ලගින්ම ඉන්න කස්ටිය

Saturday, December 8, 2012

ෂර්ලොක් හෝම්ස් වායු රයිෆලයේ අභිරහස (Sherlock Holmes Mystery of the Air rifle) දෙවනි කොටස



මළසිරුර එතැනින් ඉවතට ගෙන යෑමට පැමිණි පිරිස සිරුර ඔසවද්දී...

හෝව් ...හෝව්.... පොඩ්ඩක් ඉන්න....
කෑ ගසමින් සිරුර ළඟට ගිය හෝම්ස් එතැන මඳවේලාවක් හිට ගෙන සිට අවට පිරික්සා ඇමති තුමාගේ නිවස දෙස බලාසිට ජානක මහත්මයා ඇමතුවේය...

“ජානක මට කියනවද ඇමති තුමා මෙහාට ආවෙ ඇයි කියල....?

“ඇත්තටම හෝම්ස් මේ අමතිතුමාගෙ දෙවැනි විවාහයෙ නිවස... මෙහෙ එන්නෙ සති කිහිපයකට සැරයයි කියල අපිට ඇමතිතුමාගෙ රියදුරාගෙන් දැනගන්න ලැබුණ. බොහෝ වෙලාවටඒ සෙනසුරාද දිනයන්ලු.“


“හොඳයි දැන් කෝ මේ මහත්මිය...?

“එතුමියගෙන් අපේ නිලධාරීන් කට උත්තරයක් ගන්නව...ඇතුලෙ ඉන්නෙ අපිත් යමුද ?

“ආහ්.....නෑ..... ඕන නෑ...කට උත්තරයෙ පිටපතක් මට ලැබෙයිනෙ ?

“සත්තකින්ම..“

“එහෙමනම් කමක් නෑ.. මම කැමතියි මේ ගෙදර වහලෙට නගල බලන්න....මේ වහලට කොහොමද අවට පේන්නෙ කියල....“

“ඔබේ කැමැත්තක් හෝම්ස් මහත්මයා...“

“උපුල් ඔබ ඔහොම ජානක එක්ක ඉන්න ටික වෙලාවක්....මම ඉක්මනට එන්නම්..“
යි පවසා හෝම්ස් නිවස දෙසට පියනැගුවේය...

විනාඩි කිහිපයකින් හෝම්ස් වහලයේ සිටිනු අපට දැක ගත හැකි විය.හෝම්ස් වහලයේ කොණකට ගොස් එතැන සිට ගෙන අප දෙස මඳ වේලාවක් බලා සිටියේය.. 
ඉන්පසු වහා නැමී වහල පිරික්සන්නට විය....එතැනින නොනැවතුනු ඔහු වහල දිගේ ඇවිදින්නටද තැන් තැන් වල නතර වෙමින් බලාසිටින්නට ද විය.. 
වහල දෙසත් අප දෙසත් වරින් වර බැලූ හෝම්ස් වහලේ අනෙක් පැත්තට වූයෙන් අපගේ පෙනීමෙන් ඉවත්විය...........

මේ සියල්ල බලා සිටි ජානක මා දෙස බලා සිටියේ සැකමුසු  බැල්මකිනි....
හෝම්ස්ගේ මෙම හැසිරීම මටද ප‍්‍රහේලිකාවක් විය....

තවත් විනාඩි දහකට විතර පසු හෝම්ස් දුහුවිලි පිස දමමින් අපසිටි දිසාවට එනු පෙනින....

“හප්පා වහලෙ හරියෙ හරියට කුණු රොඩු..
මං හිතන්නෙ සුද්ධ කරල නෑ අවුරුදු ගානකට...
පිලි වල කොළ රොඩු පිරිල...“

“මොකුත් හොයා ගත්තද හෝම්ස් මහත්මයා ..“

“අපොයි ඔව්... සෑහෙන දේවල් .... ගිනිකූරු, සිගරට් කොටයක්......“

කටඋත්තර ගැනීම අවසන් බව එතැනට පැමිණි නිලධාරියෙක් ජානක මහත්මාට දැනුම් දුනි....

“එහෙනම් හෝම්ස් මහත්මයා මගෙන් තව මොනවද කෙරෙන්න  ඕන ?

“මුකුත් නැහැ.. හැබැයි මට කට උත්තරේ පිටපතක් ඕන....“

“හොදමයි....“

“ඉතිං ජානක මහත්මයා ඔබ කොහොමද මේක විසදන්න බලාපොරොත්තු වෙන්නෙ....?

“විසදන්න....? මේක විසදල ඉවරයිනෙ අපි අදම රයිෆලයෙ ඇඟිලි සලකුණු බලල අදාල කෙනාව අත්අඩංගුවට ගන්නව.. 
අපට දැනටමත් ආරංචියක් ඇවිල්ල තියෙනව අංක තහඩු නැති වාහනයක් පුද්ගලයන් කීප දෙනෙක් එක්ක අත්අඩංගුවට අරන් කියල.. 
සමහර විට ඒ අපි හොයන අය වෙන්න පුළුවනි.. එහෙම වුණොත් ලේසියි.....“

“ඔහ්.....හෝ..... ලංකාවෙ පොලීසිය හරි දියුණුනෙ...“

“ආ මෙන්න සර් පිටපත...“

ජානකට ලැබුණු කට උත්තරේ පිටපත හෝම්ස්ට ලබාදුනි..

“එහෙමනම් අපි ගිහිල්ල එන්නම්.. වැඩි විස්තර තිබුණොත් දන්වන්න...ඒ වගේම උදව්වක් අවශ්‍යනම් කියන්න...“

“හොඳමයි... හෝම්ස් මහත්මයා.....බොහොම ස්තූතියි ආවට....“

“ආ........ තව එකක්... 
ඔහෙල මේක විසදන්න බලාපොරොත්තු වෙනවනම්,  
ඔක්කොටම ඉස්සර වෙලා මේ වැහි පීලි සුද්ධ කරල දාන්න... ඒවගෙ හරියට ජරාව පිරිල.. වැස්සොත් ගේ ඇතුලට වතර දාන්න පුළුවන් ........ 
හොදයි අපි ගිහිල්ල එන්නම්......“



වස් කාලයම හෝම්ස් තමා විසින් සොයා ගත් සිගරට් කොට හා ගිනිකූරු පරීක්‍ෂා කරමින් කාලට ගෙවන්නට විය..

මම එදින උදෑසන සිදුවීම සදහන් පුවත්පත් කියවමින් කල් ගත කළෙමි..

ඒ අතරතුර හෝම්ස් මිනීමැරුම සිදුවූ නිවෙසෙහි කාන්තාවගේ කටඋත්තරේ පිටපත පරීක්‍ෂා කරමින් සිටියේය..
ඔහුට කෑමද අමතක වූවාක් වැනිය...

                                                                           

පසුදා උදෑසනම ගමනක් යෑමට සූදානම් වන ලෙස පවසමින් හෝම්ස් මා අවදි කළේය....

වහා නැගිට සූදානම් වූ මම පහත් මාලයට බසින විටත් , හෝම්ස් බයිසිකලය පණ ගන්වා මා බලාපොරොත්තුව සිටියේය...

“අපි ආපහු අර ඇමති තුමා මරා දාපු නිවසට යන්නේ... යතුරුපැදිය පණ ගැන්වූ හෝම්ස් මට පවසා ඉදිරියට ධාවනය කළේ විදුලි වේගයෙනි....“

විනාඩි විස්සක පමණ කාලයකදී අපට අදාල ස්ථානය වෙත ලගා වීමට හැකිවිණි. ඒ වන විටත් පොලිස් පරීක්‍ෂක උපුල් මහත්මයා පැමිණ සිටියේය.

“සුභ උදෑසනක් ජානක, මම පොඩ්ඩක් පරක්කු වුණා..“

“ඒකට කමක් නෑ.. ඇයි මට එන්න කිවුවෙ හෝම්ස් මහත්මයා...?

“එන්න කිවුවෙ අපරාධකාරය අල්ල ගන්න..“

“අපරාධකාරය අල්ලන්න... 
අපි ඒක දැනටමත් කරගෙන යනවනේ....මම හිතන්නෙ අද හවස්වෙන කොට අල්ල ගන්න පුළුවන් වේවි...“

“හහ්.......හහ්......හා..... අද හවස් වෙනකම් ඉන්න  ඕන නෑ... යං මම අල්ලල දෙන්න.. හැබැයි මේ නියම අපරාධකාරය.....“

“නියම අපරාධකාරය...?

“ඔව්.. එයා පැනල යන්න කලින් එයාව අල්ල ගමු.....යමු“
එසේ පැවසූ හෝම්ස් නිවස දෙසට පිය නගන්න විය...

බලෙන් මෙන් නිවසට ඇතුල් වූ අප නිවෙස් හිමි ඒ කාන්තාව සොයා ගියෙමු....
ඒ වන විටත් ඇය කෑම කාමරයේ උදෑසන ආරය ගනිමින් සිටියාය...


මේ ඉන්නෙ.....“ යි
පැවසූ හෝම්ස් අනවසරයෙනම පුටුවක් ඇද අසුන් ගත්තේය, හෝම්ස්ව අනුගමනය කරමින් අපිද පුටු වල ඉඳ ගතිමු...

මඳ වේලාවක් නිෂ්ශබ්දව සිටි හෝම්ස් ,

“හොඳයි මහත්මිය මට කියන්න ඉතුරු වෙලා තියෙන්නෙ මෙච්චරයි.... 
මෙතැන පෙරේදා සිද්ධ වුණු හැම දෙයක්ම මම දන්නව... 
හංගල වැඩක් වෙන්නෙ නෑ...
මේ මහත්වරුන්ටත් දැන ගන්න එක්ක ඒක ඔබම කිවුවොත් වඩාත් පහසු වේවි...“

“මො......මොකක් ගැනද ඔබ මේ කථා කරන්නෙ.. ඔබට ලොකු වැරදීමක් වෙලා...“

“වැරදීමක් වෙලා......? හහ්.....හහ්....හා වැරදීමක් වෙලා.....වෙන්න පුළුවන් මේ හෝම්ස්ටත් වරදින්න පුළුවන්..“

“ඒ කියනනෙ ඔබ සූදානම් නෑ පිළිගන්න ඔබ බීම වීදුරුවක් ගේන්න යන මුවාවෙන් ගේ ඇතුලට ගිහිල්ල අර කාමරේ තියල තිබුණු ඉණිමග දිගේ නැගල මේ ගෙදර වහලෙ දකුණු කොනේ ඉඳල ඇමතිතුමාව මැරුව කියල...?

හෝම්ස්ගේ ඒ වදන් ඇසූ පොලිස් පරීක්‍ෂක වරුන්ගේත් , මගේත් කාලය නැවතුණා සේ දැනෙන්නට විය..

වරදක් කර එය අතටම හසුවූවකුගේ මුහණකින් මේ තරම් ඒ හැගීම පලවෙනු මට මතක නැත..

හෝම්ස් එසේ පැවසූ පසු ඇය මඳ වේලාවක් බිරාන්තව සිට ක්ලාන්ත වී ගියාය...

යළි සිහි එලවාගත් ඇය යන්තමින් මුමුණමින් කථාකරන්නට විය...

“දෙයියනේ ඔබ කොහොමද ඒක දැන ගත්තෙ හරියට බලා හිටිය වගේම..“

“ඒක මගේ වෘත්තිය මහත්මිය..... දැං කථාව කියන්නකෝ.........“

“මම සේදු”.  
අපේ මෙහයුම තමයි ඇමතිතුමාව ඝාතනය කරන එක.. 
අපි කට්ටියට පැවරුණ වැඩේ ඇමතිතුමා පස්සෙන් ඉදල දුර්වල තැනකදි පහරදෙන එක. 
ඒකට හොදම වැඩේ ඇමතිතුමා ලගින්ම ඉන්න එක.. 
අපේ ලොක්කෙකුගෙ මාර්ගයෙන් මම ඇමතිතුමාව හදුන ගත්ත.. 
අපි කාලයක් ඇසුරු කළා.. ඊට පස්සෙ ඇමතිතුමාගෙ අනියම් බිරිද බවට මම පත් වුණා එදා ඉදල අපේ මේ සැලැස්ම සාර්ථක වෙනනෙ කොයි වෙලේද කියල අපි බලන් හිටිය... 
කොහොම හරි අපි අපේ රජකාරිය කළා.. 
උඹලට බැරිවුණා අපිව නවත්තන්ඩ....හහ්....හහ්....හා......“

“එතකොට කෝ කවුද අනික් අය....“

“ඔන්න ඔන්න උපුල් අල්ලන්න ඔය ගෑනිගෙ අත අල්ලන්න ...... 
ගිලින්න දෙන්න එපා....“

ක්‍ෂණයකින් ඇය දෙසට පනිමින් හෝම්ස් කෑ ගැසීය..

පමා වූවා වැඩි විය... ඇය ඒ වන විටත් සයනයිඩ් කරලක් ගිල හමාරය.....

වහා ගිලන් රථයක් ගෙන්වා පිටත් කර හැරීමු... එනමුත් අපි පමා වූ බව සියල්ලෝම දතිමු..

                                                                              

“ඇත්තටම හෝම්ස් මහත්මයා මට කියනවද ඔබ ඒ විතරය දැනගත්තු හැටි ? මොකද ඒක මට ගොඩක් ප‍්‍රයෝජනවත් වේවි.“

“දැනගත්තෙද.... දැනගත්තෙ සියුම් නිරීක්‍ෂණ වලින් ජානක මහත්මයා .... සියුම් නිරීක්‍ෂණ වලින්.....“

“මට අර එහා පැත්තෙ ගෙදර තිබුණ වායු රයිෆලය දැක්ක ගමන් තේරුණා මිනී මැරුම කරල තියෙන්නෙ ඒකෙන් නෙමෙයි කියල... 
මොකද ඒක ආධාරකයකින් පොළොවට සවිකරල තිබුණෙ.. 
ඒ නිසා රයිෆලය එහා මෙහා, ඉහල පහල ගෙනියන්න පුළුවන් කෝණය හරිම පටුයි... 
හරියටම කියනවනම් ඉහල පහල ගෙනියන්න පුළුවන් අඩි එකහමාරක් විතරයි.. එතැන ඉදන් අඩි එකහමාරක දුරත් මළසිරුර තිබුණ තැන දුර පරතරයත් අතර අනුපාතය බැලූවහම මළසිරුර තිබුණ තැන ඉදන් අඩි දෙකහමාරක් ඉහලට විතරයි ඒ රයිෆලයෙන් වෙඩි තියන්න පුළුවන්..
ඒ වුණත් ඇමතිතුමාට වෙඩි වැදිල තියෙන්නෙ පපුවට.. 
ඒ කියන්නෙ අඩි හතරහමාරක් විතර ඉහලින්.. 
ඒ හිංද අර රයිෆලය නෙමෙයි වෙනත් රයිෆලයක් මෙතැනදි භාවිත කරල තියෙනව...“

“අර නිවසෙ තිබුණ රයිෆලය ඉලක්ක කරල තියෙන්නෙ පිහිණුම් තටාකයෙන් ගොඩට එනකොට පඩිලේදි වෙඩි තියන්න පුළුවන් වෙන විදිහට.... 
උස අනුව බලනකොට ඒ වායු රයිෆලය එතැනට ගැලපෙනව.. 
ඒත් වාසනාවට ඒ රයිෆලයෙන් තිබ්බ උණ්ඩ තුනම වැරදුණා. ඒ කියන්නෙ පිහිණුම් තටාකයෙන් ගොඩට එන කොට තිබ්බ වෙඩි තුනම වැදුණෙ නෑ.. වායු රයිෆලයකින් වෙඩි තියනකොට ඒකෙන් නැගෙන්නෙ ඉතා සියුම් හඩක්... 
විශේෂයෙන් මේ වර්ගයෙ ඒවගෙ.. මතකද උපුල් කර්නල් සෙබස්ටියන් මොරාන් ගාවත් තිබුණ මුල් අවධියෙ වායු රයිෆලයක්.. නමුත් මේ රයිෆලය ගොඩක් දියුනු කරපු නවීන රයිෆලයක්, පොලීසියට උනත් හිතෙනවා මේ රයිෆලයෙන් මෙවැනි මිනී මැරුමක් කල හැකි බව, එතරම් ඒකට නවීන තාක්ශණය උපයෝගී කරගෙන තියෙනවා..



මේ අපරාධකාරිය ඒහෙම නැත්නම් ඇමතිතුමාගෙ බිරිද,  
මේ වෙනකොට ස්ථාන ගතවෙලයි හිටියෙ. මට හිතෙන්නෙ එයා බීම වීදුරුවක් ගේන්න යන්න ඇත්තෙ පැය බාගයකටත් කලින්.. 
ඉනිමග තිබුන තැන කැඩිච්ච විදුරුවක් සහ තද පැල්ලමකුත් ඒ ආසන්නයේ කළු කුහුඹුවන් ගැවසීමෙනුත් මං දැනගත්තා ඒක තමයි බීම වීදුරුව කියලා, කලබලයට ඒක ඇය අතින් බිදෙන්න ඇති. 
එහෙම ගිහිල්ල එයා වෙන දේ බලාගෙන හිටිය.. 
මම අර ඔබලට පෙන්වපු තැන වහලෙ ඉදන්... 
මොකද මම එහෙම කියන්නෙ එතැන සිගරට් කොට දෙකක්ම තිබුණ නිසා... දෙකම ඒ ගෑනි පාවිච්චි කරන වර්ගයේ ඒවා.... 
මතකද එදා උදේ කෑම මේසෙදි කෑමට පස්සෙත් සිගරට් එකක් පත්තු කරන් හිටියෙ...

මුල් ඉලක්කය වැරදුණා කියල දැනගත්තහම ඇය ඊට කලින් වැහි පිහිල්ලෙ හංගල තිබුණ වායුරයිෆලය එළියට අරන් හරියටම ඉලක්කය අරන් වෙඩි තිබ්බ ඇමතිතුමාගෙ පපුවටම. වඩාත් සාර්ථක වෙන්න තව උණ්ඩයක් තිබ්බ... ඊළගට ආරක්‍ෂක නිලධාරීන් එන්න කලින ඇවිල්ල මුකුත් නොදන්නව වගේ හිටිය.. ඒ එනකොට කලිං ලෑස්ති කරලා තිබ්බ බීම වීදුරුව පෙරලිලා බිදුනා.

මතකද ජානකට මම කිවුව වැහිපීලි සුද්ධ කරන්න කියල... 
කෝ.. ඇහුවෙ නැහැනෙ... 
එතැන වායු රයිෆලය තියෙන බව මම දැනගෙන හිටියා.“

“මට සමාවෙන්න හෝම්ස් මහත්මයා ඒ ගැන...“

“කමක් නෑ ඔයගොල්ලො ටිකක් හොදට පරීක්‍ෂා කළා නම් පෙනේවි අර නිවසෙ තිබුණු රයිෆලයෙන් තිබ්බ උණ්ඩ වැදුණනම් වදින්නෙ වෙනත් කෝණයකට.. මොකද නිවෙස සහ මළ සිරුර තිබුණ ස්ථානය අනුව බලනකොට වෙඩි වදින්න  ඕන දකුණු පැත්තට බරව.. 
ඒත් වැදිල තියෙන්නෙ වමට බරව.... ඒ අනුව හෙවුවත් ඔයාලට වෙඩිල්ල පිටවුණු පැත්ත හොයා ගන්න පුළුවන්කම තිබුණ... 
ඒත් ඔබගෙ කණ්ඩායම කළේ ඇහැට පේන දේ පස්සෙන් යන එක විතරයි.....“

මේ අපරාධය ගැන මම කලින්ම දැනගත්තත් මම මැදිහත් වෙන්න හිතුවෙ නෑ.. මොකද මම ඔබලට හෝඩුවාවක් දීපු නිසා.. 
මම මුලින්ම හිතුවෙ ඔබලගේ කටයුතු දිහා බලාගෙන ඉන්න..... 
ඒ වුනාට මට පස්සෙ හිතුන අපරාධකාරයො පැනල යයි කියල..... අනික මේක මේ රටේ කැළඹීමක් ඇති කළානෙ.“

“එතකොට හෝම්ස් අර අනික් රයිෆලය, එක පාවිච්චි කරපු කෙනා, උන්‍ගේ ආයුධ, ග්‍රෙනේඩ් බොම්බ?

ඒ ඔක්කොම පොලීසිය නොමග යවන්න කරපු වැඩ... 
පාවිච්චි කරපු ආයුද අනුව සූක්ෂමව කල්පනා නොකලොත් පොලීසිය පවා මුලා වෙන බව ඔවුන් දැනන් ඉන්නැති. 
හැබැයි මුන් ඔක්කොම එකම කල්ලියක්.. 
පොලීසිය අනික් අය ගැන හොයනකම් මේ ගෑනිට පැන ගන්න ඇති තරම් වෙලාව තියෙනවනේ... 
හැබැයි එහෙම පැන ගත්ත නම් වලිගෙ තමයි අල්ලන්න වෙන්නෙ.... කොහොම හරි මුන් ඔක්කොම අල්ලනන ඕන...“

“සත්තකින්ම හෝම්ස් මහත්මයා ඔබතුමා පොලිසියට මේ කළේ ලොකු උදව්වක්...ඔබට බොහොම ස්තූතියි...“

“ඒක මට සතුටක්.. ඔබල අවස්ථාව දෙනවනම් මයුරයි මම යි කැමතියි  ඕන වෙලාවක උදව් කරන්න... 
හැබැයි මේකෙදිත් පුරුදු විදිහටම මයුරගෙයි මගෙයි නම් අයින් කරන්න වාර්තාව ලියනකොට...“

“හොදයි මහත්මයා.... එහෙමනම් මම ගිහිල්ල එන්නම්.. සුභ දවසක් ඔබ දෙපලටම.......“

ඇමතිතුමාගෙ නිවසේදී ත‍්‍රස්තවාදී කල්ලියේ ගැහැණිය සයනයිඞ් කෑවට පසු ඇය මිය ගියෙන් සිද්ධිය පිළිබඳ කරුණු දැනගැනීමට අප නිවසට පැමිණි ජානක මහත්මයාද එසේ අපට සමු දී පිටව ගිය පසු මා දෙසට හැරුණු හෝම්ස්,

“ඒකත් අපි දිනුම්...... දැන් ලංකාවෙත් හරි දියුණු ක‍්‍රමේටනෙ මිනී මරන්නෙ.... වායු රයිෆල් වලින්...“
“කොහොම වුණත් කමක් නෑ .....
වැරදි කරන්නෙපා, වැරදි කරන තැනට මම එනව, ඒක මගෙ වරදක් නෙමෙයි.. එහෙම නේද මයුර..........“

නිමි...

තවත් වික්‍රම බලාපොරොත්තු වන්න..

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

50 comments:

  1. niyamai aa...
    මගේද කොහෙද මුල්ම කොමෙන්ට් එක..
    :)

    ReplyDelete
    Replies
    1. අඩේ මම මේලක ඈ...

      Delete
    2. ආ තැංකූ ඈ...
      ජයවේවා!!!!!!!!!

      Delete
  2. නරක නැත ආරම්භයක් හැටියට(කොටස් දෙකම සලකා කිවෙමි. තව ටිකක් හෝම්ස් කියවා, තව ටිකක් හොදට උත්සහා කරන්න)

    ReplyDelete
    Replies
    1. ස්තූති වේවා අසංක හෙනදහේවා මහත්මයානෙනි...
      ජය ඈ.....

      Delete
  3. මම නම් දන්නවා කාගෙ මිනීමැරුමද කියලා. මම ඔය මරණෙ වුන ගෙදරටත් ගියා. නියමෙට ඒ සිද්ධිය නිර්මාණයට එකතු කරලා. ජය...!

    ReplyDelete
    Replies
    1. හි හි...
      හෝම්ස්වයි සහයක මයුරවයි දැක්කේ නැද්ද????????
      බොහොම ස්තූතියි ප්‍රදීප් අයියේ..
      ඒත් කතාව මයුර අයියගේ...

      Delete
  4. නියමයි නියමයි (y)
    තව උත්සාහ කරන්න.තව රසවත්ව කතාව ලියන්න පුළුවන් වේවි!!

    ReplyDelete
    Replies
    1. තැංකූ තැංකූ...
      හොදා මං බලන්නං...
      තව තියෙනවා මයුර අයියගේ ලිපි...
      ජය...

      Delete
  5. ශා කොනන් ඩොයිල් ගෙන් පස්සේ ඇඟට වදින හෝම්ස් කතාවක් කියවන්න නැතුව හිටියේ...
    අනිත් එකත ඉක්මනට ලියන්න හොඳේ...

    ReplyDelete
    Replies
    1. හරි හරි...
      ඔච්චර නග්ගන්න එපා මුරුංගා අත්තේ..
      මං ගස් බඩ ගාන්න වැඩිය දන්නෑ.....
      බෝම ස්තූතියි බිනා..
      ජය ඈ...

      Delete
  6. niyamai thawa katha liyanna hemin hemin wadath hoda katha bihiwevi

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වසන්ත...
      ජයවේවා!!!!!!!!!!!

      Delete
  7. niyamai thawa katha liyanna hemin hemin wadath hoda katha bihiwevi

    ReplyDelete
    Replies
    1. හිකිස්..
      මේ මොකෝ බං දෙපාර තුං පාර දාලා...

      Delete
  8. niyamai thawa katha liyanna hemin hemin wadath hoda katha bihiwevi

    ReplyDelete
    Replies
    1. රිප්ලයි එක උඩිං දා ඇත....

      Delete
  9. තරිය බොහොම දක්ෂ විදියට කතාව ලියල තියනවා ජයම වේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලීන් අයියේ...
      කතාව ලිවුවේ මයුර අයියා!!!!!!

      Delete
  10. කොටස් දෙකම දැන් කියෙව්වේ පස්ටයි...

    ReplyDelete
  11. රහස් පරීක්‍ෂක කතාවකට ගැලපෙන සිද්ධියකුත් විසඳීමකුත් නම් තිබෙනව, ඒත් මෙතන කතාවෙ ගලායෑම වේගවත් වැඩි කියල මට හිතෙනව මචං. ටිකක් නිවී හැනහිල්ලෙ අපිට හුරු පුරුදු හෝම්ස් වැඩ කරනව වගේ හෙමිහිට කතාව ලිව්ව නම් මල් හතයි.
    අනෙක ඇමතිවරයෙක්ගෙ බිරිඳක් මේ වගේ සිද්ධියකට ගාවද්දි මේ තරම් ඉක්මනින් ඇයට ඇඟිල්ල දික්කිරීම, ඝාතනයකදි යොදා ගතිපු ආයුධය ගැන පොලිසිය අර තරම් ලිහිල්ව මුග්ධ විදියට කටයුතු කිරීම නම් ටිකක් අභ්‍යව්‍යයි කියල මට හිතෙනව. මොකද මේ එක්දාස් අටසීය ගනන්වල ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය නෙවෙයිනේ.

    (ඔය ඇමතිතුමාට වෙඩි තියපු දවස්වල අපේ යාළුවො නම් විහිළුවට කිව්වෙ ඇමති හැමදාම පූල් එකේ හෙළුවෙන් නානව බලන් ඉන්න බැරිම තැන අල්ලපු ගෙදර මිනිස්සු පුකට වෙඩි තියල කියල :))

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත..
      මටත් ඒක ටිකක් ලාවට තේරුනා..
      බලමු අඩුපාඩු හදාගන්න ඉදිරියට...
      බොහොම ස්තූතියි ඩී.ඩී.ටී අයියේ...
      ජයවේවා!!!!!!!

      Delete
  12. නියමයි..නියමයි..සහෝ.. නම් පාවිච්චි කරනකොට පොඩ්ඩක් අළුත් කරන්න බලන්න.. ඒත් අභිරහස ප්ලෑන් කරල තියෙන විදිය නම් හොඳයි.. සුභ පැතුම්.....!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාන්ත්‍රික මචෝ...
      ජයවේවා!!!!!!!!!!!!!

      Delete
  13. හෝම්ස්ට තියෙන්නේ බයික් එකක්ද? ලැම්බෝ එකක්වත් දුන්නනම්.....

    ඇමතියාගේ සීන් එක එහෙනම් ඕකද බං?

    ReplyDelete
    Replies
    1. යා යා...
      මේක තමා...
      ලංකාවට ආවත් හරි මිනිහට සල්ලි නැති වෙන්නැති...
      ඒක නිසා බයික් එකක් අරං ෂේප් වෙන්නැති...

      Delete
  14. ම්ම්ම්... හොදයි හොදයි. ඊලග කතාව තවත් හොදට ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සමනලී....
      ජයවේවා!!!!!!!!!!

      Delete
  15. නියමයි මචං.. අනෙක් කතා ටිකත් ලියමු තවත් සුපිරියට!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචෝ....
      දාන්නං ලගදිම....
      ජයවේවා!!!!!!!!!

      Delete
  16. නියමයි තරියා.. එහෙනම් මෙහෙමයි වුනේ ඈ....

    කට්ටිය දීලා තියන අදහස් සළකා බලලා, අඩු පාඩු හදාගන තව එකක් දීපන් ඇට්ටි හැලෙන්න...

    ReplyDelete
    Replies
    1. හි හි....
      බොහොම ස්තූතියි සෙන්නා අයියා...
      අනිවා...
      උපදෙස්නං ගොඩක් වටිනවා....

      Delete
  17. එළ! ආරම්භය මෙහෙමනම් ඉතිරි ඒවා කොහොම වෙයිද..!

    ReplyDelete
    Replies
    1. ඉතිරි ඒවත් ඉස්සරහට දාන්නං මචෝ...
      බොහොම ස්තූතියි...
      ජයවේවා!!!!!!!!!!!

      Delete
  18. මැක්සා එකටම ලියල තියෙනවා නමුත් මලේ මීට වැඩ රසවත්ව ලියන්න උත්සහ කලොත් හොඳයි ඔයාට කරන්න පුළුවන්. ඊළඟ කතාව මීටත් වඩා රසවත්ව අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කෝරලේ අයියේ...
      ජයවේවා...
      ඊලග කෑල්ල තවත් රසවත්ලු...

      Delete
  19. එදා රෑ මං ඇවිත් බැලුවා .. පෝස්ට් එක නැති නිසා හිතින් බැන බැන ගියා.. :D කතාව නම් ෂෝය් ඈ..

    ReplyDelete
    Replies
    1. ඇයි ඩෝ සම්මි හිතිං බැන්නේ..
      පවු නැද්ද අපි.....

      Delete
  20. Replies
    1. ස්තූතියි පරිකල්පන!!!!!!!!!!!!

      Delete
  21. ලස්සනට ගොතලා තියනවා..තවත් ලුණු ඇඹුල් වැඩි කතා බලාපොරොත්තු වෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ....
      දාන්නං දාන්නං ඊලග කතා ටිකට....
      ජයවේවා!!!!!!

      Delete
  22. අලුත් ඇරඹුමක්... ඔහොම යමු එහෙනම්... ජය !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිරා අයියේ...
      ජය ජය!!!!!!!!

      Delete
  23. වහලෙ උඩ සීන් එක කියවද්දි සිව් රහස් සලකුන මතක් උනා.හොදා ඈ :D

    ReplyDelete
    Replies
    1. තැංකූ ඩී.ටී.ඇස්.....
      ජයවේවා!!!!!!

      Delete
  24. Hondha arambayak, eth wegawath wadi, nithrama bahara kireeme niyaya parisheelanaya kaloth, neyathai jaya!!! Charitha saha nuthathana thakshanayaya gana ekathu kireemedhi tharkanukula wenna, Jaya wewa Sri Lanka Sherlock Holmes ta....!!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ...
      ඉදිරි කථා වලදී සලකා බලන්නං අඩුපාඩු හදාගන්න...

      Delete
  25. හොද ආරම්භයක්. සිද්ධි අපූරුවට ගලපලා තියෙනවා. තවටිකක් විස්තර ඇතුව ලිව්වා නම් තවත් රසවත් වෙයි. ජය වෙවා!!!!

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????