ලගින්ම ඉන්න කස්ටිය

Friday, February 22, 2013

රස්තියාදුවේ යන්නේ නැතුව ඉක්මනට එන්න. (සිහින සිතිවිලි 6)

කලින් කොටස් මෙතැනින් කියවන්න

මාධවයගේ පඩි ටෝක් අහගෙනම කුස්සියට ගිහිං පිඟානයි අතයි හෝදලා අතටම වතුර අරං බීලා හැරෙනවත් එක්කම මාධවයගේ අම්මා කුස්සියට ආවා...

ඇන්ටි මං අද ගෙදර යනවා...

ඇයි පුතා????? පාඩං කරලා ඉවරද?????????

නෑ ඇන්ටි.... තව තියෙනවා.... වෙන දවසක කරනවා..... කම්මැලියි ඇන්ටි.......

දැම්ම කම්මැලි උනොත් ඉතිං හොදට තියෙයි........ 
කියමින් සිනාසෙමින්ම ඇය ශීතකරණය වෙත ගියාය..........

මම පොත් බෑගයට ඇදුම් කීපය දමාගෙන මං යනවා ඇන්ටී කියා හඩ නගා කීවෙමි....

පොඩ්ඩක් ඉන්න... මේක අම්මට දෙන්න.... 
කියමින් ඇය තවත් පාර්සලයක් මා අත තැබීය.


මොනවද ඇන්ටි මේ?



මොනවද ඇන්ටි මේ?????

මේ අළුවා ටිකක්..... අද උදේ හැදුවෙ..... මතක් කරලා අම්මට දෙන්න.. නැත්තං අනිත් දවසේ එනකොටත් බෑග් එකේ තියෙයි...

මා ඇයට දන ගසා වැන්දෙමි....

පරිස්සමෙං යන්න....... තෙරුවන් සරණයි!!!!!!! 
කියමින් ඕ ඔළුව අත ගෑවාය.

අඩෝ මං යනවා......

හා හා පලයං...... හෙට උදේම වරෙං ඉස්කෝලෙට..... 
මාධවයා කන ගමන්ම පැවසීය...... 
මමත් අමුතුම හැගීමකින් යතුව ගෙදර බලා යෑමට මිදුලට බැස්සෙමි.


වෙන කවරදාකටත් වඩා අද හිතට දැනෙන හැගීම හරි වෙනස්...... සමහර විට එයා කතා කරපු නිසා වෙන්නැති....... සමහර විට හිනා උන නිසා වෙන්නත් ඇති...... අනේ මන්දා. මට පිස්සු වගේ. ඔව් පිස්සු වගේ නෙමෙයි පිස්සු තමයි....  මම හිත හිතම මාධවයාගෙ ගෙදර ඉදං අපේ ගෙදට්ට ගියා....... කොහොම හරි හෙන පටලැවිල්ලක් අත ලග කියලනං පිස්සුවෙං උනත් මට හිතුනා.........




ආ තමුසෙ ආවද????? ඇයි ඕයි ආවෙ?????? අපේ ගෙදර ඉන්න මගෙ කරුමෙට මල්ලි උන එකා ඇහුවා....

ඔව් ඕයි.... ආව නෙමේ එවුනා.... මොකද ගෙදර තත්තෙ?

අවුලක් නෑ...... තමුසෙ ගෙදර නැති නිසා අපි ෆන් එකේ හිටියා........

එල....... මාත් එහෙම තමා... පට්ට ෆන් එකේ හිටියා........

ෆන් කෙසේ වෙතත් තෝයි අර හැලයයි මොක්කුද වගේ ඉන්නැති.. ගඳ ආවේ තමුසෙට කලිං ගෙදර..

අම්මේ මං ආවා.... 
මල්ලි බූරුවට පයිං ගහගෙනම මං කාමරේට යන ගමං කෑ ගැහුවා.

ආ... 
ඇදුම් මාරු කරගෙන කුස්සියට එන්න....... බත් බෙදනවා......
අම්මාද කුස්සියේ සිටම පිලිතුරු සැපයීය.

එපා එපා..... මං මාධවලගෙ ගෙදරිං කාලා ආවෙ........

හම්මටඋඩු... ඕයි මල්ලි මෙහෙ එනවා........ 
කව්ද මගේ මේසෙ අස් කරේ?

අස් කරන්නට පෙර


මමයි අස් කරේ........ පිස්සං කොටුවක් වගේ....... 
අම්මා කෑ ගැසුවාය.

බම්බුව දැං හොයපංකො ඉතිං ඕන කරන ඒවා........ 
මං මටම කියා ගත්තේ ඕක කියලා ලුනු ඇබුල් වැඩිපුරත් දාලා අහ ගන්න ඕන් නැති නිසා.

මොක උනත් දැං පිලිවෙලකට තියෙනවා. ඒකත් හොදයි. මං හිත හිතම බෑග් එකත් ඇදට විසික් කරලා නාන්න හිතාගෙන බාත් රූම් එකට ගියා.......


---------------------------------------------------------------------------------------------


නාලා එහෙම චුට්ටක් නිදා ගන්න ඇද ගාවට ආවම තමයි බෑග් එක දැකලා අළුවා පාර්සලේ මතක් උනේ.......

අම්මෙ ආ...... කාන්ති ඇන්ටි දුන්නෙ...... 
මං මවට පාර්සලේ දී ආපසු හැරුනේය....

අම්මාත් පාර්සලය ගෙන විවෘත කර බලා පව්.. 
ගෙනියනකොට මුකුත් ගෙනිච්චෙත් නෑ....... 
කියමින් මේසය උඩිං තියා නැවතත් යෙදී සිටි කාර්යට යොමු විය...

මං ඇදට පැනලා කොට්ටෙ බදා ගෙන ඇස් දෙක පියා ගත්තා අනේ හීනෙන්වත් ඇවිත් පෙනියං කියලා හිතාගෙන.........

---------------------------------------------------------------------------------------------

ඊලග දවසෙ උදෙන්ම මං ලෑස්ති උනේ අළුත් බලාපොරොත්තු ගොඩක්  හිතේ තද කරගෙන.........

අම්මෙ මං එනකොට හවස් වෙයි...... මං කිව්වෙ බත් පාර්සලේ අතට ගන්න ගමන්.....

රස්තියාදු ගහන්නෙ නැතුව ඉක්මනට එන්න..... 
අම්මා කිව්වෙ මං වදිනකොට ඔලුව අතගාන ගමන්.

මං හීනියට පොඩි හිනාවක් දාලා ගෙදරිං එලියට බැස්සා.

මං ඉස්කෝලෙ ගාවට යනකොට අපේ සෙට් එක ඉන්නවා ඉස්කෝලෙ තාප්පෙ ගාව.

ඒ මොකෝ බං මෙතන කරන්නෙ?????????

යන්න බෑ බං. සීසර් ගේට් එක ලග කොන්ඩ අල්ලනවා.

අහු වෙනවට වඩා මැරෙනවා සැපයි


මධුසංඛයාගෙ කොන්ඩෙත් අල්ලලා ඌට ගහලා එලෙව්වා බං.

දැං මොකද කරන්නෙ?

ම්ම්ම්... කැන්ටිම පැත්තෙංවත් පැනහල්ලා. සර් ඉන්නවනං මට උබලව පන්නන්න වෙන එකක් නෑ.

මේ අපි හිටියෙ උබ එනකං බං.

කෝ මාධවයි හරිනුයි??????

උං දෙන්නා ඇතුලෙ බං.....

මෙහෙම කරමු. මං ඇතුලට ගිහිං බලන්නං.... 
සර් එහා මෙහා උනාම කතා කරන්නං.... 
බලහං ඉතිං ඔය කොන්ඩෙ කපං ආවනං කිසි කරදරයක් නෑනෙ....

හරි හරි බං.... උබ සේප් කරලා දියංකො ෆිට් එකනෙ.....

එල....

මා පාසල තුලට ඇතුල් වූයේ තරමක බියකිනි. මන්දයත් ඒ වන විට මා තරමක් ප්‍රමාද වී තිබිනි. නමුත් මාගේ වාසනාව නිසාමදෝ ලක්ෂ්මන් මහතා (සීසර්) වෙනත් ගුරුවරයෙකු සමග කතාවට වැටී සිටියේය.... මා ඉක්මනින්ම නාමලේඛනයේ අත්සන්කොට මාධව සිටි තැනට වූයේ ලක්ෂ්මන් මහතා දකී යැයි බියෙනි...

සීසර්ට නම ලැබුන හැටිනං අපි කවුරුත් දැනං හිටියේ නෑ... මනුස්සයගේ නමේවත් සීසර් කෑල්ලක් තියා සී අකුරක්වත් තිබ්බේ නෑ.. සමහරක්විට අපි සීසර්ට යටවුනු රෝමන් කාරයෝ වගේ නිසා ළමයි එහෙම කියන්නැති..

කොටයි , රසයි එලියෙ බං. අද සීසර් කොන්ඩ අල්ලනවද?

ඔව් බං. අපි මෙතන අල්ලං හිටපු පොඩි උං ටිකකට බැනලා දන ගස්සලා ඉන්නකොට මධුසංඛයා ආවා. සීසර්ට මල පැනලා උගෙ කොන්ඩෙං ඇදලා දුන්නා මචං ආයේ නෑ... මං හිතුව කොන්ඩෙ ගලෝලා අතට එයි කියලා. අරූ ඇඩුවා යකෝ...

අම්මටසිරි.... දැං අරුං එලියෙ.... මට කිවුවා ඇතුලට ගනිං කියලා.... මොකද කරන්නෙ?

ප්‍රයිමරිය පැත්තෙං පනින්න කියපං....... එහෙ අද කව්රුත් නෑ.....


එල..... මං එසේ කියමින් පාසලෙන් පිට විය......

අඩෝ ප්‍රයිමරිය පැත්තෙං පැනහං..... මං යනවා. ඉක්මනට පල....

ප්‍රයිමරියෙ කව්රුත් නෑ


එල එල.... 
කියමින් ඔවුන් අනෙක් පස හැරී ගමන් ගත්හ.

මා නැවතත් මාධව සිටි තැනට විත් රාජකාරී කරන්නට විය...

මේ බං දැං අද යනවද?????

නැතුව.....

කොහොමද??????

රැස්වීම වෙලාවෙදි ධම්මිකා ගාවට ගිහිං කියනවා අද යන්න ඕනා කියලා........

යන්න දෙයිද????????

මේ.. අපේ වැඩක් නෙමේ කරන්නෙ...... 
එයාගෙයි උබෙයි පරිප්පු කන්නෙ.... 
යන්න දෙන්නැත්තං ඔන්න ඔහෙ ඉමු බං... අපිට පාංද????

හ්ම්ම්ම්....... මම නැවතත් ගේට්ටුවේ රාජකාරී කලෙමි....

---------------------------------------------------------------------------------------------

කරුණාකරලා මෙන්න මේකත් පොඩ්ඩක් බලලම යන්න..

හසංගිට ඔබේ උදව් අවශ්‍යයි...


පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා හසංගිට මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු අතර ඒ සදහා රු ලක්ශ දහයක් වැයවෙනවා. ඒ සදහා හැකි උපකාරයක් කරමු!!!!!! 

Asanka - 0717757855
Nimesh - 0773444819 / 0725226516

රෝගය ගැන දැන ගැනීම සදහා (http://goo.gl/V8L0u) වෙත පිවිසෙන්න

ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

41 comments:

  1. මම නම් කියෝන්නේ නැහැ මේ කොටස් කොටස් , තෝ දාපිය මුළු එකම මම , ඉතාකොට මම නිදහසේ ඇවිත් කියෝනව :D

    ReplyDelete
    Replies
    1. එහෙනං ටිකක් බලං ඉන්න වෙයි බං..
      තාම අවසානයක් ගැන හිතලත් නෑ...
      හැකස්...

      Delete
  2. ඇති යන්තන් ප්‍රියමනාප ඇදුමක් අන්දලා... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇදුම හොදයි නේ...
      මාත් කැමතියි මේකට...

      Delete
  3. කතාව නම් එල ඈ... :)
    අර සීසර් කියල අමරතුංග මහත්තයව දාල මොකද තරියෝ..
    හැබෑට කව්ද ඒ පොටෝ එක ගැහුවේ..මමත් ඉන්නවනේ බොල එකේ... :O

    ReplyDelete
    Replies
    1. සීසර්ගේ ෆොටෝ නැති නිසා අමරෙගේ ෆොටෝ වැටෙන්නැති..
      දන්නේ නෑ බං මේ පරණ පොටෝ ගොඩකිං ඇදලා දැම්මා...

      Delete
  4. මේ අර කෙහෙල් ගෙඩියෝ දෙන්නා උඩට ඇරෝ එක ගෙනිච්චාම කලින් එන පාට පාට මෙව්වා එක දැන් එන්නේ නෑනේ.. එු මුකෝ ඒ??

    ReplyDelete
    Replies
    1. ඒක අයිං කරා...
      කරදරයක් වගේනේ කට්ටියට....

      Delete
  5. කෙටියි කොලිටියි....
    හසංගි අක්කා ගැන දාපු කැල්ලට පිං

    ReplyDelete
    Replies
    1. තැංකූ වේවා...
      හසංගි අක්කා ගැන දාන එක ඉතිං අපේ යුතුකමනේ ඈ...

      Delete
  6. මචං මේ සීන් එකට අදාල ඇත්තම පුද්ගලයන්නේ පින්තූරද තියෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ...
      මේ ගැලපෙනවා කියලා හිතෙන පිංතූර දාන්නේ....

      Delete
  7. අස්කරන්නට පෙර මේසෙ..???ඔය තරම් අවුල් වෙලාදබං...අම්මෝ අපේ මේසෙ දැක්කනම් උඹ කලන්තෙ දාවි..!!

    ReplyDelete
    Replies
    1. උගේ මේසේ පොටෝ නැති නිසා ජාලෙං හම්බුන පොටෝ එකක් දැම්මා..
      ඉතිං ඕක එච්චර ගනං ගන්න දෙයක් නෙමේනේ ඈ....

      Delete
  8. තරියෝ.. තොට නෙලනවා .. කෝ යකෝ මගේ කොමෙන්ට් එක

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ බං....
      උබට වෙරිද???????

      Delete
  9. අදයි මේ කතාව කියෙවුවේ අෆ්ෆා

    ReplyDelete
    Replies
    1. හැපෝයි...
      එහෙනං මයියං වගේ ඇති...

      Delete
  10. අඩේ මූ කෑමක් කාරිය දීපු ගමන් පටස් ගාලා වඳිනවනේ. කාගෙ උනත් හොඳ හැදිච්චි දරුවෙක්. වැරැද්දකට තියෙන්නෙ අර රත්ගමයා කොළුවට වගේ නසරානි මල්ලි කෙනෙක් ඉන්න එක. ඔන්න හිරු කෙල්ලගෙ රබර් කතාවෙ වගේ නංගියෙක්වත් හිටිය නම් තව කමක් නෑ.

    අර අළුවා මතක් කරාම ආස හිතුන බං, සීනි වැඩියෙන් දාපු සුදු අළුවා තිබුනනම් මේ වෙලාවට කන්න........

    ReplyDelete
    Replies
    1. නෑ ඉතිං එලි බහිනකොටත් වැදලා යන්න තමා ඌ පුරුදු වෙලා තියෙන්නේ..
      ඒකනේ...
      මාධවටනං අක්කෙක් ඉන්නවා ඈ...
      ලස්සන අක්කෙක්...

      අළුවා හදන්න ඇත්තෙත් එයාම තමා....

      Delete
  11. ඔක්කොමත් හරි.. ඇයි බං අළුවා මතක් කලේ... කෑව කාලයක් මතකනෑ..

    අහ්.. කතාවේ ඉතුරු ටික ඉක්මනට දාපං..

    ReplyDelete
    Replies
    1. දාන්නං දාන්නං...
      කෑම බීම වර්ගනං ඕන තරං මගේ බ්ලොගේ....

      Delete
  12. එක දිගට කොටස් 6ම කියවගෙන කියවගෙන ගියා, දැනුනෙම නැ තරියා..:)
    හැම චරිතයම (සහන්, මාධව, ප්‍රතිබා, අම්මලා, ටීචර්ස් ලා)
    ඇස් ඉදිරිපිට මැවිලා පේන තරමට රසබරව විස්තර කරලා.
    මෙගා එකක් නේද? ඊලඟ කොටසත් දාන්න ඉක්මන්ටම.

    ReplyDelete
    Replies
    1. හ්ං හ්ං...
      පළවෙනි එකනේ...
      අවුලක් නැත්තං අවුලක් නෑ..
      සංතෝසයි....
      ඉක්මන්ට දාන්නං...

      Delete
  13. කිව්ව වගේ ඊයේ post එක දාලා..bt දිග මදියි වගේ/ @නොහික්මුණු ඇස කිව්වා වගේ දාන්න කිවේ ඔක්කොම. නැත්නම් ඉතින්... :D එල ඈ මන් මේ කල්පනා කොලේ අස්කරන්න කලින ඔහොම තිබ්බනම්, අස්කරාට පස්සේ කොහොම තියෙන්න ඇද්ද කියලා.. :))

    ReplyDelete
    Replies
    1. අස්කරන්න කලිං ඔයිට වඩා චාටර් බං...
      ෆොටෝ එකක් තිබ්බේ නෑ දාන්න...
      ඊලග කෑල්ල දිගට දාන්නං...
      හි හි..

      Delete
  14. කථාව කියවගෙන යනවා.‍‍ෆොටෝ ටික නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. කට්ටියම ෆොටෝ නේ බලලා තියෙන්නේ???????
      හි හි...

      Delete
  15. මට මේ කතාව ගැන තියෙන්නේ ලොකු සැකයක් බලමු.............

    ReplyDelete
  16. ඇට්ටර කාලේ ඇට්ටර වැඩක්.. කලේ නැත්න්ම් හිතට හරිමදි වගේ..

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙමේ පස්සේ කාලෙක පසු තැවෙන්නත් වෙනවා පිස්සු නැටුවේ නෑනේ කියලා...

      Delete
  17. ඉතින් හීනෙන් පෙනුනද..? ආ ඒක අහන්න ඕන සහන් ගෙන් නේ :)

    ReplyDelete
    Replies
    1. අන්න චන්දන අයියට තේරුනා.....

      Delete
  18. යාන්ටන් ඇති හොද පසුබිමක් දාල.අද සිහින සිතිවිලිද,ඉස්කෝලේ කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. සිහින සිතිවිලිම තමා.....
      පසුබිම හොදා නේ....
      තැංකූ...

      Delete
  19. මං දවසක් අම්මගෙන් ඇහුවෙ කෝ මේසෙ උඩ තිබුන දූවිලි කියලා...මම දූවිලි උඩ කෙල්ලෙක්ගෙ නොම්බරයක් ලියලා තිබුනා...අම්මා එදා මේසය පිහදාලා...දුක තමා බන්...

    ReplyDelete
    Replies
    1. ඇඩෙනවා නේ...
      ඉහි ඉහි..
      අපරාදේ නම්බරේ....
      සැහ්...

      Delete
  20. මගැඅරුනු කොටස් ටිකත් කියවලාම ආවා...

    හික්ස්.. ඔක්කොමත් හරි, ඔය ඉකෝලෙ අර ප්‍රයිමරිය පැත්ත මතක් වෙද්දි මට ඔක්කාරෙ වගේ!! :p හෆ්ෆෝයි.., මම ආසම නැති පැත්තක්.... :/

    අම්මා පොත් මේසෙ අස් කරද්දි, මම හිතුවෙ අහිංසක පුතාගෙ කෙරුවාවල් මොකවත්වත් මාට්ටු වෙන්න ඇති කියලා.. කෝ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. මොන ඉස්කෝලේ ප්‍රයිමරියද???????
      අහිංසක පුතා සිරාවටම අහිංසක නිසා එහෙම මාට්ටු වෙන්න දේවල් නෑ ඉතිං ඈ....

      Delete
  21. මේ කොටස පුංචියි

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????