ලගින්ම ඉන්න කස්ටිය

Thursday, December 6, 2012

ෂර්ලොක් හෝම්ස් වායු රයිෆලයේ අභිරහස (Sherlock Holmes Mystery of the Air rifle)




මහාචාර්ය රත්නායක හා ඔහුගේ සහයක මයුර විසින් කල කාල තරණ පර්යේෂණයේ ප්‍රතිඵලයක් ලෙස 2005හේ පෙබරවාරි මස අතීතයේ ජීවත් වී මියගිය චරිතයන්හි මතකයන් සහ විඥානයන් වර්තමානයට ගෙන්වා එය ක්ලෝන තාක්ෂණය මගින් නිපදවූ ශරීරයකට ඇතුල් කර අතීත චරිතයන්ට පන දිය හැකි ක්‍රමවේදයක් නිපදවීය. 


නමුත් මහාචාර්ය රත්නායකගේ හදිසි අතුරුදහන් වීමත් සමගම එම ව්‍යාපෘතිය නැවතුනි. කිසිවෙකුට මහාචාර්යවරයා නැවැත්වූ තැනින් පටන් ගැන්මට නොහැකිවුනි. මහාචාර්යවරයා අතුරුදහන් වීමට ප්‍රථමයෙන් ඔහු හා සහයක මයුර එක්ව තම පර්යේෂණය අත්හදා බලමින් දහනමවන සියවස තුල එංගලන්තය පමණක් නොම මුළු මහත් ලෝකයම තම රහස් පරීක්ෂක වැඩ කටයුතු වලින් විශ්මයට පත් කල ෂර්ලොක් හෝම්ස් විසි එක්වන සියවසට ගෙන ඒමට කටයුතු කල බවට සදහන් වූ නමුත් එය හරියාකාරව දැනසිටි කිසිවෙකු නොවීය. මහාචාර්යවරයාගේ අතුරුදන් වීමෙන් අනතුරුව සහයක මයුර ඉතා හුදෙකලා ජීවිතයක් ගත කල අතර ඉතා කිට්ටුම හා විස්වාසවන්තම කීප දෙනෙකු සමග පමණක් අතරින් පතර කතා බහ කළේය.

සහයක මයුර මා පෞද්ගලිකව හදුනන මුත් කිසි දිනෙක ඔහු මා සමග පර්යේෂණ පිළිබඳ කතා කර නොමැත. මා එයට මුලපිරූ සෑම අවස්ථාවකම ඔහු දක්ෂ ලෙස එය මගහැර ගියේය.

පසුගිය බ්‍රහස්පතින්දා සහයක මයුරද මහාචාර්ය රත්නායක මෙන් හදිසියේම අතුරුදන් විය. ඔහු පිළිබඳ කොතෙකුත් සොයා බැලුවද තොරතුරක් නොවීය. ඔහුගේ අතුරුදන් වීමෙන් අනතුරුව මා ඔහුගේ නිවස වෙත ගියේ පමා වී තැපෑලෙන් ලද ලිපියක් නිසාවෙනි.

මුද්‍රිත ලිපියක් වූ එහි සදහන් වූයේ මයුර මහතාගේ ගෙදර පරිඝණකයේ ඇති ලිපිගොනු  කීපයක මුරපදය. ඔහුගේ පරිඝණකය තුලින් මා ලබාගත් ඒ ලිපිගොනු වල සදහන් වූයේ ඔහුත් මහාචාර්ය රත්නායකත් පනපෙවූ ෂර්ලොක් හෝම්ස් විසින් ලංකාව තුල විසදූ ගැටළු පිළිබඳ තොරතුරුය. එය ජනතාව හමුවේ තැබීම මාගේ වගකීමක් ලෙස සලකන බැවින් ඔහුගේම වදන් වලින් යුත් ඒ රහසිගත ලියවිලි මම මෙසේ පලකරමි....

(විස්වාස කිරීම නොකිරීම ඔබ සතුය)
--තරිඳු අබේසිංහ--




========= === වායු රයිෆලය කොටස 01=== =======



“ඔබට හොදටම විශ්වාසද ඔහු ඉලක්කය අරන් තියෙන්නෙ මෙතැන ඉදන් කියල?

“මොනව අහනවද හෝම්ස් මහත්මයා....මෙතැන තුවක්කුවත් ඒ අටවපු විදිහටම තියෙනකොට?“

අපිට මෙයින් පිටවුණු උණ්ඩ දෙකක පස්සා කොපුත් හමුවුණා...අපේ දෙපාර්තමේන්තුවට සැකයක් නෑ. මිනී මැරුමට පාවිච්චි කරපු ගිනි අවිය ඒකමයි...
උප පොලිස් පරීක්‍ෂක ජානක මහත්මයා පැවසීය...

ඒ පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ හෝම්ස් නැවත වායු රයිෆලයට තම නෙත තබා ඉලක්කයට මෑනීය.
ඒ... ඝාතනය සිදුවූ ස්ථානයටය.....

එවර හෝම්ස් වායු රයිෆලය එහාට මෙහාට කිරීමට උත්සාහ ගත් නමුත් එය එම ස්ථානයේම සවිකර තිබුණි. එය සෙලවිය හැකිවූයේ යම් කෝණයකට පමණි.

“හොදයි ඔය අපරාධකාරයා පැනල ගිහිල්ල තියෙන්නෙ සිවිලිමෙන් කිවුව නේද?

“ඔව් හෝම්ස් මහත්මයා අර තියෙන්නෙ ඒ සිදුර..මින්හ කලින් ඉ`දලම එතැන සිදුරක් හදාගෙන ඉදල තියෙනවා.......“

උප පොලිස් පරීක්‍ෂක ජානක මත්මයා පෙන්වූ ඒ සිදුර යටට ගිය හෝම්ස් මද වෙලාවක් ඒ දෙස බලාසිට එය නැගුනේය....
හෝම්ස් නැවත අපිට එකතු වූයේ හරියටම විනාඩි පහකට පසුවය...

“එතකොට ජානක මහත්මයා ඒ මනුස්සයා මෙතැනින් වහලෙට නැගල එහා පැත්තෙවත්තට පැනල බේරිල ගියා කියලද කියන්නෙ ?

“ඔව් හෝම්ස් මහත්මයා...ඔවුන් කණ්ඩායමක්ම ඇවිත් තියෙනවා...
මෙයා මෙතැන වෙඩි තියනකන් කට්ටිය බලාගෙන ඉදල තියෙනව එහාපැත්තෙ ග්‍රෙනේඩ් බෝම්බ පාවිච්චියට...
එක බෝම්බයක් පාවිච්චි කරල තියෙනව වාසනාවට ඒක පත්තු වෙලා නෑ..“

“ඒ ඇත්ත ඒ වත්තෙ පිරිසක් ගැවසුණු ලකුණු හොදටම තිබුණ...
මේකහරිම සංකීර්ණ ගැටළුවක් උපුල්...
මට ටිකක් හිතල බලන්න වෙනව.මේකෙ නොපැහැදිලි තැන් කිහිපයක්ම තියෙනව...“

“නොපැහැදිලි තැන්....?
වෙන්න බැහැ හෝම්ස් මහත්මයා අපේ දෙපාර්තමේන්තුවට පාර අහුවෙලයි තියෙන්නෙ.....
මේ පාර අපි හරි..
ඇමතිතුමාට වෙඩි තියපු අය මාස ගණනක් මෙතැන හැංගිල ඉදල තියෙනවා.. මේ නිවස කුලියට අරගෙන තියෙන්නෙ ඒ අයගෙ සැලසුම ක‍්‍රියාත්මක කරන්නයි..
අපිට හොදටම විශ්වාසයි එදා වෙඩි තියපු කෙනා මෙතැන ඉදන් මේ රයිෆලයෙන් වෙඩි පහක් තියල තියෙනව..
ඒ පහෙන් දෙකක් ඇමතිතුමාට වැදුණ, අනික් තුන තවමත් තියෙනව ඒ කෙලින්ම තියෙන තාප්පයට කිඳා පැහැපු ගමන්...
බලන්න මේ රයිෆලය එළියට නොපෙනෙන්න ලෙන්සයයි තුවක්කු කටයි දාන්න පුළුවන් විදිහට මෙතැන හදල තියෙන හැටි..
ඉතිං අපිට තවත් සැක මොනවද? දැං ඉතිරි වෙලා තියෙන්නෙ සාක්ෂියි, කට උත්තරයි වලින් ඝාතකය හොයා ගන්න එක...“


“හෝව්....හෝව්... ජානක මහත්මයා.....
මොකක්ද කිවුවෙ.. උණ්ඩ පහක් ?
මම ඒක කලින් දැනගෙන හිටියෙ නැහැනෙ...
උණ්ඩ තුනක් තාප්පෙ තතවම තියෙනවද ?
එහෙමනම් හරි..
ඒ වෙඩි තුන වැදිල තියෙන්නෙ කොයි හරියෙන්ද කියල මට පෙන්වන්න පුළුවන්ද ?

“ඔය තුවක්කුවෙ ලෙන්සයෙන්ම බලන්න හෝම්ස් මහත්මයා...
එතකොට පෙනේවි..
බලන්න බිම ඉදල අඩි එකහමාරක්, දෙකක් උඩින් වෙඩි තුනම ඇති...“

“ඔහ්....හෝ...
පැහැදිලියි.... පැහැදිලියි...
හරිම පැහැදිලියි....
ඒ වුණාට උපුල් මහත්මයා මෙතන වැටිල තියෙන්නෙ පතුරම් කොපු තුනයිනෙ කෝ අනික් දෙක ?“

“හැබෑට....ඒක නම් එහෙම තමා...
ඒ වුණාට ඒකෙන් වැඩක් වෙයි කියල මම නම් හිතන්නෙ නෑ.....“

“එහෙමනම් අපි යමු සිරුර තියෙන තැනට..“

පිහිනුම් තටාකයට ආසන්නයේ උඩුබැලි අතව වැටී තිබූ සිරුරේ වෙඩි උණ්ඩ දෙකක් විය...
ඒවා පපුවටම කිඳා බැස තිබුණි....

සිරුර පිරික්සූ හෝම්ස් ඊළඟට පාදයේ සිට වෙඩි වැදුණු ස්ථායට උස මැන්නේය. මඳක් කල්පනාවේ නිග්මව සිටි හෝම්ස් එතැන සිට ගෙන වෙඩි තැබූ ජනේලය දෙස බලා සිටින්නට විය.

“මේ තියෙන්නෙ හෝම්ස් මහත්මයා....
අර අනික් උණ්ඩ බලන්න ඒවා මේ බිත්තියට කිඳා බැහැල තියෙන හැටි..“

පොලිස් පරීක්‍ෂක උපුල් මහත්මයා බිත්තියට කිඳා බැස තිබූ අනෙක් උණ්ඩ තුන පෙන්වමින් පැවසීය..

“කෝ බලන්න.......??“

හෝම්ස් තම ලෙන්සය ගෙන ඊට ලංවිය.....

“ඇත්තටම ජානක මහත්මයා මේ වායුරයිෆලය කියන දේ කොච්චර බලගතුද බලන්න...
බලන්න මේ පතුරම් තුනම කිඳා බැහැල තියෙන විදිහ.....
හරියටම අඟල් භාගයක් විතර ඒකත් ඝනකම් සිමෙන්තියට......“

“ඒක නම් එහෙම තමා .......අපි දැං උණ්ඩයි මළසිරුරයි පරීක්‍ෂණ වලට යවන්නයි හදන්නෙ.. ඔබගෙ පරීක්‍ෂණ ඉවර කළා නම් හොදයි....“

“ඉවරයි.... ඉවරයි.... අර‍ගෙන යන්න මොනව හරි විශේෂයක් තියෙනවනම් මටත් කියන්න...
මට තව එක දෙයයි බලන්න තියෙනනෙ“......යි 
පැවසූ හෝම්ස් බිම සිට බිත්තියේ වෙඩි වැදී තිබූ උසද මැනගත්තේය.... 
“දැං ඒකත් හරි....“



---මතු සම්බන්ධයි--- 

දෙවන කොටසට මෙතැනින්

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

82 comments:

  1. ලියමු ලියමු
    (මේ අපේ පොලිස් කාරයා ඉංගිරිසියෙන් කතා කලාද හෝම්ස් සිංහලෙන් කතා කලාද :P )

    ReplyDelete
    Replies
    1. බොටත් ඕන්නැති දෙයක් නෑ.....
      හෝම්ස් සිංහලෙං කතා කරන්නැති බං...
      හෝම්ස් දක්සයා...
      අරුං අට පාස් විතරනේ..

      Delete
  2. ශලොක් හොල්ම්ස් ජීවත් වුයේ 19 සියවසේ , එම කාලයේදී සිංහල පොලිස් පරීක්ෂකයින් සිටියාද කියන එක සොයා බැලිය යුතුය . තවද ජානක වැනි නම එකල බාවිතා වුයේද යනවගත් ප්‍රශ්නාර්ථයකි . එසේම වායු රයිපලයකින් ඔය කියන පරිදි ගනකම් බිත්තියක් පසාරු කිරීමට හැකි තරම් බලවද්ද යන්න සැක සහිතයි .

    ReplyDelete
    Replies
    1. :O

      ඇයි හත්දෙය්යනේ හෝම්ස් ව මේ කාලෙට අයෙමත් උපද්දෙව්වා කිවේ

      Delete
    2. සංජීව, ඉන්දියාවෙ MEGA DRAMA සිංහල හඬ කවල සිරසෙ පෙන්නන්නෙ ඔයාල වගේ අයට තමයි...

      Delete
    3. @ සංජීව ආයේ කියවලා බලහං මචං මුල ටික...
      උබ ඒ ටික අතෑරලා නේ කියෙවුවේ???????

      @ චමියා ඌ ඒ ටික දකින්නැතුව ඇති බං...

      @ සුදාර ඒ මක්කෙයි ඒ????????

      Delete
  3. මේ දවස්වල ඔක්කොම වෙඩි තියන කතාමයි .... මේ ඔය මතුසම්බන්ධ කතා වල ඉතිරිය ඉක්කන්ට පල කරන්න ඈ...
    ජය වේවා !!!
    සිනා බෝ වේවා!!

    ReplyDelete
    Replies
    1. ලෝක විනාසේ ලගයිලුනේ...
      ඒකයි...
      ජය ඈ...

      Delete
  4. 19 වන සියවසේ ෂර්ලොක් හෝම්ස් දැන් සිරිලංකාවේ. එල එල තරියෝ

    ReplyDelete
    Replies
    1. ශෝක් නේ....
      තැංකූ රෙපා අයියේ...
      මං කරන්නේ සහයක මයුරගේ ලිපි පල කරන එක විතරයි...
      ගෞරවය මයුර අයියට!!!!!!!!!!

      Delete
  5. වැඩේ පටන් අරගෙන වගේ :D

    ReplyDelete
    Replies
    1. හි හි...
      ඔවු අප්පා...
      මයුර අයියගේ ලිපි ටික හම්බුනානේ..
      දැං දිගටම දානවා..

      Delete
  6. නියමයි. ඊලඟ කොටසත් බලමු. අඩේ මේකාත් වැඩේ පටන් අරන් වගේ. එලෑ

    ReplyDelete
    Replies
    1. පටං ගත්තා පටං ගත්තා...
      බෝම ස්තූතියි ඈ...
      ජය!!!!!!!!

      Delete
  7. වෙඩි වගේ තියන්නේ.. :)

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා...
      මේවා වයු රයිෆල් වෙඩි...

      Delete
  8. Replies
    1. ස්තූතියි කියාගන්න බෑ!!!!!!!!!!!
      :D :P
      හි හි...
      මරු නම...
      අළුතෙං නේ...
      පිලිගන්නවා කෙරුවාවට..

      Delete
  9. වඩාත් නිර්මාණාතම්ක කතවක් ලිවීම නං හොද දෙයක් නමුත් මෙහි තාක්ශණික කරුනු දැක්වීමේදී ප්‍රවේසම් වෙන්න පොඩ්ඩක් බලන්ඩ වායු රයිෆලයක් කියන්නෙ මොකද්ද කියලා ... වායු රයිෆලයක උන්ඩ කොපු නෑ.. මේ ගැන සම්පූර්ණ විස්තර විචාරක මහත්මයගේ බ්ලොග් එකේ ඇති....
    ( http://jangun.wordpress.com/2012/04/27/%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF-%E0%B6%B8%E0%B7%9A-%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94-%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%86%E0%B6%BD%E0%B6%BA-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA/)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සමීර...
      මේ කතාව මයුර අයියා ලියපු එකක්...
      මං ඒක වෙනස් කරන්න ගියේ නෑ...
      ලිංකුවටත් බොහොම ස්තූතියි..
      ජයවේවා!!!!!!!!!!!

      Delete
  10. කමෝන් හිවලා ආහ් සොරි තරියා අනිත් කොටසත් ඉක්මනට දීපං.

    ReplyDelete
    Replies
    1. දාන්නං...
      කවුද ඩෝ හිවලා?????
      තියනවා දැනගනිං වායු රයිෆලයකිං හිල් වෙන්නම..

      Delete
  11. මයුර කිව්වේ අර කැලනියේ එකාද??

    දොර ලොක් හෝම්ස් නැගල යයි වගේ.. ජය වේවා !

    ReplyDelete
    Replies
    1. යා යා..
      කැළණියේ මයුර හෙවත් කුරුළු!!!!!!!!!!
      දිගටම එන්න ඈ බලන්න..
      ජයවේවා!!!!!!!!

      Delete
  12. Replies
    1. ඒ තැංකූ ඈ....
      ජයවේවා...!!!!!!!!!!!!

      Delete
  13. නියමයි.... රහස් පරීක්ෂක කතා වලට මම නම් හරි ආසයි. ඉතුරු කොටසත් ඉක්මනින්ම දාමු...

    ReplyDelete
    Replies
    1. දාන්නං...
      බොහොම ස්තූතියි සමනළී කමෙන්ටුවට!!!!!!!!!!

      Delete
  14. මේකට කියන්නේ "ශාරුක් හෝම්ස් feat තරියා" කියලද

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නත් පුළුවං...
      ඒත් එතකොට සහයක මයුර බණ්ඩාරව දාන්නේ කොහාටද???????

      Delete
  15. එළ තරියා එළ. ඇත්ත හෝ බොරු උබේ අලුත් පාර නැගලා යාවි හයිවේ එකවගේ . දිගටම යමු

    ReplyDelete
    Replies
    1. හි හි...
      නැග්ගොත් හොදා...
      එහෙම නගින පාටකුත් තීනවා...
      තැංකූ ලොකු ජෝං අයියා!!!!!!!!!!!!!!

      Delete
  16. එල එල හොද ආරම්බයක් යොදලා හෝම්ස්ව මේ සියවසට ගෙන්විමට ...
    වායු රයිෆලේ උන්ඩ ගැනත් හිතහන් ටිකක්...
    මානවක අයියගෙ කතාවක් මරු
    හෝස්ම් ෆීට් තරියා
    නියමයි මචන් ...ඉතිරියත් එලටම ලියහන්

    ReplyDelete
    Replies
    1. ඕ මචං...
      වායු රයිෆල් කේස් එකනං හොල්ලන්න බැරිවෙයි...
      මොකද කතාව ඒකවටා ගෙතිලා තියෙන්නේ...
      ජය ඈ...
      දිගටම කියෝපං..

      Delete
  17. නියමයි... ඇත්තටම චන්දන මෙන්ඩිස් ලියපු (ලීයු පොත් මිස පරිවර්තනය කල ඒවා නොවේ) සමහර ෂර්ලොක් හොම්ස් කතා වලට වඩා මේ කතාව හොදයි.. පිහිනුම් තටාකයක් ආසන්නයේ මරා දැමු ඇමතිවරයෙක් කියල කියනකොට සත්‍ය සිද්ධියක් පසුබිම් වෙනවාද කියලත් හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. මටත් ඒ ඇමතිවරය ගැන නම් මතක් වුනා. ඒත් ඉතිං පරීක්‍ෂණ කර කර ඉන්න එතන බොඩි එක තියන් හිටියෙ නෑනේ, මේක සිද්ධි නැවත ගොඩ නැගීමක්නේ, අපි බලන් ඉඳිමු.

      Delete
    2. @ බණ්ඩා අයියා...
      බොහොම ස්තූතියි...
      කතාව ලිවුවේ මයුර අයියා...
      එයා තමයි දන්නේ මොන ඇමතිද කියලා...

      @ ඩී.ඩී.ටී අයියා....
      ඔව් ඔව් බලං ඉන්නකෝ...

      Delete
  18. එල..එල.. හොල්ම්ස් ට කියලා ගොඩක් වැඩ කරගෙන තියෙන පාටයි

    ReplyDelete
    Replies
    1. හම්බෙච්ච ලිපි අනුවනං කරගෙන තියෙනවා සැලකිය යුතු ප්‍රමාණයක්....
      හි හි...
      ජයවේවා චමී!!!!!!!!!!!

      Delete
  19. චන්දන මෙන්ඩිස් ඩොයිලිගෙ කතා ටික ඉවර උනාට පස්සෙ වෙනත් අයගෙ හෝම්ස් කතා කරලියට ගේන්න හලපු කෙප්පෙට වඩා කෙප්පයක් උඹත් ඇදබාලා තියෙන්නෙ. (මෙන්ඩිස් මහත්තයගෙ පොතේ නම් එයාගෙ විස්තරේට පරස්පර පොයින්ට් එකකුත් තිබුණ, මම ඒක ලියල යැව්වම එයා ඒක පිළිඅරන් ඒක නිරීක්‍ෂණය කළාට සතුට පළකරල මට ලිපයකුත් එවල තිබුණ)

    මම ෂර්ලොක් හෝම්ස් රසිකයෙක් විදියට ඒ චරිතෙට ගොඩක් කැමතියි. හැබැයි උඹට එකක් මතක් කරන්න ඕන, මේ වගේ කතා ලියනකොට නීතිමය කරුණු, තාක්‍ෂණික කරුණු ගැන, කොටින්ම අපරාධ පරීක්‍ෂණය විද්‍යාව, අධිකරණ වෛද්‍ය විද්‍යාව ට අදාල කරුණු ගැන තරමක අවබෝධයක්වත් තිබිය යුතුයි කතාවෙ තාත්විකත්වය රැකෙන්න. ඒ ගැන චුට්ටක් සැලකිලිමත් වෙන්න.

    වචන භාවිතයෙදි මම දැකපු සුළු අඩුපාඩු දෙක තුනක් තිබුණ, ඒ වුනත් උඹේ පළමු උත්සාහය විදියට වැඩේ සාර්ථකයි, ඉතිරි ටිකත් හොඳට ලියන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත ඩී.ඩී.ටී අයියේ...
      නැත්තං කතාවෙ රහ නැති වෙනවා...
      මේක ලිවුවේ මයුර අයියා..
      මං බලන්නං උපරි‍මේටම හොදටම ලියන්න..
      බොහොම ස්තූතියි උපදෙසට!!!!!!!

      Delete
    2. Sherlok Holmes kiyanne mamath harima asa charithayak. ei wahema Holmes aththatama jeewath wunu kenek nemei, habai Chandana Mendis nam Holmes wa sampurnayenma wikruthi karala thiyenne. Muladi eya karapu translations awnkawama hondai. Ekata market eke wadi wenakota salli walata peretha kama danenawane. Ethakota balanne quality eka nemei quantity eka. Thamage arthika wasiyama balanne nathi translator kenek gen rataka janathawata, wisheshayenma students lata wena yahapatha godak wadi. Chandana Mendis hithala liyapu S.H.poth gena hithana kotanam kalakireemak danenawa, loka sahithye thiyene watina charithayak thamage wasiyata wenas karala market karana eka gana.
      Tharindu malli, mama oya liyana widiyata kemathi, eiwagema oyage hakiyawa pahadili. Eth oya liyapu S.H. katha kiyawaddi nam adu padu godak dakka. Rahas pareekshna vidyawe danuma adu kama wagema widyathmaka danumeth adu padu bohomai. Oya hithala liyanna. Aniwaryayenma oyata ouluwan. Eth chandana Mendis karapu moda wadema karala eken popular wenna hadanna epa. Good luck!

      Delete
  20. එල එල ෂර්ලොක් හෝම්ස් නැවතත් ....

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා....
      රැදී සිටින්න ඈ රොබිං අයියේ අප සමගම!!!!!!!

      Delete
  21. තරියා වැරදි හදාගෙන ඉදිරියට යමු...මට නම් හිතෙන්නේ ඔය චරිතෙට ෂර්ලොක් හෝම්ස් නැතුව ඒ කාලේ හිටියයි කිව්ව අප්‍රසිද්ධ වැඩකාරයෙක් ගෙනාවනම් හොඳයි කියලා..(එහෙම එකෙක් හිටිය කියලා උපකල්පනය කරලා, මොකද එතකොට ෂර්ලොක් නැතුව උඹේම නිර්මාණයක් වෙනවා 100%).ෂර්ලොක් හෝම්ස් කතා කියවල තියන අය කතාව කියවන්නේ ඒ කතාවේ හිටපු ෂර්ලොක් ගේ ඇස් දෙකෙන්. අන්න එතකොට උඹ ලියන කතාවේ දකින පොඩි වෙනස ඒ අයට ලොකුවට දැනෙනවා...කෙස් පැලෙන තර්ක ගෙනල්ල අපරාදේ විසඳන හැටි සුපිරියට ලියපන්...වායු රයිපලේ ගැන නම් මම දන්නේ නෑ..ඒ උඩ කමෙන්ට් වල කියනවා වගේ ඒවා හොයාගෙන කතාව සුපිරියට ලියමු. ෂර්ලොක් වෙනුවට වෙන චරිතයක් ගෙන්න මට හිතෙන විදිහට තවමත් පරක්කු නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත.. ෂර්ලොක් හෝම්ස් කියන්නේ අපි හොදට දන්න චරිතයක්.. මම ඒ පොත් එකක් නෑර කියවලා තියෙනවා. කොච්චර නෑ කිව්වත් අපි කොනන්ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස්වම බලාපොරොත්තු වෙයි.

      Delete
    2. @ පැතුමා පරක්කුයි බං...
      මොකද මයුර අයියලා ගෙන්නලා තියෙන්නේ හෝම්ස්ව..
      ලියලා තියෙන්නෙත් ඒ ගැන..
      එයා ලියපුවා මං වෙනස් කරන්න ගියේ නෑ..
      එහෙම්මම දැම්මා..
      මං ලියන දවසක ඔය කරන්න කියපුවා මට වැදගත් වෙයි..
      බොහොම ස්තූතියි මචා!!!!!!!!!!!!!!!

      @ බණ්ඩා අයියා...
      ඒකනං ඇත්ත....
      ඩොයිල්ලේ හෝම්ස්වම කට්ටිය හොයයි...
      ඒත් අනේ මංදා.....

      Delete
    3. @ Pathum, mamath ekangai.

      Delete
  22. පහු වෙලා බ්ලොග් එක දැක්කේ.. ඔන්න කියෙව්වා......

    ReplyDelete
    Replies
    1. එල...
      ජයවේවා යාන්ත්‍රිකයානෙනි!!!!!!!!!!!!!!

      Delete
  23. නියම ඇමඹුමකට ඇවිත් මලයා.බොහොම ආසා හිතෙන පිළිවෙලකට ගොඩනගන්න උත්සාහ ගෙන තිබෙනවා. මේ කදිරගාමර් සිද්ධිය ඇසුරින්ද
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. ඒ වගේ නේ...
      මං හිතන්නෙත් ඒක වෙන්නැති...
      කොහෙද ඉතිං අහන්නත් විදිහක් නෑ..
      මයුර අයියා අතුරුදහංනේ...

      Delete
  24. ෂර්ලොක් හෝම්ස් ව ඒ විදියටම මවන්න ගත්ත උත්සාහයක්ද මන්දා...
    සාර්ථක වෙන්න කියලා පතනවා.............

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රන්දු....
      සාර්ථක උනොත් හොදා...

      Delete
  25. සුපිරියි තරියෝ.. සුපිරියි.. යස අපූරු කල්පනාවක්නෙ උඹට ඇවිත් තියෙන්නෙ.. හැබැයි හෝමස්ව 21වෙනි සියවසට ගලපගන්න උඹට සෑහෙන කට්ටක් කන්න වෙයි.. හොඳට හැමපැත්තම හිතලා ඇට්ටි හැලෙන්න දීපන්..

    වායු රයිෆල් කියන එක උඹ දැම්මෙ මොන අදහසින්ද කියන එක මට තාම පැහැදිලි මදි. මම දන්න විදිහට වායු රයිෆල් කියන එක බොහොම ප්‍රාථමික සරළ අවියක්.. සමහර විට උඹ අදහස් කළේ ස්නයිපර් ගන්ද දන්නෑ..

    වායි රයිෆල් ගැනයි, ස්නයිෆර් ගැනයි වැඩි විස්තර පහතින්...

    ස්නයිපර්

    වායු රයිෆල්

    ReplyDelete
    Replies
    1. අනේ මංදා මට පැහැදිලි කරන්න තේරෙන්නෑ..
      මුල් කෑල්ල මගේ...
      කතාව මයුර අයියගේ...
      එයා තමා ලිවුවේ..
      මං හිතන්නේ එයා වායු රයිෆලේ කියලා අදහස් කරන්නැත්තේ වැඩිදියුනු කරපු ස්නයිපරයක් වගේ වෙන්නැති...
      බොහොම ස්තූතියි සෙන්නා අයියේ කමෙන්ට් එකට...
      ඒ වගේම ලිංක් දෙකට...
      ජයමවේවා!!!!!!!!!!!!!!!!!

      Delete
    2. මොකාද බන් මයුර අයියා කියන්නෙ ?

      Delete
    3. චැක් පොඩි කෙස් එකක් ඔක්කොම හොදයි පද ගැලපීමත් සුප්පා එත් මෙ එයා රයිෆල් එචිචර පවෆුල් වෙපන් නොවෙ නෙ o.O

      Delete
    4. @ සෙන්නා අයියේ...
      මයුර කියන්නේ මයුර බණ්ඩාර..
      මේ කතාව ලියපු කෙනා...

      @ දිලුම්..
      දැං කාලේ වායු රයිෆල් තරමක් පවර්ෆුල් කියලා උපකල්පනේ කරන්න බෑමයි වගේද...
      හිකිස්...

      Delete
  26. ඔහ්... මතු සම්බන්ධ වෙන ඒවට නම් මම ආසම නෑ..කුතුහලේ හැදෙනවා එතකොට.. :(

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය කුතුහලෙත් අරං හෙට එන්න සම්මියා මේ පැත්තට...
      හෙට දානවා අළුත් කොටහක්....

      Delete
  27. ස්තූතියි වකා....
    ජයවේවා!!!!!!!

    ReplyDelete
  28. තරිඳු ඩොයිල් එල.. මොකද මලේ මැද්දෙන් නැවැත්තුවේ?

    ReplyDelete
    Replies
    1. ආ ඔන්න අනිත් කෑල්ලත් දාලා තියෙන්නේ...

      Delete
  29. නියමයි බං සහෝ... උඹත් චන්දන මෙන්ඩිස් ලොක්කට ගේම දෙන්නද හදන්නේ... මොනවා වුනත් වැඩේ සුපිරි... දෙබස් කඩලා තියෙන විදිය ටිකක් පැහැදිලි වුනානම් හොඳයි වගේ දැනුනා... එළ එළ... ජයවේවා...!!!

    (පොතක් කරන්න බලමු !!!)

    ReplyDelete
    Replies
    1. හි හි...
      චන්දන මෙන්ඩිස් එක්ක බලද්දි අපි මොක්කුද මචෝ...
      බොහොම ස්තූතියි අදහසට...
      ජයවේවා!!!!!!!

      Delete
  30. ගැමියගෙ කථාව මතක් වුනේ... අලුත් රැකියාවක් එක්ක... අලුත් සිතුම් පැතුම්, සංකල්ප... හොදා හොදා ඔහොම යමු...

    ReplyDelete
    Replies
    1. ගැමියත් ක්ලෝනත් එක්ක නිතර සෙල්ලං දාන නිසා වෙන්නැති....
      හි හි...
      තැංකූ සිරා අයියේ...
      ජය වේවා!!!!!!!!!

      Delete
  31. niyama kathawak yalu ikmanata ithuru tika danna

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උමා...
      දෙවනි කොටස දාලා තියෙන්නේ දැං...
      ජයවේවා!!!!!!!!!!!

      Delete
  32. හි හි ....ඉතිරියත් ලියමු !බැස්කර්විල් ශාපය කියවන්න ගිහින් වත් මෙහෙම කුතුහලයක් තිබ්බේ නැද්ද කොහෙද :p :)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඉතිං බෑනේ...
      කිංඩි දානවනේ..
      හිකිස්...
      ඔන්න ඉතිරිය දාලා තීන්නේ බලන්න...

      Delete
  33. අඩෙ පට්ටනෙ මන් අදමය් මෙපෑත්තෙ අවෙ

    ReplyDelete
    Replies
    1. සිරාවට...
      ඒ පිලිගන්නවා සාදරෙං කෙරුවාවට ඈ...
      ආයේ එමු ඈ...
      ජය ජය..

      Delete
  34. මන් මේ රිප්ලයි බලන්න ආවේ? කෝ බන් මගේ කමෙන්ට් එක?

    ReplyDelete
    Replies
    1. සිරාවට කමෙන්ට් එකක් දැම්මද??????
      මං බැලුවා ස්පෑම් වෙලත් නෑනේ...
      අපරාදේ...

      Delete
  35. ඇමතිතුමා නම් මරලා තියෙන්නෙ, ඔන්නොහෙ හෝම්ස් ට ගාණක් දීලා ඕක යටගහලා දාන්න... නූතන හෝම්ස් වගේ ඇවිත් තියෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. හි හි...
      එච්චර ඇමතිලා ඇලජික්ද???
      එහෙනං අපි ජානකට පගාවක් දීලා සේප් කරමු..
      හෝම්ස්ට දෙන්න බැරිවෙයි..
      මිනිහා අමාරුකාරයා....
      මුදලට යටවෙන්නෑ...

      Delete
  36. අපූරු කතාවක් වගේ..
    ෂර්ලොක් කාලයක් වායු රයිෆල් වලට බයේ හිටියා නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම හිටියද??????
      මට මතක නෑනේ...

      Delete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????