ලගින්ම ඉන්න කස්ටිය

Tuesday, February 12, 2013

හොරු කවද්ද සහන් ඇත්ත කිවුවේ??? (සිහින සිතිවිලි 4)





නෝ තෑන්ක්ස්. අපි කාලා නේ ආවෙ මාධව?? 
මම මාධවගෙං ඇසීමි.

කමක් නෑ බං ටිකක් කමු. නැත්තං මේගොල්ලො තරහ වෙයිනෙ කියමින් මාධව එහි තිබූ රෝල්සයක් අතට ගත්තේය.

ලැජ්ජවෙන්න එපා සහන් කන්න කියමින් චායා සිනාසීය. 

ඔව් බං ලැජ්ජාව පැත්තකිං තියලා කාපං.. මාධවයා රෝල්ස් වලිං කට පුරවාගෙනම කිවුවේය.


මමත් මාධවයා දිහා ටිකක් වේලා බලා සිට බන්දේසියෙන් රෝල්ස් එකක් අතට ගත්තෙමි.
තෑංක්ස් චායා..

මුගෙ ලැජ්ජාව මේ මෙයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට ආරන්චි වෙයි කියලා. නැත්තං මූ රෝල්ස් මරුවා..... 
මාධවයා වැඩේ තව ටිකක් අනන්ට විය.

ආහ් කව්ද අපේ ඉස්කෝලෙ???? 
චායා ප්‍රශ්ණය ඇසූ ආකාරය පිළිබඳව මාගේ පැහැදීමක් නොවීය.

පිස්සුද චායා මේ මුගෙ බොරු.... 
ඔයා ඕවා ගනං ගන්න එපා.... 
මම කටහඩ අවදි කලේ තවදුරටත් නිහඩව සිටීමෙන් මේ වස්සා මාවත් විනාස කර ඇයවත් විනාස කරාවි යැයි බියෙනි.

හි හි.... 
හොරා කවද්ද ‍තමං හොරෙක් කිව්වෙ ඔයා කියන්න මාධව.

මේකිටත් ඕන්නැති රෙද්දක් නෑ.... මම ඇයට සිනහවෙමින් සිතින් සිතුවෙමි.

අපෝ බෑ.... 
ඕගොල්ලො ඒ ගෑනු ලමයට කරදර කලොත්. 
බෑ බෑ.... 

ඇති යන්තං මාධවයා මොලේ කල්පනා කරා.....

පිස්සුද අනේ..... එහෙම කරනවද??? උදව් කරන අයට අපි එහෙම කරන්නෑ..... කියන්නකො..... ඒ ලෙවල් කරන කෙනෙක්ද???? මොන සෙක්ෂන් එකේද???‍
චායාටත් දැන ගන්නකං ඉස්පාසුවක් නැති හැඩයි. මහ ඕපදූප මල්ලක්. මට සිතිනි...

ඔයා දිලංකාව දන්නවද??????  කොමස් කරන්නෙ.....
මාධව කීය...

ආහ්..... දිලංකාද ගර්ල්???? 
චායා පුදුමයෙන් මෙන් ඇසීය.

නෑ. ඔයා එයාව දන්නවද??????

මොකෝ දන්නෙ නැත්තෙ????? එයාගෙ බෝයි වත් මං දන්නවා... නාලක කියලා කෙනෙක්.... ඕගොල්ලංගෙම ඉස්කෝලෙ තමා එයත්... 
ඇය දිලංකා ගැන විස්තර වැඩියෙනුත් එක්ක කීවේ ඇයව හොදින් අදුරනවායයි ඒත්තු ගැන්වීමට විය හැක....

ඔව් ඔව්. අපි උගෙ යාළුවො. මාධව කීය....

මම නිශ්ෂබ්දව ඔවුන්ගේ කටවල් දෙස බලා සිටිනු දැක ඇය මා දෙසට හැරුනි.....

කියන්නකො..... ඕනනං එක්කං එන්න පුළුවං...... ඇය දගකාර අන්දමින් කීවාය.

එයා තාම දන්නෙ නෑ..... 
මම ලැජ්ජාවෙං මෙන් කීවෙමි.

අනේ මුගේ ලැජ්ජාව..... 
දැං මාස ගානක් වෙනවා චායා.... 
මේ ගල් ඉබ්බා ඒ කෙල්ලට කියන්නෙ නෑ..... 
මාධවයා කිංඩියට සිනහසෙමින් කීවේය.....

නොදෝකිං මූ මගේ සායම හෝදනවා වල් බූරැවා....... මා සිතින් සිතුවෙමි.

ඉතිං කියන්නකො කව්ද ගර්ල්???????

මේ ප්‍ර...

මාධව කියනවාත් සමගම සුභසිංහ මහත්මිය පරිගණක විද්‍යාගාරයට ඇතුල්වූවාය... ඇය සිනහ සෙමින් අප වෙත ආවාය........





පුතාලා කෑවා නේ????? 
ඇය සිනා සෙමින්ම ඇසුවාය.......

ඔව් මැඩම්......

ආ චායා.... 
ප්‍රතිභාට එන්න කියනවද???? 
එයාට කියන්න එනකොට සුවනියර් එකේ ඩමි එකත් අරං එන්න කියලා..... 
සුභසිංහ මහත්මිය චායා දෙසට හැරී කීවාය.....

එය මගේ ජීවිතයේ ඉහලට ගත් හුස්ම පහල දැමීමට අමතක වූ මොහොතකි... අවස්ථාව විස්තර කිරීමට තරම් පොහොසත් ශබ්දකෝෂයක් මා සතුව නොමැති බව පමණක් සිතාගන්න..

ආව් ආව්.. 
මචං අරකිද දන්නෑ... 
මාධවයා මගේ කනට කර රහසින් කීවේය...

සිරාවටම එයා උනානං හොදයි බං. මම බොක්කෙංම කීවෙමි...

වැඩිය හිතට ගන්නෙපා.. මොකද තෝ එතකොට ඇදගෙන නානවා... එහෙනං උබ සුවනියර් එක ගනිං.... 
මාධවයා කීය.

හදුනානොගත් ප්‍රතිභා පැමිනෙන්නට විනාඩි 10 ක් උපරිම ගතවන්නට ඇත..... ඒ මගේ ජීවිතය තුල ගෙවූ දීර්ඝතම විනාඩි 10ය විය....

මැඩම්.......
විද්‍යාගාරයේ දොර විවෘත වනවාත් සමගම සිහින් කටහඩක් ඇසිනි...

කටහඬ ඇහුනත් එක්කම හාට් එක බීට් උණ විදිහට මං බය උනේ අහල පහල උංටත් සද්දේ ඇහෙයි කියලයි... ඉහිං කනිං දාඩිය දාන්න ගත්තේ ඒ.සී එක වෙවුලන තත්වෙට දාලා තියෙද්දිමයි... අත පය හොල්ලන්න බැරි විදිහට මුළු ඇගම ගල්වෙලා තිබ්බේ හදිසි අවස්ථාවන් ගැන බයෝ පාඩමේ සදහන් වෙලා තිබ්බ තියරි සම්පූර්ණ ඇත්ත බව මට ඒත්තු ගන්වමිනුයි.

මාධවයා ඇය දෙස බලා සිනාසී පරිඝණකය දෙස බලමින් සිනා සෙන්නට විය.

ඇත්තෙන්ම ඇය එතැනට නොපැමිනියානම් හොද යැයි මට සිතෙන්නට වූයේ මගේ සර්වාංගයම හීන් වෙව්ලීමකින් වෙලී යාමත් සමගිනි.

ගෝතයෝ.. වෙව්ලන්න එපා. අන්න අරකි බලනවා. හිනාවක්වත් දාපිය. මාධවයා හෙමින් කනට කර කීවේ සුභසිංහ මහත්මිය වෙනත් දෙසකට හැරෙනවාත් සමගය.

හරි බං.... හිටහංකො ඉතිං..... 
කියමින් මා සන්තකයේ තිබූ සියළුම ශක්තිය මුහුනේ සහ හකු පේශීන් වෙත යොදා ඇයට සිනාවක් මෙන් දෙයක් පෑවෙමි.

මගේ සිනාවට ප්‍රතිචාරයක් ලෙස හෝ මාගේ සිනාසීමේ වෑයම දැක හෝ නැතිනම් මාගේ වෙව්ලන ශරීරය දැක හෝ ඇයද මා සමග පෙරලා සිනාසුනි.

අම්බෝ ඒ හිනාව... එවෙලාවෙනං දැං මැරුණත් සැපයි කියලා හිතෙන තරමට හැඟීමක් ඇති උනේ..

සහන් මේ ප්‍රතිභා..... 
මගේ සිහින ලෝකය බිඳ දමමින් සුභසිංහ මහත්මිය ඇයව හඳුන්වා දුන්නාය.
මෙයා තමයි සුවනියර් එක භාරව ඉන්නෙ..... සොසයිටියේ ඇසිස්ටන් සෙකට්‍රි... 

දුව ඔයා ගෙනාවා නේද ඩමි එක?????

ඇය හිස වනා ඔව් යැයි සන් කලේය....

ඇගෙන් පොත අතට ගත් සුභසිංහ මහත්මිය එය මා අතට පත් කලාය.....

පුතා ඕකෙ පෙලගැස්වීම ටිකක් හරි නෑ වගේ නේද???????
අපේ දුවලට එච්චරම එක්ස්පීරියන්ස් නෑනෙ.... 

මම මාධව දෙස බැලීමි..... 
මාධවයා කට කොනකින් සිනහ සෙමින් පරිඝණක තිරය දෙස බලා සිටියේය.

දෙන්න හිතෙනවා පරයට.... මගේ සිත මටම කීවේය....

ඔව් මැඩම්..... පොඩි පොඩි කරෙක්ෂන්ස් ටිකක් තියෙන්නෙ.... 
හදන්න පුළුවං ටිකක් කථා කරලා....


සුවනියර් ඩමියේ අවශේෂ...


හරි පුතා එහෙනං ඔයා මේ දුවත් එක්ක කතා කරලා ඒ වැඩේ කරන්නකො....
මට පීරියඩ් එකක් තියෙනවා.... මං ඒක කරලා එන්නං... 
මේවට සම්බන්ධ උනාට ඒවා කරන්නත් ඕනනෙ.... 
සිනහවේගෙනම කියමින් ඇය නැගී සිට විද්‍යාගාරයෙන් පිටවිය....


ව.. වාඩිවෙන්න ප්‍ර..තිභා.... 
මම ඇයට දැඩි වෙහෙසක් දරා වචන ගලපාගෙන අමාරුවෙං මුත් කීවෙමි.

හික්ස්.... 
මාධවයා නක්කලේ දමනු ඇසේ....

යුවතියද ලැජ්ජාවෙන් සිනහ සෙමින් මා ලගින් ඉදගත් අපූරුව මට අද මෙන් මතකය....

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

54 comments:

  1. බෑ අනේ ඔයා හොඳම තැනින් හැමදාම නවත්තනවනේ...:/
    ගර්...............

    ReplyDelete
    Replies
    1. නැත්තං අනිත් දවසේ කියවන්නෑනේ......

      Delete
  2. යකෝ නරියට කුකුල්ලු බාර දුන්නා වගේ වැඩක්නෙ මැඩම් කොරලා තියන්නෙ...පට්ට ආ තරියො...ඊලග කොටස කවද්ද??????????

    ReplyDelete
    Replies
    1. මැඩම්ට උංව විස්වාසයි උඹලට විස්සාස නැති උනාට...
      ඊලග කෑල්ල ආදරවන්තයින්ගේ දිනයේදී බලාපොරොත්තු වන්න....

      Delete
  3. මුල් කොටස් කියවලම කමෙන්ටුවක් දෙන්න වෙනවා...නැත්නං නිකන් කරකලා අතාරියා වගේ

    ReplyDelete
    Replies
    1. හා හා...
      එහෙම කරහංකෝ.....
      නැත්තං කැරකවිල්ල හැදෙයිනේ...

      Delete
  4. ඊළග කෑල්ල වඩාත් රසවත්... :D

    ReplyDelete
    Replies
    1. සුදු ඇපල් පරාදයි....

      Delete
  5. හි හි....

    දැක්කම වෙන සිද්ධි ටික නම් නියමෙට ලියලා තියෙනවා තරියෝ... හි හි

    ReplyDelete
    Replies
    1. ඒ සිද්ධී ඉතිං මටත් වෙලා තියෙනෝනේ....
      හි හි..

      Delete
  6. හොය හොයා හිටපු කෙනා ළඟටම ආව කොහොම හරි. එහෙනං බලමුකෝ මොකද වෙන්නේ කියලා.. :)

    ReplyDelete
  7. අය්යෝ මැඩම් මුගෙ පැටිකිරිය දන්නෙ නැතිවනෙ..!

    ReplyDelete
    Replies
    1. මගේ පැටිකිරිය දැනගැනීමෙන් සහන්ට බලපෑමක් නෑ වී අයියේ...

      Delete
  8. මෙන්න මේක ලෙසටම නැහැලා යනවා...මයිල් කෙලින් වෙනවා ඕයි!!

    ReplyDelete
    Replies
    1. ෂුවර් නේ මයිල් විතරයි කෙලිං උනේ කියලා....

      Delete
  9. එළකිරි පට්ට ජය වේවා තරියෝ .....................පී

    ReplyDelete
    Replies
    1. ඔබටත් පට්ට ජයක් අත් වේවා ගයියෝ!!!!!!!!!!!!

      Delete
  10. තරියෝ බොහොම අගේට හිතට වදින්නම ලියලා තියනවා..ඇගට ම දැනුන දෙයක්නේ... ඉතින් ඒ රසය නොනසා ඔබ අකුරු කොට තියනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලීන් අයියේ...
      දැන්නං නලීන් අයියගේ කමෙන්ට් නැතුව බෑ වගේ පෝස්ට් ලියන්න...
      ටැංකූ එගේන් ඈ...

      Delete
  11. තව කෑල්ලක් තියනෝ නේ.. ඒකත් ඉක්කනට දැම්මා නම්..

    ReplyDelete
    Replies
    1. තව කෑලි ගොඩා...ක් තියෙනවා....

      Delete
  12. හෙහ් හෙහ් ... පුතාල කාල නේන්නං.

    අනේ .. අර අහිංසක දැරිවි.

    ReplyDelete
    Replies
    1. අහිංසක දැරිවිනං සිරාවටම අහිංසකයි...
      පුතාලා නෙමේ අර මාධව කියන පුතා තමා හැම දේම වලදන්නේ...

      Delete
  13. මරු මරු.. ඉතිරිය කවද්දෝ...

    ReplyDelete
    Replies
    1. පෙබරවාරි 14 ආදරවන්තයින්ගේ දිනයේදී....
      හොදයි නේද?????

      Delete
  14. දැන් මැඩම් ෙග ෙෆාෙටා් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. සෑමයියට මැඩම්ලවමයි ඕනා නේ??????????

      Delete
  15. ආව් ආව්..තරියාගේ මුණේ හිනාව..

    ReplyDelete
    Replies
    1. මගේ නෙමේ සහන්ගේ ඈ....

      Delete
  16. කන්න පින තියනව නම් ඉබ්බ මිරිස් තුනපහ පිටෙ බැඳගෙන ගෙදරටම එනව කියනවනෙ.
    අනේ මේ ඉබ්බ යකඩ එකෙක් නොවේවා

    ReplyDelete
    Replies
    1. ඉබ්බි හරි අහිංසක පාටයි බං...
      මං දන්නවනේ ඉතිං....

      Delete
  17. ඒ මේක සිරා සීන් එකක්ද බන්...මේ වගේ දේශීය නිෂ්පාදන තියෙද්දි උඹ අර කසිකබල් ඉන්දියා එකක් පස්සෙ යන්නෙ මක්කටද කියලා මම මේ කම්පනා කොලේ...ඔය හදවත ගැහෙන බොලා විස්තර කරලා තියෙන ඒ අවස්ථාව ගැන කියලා වැඩක් නෑ බන්...මමත් කීප වතාවක් අත්දැකලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. සිරාද මංදා...
      ලාවට සිරා....
      අනූට අනං මනං කියන්න එපා මට තරා යනවා ඈ...
      හාට් එක නිකං ටොයිං ටොයිං වෙනවා නේ???????

      Delete
  18. අනේ බං තරියා... මේ කතාවේ කලින් කොටස් වල ලින්කු ටික පිළිවෙලට අලුත් පොස්ට් එකකම මුලින් දාපන්කෝ. මම දැන් ආයේ මුල ඉඳන් 1,2, කියෙව්වා..ආයේ බලනකොට මෙන්න බොල මට පිස්සු වගේ. මුල මැද අග ටැපලිලා බං.කියෝගෙන කියෝගෙන යනකොට සිහින සිතිවිලි 10ලු මෙන්න එක පාරට.

    ReplyDelete
    Replies
    1. 10???????????
      තාම 10 ලියලත් නෑ බං...
      ආ දාන්නං දාන්නං ලිංක් ටික...

      Delete
  19. මොකද්ද බොල මම දැන් මනෝ පාරක් ගහන්න එපැයි. තෝ මගේ මතකය ඇවිස්සුවනේ...

    ReplyDelete
    Replies
    1. ඉතිං ගහපංකෝ....
      මං දැක්කේ නකං වෙන පාරක් ගහන්න ඕනා වගේ...
      මතකේ තියෙන්නේ අවුස්සන්න තමා බොල....

      Delete
  20. Replies
    1. උගෙ පඩ ෂෝ එකනේ...
      කෑම කන්නයි නයි අරින්නයි ලැජ්ජ වෙන්න ඕනැයි??????

      Delete
  21. මේකගේ පච!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එතකොට උඹ කියන්නේ ඇත්ත???????

      Delete
  22. ඕනෙම නරක යැයි හිතන කෙනෙකුට හොඳ වැඩක් පැවරුවාම ඔහු ඒක අකුරටම ඉටුකරනවා.. ඒ නිසා මේකතාවෙදි බයවෙන්න දෙයක් නෑ..

    ReplyDelete
    Replies
    1. හි හි...
      සහනයා නරක එකෙක් නෙමේ මං දන්න විදිහට.....

      Delete
  23. ඊලඟ කෑල්ල තවත් රසවත් වෙයි කියලා, මෙගා කතාවක්නම් කරන්න එපා. අගට යනකොට මුල අමතක වෙන රුසියන් කථාවක් වෙයි.

    ReplyDelete
    Replies
    1. මලා...
      මේක මෙගා තමා....
      අමතක කර ගන්න එපා ඒකට............

      Delete
  24. වල් නරිය...හැල ගෙම්බා.......කුළු මීමා.....දාපිය ඊලඟ කෑල්ල ඉක්මනට...

    ReplyDelete
    Replies
    1. දානවා ඩෝ අද....
      බලපං....

      Delete
  25. තරියා මනමාලයා නාකි ඉලන්දාරියා. :P

    ReplyDelete
    Replies
    1. මනමාලකං හිතගාව නෑ....
      වයසට ගියත් හවහට ගෙදර....

      Delete
  26. man adamai kiyuwe lassana kathawa ikamanata ithuru tika danna

    ReplyDelete
    Replies
    1. හරියෝ...
      දාන්නං...
      තැංකූ වේවා!!!!!!!!!

      Delete
  27. කන්න පින තියේ නම් ඉබ්බා ගෙට එනවා කියන්නේ මෙවට.... :D

    ReplyDelete
  28. https://www.youtube.com/channel/UCdrZrhyzlmqc3mXvtijojCw

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????