ලගින්ම ඉන්න කස්ටිය

Thursday, July 5, 2012

නිව්ටන්ගේ රහස් නියමය 1

 පලමු කොටස


වර්ෂ2015දී සිදුවූ අනපේක්ෂිත සිදුවීමත් සමගම පෘථුවියේ එවකට පැවති ගැටළු රැසක් සඳහටම සමුගත්තාක් මෙන් ලෝකයම එකම රටක් මෙන් සාමකාමීව වැඩ කටයුතු කරන්නට විය.

ඒ අනුව එක් එක් රටවල් විවිධ අංශයන්හි පුරෝගාමීත්වය දරමින් ඒ ඒ අංශ වල පරතෙරටම යාමට උත්සහ ගත්තේය.

ඉන්දියාව ප්‍රමුඛ ආසියානු රටවල් කිහිපයක් එක්ව ආසියානු ලීගයක් පිහිටුවා අභ්‍යාවකාෂ වැඩ පිලිවෙලක් දියත් කරන ලදී.





මේ අනුව ඔවුන් විසින් ඒ වන විට මිනිසා තුල ඇතිව තිබූ ගැටලු රාශියකට පිලියම් සොයා ගත්හ.

ප්‍රතිචක්‍රීකරණය කල නොහැකි අපද්‍රව්‍ය නෙප්චූන්හි මධ්‍යස්ථානයක් පිහිටුවා ඒ තුල ගබඩා කිරීමට කටයුතු කිරීම මෑත භාගයේ ඔවුන් ක්‍රියාත්මක කල ඵලදායීම මෙහෙයුම විය.

විවිධ රටවල මෙම අභ්‍යාවකාෂ කටයුතු සදහා උනන්දු පුද්ගලයින් ආසියානු අභ්‍යාවකාෂ විද්‍යායතනයට පැමිනෙන්නට වූයේ ඔවුන් සතුවූ සාර්ථකත්වය නිසාවෙන්මයි.

---------------------------------------------------------------------------------------------------------------



ක්‍රි.ව 2020
ඉන්දියාව.

නෝනාවරුණි මහත්වරුනි අප වෙත ලැබී තිබෙන නවතම වාර්තාව අනුව තවත් වසර 1500කින් X2 නම් අප ආසන්නයේම ඇති කලු කුහරය තුල වැලඩිමීර් සූර්යා ගිලී යන බව සඳහන් වනවා.

මම ඇතුලු අභාවකාෂ මන්ඩලය තීරණය කලා ඒ පිලිබඳව ගැඹුරින් අධ්‍යනය කර වාර්තාවක් සපයන්න.

මහාචාර්ය නිව්ටන් පටෙල් මහතා ආසියානු අභ්‍යාවකාෂ මණ්ඩලයේ වාර්ශික මහා සමුළුව අමතමින් තම ඉදිරි ව්‍යාපෘති පිලිබද දැනුවත් කරන්නට විය.

ඇත්තෙන්ම අප සැලසුම් කරන්නේ ඒ ආසන්නයටම ගොස් ඒ පිලිබද අධ්‍යනය කරන්නයි.

සමුළුවට සහභාගි වී සිටි සියලු දෙනා මේ පුවත සැලවීමත් සමගම එකිනෙකාගේ මුහුනු දෙස බලමින් මුමුනන්නට විය.

තරමක් වේලා සභාව දෙස බලා සිටි මහාචාර්යවරයා සිනාසී නැවත තම කතාව ආරම්භ කරන්නට විය.

ඔබතුමන්ලාගේ ඔය ප්‍රතිචාරය අපි සියලු දෙනා බලාපොරොත්තු උනා.

මේ පුවත ඇසීමත් සමගම ක්ෂේත්‍රයේ නියැලෙන බුද්ධිමතුන් වශයෙන් සාධාරණ ගැටළු කිහිපයක් ඔබ වෙත ඇති වන්නට ඇතැයි මම සිතනවා.

තම උපැස් යුවල පැලද ගනිමින් මහාචාර්ය වරයා සන්සුන් ඉරියව්වෙන් පුළුල් තිරය වෙතට පිය නැගුවේය.



ඔබ සියලු දෙනා දන්නා නමුත් X2 කලු කුහරය පිලිබද කෙටි හැදින්වීමක් කිරීම වඩාත් හොදයි කියා මම සිතනවා.

X2 කලු කුහරය පෘථුවියේ සිට ආලෝක වර්ෂ 1600ක් ඈතින් පිහිටා තිබෙනවා.

එමෙන්ම කලු කුහරය ආශ්‍රිත අසාමාන්‍ය ගුරුත්ව බලයක් ඇතැයි පිලිගනු ලබනවා.

මුලින්ම අප ඒ ආසන්නයට යෑමට තීරණය කොට ඇති බව පැවසීමත් සමගම ඔබ තුමන්ලාට ගැටලු 2ක් පැන නගින්නට පුළුවන්.

පලවෙනි කරුණ හැටියට මම හිතනවා කලු කුහරයට ඇති දුර හා යානයේ වේගය පිලිබද ඔබ තුමන්ලාට ගැටළුවක් පැන නගින්නට ඇතැයි කියා.

කෙටියෙන් පිලිතුරු දෙනවානම් එම දුර ප්‍රශ්ණයක් නොවන ආකාරයේ වේගයක් අපට ලබා දිය හැකි ආකාරයේ යානයක් අප සතුව දැන් පවතින බව ප්‍රකාෂ කල යුතුයි.

දෙවනියට ඔබ තුමන්ලාට ඇතිවිය හැකි ගැටළුව නම් නම් සම්පූර්ණ ගවේශණය නිම කිරීමට කොපමණ කාලයක් ගතවේද යන්නයි.

ඒ සදහා පිලිතුරු සැපයීමට පෙර මම හිතනවා ඔබ තුමන්ලාට පලමු ප්‍රශ්ණය සඳහා විස්තරාත්මක විශ්ලේෂණයක් අවශ්‍යයි කියා

එයට පිලිතුරු සැපයීමට ගැලපෙනම පුද්ගලයා මම හිතන්නේ විද්‍යාඥ හරිත බන්ඩාර මහතා විය යුතුයි.

හරිත ආරාධනා කරනවා ඔබට වීර් පිලිබදව සභාව දැනුවත් කරන්නට.

හරිත බන්ඩාර මහතා වේදිකාවට ගොඩවන අතරතුර සමුළුව තුලින් පුංචි කසුකුසුවක් නැගෙන්නට විය.

ස්තූතියි මහාචාර්ය තුමනි.

ඔබ සියලු දෙනා හට පුදුමයක් ඇති කලු කුහරය ගවේෂණය සදහා අප යොදාගැනීමට බලාපොරොත්තු වන යානයේ වේගය පිලිබදව.

සතුටෙන් දැනුම් දීමට කැමතියි අප ආලෝකයේ වේගය ඉක්මවීමට සමත් වූ බව.
ඔව් සහෝදර සහෝදරියනි අපට එය කිරීමට හැකි වූවා.

අපට හැකි වුනා ඔබ කව්රුත් හොදින් දන්නා සියවසේ නිර්මාණය වන රසදිය තාක්ෂණය යොදාගත් රොකට් එන්ජිම වැඩි දියුනු කිරීමට.




දැන් ඔබලාට ගැටළුවක් ඇතිවේවි යානයේ බඳ ගැන.

ඇත්තෙන්ම මෙහිදී අප යොදාගත්තා ඉතාමත් දුර්ලභ ලෝහ වර්ග කීපයක මිශ්‍රණයක්.

එහි ඇති අස්වාභාවික ඉලෙක්ට්‍රෝන සැකැස්ම නිසා ඝර්ශනයේදී එයට සිදුවන හානිය අවමයි.

ඇතිවන සුළු හානි නැනෝ තාක්ෂණය යොදාගනිමින් ප්‍රතිජනන කොට නැවත පිලිසකර කිරීමේ පද්ධතියක් අප නිර්මාණය කිරීමට සමත් වූවා.

යානය වීර් යන නාමයෙන් නිශ්පාදනය කොට තිබෙනවා.

සම්පූර්ණ දිග මීටර් 950කි.

එන්ජින් 6ක බලයක් මේ සදහා ලැබෙන අතර ත්‍රිකෝණාකාර හැඩයක් යානයේ බඳට ලබාදීම සදහා අප කටයුතු කලා.

මෙමගින් වඩා ස්ථායි තත්වයක් ආලෝකයේ වේගය ඉක්මවන විට අපට ලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණය කරගනු ලැබුවා.

යානයේ හැකියාවන් ගැන විඩිදුරටත් කියනවානම් මිලි තත්පර 0.13කදී යානයේ වේගය දෙගුණයකින් අඩුකිරීමටත් වැඩි කිරීමටත් පුළුවන්.

එමෙන්ම දිශා වෙනස් කිරීමට වෙනමම පද්ධතියක් යොදා ගන්නා නිසා එකම වේගයක් රදවා ගනිමින් දිශාව වෙනස් කිරීමටත් හැකියාව තිබෙනවා.

ඉන්ධන භාවිතය සම්බන්ධව සලකා බලන විට අප මූලික ඉන්ධනය ලෙසින් රසදිය භාවිතා කරනවා.

ඒ වගේම යානයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සදහා ඉන්ධන මධ්‍යස්ථාන කිහිපයක් අප විසින් මේ වන විටත් අභ්‍යාවකාශ ගත කරලා අවසානයි.

විශේෂයෙන්ම කිව යුතු වන්නේ මෙහි ඇති පෙරහන් පද්ධතිය මගින් අවකාශයේ ඇති ප්‍රෙයෝජනවත් මූලද්‍රව්‍ය එක්රැස් කොටගෙන වෙන වෙනම ගබඩා කරගැනීමක් සිද්ධ වනවා.



එමනිසා අපට විශාල සැපයුම් ප්‍රමාණයක් රැගෙන යාමට අවශ්‍ය වන්නේ නෑ.

ඒ වගේමයි යානයේ අභ්‍යන්තරය ගැන කතා කරනවානම් අප මූලික අවදානය යොමු කොට තිබෙන්නේ විද්‍යාගාර පහසුකම් සදහායි. ඒ සදහා යානයේ 3න්1ක් වෙන්කර තිබෙනවා.

කාර්ය මණ්ඩලය සිව්  දෙනෙකුගෙන් සමන්විතයි.

යානයේ පාලනය සම්පූර්ණයෙන්ම පරිඝණක ගත කොට තිබෙන නිසා නියමුවන් අවශ්‍ය වන්නේ නැහැ.

සියලුම අවස්ථාවන්ට හොදින් මුහුන දීම සදහාම නිර්මාණය කෙරුනු කෘතිම බුද්ධි වැඩසටහනක් යානයේ අන්තර්ගතයි.

සියවස් ගණනාවක චාරිකාවක් බැවින් ශිෂිර තාරක නිද්‍රාවටත් එයට සම්බන්ධ ජෛව ආරක්ෂක පද්ධතියක්ද අන්තර්ගතයි.

සමුලුව අවසානයේ ඔබ සියලු දෙනාටම නිශ්පාදන තත්වයේ ඇති වීර් යානය දැක බලා ගැනීමට හැකිවේවි.

මෙය J පන්තියේ යානයක් ලෙස හඳුන්වා තිබෙනවා.

මම හිතනවා ඔබ සියළු දෙනා හටම යානය සියැසින් දැක බලාගැනීමට නොයිවසිල්ලෙන් පසුවන බව.

ඔබ සියලු දෙනාගේම අදහස් ඒ සම්බන්ධව දැන ගැනීමටත් අප බොහොම කැමැතියි.

ස්තූතියි මහත්වරුනි.
සුභ දවසක්!!! 

හරිත බන්ඩාර මහතාගේ කතාව අවසාන වත්ම රැස්ව සිටි සභාව අත්පොලසන් නාදයකින් ඔහුගේ ඉදිරිපත් කිරීම අගයන්න් වූවා.

හරිත බන්ඩාර මහතාගේ නික්ම යෑමත් සමගම මහාචාර්ය පටෙල් මහතා නැවත වේදිකාවට ගොඩ වැදුනේ සිනා මුසු මුහුනින්මයි.

මං හිතන්නේ හරිත ඔබ සියලු දෙනාගේම තිබුනු ගැටළු කාරී තත්වය මගහරින්නට ඇතැයි කියා.

ඔහු ඉතා පැහැදිලිව ඉදිරිපත් කල කතාවේ එක් අංගයක් හිතාමතාම අමතක කලාදෝයි මට හිතෙනවා.

නෝණාවරුණි මහත්වරුණි. මේ යානයේ සම්පූර්ණ සැලසුම නිර්මාණය කලේ හරිත බණ්ඩාර මහතායි.

රැස්ව සිටි පිරිස නැවතත් අත්පොලසන් නාදයක් දෙන්නට විය.

හොදයි මම හිතනවා කලින් සදහන් කලා වගේ ඔබ තුමන්ලාට පැන නැගුනු පලමු ප්‍රශ්ණය විසදෙන්නට ඇතැයි කියා.

දෙවන ගැටළුවට පිලිතුරු දීම මා විසින්ම සිදු කරන්නම්.



සම්පූර්ණ ගවේෂණය සදහා වසර 3300 කට ආසන්න කාලයක් ගතවනවා.

ඇත්තෙන්ම මෙය තරමක විකාර රූපී අදහසක් යැයි ඔබලාට සිතෙන්නට පුළුවන්.

සම්පූර්ණ විද්‍යාව රැදී පවතින්නේ මෙවැනි සිතුවිලි මතයි.
එමෙන්ම නූතන ලෝකය රදා පවතින්නේ ඒ විද්‍යාව මතයි.

හොදයි. හරිත ඔහුගේ දේශණයේ සදහන් කර ආකාරයට යානයේ මගීන් 4කට යා හැකියි.

අප එම සිව් දෙනා දැනටමත් තොරා අවසන්.

මෙම ගවේෂණය සදහා,

  • චීනයෙන් ආචාර්ය ලෙස්ලි පෝ මහතාත්
  • ඉන්දියාවෙන් මහාචාර්ය ගයේෂා සිං මහත්මියත්
  • ශ්‍රී ලංකාවෙන් යානයේ නිර්මාතෘ විද්‍යාඥ හරිත බන්ඩාර මහතාත්
  • ප්‍රධානත්වය ගනිමින් නිව්ටන් පටෙල් වන මමත් සහභාගි වනවා.
අපට මේ සදහා අනුමැතිය ලැබී අවසන්.

මා විස්වාස කරනවා අපට ඉතා වැදගත් සොයාගැනීම් රැසක් මේ හරහා කල හැකි වන බව.

දෙවන කොටසට මෙතැනින්



 

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

72 comments:

  1. ම්..නිව්ටන්ගේ රහස බලන්න දිගටම එනවා..
    මට ප්‍රශ්නෙ අවුරුදු 3300ක් කින් පැමිණෙනවා කියන්නෙ පෘතුවියේ මානව ශිෂ්ඨාචාර දෙක තුනකම කාලය..ආපහු පැමිණෙන එකෙන් වැඩක් වෙයිද මන්දා..

    ආ..අර හදපු යානෙ වේගේ ගැන මට හොයාගන්න බැරිවුනානේ..ආලෝකයේ වේගයමද?

    දිගටම කියවලා කියන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ...
      අලෝකෙ වේගෙට පොඩ්ඩක් වැඩියි වගේ...
      ඔව් ශිෂ්ඨාචාරය වෙනස් උනාට තොරතුරු මේගොල්ලන්ට කලිං එවන්න පුළුවංනේ..

      Delete
  2. ප්‍රබන්ධයක්‌ උනත් හොදට සකසා නිර්මාණය කරලා තියෙනවා....
    අහ් අර ගයේෂා සිං කිව්වම මං හිතුවේ අපේ අර ගයේෂා පෙරේරා කියල... හිහිහි.... එල ඈ...

    ReplyDelete
    Replies
    1. කව්ද බං ගයේෂා පෙරේරා?????
      ස්තූතියි ඈ..

      Delete
  3. සිරාවටම උබ වෙන ලෝකෙකින් ආව එකෙක් වගේ :P :D
    ඇයි යකෝ.... ගයේෂා පෙරේරා.... සර්ච් කරල බලහං.....

    ReplyDelete
    Replies
    1. මචං අභ්‍යාවකාශේ පරීක්ෂණ පවත්වන්න මහාචාර්ය ගයේෂා සිංව යවන්නෙ..
      ගයේෂා පෙරේරව යැව්වොත් ඉතිං අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ජනාවාස වෙයි...
      ඉෆ් යූ නෝ වට් අයි මීන් ඈ..

      Delete
    2. සිරාවට..... මාසෙන් මාසෙට පැටිය ගානේ ඉපදෙයි.....

      Delete
    3. සපුරා සත්‍ය වේ ..:D

      Delete
    4. ඉතිං බලහංකෝ..

      Delete
  4. මන් මේ කතාවට අසයි ලස්සනයි ........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සචිත්...
      අනිත් ටිකත් කියවලම ඉන්නකෝ..

      Delete
  5. මලු මලු..
    හොඳ ආරම්භයක්.
    අවසානය මොනා වෙයිද දන්නේ නෑ නේද?
    මොනා වුනත් හරිත් කියන නමටනම් මම හරි ආසයි

    ReplyDelete
    Replies
    1. හරිත කියන්නෙ අපේ පංතියෙ හිටපු බුවෙක්...
      දාන්න නමක් නැතුව දැම්මේ...
      ස්තූතියි කිව්වා!!!!!

      Delete
    2. අර නාඩියා නෙමෙයි නේද..?

      Delete
    3. හරිත කියන්නේ අපේ හරිත මධුකර උභයවර්ණ.. ? ඌ නම් කොහොමත් මීටරේ තමයි...

      Delete
    4. යෑස් යෑස් හරිත මධුකර රෝහණ තමා.....

      Delete
    5. අම්මට සිරි, උඹ මේ ඒ හරිතය ගැනද කියල තියෙන්නේ ??? ටිකක් ගැලපෙනවා එත් මචන් පොඩි කොස්සක් තියෙනවා. ඌ commerceනේ කරේ බන් !!!!

      Delete
    6. උගෙ නම දැම්මට මේ ඌ නෙමේ..

      Delete
  6. ආසා හිතෙනවා...බලමු..බලමු තව ඉස්සරහට..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වී පොකුර!!!!!!

      Delete
  7. ඇත්තටම මං මාර සතුටු වෙනවා මේ වගේ ලියන්න පුළුවන් කෙනෙක් ඉන්න එක, මේ කතාව ගොඩක් හිතට ඇල්ලුවා,
    gd luck (Y)

    ReplyDelete
    Replies
    1. හෑ...
      අක්කෙ මං ගස් නගින්න දන්නෙත් නෑ බහින්න දන්නෙත් නෑ...
      මුරුංගා අත්තෙ තිබ්බා වගේම බිමටත් බස්සනවද ඈ....
      :P

      Delete
  8. එලස්............ස්ටාර් ගේට් එකක් පාවිච්චි කලා නම් හරියට හරි :D :D

    ReplyDelete
    Replies
    1. ස්ටාර් ගේට් ටික විනාශ කලානේ කලිං කතාවෙදි...
      ස්තූතියි සඳ!!!!!!

      Delete
  9. මහාචාර්ය තරියා අබේ ගියේ නැද්ද ඒකට

    ReplyDelete
    Replies
    1. ඌව දාන්න ඉඩ නෑ කිව්වා...

      Delete
    2. ඉඩ තිබ්බත් මන් හිතන්නෑ ඕකව ගෙනියයි කියල. ඌව ගෙනියනවනම් ඕකේ තියෙන නිද්‍රා මැෂින් එකට දාල තමයි අරන් යන්න වෙන්නේ.

      Delete
    3. හි හි..
      ඒම තමා හැමෝවම ගෙනියන්නෙ කලුවෝ..

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඇයි බලාපොරොත්තුවේ ආලෝකය එකේදි..
      විභීෂණ ඔක්කොම විනාශ කරනවනේ..

      Delete
  11. පික්සු හැදෙන කතාවක් නේ. බලමු බලමු ඉස්සරහටත් :)

    ReplyDelete
    Replies
    1. හි හි...
      ස්තූතියි හසිත...
      ඉස්සරහට ගොඩක් වෙනස් වෙයි

      Delete
  12. පට්ට ඈ... බලමු මොකද වෙන්නෙ කියලා... තවත් ආතර් සී ක්ලාක් කෙනෙක්ද දන්නෑ නේද... සුබපැතුම් යාළුවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රදීප්...
      මට වඩා හොද එකෙක් ඉන්නවා නෙව...
      අපෙ ගැමියා...
      ජයවේවා!!!!!!!

      Delete
  13. නියමයි තරියා.. මෙච්චරයි අඩුවකට තිබ්බේ බ්ලොග් අවකාසේ. දැන් ඉතිං ඒකත් සම්පුර්ණයි. ගැමියා එක්ක ඔයත් ඉන්නවා ලියන්න. ජය!!!!

    ReplyDelete
    Replies
    1. හි හි...
      බොහොම ස්තූතියි ක්සැන්ඩර් අයියා...
      අනිවාර්රෙංම ගැමියත් එක්ක සාම සාකච්චචාවක් දාලා ලියන්න ඕනා...

      Delete
  14. හුටා ලියාගේන් ගිය කථාව පොස්ට් කොරලා හමාරයි.මේ තියෙන්නේ බොල ඒවගේම පෝස්‍ටුවක්.
    http://maheshslife-multiaxial.blogspot.com/2012/06/2030.html
    දිගටම ලියන්න ජය වේවා!!
    මේ තීම් එකට කැමති නෑ සහෝදරයා.මේක මහ වදයක් වගේ දැනෙනවා
    http://avenuescience.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අදහස ටෙලි පති වෙලාද මන්දා...
      තීම් එක ගැනනං එක එක අදහස් තියෙනවා නෙව...
      බොහොම ස්තූතියි අදහස් දැක්වූවාට..

      Delete
  15. කලු කුහර සතු කාලය ත්වරනය කිරීමේ හැකියවෙන් ප්‍රයොජනයක් ගන්න පුලුවන් වෙයි කියල හිතනව

    ReplyDelete
    Replies
    1. කලු කුහරෙත් එක්ක ලොකු සම්බන්ධයක් තීනවා...
      බලමුකෝ ඉස්සරහට...

      Delete
  16. අදමයිද කොහෙද බැලුවෙ. නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ් අයියා...
      පිලිගන්නවා කෙරුවාවට...

      Delete
  17. පටන්ගැන්මනම් හොදයි වගේ. මේකනම් අරවගේ එකපාරටම නවත්තන්නැතිව අරන් යන්න. එල එල. බලමු මෙයාලට මොකද වෙන්නේ කියල. ආ.............. අර චීන සයෙන්ටිස් ලෙස්ලි චාව්ගේ නෑදෑයෙක්ද ???? :D :D :D

    ReplyDelete
    Replies
    1. හි හි...
      දැං චීන්නු කිව්වම මට ලෙස්ලි චාව්ම තමා බං මතක් වෙන්නේ...
      ඇඩෙනවා..

      Delete
  18. රසඳිය එන්ජිමේ (Mercury Vortex Engine) තාක්ෂනය ගැන මා ඔබට කියු දේ අන්තර්ගත කිරිම ගැන සතු‍ටු වෙමි. එයත් රාවනා රජු සතුව තිබු රහසක්. දැන් මෙය ඇමරිකාවේ (Area 55P) රහසිගතව පරික්ෂා කරනවා. ප්‍රවිෂ්ටය සුභයි.. ඉදිරියටම ලියන්න.. කරුනු සත්‍යාසන්න කරන්න,, ඔබට ජය..!!

    ReplyDelete
    Replies
    1. http://www.ufos-aliens.co.uk/tr-3b.jpg
      http://en.wikipedia.org/wiki/Vaim%C4%81nika_Sh%C4%81stra

      Delete
    2. ස්තූතියි ඇනෝ...
      ඔබතුමාගේ නමත් සදහන් කරනවානම් ගොඩක් හොදයි..
      (දැන හදුනා ගැනීමට..)

      Delete
    3. රසදිය එන්ජිම ඇතුලත් කරේ කලිං ලියපු ප්‍රභන්ධයටම සම්බන්ධ කිරීමේ අරමුනින්..
      ස්තූතියි අදහසට!!!!!!!

      Delete
    4. හ්ම්ම්ම්ම්ම්

      Delete
    5. ඇයි C+ විතරක් ??? තව තියෙන්නේ JAVA, C++, HTML, SQL etc.

      Delete
    6. ano la godak nimsa meka amarui!!!

      Delete
  19. චීනෙන් "ලෙස්ලි පෝ" වගේ නම් තියෙන අය ඉන්නවද කියලයි මං කම්පනා කලේ...
    හී හී...
    පරණ ඒක ඉවරවුන දුක නැති වෙන්න අලුත් කතාවක්...
    හරිම ලස්සනයි!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බිනූ....
      ජයවේවා ඈ...

      Delete
    2. අයියෝ මෙයා, ඔයා දන්නැති උනාට ඔය නම ගාවින් යන නමක් තියෙන චීන පොරක් දන්නවා අපි දෙන්න. අන්න ආශ්රේ කොරනවනම් චීන්නු. නැද්ද ත්රියෝ ???????

      Delete
    3. නැතුව නැතුව...

      Delete
  20. ආ.......මන් කියන්න හිටියේ, මේ theam එක මාරු කරපංකෝ. මේක උබේ image එකටත් හරිනෑ බන්. දාපන් ටිකක් ඩාර්ක් theam එකක්.

    ReplyDelete
    Replies
    1. හොයන්න ඕනා...
      තැංකියු අදහසට..

      Delete
  21. තවත් අළුත් ප්‍රභාන්ද කතාවක් වෙනසක් තියෙනවා.තව ටිකක් අලංකාර කරලා ලියපන්.එතකොට තවත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසරණ අයියේ..
      තාම ඉතිං අළුත්නේ ලේඛණ කලාවට..
      අඩු පාඩු පෙන්වා දුන්නොත් හොදට ලියන්න පුළුවං..
      ජයවේවා!!!

      Delete
  22. නියම විද්‍යා ප්‍රභන්ධයක්.කම්මැලි නැතුව කියවන්න පුලුවන්.ඔයාගේ දක්‍ෂතාවය අගය කරනවා තරිඳු සහෝදරයා

    ReplyDelete
    Replies
    1. ආ තැංකූ පමල් අයියා..
      ජයවේවා ඈ..

      Delete
  23. එල මචන් ඈ...
    විද්‍යාවෙනුත් අඩුපාඩුවක් නොවන විදියට රෝල ගහල තියේ..
    පොඩි රහසක් කියන්නද...
    අර කලින් එකට වඩා පට්ටයි ඕයි මේක...

    ReplyDelete
    Replies
    1. හි හි..
      ඒක රහසක් විදිහටම තියා ගනිං මචං..
      නැත්තං අර කතාව අපරාදේ..
      ජයවේවා කිව්වා!!!!!!

      Delete
  24. තරියෝ ( උබට කවුද චන්ඩි අක්කෙක් නරියා කිව්වලු නේද :-) ) උඹට මම එක උපදෙසක් දෙන්නම්. කරන මලදානයක් ඔය ඉන්දියන් කාරයන්ව ගාවගන්නැතුව කරපන්.. ගෑ වුනොත් විනාසයි.. මේ අත්දැකීමෙන් කියන්නෙ.. බොරුනන් ක්සැන්ඩර්ගෙනුත් අහල බලපන්..


    උඩින් පල්ලෙන් කියෙව්වෙ.. ආයෙ ඇවිල්ල සාවදානව කියවලා අදහසක් දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. හික්ස් ඔව්නේ..
      එව්වා ඉතිං ගනං ගත්තෙ නෑ මං.. හික්ස්..
      මීට පස්සෙ ගාව ගන්නෑ සෙන්නයියේ...
      එල එල. බලලම කියන්නකෝ!!!!!!

      Delete
  25. නියමයි මල්ලි. උඩින්ම තිබ්බට "ලියන්නන් වාලේ ලියන බ්ලොගක්" කියලා එහෙම නෑනේ බං. මට නම් මේක වෙනස්ම බ්ලොගක්. දිගටම ලියන්න ශක්තිය ලැබේවා...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමෙන්ටුවට චන්දන අයියේ..
      ජයවේවා!!!!!!!

      Delete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????