ලගින්ම ඉන්න කස්ටිය

Saturday, June 23, 2012

බලාපොරොත්තුවේ ආලෝකය (ප්‍රභන්ධ) 4


----සිව්වැනි කොටස----


2015.03.20


සර් නාසා එකෙං කතා කරනවා.

ලයින් එකට දාන්න.

කැප්ටන් ඇන්ඩෘ මේ නාසා පර්යේෂනායතනයේ මහාචාර්ය ඇලන් කතා කරන්නේ.

කියන්න ප්‍රොෆෙසර් ඇලන්. 


කැප්ටන් අපට හදුනානොගත් අභ්‍යාවකාෂ වස්තුවක් පිලිබද තොරතුරු ලබුනා සූර්යයා ආසන්නයෙන්. මේ වන විටත් එම තොරතුරු අප ඔබ වෙත එවා අවසන්. මේ පිලිබද ඔබට යමක් කියන්න තිබෙනවානම් හැකි ඉක්මනින් අප දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා.

විනාඩියක් ඉන්න ප්‍රොෆෙසර්.

කෙවින් මට ඇවිත් තියෙන ඩේටා ටික ස්ක්‍රීන් එකට දාන්න

හෙලෝ ප්‍රොෆෙසර් මට තොරතුරු ලැබුනා.

ඔබ දුටුවාද එය.

ඔව් තරමක ග්‍රහ වස්තුවක් වගේ. අපට බලපෑමක් තිබෙනවාද?

නැහැ කැප්ටන් එය ග්‍රහ වස්තුවක් නොවේ. පෙනෙන ආකාරයට එය යානයක්. තරමක විශාල එකක්.

ඔබ හරියටම එය කියන්නේ කොහොමද ප්‍රොෆෙසර්?

ග්‍රහ වස්තුවකට තම දිශාව බාහිර බලයකින් තොරව වෙනස් කල නොහැකියි කැප්ටන්. නමුත් මෙම වස්තුව ගතවූ පැය 31 තුල දෙවතාවක් එහි ආනතියත් දිශාවත් වෙනස් කල ආකාරය අප නිරීක්ෂනය කලා.
කැප්ටන් ඇන්ඩෘ 

    එය පෘථුවිය දෙසටයි පැමිනෙන්නේ.

ප්‍රොෆෙසර් ඇලන් ඔබට ඔබගේ දත්ත හා උපකල්පන පිලිබද විශ්වාසද?

80%ක් කැප්ටන්.

හොදයි අද දිනයේ පෙන්ටගනයේදී පැය 1800දී අප ඔබව බලාපොරොත්තු වනවා ප්‍රොෆෙසර්.

හොදයි කැප්ටන් සුභ දවසක්.

සුභ දවසක් ප්‍රොෆෙසර්!!

පැමිනියාට ස්තූතියි මහත්වරුනි.

අද දිනයේ අප මෙම රැස්වීමට අප හේතුව අප කව්රුත් දන්නවා යැයි මම සිතනවා.

ප්‍රොෆෙසර් ඇලන් විසින් අද උදෑසන අභ්‍යාවකාෂ ආරක්ෂක ඒජන්සිය අමතා විශේෂ සොයාගැනීමක් පිලිබද අප දැනුවත් කරා.

ප්‍රොෆෙසර් ඇලන් ආරධනා කරනවා ඔබට මේ පිලිබද ආරක්ෂක කවුන්සිලය දැනුවත් කරන මෙන්.

හොදයි.

දවස් තුනකට පෙර අප ආයතනය විසින් ග්‍රහනය කර ගත්තා සූර්යයා ආසන්නයේ ඇති ලප කිහිපයක්. මේවා එන්න එන්නම විශාල වෙනවා එහිදී අප නිරීක්ෂණය කරනු ලැබුවා. නමුත් ගොඩක්ම අපව පුදුමයට පත් කරමින් ඒ ආසන්නයේ ගිය ග්‍රාහක කිහිපයක් මගහැර දැමීමට මෙම වස්තූන්  කීපයට හැකිවුනා. එහිදී අපට පෙනී ගිය කරුණක් තමයි මෙහි හදුනා නොගත් මෙම වස්තූන් කිහිපය තවත් විශාල වස්තුවක් ආවරණය කරමින් පැමිනෙන බව. එය අපට පැහැදිලිව පෙනුනේ එම වස්තූන් කීපය ඔවුන් ගමන් ගත් කෝණය වෙනස් කරන අතරතුරදීයි.

මං හිතන්නේ වඩාත් පැහැදිලි වෙයි මේ ඡායාරූප ටිකත් අධ්‍යනය කලොත්.


අපිට ගොඩක් විශ්වාසයි මේ පැමිනෙන්නේ යානා විශේෂයක් බව.

ප්‍රධානම දේ තමයි මෙම වස්තූන් පෘථුවිය ඉලක්ක කොටගෙන පැමිනෙන බව.

ප්‍රොෆෙසර් ඇලන් අපට කියන්න පුළුවන්ද මෙම යානා පැමිනෙන වේගය ගැන.

අනිවාර්යයෙන්ම කමාන්ඩර් ඩේව්.

මෙම යානා ආලෝක වර්ශය ඉක්මවා නොපැමිනෙන බවනම් මට සහතික වශයෙන්ම කියන්න පුළුවන්. නමුත් නිශ්චිත වශයෙන් එය ගණනය කිරීමට අපට අපහසු වී තිබෙනවා තාක්ෂනික ගැටලු කීපයක් නිසාවෙන්. අප බලාපොරොත්තු වෙනවා ඉදිරි දින දෙක ඇතුලත මේ පිලිබදව දැනුවත් කරන්න.

හොදයි මෙය පෘථුවිය කරා පැමිනෙනවානම් අඩුම වශයෙන් එයට කොපමන කාලයක් ගතවේදැයි කියන්න පුළුවන්ද ඔබට.

අඩුමවශයෙන් සතියක් ගතවෙයි කමාන්ඩර්.

හොදයි.

මිත්‍රවරුනි අප ඉදිරියේ විශාල ගැටලුවක් තිබෙනවා. මං හිතන්නේ අප ජනාධිපතිතුමාව දැනුවත් කලොත් හොදයි.

ඊට කලින් කැප්ටන් මට දෙයක් කියන්න තියෙනවා. මේක ගොඩක් වැදගත්. 


මං හිතන්නෑ CIA එකට අභ්‍යාවකාෂයත් එක්ක ගනුදෙනු ඇතියි කියලා ස්මිත් මහත්මා.
මං විහිලුවක් කලේ කියන්න මොකද්ද ඔබට කියන්න තියෙන්නේ ස්මිත් මහත්මා.

ස්තූතියි කැප්ටන් ඇන්ඩෘ.

වර්ෂ 2013දී මමත් පුරාවිද්‍යාඥ බෙල්වුඩ් මහත්මාත් ජනාධිපති තුමාත් අතර රහසිගත සාකච්චාවක් පැවැත්වුනා.

එහිදී අපට ඉතා විශාල කරුණු රැසක් අනාවරණය උනා.

අපට ලැබුනු කරුණු අනුවනම් ඔබ ඔය පවසන යානයේ පැමිනෙන්නේ පෘථුවි වාසීන්මයි මහාචාර්ය ඇලන්.

මොනවා. පැහැදිලි මදි ස්මිත් මහත්මා.

හොදයි කැප්ටන්  මම විස්තර වශයෙන් කියන්නම්.

වර්ෂ 1996දී බෙල්වුඩ් මහත්මා ප්‍රමුඛ ගවේෂන කන්ඩායම විසින් දත්ත අඩංගු උපාංග කීපයක් මයා ශිෂ්ඨාචාරයට අයත් නටබුන් සමූහයක් කැනීමේදී සොයාගනු ලැබුවා.

ඔවුන් ඒවා පර්යේෂණයට බදුන් කිරීමෙන් රාවන පුරාවෘතය සැබෑවක් බවත් රාවන පාලනය පිලිබදවත් අවසානයේ සිදුවූ සටනක මූලාරම්භය ගැනත් කියැවෙන  දත්ත සමූහයක් සොයාගත්තා.

නමුත් ඉන් එක් උපාංගයක් ක්‍රියාත්මක කරවීමට නොහැකි වන තරම් අබලන් වී තිබුනා.

එය CIA සංවිධානය අතට පත්කොට වැඩිදුර ගවේශණ කටයුතු සදහා බෙල්වුඩ් මහත්මා ඉන්දියාවට පිටව ගියත් ඔවුන්ට නැවත නිරුපද්‍රිතව පැමිනීමට නොහැකි උනා.

මේ නිසාවෙන්ම ලෝකය හමුවේ ඔහුගේ පර්යේෂණ යටපත් වී ගියත් අප සංවිධානය ඉතිරි වී තිබූ උපාංගය පිලිසකර කිරීමට ඉතා වෙහෙසක් ගත්තා.




එහි ප්‍රතිඵලයක් ලෙස අපට 2013 අවසාන භාගය වන විට එහි දත්ත යම් තරමක් කියැවිය හැකි උනා.

එහි සදහන් අන්දමට පෘථුවිය ආක්‍රමණය කිරීමට පැමිනෙන රාම නම් ජීවියෙක් ලෝකය තුල මනුශ්‍ය සංහාරයක් ඇති කරමින් ලක්දිව ප්‍රධාන මූලස්ථානයට පහරදීමට සූදානම් වෙනවා.
මෙම ජීවීන් මේ සදහා තරු දොරටු නම් උපාංග භාවිතා කරන අතර ඒ මගින් ඔවුන්ගේ සේනාවන් පෘථුවිය කරා ගෙන එමින් ඔවුන් දිගින් දිගටම මනුශ්‍ය සංහාරයේ යෙදෙනවා.
එවකට මායාවරුන් පාලනය කොට ඇත්තේ විභීෂණ නම් රාවණ රජුගේම සොහොයුරෙක්.
ඔහු තම සේනා සංවිධානය කොටගෙන බටහිර සිට ලක්දිවට පැමිනෙනවා.

ඒ අතරතුර ඔහුට හමුවන තරු දොරටු ඔහු විසින් විනාශ කල බවත් එහි සදහන්. මක්නිසාද යත් එවිට රාමගේ යුධ සැපයුම් නවතින බැවින්.



එසේ පැමිනෙන ඔවුන් අවසානයේ ලංකාපුරයේ සේනා සමග එක්වී සටනට සැරසෙනවා.

යක්ෂ සේනාවන් අතර තිබූ තාක්ෂණයෙන් රාම ඇතුලු ජීවීන් සමූලඝාතනය කිරීම විභීෂනගේ අභිප්‍රාය වුවත් රාවණ එයින් සිදුවන හානිය නිසාවෙන් එම කටයුත්තට අකමැති වෙනවා.

ඒ අනුව රාවන විසින් කූට උපක්‍රමයක් යොදා රාම ඇතුලු පිරිස නැවත ඔවුන්ගේ ලෝකය තුල සිර කිරීමට සැලසුමක් සකස් කර තිබෙනවා.

සැලසුම කුමක්දැයි අපට පැහැදිලිවම සදහන් කල නොහැක මං කලින් සදහන් කල ආකාරයට ඇතැම් දත්ත අපට කියැවීමට තවමත් අපහසුයි.

සැලසුමට අනුව රාවණ රජු ඇතුලු පිරිස තම යානාවන්ගෙන් තරු දොරටු හරහා රාම ඇතුලු සේනාව තරු දොරටුවක් ආසන්නයේ කොටු කර එය ක්‍රියාත්මක කොට ඔවුන් විශ්වයට මුදා හරිනවා. නමුත් වැරදීමකින් රාවන ඇතුලු පිරිසද ඒ තුලට ඇදී යනවා.

සැලසුමේ ආකාරයට විභීෂණ විසින් පෘථුවියේ පිහිටා තිබූ සියලුම තරු දොරටු අක්‍රිය කොට දැමූ බවක් සදහන් වෙනවා.

මේ නිසාවෙන් විශ්වයේ ඈත කෙලවරට ඇදී ගිය රාවණ ඇතුලු සේනාවට නැවත ඒමට විශාල කාලයක් ගතවන බව විද්‍යාඥයින් ගනනය කරනවා.

තරු දොරටු නොමැති වීම නිසාවෙන් ග්‍රහ පාලනය පෘථුවියෙන් ගිලිහී යනවා.

මේ නිසාවෙන්ම අගහරු මත තිබූ මානව කොලනි අතහැර ඔවුන්ව නැවතත් පෘථුවියේ ස්ථාපනය කරනවා. ඔවුන්ව නැවත ස්ථාපිත කරන්නේ ඊජිප්තුවේ බවයි සදහන් වන්නේ.

අතරමන් වූ රාවනා ඇතුලු පිරිස නැවත පැමිනෙන දින ගනන සදහන් කොට මතු පරපුර වෙත දැන ගැනීම  සදහා විභීෂණ රජු ලේඛන සාදවා තබනවා.

නමුත් නොසිතූ ලෙස යක්ෂ රාජධානිය කඩා වැටෙන අතර එයට හේතුව අඥාතයි.

අපට කියවා ගත හැකි දත්ත අනුව මෙපමනයි මට ප්‍රකාෂ කල හැක්කේ.

ඕහ්.. සුරංගනා කතාවක් වගේ ස්මිත් මහත්මා.

ඔව් නමුත් අපට ඔප්පු කිරීමට සාධක තිබෙනවා.

මෙම යානාවන් පිලිබදවත් අප සතු තොරතුරු පිලිබදවත් ජනාධිපති තුමා දැනුවත්.

ඒ ඔස්සේ ඔහු විසින් නිර්මාණය කරන ලද ආයතනයයි ඔබගේ ආයතනය.

ජනාධිපති තුමා මේ සම්පූර්ණ විස්තරය දන්නවාද ස්මිත් මහත්මා.

ඔව්. අප සතු දත්ත වල සදහන් අන්දමට රාවනාගමනය ඔවුන් දක්වා ඇත්තේ බලාපොරොත්තුවේ ආලෝකය ලෙසයි.

ඒ අනුව ජනාධිපති තුමා ඉදිරියේදී මුහුන දීමට අභ්‍යාවකාෂ ආරක්ෂක ඒජන්සිය ආරම්භ කලා.

මං හිතන්නෑ එතනින් පසු ඔබට මා විස්තර ඉදිරිපත් කල යුතුයි කියා.

හොදයි එහෙමනන් අපට උදාවන සතිය ඉතා වැඩාදික සමයක් වේවි.

මම ප්‍රාර්ථනා කරනවා එය නරක එකක් නොවේවා කියා.



ස්මිත් මහත්මා මට ඔබව රැස්වීමෙන් පසුව පෞද්ගලිකව හමුවීමට අවශ්‍යයි.

හොදයි මහත්වරුනි නිතර අවධානයෙන් සිටින්න. හැකි විගසම අප ඔබව දැනුවත් කරන්නම්.

පස්වැනි කොටසට 

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

41 comments:

  1. කතාව නම් අද තමා කියවාගෙන යන්න ගත්තේ ලස්සනට ලියලා තියේ .. ඒත් අර ජයතිලකගේ වැඩ නිසා රාවනාව නම් දැන් මට තිත්ත වෙලා .

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ අර ගොසිපෙ ඉන්න ජයතිලකයා නේ..
      මිනිහා විතරක් නෙමේ දැං හැම තැනම රාවනාලනේ..
      තැංකියු කමෙන්ටුවට..
      ජයවේවා ඈ.

      Delete
    2. සඳරු අය්ය ජයතිලකගෙ වැඩේ ගනන් ගන්න එපා.. ඒක ජොක් එකක්... අපිත් ඇඳල අප්ප හිටියේ,, පස්සෙ සපා අය්යා තමයි පැහැදිලි කලේ... හරිම සියුම් ලෙස අදාල තැන්වලට පහර එල්ල කරපු ලිපි තියෙන්නේ

      Delete
    3. හික්ස්...
      සමහරුන්න බයින්න බැරි කමට අන්ලයික් කරලා ගිහිං තිබ්බා දැක්කා..

      Delete
    4. ජයරත්න උන්නැහේ නම් අනිත් අයව නෝන්ඩි කරන්න ඒක ලියන්නේ.ඒ වුනාට රාවණ රජතුමා ගැන කියන ගොඩක් දෙනෙකුත් ඒ වගේම දෙයක් තමා කරන්නේ.
      මොනා වුනත් ලේ පිරිසිදු වෙන්න කියාපු බ්ලොග් එක. :D :D

      Delete
    5. හෑ... මේකනං මං හිනාවෙන්න නෙමේ ලීවේ ඈ....
      මට කින්ඩි දානවද මන්දා

      Delete
    6. :O නෑ නෑ.මේක නෙවෙයි.අර ජයරත්න උන්නැහේගේ බ්ලොග් එක.ඒක කියවලා නැද්ද?? :D :D :D

      Delete
    7. හි හි...
      තීනවා තීනවා

      Delete
  2. මමත් අදමයි ආවේ. ලස්සනට හිතට වදින්න ගැලපෙන්න ලියලා. දිගටම එන්න ඕනේ. මටත් රාවනා කතා එපා වෙලා. ඒත් මමත් යම් පමණ ඒවා විශ්වාස කරන්නෙක්.

    ReplyDelete
    Replies
    1. තැංකියු ක්සැන්ඩර් අයියා...
      අනිවා මාත් විස්සාස කරනවා..
      ඒත් ඉතිං පේජ් කාරයොයි හොරුයි බොරු කාරයොයි නිසා එපා වෙනවා වෙලාවකට..

      Delete
  3. නියමයි... ප්‍රබන්ධයක්‌ උනත් හිතට වදිනවා........
    -චකයා-

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඈ...
      මේ කතාව ගොඩනගන්න කුරුළු නිස්කලංක කියන අයියත් ගොඩක් මට උදව්ව උන බව මේ අවස්තාවේ කියන්න ඕනා..

      Delete
  4. "ස්මිත් මහත්මා මට ඔබව රැස්වීමෙන් පසුව පෞද්ගලිකව හමුවීමට අවශ්‍යයි."

    චිකේ .. ලොකු කාරයා (if u knw wt i mean)

    ReplyDelete
    Replies
    1. යකෝ උබ වගේ නෙමේ හැම එකාම...
      සැහ් බ්ලොග් එකම සවුත්තු කලා කියහංකෝ මූ...
      එනිවේ තැංකූ වෙරි මච් ඈ...

      Delete
  5. කතාව කුතුහලය ත්‍රීව කරමින් ගලාගෙන යනව නම් තමයි.... නමුත් මෙය තවදුරටත් විද්‍යාත්මක කෙරුවොත් එල... නොස්ත්‍රාමුද්‍රාස් කියපු අනාවැකි කිහිපයක් මෙහි අන්තර්ගත වෙලා තියෙන එක හොඳයි.. තව තව දේවල් එකතු කරලා මෙහි විද්‍යාත්මක පැත්ත සත්‍යාසන්න කෙරුවොත් කතාව එල කිරිම වේවි.. http://en.wikipedia.org/wiki/Nostradamus

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි!!!!!!
      තාම පද්මා පැඩිඩිලියන්ගේ නොස්ට්‍රඩාමුස්ගේ අනාවැකි පොත කියවලා ඉවර කරන්න බැරි උනා..
      අදහසට ස්තූතියි!!!!!!

      Delete
  6. අද තමා මමත් ආවේ... ලියල තියන විදිය සාර්තකයි.. අවසානය දක්වා රැඳිල ඉන්න පුලුවන් වගේ

    දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මී ගෙඩ අයියේ..
      ස්ටේ ටියුං විත් මී...
      ජයවේවා!!!!!!!!

      Delete
  7. ත්‍රාසය භීතිය කුතුහලය සපිරි අලුත්ම කොටස එනකන් මං මග බලාගෙන ඉන්නේ...
    කැප්ටන් ඇන්ඩෘ තමයි මං මේ කතාවේ කැමතිම චරිතය....
    දිගටම ලියන්න...
    ඔබේ හීනයට සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. හික්ස්...
      බොහොම ස්තූතියි ඈ....
      මං නං ඉතිං හැම එකාටම කැමතියි...

      Delete
  8. සූටිත්තක් කිව්වට ගොඩාරියක් විතර ළමා ගතිය තියනව ... ඒ ගතිය මග ඇරල ලියන්න පුලුවන් නං සුපිරි කතාවක් වේවි

    ReplyDelete
    Replies
    1. ළමා ගතිය කිව්වේ බොලද ගතියද???????
      තැංකූ කමෙන්ටුවට...

      Delete
  9. ඔන්න එහෙනම් මමත් කොමෙන්ටුවක් දානවා හොඳේ.(නැත්නම් මේකා මට කනක් ඇහිලා ඉන්න දෙන්නේ නෑනේ)

    කතාවනම් එලම කිරි. චූ....ටිම චූටි සූකිරිගතියකුත්නම් තියනවා තමයි ඉතිං...... ඒත් එල.
    ඉක්මණින් අනික් කොටස් ටිකත් එනවනම් හොඳයි. අනිත් කොටස් එනකල් බලාගෙන ඉඳලා සරුවාංගෙම රිදෙනවා බොලං. හී හී හී.

    ReplyDelete
    Replies
    1. හික්ස් දැම්මද...
      එල එල..
      වැරැද්ද පෙන්නුවට තැංකූ ඈ...
      ජයවේවා!!!!!!!

      Delete
  10. ඔන්න මාත් ආවා..ඉතුරු ටිකත් ඉක්මනටම පබ්ලිෂ් කරන්න.කියවන්න ආසාවෙන් ඉන්නේ..! :) :)

    ReplyDelete
    Replies
    1. ආවනං එච්චරයි...
      අනිවා ඉක්මනට දාන්නං..
      ආවට ස්තූතියි කිව්වා!!!!!!

      Delete
    2. mama nikan nasa ekata giya wage................anith tikak ikmanata liyannkooooo

      Delete
    3. කවදාවත් නාසා එක අහලකටවත් වද්ද ගන්නැති ආත්ම අක්කල වගේ උදවියට බ්ලොග් එකෙං නාසා පෙන්නලා මං මාර පිනක් නේ කරගෙන තියෙන්නේ..
      එල ඉක්මනට දාන්නං..
      ජයවේවා!!!!!!!!!!

      Delete
  11. රාවනා මගේ බ්ලොග්ටත් ආවා මේ සතියේ!

    ReplyDelete
    Replies
    1. අඩේ මං රාවනා පිස්සෙක් නෙමේ ඈ...
      හික්ස්...
      සාදරෙං පිලිගන්නවා....
      බොහොම ස්තූතියි නැවත එන්න...

      Delete
  12. ආතර් සී ක්ලාගේ රාමා සීරිස් එක කියවන්න.

    ReplyDelete
    Replies
    1. කියවල නං නෑ...
      හොයාගෙන කියවන්න ඕනේ..
      තැංකූ ඈ...

      Delete
  13. කොමෙන්ට් එක පරක්කු වුණාට මගේ බලවත් මෙව්වා එක. කතාව එල. හැබැයි මට ටිකක් ඉක්මණින් කොටස් ටික ඕන...
    බලං ඉන්න බෑ ඊලඟ කොටස එනකල්...

    ReplyDelete
    Replies
    1. කුතුහලය වැඩි නිසයි කිව්වේ ඈ....
      ඊලගට මොනවා වෙයිද කියලා හිත හිත දවස් ගණන් ඉන්න බෑ ....

      Delete
    2. දැං බලපං උබේ කුතු හලේ නිසා මගේ ඉරට්ටේ කමෙන්ට් මෙව්වා එක ඔත්තේ වෙනවනේ..
      එල මචං දාන්නං හැකි ඉක්මනිං..
      ජයවේවා...

      Delete
  14. පික්සු හැදෙනව.......ඇත්තටම නියමයි.. එල

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ මහතානෙනි..

      Delete
  15. කෝ බන් මේකේ ඊලග කෑල්ල??? හනිකට දමාපන්කෝ...

    ReplyDelete
    Replies
    1. ඉවසන්න දරුව ඉවසන්න...

      Delete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????