![]() |
පළවෙනි දවසේ එකතු කොරපු කුණුත් එක්ක අපි කස්ටිය |
පෝයට පන්සල් යන එක සාමාන්‍ය බෞද්ධයාගේ
සිරිතයි. සාමාන්‍ය එවුං අතරේ අසාමාන්‍ය උං ඇත. උන්ට කැසිල්ලය, ගාය ය, තව බොහෝ දෑ
ඇත. එහෙම උං ටිකක් ඊයෙයි පෙරේදයි අනුරාධපුරේ මහමෙව්නා උයනේ විසිරිලා තිබුන අපේ සාමාන්‍ය බැතිමතුන්ගේ කුණු ඇහිලුවා.
![]() |
කොහොමද සුද්දේ තරම |
කුණු කිව්වට ගොඩක්ම පොලිතින් බෑග්, ප්ලාස්ටික්
බෝතල්, ටොපි කොළ, පැනඩෝල් පෙති වල ප්ලාස්ටික් ආවරණ, බත් ඔතලා තිබුන ලන්ච් ෂීට් වගේ
එව්වා තමා.
කුණු දාපු එවුංට ප්‍රසිද්ධියේ බනින භූමි... |
මේ වැඩේ සංවිධානය කරේ Wild reach කියන පරිසරකාමී
සංවිධානය. මට වැඩේට ආරාධනා කරේ රැවුල් හසික හෙවත් ඇලෙක්ස් කොලුවා.
අපිත් එක්ක ගියා ගයනි අක්කා, ජීවා අක්කා,
දෙසා හෙවත් නූතනයා ඇතුළු රූ සමූහයේ ගොඩක් දෙනෙක්. මමයි විලක්කුවේ දිනෙල්කයි තමා
කෝඩුකාරයෝ විදිහට සැට් එකත් එක්ක එක්කහු උනේ..
21 වෙනිදා පාන්දර කෝච්චියේ නැගලා
අනුරාධපුරේට යනකොට 11.30 විතර උනා ඉතිං. මග දිගට පිස්සු නට නට ගිය ගමන ජීවිතේ ලබපු
තවත් එක සුන්දර මතක සටහනක් තමා...
පලවෙනි දවසේ ගිය වෙලාවේ ඉදන් හවස් වෙනකංම
මහමෙව්නාවේ තිබ්බ චූටිම චූටි ටොපි කොලේ හිටං දොන්ත පදං ප්ලාස්ටික් කෑලි බියර් ටින්
ගල් බෝතල් පවා අපේ කණ්ඩායම කොදු කඩාගෙන ඇහිලුවා.
කුණු එකතු කර හති අරිමිං... |
දවස අවසානේ නුවර වැවේ බැහැලා තිබ්බ ඇගේ
අමාරු ඔක්කොම දිය කරලා දාලා අපේ නවාතැං පොලට ගිහිං බඩ පැලෙන්න කාලා ඉන්නකොටම
කස්ටියටම ධනුෂ්ක බාලසූරිය හෙවත් සුදු අයියා ඡායාරූපකරණයේ වටිනා කියන මූලික
සිද්ධාන්ත ටිකක් කියලා දීලා අපේ සබං පෙට්ටි කැමරා වලිං එල කිරි කොලිටියට ෆොටෝ ගන්න
හැටිත් කියලා දුන්නා. එව්වනං ඉතිං අපි වගේ කබ්බන්ට මහමෙරක් ඈ...
පහුවෙනිදත් සුපුරුදු රාජකාරියම කරලා අපි කීප
දෙනෙක් කොළඹ එන්න පිටත් උනා. ආවා වගේම යනකොටත් කෝච්චියෙම යන්න ලෑස්ති කරං හිටියත්
අති විශාල ජනකාය නිසා කෝච්චි ගමන ගැන අදහස අත්තැරගෙන බස් එකේ එන්න ලෑස්ති උනා.
ගයනි අක්කත්, දෙසාත්, දඟයා පවර් හෙවත්
ගයානුත්, දිනෙල්කත් මමත් බස් එකේ එන්න පිටත් උනා.....
ඕක තමා ඉතිං අනුරාධපුරේ කතාව... ඒත් ඒ අතරේ
වෙච්ච පොඩි චූටි සැලකිය යුතු නැති හිච්චං ලා චෝරු සිද්ධියක් අල්ලගෙන අර සවලෙං
රංකිරි කට ගාපු දඟයයි, බොරු මැජික් පෙන්නන දිනෙල්කයයි අසත්‍ය ප්‍රකාස නිකුත් කරන
නිසා මං ඉතිං ඇත්තම කතාවත් කියන්න තීරනේ කොලා ඈ...
අපි බස් එකේ නැගලා කොළඹ එන්න පිටත් උනානේ.. ඔය
අතරේ තමා ඉතිං මට අර සමරිසි අයියා කෙනෙක් සැට් වෙන්නේ හරිය. ඌ මං නිදා උන්න වෙලාවේ
කකුලට තට්ටු දාන්න පටං ගත්තා, මං ඉතිං තත්වය අන්ඩ කොන්ටෝල් කරගෙන හිටියා මිසක් ඌට
ඉතිං බයින්න කරන්න ගියේ නෑ.. මං ඉතිං අහිංසක විදිහට ගඳ දඟයගෙනුයි හුචක්කු විලක්කු
දිනෙල්කයගෙනුයි ඇහුවා සබ්ජෙක්ට් කාරයෙක්ට මොකද කරන්න ඕනා කියලා. කවදා කාපු ටකරංද
ඕවා... මුං එතන ඒ යකාව අපහසුතාවෙට පත් කරලා පිස්සු නැටුවා ඈ.. ඔන්න ඕකයි උනේ...
-නිමි-
ප.ලි - අවස්ථාවට එක්කර ගැනීම පිළිබඳ මාගේ බලවත් ස්තූතියත්, සත්කාරය සදහා ශ්‍රමයෙන් ධනයෙන් සහ හැකි සෑම ආකාරයෙන්ම උදව් කල සියළු දෙනාටම පින් දෙමින් සහ තවත් මෙවැනිම සත්කාර සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය වයිල්ඩ් රීච් කණ්ඩායමට ලැබේවායි ප්‍රාර්ථනා කරමි..
මේ වගේ දේවල් අපටත් කියහාං මලයා.. උතුම් වැඩක්නේ ...
ReplyDeleteඅනිවාර්යයෙන් තව පාරක් සෙට් උනොත් කියන්නං..
Deleteමේ පාරත් මම කීප වතාවක්ම ෆේස් බුක් එකේ දැම්මත් බ්ලොග් එකේ දාන්න බැරි උනා...
අවසාන පරිජේදයේ සත්‍ය කථාව අද රෑට බලා පොරොත්තු වන්න !!!!! ( මොනව උනත් ඒක නං මංචං සල්ලි වලට ගන්න පුළුවං විදිහේ අද්දැකීමක් නෙවෙයි ..... උඹලගේ නෑයෝ එනකං ටවුමේ රස්තියාදු ගහපු හැටි , දාතු කරඩුවේ කථාව , බලිකා පචයා සහ බස් ගඳයා ගේ සීන් ටික .... කෝච්චියාගේ ආතල් එක . උඹ ඇලක් කියලා පත කුණු කාණුවකට කකුල් ඔබාගෙන හිටපු එක ..... ඒවා නිකං හම්බ වෙන අද්දැකීම් නෙවෙයි බං ....
ReplyDeleteමොනව නැතත් අපරාදෙ කියන්න බෑ සුපිරි යාළුවෝ සෙට් එකක් හම්බවුනා. ඒක දාහෙන් සම්පතයි බං
කෝ නිකං හම්බුන්නැති අත්දැකීම් උබ දැම්මේ නෑනේ....
Deleteආයේ සෙට් වෙමුකෝ...
උඹ බෝලේ වගේ ඉන්න හින්ද ඌට ආස හිතෙන්න ඇති :D :D
ReplyDeleteඅනේ මංදා ඉතිං එව්වනං....
Deleteකුණු අහුලන එක හොඳ වැඩක්.. කුණු නොදා ඉන්න පුළුවන් තැනට අපේ උන්ගේ ආකල්ප හදා ගන්න පුලුවන්නම් ඊට වැඩිය ලොකු වැඩක්.. එහෙම වුනානම් උඹලට ඔය සමරිසි කරදරත් නෑනෙ.. :D
ReplyDeleteඉතින් ඔය එකතු කරපු කුණු කොහෙටද දැම්මෙ ?
ඒක ඇත්ත ඒක ඇත්ත....
Deleteඅපි කුණු එකතු කරේ වෙන වෙනම කලු බෑග් වලට..
ඉතිං එව්වා ප්‍රතිචක්‍රීකරණය කරන්න ලේසියිනේ...
නගර සභාවටම තමා දුන්නේ...
ආ .... ඔවුව හොඳ වැඩ කොලුවො.
ReplyDeleteදෙයියනේ ... තරියට මොකුත් අතවරයක් උනාවත්ද. හංගන්නෙ නැතුව කියපං කොල්ලො. වෙන මොකුත් අපහසුතාවයක් නෑනේ. :D
නෑ නෑ වෙන මුකුත් උනේ නෑ.... ^_^
Deleteඑල කොල්ලෙක් නේ
ReplyDeleteඑත් පොඩි අවුලක් කෝ කතාව අර කොටස් බර ගානක් ලිවුව
ඔන්න දැම්මා...
Deleteතනියෙම ගියහම හරි ඉතිං
ReplyDeleteඑනිවේ.. ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
කිව්වට එන්නෑනේ....
Deleteබොහොම හොඳ වැඩක් මල්ලි...
ReplyDeleteපුළුවන්නං ආයේ දවසක මෙහෙම දෙයක් කරද්දි,
පොඩි දැනුවත් කිරීමක් කරන්න...
ගොඩක් අය ඉන්නවා මේවට සම්බන්ධ වෙන්න කැමති...
ජයවේවා!!!
අනිවාර්යයෙන්ම....
Deleteජයවේවා අයියේ!!!!!!
ෂා.එළ කිරි පින් අතේ වැඩක් න්.එළ එළ.………
ReplyDeleteඑකතු උණ කුණු වලට මොකෝ කලෙ?
කුණු ටික ඉතිං නඟර සභාවටම තමා... :)
Deleteමෙහෙම හරි පිනක් දහමක් කරගන්න එක හොඳයි
ReplyDeleteහි හි...
Deleteකොයිවෙලාවෙද ෂුවර් නෑනේ නේ..
බොහොම කාලෙකින් මේ පැත්තේ ආවේ. ඒ ආවම හොඳ තොරතුරු අහන්න ලැබීම ගැන බොහොම සතුටු වෙනවා. ඔබ කර තිබෙන්නේ මහා පින්කමක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඔබේ කණ්ඩායමටම පින් දෙනවා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
බොහොම ස්තූතියි විචාරක අයියේ!!!!!!!!!!!
Deleteඉතා හොඳ වැඩක් කට්ටිය කරල තියෙන්නෙ.
ReplyDeleteඇත්තටම කකුළට තට්ටු දාපු එක විතරද උනේ.
හිකිස්..
Deleteඔව් ඔව්..
තට්ටුව විතරයි...
අඩෙ උබල පට්ට හොද වෑඩනෙ කරන්නෙ.උබට කරපු පින එදාම පල දෙන්න හදල තියෙන්නෙ.වටෙ හිටපු ඈයො වෑඩෙ කාල නෙ
ReplyDeleteදිට්ඨ ධම්ම වේදී නේ බං...
Deleteඇඩෙනවා...
ෆේස් බුක් එකෙන් රට හදන ඈයොන්ට ඔන්න කරනවා නම් දේවල්
ReplyDeleteඋං කොයිද බං මේවට එන්නේ...
Deleteඋන්ට බුකියේ වැඩනේ...
Nice job have been done!
ReplyDeleteඕවා තමයි නියම පිං තරියා..:)
ආයෙත් අහලා...
Deleteදෙලොවටම අගේ ඇති වැඩක්. පුණ්‍ය භූමි පිරිසිදු කිරීම මහානිසංස පින් වැඩෙන කරුනු තමයි.
ReplyDeleteනැතුව නැතුව දයා අයියේ...
Deleteඒත් එක්කම ලැබෙන ෆන් එක...
එව්වා බොහොම හොඳ වැඩ..
ReplyDeleteඩෙපිනීට්ලි...
Deleteහොඳ වැඩක් යාලුවා
ReplyDeleteතැංකූ රෙහානි!!!
Deleteමේ විදිහට කුණු එක් රැස් වෙන එක අවම කරගන්න පුළුවන් අපද්‍රව්‍ය එකතු කිරීමට කාර්යක්ෂම ක්‍රමයක් තිබුනානම්..පුළුවන් තැන්වල කසල බඳුන් තියලා ඒවා වෙලාවට හිස් කරනවා නම් මේ ප්රශ්නය බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්...
ReplyDeleteකොහොම වුනත් තරියා හොඳ වැඩක් කරලා අපිත් එක්ක බෙදාගත්ත එක වටිනවා..
තරියා ඇතුළු පිරිස කළේ මහඟු පින්කමක්. ඒ වගේමයි සැබෑම පරිසර හිතකාමියෙක් වුණු බුදුන් වහන්සේට විශාල ගෞරවයක් මේ කණ්ඩායම කරපු බව තමා මගේ හැඟීම
ReplyDeleteහැ..! ඌ කොලඹට එනකංම මුගෙ කකුලට තට්ටු දදාම ඉන්ට ඇති.. :D
ReplyDelete