ක්ලාස් එකෙත් ඊයෙ අමාරු පාඩමක් කලාලු බං...
කව්ද කිව්වෙ????
ලැම්බට්.... ඊයෙ තිස්සයා පංතියෙ පිස්සු කෙල කෙල ඉගැන්නුවලු... පට්ට ෆන් එකක් දුන්නා කියන්නේ...
ඒ යකා රෙද්ද අපි නැති දවසටමයි බං හොද පාඩං ඔක්කොම උගන්නන්නෙ.... මාධවයා එහෙම කියාගෙනම බෝතලේ හිස් කරලා දැම්මා....
ඒක නෙමේ. දැං මුං ඩේ එකට එන්න කිව්වෙ කවද්ද බං?????
මන්දා බං. අපේ වැඩ දැං ඉවරනෙ පැත්තකට වෙලා ඉමු. උංට ඕනනං කියයිනෙ.
ඒ උනාට බං හම්බවෙන්නවත් තියෙන චාන්ස් එකනෙ....
දැං හම්බවෙන්න ඉස්කෝල අස්සෙ රිංගන්න ඕනෙ නෑ බං.... ක්ලාස් දවසට සෙට් වෙන්න පුළුවංනෙ. පුසාට බෝලෙ බස්සලා වේලස්සන ක්ලාස් එකෙං පයිමු. වෙනදට අපි ක්ලාස් එකේ ඉන්න නිසානෙ හම්බවෙන්නෙ නැත්තෙ....
හ්ම්ම්ම්.. එහෙමවත් කරමු එහෙනං.
එල ඔය බිල ගෙවල වරෙං හොද එකා වගේ....
නොදකිං තෝ හැමදාම නිකං කනවා බොනවා පෙරේතයා....
උබේ පාටියනෙ මේක. උබ ගෙවහං. හි හි. මාධවයා සුමනෙටත් අත වනාගෙනම බෑග් එක අරං පල්ලෙහාට බැස්සා..
මමත් අතේ ගුලි කරං හිටපු පනහයි විස්සයි කැෂියර් එකට ගෙවලා ඉක්මනටම පහලට බැස්සා...
හරි එහෙනං මං යනවා..... හෙට සෙට් වෙමු... කියලා හැරෙනවත් එක්කම ඉස්සරහට ආපු තිස් පහේ එල්ලිලා මං ගෙදර ආවා.......
------------------------------------------------------------------------------------------------------------------
උදේ පාන්දරම ඉස්කෝලෙට ඇවිත් වාර්තා පොතේ අත්සං කර කර ඉන්නකොට මාධවයත් කම්මැලි කමේ වැනි වැනි එනවා දැක්කා..
දැංද උබ ආවෙ?
නෑ බං. අද ප්‍රයිමරි ගේට් එකේ ඩියුටි වැටුනෙ. කම්මැලිකමේ හිටියා එතන ඉතිං. මාධවයා කොන්දට අත තියං හිරි අරින ගමංම කිව්වා..
එල එල. මේ ලතා අදත් ඇවිල්ලද මන්දා නේ?
අනේ මන්දා බං. අපි මාර බුවාල තමා. ඉගෙන ගන්න ඉස්කෝලෙ එනවා. ඒත් ප්‍රාර්ථනා කරන්නෙ ටීචස්ලා එන්නැතිවෙයං කියලා.
අපි දෙන්නම හිනාවේගෙනම පන්තිය පැත්තට එනකොට ලතා මැඩම් පාඩම පටං අරං තිබුනා...
නොදකිං උදේ පාන්දරම පටංගෙන නේ බං? මාධව මූන ඇඹුල් කරං නැවතුනා..
හ්ම්ම්ම්...
ෆස්ට් එක කට් කරලා බයෝ පීරියඩ් එකේ එමුද?
වැඩක් නෑනෙ බං. මගුල් රෙජිස්ටරේ මාක් කරනවනෙ. ඕකට බිංදුව වැටුනොත් ආපු එකෙනුත් වැඩක් නෑ. ඔන්න ඔහෙ යමු.
පන්තියෙ දොර ගාවට ගිහිං දෙන්නම පන්තියට ඔළුව දාලා බැලුවා,
හවුස් ෆුල් වගේ.. අදනං ඉස්සරහා ඉන්න එක ඇගට ගුනයි මචං..
පන්තියට යන්නැතුව දෙන්නා දොර ගාව ඉන්න නිසා එහා පන්තියේ සර්රුත් පාඩම නවත්තලා අපි දිහා බැලුවා...
යං යං.. මං මාධවයත් ඇදගෙනම පන්තියට ගියා..
හවුස් ෆුල් වගේ.. අදනං ඉස්සරහා ඉන්න එක ඇගට ගුනයි මචං..
පන්තියට යන්නැතුව දෙන්නා දොර ගාව ඉන්න නිසා එහා පන්තියේ සර්රුත් පාඩම නවත්තලා අපි දිහා බැලුවා...
යං යං.. මං මාධවයත් ඇදගෙනම පන්තියට ගියා..
ලතා මැඩම්ටත් ගුඩ් මෝනිං කියාගෙනම අකමැත්තෙං උනත් ඉස්සරහා පේලියේ හිස් වෙලා තිබ්බ ඩෙස් දෙකේ ඉදගත්තා..
මෙහෙම පරක්කු වෙලා ඇවිත් අන්තිම පේලියේ නැත්තං බැල්කනියේ ඉඳගත්තොත් උදේ පාන්දර ලතාගෙං බලු බැනුං කියලා මුළු සෙක්ෂන් එකම දන්නවා..
ස් ස්. ඕයි.
පිටිපස්සෙං ආපු ෂ් පාරට මාත් හැරිලා බැලුවා...
අඩෝ තොපි අරුංගෙ ඉස්කෝලෙට රිංගුවා කියන්නෙ ඇත්තද? කොටා ඩෙස් එකේ දිගා වෙලා එපා කරපු බැල්මක් දාගෙන බලං ඉන්නවා...
ඒ උබට කව්ද කිව්වෙ? මාත් ඔළුවත් පහත් කරගෙන රහසිං ඇහුවා...
මඩුගල්ල.....
හුටා ලතාට මාට්ටු..![]() |
තමුසෙලව කව්ද ප්‍රිෆෙක්ට්ලා කලේ |
තමුසෙලව කව්ද ප්‍රිෆෙක්ට්ලා කලේ? බලනවා කලාතුරකිං තමුසෙල පංතියට එනවා. ඒ එන හැමදාම පංතියට පරක්කුවෙලා එන්නෙ. ඒ මදිවට පාඩම අහගන්නැතුව ආපු වෙලාවෙ ඉදං කයිය. ලැජ්ජ නැද්ද අයිසෙ?
ලතා උදේ පාන්දර හොරනෑව ගහනවා...
සොරි මැඩම්. තව මොනා හරි කිව්වනං රෙදි ගැලවෙන්නම අහගන්න පුළුවං බව දන්න නිසා ඔළුව පහත් කරං හිටියා.
තමුසෙලට ඉගෙන ගන්න ඕන්නැත්තං කරුණාකරලා ගෙදර ඉන්නවා. නිකං අපේ කාලෙ නාස්ති කරන්නැතුව.
ඕකට ඉතිං ඔච්චර කෑ ගහන්න ඕන නෑනෙ. මං මටම කියා ගතිමි.
තව මොනාද මොනාද කිව්වා, මං ඉතිං ඔව්වා අහං හිටියේ නෑ.. ඩෙස් එකේ ලියලා තිබ්බ කවි කියෙව්වා...
මෙන්න මේ ප්‍රශ්නෙ ලියගෙන දැං උත්තර ලියනවා කියලා ලතා මැඩම් බෑග් එකත් අරං පන්තියෙං ගියා..
කවි කියවන අතරේ ලතා බෝඩ් එකේ ගානකුත් දාලා...
කවි කියවන අතරේ ලතා බෝඩ් එකේ ගානකුත් දාලා...
මාධවයා දිහා බලනකොට ඌත් ඉන්නවා අත ඔලුවේ ගහගෙන..
A හා B නම් දුම්රිය දෙකක් සමාන්තර දුම්රිය මාර්ග දෙකක් දිගේ එකම දිශාවට තත්පරයට මීටර් 20ක හා තත්පරයට මීටර් 15ක ප්‍රවේග වලින් ගමන් කරයි. B දුම්රිය මීටර 400 ක් දිගය. A දුම්රිය මීටර 100ක් දිගය. A දුම්රියට B දුම්රිය සම්පූර්ණයෙන් පසු කිරීමට ගතවන කාලය සොයන්න. එම කාලය තුල A දුම්රිය ගමන් කල දුරද සොයන්න.
![]() |
A වේවා B වේවා මොන දුම්රිය ගියත් ලතා අපටම පව් දෙයි. |
දෙපැත්තේ ඉන්න ලොම්බයි දිනෙතුයි පිස්සු බල්ලෝ වගේ දඩි බිඩි ගාලා ගාන ලියාගෙන ඔළුවත් පොතටම හරවං හදාගෙන හදාගෙන යන්න පටං ගත්තා, හරියට ඊලග තප්පරේ බෝඩ් එක මකනවා වගේ.. වෙනදා වගේම විනාඩි පහක් විතර වට පිට බල බල ඉදලා ලොම්බා ඉවර උනත් හරි උගේ පොත බලාගෙන මමයි මාධවයි අච්චු ගහන්න පටං ගත්තා..
දවස් දෙකක් කියන්නෙ ලොකු කාලයක් බං. බලහං ඉතිං මේ පාඩමත් අපිට බෑනේ.. ඇයි බං අපිටත් මුං වගේ පයිතො* වෙන්න බැරි??? මාධවයා ලොම්බව පෙන්නලා කියනවා, ලොම්බත් මාධවයා දිහා බලලා කිංඩි හිනාවක් දාලා කණ්නාඩි දෙක හදාගෙන පාස්ට් පේපර්ස් පොතක් පෙරලගත්තා..
------------------------------------------------------------------------------------------------------------
අමාරුවෙන් උනත් ෆිසික්ස් පීරියඩ් දෙක ඉවර කර ගත්තා.
බයෝ කරන උං ෆිසික්ස් වලට මෙච්චරම අකමැති ඇයි කියලා හිතා ගන්න බැරුව ඇති නේ බං මේ අධ්‍යාපන අමාත්‍යාංශෙ එවුංට.. නැත්තං බයෝ කෙමෙස්ට්‍රි එක්ක මේ මඟුලම දායියැ..
කියලා වැඩක් නෑ.. වරෙං පස්සට යන්න.. මාධවයා බෑග් එකත් අරං පිටිපස්ස පේලිය පැත්තට ගියා..
කියලා වැඩක් නෑ.. වරෙං පස්සට යන්න.. මාධවයා බෑග් එකත් අරං පිටිපස්ස පේලිය පැත්තට ගියා..
මැරියං තොපි. රෙද්ද. තෝ නිසා තව පොඩ්ඩෙං අද දනිං තමා පීරියඩ් දෙකක් ඉන්න වෙන්නෙ. කොටාගේ පුටුවට පයිං එකක් ගහගෙනම මම කිව්වා..
අපි නෙමේ තොපි මැරියං. හෙන ගහලම මැරියං. ඇයි යකෝ නිකංවත් හිතුවද විස්කියට පයින්න කලිං යාළුවො කියලා ජාතියක් ඉන්නවා කියලා? බලපං. අපිත් එනවනෙ කිව්වනං. කොටා ශෝක මූඩ් එකෙං කියාගෙන කියාගෙන ගියා..
රෙද්ද උබලට කව්ද ඕක කිව්වෙ. අනික අපි ඒ මගුලට ගියේ නෑ බං. දේවි එකේ වැඩකට ධම්මිකා තමා අපිව එක්ක ගියේ. මාධව අන්ඩ නවපු පුටුවක් පන්තියේ අයිනකිං හොයාගෙන එන ගමං කිව්වා.
![]() |
කව්ද කියන්නෙ? අපි ගියේ කාසල් |
මොන මගුලක හරි යන තැනක අපිව එක්ක යන්න එපැයි. ලැම්බටුත් සාකච්චාවට සෙට් උනා...
යකෝ ඒකෙ ප්‍රින්සිපල් අපේ අම්මා කියලා හිතුවද? ඉස්කෝලෙ වැඩකට බං ධම්මිකා අපිව එක්ක ගියේ. උබලව එක්ක යන්න පුළුවං ඒවට අපි එක්කං යනවනෙ. ආයෙ සමහරක් විට ලගදි චාන්ස් එකක් එයි. ඒකට පුළුවං උනොත් එක්කං යන්නං....
වැඩක් නෑ ආ.. එකට කෑවත් උබලගෙ උන්ඩුකපුච්චෙ වෙනස්ලුනෙ. කොටා කිව්වා... ඒක නෙමේ ඊයෙ කෙමෙස්ට්‍රි ඇසෙස්මන්ට් එකක් දුන්නා බං.
ඉතිං උබලා මොකෝ කලේ?
ලැම්බයි මමයි විතරයි ඊයෙ හිටියෙ ධම්මිකා උබල දෙන්නව යැව්වා කියලා දන්න නිසා අපි උබලව ගොඩ දාන්නෙ නැතුව කසුන්වයි බන්ඩවයි ෂේප් කරා.
This comment has been removed by the author.
ReplyDelete//ජීව විද්‍යා සිසුන් කෙතරම් භෞතික විද්‍යාවට කැමතිදැයි ජීව විද්‍ය සිසුන්ගෙන්ම අසා දැනගන්න//
ReplyDeleteගණිත අංශයේ සිසුන් කොතරම් රසායන විද්‍යාවට කැමති දැයි මගෙන් අසා දැනගන්න
මම එක වගේ නේ .
අනික සතියට පාරක් වත් මේ කතාව ලියපන්
||ගණිත අංශයේ සිසුන් කොතරම් රසායන විද්‍යාවට කැමති දැයි මගෙන් අසා දැනගන්න||
Deleteapoy ඔවු බන් ගෙඩිය පිටින් කරුමයක් ..
උංට කෙම අවුල් අපිට ෆිසික්ස් අවුල්...
Deleteපජාතයි මලයා ගුරුවරියකට නම කියමින් ඇමතීම. මේක කතාවක් වුවත් එසේ කිරීම හරි මදි.
ReplyDeleteඒක නම් එහෙම තමා නලීන් අයියා. ඒත් ගුරුවරු නැති තැන කොල්ලො (මම හිතන්නෙ කෙල්ලොත් එහෙමයි) කතාකරන්නෙ ඔහොමනේ. එහෙම නැතිව දැම්මම නිකන් අභව්‍යයි වගේනේ. හුඟක් වෙලාවට නමවත් කියන්නෙ නෑ, ආරූඪ නම තමා කියන්නෙ. වැඩේ කියන්නෙ ගුරුවරුත් හොඳට දන්නවා තමන්ගෙ රෙජිස්ටර් නම මොකක්ද කියල.
Deleteඅපි හයේ පන්තියෙ ඉද්දිද් ඉංගිරිස් ටීචර්ට (ටිකක් වැඩ වැඩි ලස්සන අක්කියෙක්) පිටිපස්ස හැරිල බෝර්ඩ් එකේ ලියද්දි පාචනේ කියල කෑ ගහල අන්තිමට මුළු පන්තියම ප්‍රින්සිපල්ගෙන් ගුටි කෑවා. ඉස්කෝලෙ කාලෙදි ඕවා එහෙම තමා.
@ නලීන් අයියා..
Deleteහරිනං නෑ තමා..
ඒත් අපි ඔයිට වඩා සැර නම් දාලා තිබ්බා සර්ලට ටීචර්ලට..
තරහකටත් වඩා ෆන් එකටයි ආදරේටයි...
@ DDT
Deleteඔව් මාත් එහෙම ලියලා බැලුවා.. ඒක හරි ආටිෆිෂල් ගතියක් දැනුනා..
ඉතිං මෙහෙම ලිව්වා...
බලමු ඉස්සරහට ඒ ගතිය ටිකක් අඩු කරගන්න...
//ජීව විද්‍යා සිසුන් කෙතරම් භෞතික විද්‍යාවට කැමතිදැයි ජීව විද්‍ය සිසුන්ගෙන්ම අසා දැනගන්න//
ReplyDeleteහරිනෙ බං ඉතිං. ඇප්ලයිඩ් මැත්ස්වල මොන්ටිසෝරි ටයිප් ගනන් ෆිසික්ස්වලට හෙන පත ගනන්. ඉතිං බයෝ එවුන්ට මල පනින එක අහන්න දෙයක්ද.
මේක අහන්නෝනි සිසුවියන්ගෙන් බං.. බයෝ කෙල්ලො ඇස් කටේ දාගෙන පුස්සැල්ල සර් දිහා බලාගෙන ඉන්නෙ :ඩී
Delete@DDT
Deleteහොල්මංද පොල්කොල වගේ..
ඒ මදිවට එන්නෙත් මැත්ස් සෙක්ෂන් එකේ ෆිසික්ස් මැඩම්..
තවත් කොර ඉතිං...
@ සෑමා..
Deleteඋං නං තේරුනත් නොතේරුනත් ඉන්නෙ එහෙමනේ...
විශේෂයෙං සයන්ස් කෙල්ලෝ...
අම්මප මම බයෝ කලත් කෙම් තමා පේන්න බැරි.ෆිසික්ස්නම් එළ.උබත් පුස්සගෙද ෆිසික්ස් ගියේ :D???
ReplyDeleteපුස්සගෙත් ගියා...
Deleteවිභාගේ පාස්වෙනවාද???
වෙනවාමයි!!!!
සේරෝ එකයි,,, අපිනන් පීරියඩ් කට් කරල තාප්පෙන් පැනලා.. ලඟ පාත තිබ්බ ඕනි අවටියල් වැඩක් කරන්න පුළුවන් යාලුවෙක්ගෙ ගෙදරක්.. එහෙට ගිහින් ඉතින්. ලල ල ලලහ්හ් තමයි ^_^
ReplyDeleteඅපෝ ජරා ළමයි...
Deleteමෙක දිගටම දාපන් බන්.
ReplyDeleteඅනිවා මචං!!!!!!
Deleteකිව්වත් වගෙ මේ කතාව සතියකට එක කොටසක් වත් දාපන්කො මලේ.. සාමාන්‍යයෙන් මං කොටස් දිගට යන කතා වලට කැමති නෑ. ඒත් මේ කතාව යන විදිහට ආසාවෙන් කියවනවා.
ReplyDeleteඒක නෙවෙයි, තරියා ට්‍රැක්ටරයක් ගත්තද.. එල ආ.. :D :D
ටැක්ටරේ මගේ නෙමේ පොලීසියේ....
Deleteහැකස්..
වෙලාවත් එක්ක දාන්න තමා අවුල...
බලමුකෝ...
මොන මගුලක්ද බං ටිචර්ට නම කියන්නේ.. සැහ්. ඒක නං විකාරයි..
ReplyDeleteසිරාවට???
Deleteඑතකොට උබලා ටීචර්ට නම කියලත් නෑ ප්‍රින්සිපල්ට පිනා කියලත් නෑ.. ^_^
අයියෝ මේ ළමයි ඉස්කෝලෙ ගිහින් තියෙන්නේ ගෙදරින් කියන නිසාද කොහෙදගග!!
ReplyDeleteකියලා වැඩක් නෑ අප්පා..
Deleteමුංව යැවුවට වඩා හොදයි කාක්කන්ට ආප්ප අරං දුන්නනං..
අඩො මේ සිරා නේ :පී
ReplyDeleteසිරා සිරා..
Deleteහැකස්...
කටවහං හිටු...
මමත් බයෝ කලේ හැබැයි මට පේන්නම බැරි කෙමිස්ට්‍රි
ReplyDelete