එෆ් බී එකේ ගෘප් එකක් තියෙනවා ඔන්ලයින් හෙල්ප් කියලා. නොදැන ඉන්න විදිහක් නෑනේ ඉතිං. කොහොම හරි ඔය ගෘප් එකේ මාත් ඉන්නවා.
බ්ලොග් ලෝකෙට එන්න ආසාවක් ඇතිවෙලා මං බ්ලොගර් එකේ එකවුන්ට් එකක් හදන්න හිතාගන්නවා. හිතාගත්තට මදිනෙ. හදා ගන්නත් ඕනනනේ. ඉතිං මං හදන්න බලනවා.
එකවුන්ට් එකක් හදා ගත්තට ඉදිරි පියවර දන්නෑ. ඉතිං මං කලිං කියපු ඔන්ලයින් හෙල්ප් එකෙං අහනවා මෙහෙම.
“යාළුවනේ. මට බ්ලොග් එකක් හදන විදිහ කියලා දෙනවද? ලොකු උදව්වක්“
අහලා විනාඩියක් යන්න හම්බවෙන්නෑ ඒකෙ හිටපු සනෝජ් තරංග කියලා මල්ලි කෙනෙක් මට බ්ලොග් එකකලිංක් එකක් දෙනවා.
මං ඒකට ගියාම ඒකෙ මුල මැද අග බ්ලොග් එකවුන්ට් ගැන සවිස්තරාත්මකව තියෙන ලිපියක් හම්බවෙනවා. අකුරක් නෑර පිලි පදින මම මුලිංම ලිංක් එකෙං --තරියාගේ බ්ලොග් කෙරුවාව--හදාගන්නවා.
හරි හැදුවා. සුළු දෝශ කීපයක් ආවා. නොසෑහෙන්න වද දීලා සනෝජ් මල්ලිට මං ඒවා විසද ගන්නවා.
දැං මං දානවා පෝස්ට්. ඉස්සල්ලම දාපු පෝස්ට් එක මේක. “ඉන්ට්‍රො එක“
කොහොම හරි බ්ලොග් එක නිසාම මං අනිත් බ්ලොග් ලෝකෙ තෝරුංගෙ මෝරුංගෙ මං වගේ හාල් මැස්සංගේ බ්ලොග් පවා කියවන්න ගත්තා.
එතකොට තමා මට ඔය කමෙන්ට් බොක්ස් එක, එක එක නානාප්රකාරයේ විජෙට් ගැන එහෙම ආසාවක් පහල වෙන්නේ. ඕව ඉතිං අහගන්නත් කව්රු හරි ඉන්න ඇපෑ..
මං ඒකට අල්ල ගත්තා සෑමයියව.
සෑමයියා ඉතිං කියලා දුන්නා.
කාලයක් තිස්සෙ සෑමයියට ඇනයක් වෙනතුරු වනයක් වෙමිං විස්තර අහගත් සැටි මට මතකයි ඈ.
අපරාදේ කියන්න බෑ සෑමයියා බෑ නොකියා ඔක්කොම කියලා දුන්නා.
මුල් කාලේ කමෙන්ට් කරන්න ජනකාය නෑ. පෝස්ට් එකක් දාලා දවස් දෙකකිං විතර කමෙන්ට් 4ක් විතර තියෙනවා. එක කමෙන්ට් එකක් බිනූගේ අනික සෑමයියගේ ඉතුරු දෙක ඒවට දාපු මගේ රිප්ලයි.
බ්ලොගක් පටං ගනිං කියලා කිව්වෙ චමා. චමා ඕක මට කීවේ අපේ බැච් පාර්ටිය දවසේ.
බ්ලොග් එක හැදුවේ 2012 පෙබරවාරි. නමුත් ඒක මට මැයි වලදි එපා වෙන තරමටම තාක්ෂණික දෝෂ පැන නැගුනා.
පෝස්ට් එක දැම්මට පෝස්ට් වෙන්නෑ. ඉමේජ් පේන්නෑ.. එක විකාරයයි.
මට මල පැන්නා මං දමලා ගැහුවා. ආයේ ලියන්නෑ කියලා හිතා ගත්තා.
--තරියාගේ බ්ලොග් කෙරුවාව-- අවසාන උනේ එහෙමයි.
කොච්චර අමතක කරන්න හැදුවත් මට ඒකම මතක් වෙන්න ගත්තා.
දැං මේක මට ඇනයක් වේගෙන ආවා.
දවසක් රෑ... මං ඔන් කරා ලැප. වුනා ජාලගත.. හැදුවා අලුතෙං ඊයක්.. දැම්ම නම තරියා කියලා. හැදුවා අළුතෙංම බ්ලොගක්..
ඒක තමයි මේ නූතන ---තරියාගේ කෙරුවාව--
වැඩේ පටං ගත්තෙ මැයි වල මැද.
පටං ගත්තු ගමං පරන බ්ලොගෙං බෑවා ඔක්කොම ෆයිල් ටික.. එහෙම්මම අනිත් පැත්තට අප්ලෝඩ් කලා මේකට.
හරි. දැං ලියන්න දෙයක් නෑ.
ඔය වෙලාවෙදි තමා මට මයුර බන්ඩාර නොහොත් කුරුළු නිශ්කලංක උදව්වට එන්නේ.
මයුර අයියා මට දෙනවා එකිං එක අයිඩියා. මං ඒවා පටලලා ගලපලා ලියනවා.
ඔහොම ලියපු පලවෙනි එක තමා බලාපොරොත්තුවේ ආලෝකය. ඒක ප්‍රභන්ධයක්.
මට එනවා ප්‍රභන්ධ ගැන ආසාවක්. බලාපොරොත්තුවේ ආලෝකය ඉවරවෙච්චි ගමං මං පටං ගත්තා නිව්ටන් අයියව පටලෝලා නිව්ටන්ගේ රහස් නියමය. ඒක විද්‍යා ප්‍රභන්ධයක්.
අළුත් බ්ලොග පටං ගත්තු වෙලාව හොද නිසාමද මන්දා මට මැයි මාසේ මැද ඉදං ඊයේ නැත්තං ජූලි 13 වෙනකොට හිට්ස් 10000 පන්නන්න පුළුවං වෙනවා. (මගේ අතිංම වැටිච්ච හිට්ස් නොවේ ඈ..)
සතුටුයි. හරිම සතුටුයි. ඉස්සර කමෙන්ට් වැඩිම උනොත් 6ක් වැටෙයි. ඒකෙනුත් භාගයක්ම මගේ.
ඒත් දැං යම් තරමක් හෝ කමෙන්ට් වැටෙනවා. මාරම ජොලි. ඒක අමුතුම කික් එකක්.
මුල ඉදංම මට වචනෙං නැතත් හිතෙං හරි උදව් කරපු. මේවා කියවපු, කියවලා කමෙන්ට් කරපු, මාත් එක්ක හිටපු,
ඕගොල්ලා ඔක්කොටම බොහොම ස්තූතියි.
දෙන්නං උත්තරේ පලවෙනියට අහපු ප්‍රශ්නෙට.
අනේ නෑ.. කිසිම ලොකු කමක් නෑ. මට සතුටුයි. එච්චරයි
බස් රේඩියෝ බ්ලොග් සතිය වෙනුවෙං අපිත් ඔන්න සතියක් පුරාවටම දැම්මා පෝස්ට් ඈ...
- නිව්ටන්ගේ රහස් නියමය 1
- නිව්ටන්ගේ රහස් නියමය 2
- සමින්දික අයියා නොහොත් යුගයේ අජපල්ම බ්ලොග හිමි සෑමාගේ හමුවීම
- ඓතිහාසික පිලිකුත්තුව රජමහා විහාරය
- නිව්ටන්ගේ රහස් නියමය 3
- නුඹ????
- ඒ සුදු නංගි.. මං ලොකු අයියා..
![]() |
http://syndi.buzzradio.lk/ |
සුභපැතුම්.
ReplyDeleteස්තූතියි රාජ් අයියේ..
Deleteදිගටම ලියන්න
ReplyDeleteස්තූතියි හොරකං කරපු ලන්තෑරුම... :D
Deleteසුභ පැතුම් සහෝ ..අපිත් පටන්ගත්තේ ඔහොම තමයි..දිගටම ලියන්න.අපි එන්නම්කො කියවන්න..:)
ReplyDeleteඅනිවා අනිවා හිරුහිමාවී..
Deleteස්තූතියි ආ...
සතුටුයි මචං..
ReplyDeleteමගේ බ්ලොග ඉස්සෙල්ලම මාසේ බලන්න ආවේ 500ක් විතර. ඒ කියන්නේ දවස් 30ට 500යි ආවේ..
එකා දෙන්න වැඩි වෙද්දි සතුටුයි. මට ඒ කාලෙ තාම මතක නිසා තමයි අලුත් එවුන්ට සප් එකක් දෙන්නේ.
ජය හොදේ !
සිරාවටම තැංකියු සෑමයියේ..
Deleteගොඩක් දේවල් ඉතිං ඔයා නිසා තමා..
සුබම සුබ පැතුම්! :)
ReplyDeleteස්තූතියි ප්‍රමුදි!!!!!
Deleteස්තූතියි රාජෝ!!!!
ReplyDeleteසුභ පැතුම් මචං!
ReplyDeleteස්තූතියි සභිත්!!!!!!
Deleteසතුටුයි අහ්. එල
ReplyDeleteඒ මගෙත් උබට කලින් උණු දේම තමයි බන්, කමෙන්ට්ස් 4 යි 5 යි නේ වැටෙන්නේ තාම
Deleteලියපං දිගටම ඉස්සරහට වැටෙයි..
Deleteස්තූතියි කමෙන්ටුවට..
Deleteඅපේ කොල්ලෙක්.. සතුටුයි. සුබ පැතුම්!!!
ReplyDeleteස්තූති වේවා ඈ...
Deleteජය වේවා!!!!!!!
එළනේ බං....හෙහෙ උබ මොනවා උනත් කට්ට කාගෙන දිගටම බ්ලොග් ඒක ලියාගෙන ආව ඒක නම් සුපිරි..මටත් කමෙන්ට් නැතුව බ්ලොග් ඒක අතැරලා දන්න හිතෙන වාර අනත්තයි..එත් ඉතින් ඇදගෙන යනවා
ReplyDeleteඇදගෙන පලයං බං..
Deleteඋබටත් සුභ පතනවා දිගටම කරං යන්න පුළුවං වෙයං කියලා..
ස්තූතියි කමෙන්ටුවට..
ලයික් ඈ එල ..... තව තව කොමෙන්ට් වැටේවා ඈ
ReplyDeleteස්තූතියි ධවලයා..
Deleteජයවේවා ඈ...
හදවතින්ම ලිවීම පිලිබඳව සතුටුයි මචං..! අනික මම වගේ අලුත් එවුන්ට ආදරශයකුත් එක්ක. මම පටන් ගත්ත විදිය ඔයිට වෙනස් කිසිම කෙනෙක්ගෙන් අහගන්න හැටිවත් දැනගෙන හිටියෙ නැහැ. හැබැයි මම ජාලෙ සැරිසරල ගොඩක් තොරතුරු හොයල තමය් හැදුවෙ..ඒනිසා මම පලමු පෝස්ට් එකින් ඒගැන දැම්ම. ලියමු..තරියා ලියමු...අපි බලනවා....!
ReplyDeleteස්තූතියි වී පොකුර..
Deleteමට මේක පටං ගන්නනං ගොඩක් අය උදව් කරා..
විශේෂයෙන්ම සනෝජුයි සෑමයියයි..
ela api oba samagai, jaya wewa
ReplyDeleteස්තූතියි මචං...
Deleteජයවේවා!!!!
සුභපැතුම් මචන්. දිගටම වෙනස් වෙනස් ඒවා ලියන්න.
ReplyDeleteස්තූතියි අසරණයෝ...
Deleteදිගටම රැදී ඉන්න..
niyamai karagena yamal all da best........dan free domain ekak aran blog eka register karaganin wade goda
ReplyDeleteඑල මචං..
Deleteස්තූතියි..
ෆ්‍රී ඩොමේන් එකක් ගත්තම කරදර වැඩියි බං..
මේ හොදා...
හොඳ දෑ පල කරනව නම් අනිවාර්ය්යෙන් එය රසික ජනාදරයට පත් වෙනවා..!! ජය ශ්‍රි!!!
ReplyDeleteසුභ පෑතුම් තරියා.... ජයෙන් ජයම වේවා.. ඔව් 10000 කියන්නේ ලොකු ගානක් තමයි ඔන්න මම කිවා
ReplyDeleteස්තූතියි දේවා...
Deleteහික්ස්..
ලොකුයිනං තමා...
සුභපැතුම්.
ReplyDeleteස්තූතියි මනෝජ්..
Deleteඑළ ඈ...සුභ පැතුම්....
ReplyDeleteස්තූතියි තරුවා...
Deleteඑලම තමා...
මුගේ දියුණුවට අපි වගකියන්න ඕන. :( දුකේ බෑ
ReplyDeleteඅනිවා අනිවා..
Deleteතැංකූ ඈ....
එලස්. අපෙන් සුභ පතුම්
ReplyDeleteස්තූතියි කසුන්..
Deleteපිලිගන්නවා කෙරුවාවට...
මාස දෙකෙන් දහදාහක් කියන්නෙ හොඳ ප්‍රගතියක් මලේ.. මටනම් මාස අටක් විතර ගියා දහදාහ පන්නන්න..
ReplyDeleteදිගටම ලියපන්.. ජය !!
ස්තූතියි සෙන්නා අයියේ..
Deleteපිලිගන්නවා කෙරුවාවට සාදරෙං..!!!