ලගින්ම ඉන්න කස්ටිය

Wednesday, August 8, 2012

ඔබ අනුරාලෝකය බැලුවෙහිද???

සෞන්දර්ය කියන එක ඉස්කෝලෙ බරටම සාකච්චා වෙන්නේ 6 වසරෙදි. 

මොකද 6 වසරෙදි ළමයින්ව ප්‍රධාන වශයෙන් බෙදනවා චිත්‍ර, නැටුම්, සංගීතය කියලා. 

කොහොම හරි 5 වසර වෙනකන්ම ආසාවෙන් චිත්‍ර අදින එවුන් පවා මතු එන සාමාන්‍ය පෙල විභාගෙට හොද ප්‍රතිඵලයක් ගන්න නැටුම් වලට හරි සංගීතයට හරි යනවා. 

මොකද කතාවක් තියෙනවා චිත්‍ර කොච්චර හොදට ඇන්දත්ලකුණු එච්චර හම්බවෙන්නෑ කියලා. (කතාව ඇත්ත කියලා මං 2008දි රිසාල්ට් ආවම දැන ගත්තා.) 

 

සමහරු කැමැත්තෙංම චිත්‍ර අතාරිනවා. සමහරුංව දෙමවුපියෝ බලෙංම වෙන විශයකට දානවා. අන්න ඒකයි ලංකාවේ විදිහ. 

කොහොම හරි මං අද කියන්න ආවේ සෞන්දර්ය විශයන් ගැන නෙමේ. ලංකාවේ නමගිය චිත්‍ර ශිල්පියෙක් ගැන. 

අනුර ශ්‍රීනාත්



අනුර ශ්‍රීනාත් කිවුවම ලංකාවේ ඉතිං නොදන්න කෙනෙක් නැතුව ඇති. 

මං හිතන්නේ මෙතුමා ගොඩක්ම ජනප්‍රිය කලා කාරයෝ සහ චිත්‍ර කතා පත්තර බලන අය අතර වෙන්න ඕනා.

අගෝස්තු දෙවෙනිදා මෙතුමාගේ චිත්‍ර ප්‍රදර්ශණයක් පැවැත්වුනා කොලඹ කලා භවනෙදි. 

ඒක නම් කරලා තිබ්බේ අනුරාලෝකය (ANURĀLŌKAYA) කියලයි. 

ඉතිං මෙතුමව මං එච්චරම දන්නෙ නැති උනත් එතුමගෙ දියනියව මං අදුරන නිසා ගියා ප්‍රදර්ශනේ බලන්න. 

ඇත්තටම ලස්සන චිත්‍ර එකතුවක්. බලන්න වටිනවා. කැමරාවත් අරං ගිය නිසා මමත් හතර අතේ ෆොටෝ ගැහුවා චිත්‍ර වල.



ඒ අතර එතුමා විවිධ චිත්‍ර කතා පත්තර වලට අදින ලද චිත්‍ර කතා කීපයක්  මං ඡායාරූප ගත කර ගත්තේ බ්ලොග් එකේ දාන අදහසින්මයි. 

ඇත්තටම ඒ චිත්‍ර කතා වලින් සමාජයට ලොකු දෙයක් කියනවා. කතා තුනක් තියෙනවා එක එක දවස් තුනකට දාන්නං.



මේ පහලින් දැක්වෙන්නේ 1994දී  අනුර ශ්‍රීනාත් විසින් සිත්තම් කල කපනවා ඕයි කපනවා කියන කෙටි චිත්‍ර කතාවයි.











බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

86 comments:

  1. නියමයි. මේ ගැන කලින් දැන් ගත්තා නම් බලයන්න යන්න තිබුණා. මෙයා නියමම වැඩකාරයෙක් බව පේනවා...

    "මොකද 6 වසරෙදි ළමයින්ව ප්‍රධාන වශයෙන් බෙදනවා චිත්‍ර, නැටුම්, සංගීතය කියලා"

    අපි ඉස්කෝලේ යන කාලේ නම් 7 වසරේදී තමා සෞන්දර්ය විෂය තෝරගන්න තිබුණේ... 6 වසරේදී මේ ඔක්කොම අපිට ඉගෙන්නුවා :)

    ReplyDelete
    Replies
    1. හික්ස්..
      සමාව භාජනේකට දාලා තියන්න.
      ප්‍රින්ටිං මිස්ටේක්.. අපෙත් 7දි තමා බෙදුවේ..

      Delete
  2. Replies
    1. ආයෙත් අහලා..
      තැංකූ කමෙට් එකට රාජ් අයියේ..

      Delete
  3. මේ ප්‍රදර්ශනේ පින්තූර මුලින්ම දැක්කෙත් උඹ බුකියෙ ෂෙයාර් කරපු එකකින් මචං.මේ ටිකත් පට්ට වටිනවා ලින්ක් දෙකටත් සෑහෙන්න ස්තූතියි.වටිනවා ඈ...

    මම සංගීතෙ කලේ පොඩි කාලේ.ඒත් මට ඒක අල්ලලා ගියෙම නැති නිසා මම චිත්‍ර කරා.වෙලාවට අවුලක් නැතිව අඳින්න පුළුවන් වෙච්චි නිසා ෂේප්.තාමත් වෙලාවක් ආපුවාම අඳිනවා... අනුර ශ්‍රීනාත් කියන්නේ මගෙ ප්‍රියතම චිත්‍ර ශිල්පියෙක්.විශේෂයෙන්ම චිත්‍ර කතා පිළිබඳව...

    පට්ට කතාව ඈ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙංම මචං..
      දක්ෂතාවය පිලිබද ආයේ විවාද නෑ..
      ස්තූතියි කමෙන්ටුවට!!!!

      Delete
  4. නියමයි තරියෝ..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා...
      ජයවේවා!!!!!

      Delete
  5. මමත් ඔක බලන්න යන්න හිටියේ මට මග ඇරුනා බං නියම වැඩක්

    ReplyDelete
    Replies
    1. අපරාදේ රාජ් අයියේ..
      සිරාවටම නියම ප්‍රදර්ෂණයක්...

      Delete
  6. එලා ආ....මල් 7 යි....පට්ට පට පට

    ReplyDelete
    Replies
    1. එලම තමා..
      ජයවේවා සිම්බා..

      Delete
  7. අනේ ඉතින් මමත් චිත්‍ර කරලා රිසාල්ට් ෂීට් එක කැත කර ගත්ත එකෙක් තමා,මට හරියට කෙලින් ඉරක්වත් ඇද ගන්න බැරි උනාට මම නැටුම් කර කර ඉදලා චිත්‍ර වලට මාරු උනේ අඹ යාලුවන්ගෙන් වැඩි හරියක් චිත්‍ර පංතියට ගිය නිසා.අන්තිමට ඉතිං O/L චිත්‍ර යාංතං ගොඩ දාලා දුන්නෙත් එයාලම තමා මොකද චිත්‍ර දෙකම ඇන්දේ මම නෙවෙයි, හික් හික්

    ReplyDelete
    Replies
    1. එකෙක් නෙමේ එකියක් නේද??????
      ඒ කියන්නේ විභාග පාස් කරලා තීන්නේ හොර කරලා..

      Delete
    2. ඔව් නේ එකියක්නෙ , ජීවිතේටම කොපි කලේ චිත්‍ර විතරයි

      Delete
    3. ඔය කිවුවට මට පේන්නේ අනිත් එවුවත් කොපි කරලා වගේ

      Delete
  8. මම ආසම චිත්‍ර කාරයෙක් තමා අනුර ශ්‍රීනාත්... මෙතුමගෙ චිත්‍රකතා ඉස්සර වැරැද්දුවෙ නෑ...

    ස්තූතියි මේ ගැන කිව්වට..

    ReplyDelete
    Replies
    1. චිත්‍ර කතා දැවැන්තයෙක්..
      ස්තූතියි සෙන්නා අයියේ කමෙන්ටුවට..

      Delete
  9. ඉස්සර නම් යන්න තිබුනා.. දැං කොහෙද.... මාත් කරන්න පුළුවන් එකම වැඩේ චිත්‍ර ඇදිල්ල නිසා චිත්‍රම කළා... හැබැයි වැඩේ කියන්නේ විභාග දෙකම පාස් වුනේ ලියන්න පුළුවන් හින්දා කියලයි දැං හිතෙන්නේ....

    ReplyDelete
    Replies
    1. හික්ස්..
      අපේ පන්ති වල හිටපු උං විභාග ලියන වෙලාවට සමහර එවුවා අපෙනුත් අහනවා.
      මොකද සංගීතෙටත් තියෙනවා ලාවට චිත්‍ර කෑලි.
      ස්තූතියි කමෙන්ටුවට හිරූ..

      Delete
  10. චිත්තර කතාව නම් පට්ට බං :ඩ්

    ReplyDelete
    Replies
    1. තව පට්ට ඒවා තියේ..
      එවුවා ඉදිරියට..
      ජයවේවා පුබුදු!!!!!!!

      Delete
  11. කතාව නම් සෝක්....ඔහේට සෝක් කැමර් එකකුත් තියෙනෝ නේ .. සික් මට නෑනේ ඔයින් එකක්...
    ඒත් මගේ කරුමෙට මගේ අතින් වේදිකා නාට්‍ය ප්‍රදර්ශන චිත්තරපට සංගීත ප්‍රසංග ඔක්කොම මිස් වෙනවනේ

    ReplyDelete
    Replies
    1. කැමරාව මගේ නෙමේ.
      ඒක පල්ලෙහායිං කමෙන්ට් කරලා තීන බිනූගේ..
      ස්තූතියි කමෙන්ටුවට සුදා!!!!!

      Delete
  12. මමත් හය වසරේදී චිත්‍ර තෝරාගත්තා ඒත් මට කෙලින් ඉරක් වත් ඇඳගන්න බැරි වුනා :(

    ReplyDelete
    Replies
    1. ඉතින් කොහොමත් චිත්‍ර වලට කෙලින් ඉරි අඳින්නේ නැනේ.. :)

      Delete
    2. ඔව්නේ..
      චිත්‍ර වල කෙලිං ඉරි නෑනේ..

      Delete
    3. වැඩේ කියන්නේ ඇදේටවත් බැහැනේ :)

      Delete
    4. එහෙනං ගැටලුවක් පැන නැගීම සාධාරණයි..

      Delete
  13. ම්ම්ම්..මේක ගැන මන් දැක්කා අස්වැන්න බ්ලොග් එකෙත් දාලා තිබුනා.. :) හොඳ ලිපියක්.. තරිය ඉඳලා හිටලා කෙල්ලෙක් නිසා හරි හොඳ වැඩ වල නිරත වෙනවා නේ..ජය වේවා.. :)

    ReplyDelete
    Replies
    1. හික්ස්..
      කරන හැම හොද වැඩක්ම කෙල්ලංගෙ ගිනුමට බැර වෙයිද මන්දා..
      පිලිගන්නවා කෙරුවාවට රතු හැට්ට කාරියේ...

      Delete
  14. උඹ හයේදිදීද තෝරාගත්තේ, අපිටනම් හයේදී හැම සබ්ජෙක්ට් එකම උගනනලා හයේදී තම මාරු වෙන්න කිව්වේ
    මේක කලින් දැනන් හිටියේ නෑනේ යන්න

    ReplyDelete
    Replies
    1. ප්‍රින්ටිං මිස්ටේක් බං..
      ඇයි පියුමි උබලටත් එක්ක ඉන්වයිට් කලේ කොපි කැට් එකෙං..

      Delete
  15. මාත් බැලුවා නියස සිත්තම් පෙළ. අයෙ චිත්‍රකතා යුගයටම ගියා වගේ දැනුනා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම.
      ස්තූතියි කමෙන්ට් එකට දයා අයියේ..

      Delete
  16. පට්ට චිත්‍ර නේද...

    ReplyDelete
    Replies
    1. අයෙත් අහලා..
      පට්ට පට පට..

      Delete
  17. මට නම් චිත්‍ර අදින්න කොහොමටවත් බෑ...
    එත් මං ඒ චිත්‍ර ප්‍රදර්ශනේ ගොඩක්ම රසවින්දා....

    ReplyDelete
    Replies
    1. ඒක මං දැක්කනේ..
      මොකද ඔයා මාත් එක්ක ආවනේ ප්‍රදර්ෂනේ බලන්න..

      Delete
    2. එහෙනම් බඩු බනිස් තමා..

      Delete
  18. කෙටි චිත්‍ර‍ කථාව නම් පස්ටයි.... ඒ වගේ සංකල්පයක් එන්නත් කොච්චර නම් දක්ෂ වෙන්න ඕනෙද කියලා හිතුනා..
    කාමරේ පැත්තෙත් වෙලාවක වරෙන්... ජය!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම..
      සැබෑ දක්ෂයෙක්..
      අනිවා එන්නං.. සිරා..
      බෝම ස්තූතියි මෙහෙට ආවට..

      Delete
  19. චිත්‍ර කථාව නම් මරු ඈ...

    ReplyDelete
    Replies
    1. චිත්‍ර කතාව විතරද එල?????
      අපි එල නැතෙයි..

      Delete
  20. කතාවනම් නියමයි මට මේ ශිල්පියා ගැන ඒ හැටි මතකයක් නැහැ..

    ReplyDelete
    Replies
    1. ශිල්පියා අනුර..
      බොහොම ස්තූතියි කමෙන්ටුවට..

      Delete
  21. අපූරුයි මා මිතුර..
    මරු......................:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මා මිතුරිය..
      එල.. :P

      Delete
  22. //චිත්‍ර කොච්චර හොදට ඇන්දත්ලකුණු එච්චර හම්බවෙන්නෑ කියලා. (කතාව ඇත්ත කියලා මං 2003දි රිසාල්ට් ආවම දැන ගත්තා.) //

    මටත් වුනේ ඕක..

    ඉස්සර තිබ්බ චිත්‍රකතා පත්තර නැති එක දුකක් බං. මම ඉස්කෝල යන කාලෙ තිබ්බා. ඒත් අපි බැලුවේ විහිළු කතා විතරයි.

    පලි- තරියා උබේ බ්ලොග දැන් නැගලා යනවා. ජය !

    ReplyDelete
    Replies
    1. මං නං ආසම චිත්‍ර කතා පත්තරේ ගජමෑන්..
      බ්ලොග නැගලා යාමට උදව් උපකාර කල සෑමාට පිං..
      බෝම ස්තූතියි කමෙන්ටුවට..
      ජයවේවා!!!!!!!

      Delete
  23. වෙනස් ලිපියක්. චිත්‍ර ටිකත් මරු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන..
      තව එනවා ඉදිරියට..

      Delete
  24. චූටී මල්ලී පොඩි මල්ලිත් ආවද ඕක බලන්න....

    ReplyDelete
    Replies
    1. ඇවිල්ලා..
      මං ඉන්න වෙලාවෙනං හිටියේ තවත් ආටිස්ට්ලා කීප දෙනෙක් විතරයි..
      කෝමත් කලාකාරයෙක්ගේ අගේ දැනෙන්නේ තවත් කලාකාරයෙක්ට විතරනේ..
      ස්තූතියි මේ පැත්තට ආවට!!!!!

      Delete
  25. අපූරු ලිපියක්. චිත්‍ර වලට ආසාව තිබ්බට පමණක් මදි, ඒ සඳහා හැකියාවත් තියෙන්න ඕනැ. සාමාන්‍ය පෙළදීනම් කරන්න වෙන්නෙ තමන්ට සාපේක්ෂව වඩාත්ම හැකියාව තියෙන විෂය ‍තෝරා ගැනීම.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..
      අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම..
      රාවන යුගයේ චිත්‍ර කලාව ගැන පෝස්ටුවක් ඉදිරියේ ඔබෙන් බලාපොරොත්තු වෙමි..
      ජය ශ්‍රී!!!!!!!

      Delete
  26. මම මගෙ දුවවත් එක්කගෙන තමයි "අනුරාලෝකය" බලන්න ගියෙ මමනම් කොහොමත් පොඩි කාලෙ ඉඳන් චිත්‍ර ප්‍රදර්ශන බලන්න යනවා ඒ පුරුද්ද පොඩි කාලේ ඉඳලා ඇතිකරන්න ඕනේ


    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්..
      ගොඩක් පොඩි ලමයිනුත් හිටියා..
      ඇත්ත..
      පුරුද්ද නැති නිසා තමා ඕවට ලොකු වෙලා යොමු වෙන්නේ නැත්තේ..

      Delete
  27. සෞන්දර්ය විෂය තෝරාගන්න කාලේ නම් කතා කරලා වැඩක් නෑ. මම සංගීතේ කරන්න මාරම ආසාවෙන් සංගීත මිස් ගාවට ගියා. මට ශ්‍රී ලංකා මෑත කියන්න කිව. මම කිව. පුතේ ඔයා චිත්‍ර හරි නැටුම් හරි තෝරාගන්න කිව්වා. මම නැටුම් කළා ඉතින්.

    තරියා පින්තුර පිටින්ම ගෙනත් දාපු ඒක මරු ඈ.....!!!

    චිත්‍ර ශිල්පියෝ ගැන දයානන්ද රත්නායක මහත්තයත් විස්තරයක් දාල තිබ්බ මතකයි.

    ReplyDelete
    Replies
    1. හික්ස්..
      මමත් කට්ට කාගෙන සංගීතයේම එල්ලිලා හිටියා..
      වයලීන් එක අරං ගිය පලවෙනි දවසෙම කෑවා හොද පයිං පාරක් සර්ගෙං..
      ජීවිතේට අමතක වෙන්නෑ ඒක..

      Delete
  28. මමත්..ඒකාලෙ ගොඩක් කල් ගත්තා ඔය පත්තර..!!
    සෑහෙන්න හිතට වැදුනු ශිල්පියෙක්...!අලුත් වර්ගයේ තුවක්කු අඳිනවා ..පිස්සු හැදෙන්න..!

    ReplyDelete
    Replies
    1. හි හි...
      බොරු කියන්නෙ මොකටද මමනං බලල නෑ..
      ස්තූතියි කමෙන්ටුවට වී පොකුර!!!!!!!!!

      Delete
  29. ආයෙමත් හොඳට කියවන්නම් පස්සෙ ..මේ දවස් වල ඔලිම්පික් පිස්සුව මට....

    ReplyDelete
    Replies
    1. ඔලිම්පික් පිස්සුව මං අද පාරෙදිත් දැක්කා අක්කේ..
      ඒනං පස්සෙ කියවන්නකෝ..
      පිලිගන්නවා කෙරුවාවට!!!!!!!!!!

      Delete
  30. සිරා කතාව...නියමයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මායියා..
      ජයවේවා!!!!!!

      Delete
  31. නියමයි. ඇත්තටම ලංකාවේ අධ්‍යාපනේ මොකක්දෝ කියාගන්න බැරි අඩුවක් තියනවා. ඒක ගොඩාක් වෙලාවට මිනිස්සුන්ට ඒ අයට වෙන්න ඕන ඒ අය කැමති තැනට නෙවෙයි යවන්නේ සමාජෙට සල්ලිවලට කැමති තැනට. අදාල එකා වෙන තැනක ඉදිදී වෙන එකෙක් ඒ තැනට යනවා. වෙනස් කරන්න ක්‍රමයක් නම් හිතා ගන්න බෑ. ඒත් වෙනස් කරන්න ඕන.. හිතන්න පුලුවන් මිනිස්සු ටිකක් හදන්න ඕන..

    ReplyDelete
    Replies
    1. වෙනස් කරන්න ලංකාවම හරි හමං 5ස් දෙනෙක් හිටියනං ඇති..
      ස්තූතියි මනෝජ් අයියේ..
      ජයවේවා!!!!!

      Delete
  32. පට්ට නේ?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පට්ට පට පට..
      ජයවේවා මතං...

      Delete
  33. නියමයි නේ. මම අහල තිබ්බේ නෑ අනුර ශ්‍රීනාත් කෙනෙක් ගැන ඒත් දැන් නම් දැනගත්තා. කොහොම වුනත් නියමයි වැඩේ. මමත් ඕලෙවල් වලට චිත්‍ර කලේ. ඒත් මට ආවේ එස් එකක්. මම අඳින චිත්‍ර හින්දා වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඇලෙක්සැන්ඩර් අයියේ...
      මාර සීන් එක තමා ඒක..
      මේකෙං හරි දැන ගත්තු එක සංතෝසයක්..
      ස්තූතියි කමෙන්ටුවට..

      Delete
  34. හොද දෙයක් කරේ...රටේ සම්පත් ලෝකෙට හදුන්නල දෙන එක.
    ඔහු සැබෑ දක්ෂයෙක් .....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විශී...
      පිලිගන්නවා කෙරුවාවට!!!!!!!

      Delete
  35. මරු චිත්‍ර කතාව.
    ලංකාවේ චිත්‍ර ශිල්පියෝන්ට තියෙන තැන මදි.මීට වඩා උඩින් ඒ ගොල්ලෝ තියන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මඩයා..
      බොහොම ස්තූතියි කමෙන්ටුවට..
      සාදරයෙන් පිලිගන්නවා කෙරුවාවට!!!!!

      Delete
  36. මාත් 10 වසර වෙනකන් චිත්‍ර කරා. හරියන්නේ නෑ කියලා තේරුම් ගියාට පස්සේ ලිට වලට මාරු වුනා. දෙයියනේ කියලා ලිට පාස්. මට හැමදාම චිත්‍ර පේපර් එකට ලකුණු 10ට අඩුයි :(((

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය චිත්‍ර වලිං මාරු වෙන්නේ ලිටට තමා...
      හි හි..
      ස්තූතියි කමෙන්ට් එකට මචං!!!!!!!

      Delete
  37. නියම පෝස්ට් එක මචO.

    මේක කියවලා මටත් මතක් වුනා මගේ අත්දැකීමක්.

    මම 6 වසරෙදි ඇන්ද චිත්‍රයක් (දිය ඇල්ලක්) දැකලා චිත්‍ර මිස් කිව්වා පුතේ, ලබන අවුරුද්දෙ චිත්‍ර නම් තෝර ගන්න එපා කියලා..

    ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. ඒ තරමට චිත්‍රෙ ලස්සන ඇති..
      හි හි...
      ස්තූතියි මීයෝ කමෙන්ටුවට...
      ජයවේවා!!!!!!!

      Delete
    2. ලස්සනයි ලස්සනයි චිත්‍රෙනම් ලස්සනයි.

      u re welcome..:)

      Delete
    3. එහෙනං ඉතිං එච්චරනේ..
      හි හි...

      Delete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????