ලගින්ම ඉන්න කස්ටිය

Friday, November 2, 2012

අක්කලාට ලවු කිරීම ජය ගත් හැටි.....


ඒ ලෙවල් දවස් වලදි ජොන්ටා කලබලෙං කලබලෙං ෆයිල් එකක් උස්සං ආවා. බලනකොට ඒකෙ තිබ්බේ ෆොටෝකොපි ගහපු කොල වගයක්..

නවකතා පොතක් එහෙම්පිටිංම ෆොටෝකොපි ගහලා..

අපිත් කියවන්න ගත්තා.. ටිකක් කියවගෙන යනකොට අපිටත් කතාව අල්ලලා ගියා..

පිටු එක එකා ගාව. එක පිටුවක් කියෝලා අනිත් පිටුව කියවන්න පංතිය වටේ යන්න ඕනා ඒක හොයාගන්න..




තමංට වඩා වැඩිමල් කෙල්ලෙක්ට ලවු කරන කොල්ලංට අපි කියන්නේ ලැම්බට් කියලා. අපේ පංතියෙත් හිටියා ලැම්බට්ලනං 5ක් විතර..

කතාවේ තියෙන්නෙත් අක්කා කෙනෙක්ට ආදරේ කරන කොල්ලෙක් ගැන..

කතාවේ කොල්ලා ඒලෙවල් කරන්නෙත් බයෝ වලිංම නිසාද මංදා අපේ පංතියේ එවුංගෙනං බොක්කටම වැදුනා.. ඊටත් වඩා කතාවේ ඉන්න සෙට් එකට සමාන සෙට් එකක් අපේ පංතියෙත් ඉන්න නිසා කතාව කියවන අතර තුල එක එකා, එක එකාලගේ මූනවල් දිහා ටිකක් වෙලා බලං ඉදලා බඩ අල්ලං හිනා උනා...
ඒ දවස්නං මට ජීවිතේට අමතක වෙන්නෑ..

ඔය හම්මෝ ගාං ඉන්නේ ජොන්ටා... කෙල ගිලින්නේ සැන්ඩියා...

ඔය වැදගත් විදිහට ඉන්නේ මම ඈ.. (ඔරිජිනල් ෆොටෝස් නැති නිසා මෙවුවා දැම්මා..)


කතාවේ භාෂාව හරි සරලයි. සිදුවීම බොලඳයි.. ඒත් අනේ මංදා ඒ දවස් වල අපිටනං ඒක සිරාම සිරා කතාවක් උනා..

අද කාලෙට ඒ කතාව කොච්චර වලංගුද කියන්නනං මං දන්නෑ..
ඒත් ඉතිං අනේ මංදා තමා...

මට කතාව හම්බුනා පී.ඩී.එෆ් එකක් විදිහට..
අපි ඉතිං බෙදා හදං කියවන අයනේ...
සමහර අයනං ඉතිං මීට කලිං කියවලත් ඇති.. නොකියවපු අය ඩවුන්ලෝඩ් කරං කියවලා බලන්නකෝ...

කතාව ගැන හිතුන දේ ගැන කමෙන්ට් එකකිනුත් දාලා යන්න ඈ...
අපිත් ආසයිනේ අදහස් උදහස් දැන ගන්න...





අරුණි අක්කා ඒ පුංචි අත්දෙක මගේ දෙඅත් උඩිං තියා ගත්තා.
ඒ ඇස් දෙක කදුලු වලිං පිරිලා...
“ආයේ කවමදාවත් මාව තනිකරන්න එපා මාලින්ද“
අරුණි අක්කට කියාගන්න ලැබුනේ එච්චරයි 
එයා ඉකි ගහන්න පටං ගත්තා.....
කිසිම දවසක කාටවත් වෙං කරන්න බැරි බැම්මක් වගේ..
මම ඒ පුංචි ඇගිලිතුඩු මිරිකගත්තා..
“සත්තයි කාටවත් ඔයාව මගෙං උදුර ගන්න දෙන්නේ නෑ“
ඇස් දෙකේ කදුලු පුරෝගෙන මගේ කදුලු කතාවේ 
පුංචි කුමාරිට මම පොරොන්දු උනා...
 
සුලඟ වගේ ඇවිදින් - දිනේෂ් කොළඹගේ
 
 
 
 
 17 mb පමණ වේ.

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

99 comments:

  1. තරියෝ බොරු නෙවෙයි ඔන්න....

    අක්කලාට ලවු කරන කෑල්ල දැක්ක ගමන් මං හිතුවා ෂුවර් ඕක සුළඟ වගේ ඇවිදින් කියලා...

    කොහොමද මගේ මතකේ....

    ආයිත් ෂුවර්ම කරගන්න කියවන්න උනේ අරුණි අක්ක කියන නම විතරයි.. හි හි...

    ReplyDelete
    Replies
    1. හි හි...
      ඒ තරමට හිතට වැදිලා වගේ....

      Delete
  2. සුලග වගේ ඇවිදින් මම කියෙව්වා ඕලෙවල් කාලේ.. සිරාම සිරා..

    ලැම්බට් කතා ගැන කිසිත් නොකියමි. අත්දැකීම් ගැන කතන්දර නැත. !

    ReplyDelete
    Replies
    1. එතකොට සෑමා ලැම්බට් කේස් ගැන දන්නෙම නෑ....
      හාකෝ හාකෝ...

      Delete
  3. මේ කතාව මාත් කියවල තියෙනවා.. ලංකාවේ තව ජනප්‍රිය නව කතාවක් මේකේ කොපියක් කියලත් කියනවා.. අනේ මන්දා ඔවුව ඉතිං...
    අපේ කාලේ ලැම්බට් කෙනෙක් ගැන මාත් දන්නවා ලු ඈ.. ;)
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ ලැම්බට් ගැනනං කතා කරලා වැඩක් නෑ..
      පෞරුෂයක් නැති මී හරකෙක්........

      Delete
  4. කියවා නැත. ''කතාවේ ඉන්න සෙට් එකට සමාන සෙට් එකක් අපේ පංතියෙත් ඉන්න නිසා කතාව කියවන අතර තුල එක එකා, එක එකාලගේ මූනවල් දිහා ටිකක් වෙලා බලං ඉදලා බඩ අල්ලං හිනා උනා...'' මේක දැක්කම නම් මට මතක් වුනේ අපිත් අර සුදු නෙළුම පොත කියවද්දි ඒකෙ අනිත් පොත බලන්න වේටින්ග් ලිසිට් එකේ හිටිය හැටි.. :)

    ReplyDelete
    Replies
    1. සම්මි මේක කියෝලා නෑ මං සුදු නෙලුම කියෝලා නෑ...
      තීනවනං දෙන්න බලන්න සුදු නෙලුම ලිංක් එක...

      Delete
  5. පුතෝ මේක නං නඩු යන වැඩක්.... මේ කතාව මුලින්ම ගියේ 1992 අවුරුද්දේ තරුණයා පත්තරේ. එවකට දිනේෂ් කොළඹගේ වැඩ කළේ අපිත් එක්ක. ඊට පස්සේ තමයි පොත ගැහුවේ. මේක දාද්දි නිති ගැටලු එන්න හැකිවෙයි මලේ.මොකද මේ කේ මූලික අයිතිය දැනට විජය ප්‍රකාශන ආයතනය සතුයි.
    මේක පට්ටම කතාවක්.දිනේෂ් ගේ අද්දැකීමක්. ඌ ආනන්දේ කොල්ලෙක්.මේක ඒ කාලෙ අපේම කතාව තමා...

    ReplyDelete
    Replies
    1. මේක හැම තැනම තීනවා නලීන් අයියේ...
      මටත් හම්බුනේ ඊමේලයකිංනේ...
      මරදාන ආශ්‍රිතව තමා ඉතිං නියම පෙම් කතා ලියවෙන්නේ..
      හි හි...

      Delete
  6. ඔය කතාව මටත් අදාලවේ.. :)

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මාටියා ලැම්බට් පොරක්ද???????

      Delete
  7. අනේ.... සුළග වගේ ඇවිදින් මන් කියෝලා තියෙනවා ඉස්කෝලේ යන දවස් වල.....ඔය පොත අපිත් කියෙව්වෙ ඉස්කොලෙදි යාලුවොත් එක්ක.ඒ දවස් වල ආස පොතක්... :)

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ සමනළී හෙන නාකියි නේ....
      හිකිස්...

      Delete
  8. මාත් 1 පන්තියෙදි 3 හිටිය අක්ක කෙනෙකුට ලව් කලා.

    ReplyDelete
    Replies
    1. මෙන්න මිනිස්සු...
      පොඩි කාලේ ඉදංම මනමාලකම...

      Delete
  9. හ්ම්ම්.. මුකුත් නොකියා යන්න යමි..

    ReplyDelete
  10. අඩේ..මේකනං කියවන්න වෙනවා අනිවා....මොකෝ.......හික්ස්...කියන්නත් ලැජ්ජයි වගේ......;) ;)

    ReplyDelete
    Replies
    1. ඒ කීන්නේ නාඩියත්................................

      Delete
  11. ඒ කාලේ බොහොම ප්‍රසිද්ධ පොතක්.. බලන් යනකොට තාමත් එහෙමයි..

    ජය..

    ReplyDelete
    Replies
    1. මං නං හිතන්නෑ ඒකේ රසේ කවදාවත් අඩු වෙයි කියලා...
      ඔබටත් ජයවේවා!!!!!!!!!!!

      Delete
  12. //සුලඟ වගේ ඇවිදින්// මට මේක කියෙව්වා වගේ මතකයක් තියනවා. බලමු බාගෙන ම.

    ReplyDelete
    Replies
    1. කියවලා ඇති එහෙනං...
      කෝකටත් බලන්නකෝ...

      Delete
  13. උඹේ මූන විතරක් නලුවෙක් වගේ දාගෙන නේද...??

    ReplyDelete
    Replies
    1. හි හි...
      ඔච්චරමයි අප්පා තිබ්බේ..
      පරණ ෆොටෝ ටික ඔක්කොම නැති වෙලා..

      Delete
  14. කියවලා තියෙනවා ඒක නම් මාත්.හුඟක් කොල්ලෝ කැමති වුණා ඔය නවල් එකට ආපු මුල් දවස් වල.

    ReplyDelete
    Replies
    1. ඒක ටිකක් හිතට වදිනවා නේ...
      ටිකක් නෙමේ ගොඩක්..

      Delete
  15. මම කියෙව්වා මලේ අවුරුද්දකට විතර කලින් හරිම සංවේදියි. ඔයා පොත් බලන වැඩේ බැහැලාම කරන කෙනෙක් නම ඇඬේනවා.

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක උනා අවසානේ දුක්බරයි ඒ නිසා මම කැමති නැහැ.

      Delete
    2. බැහැලම පොත් බලනවද අහන්නේ...
      ඕක කියෝලා අපේ සෙට් එක සතියක් විතර කූරියා ගහලා හිටියේ..
      පස්සේ අළුත් මිස් කෙනෙක් ඉස්කෝලෙට ආවම තත්වය සමනය උනා..
      හිකිස්..

      Delete
  16. මාතෘකාව දැක්ක ගමන් මටත් මතක් වුනේ ඔය පොත. මමත් ඕලෙවල් කරන දවස්වල ඕක කියෙව්වෙ, දවස් කීපයක් ගියා ඒ කම්පනයෙන් මිදෙන්න, දන්නැත්ද ඉතිං ඒ දවස්වල ලාමක ටිං ටිං නේ. හැබැයි පොතේ මුල ටික නම් හරිම විනෝදජනකයි.

    ReplyDelete
    Replies
    1. මුල් ටිකේ ෆන් එකට හරියන්න අන්තිමට දෙනවා නේ දුං විසි වෙන්න..
      අපිටත් ඒ කම්පනේනං සැරටම දැනුනා..

      Delete
  17. මගෙත් ආසම පොතක් තරියෝ..

    ReplyDelete
  18. ලැම්බට් කියලද කියන්නේ?

    මළා

    ReplyDelete
    Replies
    1. මල කෙලියයි නේ මචං..
      මේ ඒ කියන්නේ උබත් ලැම්බෙක්ද???????

      Delete
  19. මමත් ඕක කියෙව්වා වාගේ මතකයි බං

    කමන් නැ බාගන බලනවා

    ReplyDelete
    Replies
    1. කරගන්ට කරගන්ට..
      මතකය අළුත් කරගන්ට..

      Delete
  20. සුළඟ වගේ ඇවිදින්..මම කියෙව්වේ ඕ ලෙවල් කාලේ. මමත් කැමති උනා ඒකට ඒ දවස්වල. අක්ක කෙනෙක් ගැන කියනකොටම මම හිතුවා මේ පොත ගැන තමයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ තරමට කට්ටිය දන්නවා නේ අක්කා කෙනෙක්නං ඉතිං සුලග වගේ ඇවිදින් කියලා....

      Delete
  21. කතාව නම් උපරිමයි. වස්සාන සිහිනය පොතත් මේ ගාවින් තියන්න පුලුවන්. තව මේ වගේම සිරා පොතක් කියෙව්වා. ඒකේ නම මතක නැහැ. ඒකේ කොල්ලා ආදරය කරලා තියෙන්නේ අන්තිමට බැලින්නම් තමන්ගේම නංගිට. පස්සේ කොල්ලා ඇස් අන්ධ කරගන්නවා

    ReplyDelete
    Replies
    1. ලව් එක නැගලා යන්නනං විරහව තියෙන්නම ඕනා නේ....
      ඒකත් මාර වැඩේ...

      Delete
    2. හසිත කියන්නේ "සිහිනයක් මෙන්" පොත ගැන වෙන්න ඕනේ..හැබැයි මම සුළඟ වගේ ඇවිදින් කියවල නැහැ... :(

      Delete
    3. @ රෙහානි

      හරියට හරි. ඒක තමා පොත. අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් තමා ලියලා තියෙන්නේ.

      Delete
    4. අඩේ ඒක මං කියෝලා නෑනේ...

      Delete
  22. බලාගෙන කොල්ලෝ මේක කිරිමේල් කේස් එකක් වෙයිද දන්නෑ, මමත් කතාව නම් කියවලා ම නෑ, බලමුකෝ!!!

    ReplyDelete
    Replies
    1. කිරිමේල් වෙන්නේ ඇයි ලහිරු අයියේ...
      කොපිරයිට් සීන් එකද???????

      Delete
  23. කථාව නම් සංවේදියි.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  24. ඔන්න මමත් භාගත කලා... ස්තූතියි තොරතුරට... මගෙ යාලුවෙක් කැම්පස් එකේ ලැම්බට් කොක්කක් ගහලා ඔන්න බැදලා දරු පැටව් එක්ක සතුටින් සමාදානයෙන් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. හි හි...
      ඒම සුඛාන්තත් තීනවා..
      කතාවේනං තීන්නේ පට්ට දුක්ඛාන්තයක්..

      Delete
  25. Replies
    1. බලන්නකෝ ඩූඩ් අයියේ...

      Delete
  26. වෙන එකෙකුගේ ලැපකින් හොරෙන් යන හින්දා දැන් බාන්න වෙන්නේ නෑ
    ඒ උනාට බාගෙන බලනවා අනිවා

    ReplyDelete
    Replies
    1. එල එල අවතාර්...
      ජයවේවා!!!!!!!!!!!

      Delete
  27. අඩේ... මේ පෝස්ටුවේ මුල කියවද්දී මට මතක් වුණෙත් "සුළඟ වගේ ඇවිදින්" පොතමයි. දැනට අවුරුදු 5 කට විතර ඉස්සර කියෙව්වා මතකයි. සන්නස්ගල සර්ගේ "වස්සාන සිහිනය" කතාවම තමයි නේද මේකත්? වෙනස කෙල්ල වැඩිමල්.. :D

    ReplyDelete
    Replies
    1. සන්නා මේකෙං කොපි කරා කියලා තියෙනවා මතයක්...
      හරි වැරැද්ද ඇත්ත බොරුව දන්නෑ...

      Delete
  28. මචං උඹ ඔය පොස්ට් එක පටන් ගද්දිම මට ඔය පොත මතක් උනා. ඒකනම් මරුම පොතක් තමා.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා...
      මරු කියන්නේ මරේ මරු..

      Delete
  29. ඒ කතාව මම කියෙව්වේ පී ඩී එෆ් එකක් විදිහට. ගන්ගාරාමේ , හුණුපිටිය පාර දිහේ දෙන්නා ඇවිදගෙන යනකොට මට මැවිලා පෙනුනේ මමත් ඒ හරියේ ඉන්න නිසා වගේම කතාවේ තියන සාර්ථකත්වය හින්දා වෙන්න ඇති. වෙන්න ඇති සුපිරි කතාවක්.. කියල වැඩක් නැ . බොක්කටම වදිනවා

    ReplyDelete
    Replies
    1. සිරාවට..
      මටනං ඌ ගිය පාරවල් ආශ්‍රිතව ඇවිදිනකොට පොත මතක් වෙනවා..

      Delete
  30. මම පොතනම් කියවලා නැහැ ඒත් මේ කියන විදියට ලස්සනට ඇති

    ReplyDelete
    Replies
    1. වෙලාවක් තීන වෙලාවක කියවලා බලන්නකෝ දයා අයියේ...

      Delete
  31. අනේ මන්ද ඉතින්..බ්‍ර්ර්ර්ර්ර්..
    පොත කියවල නම් නැහැ

    ReplyDelete
  32. ඉස්කොලේ යනකාලේ මම ආසම පොත වෙලා තිබ්බේ චන්දි කොඩිකාරගේ සරසවි උයන කියන නවල් එක !
    ඒක තුන්පාරක් විතර කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. මං ඒක කියෝලා නෑනේ මධුරංග අයියේ..
      කියවන්න ඕනා...

      Delete
  33. අන්න හොඳ ළමයි. තනියෙන් කියවන්නැතුව බෙදා හදාගෙන කියෝනවා. (එදා වගේම අදත්) නියමායි!

    ReplyDelete
  34. හ්ම්ම්...මාර කතාව... මෙන්න මා ගාව තියෙන ලින්ක් එක http://www.mediafire.com/?uzmfrnascbj

    ReplyDelete
    Replies
    1. ඕකත් සුලඟ වගේ ඇවිදින්ද?????????????

      Delete
  35. උඹලා තමා අපිව පොත් වලින් ඈත් කරන්නේ... ඔච්චර බෙදාහදාගෙන කියවන්න ඕනේ නම් ඔය pdf එක ප්‍රින්ට් කරලා අපාට බෙදලා දියංකෝ....
    (මචං, මාත් ඔන්න ඔහේ ඩවුන් වෙන්න දැම්ම)

    ReplyDelete
    Replies
    1. එච්චර සල්ලි නෑ ප්‍රසන්න අයියේ......
      හි හි...

      Delete
  36. niyama kathawa
    ending eka gana marama dukai :(

    ReplyDelete
  37. එළ එළ බලමු.. එකත් :D

    ReplyDelete
  38. හ්ම්.....කියවා ඇත.......ඉ් එහා මොකුත් නොකියමි...

    ReplyDelete
    Replies
    1. මූත් ඉං එහා මුකුත් කියන්නේ නැත්තේ...
      ලැම්බට් බුවෙක් නිසාවත්ද?????????

      Delete
  39. හ්ම්ම්ම්ම්ම්ම්ම්...

    ReplyDelete
  40. කොහොමද මට මේක මිස් උනේ ??

    අක්කලට ලව් කරන එකක් නේ .... නෝ බැරියර් අණ්ඩ ද බුරිය කිව්වලු

    ReplyDelete
    Replies
    1. බැරියර් විතරක් නෙමේ නෑදෑකමුත් නෑලු....
      මං දන්නෑ මිනිස්සු කියන්නේ ඈ...

      Delete
  41. Heading1 දැක්ක ගමන් මටත් මතක් වුනේ "සුළඟ වගේ ඇවිදින්" Novel 1 තමයි..

    ReplyDelete
    Replies
    1. ඒ තරමට පොත කට පාඩං කරාද ඒ දවස් වල???????????

      Delete
  42. මම නම් අක්කලට ලව් කරෙ නෑ..ඒත් කරපු එකම ලව් එකටත් කෙලවුනා මෑතදි...දැං ඕං අමාරැවේන හිත හදාගෙන ඉන්නවා..ලව් නං අරහං..

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. සිරාවට ලවු එපා!!!!!!!!!!!!
      ඔබත් නිරෝගී වේවා, දීර්ඝායු වේවා, සැප වේවා

      Delete
  43. මිට කාලෙකට කලින් ඔබ තුමාම තමයි මටත් මේක දුන්නේ..දුක තිබුනා සතියක් විතර..ඔයත් කාවෙත් නැහයිලු නේ ඒ දවස් ටිකේ..හෙහී..

    ReplyDelete
    Replies
    1. ඒ ඒවා කියන්න එපා අප්පා මෙතන..
      ලැජ්ජයිනේ..

      Delete
  44. Puluwan nam 'Karunasena Jayalath' ge poth hoyagana kiyawanna. oyalage generation eke hatiyata tikak parana adahas kiyale hithei. Eth 'wassana sihinaya, sulanga wage avidin, chathurya................' adee noyek novels walata wada loku therumak wagema kiyawanna asa hithena bhasha wilashayakuth ei novels wala thiyanawa.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්....
      කියවා තියේ....
      බොහොම ස්තූතියි ඇනෝ...

      Delete
  45. හෑ අදනෙ මේක දැක්කෙ,,, එළ ආහ්...

    ReplyDelete
  46. ලින්ක් එකත් දාපු එක හොදයි මල්ලි ...... ලස්සන කතාවක් ... නියමයි ..... හිතට වදිනවා....

    ReplyDelete
    Replies
    1. තැංකූ වේවා බබී අක්කේ!!!!!!

      Delete
  47. මගේ බ්ලොගේත් මේ පොත ගැන ලිපි දෙකක්ම දැම්මා... පොත ඒ තරන්ම බොක්කට වදිනවා..

    ReplyDelete

  48. අනේ මන්ද මම කරන්නෙ වැරද්දක්ද දන්නේ නෑ.මම ආදරේ කරන්නෙ මට වඩා අවරුදු 5 ක්‍ වැඩිමල් කෙනෙකුට.මට හිතෙන්නෙ අපි දෙන්න දෙන්නට ආදරෙයි නම් එකෙ වැරද්දක් නැති බව.මම කැමතියි ඔයාලගෙ අදහස් දැනගන්න වැරද්දක්ද කියන්නකො අනෙ.බලගේනෛන්නවා හොදේ

    ReplyDelete
  49. මේක තමය් මම කියවල තියෙන පට්ටම සහ සිරාවටම හිතට වැදෙන love story එක. ආදරය කියනදේ දැනෙන්න පටන්ගත්තු කාලෙක තමය් මට මේ පොත ලැබුනේ. එතකොට 8 වසරේ විතර. මේ කතාව කොච්චර මට සමීපද කියනවනම් මම facebook page එකකුත් පස්සේ කලෙක හැදුව.
    -තරිදු දිල්ෂාන් -

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????