මයුර අයියා - මල්ලි දන්නවද රාවනාව???
මම - ඔවු අර ඉස්සර හිටියා කියන්නේ...
මයුර අයියා - මල්ලි දැක්කද සුනාමිය...???
මම - දැක්කා කියන්නේ ඇත්තටම දැක්කේ නෑ ටීවී එකේ දැක්කා..
මයුර අයියා - දන්නවද සුනාමි ඇති උනේ ඇයි කියලා??
මම - භූ කම්පනයක් නිසානේ... ඒකවත් දන්නැද්ද????
මයුර අයියා - ඒ හැමෝම දන්න කතාවනේ.. ඇත්ත කතාව දන්නෙ කීප දෙනයි..
මම - මොකක්ද ඔය ඇත්ත කතාව..
මයුර අයියා - ඉවසීමෙං අහං ඉන්න පුළුවංනං කියන්නං..
මම - හ්ම්ම්ම්.. පුළුවං.. කියන්න..
මයුර අයියා -
මල්ලි රාවණාට ඉස්සර කිවුවෙ දසිස් කියල ඒ කියන්නෙ ඔලු දහයක් නෙවෙයිදහයක් ප්‍රදේශ පාලනය කරයි කියන එක. ඉතින් කෝම හරි ඔය රාමවයි -සීතවයි පිටුවහල් කළාම ඒ දෙන්න ආවෙ මේ අපේ රාවණා පාලනය කරපු පැත්තට ඉන්දියාවෙ... ඒ අනවසර ඇතුල්වීම ගැන හේතු අහන්න ගිය සුපණ්නකාට කරපු අරියාදුව පිරිමසාගන්නයි රාවණා රජ්ජුරුවො රාමව මරන්න ඉන්දියාවට ගියේ...
මම - ඒක මං දන්නවා.. සුනාමියෙයි ඒකෙයි අතර සම්බන්ධෙ මොකක්ද????
මයුර අයියා - තෝ ඉවසීමෙ කියන එකේ තේරුම දන්නැද්ද යකෝ...
මම - හරි හරි ... ෂේප් ෂේප්.. කතාව කියන්නකෝ..
මයුර අයියා -
ආයෙත් විකාර කලොත් කියන්නෑ ඈ...
හරි... රාවනා රාමව මරන්න ගියාට ගියාට රාම හිටියෙ නෑ.. රාමගෙ බිරිඳව අරන් ආව.... ඔය පොලිසියෙන් කරනව වගේ මොකද එතකොට නෝනව බේරගන්න එන්නම එපැයි.. පස්සෙ කාලෙක රාම ආව වඳුරො රංචුවක් එක්ක අපේ රටට රාවණාව මරන්න..
විසිවාස කරන්න විශ්ණුගෙ දස අවතාර වලින් 1ක් වන රාමට සහය දුන්නෙ වඳුරො..
ඒ විතරක් නෙමෙයි පොතේ හැටියට රාවණාව පරද්දන්න මුහුදු වෙරළෙ ඉඳන් අඩියක් රට ඇතුලට එන්ඩ බැරිව රාම - රාවන යුද්ධ කරනව අවුරුදු 20ක්ම....
කාලෙකදි රාවණාගෙ මල්ලි විභිසණ රාවණාට විරුද්ධ වෙලා රට ඉන්දියන් කාරයට පාවල දෙනව...
රාවණ මළාට පස්සෙ විභිසණට රට දීල රාම ආපහු යනව....
ඒ රාමායනය....
මම - හ්ම්ම්ම්... ඉතිං...
මයුර අයියා -
ඉතිං බං ඔය අපේ රාවණට තිබුණ දඩු මොණරයක්..
අන්න එතනනිනුයි මේ කතාව පටන් ගන්නෙ. ඇත්තටම රාවණාට දඩූ මොණරක් තිබුණද එහෙම තාක්ෂණයක් තිබුණද ?
මම - තියෙන්නැති...
මයුර අයියා -
තියෙන්නැති නෙමේ බං තිබුණ ඒ දඩු මොණරෙ නවත්වපු තැන තමයි වාරිය පොල
වා - වාතයෙන් යන
රිය - එථය
පොල - නවත්වන ස්ථානය
පංච තන්තරේ සඳහන් වෙනව ගුරුලු යනතරයක් ගැන ඉගිල්ලෙන...
ඒත් මේ තාක්ෂණයමයි..
හැබිය මම කියන්නෙ ටිකක් වෙනස් කතාවක්.....
දඬු මොණරෙ කියන්නනෙ ලොකු සතෙක් ඇදගෙන දුවපු වාහනයක් හැබැයි ගියෙ උඩින්...
ඇත්කඳ ලිහිණිය වගේ දඬු මොණරෙක්... විශාල එකෙක්.... කදිර ( කතර ගම )දෙවියංගේ වාහනේ මයුර...
දඬු මොණර කියන්නෙ මහ විශාල බලයක් තිබුණ විශාල සතෙක්...
මේ දෙන්න අතර තව සම්බන්ධයක් තිබුණ
රාවණාට දසිස් කිවුව වගේම රාවණා ගාව තිබුණ මුද්දක්..
මහා බලගතු එකක්...
මම - ලෝඩ් ඔෆ්ද රිං වගේද????
මයුර අයියා -
වෙන්නැති.. අන්න ඒ මුද්දෙන් තමයි මේ මොනර පාලනය වුනේ...
කොටින්ම කියනවනම් මොණරව පේන්නෙ මුද්ද පැළඳගෙන ඉන්න කෙනාට විතරයි..
ඒ වගේම සාමන්‍ය කෙනෙක්ට මේ මුද්ද පැලදින්නත් බෑ...
වෙන කෙනෙක් ඒක පැළදුවොත් මොනරට දැණෙනව.....
රාම එක්ක කරපු යුද්ධෙදි කුම්භ කරණ යෝධයව යුද්දෙට එවුව (රාවණාගෙ සහෝදර ) එයත් පරාද වුනා..
රාවණාට තිබුණ දඩු මොණරෙන් පැනල යන්න, ඒත් එහෙම කලේ නෑ...
මතක තියා ගන්න සීත ව ගෙනාවට මොකද රාවණා බලෙන් විවාහ කරගන්නවත් බලපෑම් එල්ල කලේවත් නෑ.
රාම එනකල්ම අවුරුදු 23ක් විතර හිර කරන් හිටිය විතරයි.... රාවණා යුද්ධෙන් පැරදුණ..
රාවණාගෙ ශරීරය මිහිදන් වුනා..
රාම ට විභිශණ කිවුව රාවණා ගෙ මුද්ද සහ දඩු මොණර ගැන..
කවදා හරි මොණරා ඇවිත් ආපහු තමන්ට කරදර කරයි කියන බය රාමට ඇති වුණා...
රාම මුද්ද හැංගුවා..
ඒ රූමස්සල...
ඒ කියන්නෙ හනුමා ඉන්දියාවෙන් ගෙනාවයි කියන හිමාලෙ කන්දෙ කෑල්ලෙ...
හේතුව ඒක ඉන්දියාවෙ කොටසක් දඬු මොනරට අලුත්...
ඒ වගේම හනුමන්ත ලවා දඬු මොනරව හැංගුවා...
ඒ ලංකාවට ටිකක් එහායින්..
මුහුදෙ පත්ලෙ....... එදායින් පස්සෙ ඒ කතාව එහෙම්ම වැලළිලා ගියා.........
හැබැයි පරම්පරා ගාණක් ඒ ගැන දැනගෙන හිටපු මිනිසුන් පිරිසක් හිටිය ඒ රාවණාගෙ ඇමති මණ්ඩලයෙන් පැවත එන.......
මම - අම්මටසිරි...
මයුර අයියා -
ඉස්සර අපේ පොත් වල හැටියට
නාග ගෝත්‍රය හිටියෙ - නාගදීපෙ -කැලණියෙ
යක්ෂ ගෝත්‍රය හිටියෙ - මහියංගනේ
දේව ගෝත්‍රය හිටියෙ - සමනල කන්දෙ
ඔය තුන්ගොල්ල එකතු වුණොත් යුද්ධයක්...
බුදුහාමුදුරුවො සමනල කන්ද වැඩිය දෙයියො බලන්න... මහියංගනේට වැඩිය යක්ෂයො දමනය කරන්න කැලණියට නාගදීපෙට වැඩිය නාගයෙ බලන්න...
මේ තුන්ගොල්ලම එකට හිටයෙ එකම එක ගමක විතරයි... ඉන්න පුලුවන් වුනේ... ඒකත් හාස් කමක්... ඒ තුන්ගොල්ලම එකට හිටිය එක ගමයි ලංකාවටම තිබුනේ...
ඒකත් රාවණාගෙ හාස්කමක්
රාවණා පරපුර පැවතුණේ එහෙ.
ඒ තමා "අරණායක"
අර - දෙවියො නා - නාග යක - යක්ෂ
අර නා යක
ඒ ගමේ අවුරුදු ගණන් රාවන යුගයට අයිති පරම්පරා හිටිය
අදටත් ඉන්නවා..
ඒ එක්කෙනෙක් දැනන් හිටිය මේ රාවණාගෙ මුද්ද ගැන. එයාල සාකච්චඡා කරලා මුද්ද ගන්න තීරනය කලා.
කවුරුවත් නොදැනම රූමස්සලට ගියා. කන්ද හෑරුව. නියම විදිහට මුද්ද ලැබුණ එයාලට..
හැබැයි වැඩි දවස් තියාගෙන ඉන්න ලැබුණෙ නෑ එක පාරටම ලංකාවට ටිකක් ඈතින් මුහුද දෙබෑ වුනා.
රිච්ටර් මාපකේ සදහන් වුණේ 8.9 කියල මහා භු කම්පණයක් ඊට කලින් දෙක තුනක්ම වුණා ඊට අඩු. හැබැයි කවුරුත් දන්නෙ නෑ කවුරුත් හිතුවෙත් නෑ.. හැමෝම කිවුවෙ සුනාමියක් කියල ... ඒ හරියටම 26වෙනිද මුද්ද
එලියට ආව දවසෙ මුහුදෙ මහා කැළඹිමක් වුණා..
ලංකාවට ටිකක් එහායින්.....
මුහුදට යටින් පොලව දෙබෑවුණා...
මහා මූදු රැලි ආව.... සෑහෙන්න ජීවිත විනාස වුණා....
මේ එක්කම තව දෙයක් වුණා.. ඒ තමා තමා අරණායක ගමේ මිනිස්සු කලබල වුනා... රාවණාගෙ මුද්ද දරන්නාට දඬු මොනරව පේන්න පටන් ගත්ත...
සුනාමියක් කියල කිවුවට ඒ දඩු මොණරා නිදහස් වීම කියල ඒ අය දැන ගත්ත....
මුද්ද ගත්තට ඒකෙ බලය අද වර්තමානයෙ භාවිතා කරන්න රාවණා තරම් තේජස් කෙනෙක් නෑ කියන එක අවබොධ වුණා...
දවසින් දවස පැයෙන් පැය ලොකෙට විපත්ති වැඩි වුනා...
මහා සුළි සුළං හැමුව හිටි ගමන් රටවල් වලට... 26 නිදහස් වුණ දඬු මොණර මුද්ද හොයාගෙන අයිති කාරය හොයාගෙන ලෝකෙ වටේම ගියා....
මේ බව තේරුම් ගත්ත අරණායක රාවණා පරපුරේ ප්‍රදානිය අයෙමත් මුද්ද තිබුණ විදිහට තැන්පත් කාලා...
ඒ කියන්නෙ හරියටම දෙසැම්බර් 28.... ලෝකෙ පුරාම පියෑඹුව දඬු මොනරට තමන්ගෙ හිමිකාරය (රාවණ ) හොයා ගන්න බැරි වුණා ..
ඒ නිසම ආයෙමත් තමන් හිටි තැනට ගිහිල්ල මූදෙ නිදාගත්ත...........
හැබැයි ඒකෙන් වුණ හානියෙන් තාමත් රටවල් ගොඩක් දුක් විඳිනව.....
ඔන්න ඕකයි මල්ලි ඇත්ත කතාව...
ඔන්න ඕකයි මල්ලි ඇත්ත කතාව...
කාත් එක්කවත් කියන්න යන්න එපා..
මොකද නොදන්නවා උනාට මං වගේම උබත් රාවන පරම්පරාවේ එකෙක්..
තව කතා අහගන්න ආසද මේ වගේ... යන්න හම්බවෙන්න කුරුල්ලව.. හැමදාම නෑ හැමතැනම නෑ..
කතාව නම් පංකාදු පහයි. හරිම රසවත්. ගොඩක් ස්තුතියි මේ වගේ එකක් දැම්මට.
ReplyDeleteගෞරවට කුරුල්ලට තමා...
Deleteමනුස්සයා හරි කතා කාරයා...
ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!!!!
:ඔ :ඔ :ඔ මොකක්ද මේ??
ReplyDeleteමේක ප්‍රභන්ධයක්....
Deleteඒ කියන්නේ හිතලා ලියපු කතාවක්...
වැඩිය හිතන්න එපා!!!!!
උඹ කියන්නෙ ඇත්ත වුණත් බොරු වුණත් මේ කතාව නම් සිරාවට දැණුණා.. ලියපු පිළිවෙළ ඉතාම හොඳයි.. සදා ජය!
ReplyDeleteහප්පේ...
Deleteමෙන්න නෙරංජි අක්කත් ඇවිල්ලෝ...
පිලිගන්නවා ඈ කෙරුවාවට...
මේක ඇත්ත නෙමේ අලේ.. ප්‍රභන්ධයක්...
ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!!!
ඒ... ඒක බොරුද? ඇත්තද? ඇඟ හිරිවැටිලා ගියා...
ReplyDeleteමං ඉතිං බොරු කියන්නෑනේ...
Deleteහැබැයි මේක කුරුලුගේ කතාවක්...
එයා කරපු නිර්මාණයක්...
එල එල බන් ජය සිරා කතවක්
ReplyDeleteතැංකූ තැංකූ සචිත්....
Deleteජයම වේවා ඈ...
හොඳ කතාවක්. :)
ReplyDeleteස්තූතියි සිතූ!!!!!!!!
Deleteජය!!!!
අම්මට උඩු..... :)
ReplyDeleteමේක මන්දාරම් කෙප්පයක් උනත් මාර රහයි බං
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කෙප්ප අරින්න කැලණියේ කොල්ලො රුසියෝ...
Deleteකුරුල්ලත් කැලණියේ...
සුපිරි ඈ....
ReplyDeleteඅළුත් රජෙක් අල්ලගමුකො බං.. රාවණා පට්ට ගැහුවා ඇති
ඒක තමා මාත් බැලුවේ...
Deleteමීවනපලානේ රාවනාව අයිතිකරංනේ...
අපි මොක්කුද මීවනපලානෙත් එක්ක හැප්පෙන්න..
කුරුල්ලෙක් නයෙක් ඇරපු හැටි දැක්කමයි
ReplyDeleteහම්මටසිරි...
Deleteකුරුලු අරින තරමක් නයි තමා...
මං හොදා..
කටේ කෙළ හිඳුනා...
ReplyDeleteහම්මෝ,බොරුවක් නම් අපායේ යයි හලිද...
හී,හරිම ලස්සනයි...
raawana paramparawe kollek inne ;D kaatada aadambara :D
Delete@ බිනා...
Deleteඇයි අනේ කෙල හිදුනේ??????
බොරුවක් තමා... මං අපායේ යයිද??????
@ වරුණ...
පල පල මෙතන නිකං කිංඩි දාන්නැතුව...
හෑ මතකයි මේ කතාව මාත් අහන්හිටියා :D
ReplyDeleteඋබට මතකද මේක අහලා මමයි කෝසලයයි රූමස්සල හාරන්න ගියා....
Deleteතොපිලා දෙන්නාව තව පොඩ්ඩෙන් පොලිසියෙන් අල්ලගෙන අන්තිමට හතර වෙනි තට්ටුවෙන් තමා හොයාගන්න වෙන්නේ :D
Deleteහි හි....
Deleteරූමස්සල හාරන්න හදනකොට තමා අපිට ආරන්චි උනේ මේක කෙප්පයක් කියලා...
නැත්තං සී.අයි.ඩී නෙමේ මොක ආවත් හාරනවා..
ඔව් ඔව්
Deleteමුන් රූමස්සල හාරලා ඊට පස්සේ කරන වැඩත් කතාකලා
එවුවා කියන්න එපා බං...
Deleteහරිනෑනේ...
ඇත්ත නැත්ත මොනා උනත් කතාව ලියලා තියෙන විදියට බෝරිං නැතුව කියවගෙන යන්න පුළුවන්..නියමයි
ReplyDeleteතැංකූ වේවා තැංකූ වේවා....
Deleteමේක ඇත්තද දන්නෑ...
හැබැයි කුරුල්ලනං හිතලා මවාගෙන ලියලා තියෙන්නේ...
ඒකයි ප්‍රභන්ධ කියලා දාලා තීන්නේ...
හිහි..
එළ ඈ.. නියම පෝස්ට් එක.. :)
ReplyDeleteතැංකූ තැංකූ ඈ....
Deleteඑතකොට අර දඬු මොනරේ ටෙස්ට් කරන්න දක්ෂිණ හයි වේ එකට දැම්ම කිව්ව එකත් ඇත්ත වෙන්න ඇති...ඌ ඒ පැත්තෙත් ගිහින් අයිති කාරයා හොයන්න ඇති..හිහි
ReplyDeleteඅනේ මන්දා...
Deleteඒකනං මීවනපලානෙගෙංම තමා අහන්න ඕනා...
මොකද එයානේ ඒක කිවුවේ...
(අපි කමෙන්ට් වලිං පෝර දැම්මට)
ane manda ban serama mithya kiyala ahaka dannath be bn.api balan imu.
ReplyDeleteහ්ම්ම්ම් හ්ම්ම්ම්...
Deleteඅවතාර් මේක සීරියස් අරං වගේ...
මචං මේක ප්‍රභන්ධයක් ඈ...
මට නිකම් කැරකිල්ල වගේ....
ReplyDeleteඒ මොකෝ අප්පා ඒ??????
Deleteමටත් නිකන් කරකැවිල්ල වගේ තමා.. අම්මෝ මූ ඇරපු පට්ට නයෙක්..
ReplyDeleteදඬු මොනර කුරුළු නයියෙක්
ආ ඒ පාර හැමෝටම කැරකවිල්ලද??????
Deleteහික්ස්...
අම්මපා මුං මාරයිනේ...
ප්‍රභන්ධයක් කියෙව්වම කැරකෙනවා...
This comment has been removed by the author.
ReplyDeleteහෙන ගහපං ගනන් බලාපං කිව්වලු.....!!!!
Deleteඅර මොකෝ???????
Deleteඑතකොට දැන් මුද්ද ගත්තෙ කවුද බං?
ReplyDeleteමුද්ද ඔයාලගද ?
මයුරා නයා වී ඇති හැඩයි :))
මයුරයියා ඒක වෙඩිං රිං එක කර ගනී මයෙ හිතේ...
Deleteමං ගාවනං කිසි මුද්දක් නෑ...
අර මීවලාන හාදයා තාම මේ පැත්තේ ආවේ නැද්ද...
ReplyDeleteආවා නම් පද නිරුක්ති ටිකක් සට සට ගාලා කියාගෙන යයි !!!
ඇවිල්ලා ඇවිල්ලා...
Deleteඔය ඉන්නේ යට...
Machan maeka aththadha ?
ReplyDeleteඇත්ත වගේ නේ???????
Deleteබොරුද දන්නෑ හැබැයි ප්‍රභන්ධයක්...
වළඳල වළඳල දෙන්න හිතයි එක් අපවත් වෙන්ඩ
ReplyDeleteහික්ස්...
Deleteමෙන්න ඉන්නවා කතානායකයා...
kasun hamadama ahanawa tharidunge katha kiyewwada kiyawanna kiyawanna kiyala. hitha hitha hitiyata bari una.ada me tsunami gana dakala awe kiyawanna.dan thariya mara dakshayek welane..suba pathum aa...
ReplyDeleteආ දැං කසුන් කිවුවොත් විතරද බ්ලොග බලන්නේ??????
Deleteහම්මපා මුංට දන්සල ඉවර උනත් හරි අපිව අමතක වෙච්ච හැටි...
හී හී...............නියමයි,,වෙනස් දෙයක්!
ReplyDeleteවෙනස් වෙනස් දේවල් ලියන එක ඇත්තටම හොඳයි!
ජය ත්‍රි :)
තැංකූ තැංකූ මචෝ....
Deleteමේ ලියන විදිහට අපායේ යන්න සෙට් උනොත් උබත් වරෙං ඈ තනියට යන්න...
පිට් එකනේ ඉතිං...
පුරා හඳ ඇති දිනවලදී රාවණ ජාන ඇති හෙළයින්ට පෙර අතීතය සිහි වීමට පටන් ගනී. එවැනි ආකාරයකට සිහිවූ කතාවකි මේ. මෙය හැබෑ සත්‍යකි, සත්තයි. ඒ වගේම මේක බලගතු රහසක්, මුද්ද සැඟවූ තැන ඇතුළු වැඩි විස්තර හෙළි නොකිරීම ශ්‍රී රාවණයන් වෙනුවෙන් කරන ලද උපහාරයකි.
ReplyDeleteආ... රූමස්සල කියන එකේ පද නිරුක්තිය දක්වල නෑනෙ.
රූ=රූමත්කරන
මස්=මස්සකින් හැදූ (රන් මසු)
සල=ශෛලය=ගල
ඒ කියන්නෙ දඬුමොණරාව පාලනය කිරීමට ඇති ඒ ගල හදා තිබෙන්නේ රන්මසු එකකින්.
ඒ වගේම එම දඬුමොණරාව (දඬු මොණර කියන්නෙ ලොකු මොණරෙකුට, ලේනා < දඬුලේණා වගේ) පලනය කරන ශ්රාස්ත්රයට කියන්නේ "දඬුමරණ ශ්‍රාස්ත්‍රය" කියලයි. ඒකත් අර "වෛමානික ශ්රාස්ත්රයේ" මුල් පිටපතට කළා වගේම පර ඉන්දියානු බමුණන් ගිණි තියල.
හද පායනකොට මටත් ඒම වෙනවා...
Deleteඅම්මනං කියන්නේ පිස්සු කියලා මීවනපලානේ...
ඒත් මං දන්නවා මං රාවන වංශිකයෙක් නිසයි ඒම වෙන්නේ කීලා....
බෝම ස්තූතියි පද නිරුක්තියට..
උඩ කට්ටිය මතක් කර කර හිටියේ...
මටත් හද පායන කාලෙට ඔය වගේ ඒවා හිතෙනවා ..ඒ හෙනං ඒ රාවනා වන්ශේ හින්දා වෙන්න ඇති ..
Deleteමට නම් හද පායලා තියෙනකොට හිතෙන්නේ වෙන වෙන එවුවා !
Deleteශ්‍රී රාවණ සිද්ධම් !
(නැත්නම් වස් වදියි)
@ චමී...
Deleteවෙන්නැති වෙන්නැති..
මීවනපලානෙ කියලා තියෙන්නේ...
@ මධුරංග...
Deleteඔව් ඔව්...
වැඩිය මුකුත් කියන්න එපා...
වස් වැදෙයි..
උඹ කැළණියෙ ඉදගෙන ඕවා කියන්න එපා. මොනරටත් බබා හම්බ වෙයි. ලස්සනට ලියලා තියෙනවා. ජය...!
ReplyDeleteහි හි....
Deleteඒම වෙනවැයි???
තැංකූ ප්‍රදීප් අයියේ!!!!!!!!!
කතාවනම් ලස්සනයි මචං.. මම මේ ඇත්ත එකක්ද කියලා හිත හිත කියෙව්වේ..
ReplyDeleteහික්ස්...
Deleteඇත්තද දන්නෑ...
හැබැයි ලියලා තියෙන්නේනං හිතලා...
පට්ට කතාව මචං.. මුල් ටික කියවගෙන එනකොට නම් ඇන්දෙන එක ඇන්දෙනවා මදි නොකියන්න.. අරණායක පැත්තෙ මුද්ද ගන්න ගියෙ නිදන් පිස්සුව ගහපු ඇමති බුවෙක්ද දන්නෙ නෑ..
ReplyDeleteඑවුවා කියන්න බෑ....
Deleteහි හි....
බෝම ස්තූතියි මචෝ කමෙන්ටුවට!!!!!!!!!!!!
බලන් ගියාම මේක කතා සාගරයක් නේ. :) මේවා ලියන විදිහට කම්මැලි නැතුව කියවන්න පුළුවන්..
ReplyDeleteහි හි...
Deleteතැංකූ තැංකූ...
තව කතා එනවා ඉස්සරහට....
බලං ඉන්ටලා...
asa hithena kathawak nariyo asawen kiyuwa
ReplyDeleteඅයි අයි යෝ මං නරියා නෙමේ උමෝ තරියා ත රි යා... තරියා...
Deleteහික්ස්....
කතාව හොදනං එච්චරයි...
nariya???.........:D
Deleteබලහං මචං...
Deleteලස්සන නමට කරලා තීන විනාසේ...
පංකාදු 5 යි කියල කියන්න නම බැහැ පංකාදු 20 ක් විටහ්ර කියන්න ඕනේ අගෙයි කොලුවෝ අගෙයි
ReplyDeleteහි හි....
Deleteකොච්චර දෙයක්ද....
තැංකූ තැංකූ ඈ...
මුද්ද නෑ කිව්වම මට නම් ලන්ඩන් වල ඇල්බට් අංකල් තමයි මතක් වුනේ....
ReplyDeleteසුරංගනා කථාවක් ලස්සනට ගොතලා....
මෙවුවා සුරංගනා කතා ගනයට නෙමේනේ වැටෙන්නේ...
Deleteප්‍රභන්ධ නේ???????????
ඇල්බට් අංකල්ව ගොඩක් අයට මතක් වෙනවලු මුද්ද කිවුවම...
හි හි...
හිකිස් හීනයක් දැක්ක වගේ ලියල නේ.....
ReplyDeleteහි හි....
Deleteහීන කතන්දර ඉවරයි!!!!!!!!!!
ශිකේ මුල ටික කියවද්දී මම හිතුවේ ඇත්තම කියලා.
ReplyDeleteපට්ට ප්‍රබන්ධයක් මචන්
ඇත්ත වෙනවනං එල නේ??????????
Deleteතැංකූ ඈ කමෙන්ට් එකට!!!!!!!
සුරංගනා කතා කියන්න හෙන දස්සයි නේ
ReplyDeleteහා හා...
Deleteකට වරද්ද ගන්න එපා රත්ගමයෝ...
:) පට්ට ඈ ලොමු දැහැගන්වුණා
ReplyDeleteකෝ උබේ දැහැගැන්වුනු ලොම් නිශාන්???????
Deleteහික්ස්....
ඕං ගැව්වා වතුර එකක්...දැන් නැගිටපන්....
ReplyDeleteහැබැයි කතාව ගලාගෙන ගිය විදිහ පට්ට ඈ...
හීනයක්වත් දකින්න දෙන්නෑ මෙවුං..
Deleteසැහ්...
හි හි.. තැංකූ ඈ..
ඇයි දන්නේ නෑ දඩු මොනරට මාව හොයාගන්න බැරි උනේ.....
ReplyDeleteලස්සන කතාව මචෝ....උබව හොද දේශපාලනේට....
මුද්ද දාං ඉන්නැතුව ඇති...
Deleteහි හි..
අර මොකෝ දේශපාලනේට හොද?????
අපිත් ට්‍රයි එකක් දෙමුද මුද්ද ගන්න ආපහු ?
ReplyDeleteනිකං ඉන්න එකේ දෙමු...
Deleteඅඩු ගානේ මොනරා නැත්තං උගස් තියන්න හරි පුළුවංනේ..
මේ මයුර කොලුවා මීවනපලානේ ජයරත්නගේ නෑයෙක්ද ?? :D
ReplyDeleteලගම නෑදෑයෙක් නොඋනත් ටිකක් විතර දුර නෑදෑකමක් තීනවා..
Deleteමොකෝ අපි ඔක්කොම රාවන වංශිකයොනේ හසිතයියේ...
ඒක නම් ඇහෙද්දිත් ඇඬෙනවා වගේ තනි ඇහැට :P
Deleteඒ ඔබත් රාවන වංශිකයෙක් නිසානේ...
Deleteමාත් ඊලග පාරවත් දඩුමොනරේ ලෝකේ වටේ සංචරේට සැට් වෙන්නෝන :)
ReplyDeleteඑක ආතල් ඇති බන් :)
ආතල් ඇති...
Deleteසීතල සුලං වැදි වැදි යනකොට ආතල් නැතුව තියේවියැ...
බලාගෙන ඈ.. නඩු වැටෙයි.. !!!
ReplyDeleteමරු කතාව..
ඒ මොකෝ ඒ නඩු????????
Deleteආ මෙ මොකක්ද මෙ හික්ස් නිකන් මෙවුව මෙවුව වගෙ උනා
ReplyDeleteමෙවුවා උනානං ඔබත් රාවන වංශිකයෙකි සුදා....
Deleteජය ශ්‍රී!!!!!!!!!!
බොරුවක් කියනවනම් මෙන්න ක්‍රමය...හි හි...
ReplyDeleteහික්ස්....
Deleteදැං ඔය නොකියා කියන්නේ මං බොරුකාරයා කියලද??????
හෑක් ... මම දැකලා තියෙන්නෙම කුරුල්ලා සඳට කවි ලියනවා විතරයි. දැන් ඒ පාර මෙහෙම කතාත් කියනවද ඈ....මොනවා උනත් නියම කතාව ඇත්ත වගේ බොරුවක්.
ReplyDeleteහප්පේ කුරුල්ලා හරි කතා කාරයා...
Deleteකියවලා නැද්ද කුරුල්ලගෙ අනුත්තරා...
නිකං ඉන්න වෙලාවක අහලා බලන්ට කුරුල්ලගෙං..
කවි අක්කා මාසයක් අඩයි කියෝලා ඈ...
මම උබව දේශපාලනේට හොදයි කීවේ..උන් කරන්නෙත් මොකක්හරි බොරුවක් හිතට වදින්න ඇදබාල චන්දෙ කඩාගන්න නිසා...හිකිස්............
ReplyDelete.....
හික්ස්...
Deleteඒත් මං ඡන්ද කඩා ගත්තෙ නෑ ඈ...
හි හි...
බෝම ස්තූතියි අයියේ කමෙන්ටුවට!!!!!!!!!!
පිලිගන්නවා කෙරුවාවට!!!!!!!!!!
තරියත් මරුනෙ..සෑහෙන්න වටිනා කියන කතාවක් නොදන්න ටිකකුත් දැනගත්තා..
ReplyDeleteබලමුකො තව ඉස්සරහට තරියගෙ කෙරුවාවන්..
හික්ස්...
Deleteනැතුව නැතුව...
හොද හොද සෙල්ලං එලි වෙන ජාමෙට...
රැදී සිටින්න ඈ...
Patta pata pata. ela ela
ReplyDeletethawa liyapan macho............
ubata thawa thawath katha liyanna hakiwewai pathami
meeta pata pata
එල එල මචෝ...
Deleteතැංකූ වේවා!!!!!!!!!!
uba wardi than walata atha gahanna apa kurullo....
ReplyDeletelagaddeema raawana awama .................. wenne.
ඔය ආවේ... :ඩී
Delete