරිතයන්ට පන දිය හැකි ක්‍රමවේදයක් නිපදවීය. 

Tuesday, December 4, 2012

තරියට මොකද උනේ....


මං දන්නවා එකෙක්ටවත් එහෙම හිතෙන්නැතුව ඇති..


Friday, November 2, 2012

අක්කලාට ලවු කිරීම ජය ගත් හැටි.....


ඒ ලෙවල් දවස් වලදි ජොන්ටා කලබලෙං කලබලෙං ෆයිල් එකක් උස්සං ආවා. බලනකොට ඒකෙ තිබ්බේ ෆොටෝකොපි ගහපු කොල වගයක්..

නවකතා පොතක් එහෙම්පිටිංම ෆොටෝකොපි ගහලා..

අපිත් කියවන්න ගත්තා.. ටිකක් කියවගෙන යනකොට අපිටත් කතාව අල්ලලා ගියා..

පිටු එක එකා ගාව. එක පිටුවක් කියෝලා අනිත් පිටුව කියවන්න පංතිය වටේ යන්න ඕනා ඒක හොයාගන්න..

Wednesday, October 17, 2012

අද ඇවිදින් නුඹ යන විට.. තුටු කදුලක් තබා යන්න....


ඉස්කෝලෙ යන කාලේ කොල්ලෝ කෙල්ලංට ලියුං ලියනවා.. 
අද කාලෙනං ටිකක් අඩුයි.. මොකද හෑන්ඩ් ෆෝන් තියෙනව S.M.S කොටන්න..
 
ඒත් ලියුමක් කියවනකොට ලියනකොට දැනෙන කික් එක ඒ ඉලෙක්ට්‍රික් ලෙටර් වලිං ලැබෙන්නේ නෑ..


Monday, October 15, 2012

අමතක නොවෙන කතාවක්.

අනුර ශ්‍රීනාත්ගේ චිත්‍ර කතා කීපයක් මං පල කලානේ බ්ලොග් එක හරහා...
ඔන්න මං ගාව තියෙන අන්තිම චිත්‍ර කතාව අද දාන්නයි යන්නේ..

“අමතක නොවන කතාවක්“ තමයි චිත්‍ර කතාවේ නම..
බලලම කියන්නකෝ


Thursday, October 11, 2012

මා දුටු මුසල්මානුවන්!!!!!!!


මුලිංම කියන්නං මේක ජාතිවාදීන්ට දෙන සීනිබෝලයක් නෙමේ. 
මං දැක්ක දේවල් අමුවෙංමය ලියන්නයි කල්පනාව. ඒ නිසා සමහර තැං වල නොගැලපීම් තියෙයි. ගනං ගන්නෙපා.





Saturday, September 22, 2012

මචං සරණපාල.....

මේ දවස්වල ටිකක් කාර්යබහුල  වෙලා ඉන්නවා වැඩ කීපයක් නිසා ඉතිං පෝස්ට් එකක් දාන්න වෙලාවක් වෙන් කරගන්න කම්මැලියි...
එහෙමයි කියලා නොදා ඉන්නත් බෑ.. ඉතිං සිං සිං ගාලා පෝස්ට් එකක් දාලා යන්න හිතුවා..


Sunday, September 16, 2012

බාලිකා පාසලක අමතක නොවෙන මෙහෙයුමක්


ඉස්කෝලෙ යන කාලෙදි කොල්ලෙක් කුප්ප වැඩ කරේ නැත්තං ඌ ගැන වෙනම කමිටුවක් පත් කරලා සොයා බලන්න ඕනා.. ඒ තරං ඒක පුදුම විය යුතු කාරණයක්. ඉතිං එහෙම වෙන්න ඕන්නැති නිසා අපි හැමතිස්සෙම වගේ පාසලේ ආශිර්වාදය ඇතුවත් නැතුවත් ඔලුවේ කෙස් ගානට එවුවා මෙවුවා කලා... 

මේ කියන්න යන එකත් ඒ වගේ කේස් එකක්. ඒත් මේ කතාවට වෙනත් පාසලකුත් සම්බන්ධ  වෙනවා. ඉතිං මං නම එහෙමත් කියයි. ඒ අපහාස කිරීමේ චේතනාවෙන්නං නෙමේ ඕං. හැබැයි නිකංවත් හිතුනොත් මේක අපහාසයක් කියලා  එහෙමත් නැත්තං ඒ පාසලේ කාට හරි සිත් රිදවීමක් සිද්ධ උනොත් වෙන්න සමා මට ඈ... ඔන්න කියලමයි පටං ගන්නේ..

මං දන්නවා මගේ අහිංසක මූන දිහා බලං මට බනින්නෑ කීලා ඈ..

Friday, September 14, 2012

ටුවෙන්ටි ටුවෙන්ටි බලන්න යනවනං මේ ටිකත් දැනගෙන යන්න...


කට්ටිය දන්නවනේ මේ පාර 20යි විස්ස ලෝක කුසලානය තියෙන්නේ ලංකාවේ. යන්නත් සමහර අය අදහස් කරගෙන ඇති. නමුත් මේ පාර ක්‍රමේ ටිකක් වෙනස් මැච් බලන්න තියෙන. 



Tuesday, September 11, 2012

අපි නොදන්න රාවනාගේ කතාවක්...

මයුර අයියා - මල්ලි දන්නවද රාවනාව???

මම - ඔවු අර ඉස්සර හිටියා කියන්නේ...

මයුර අයියා - මල්ලි දැක්කද සුනාමිය...???

මම - දැක්කා කියන්නේ ඇත්තටම දැක්කේ නෑ ටීවී එකේ දැක්කා..

මයුර අයියා - දන්නවද සුනාමි ඇති උනේ ඇයි කියලා??

මම - භූ කම්පනයක් නිසානේ... ඒකවත් දන්නැද්ද????

මයුර අයියා - ඒ හැමෝම දන්න කතාවනේ.. ඇත්ත කතාව දන්නෙ කීප දෙනයි..

මම - මොකක්ද ඔය ඇත්ත කතාව..

මයුර අයියා - ඉවසීමෙං අහං ඉන්න පුළුවංනං කියන්නං..

මම - හ්ම්ම්ම්.. පුළුවං.. කියන්න..


Friday, September 7, 2012

--කියන කතා--


පරාක්‍රම සමූද්‍රයේ බ්සෝ කොටුව අස්සෙත් නිදං හොයනවා කියලා අපේ එක බ්ලොග් එකක් ලියන කෙනෙක් කියනවා. 
කවුද ඒ??? 

බ්ලොග් සම්මාන උලෙල ලංවෙන්න ලංවෙන්න එක එක පැති වලිං එක එක විදියේ කතා ඇහෙනවා. සමහර කතා හරි රසවත් විදිහට තමයි ඉවර වෙන්නේ...
ඉතිං ඒ අය කියපු රස කතා බලන කියවන වෙලාවයි මේ....



---කියන කතා---

Wednesday, September 5, 2012

I am a ප්‍රිෆෙක්ට්!!!!!!!!


උදෑසන රාජකාරී සදහා ශිෂ්‍ය නායකයෙකු අවම වශයෙන් උදෑසන 6ටවත් පාසලට වාර්ථා කල යුතුය. එසේ නොමැතිනම් ඔහුට සොරි වන්නේ නිතැතිනි.

චන්ඩි නොන්ඩි කෙරූ මගේ බැජ...


Tuesday, August 28, 2012

එකමත් එක සැලුන් ගොඩක්....


බාගෙට සැලුං දොරෙං රිංගා සින්දුව මතකද? 
එච්චරම ගතියක් නැතත් අවුලක් නෑනේ ඒකේ. අහල නැති අය යන්න මෙතනිං..

සැලුන් එක කියන ප්ලේස් එක අමුතුම සංස්කෘතියක් ඇති තැනක් කිවුවට ඒකෙ වැරැද්දක් නෑ.

මල්ලි රැවුල කපන්නනං තව පැයක්වත් ඉන්න වෙයි...

Sunday, August 26, 2012

අවජාතක කොල්ලා

අදත් දෙන්න ලෑස්ති උනේ අනුර ශ්‍රීනාත්ගේ අනුරාලෝකය චිත්‍ර ප්‍රදර්ශණයෙන් ලබාගත්තු චිත්‍ර කතාවක්. ගිය පෝස්ට් වලින් පලකරපු චිත්‍ර කතා වලට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා.
 
චිත්‍ර කතාව බලන්න කලින් පොඩි පණිවිඩයක් තියෙනවා අහගෙනම යන්න.

 ගිය පෝස්ට් එක වෙච්චි “අමාගෙ කනට ගහන ඔෂින්“ කියන එකට හොද ප්‍රතිචාර හම්බඋනා. ඒකෙදි අවසානෙදි මං කිවුවා අපි අළුත් වැඩක් පටං ගන්නවා, ඒකට සමගාමීව අපි නාට්‍ය වැඩසටහනක් කරනවා ඒ සදහා අපිට ගුණාත්මක පිටපත් අවශ්‍යයි කියලා.

තුන් දෙනෙක්ම පුළුවං කිවුවා