ලගින්ම ඉන්න කස්ටිය

Monday, July 16, 2012

නිව්ටන්ගේ රහස් නියමය 4



සිව්වැනි කොටස

සියුස් යානය ස්ථාවර කරන්න. සියලුම එන්ජින් ක්‍රියා විරහිත කරන්න





හරිත. අපිට දැන් තමයි අමාරුම වැඩ කොටස තියෙන්නේ. 
ගයේෂා මේ පාලක මැදිරිය. පෙරහන් වල තත්වය කොහොමද?

පෙරහන් ඉතා හොදින් ක්‍රියාත්මකයි මහාචාර්ය තුමනි. මූලද්‍රව්‍ය ලැබීමේ සීග්‍රතාව ඉහල ගොස් තිබෙනවා.

හොදයි ගයේෂා. මහාචාර්ය ලෙස්ලි. මේ පාලක මැදිරිය. පරිලෝකන තත්වයන් මොනවාද?

නිව්ටන් අපි හිතුවට වඩා කිරණ ප්‍රමාණයක් අපිට සංවේදනය වෙනවා මේ අවස්ථාවේදී. මේ ඇතැම් කිරණ මගින් යම් ගම්‍යතාවක් පවා ඇතිකරණවා. ඉදිරියේදී එය තවත් වැඩි වන්නට පුළුවන්.

තත්වය ගොඩක් වෙනස්. අපි හිතන් හිටියටට වඩා. හරිත. යානය හදිසි අවස්ථා පාලනයට යොමු කොට තබන්න. අපිට දැං තියෙන තත්වය අනුව ඊලගට මොනා වෙයිද කියලා හිතන්න අමාරුයි.

හොදයි ප්‍රොෆෙසර්.

ගයේෂා ලැබෙන මූලද්‍රවයන් ගැන හැදින්වීමක් කරන්න පුළුවන්ද?

ප්‍රොෆෙසර්. මේක විස්වාස කරන එකක් නැහැ. සමහර මූලද්‍රව්‍යන් විවිධ වෙනස් වීම් වලට භාජනය වෙලා. ඇතැම් මූලද්‍රව්‍යයන් වෙනස් වී තිබෙන ආකාරය හරිම අමුතුයි. හරියට අර්ධ වශයෙන් විනාශ වෙලා වගේ.

පැහැදිලි මදි ගයේෂා. 

සර් ඇවිල්ලම බලන්න. මම සූදානම් කරලා තබන්නම්.

හරිත. මම තත්වය බලලා එන්නම්. 

 -----------------------------------------------------------------------------------------------------------------

මොකක්ද ගයේෂා වෙනස?



මේ බලන්න සර්. මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ව්‍යුත්පන්න වීමක් නෙමේ මෙතන වෙලා තියෙන්නේ.

හ්ම්ම්ම්.. මට හිතාගන්න පුළුවං වෙලා තියෙන දේ. නමුත් පැහැදිලි නිගමනයකට එන්න තරම් අපිට සාධක නෑ. තව තවත් එකතු කරන්න සාම්පල. එතකොට.....

මොකක්ද ඒ උනේ. 
හරිත මේ පටෙල්. මොකක්ද සිදුවුනේ.

ග්‍රාහක කොටසක් යානයේ පසුපස ගැටුනා. යානය අස්ථාවරයි. තුන්වන කොටස සම්පූර්ණයෙන්ම පාලනයෙන් තොරයි. මම උත්සහ ගන්නේ ඒ කොටස යානයෙන් ඉවත් කරන්න. නමුත් විනාශ වූ කොටස සියුස්ට පිලිතුරු දෙන්නේ නැහැ. මම දැන් තුන්වන කොටසට යන්නයි හදන්නේ.

ඉන්න. මාත් එනවා.
ගයේෂා ඔබ යන්න පාලක මැදිරියට. මහාචාර්ය ලෙස්ලි. කරුණාකරලා පාලන මැදිරියට යන්න.

---------------------------------------------------------------------------------------------------------------

එන්න මහාචාර්ය තුමනි අපට වැඩි වෙලාවක් නෑ. 

යමු හරිත. මට හිතාගන්න බෑ. ග්‍රාහක කොටස් ස්ථාර මට්ටමේනේ තිබුනේ.

ඔව් මහාචාර්ය තුමනි. නමුත් කළු කුහරය ආසන්නයේ අසාමාන්‍ය ලෙස ආකර්ෂණ බලයක් ඇති වෙලා තියෙනවා. නමුත් යානය ඒකට හසු නොවුනේ අපි හදිසි අවස්ථාවකට යානය පත් කරලා තිබුන නිසා ස්වංක්‍රීයවම සියුස් එන්ජින් ක්‍රියාත්මක කරලා එයට ප්‍රතිවිරුද්ධ බලයක් යොදපු නිසයි. ඒකයි අපිට ඒක දැන ගන්න නොලැබුනේ. විකිරණ හා සංඝටක සාම්පල ලබා ගැනීමට අවශ්‍ය උන නිසා අපි කලිංම අපි ආවරණ ඉවත් කලා. ඒ නිසා ග්‍රාහකයෙන් සිදුවුන හානිය වැඩියි.

දෙවියනේ.

ඒකනෙමේ ප්‍රධානම ගැටලුව මහාචාර්ය තුමනි. අපට තවත් මිනිත්තු 15ක කාලයක් ඇතුලත තුන්වන කොටස යානයෙන් වෙන් කිරීමට නොහැකි උනොත් ඉතිරි එන්ජින් 4ට බැහැ අපව ස්ථායී තත්වයේ පවත්වා ගන්න. 

ඒ කියන්නේ අපි දැනටමත් කලු කුහරය දෙසට ඇදී යනවා කියන එකද
.
කනගාටුයි කියන්න නමුත් උත්තරය ඔව්.

ඉක්මන් කරමු හරිත.



 --------------------------------------------------------------------------------------------------------------

හරි මේ තියෙන්නේ පාලක පුවරුව. 
ආහ්.....

ඇයි හරිත මොකක්ද ප්‍රශ්ණය.

පරිපථය විනාශ වෙලා. මට සිද්ධ වෙනවා තුන්වන කොටස ඇතුලට ගිහින් යානයෙන් කොටස වෙන් කරන්න.

පිස්සුද හරිත. ඒක දිවිනසා ගැනීමක්නේ. 3වන කොටස වෙන් කරලා ඔබට යානයට නැවත එන්න විදිහක් නැහැ නේද.

ඔව්. නමුත් ඒ දේ කරේ නැත්තන් ඉතිරි තුන් දෙනාටම මැරෙන්නයි වෙන්නේ.

හරිත. මට කියන්න ඒක කරන්නේ කොහොමද කියලා. මම කරන්නම්.

බැහැ මහාචාර්ය තුමනි. එය ප්‍රතිචාර දක්වන්නේ මට පමණයි. යානයේ නිර්මාතෘට පමණයි පාලනය කල හැක්කේ.

ඔබව තනියම යවන්න මට බැහැ. මමත් ඔබත් සමගම එනවා.

මහාචාර්ය තුමනි. අපට වාද කරන්න කාලයක් නැහැ.

කිසිම වාදයක් නැහැ. මම ඔබත් සමග එනවා. 
ගයේෂා මේ පටෙල්. තුන්වන කොටස යානයෙන් ඉවත් කල වහාම සියළුම එන්ජින් ක්‍රියාත්මක කරන්න. යානය නැවතත් පෘථුවිය දෙසට යොමු කරන්න. මමත් හරිතත් යානය වෙන් කල වහාම නැවතත් පැමිනෙන්නම්.

හොදයි අපි යමු හරිත.

උෂ්නත්වය එන්න එන්නම ඉහල යනවා. අපි භාහිර අවකාෂයට නිරාවරණය වෙලා. මේ අභ්‍යවකාෂ ඇදුම ඇදගන්න හරිත. අපි අන්තිම මොහොත දක්වා ඉන්න උත්සහ ගමු. අතඅරින්න එපා.



3වන කොටස මුදා හරින්න සූදානම්. 2වන කොටස දැන් අඟුලු දමනවා. ඔබ සූදානම්ද මහාචාර්ය තුමනි?

මම සූදානම්. යානයෙන් ඉවත් කරන්න 

3,2,1

අපි යානයෙන් මිදුනා.
හයියෙන් අල්ලගන්න සර් අපි වේගෙං කළු කුහරය දෙසට ඇදී යනවා.

---------------------------------------------------------------------------------------------------------------

දෙවියනේ. මහාචාර්ය ලෙස්ලි. 
පටෙල් මහත්මා සහ හරිත යානයේ නැහැ. ඔවුන් 3වන කොටසේ.

ඒකට හේතු ඇති. අපි ඔවුන් කියපු විදිහට කටයුතු කරමු. හයිපර් එන්ජින් ක්‍රියාත්මක කරන්න සියුස්. ගමනාන්තය පෘථුවිය.
අපට කරන්න පුළුවන් ඔවුන්ට අනතුරක් නොවේවායි කියා ප්‍රාර්ථනා කිරීම පමණයි..

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

36 comments:

  1. ආදර කතා අනං මනං වගේ නෙවෙයි ඉතින් මේ වගේ දේවල් ලියන එකත් ටිකක් අමාරු වැඩක් තමා..

    කොහොම උනත්,නියමයි යාළු හ්ම්ම්!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පොඩ්ඩ පොඩ්ඩ දාන්නත් හේතුව ගොතන්න තියෙන අමාරුකම නිසාම තමා...
      බොහොම ස්තූතියි කමෙන්ටුවට..

      Delete
  2. අපූරුයි අද කොටසත්..
    ඊළඟ කොටසත් ඉක්මනට දාන්න..

    ReplyDelete
    Replies
    1. අනිවා..
      ඉක්මන්ට දාන්නං රූ...
      ස්තූතියි කමෙන්ටුවට..

      Delete
  3. මගෙ පුංචි මොලේ කැරකෙනවා වගේ මලේ !

    ReplyDelete
    Replies
    1. සෑමයියට කියන්න මගෙත් එහෙමලු...

      Delete
  4. පිස්සු කොරනේ බන් !!!! මේ තියෙන්නේ ලෙසටම ලියල. එල එල ඔන්න ඔහොම කතාව අරන් යමන්. පට්ටයි මචන් අද කොටසනම් පට්ටම පට්ටයි.

    ReplyDelete
    Replies
    1. එල එල ඈ...
      තැංකූ තේරුං අරං කීවට ඈ..

      Delete
  5. අයියෝ,හරිතට කරදරයක් වේවිද..?? :/

    ReplyDelete
    Replies
    1. අපි බලමු නේ මොකක්ද වෙන්නේ කියලා...
      ස්තූති වේවා!!!!!!

      Delete
  6. මට ඉස්සර බලපු කතාවක් මතක් වෙනවා .සීරිස් එකක් විදිහට ගියේ .තෙල්මා කියල එහෙම කැරැක්ටර් එකක් තිබුනද කොහෙද

    ReplyDelete
    Replies
    1. උබ කියන්නේ ස්පේස් කේසස් ගැන..
      පට්ට කතාව ඒකනං..
      ස්තූතියි කමෙන්ටුවට මචං..

      Delete
  7. ම්ම් මුල ඉඳන්ම කියවන්න ඕනේ...දෙබස් මත ගලා ගෙන යන කතාවක් නේද? අර අවතාර් කියපු කතාව මටත් මතක්‌ උනා. රාදු කියලා කෙනෙකුත් හිටියා නේද ඒකෙ

    ReplyDelete
    Replies
    1. ඔව් සයුරි. දෙබස් වලිං කතාව දැම්මෙ නැත්තං වටපිටාව විස්තර කරන්න ගියාම ගොඩක් කතාව දික් වෙනවා..
      ස්තූතියි කමෙන්ටුවට..
      මුල ඉදංම කියවලා හොද නරක කියන්නකෝ

      Delete
  8. Replies
    1. ස්තූතියි හසිතයියේ!!!!!!
      කියවලාම කියන්නකෝ හොද නරක

      Delete
  9. මේ වගේ කතා ලියන්න අපහසුයි. ඒත් ඔබ ඒ අපහසුව විඳිමින් රසවත් නිර්මානයක යෙදෙනවා. මගේ ප්‍රණාමය.!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ක්සැන්ඩර් අයියා..
      ටිකක් අමාරුයිනං තමා ගලපන්න ගියාම හිතේ තියෙන කතාවත් එක්ක..

      Delete
  10. ඇත්ත මචන්..සෑහෙන්න අමාරුයි තමා මේ වගෙ එකක් ගොතනවා කියන්නේ
    අපි නිකන්වත් කමෙන්ට් නොකලොත් ඒක උබට කරන ලොකු අසාදාරනයක්.........
    ඇත්තටම මරු

    ReplyDelete
    Replies
    1. තැංකූ ඉසුරුවා..
      ජයවේවා ඈ...

      Delete
  11. ඇත්තටම එහෙම කලුකුහරයකට ඇදිල ගියොත් මොනවාවේවිද....!(අම්මෝ නිකං ඩෝප් වගේ...! )

    ReplyDelete
    Replies
    1. වෙනදේ මං හිතන්නේ ඉස්සරහට දැන ගන්න පුළුවං වෙයි
      ස්තූතියි කමෙන්ටුවට..

      Delete
  12. Silver sun Tele series eke pictures thienawa neda?? hah! meke thiena okkoma case eken thama aran thienne

    ReplyDelete
    Replies
    1. පින්තූර එකේ උනාට කතාව ඒකෙ නෙමේ..
      ස්තූතියි කමෙන්ටුවට..

      Delete
  13. මොකක් හරි කොටසක් මග ඇරිලා

    ReplyDelete
    Replies
    1. මගහැරුනා කිව්වේ?????
      මං මග හැරලා ලියලද?????

      Delete
  14. අම්මෝ මෙහෙම ලියන්න වචන කොහෙන් එනවද මන්ද?
    ආතර් සී ක්ලාක් වගේ...
    දිගටම ලියන්න...
    ඔබට ජය පතමි!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමෙන්ටුවට බිනූ..

      Delete
  15. හර බර කතාවක් විද්‍යා නිබන්දන ලියන එකත් ලේසිම නෑ මයේ හිතේ. බොහොම හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෝරලේ මහත්තයෝ..
      ලේසි නෑ නේන්නං.. :D

      Delete
  16. mama lahiru supiri bn..u beauty..eelaga kotasath ikmanata dapan

    ReplyDelete
    Replies
    1. දාලා තියෙන්නේ මචං..
      ස්තූතියි කමෙන්ටුවට..

      Delete
  17. මචං උඹට එලට මෙව්වා ලියතෑකිනේ මීට කලින් මෙව්වා ලියනවා මම දැකලම නෑනේ බොලේ මාර ගති ඈ කොමෙන්ට් කරන්න කම්මැලිකම නිසා අන්තිම එකට කොමෙන්ට් කලේ ඕං

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????