ලගින්ම ඉන්න කස්ටිය

Tuesday, August 28, 2012

එකමත් එක සැලුන් ගොඩක්....


බාගෙට සැලුං දොරෙං රිංගා සින්දුව මතකද? 
එච්චරම ගතියක් නැතත් අවුලක් නෑනේ ඒකේ. අහල නැති අය යන්න මෙතනිං..

සැලුන් එක කියන ප්ලේස් එක අමුතුම සංස්කෘතියක් ඇති තැනක් කිවුවට ඒකෙ වැරැද්දක් නෑ.

මල්ලි රැවුල කපන්නනං තව පැයක්වත් ඉන්න වෙයි...



මොකද සල්ලි තියෙන එකා, සල්ලි නැති එකා, සුදු එකා, කලු එකා, කොට එකා, උස එකා, මහත එකා, කෙට්ටු එකා, පිරිමි, ගෑනු, ගෑනු වගේ පිරිමි, පිරිමි වගේ ගෑනු අදී වශයෙන් නානාප්‍රකාරයේ එවුං එනවා.

එන්නෙ විවිධ හේතු වලට.

කොන්ඩෙ කපන්න, රැවුල කපන්න, ඔළුව මසාජ් කර ගන්න, කයියක් දාන්න, ටීවී බලන්න (මැච්), පත්තරේ බලන්න, වෙලද දැන්වීම් පල කරන්න, නීතියෙන් තහනම් කිරීම නිසා සමාජයේ ටිකක් විරල භාන්ඩ හොයා ගන්න සහ තවත් බොහෝ දෑ තමයි ඒ හේතු.

සාමාන්‍යෙයන් ගමක එක සැලුන් එකයි තියෙන්නේ. එකයි කියන්නේ ගොඩක් තිබ්බට ප්‍රසිද්ධ එකයි. අන්න ඒකෙ තමයි පට්ටම සීන් වෙන්නේ. අපේ ගමෙත් එහෙම එකක් තීනවා. ඒකනං අමුතුම ප්ලේස් එකක්. 

ඇතුල් වෙන තැනම තියෙනවා දැන්වීම් පුවරුවක්. ඒකෙ දැන්වීම් කවදාවත් ඉවර වෙන්නෑ.  
“අර පාරේ තට්ටු දෙකේ ගෙයක් තීනවා, අර ගේ කුලියට දෙනවා, මේ ගෙදර ගෑනු ළමයිංට විතරක් නවාතැන් දෙනවා, අන්න අර ෆැක්ටරියට කම්කරුවො හොයනවා, ගෙදට්ටම ඇවිත් ටීවී ඇන්ටනා හදලා දෙනවා..“
ඔන්න ඕවා තමා දැන්වීම් ඉතිං..

දැන්වීම ගහනවට සැලුන් එකේ අයියට ගානක් හම්බවෙනවා. ඕක කියවන උං වැඩි විස්තර අහන්නේ බාබර් අයියගෙං. ඒකනිසා ඌට ටිකක් වැඩිපුර ගෙවලා තිබ්බොත් එලට විස්තරේ කියනවා. නැත්තං ඕනවට  එපාවට කියනවා.

ඉස්කෝලෙ යන  කාලේ ඉතිං නීට් එකට ඉන්න ඕනනේ. කොන්ඩෙ කොටට කපලා රැවුල කපලා ටිප් ටොප් එකට හිටියෙ නැත්තං සොරි තමා. ඉතිං මාසෙකට පාරක් නැත්තං දෙපාරක් බාබර් වන්දනාවේ නියැලෙන්න වෙනවා.

බාබර් කිවුවට අපේ ගමේ එකාගෙ හෙන රෙස්පට්. (සෑම වෘතීයක්ම ගෞරවනීයයි ඈ..)

“මං දැං කන්න යනවා තව පැයකින් එන්න“. “දැන් බෑ මල්ලි මට මහන්සියි“. “සෙනග වැඩියි පස්සෙ එන්න“. වගේ ලොකු සීන් කෝටියයි.
අනේ අපිත් ඉතිං යන්න තැනක් නැති කමට  හා අයියේ කියලා කර බාං ඉන්නවා.
 
කොන්ඩෙ කපන්නම ගියා කියමුකෝ. ඒත් කවදාවත් පොඩි එකෙක්ටනං ඌට ඕන විදිහට කොන්ඩෙ කපා ගන්න බෑ.

“මොනාද මල්ලි තමුසෙලා තාම ඉස්කෝලෙ යන වයසේ නේද?“
කට් එකක් කපන්න යැයි  කී විට බාබර් තෙමේ දෝස්මුරය දමයි.

වැද වැටිලා වැටිලා ෂේප් කරගෙන එහෙම කපන්න පොරොන්දු කරං කොන්ඩෙ කපලා ඉවර වෙලා බලනකොට කොන්ඩෙ කපලා තියෙන්නේ අපිට ඕන විදිහට නෙමේ. බාබර් අයියට ඕන විදිහට.

ඇඩෙනවනේ ඉතිං

ඒ සන්තෑසිය අපිටම විතරක් නෙමේ. ගොඩක්  වෙලාවට ලොකු එවුංටත්  වෙන  වෙලාවල් තීනවා.

මේ ඒ වගේ අවස්ථාවක්.

කස්ටමර් - මල්ලි කොන්ඩෙ ටිකක් ඉතුරු කරලා කපන්න.
බාබර් අයියා - අයියෝ එහෙම ඉතුරු කලොත් කැතයි අයියේ.
කස්ටමර් - කමක් නෑ මල්ලි එහෙම කරන්න.
බාබර් අයියා - හැබැයි අයියේ ඔන්න පස්සෙ කියන්න එපා හරි නෑ කියලා.
කස්ටමර් - එහෙනං හොදයි කියලා හිතෙන විදිහකට කපන්නකෝ.

බාබර් තෙමේ ඔහුට පහසු ආකාරයකට කපා ගාන කඩා ගනී.

තවත්  දවසක මම ලංකාවයි ඉන්දියාවයි ක්‍රිකට් මැච් එකක් ගහන දවසක කොන්ඩෙ කපා ගන්න ගියේ ඔය බාබර් අයියා ගාවටමයි.

“මල්ලි වෙනදා  විදිහටම නේද?“
නෑ කිවුවත් මිනිහා කපන්නෙම ඒ විදිහට නිසා මං “ඔවු“ කිවුවා.
 
හරිබරි ගැහිලා වාඩි වෙලා රෙදි ඔක්කොම පොරවලා මෑන් දැන් කොන්ඩෙ කපන්නයි ලෑස්තිය.

එක පාරටම ලංකාවේ එකෙක් හතරක් ගැහුවා.

බ්‍රාස්.. සයිඩ් එකේ කොන්ඩෙ නෑ..
බාබර් අයියා ටීවී එක බලං කොන්ඩේ වර්චස් කර ඇත.
 
“අයියෝ මල්ලි. එක විදිහකට ඉන්නෑනේ තමුසේ. බලනවා දැං කොන්ඩෙ අප්සට් නේ. දැං ඉතිං අඩු කරලම දාමු ඈ..“

“මොනා කරන්නද ඉතිං. හා අයියේ.“
සිද්ධියෙන් පසුව මාසයක් පමණ කැප් එක නැතුව එලියට බහින්නට බැරි විය.
ඒ සිදුවීම එතැකින් ඉවර විය.

තවත් දවසක බාබර් තෙමේ මගේ ඇස් පනාපිටම ගුටි කෑවේ ඇන්ටි කෙනෙක්ගෙන්ය.

ඒ ඇන්ටීගේ පුතා බාබරයාට කියා කොන්ඩෙ කපාගෙන ඇත. සියල්ල අවසානයේ මිනිහා බාබරයාට කියා මසාජයක්ද දමාගෙන ඇත. (හොද වෙලාවට මට මසාජ් පිස්සුව නැත.) 

නොකඩවා වමනය කරන්නට විය


ගෙදර ගිය පොඩි එකා බෙල්ල ඇද කරගෙන නොකඩවා වමනය කරන්නට පටන් ගෙන  තිබේ. ඉස්පිරිතාලේ ගිහිං බලනකොට පොඩි එකාගේ වැරදි තැනක් (ඔළුවේ ඈ..) මිරිකීමෙං උගේ ස්නායු තාවකාලිකව අබ්ලික් වී ඇත. 

එකෙනෙහිම දුම්මල වරම අතට ගත්තු ඇන්ටී රෙදි කරේ තියං පැමිණ අප සියලු දෙනා ඉදිරියේ බාබරයාට ලස්සන වචන කියමින් නෙලන්නට විය. බාබර් අයියාගේ වෘත්තීය ජීවිතය එතෙකින් නිම විය.

ලොකු සීන් බාබරයා නැති වීමෙන් පසු ගමේ ප්‍රධාන බාබරයා බවට අනෙකා පත්විය.

ලූලා නැති වලට කණයා පන්ඩිතයා වෙන ආකාරය මා මුලින්ම දුටුවේ එවිටය.

කොන්ඩෙ කපා ගැන්මට අපි ගිය විට ඌ අපට කුඩම්මාගේ සැලකිලි දක්වන්නේය. 

හේතුව සොයා බලන විට ආරන්චි වූයේ කලින් උගේ සැලුන් ගුබ්බෑයමට අපි රිංගන්නේ නැති වීමත්, ගුටි කෑ බාබරයාගේ ඉවත් වීමත් සමගම උගේ ප්ලේස් එකට අපි පැමිනීමත්ය.

කෙසේ හෝ කල්යත්ම ඒ බාබරයාටද උන් හිටිතැන් අහිමි වූයේ දිට්ඨ දම්මවේදනීය මෙවුවා එක පලදීලා කඩ කාමරේ අයිතිකරු විසින් කඩේ සිල්ලර කඩයක් බවට පරිවර්ථනය කිරීමත් සමගයි.

කැලණි විහාරේ පෙරහැර සමය තරියා, කස්සා ඇතුලු අපේ සෙට් එකට කාර්යබහුල වේ. 
පෙරහැර සංවිධානය සදහා සැලකිය යුතු  දායකත්වයක් සැපයීම එයට හේතුවයි. 

මේ සිදුවීම උනේ ගිය වසරේ පැවති දේවදූත පෙරහැරේදීයි. 

සුපුරුදු විදිහට උදේ ඉදංම පංසලේ ඉදලා සියලුම සංවිධායක වැඩ කටයුතු කරලා පෙරහැරේ යන්න ලෑස්ති වෙන්න අපි ගියා. 
මගේ සහ තවත් යාළුවෙක්ගේ රැවුල අප්සට් වගේ නිසා රැවුල කපා ගන්න අපිට ඕන  උනා. ඒත් උදේ ඉදංම වැඩ කරපු නිසා කපාගන්න කම්මැලි කමක් දැනුන නිසා අපි ගියා ලග තිබ්බ සැලුන් එකකට. 

පෙනුමෙන්නං ඒක ලේඩිස් සැලුන් එකක්  වගේ උනත් සැලුන් එකේ කෙල්ලෙක් වගේ ඉන්න අයියා කාරයා එලියේ හිටපු නිසා අපි ඇහුවා “රැවුල කපනවද?“ කියලා. 

ආ ඔව් ඔව් එන්න මල්ලි රැවුල කපනවා


ආ ඔව් ඔව් එන්න මල්ලි“ කියලා අපිව පිලිගත්තා නිකං ආයේ නෑ ලෙසටම. පහත දැක්වෙන්නේ ඒ සංවාදයයි.

සැලුන් එකේ අයියා - කවුද ඉස්සෙල්ලම කපන්නේ?
යාළුවා - උබ කපහං. උබේනේ වැඩි.
මම - හ්ම්ම්ම්.
(සැලුන් අයියා රෙදි පෙරවා සියල්ල කර රැවුල කපයි.)
සැලුන් එකේ අයියා - මල්ලි... රැවුල කැපුවට වැඩක් නෑනේ. මේ බලන්න ඔයාගේ නහය උඩ එතකොට නලල ටිකක් අදුරු පාටයි. අපි ත්‍රෙඩිං කරමු ටිකක්.
මම - ත්‍රෙඩිං? ඒ මොකක්ද ඒ?
සැලුන් එකේ අයියා - ඔය වැඩිපුර තියෙන බූව අයිං කරමු.
මම - මගුලක් කතා කරනවා අයියා. ඒවා කරන්නේ කෙල්ලොනේ.
සැලුන් එකේ අයියා - එහෙම නෑ මල්ලි. ඔයා ඉන්නකෝ.
(මාත් එක්ක ආපු ගෝතයා හිනාව තද කරගෙන උගේ ෆෝන් එකෙං ෆොටෝ ගහනවා. අයියා කාරයා සරුංගල් නූලක් අරං මූන කනවා.)

සැලුන් එකේ අයියා - හරි මල්ලි. දැං බලන්නකෝ ඔය ඉන්නේ නිකං නලුවා වගේ.
මම - හරි අයියේ මට පරක්කු වෙනවා. කීයද ගාන.
සැලුන් එකේ අයියා - 60ක් දෙන්නකෝ මල්ලි. ත්‍රෙඩිං එකට සල්ලි ගත්තෙ නෑ.  ඒක මං ගානේ හරිද? කෝ අනිත්  මල්ලි එන්න.
යාළුවා - නෑ අයියේ, පරක්කු වෙනවා, අපි යන්නං.
සැලුන් එකේ අයියා - කොන්ඩෙ එහෙම කපන්න තියෙනවනං ආයේ එන්න මල්ලිලා..
එදා ඒ සැලුන් එකෙං මාරු  වූ අප අද දක්වාද ඒ ලගපාතිංවත් ගමන් කරන්නේ නැත.......



දැං කට්ටිය බලනව ඇති මේ යකා මොකෝ මේ සැලුන් ගැන කියන්නේ කියලා. හී...

මං අද කොන්ඩෙ (අම්මාගේ පාරිභාෂිත වචනය - වලස් තොප්පිය) කැපුවා අප්පා. දැන්නං නිකං ඇදුං නෑ වගේ දැනෙන්නේ. හික්ස්.

ප.ලි - 
අර කලිං කියපු බාබරයෝ දෙන්නා ගමෙං දිරා මාරුවීමත් සමගම අළුත් බාබර් අයියා කෙනෙක් ආවා. මෑන්  හිත හොද එකා. සහනදායී මිලකට මනුස්සයෙක් වගේ කොන්ඩෙ කැමති විදිහකට කපලා දෙනවා. ගමේම උං මිනිහටම කියලා කොන්ඩෙ කපා ගන්න නිසා බාබර් අයියට සරුයිලු.

ඔබත් ඔබේ කොන්ඩය කොටට කපා මනුස්සයෙක් වෙන්න!!!!!!!!

ප.ප.ලි - සාධාරණ වෙලදාම පාරිභෝගිකයාවත් වෙලෙන්දාවත් සමෘදිමත් කරයි

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

104 comments:

  1. හය්යෝ මම හිතුවෙ කඩු පයිට් එහෙමත් තියෙයි කියලා... අපරාදෙ මගෙ කිලෝ බයිට් ..

    ReplyDelete
    Replies
    1. මී අයියා ලගදි “ස“ ප්‍රසංගය අහලා වගේ...
      හික්ස්...

      Delete
  2. මංනං කපන්නෙ la paris එකෙං. ලසී මාලිංගගෙ කොන්ඩෙ හදන තැනිං. ඒකයි මේ ලස්සනට සෝයි එකට තියාගෙන ඉන්නෙ :D only Rs.350

    ReplyDelete
    Replies
    1. මාත් එකපාරක් කැපුවා “ලා පැසන්“ එකෙං..
      සර්විස් සුපිරි.. ගානත් අති සුපිරි..

      Delete
  3. මාත් පුංචි කතාවක් කියන්නම්. උත්තර දෙන්න බලන්න, පොලෝසියේ වැඩ කරන මහත්හොරෙක් හිටියලු, උගේ මූන පුරාවට කුරුලෑ දාලලු. ඉතින් මෑන්ට රැවුල බාගන්න විදිහක් නැතුව, උරුලෑ ටික කැපිලා ලේ වගුරක් වෙන නිසා. මිනිහට ඕනේ මේ එක උරුලෑවක් කැපෙන්නෙ නැතුන රැවුල කපාගන්නලු. ඒත් මිනාහා දවස් ගානක් සැලොන් ගානේ ඇවිදලා තියෙනවා මිනිහගෙ රැවුල බාගන්න. ඉතින් මේ පොලෝසියේ මහත්හොරා රැවුල කපන්න යන්නෙ උන්දැගෙ තුවක්කු බටේත් අතේ තියාගෙනලු. ඔය මහත්හොරා සැලොන් වලට ගිහිල් අහනවලු මගේ රැවුල බාගන්න පුලුවන්ද කියලා..සැලෝන් එකේ පොර කියනවලු හ්ම් පුළුවන් කියලා. ඒත් මහත්හොරා කියනවලු රැවුල කපන්න ගිහිල්ලා මූනේ තියෙන එක උරුලෑවක් හරි කැපුනොත් උඹේ ඔලුව කුඩු වෙන්න වෙඩි තියනවා කියලා. මල කෙලියයි. රැපියල් පනහක්, හැටක් නිසා වෙඩි කන්න ඕනෙද, බැරිවෙලාවත් වැඩේ වැරදිලි උරුලෑවක් කැපුනොත් මල කෙලියයිනෙ. මේ මේ මහත්හොරා හැම සැලොන් එකක් ගානෙම ගිහිල්ලා වැඩේ කොරගන්න බැරි වෙලා. වෙඩි කන්න එකෙක්වත් කැමති වෙලා නැහැ. හැක්ස්. ඉතින් අවසානෙ ගිහිල්ලා තියෙන්නෙ මම වගේ වයසක පොරක් ඉන්න සැලොන් එකකට. මහත්හොරා ගිහිල්ලා අහලා රැවුල කපන්න, පුළුවන් කිව්වලු, උරුලෑ කැපුනොත් හැට පැනපු සීයගෙ ඔළුව කුඩු වෙන්න වෙඩි තියෙනවා කිව්වලු. හ්ම් කමක් නැමැ. එන්න සෑර් මම රැවුල කපන්නම් ගේමක් නැහැ කිව්වලු. මලා ජෝන් ! ඇත්තටම ඇයි මේ හැට පැනපු වයසක උන්දෑ මේ ගේම බාරගත්තෙ. වැඩේ ගැස්සුනොත් ඔළුකට්ට කුඩු...:P

    තරියත් එක්ක එකතු වෙලා ඉන්න කටට්ය උත්තර දේවී කියලා හිතනවා.

    (පොස්ට් එක මලු. මම පොඩි සීන් එකක් කිව්වෙ ඈ..කමෙන්ට් එකට අකමැති නම් ඩිලීට් කරන්න. අවුලක් නැහැ ඈ..)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා..
      හිතා ගන්න අමාරුයිනේ...
      කට්ටිය උත්තර දුන්නනං..
      (මොකට ඩිලීට් කරනවද.. ඔන්න ඔහෙ තීද්දෙං)

      Delete
  4. ඉස්සර චූටි කාලේ පනුච්චිටත් ඔය වැඩේ උනා අප්පා.. අපේ පැත්තේ ඉන්න බාබර් ල ඔක්කොම පණ්ඩිතයෝ.. මට ඕනේ විදියට කැපුවෙම නෑ නේ... දැන් නම් කොන්දේ කපන අක්කා කිවුව විදියට කැපුවේ නැත්තම් එයාගේ කොන්ඩේ කපලයි එන්නේ ;)

    ReplyDelete
    Replies
    1. හෑහ්?????
      පනුච්චි මං ගාවට ආවනං තට්ටෙ ගාලා තමා යවනවා...
      හික්ස්...

      Delete
  5. මම නම් අහුවුන තැනකින් කොන්ඩෙ කපනව.. එක දවසක් නම් ලොකු සැලොන් එකකට ගිහින් කොන්ඩෙ කැපුව 500ක්ම ගත්ත.. දැන් නම් අපරාදෙනෙ 100යේ වැඩේට 500යක් දෙන්නේ කියල ඔය පුන්චි පහේ සැලොන් එකකින් කොන්ඩෙ කපා ගන්නව...

    ReplyDelete
    Replies
    1. 500ක්.. මගෙනුත් එකපාරක් 500ක් ගැලවුනා..
      දැං නං උපරිම යයි 150ක්..
      එච්චර තමා ආයේ...

      Delete
  6. මට කොණ්ඩෙ කපන්න යන්නේ රුපියල් 80 - 100 අතර ගානක්. මාසෙකට සැරයයි කපන්නේ. රැවුලනම් ඉතිං ගෙදරදි කපාගන්නවනේ. දැන් පුළුවන් කණ්නාඩියක් නැතත් කටපාඩමින් රැවුල කපන්න. පෝස්ට් එක නියමයි. ජය....!

    ReplyDelete
    Replies
    1. හික්ස්...
      මාත් කටපාඩමිං තමා රැවුල කපන්නේ..
      කොන්ඩෙත් එහෙම කපාගන්න තිබ්බනං හොදයි කීලා හිතෙනවා බාබර් උන්නැහේලගේ ආඩම්බර බලනකොට...

      Delete
  7. මටත් හෙන ආසාවක් තියෙනවා බං නෝට් ගාන්න :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ගාගෙන බලහං..
      පට්ට කූල් බං...
      උබ කැපුවම ඒක රාජකීය කට් එකක් වෙයි...

      Delete
  8. කොයි චණ්ඩියත්, මොන රාජ්‍ය නායකයත්, ඔලුව ඉදිමිලා අඩි දෙක තුනක් ඉහළින් යන එකාත් ඔලුව නැමුවා නම් නැමුවෙ බාබර් අයියට තමයි... ඒ අතින් බාබර් අයියා ලකී....

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත..
      අර බ්‍රහ්මදත්ත රජත් කිවුවලුනේ බාබර්ට සුදු කෙස් ගහක් දැක්කොත් කියහං තපසට යන්න කියලා..
      බාබරයත් ඒ ලොකු කමටද මන්දා අපිට අලි සීන් දාන්නේ..

      Delete
  9. අම්මට සිරි. මාත් දැන් කොන්ඩෙ කපාගෙන ආවෙ.

    ReplyDelete
    Replies
    1. හික්ස්..
      කුමක් හෝ අකරතැබ්බයකට මුහුනදුනිද රාජ් අයියත්??????

      Delete
  10. mamanam itin mage salon eken tama konde kapa ganne......... :D

    ReplyDelete
    Replies
    1. අපිට කොයිද සැලුන් අරලිය/අරලියා...
      අපි ඉතිං පොදු ස්ථාන වලිං තමා..

      Delete
    2. ayyo...mata salon ekak ne ayya.mama tama mage konde kapa ganne.

      Delete
    3. හෑ...
      ඒ ක්‍රෙම් අපිටත් කීන්නකෝ...
      එහෙනං සැලුන් එකේ එකාගේ ආඩම්බර බලන්න ඕන්නෑනේ..

      Delete
  11. mamanam konde kapanna giyama aniwa massage ekak dagannawamai.sapa kane ethakota

    ReplyDelete
    Replies
    1. අර වගේ සීන් එකක් උනාම සැප කනේ කන සාක්කුවේ..
      (හැමෝම ඒ වගේ අප්සට් නෑ.. නමුත් ගොඩක් අයට තාක්ෂණික දැනුමක් නෑ ඒ සම්බන්ධව)

      Delete
  12. කාලයක් මමත් වවල හිටියා කොහෙද රාජකාරි වෙලාවේදී කොණ්ඩය වැව සිටීම තහනම්ලුනේ ඒ නිසා කපන්න වුණා.

    ReplyDelete
    Replies
    1. කොන්ඩෙ වවලා ඉදලා කොන්ඩෙ කැපුවම ඔළුව ගැලෙව්වා වගේ දැනෙනවා නේ????
      ආතල්...

      Delete
  13. බලන් ගියාම ඒකත් එක සගිස්කෘරුතියක් නේද ? ඕවා ඇති කවදාවත් නැති වෙන්නැති බිසිනොස් තමා.. හරියට කොළොත් ගොඩේ ගොඩ..

    ReplyDelete
    Replies
    1. ගොඩදත් අහනවා...
      හැබැයි උං හරියට කරන්නැති එකනේ වැරැද්ද..

      Delete
  14. අන්න එකට බාබු අයියගේ බාබර් සාප්පුව ,කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කලත් එකම කට් ඒක ,එකම ගාන

    ReplyDelete
    Replies
    1. හික්ස්..
      ඉහත කතාවේ 1 වෙනි බාබරයාද එසේය..
      කොහොම කිවුවත් සුපුරුදු කට් එක ඒ ආකාරයෙන්ම කැපේ..

      Delete
  15. කොණ්ඩේ කපන එකා අපිට ඕනි විදිහට කපන්නේ නෑ තමා.කොණ්ඩේ කොටට කපලා ඉද්දි මාර සනීපයක් දැනෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒ සනීපෙ විස්තර කරන්න වචන නෑ..
      කපලම බලන්න ඕනා ඉතිං (කොන්ඩෙ..)

      Delete
  16. පට්ට !

    මාත් දෙන්නම් බාබර් කතා පැලෙන්න. අපි රෙන්ට් කරල තියෙන කඩයක් තියෙනවා ඒකෙ මම 3වසරේ ඉන්න කාලෙ ඉදන් තියෙන්නෙ සැලුන් එකක්. අපේ කොල්ලෝ සැලුන් එකට එන්න සෙනග ඉන්නවද කියල අහන්නෙ මට කෝල් කරල. සැලුන් එක වහලද ඇරලද අහන්නෙ මගෙන්. සමහර උන් ඇවිත් කොන්ඩෙ කපන් යනකල් මම උන් එක්ක කතා කර කර ඉන්නෝනි සැලුන් එකට වෙලා.

    හරි මගුලක් බං !

    ReplyDelete
    Replies
    1. ආතල් ජොබ් එක නේ සෑමයියේ...
      කවුරුන් හෝ සැලුන් එකක දවසක් හිටියොත් ඌ අවුරුද්දක අත්දැකීම් ලබාගන්නවා..
      හා නැද්ද????

      Delete
  17. යකෝ උඹලගේ පැත්තේ මාර බාබර් අය්යලා නෙ බං ඉන්නේ. මටත් ඔහොමම නොවුනත් මගෙ බෙල්ල කපන්න හැදුව දවසක් එකෙක්.තව දවසක් කම්මුලේ ලිඳක් කපන්න හැදුවා. ඊට පස්සේ සෑහෙන කාලයක් මමත් වලස් තොප්පියක් දාගෙන හිටියා. :) ඔය ප්‍රොෆයිල් ෆොටෝ එකෙත් යන්තමට පේනව ඇති.

    …මට කොටට කොන්ඩෙ කපන එක හරි යන්නේ නෑ. මගේ ආරෝහ පරිණාහ සිහින් ශරීර කූඩුවට උඩින් තියන ඔළුගෙඩිය එතකොට නිකං කරුංකා ගෙඩියක් ඉරට්ටක උල ගැහුවා වගේ.

    වලස් තොප්පියට ජයවේවා!!! :)))

    ReplyDelete
    Replies
    1. වලස් තොප්පියට මාත් ආසයි..
      ඒත් ප්‍රස්නේ එන්නේ බස් එකේ යද්දි..
      හුලගට යනවා අප්පා..

      Delete
  18. මමත් වවාගෙන එනෝ තමා.. එක පාරක් ගෙදරින් කෑ ගහලා හොඳටම කොට කරා.. ඒ පාර කෙල්ලෝ කියනෝ මොංගල් වගේලු.. වවන්නලු... අනේ මන්ද..? මම නම් ඔය මුකුත් දන්නේ නෑ.. හැබැයි අර දැලි පිහියෙන් කන පිටිපස්ස දෙපැත්ත කපද්දී නම් මාර ආතල් එකක් තියෙන්නේ.. මම නම් තමා බාබර් සාප්පුවකින් රැවුල නම් කපල නෑ.. :D :D
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
    Replies
    1. කපන්න රැවුලක් නැද්ද දන්නෑ බොට..
      හිකිස්...
      දැලි පිහියෙං කපනකොටනං සිරා ආතල් තමා..

      Delete
  19. හිනා ගියා අප්පා මේක කියවල.අර පින්තුරේ ඉන්න පොඩි එකත් මරු.හී හී :)

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා හිනා ගියේ...
      කොන්ඩෙ කපලා නැද්ද හිරුවෝ...
      කොන්ඩෙ කපනකොට මාත් ඒ පොඩි එකා වගේ තමා...

      Delete
  20. හි හි..... බාබර් කතා.... මතක ඇති කාලෙකින් ගිහිල්ලා නෑ.... සැලොන් එකකට යන්නෙත් පිළිවෙලකට යන්න ඕනෙ වෙඩින් එකක් තියෙනවා නම් විතරයි... වැඩිය වැදගත් නැති පහේ වෙඩිමක් නම් ඒත් යන්නේ නෑ.....

    ReplyDelete
    Replies
    1. කෙල්ලංට වගේ නෙමේ...
      කොල්ලංටනං ෂෝට පිටිං උනත් ගිහිං ගින්නක් නැතුව බාබරයගේ ආඩම්බරත් බලාගෙනම කොන්ඩෙ කපං එන්න පුළුවං හිරු අක්කේ..

      Delete
  21. බාබර් සාප්පුවකින් රැවුල කපලමනෑ බං @ කොන්ඩේ කපන ගමන්

    ReplyDelete
    Replies
    1. නිකමටත් එක්ක කපලා බලන්නකෝ දිනෙල්ක (රැවුල)

      Delete
  22. බුදු අම්මෝ...එහෙමත් මසාජ් එකක්..

    ReplyDelete
    Replies
    1. එහෙම තමා මසාජ් බාබර් අයියලගෙ..
      සැප කනේ කන සාක්කුවේ..

      Delete
  23. කොන්ඩේ කපනව නං තරියගේ සැලුන් එකට යන්ඩො..හික්ස් ඌට කොස්මිසන් එකක් ලැබෙනවලූ

    ReplyDelete
    Replies
    1. ඔය කිවුවේ රාජ් අයියත් ඉදලා ඉදලම...
      මට සැලුනයක් තිබේනං මෙහෙම තට්ටෙ ගාං ඉන්නවද උලම වගේ..
      හික්ස්..

      Delete
  24. මම නම් ලංකාවට ගියාම කපන්නේ තාමත් මගේ පුරුදු සුපුරුදු බාබර් අයියාගෙන්. ඌ එනකම් වරුවක් දෙකක් හිටියද පාඩු නැත. ඌ මගේ විදියට කොන්ඩේ කපයි. මෙහෙ ඉන්දියන් එවුන් ලෙසටම කොණ්ඩා කපයි. ඒත් උන්ට මම දෙකයි එකයි එකයි කියමි. නැතිනම් කණත් නැත. ඒත් දැන් කපන තැන පිල්ලා ලෙසටම කොන්ඩේ කපයි. නමුත් ඒ පිල්ලා නැති දාට එන පිල්ලා ඉන්නවා නම් මම පළාතේ නොයමි. ඒ ඌ ද දෙවැනි සැලුන් එකේ අයියා වගේම බැවිනි.

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් උං නං ඉතිං සුපිරියි කියලා ආරන්චියි..
      කොහොමත් තැනකට පුරුදු උනාම කපන විදිහ කියන්න ඕන්නෑ ගානට කපනවා..

      Delete
  25. කොන්ඩේ කොටට කැපුවම මං නිකන් පොඩි එකා වගේ ඉතින් මං අපි වවමු රට නගමු කියලා කොන්ඩේ වවනවා කොන්ඩේ කපන්නේ ගෙදර යන්න කිට්ටු වෙලා තමා ;)

    ReplyDelete
    Replies
    1. මමත් පොඩි එකා වගේ වෙනවා..
      මං දැං මේ කම්පනා කරන්නේ කෝමද සෙනසුරාදට ක්ලාස් යන්නේ කීලා..

      Delete
    2. ඔක්කොමත් හරි එක එකා කෝචෝක් එකට හිනා වෙද්දී තමා ඉවසන්න බැරි :/

      Delete
    3. සිරාවට..
      එවුවනං ඔට්ටු නෑ ඈ...
      ඇයි අප්පා..
      අපි කියලා කප්පවගත්තා වගේ..

      Delete
  26. බාබර්ල හුඟක් උන්ට වර්දින්නෙ උන් උන්ට ඕන විදියට කොන්ඩෙ කපන නිසා. ටිකක් උන්ට හරි යන්නෙ උන් මිනිස්සුන්ට ඕන විදියට කපන නිසා. උඹේ මේ මගුලෙ අකුරු පොඩි වැඩියි කම්නෙට් කියවන්න බෑ....!

    ReplyDelete
    Replies
    1. චෝදනාවට බෝම ස්තූතියි...
      දන්න කෙනෙක් කියලා දෙන්නකෝ මේ කමෙන්ට් වල ෆොන්ට් සයිස් එක ලොකු කරන හැටි..

      Delete
  27. හික්..නියම කථා ටික බං.. මමත් කාලයක් එලියට බහින්න බැරුව හිටියා පුරුදු වෙන බාබර් යාලුවෙක්ට කොන්ඩේ කපන්න දීලා

    ReplyDelete
    Replies
    1. අයියෝ මතක් කරන්න එපා...
      ඇයි තට්ටෙ ගාලා කියලා ක්ලාස් වල කෙල්ලො අහනකොට කිවුවේ කැඩෙටිං වලට කියලා..
      නැත්තං නෝන්ඩියනේ..

      Delete
  28. අඩෝ මගේ කොන්ඩේ වැඩිපුරම කැපුවේ අපේ ඉස්කෝලේ විනය බාර සර් ..තව මොන කතාද?

    ReplyDelete
    Replies
    1. හික්ස්...
      අපේ එවුං අතරත් එහෙම උං නොහිටියා නෙමේ..
      මං ඉතිං විනය ගරුක සිස්සයෙක් නිසා ඒම සීන් උනේ නෑ ඈ...

      Delete
  29. හෙහ්..හෙහ්..සතියකට සැරයක් 100ක් පූජා කරමි..!!!

    ReplyDelete
    Replies
    1. සතියකට සැරයක්??????
      රැවුලට විය යුතුයි..

      Delete
  30. රැවුල කපන්න සැලූන් එකකට යන්න ගියොත් මට සතියකට දෙපාරක් වත් යන්න වෙනවා..හපොයි..
    එච්චර බෑ.කොණ්ඩේ කපන්නෙත් මාස තුනකට සැරයක් වගේ. අපේ නංගි මගේ කොණ්ඩෙට කොණ්ඩ බූල් නොදාන ටික විතරයි :(

    ReplyDelete
    Replies
    1. හික්ස්...
      අපේ නංගිටත් ලැජ්ජයි කීන්නේ මං කොන්ඩෙ වවං ඉන්නකොට..
      අනේ උංගෙ ඉස්ටයිල්..

      Delete
  31. මාත් යනවා හෙට කපාගන්න ! මම කිව්වේ කොන්ඩේ
    ජය!

    ReplyDelete
    Replies
    1. කපා ගං කපා ගං..
      මනුස්සයෙක් වගේ ඉදිං...
      හික්ස්..

      Delete
  32. මම ජීවිතේටම කොණ්ඩෙ මට ඕනෙ විදිහට කැපුණා කියලා සතුටු වුන වාර ගණන අතේ ඇඟිලි ගානටත් අඩුයි..

    දැන් නම් එක බාබරයෙක් ගාවට තමයි යන්නෙ.. ඒ සැලුමෙම අනිකට කියලවත් කප්පන්නෙ නෑ..

    මසාජ් එකක් දානකොට ආතල් වුනාට නොදැන කොරන මසාජ් භයානකයි තමා.. අපේ නම් මසාජ් කළත් නොකළත් එකම ගාන හින්දා මම නම් මෙච්චර කල් කොරගත්තා.. ඒත් අර රිස්ක් එක තිබ්බා..

    මම ජීවිතේට සැලුන් එකකින් රැවුල කපා නැත... රැවුල් කට් ඕන ඕන විදිහකට පිළිවෙලට මමම තබා ගනිමි..

    ReplyDelete
    Replies
    1. දේවදූත පේරහැර කියන්නෙ මොකක්ද කියලාත් කියපන්...

      Delete
    2. මම දන්න හුගක් උං කවදාවත් තමංට ඕන විදිහට කොන්ඩෙ කපං නෑ...
      ස්තූතියි හරී කමෙන්ටුවට..
      ජයවේවා!!!!!!!!!!

      Delete
    3. දේවදූත පෙරහැර කියන්නෙත් පෙරහැරක් තමා..
      මේකෙදි දේවදූතයෙක් හැටියට පොඩි පිරිමි ළමයෙක් පත් කරලා චාරිත්‍ර ඉටු කරනවා..
      මේ ගැන වැඩි විස්තර මං පස්සෙ බ්ලොග් එකේම පෝස්ට් එකක් හැටියට දාන්නං..!!!!!!!!

      Delete
  33. අපි නම් සැලුන් වලට යන්නෙ කොන්ඩෙ කපන්න නෙවේ හදන්න...ඒ නිසා ඔහොම ප්‍රශ්න නෑ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ..
      කොල්ලෙක් වීමේ වාසි වගේම අවාසිත් අම්බානක තීනවා...
      හික්ස්..

      Delete
  34. Replies
    1. එළ නං එළම තමා කුරුල්ලෝ...
      ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!
      ජයවේවා!!!!!!!!

      Delete
  35. ඇත්තම තමයි සමහර සැලුන් වල බාබර්ලා කොණ්ඩෙ කපන්නේ උන්ට ඕනෙ විදියට. හැබැයි හෙඩ් මසාජ් එකක් නම් කියල වැඩකිනෑ. සමහර වෙලාවට බෙල්ල ගලවලා අතට දුන්නා වගේ දැනෙනවා

    ReplyDelete
    Replies
    1. අප්පේ ඔව්...........
      මං නං මලාට මසාජ් කර ගන්නෑ...

      Delete
  36. හපෝ අපේ ගමෙත් හිටිය ඔය වගේ බාබර්ලා තරියෝ. කොන්ඩේ කපන්ඩ ගියාම, දවසක් උ මට කිව මල්ලි නිකන් මුණ එම්බාම් කරලා වගේනේ ඕකට හොඳ ෆේෂල් එකක් කරන්න කියල. මම කිව ඉතින් මෙහෙ හොඳ තැන නෑනේ කියල.. මිනිහ කිව මල්ලි මමත් ෆෙෂල් කරනවා නියමෙට කරලා දෙන්නම් කියල. එයින් පස්සේ මම පැත්ත පළාතේ ගියේ නෑ.

    ReplyDelete
    Replies
    1. ගියානං අද පැතුමටත් හරි තමා...
      හික්ස්...
      ඒ අය ලැජ්ජ බයට හැදිච්ච කොල්ලොනේ...

      Delete
  37. උඹලා නිරුපද්‍රිතව ආවද බන් ඕකෙන් එලියට?

    ReplyDelete
    Replies
    1. වැඩදන්න නිසා ආවා ඉතිං...
      හික්ස්..

      Delete
  38. හප්පා මටත් එපාම වෙන එකක් ඔය කොන්ඩේ කපන එක..කපන්න කලින් සේව් කරගන්නවත් තිබ්බනම් වැරදුනාම ආයි ලෝඩ් කර ගන්න තිබ්බා...කොහෙද ඒකත් බෑනේ..

    ReplyDelete
    Replies
    1. සිරාවට මටත් ඕක හැමතිස්සෙම හිතෙනවා සැලුනයකට ගොඩවදිනකොට...
      ඉහි ඉහි..
      ඇඩෙනවා..

      Delete
  39. අපරාදෙ..
    යාළුවගෙත් කප්පවන්න තිබ්බෙ!! :)

    ReplyDelete
    Replies
    1. ඌ කරපු සුනඛ පෝතක වැඩේට උගෙත් කප්පවන්න තිබ්බනං එල..
      ඒත් තව ටිකක් වෙලා හිටියනං අපේ චරිතෙට කෙලවෙන හිංදා පසුපස නොබලාම මාරු උනා..

      Delete
  40. මමත් කොණ්ඩේ කපන්න අපේ පැත්තේ ඉන්න බාබරයා ගාවට නම් යන්නේ නැහැ. ටිකක් ඈත එකෙක් ඉන්නවා මිනිහා ගාවට යන්නේ. රැවුලයි කොණ්ඩෙයි කපාගෙන මසාජ් එකකුත් දාගෙනම එනවා. රු. 150. මදෑ අපේ හැටියට ඔය හොඳටෝම :D

    ReplyDelete
    Replies
    1. ඇති නේන්නං..
      හොදට කපනවනං 150ට දෙන්නංකෝ 200ක්ම..
      හික්ස්..

      Delete
  41. එල එල මචන්..මරු කතාව

    ReplyDelete
  42. ඇත්තෙන්ම කොන්ඩේ කපන එක හැමෝටම හරියට කරන්න පුලුවන් එකක් නෙමේ. . හොඳට කොන්ඩේ කපන එකෙක් අහු වුනොත් ආයේ ඉතිං මැරෙන කම් ඌම තමා . .

    ReplyDelete
    Replies
    1. අහුවෙන්නැති එකනේ වැඩේ...
      හරියට කරනවනං ආයේ වෙන ජොබ් ඕන්නෑ..

      Delete
  43. තරියා පෝස්ට් එක ලස්නනයි.

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි නලීන්!!!!!!!!!

      Delete
  44. ආතල් කතාව තරී.මමත් සෑහෙන කාලෙකින් සැලුන් එකක් පැත්තෙ ගියෙ නෑ.යන්න ඕන බලන්න.

    ReplyDelete
    Replies
    1. හික්ස්..
      එහෙනං ඔබත් වලස් තොප්පියක හිමිකරුවෙක් වගේ...
      ජයවේවා ඈ..

      Delete
  45. මමත් පෙරේදා කොන්ඩේ කැපුවා...ඌ මගෙන් ගන්නෙ 100, මට ඕනෙ විදියට කපලත් දෙනවා... හික්ස්

    ReplyDelete
    Replies
    1. උබ වාසනාවන්තයි මචං....!!!!!!
      මට ඉරිසියයි!!!!!

      Delete
  46. හප්පච්චියේ හිනා කාලා පණ ගියා...
    සුපිරි හතයි හොඳේ....

    ReplyDelete
    Replies
    1. සුපිරි හතයි?????
      අදමයි ඇහුවේ...
      හිකිස්....
      එල එල ඈ......

      Delete
  47. කර ගල ගගා ඉන්න .කර ගල ගගා ඉන්න
    කරණවෑමි සොහොයුරාණනේ.
    කරදර තැවුල් බරින් මගෙ හිස මුදා ලන්න
    කරණවෑමි සොහොයුරාණනේ

    ReplyDelete
    Replies
    1. මේකේ ලියැවිලා තියෙන සමහරුන්ටනං සොයුරා කියන්න හිතෙන්නෑ ඕං..

      Delete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????