ලගින්ම ඉන්න කස්ටිය

Sunday, April 21, 2013

උළෙල මැද කුණු වලිය


2013 සයිබර් සිහින උළෙලට කස්ටියම අද සැට් උනානේ. සංතෝසයි ඈ.. සමහර අයව අදමයි දැක්කේ.. පැරණි බ්ලොග් කරුවෝ අළුත් ඈයෝ.. එතකොට බස් රේඩියෝ එකේ සැට් එක... පුළු පුළුවං හැමෝමත් එක්කම වචනයක් හරි කතා කරන්න උත්සහා කරා... බැරි උනානං දහස් වාරයක් සමාවෙන්ට ඕනා ඈ..

වලි මුනිලව  අපිට පෙනුන හැටි

අපිව වලිමුනිලට පෙනුන හැටි


ගිය පාර සිහින උළෙලට යා ගන්න බැරි වෙලා කට්ටිය ෆොටෝ දාද්දි පට්ට ඉරිසියාවක් මිශ්‍ර දුකක් හිතුනා.. ඒ පාරම තමා හිතාගත්තේ 2013 එකේදිනං කෝම හරි යනවම තමා කියලා... ඉතිං බුකියේ ඉන්න එකෙක්ගෙං ලනුවක් කාලා සරමකුත් පටලං ගියා සයිබර් සිහිනෙට...

කියන්න වචන නෑ මටනං අවුරුදු උත්සවේ සුපිරි.. එහෙම කියන්නේ මේක මම සහභාගි වෙච්ච හොදම සහ ලෙංගතුම අවුරුදු උත්සවේ නිසා... හැමෝම තරහා මරහා අමතක කරලා විහිළුවෙං තහළුවෙං බොහොම අපූරුවට උත්සවේ පැවැත්වුවා.. 

කලිං දවසේ තරුණ සේවා මධ්‍යස්ථානයේ අවුරුදු උත්සවේ වැඩ කටයුතු වලට උදව් කරන්න ගියාම මධ්‍යස්ථාන බාර නිළධාරීතුමා අපෙන් ඇහුවේ බ්ලොග් අවකාශේ කියන්නේ මොකක්ද කියලයි.. උත්සවේ ඉවර වෙලා යන ගමන් මම එතුමගෙන් සිහින උළෙල ගැන අහපුවම දුන්න පිළිතුරෙන් මට තේරුනා එතුමම උත්තරේ හොයා ගන්න ඇති කියලා.. බොහොම ප්‍රසංශා මුඛයෙන් තමා කතා කළේ...

කොහොම හරි මං මේ කියන්න ආවේ මේ පාර මේ උත්සවේ සංවිධානය කරපු සභාපති ප්‍රදීප් අයියා ප්‍රමුඛ සංවිධායක මණ්ඩලයටත්, උත්සවය සංවිධානය කිරීමට මූල්‍යමය අතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ සහභාගීත්වයෙන් දායක වෙච්ච හැමෝටමත්, බොහොම ස්තූතියි... ඔබ සියළු දෙනා නොමැති වෙන්න අද මේ වගේ ලස්සන හෝරා කීපයක් මට ගත කරන්න ලැබෙන්නෑ.. නැවතත් බොහොම ස්තූතියි..

හැබැයි අර මගේ සරමත් එක්ක සෙල්ලං දාපු උංටනං හොදක් වෙන්න එපා.. ගම්බාර දෙයියෝ ඕකුං ගැන බලාගන්නෝනා...

ආපු නැති එවුනුත් ඉතිං දැං දුක් වෙන්නැතුව ලබන පාර එන්න පුළුවං වෙන්න දැං ඉදංම පසුබිම හදාගන්න... ලබන අවුරුද්දෙත් මේ වගේම නැත්තං මීටත් වඩා හොදට සයිබර් සිහින බක්මහ උළෙල කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා...



වලිය ගැන බලන්න ආපු උංට කියන්නේ..
ඇයි මීට කලිං වලි දැකලා නැද්ද..
වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න....

2014 සයිබර් සිහින උළෙලේදී හමුවෙමු!!!!!!!!!!!

2013 සිහින බක්මහ උළෙලේ කස්ටිය..
ඡායාරූපය - සංකල්ප බණ්ඩාර


ජයවේවා!!!!!!!

( ප.ලි - කිසිවෙකුගේ සිත් නොරිදේවා, මේ ඉන්න ටිකේ හොදට ඉදිල්ලා.. අපි හෙට මැරෙයිදත් ෂුවර් නෑ ඈ...)

මෙන්න වලි කාරයන්ට

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

88 comments:

  1. ගම් බාර දෙවියෝ කීවේ "මහර'ගම' " බාර දෙවියොද , උඹලයේ ගම බාර දෙවියොද :P

    ReplyDelete
    Replies
    1. සිද්ධිය උනේ මහරගම නිසා මහරගම එක්කෙනා නේ අයිති වෙන්නේ...

      Delete
  2. නෑනේ
    වලි කිවට ඔහොම වදුරු වලි දැකලා නෑ :P

    ReplyDelete
  3. මම ඉතිං අලුත් එකෙක්නෙ පුද්ගලික හේතුවක් හින්දයි අවේ නැත්තේ නම්. මේක දැක්කම ඇත්තටම දුක හිතෙනවා ලබනපාරනම් කොහොම හරි එනවා.

    ReplyDelete
    Replies
    1. ගියපාර මට උන වැඩේ...
      අළුත් පරණ බලන්නැතුව ආවනං ඉවරයි බං....
      ලබනපාරවත් සෙට් වෙමු...

      Delete
  4. :O
    ජය වේවා!!
    සිනා බෝ වේවා!~!!

    ReplyDelete
    Replies
    1. පණු ගියෙ නැද්ද?

      Delete
    2. @පණුච්චි - එසේම වේවා!!!!!!!
      @පා තිමා - ආවා ආවා...

      Delete
  5. වලි නෑලු.. ඔක්කොම ඉවරලු..

    උබ ගුටි කෑවලු නේ ?

    ReplyDelete
    Replies
    1. මාත් කනවා තව පොඩ්ඩෙං...
      හම්බෝ...

      Delete
  6. අපිට බැරි උනානෙ තරියො..Buzz එකෙ අහනකොට ආස හිතුනා..:)

    ReplyDelete
    Replies
    1. එන්නනේ අප්පා තිබ්බේ...
      ලබන පාරවත් එන්න...

      Delete
  7. එලකිරි මල්ලා.....

    ReplyDelete
  8. හැක් හැක් හැක් උඹේ සරම තමා බන් සරම :D

    ReplyDelete
    Replies
    1. මගේ සරමට උබලා ඔක්කොම කෙල පෙරනවා නේ..
      නෙදකිං සරමක් දැකලා නැතිඋං...

      Delete
  9. නියමෙට තිබිබා...
    මගේ පළමු වතාව!......

    ReplyDelete
    Replies
    1. එල නේ..
      ලබන පාරත් එමු ඈ....

      Delete
  10. අනේ පල පල අවුරුදු කුමාරයා තරඟෙට ලේස්තිවෙලා ඇවිල්ලා අපිට දැන් බයිලා ගහනවා... හෙක් හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. මං මේ අවුරුදු කුමාරයා තරඟෙට ගිය අවුරුද්දේ ඉදං ලෑෂ්ටි උනේ...
      අපරාදේ...

      Delete
  11. මගෙත් තුන් කුළුදුල් සහභාගීවීම ..

    ReplyDelete
  12. එල එල ..ඉතින් මොනවද කරපු සෙල්ලන් ..
    එන්න බැරි උන අය වෙනුවෙන් මුකුත් සඳහනක්
    නැද්ද ..?

    ReplyDelete
    Replies
    1. බනිස් කෑවා, මුට්ටි බිංදා, කෙල්ලෝ බැලුවා, අලියට ඇස් ගැහුවා, නැටුවා, කඹ ඇද්දා, තව දවල්ට බත් කෑවා...

      Delete
  13. වලි කියන්නේ ඕවටද බන්,...

    ReplyDelete
    Replies
    1. එවුවට වලි කියන්නත් බෑ..
      නමක් කල්පනා කරලා කියන්නං ඈ...

      Delete
  14. දුක තමයි රන්ජනී.ඊලග පාරවත් මට යන්න ලැබේවා>

    ReplyDelete
    Replies
    1. ජී මන්ජු පේන්නේ හරියට ජුමන්ජි වගේ..
      ඊලග පාරවත් එන්න ලැබේවා...

      Delete
  15. මල්ලල්ලෑ,, අවුරුදු කුමාරයෝ දෙන්නා වේලාසන ආවනේ..

    ReplyDelete
    Replies
    1. අවුරුදු කුමාරයා කිව්වේ මටද????????

      Delete
  16. Replies
    1. පිස්සුද බං මූ ආවේ නැ

      Delete
    2. ඒ කියන්නෙ ආපු එව්වොද අඩන්නේ?

      Delete
    3. ආවේ නෑ නේ වීයා...
      අපරාදෙනේ...

      Delete
  17. මදී මදී ............... වලිය ගැන ලියවිලා තියෙනවා මදි බං

    ReplyDelete
    Replies
    1. උබ ඇවිත් ලයිව් බලන්න එපැයි ඕයි..
      අපිට බෑ ඔව්වා කියවලා ගුටි කන්න...

      Delete
  18. අපි නම් ආවා...අද දවස නම් නියමයි..අළුත් බ්ලොගර්ස්ලා ගොඩාක් අදුනගන්න ලැබුනා...පුලු පුලුවන් විදිහට එයාලගේ බ්ලොග් වලටත් ගොඩවදින්න ඕන..ගියපාර වගේ එක පෝස්ට් එකක් කවුරුහරි ලියලා සිහින උළෙල ගැන ලියවෙන සේරම පෝස්ට් එකට ලින්ක් කරන්න පුලුවන් නම් නියමයි...

    ReplyDelete
    Replies
    1. එකෙන්ම

      Delete
    2. ගවේෂකනං ගවේෂකීවත් එක්කං ඇවිත් තිබ්බේ....

      Delete
  19. පට්ටම පොටෝ එක :D

    ReplyDelete
    Replies
    1. හැහ් හැහ්.....
      ටැංකූ ඈ...

      Delete
  20. හවස් වරුවේ ආවා..
    (පොලිසියට :D)
    නාඩියයි තහනමයි උමයි සෙට් වුනා.බොලාලව මිස් වුනා :/

    ReplyDelete
    Replies
    1. උබලත් එන්නේ වලි ගියාට පස්සේ තමා..
      සාමකාමීව තැනකට ඇවිත් හැසිරෙන්න දන්නෑනේ...

      Delete
  21. චැහ් ... මම හිටියනම් ගලෝනව සරම ඔළුවෙන් උඹේ.

    බලාගෙන උඹ සරම් ඇඳන් පාරෙ යන්නෙ, පොලිස් අන්කල්ල ගහයි බොට දඩ. මතකනේ නීතිය.

    ReplyDelete
    Replies
    1. හෑ...
      මේ සිංහල අපගේ රටේ සරමක් ඇදගෙන යන්න නෑනේ බොලේ...

      Delete
  22. ela ela
    2014di munagahemu
    edata mokadda adagena enne thariyo

    ReplyDelete
    Replies
    1. එදාට අදිනවා මං වෙයිට්ටියක්....
      අනුෂ්කාවත් එක්කං එනවා...

      Delete
  23. Replies
    1. පාර කියන්නේ බං නිකං හයි වේ වගේ නේ...

      Delete
  24. උඹ ඇවිදිනකොට ලලනාවක් වගේ ඇඟ පොඩ්ඩක් අඩු කර ගනින්

    ReplyDelete
  25. හරිම ලස්සනයි උඹ අද ඈ! කොහෙන් කැපුවත් කිලෝ එකයි!!!

    ReplyDelete
    Replies
    1. ඉල්ලුවනං මං උබට දෙනවා කිලෝ දෙකක්ම...

      Delete
  26. Replies
    1. ආ කුප්පයා ඇවිත් තියෙන්නේ වලි බලන්න...
      හූ ඈ..
      වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න..

      Delete
  27. මම නම් මේවා දැක්කවෙත් නෑ. මේ ඔයාල කවුද ආ..?

    ReplyDelete
    Replies
    1. අපිද.. අපි මේ මෙයාලා..
      ඇයි ඔයාලා මොනා කරන්නද??????

      Delete
  28. අර වලියනම් එහෙමම තමා වෙන්නඇත්තෙ...අපි හිටියෙ නෑ ඒ වෙලාවෙ.....

    තරිය සරමට හැඩයි, තනියකුත් නෑනෙ...කම්බායක් ඇන්ද වර්ණත් හිටියනෙ.

    ReplyDelete
    Replies
    1. වර්ණ අක්කත් හිටියා පස්සේ චමීරයත් ආවනේ...

      Delete
  29. Replies
    1. උත්සවේට ආවෙයි???????

      Delete
    2. ආවේමිය , ඔබතුමා සමග කතාත් කෙරුවෙමිය, සරම හැඳගෙන සිටි නිසා අමතක වූවාදැයි නොදනිමිය.

      Delete
  30. හෙහ් හේ..... එකත් එල ඈ... වලිය වෙලේ අපි අභ්‍යවකාශ ගත වෙන ගමන් හිටියේ :P

    ReplyDelete
    Replies
    1. නෙදකිං...
      තොපිට මතිං තොර ලොවක් නෑනේ...
      අපිව බලලා ආදර්සෙට ගනිංකෝ...

      Delete
  31. මඩක් බලන්න නැතුව අපි වේලෙනව බං!

    ReplyDelete
  32. මේවා ඉතින් ගම්බාර දෙයියොම බලාගනිත්වා...

    ReplyDelete
  33. කෝ බූරුවෝ වලියේ විස්තර ???

    ReplyDelete
    Replies
    1. ඇයි බූරුවෝ දැක්කේ නැද්ද????????

      Delete
  34. එළම තමා තරියා මලයා.....

    ReplyDelete
    Replies
    1. එල එල නලීන් අයියා!!!!!!!!!

      Delete
  35. අපෝ මෙච්චරද අනේ කෝ මඩ.............එන්න බැරි වුණාට ගියා වගේ තමා පෝස්ට් දැක්කම..............තව පොටෝ කෑලි ගත්තුව දාන්නෝ

    ReplyDelete
    Replies
    1. ෂිකේ ෂිකේ ඔයා සරමක්ද ඇදගෙන ගියේ.........දැක්කෙ නැතත් අපිට ගම්පහ දැකල හුරු නිසා ඒ මූනට සරමක් දැම්මම නිකම්ම හිනා යනවෝ.............හූ................

      Delete
    2. ඇයි දෙයියනේ අපිට සරමක් අදින්න බැරිද....
      මඩ ඊලග එකෙං දුන්නා ඈ...

      Delete
  36. ඔන්න මූට හිට්ස් ගලනවා.......අපි කතා උනෙ නේ බං ^_^

    හැමෝටම සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ වගේ තැනක වලියක් ගියාම අපි ප්‍රයෝජනයක් ගත්තේ නැත්තං ඒ ගහගත්තු මිනිස්සුත් පවුනේ බං...

      Delete
  37. This comment has been removed by the author.

    ReplyDelete
  38. වලියක් යයි කියල බලාගෙන හිටපු එව්වො චාටර්

    ReplyDelete
  39. අන්තිම මොහොතෙ හරි අඳුනගන්න ලැබුනට සංතෝෂයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ..
      ආයේ සෙට් වෙමු ප්‍රසන්න අයියා!!!!!

      Delete
  40. තරියාගේ බොදවූ අවුරුදු කුමරා සිහිනය.

    ReplyDelete
    Replies
    1. ඒක බොද වෙලා කියන්නේ කීතු කීතු වෙලා ගියා....

      Delete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????