ලගින්ම ඉන්න කස්ටිය

Tuesday, December 4, 2012

තරියට මොකද උනේ....


මං දන්නවා එකෙක්ටවත් එහෙම හිතෙන්නැතුව ඇති..




කමක් නෑ මං ඒම හිතුවා කීලා උපකල්පනේ කරලා දාන්නං මොකද උනේ කීලා..
ජොබ්ලස්, මයින්ඩ්ලස්, කෙයාලස් විදිහට හිටපු මෙමාට හෙන  වගකීමක් තීන ජොබක් සෙට් උනා. 

ඒ නිවුස් එඩිටර් කෙනෙක් විදිහට වැඩ කරන්න. මං ඒකට නිවුස් එඩිටර් කිවුවට ඒකට හරියටම කියන නමනං දන්නෑ...


රයිට්. 
වැඩ කරන්නේ ශ්‍රී ලංකා  නිවුස් කියන වෙබ් එකේ. 
ඉතිං වැඩ නිසා බ්ලොග් පෝස්ට් එකක් දාන එක ටිකක් විතර නෙමෙයි ගොඩක් කම්මැලි සීන් කෝන් එකක් උනා. 

චෙෆ් කෙනෙක්ට කෑම උයලා උයලා උයලාම කන්න බැරි තරං කෑම අප්පිරිය වෙනවා සේම මටත් මුලු දවසම නෙට් එක බදු අරං වගේ ඉදලා හවසටත් ඇවිල්ලා බ්ලොග් බලන එක නිකං අප්පිරියයි අප්පිරියයි වගේ වෙන්න ගත්තා.. 

අප්පිරිය උනා ඉන්ටර්නෙට්
ඒම්මම මගේ බ්ලොග් ලියවිල්ලයි බැලිල්ලයි ටික ටික නතර උනා.. 
ඔන්න ඕකයි උනේ ඉතිං...

ඒත් දැං ඒකට පුරුදු වෙලා නිසා මං තීරනේ කලා ආයේ බ්ලොග් එක ලීන්න. 
ඔන්න අද ඉදං අපි ආයේ පරණ පුරුදු විදිහට වැඩ ඈ... 
කට්ටිය එන්න ඕනා බ්ලොග බලන්න..



ආ කියන්න අමතක උනානේ, ඔය නිවුස් කියවන්න ආසාවක් එහෙම තියෙන කට්ටිය පල්ලෙහා ලිංක් එකෙං ගිහිං නිවුස් එකක් දෙකක් කියෝලා හිතිච්ච දේ කමෙන්ට් එකක් විදිහට දැම්මා කියලා කවුරුත් තරහා වෙන්නෑ රයිට්...

සිංහල බලන අය මේකෙං යන්න

ඉංගිරීසි නිවුස් බලන අය මේකෙං යන්න

අපි ගියා.. ජයවේවා!!!!!!!!!!

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

80 comments:

  1. ඇති යන්තම් ඇවිත්.... හාච්චිස්!!!!
    අම්මෝ මේකේ දුවිලි අප්පා.. හාච්චිස්...

    ReplyDelete
    Replies
    1. ඒකනේ...
      ආවා ආවා..
      දූවිලි පීදාන්න වෙලා තිබ්බේ නෑ..
      හිරු පෑයුවා මං ටක් ගාලා දැම්මා පෝස්ට් එක..

      Delete
  2. ඔන්න යාලුවෙක් කාලෙකට පස්සේ. ඉතින් සාදරයෙන් පිළිගන්නවා යළිත්.ඒ වගේම දැන් අපි දෙන්නම එකම බෝට්ටුවකනේ. යං යං එළම තමා.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. ඒක තමා නේ...
      එකම බෝට්ටුවේ..
      නලීන් අයියා ලේක් හවුස් එකේ මං ෆුල් හවුස් එකේ..
      සහයෝගෙං වැඩේ කරං යං ඈ....
      ජයවේවා!!!!!!!!!!

      Delete
  3. අපිනම් ඉතින් හැමදාම දකිනවනේ ඔයාව..බලන් ඉන්නේ කවදද එන්නේ නැතුව ඉන්නේ කියල..:)

    ReplyDelete
    Replies
    1. අමාලට ඉතිං අපේ අගයක් නෑ..
      හඃ...

      Delete
  4. එලම තමයි.. කලකට පස්සේ වේලකට බැස්සේ කියල ලියාගෙන ලියාගෙන ලියාගෙන යමු..! :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මචං කොටාගෙන කොටාගෙන යමු

      Delete
    2. අහ් ඔව් ඔව්.. කොටාගෙන කොටාගෙන යමු.. :)

      Delete
    3. නැතුව, නැතුව, අපි කියෝගෙන .. කියෝගෙන යන්නම්.

      Delete
    4. එහෙමනේ ඉන්න ඕනා කස්ටිය...
      හැමෝටම ඉස්තූති වේවා...
      හෙන පාළුවෙං හිටියේ කට්ටියව දකින්න නැතුව...
      (ඒකනං බොරුවට කිවුවේ ඈ...)

      Delete
  5. එල අපිත් එනවා ලියන ඒවා බලන්න මේ පැත්තේ .....

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ...
      අනිවා එන්ට ඈ...

      Delete
  6. උබ නැතුව හිටියද කියල දැනුනෙවත් නැහැ බං. මම එහෙන් මෙහෙන් බ්ලොග් බැලුවේ...:(

    ආයෙ දිගටම ලියපං !

    ReplyDelete
    Replies
    1. //උබ නැතුව හිටියද කියල දැනුනෙවත් නැහැ බං.
      ඔය මං කිවුවේ..
      උන්නද මලාද කියලා බලන්න එකෙක් නෑ..
      හි හි.. එල ඈ..
      ජයවේවා!!!!!!!!!!

      Delete
  7. උඹ කොහොමද බන් එකේ එඩිටර් කෙනෙක් වුනේ?
    මොනා වුනත් ඔව්වායේ වැඩ කරනවා කියන්නේ සුදු වෑන් හීනෙන් පෙනවා කියන එක.අපි එහෙම දෙයක් උඹට පතන්නේ නැහැ මචන්.වෙල්කම් බැක්.

    ReplyDelete
    Replies
    1. රංජිත් කුමාර කියලා අපේ යූත් එකේ අයියා කෙනෙක් බං සෙට් කරලා දුන්නේ...
      එහෙමම අවුලක් නෑ බං වගකීමක් ඇතුව වැඩ කරනවනං...
      මෙතුවක් කාලෙකට කවුරුත් මුකුත් කියලනං නෑ..
      ඒත් ඒවටත් ලෑස්ති වෙලා තමා වැඩ කරන්නෙනං..
      ජයවේවා ඈ..!!!!!!!

      Delete
  8. සිරාවටම හොයන්න විදියක් නැති නිසා හිටියේ,, එක පාරටම අතුරුදහන් උනා.. යේ ආවනේ එල එල ඈ

    ReplyDelete
    Replies
    1. හි හි..
      හොයන්න දෙයක් නෑ බං..
      මං හැමදාම බුකියේ ඉන්නවා උදේ ඉදං රෑ වෙනකංම..
      වැඩ බුකියෙනේ...
      බුකියට මැසේජයක් දාපං ඕනෑම අවස්සතාවයකදි..

      Delete
  9. සිරාවටම තරියාට මොකෝ වුනේ කියලා මටත් හිතුනා. බුකියේ අනම් මනම් ස්ටේටස් දකින හින්දා මේකා යහතින් ඉන්නවා කියලා දැනගත්තා. චි අලුත් ජොබට සුභ පැතුම්......අලුතෙන් පටන් ගමු එහෙනම් බල්ටි පිට බල්ටි.....

    චිකේ බං ඔය කතා කරන විදිහ අජූතයි..කතා නොකරම ඉඳලද මන්දා...සිරාවටම ඈ..

    ReplyDelete
    Replies
    1. ඒ ඒක තමා අප්පා..
      ලිවීං කටයුතු නං අන්තිමයි...
      බලමු යථා තත්වෙට පත් වෙන්න ගේමක් දෙන්න වෙයි..
      සොයා බැලුවාට ඉස්තූති වේවා පැතුමා!!!!!!!!!

      Delete
  10. කොරන දෙයක් පරිස්සමින් මලේ... අර සී අයි ඩී එකෙන් ඇවිත් අසභ්‍ය දර්ශන තියෙනවා කියලා අරගෙන යයි. සුබපතනවා අළුත් රැකියාවට (පළවෙනි නේද?) ජය..!

    ReplyDelete
    Replies
    1. දෙවෙනි මෙවුවා එක..
      හි හි...
      අලේ මංදා අප්පා..
      මේගොල්ලෝ බය කරනවනේ..

      Delete
  11. වෙල්කම්.... වෙල්කම්... මම මේ බැලුව තරියට මොකද වෙලා තීන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. කස්ටියට මතක් වෙලා නේ...
      ඒනං කමක් නෑ...
      ආයෙත් සුපුරුදු වල්කම් වල...

      Delete
  12. අලුත් ජොබට සුබපැතුම්!

    ReplyDelete
    Replies
    1. තැංකූ වේවා ඉසාන්...
      ජයවේවා!!!!!!!

      Delete
  13. හොදා හොදා ... ආයෙ බ්ලොග් මතක් උන එකවත් මදෑ...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..
      මතක් නං උනා හැමදාම වගේ...
      ඒත් කම්මැලි කම ඉහටත් උඩිං නිසා එන්න බැරි උනා..

      Delete
  14. අම්මෝ බං ඕක අතුරේ යනවා වාගේ රස්සාවක්නේ

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර අයත් කීනවා අප්පා..
      එච්චරම ඩේන්ජරස්ද????????
      වෙන්ට බෑ...

      Delete
  15. අළුත් ජොබ හොඳට කරගෙන යමුකෝ, සුබ පැතුම් එහෙනම්.

    // තරියට මොකද උනේ....

    මං දන්නවා එකෙක්ටවත් එහෙම හිතෙන්නැතුව ඇති.. //

    ඇයි යකෝ ... මම මේ තව ටික දවසක් බලල උඹේ පරණ පෝස්ට් එකට කමෙන්ට් එකක්වත් දාන්ට හිටියෙ මේක ලියන්නෙ පොලිසියෙන්ද කියල අහල. මූ මේ මඟුලක් කතාකරනව.

    හරි .. හරි ... එහෙනම් ලියන්න පටා ..න් ගමුකො. ඔන්න මතක ඇතුව කමෙන්ට් හීල් වෙන්න කලින් රිප්ලයි කොටන්නත් මතක තියාගනිං කොල්ලො.

    ReplyDelete
    Replies
    1. ඔන්න හීල් නෙමේ නිවෙන්න කලිංම රිප්ලයි ටික දැම්මා ඈ...
      ඒ කියන්නේ ඩී.ඩී.ටී ගොයියට මතක් වෙලා තීනවා අපිව..
      අඩේ ආන්න සංතෝසයි අම්බානකට...
      බෝම ස්තූතියි සුභ පැතුමට අයියේ..
      ජයවේවා...!!!!!!!!

      Delete
  16. කමමැලි කම් මොකට ඉතිං :D

    සුභ පතනවා ඉදිරි ගමනේ සාර්ථකත්වයට

    ReplyDelete
    Replies
    1. අඩේ නිල් නයනි..
      අළුතෙංද??????
      මට මීට කලිං මීටර් නෑනේ...
      එනිවේ බෝම ස්තූතියි කමෙන්ට් එකට..
      පිලිගන්නවා කෙරුවාවට සාදරෙං!!!!!!!!!!!!

      Delete
  17. මචන්, ඔය සයිට්වලට කට්ටියව පඩි ගෙවලා අරන් රන් කරන්ඩ තරම් ආදායමක් තියනවද ?

    ReplyDelete
    Replies
    1. අනිත් එවුවනං කොහොමද දන්නෑ...
      ඒත් මේ සයිට් එකනං අයියලා කීප දෙනෙක් එකතු වෙලා කරන්නේ..
      විනෝදාංශයක් විදිහට වගේ.. සල්ලිත් හම්බෙනවා ඇති මං දන්නෑ..
      ඒත් මං නං වැඩ කරන්නේ පඩියට...
      මං දන්න තරමිං ඇඩ්ස් එහෙමත් හම්බෙනවනේ..
      කට්ටියට ඇඩ් දාන්නත් පුළුවං සයිට් එකේ..

      Delete
    2. හික් ... හික් ... අර විමලෙ අහන්නෙත් ඔය වගේ ප්‍රශ්නනේ සෙන්නා. මේව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, එන්ජීඕ සල්ලි කුට්ටි.

      Delete
    3. අඩේ ඒම නෑ...
      ගොඩක්ම ඉතිං අපි බ්ලොග් ලියලා ගන්න ආතල් එකම තමා ඒ අයත් ගන්නේ..
      සල්ලිත් හොයන්න බලාපොරොත්තුවක් තීනවා..
      ඒත් තාම අපිට ඇඩ් නෑ..
      මී කඩන්නේ අත ලෙවකන්න නෙමේනේ..
      හි හි..
      ඒ අයියලා සෙට් එකනං හෙන හොද සහ යහපත් මාධ්‍ය පසුබිමක් තීන මිනිස්සු..

      Delete
    4. පිස්සුද රත්තරනෙ, මම කිව්වෙ ඉතිං අර කොරහෙත් සුළි දකින කක්කුට්ටා කියන විදියනේ.

      Delete
    5. යා යා අයි නෝ මෙයා...
      මිනිහා ගැනත් ඉතිං මං නිවුස් ලීනවනේ...

      Delete
  18. hayiyo...matanam mathak una appaa "thariyaa dakke nane" kiyalaa :)

    ReplyDelete
    Replies
    1. බලන්න මේ යහපත් ගෑල්ලමයි..
      ඇත්තටම ගෑල්ලමයිංට විතරද මංදා මාව මතක් වෙන්නේ...
      හි හි...
      ආයේ එන්න ඈ සයුරි අක්කේ..

      Delete
    2. ගෑල්ලමයි ???

      යසයි ! මේ ඇන්ටිලට ගෑල්ළමයි කිව්වම අපේ වයසෙ සූටි කෙල්ලොන්ට කියන්නෙ මොකක් කියලද?

      Delete
    3. යකඩෝ මම ඇන්ටි කෙනෙක් උනේ කොහොමැයි? තාම මම රිදී ජුබිලිය පහු කරා විතරයි හරී?

      Delete
    4. @ ඩී.ඩී.ටී ඒකත් ඇත්ත නේ...
      @ සයුරි අක්කා.. ඒකත් ඇත්ත..

      වයසට ගියත් හවහට ගෙදර!!!!!!!

      Delete
    5. කවුද, කවුද සයුරිට ඇන්ටි කිව්ව නොසන්ඩාලයා, අඩෝව් .... මාතර කෙල්ලොන්ට සද්දෙ දාලා අහුවෙන්ටෙපා, හරිය ........

      Delete
    6. ඇත්ත ඇත්ත කවුද සයුරි ඇන්ටිට ඇන්ටි කිව්ව එකා? හෑ... මාතර ද? අඹරයි ගුලියක් ඔන්න! අපි නම් නෑ ඔව්වට නැද්ද තරියෝ! හැබෑට මමත් කල්පනා කොළා මේකට මොකෝ වුණේ කියලා. ඇත්තටම මමනම් හිතුවේ T20 න් පස්සෙ සුද්දෙක්ගෙවත් කරේ එල්ලුනාද කියලා...

      Delete
    7. ආ හලෝ ලහිරු අංකල්..:) ඔව් ඔව් මාතර තමා..පරෙස්සමෙන්.

      Delete
    8. ආ සයුරි ඇන්ටි...අංකල්වත් මතක්කොලැයි කියන්න.....:)))

      Delete
    9. හපොයි ඒ පාර මේ සීයලත් ඇවිත් නේ..හික් හික් :))

      Delete
  19. Replies
    1. තැංකූ දසුනා!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. තරී මොකෝ අප්පා කලේ මේ දවස් ටිකේ...අපිට නොකියා මගුලක් කාරියවත් කොර ගත්තද?

      Delete
    3. පිස්සුද ඒම කර ගන්නවද?????
      තාම මොලේ තීනවා...

      Delete
  20. නියමයිනේ තරියා අයියේ...

    අලුත් ජොබට සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. හි හි...
      ටැංකූ වේවා වකා!!!!!!!!!!

      Delete
  21. උඹ නම් නැහැ කියලා දැනුනේම නැහැ. උඹයි මමයි දෙන්නම ඉතින් දවසෙම බුකියෙනේ :P

    ReplyDelete
    Replies
    1. ඒක තමා වෙලා තීන්නේ රෙපා අයියේ...
      මීට පස්සෙ බ්ලොග ලීන්නැත්තං බුකියට එන්නත් හොද නෑ..
      නැත්තං මුංට මතක් වෙන්නෑ..
      හිකිස්...

      Delete
  22. උඹ හිටපු ගමන් එහෙ මෙහෙ මකබෑවෙන හින්ද මම හිතුවෙ එහෙම මගුලක් කියල..!
    ඔන්න ඔහේ ලියපන් බං..!

    ReplyDelete
    Replies
    1. මේ පාරත් චුට්ටක් මකබෑ උනා...
      හිකිස්..
      ලීනවෝ දැං දිගටම...

      Delete
  23. onna ohe monawa hari dapan ban..
    apith ohe awith balannam...:D

    ReplyDelete
    Replies
    1. හිකි හිකි...
      ආසයි නේ...
      මාත් ආසයි...

      Delete
  24. සුභ පැතුම්. යාලු..

    ReplyDelete
    Replies
    1. ඒක නිකං අසරණ විදිහට කිවුවේ මොකෝ...
      හිකිස්..
      තැංකූ වේවා මචෝ!!!!!!!!!!

      Delete
  25. එල එල. (y)
    හොඳ මාධ්‍යවේදියෙක් වෙන්න කියලා ඉල්ලීමකුත් කරනවා මම. :)

    ReplyDelete
    Replies
    1. ඇයි දැං නරක එකෙක්ද ඈ....
      තැංකූ ඈ...
      ජයවේවා!!!!!!

      Delete
  26. සුභ පැතුම් මලේ... ජයම වෙන්න ඕනෙ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිරා අයියේ...
      ජය ජය වේ!!!!!!!!!!!!!!!!!

      Delete
  27. මාත් බැලුවේ සුළඟ වගේ ඇවිදින් කතාව ගැන දාල අක්ක කෙනෙක් වත් සෙට් කරගෙනද කියල...

    ReplyDelete
    Replies
    1. හිකිස්..
      අක්කලනං මොනද අප්පා...
      ජයවේවා අනූ....

      Delete
  28. ahh me hmba une blog cment eka,,ela ela uba koheda giye ekapaarata aathurudahn unane aa,ela ela aye liypn

    ReplyDelete
    Replies
    1. ජයවේවා!!!!!!!
      කමෙන්ට් එක නැති වෙලැයි තිබ්බේ???????

      Delete
  29. අළුත් රස්සාවට සුභ පැතුම් ඔන්න..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රූ....
      ජයවේවා!!!!!!!!

      Delete
  30. :) නියමයි!ඔහොම ලියන් යන් .. ජයම වේවා! :)

    ReplyDelete
    Replies
    1. තැංකූ වෙරි මච් හිරූ....
      ජය ජය...

      Delete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????