ලගින්ම ඉන්න කස්ටිය

Wednesday, December 19, 2012

මේ විපතකදී පිහිට වෙන ඔබට කෙරෙන ඇරයුමයි





පසුගිය දවස් කිහිපය ඇතුලත ලංකාවට ඇතිවුන අයහපත් කාලගුණ තත්වය නිසා අපේ රටේ මිනිස්සු ගොඩක් කරදර වලට මුහුන දුන්නා..

මේ වගේ දේවල් වලදි රටේ ලොකු ලොක්කො ක්‍රියාත්මක වෙන්න ඕන උනත් අර රටේ එහෙම දෙයක් වෙන්නෑ..

ඒ වගේම රටේ ප්‍රසිද්ධ මාධ්‍ය කියන එවුවත් වගකීම් විරහිත ක්‍රියාකලාපයක් තමා අනුගමනය කරන්නේ..
නමුත් මාධ්‍ය කියන්නේ ජනතාවගේ පෙරගමන් කරුවා කියලයි මං ඉගෙන ගත්තේ.

ඒ නිසාම මං තරියා වැඩ කරන මාධ්‍ය ආයතනය උන “ශ්‍රී ලංකා නිවුස්“ මේ තීරණය ගත්තා.


පවතින අයහපත් කාලගුණික තත්වය නිසාවෙන් විපතට පත් අසරණ ශ්‍රී ලාංකීය ස‍‍හෝදර ජනතාවට පිහිට වීමට සැබෑ මාධ්‍යවේදි‍යෙකුගේ වගකීම දැන නිරතුරු ඔබ වෙනුවෙන් කැපවී සිටින අප සූදානම්. 

විපතට පත් ප්‍රදේශ වෙත ගොස් අසරණ ජනතාව වෙත වියලි ආහාර හා ඒ අවශ්‍ය අනෙකුත් ආහාර සැපයීමට ශ්‍රී ලංකා නිවුස් කාර්යමණ්ඩලය තීරණය කර ඇති අතර අපත් සමග තවත් සයිබර් අවකාශයේ සැරිසරණ කිහිප දෙනෙකුම එක්වී ඇත. සහෝදරත්වයේ දෑත් දිගුකලයුතු මේ මොහොතේ ඔබටද අපත් සමග එක්විය හැක. 

ඒ සදහා ඔබ කල යුත්තේ අප වෙත ද්‍රව්‍යමය වශයෙන් හෝ මූල්‍යමය වශයෙන් ආධාර ලබාදීමයි. වැඩි විස්තර ඉදිරි කාලය තුලදී ශ්‍රී ලංකා නිවුස් ෆේස්බුක් මිතුරු පිටු‍වෙන් ඔබ වෙත ගෙන එනු ඇත.
මේ සදහා ඔබ තුල යම් උනන්දුවක් තිබේනම් අප අමතන්න. 
ඔබට පහත දැක්වෙන බැංකු ගිනුමට මුදල් බැර කල හැක.

බැංකු නාමය: NSB

ගිනුම් අංකය:1-0080-80-4797-9

ගිනුම් හිමි නාමය : K.P.B.Deshani

තරිඳු - 0716372129
සුපුන් - 0755473582

අදහස් යෝජනා බාරගැනේ. වචන වලට සීමා නොවී මනුශ්‍යත්වය ක්‍රියාවෙන් ඔප්පු කරමු.

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

21 comments:

  1. බලමු අපිට කරන්න පුලුවන් දෙයක් ගැන

    ReplyDelete
    Replies
    1. එල මචං..
      කරන දෙයක් ඉක්මනට බලලා කරමු..
      ජය‍වේවා!!!!!!!!!!!!

      Delete
  2. හොඳ වැඩක් තරිඳු. මම ඉතිං ටීවී බැලිල්ලකුත් නැති හින්දා තවම වෙච්ච දෙයක්වත් හරියකට දන්නෙ නෑ. සුනාමිය නිසා මමත් ජීවිත කාලෙටම ඇතිවෙන්න ඔය ආධාර බෙදිලි ආධාර ලැබීම් ගැන අත්දැකීම් ලබා ගත්තා, ඒක හිතන තරම් ලේසි වැඩක් නෙවි.

    ඔය තරිඳු කියල දාලා තියෙන නම්බර් එක ඔයාගෙ ෆෝන් නම්බර් එකද?

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත..
      මෙවුවා එකතු කරන එක ලේසිත් නෑ බෙදිල්ල ලේසිත් නෑ...
      බලමු.. අභියෝග තියෙන්නේ ජයගන්නලුනේ..
      මගේ නම්බර් එක තමා...
      ජයවේවා අයියේ..
      පුළුවං උදවුවක් තියෙනවං කරන්න..

      Delete
  3. ලංකාවේ හොඳක් අහන්න ටිකක් අමාරුයි මල්ලී.හැමදේයක්ම දුර්වල කරන්න පිරිසක් බලං ඉන්නවා.ඒත් ඒ වගේ දිරුණු බැමි වලට කළ හැකි දේයක් නැත.ගිණුම් අංක එහෙමත් දැම්ම නම් වටිනවා.මොකද අපි වගේ අයට කොළඹට ඇවිත් ද්‍රව්‍යමය දේ දිම අපහසුය.
    සාර්ථකත්වයේ ශක්තිය ඔබ සතු ඇති බැවින් එම සාර්ථකත්වය ලැබේවා!

    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. ගිණුම් අංකයක් දැම්මා නම් ගොඩක් අයට උදවු කරන්න ලේසි වෙයි.

      Delete
  4. අපේ පැතිවලත් කේස්...අපිට නම් නෑ..!
    අදනම් වැස්සක් නෑ අව්ව හොඳට පායල.

    ReplyDelete
  5. මරු මරු.. අපිත් ඉන්නෝ උදවුවට..
    ජය වේවා!!
    සිනා බෝ වේවා!!!!

    ReplyDelete
  6. වැඩේ හොඳා.. අසරණ වෙන කෙනෙකුට පිහිට වෙන එක නොවැ මනුස්ස කම. කිව්වත් වගේ ගිණුම් අංකයක් තිබුන නම් පහසු වෙයි. මමත් ටී වී බලනවා අඩුයි. ඊයේ අහම්බෙන් වගේ දැක්කේ වෙලා තියන විනාසේ..

    ReplyDelete
  7. එල එල හොඳ වැඩක්
    කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා බලන්නම්

    ReplyDelete
  8. හොඳ වැඩක්. මෙහෙම හරි එකතු වෙනවනම් එකත් ලොකු දෙයක් මේ වගේ කාලෙක..

    ReplyDelete
  9. සද්භාවයෙන් කරන මේ කාරිය සාර්ථක වේවා !

    ReplyDelete
  10. මේ වැඩේ සාර්ථක වේවා.අපිත් ගොඩක් කට්ටියට උදව් කෙරුවා.

    ReplyDelete
  11. ජයවේවා අයියේ...ඕකනම් ගොඩාක් පින් ලැබෙන වැඩක්....

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????