සහෝදරවරුණි බ්ලොගට පෝස්ට් එකක් දැමූ කල්හි එය බ්ලොගරය තුල නිසි අයුරෙන් පබලිස් නොවූ කල්හි මල පැනීම සාධාරණය..
අද දිනේ ජයග්‍රාහී 10 වෙනි වතාවට ඒක මට වුනි...
මුං නොමිලේ සේවාව දුන්නා යැයි කියමිං මෙවැනි කුප්ප වැඩ කිරීම කිසිසේත් අනුමත කල නොහැක..
සිදු වූ ප්‍රමාද දෝශය අමතක කොට පහත ලිංකුවෙං සිහින සිතිවිලි තුං වෙනි කොටහට යන්න...
ස්තූති වේවා!!!!!!!!
ලගින්ම ඉන්න කස්ටිය
Wednesday, January 30, 2013
නෙට් බෝල් කෙල්ලෝ හරි ලස්සනයි නේ බං? (සිහින සිතිවිලි 3)
කලිං කොටස් මෙතැනිං කියවන්න.
අපි පිටසක්වල ලෝකයකට ගියාක් මෙන් වට පිට බලමින් යුවතිය පසු පස්සේ යන්නට වීමු. කුඩා ගැහැනු දරුවන් රොත්තක් නෙට් බෝල් ක්‍රීඩාවේ යෙදේ. ඔවුන්ට සැර දමමින් තරමක් වැඩිමල් බාලිකාවන් තිදෙනෙක් ගුරුහරුකම් ලබා දේ.
අපි පිටසක්වල ලෝකයකට ගියාක් මෙන් වට පිට බලමින් යුවතිය පසු පස්සේ යන්නට වීමු. කුඩා ගැහැනු දරුවන් රොත්තක් නෙට් බෝල් ක්‍රීඩාවේ යෙදේ. ඔවුන්ට සැර දමමින් තරමක් වැඩිමල් බාලිකාවන් තිදෙනෙක් ගුරුහරුකම් ලබා දේ.
![]() |
කුඩා ගැහැනු දරුවන් රොත්තක් නෙට් බෝල් ක්‍රීඩාවේ යෙදේ |
ගහපු ලේබල්:
කුජීත,
ඩේ කතා,
පොඩි කතාවක්,
ප්‍රිෆෙක්ට් කතා,
සිරා,
සිහින සිතුවිලි
Saturday, January 26, 2013
පොල් සෙවන ආහාර වැඩසටහන අංක 1
කෑම කියන එවුවා එක එක විදිහට හදන්න
පුළුවංනේ..
මං මේ ඊයේ නිකං ඉන්න එකේ තිබ්බ ජාති ටිකක් කලවං කරලා අමුතු කෑමක්
හැදුවා.
ඒක හදලා කෑවෙත් මමම තමා. අවුලක් නෑ, පට්ට රසයි.
වැසිකිලි ප්‍රශ්ණ ඇති
උනෙත් නෑ..
Wednesday, January 23, 2013
වෑර්ලස් කතන්දරේ තුංවෙනි කොටහ
පහුගිය දවස් ටිකේ වැඩ ටිකක් වැඩි උන නිසා සහ
එයාටෙල් පිස්සු කෙලින්න පටං ගත්තු නිසා බ්ලොග් වැඩ අමතක කරන්න උනා.
ඒ දවස් ටිකේ
පරණ ටේප් ටිකක් ආයේ දාලා ෂේප් උනා.
වැඩේ කඩාකප්පල් වෙන්න කලිං දදා හිටියේ වයර්ලස්
එකේ අතීතේ ගැනනේ.
අද ඔන්න ඒක ආයේ දාන්නයි යන්නේ.
කලිං කොටහ කියෝපු නැති අය මෙතැනිං කියවන්න.
රයිට්. ඒකේ අන්තිමට නැවැත්තුවේ අපි රුක්මනී
දේවි හඬ පරීක්ෂනේට සහභාගි උන හැටි කියලනේ.
ගහපු ලේබල්:
අධ්‍යාපන,
ගවේෂණ,
ගුවන් විදුලිය,
පොඩි කතාවක්,
රියැලිටි,
සිරා
Thursday, January 17, 2013
සිහින සිතිවලි 2
පළමු කොටස කියවන්න මෙතැනින්
අද දෙවැනි කොටස
කොහෙද බං උබලා අහස් කූරක් අහවල් එකේ ගහගෙන වගේ දුවන්නෙ? රෝල්ස් එකක් කටේ ඔබා ගන්න ගමන් කසුන් ඇසුවේය.
අද දෙවැනි කොටස
කොහෙද බං උබලා අහස් කූරක් අහවල් එකේ ගහගෙන වගේ දුවන්නෙ? රෝල්ස් එකක් කටේ ඔබා ගන්න ගමන් කසුන් ඇසුවේය.
නාන්න බං. උබත් එනවද?
නොදකිං පිංගුත්තරයා..
තොට හෙන ගහනවා. තනියම ගිල්ලා නේ ඒකත්. මාධවයා කියාගෙන කියාගෙන ගියේය.
ඌට දරුනු ඊතල පාරක් වැදිලා.
උගුරු දන්ඩ හිල් වෙලා. කතා කෙරවෙන්නෙ නෑ.. මාධවයා පිලිතුරු සැපයීය.
ඕන ඊතලයක්. යමංකො කියමින් කසුන්ද අප සමග එක් විය.
පාසලට ඇතුලුවන විටම ඉනෝකා මැඩම් හමු වීම අපේ අවාසනාවම විය.
අපි මද සිනාවක් පා ගුඩ් මෝනිං මැඩම් යැයි කීවේ පුරුද්දට මෙනි
ගුඩ් මෝනිං කියමින් ඉනෝකා මැඩමුත් සිනාසී කාර්යාලය දෙසට නික්මිනි
ඒ බලහංකො බං මෙයත් අපිටම කෙලවන්න සෙට් වෙනවනෙ. මට කියැවිනි.
ඉනෝකා මැඩම් යනු අප පන්ති බාර ගුරුමහත්මියයි.
ඇයි උබල අද කොහෙ හරි මාරු වෙන්නද යන්නෙ? කසුන් විමසුවේ අප දෙදෙනාගේ කතාබහ නිගමනය කරමිනි.
ඔව් බං. අද අපි පොඩි වැඩකට යනවා. මාධවයා කීවේ එතරම් කැමැත්තකින් නොවේ.
කොහෙද? අපිවත් එක්ක පලකො. කසුන් කීවේය.
බැරිවෙයි බං. ධම්මිකාගෙ වැඩකට යන්නෙ. එයත් එයි මං හිතන්නෙ. මාධවයා කීය.
හරි හරි උබලා ඉතිං ලොකු සයිස්නෙ.. හරි මස්සිනා කියමින් කසුන් ලමුන් උදය රැස්වීමට ගෙන යන පෝලිමට එක් විය.
අප දෙදෙනා කාර්යාලය දෙසට හැරුනේ ශිෂ්‍ය නායක පැමිනීම රපෝර්තු පොතේ අත්සන් කිරීමටයි.
බලහංකො බං.
ප්‍රොබේෂන් සමහර උං උදේ 5ටත් ඇවිල්ලා. මුංට නින්ද යන්නෙ නැද්ද මන්දා.
ඉක්මනින් තම අත්සන සහ වේලාව යෙදු මාධව පෙර පිටුව හරවා බලා කීවේ සිනහසෙමිනි.
ප්‍රොබේෂන් සමහර උං උදේ 5ටත් ඇවිල්ලා. මුංට නින්ද යන්නෙ නැද්ද මන්දා.
ඉක්මනින් තම අත්සන සහ වේලාව යෙදු මාධව පෙර පිටුව හරවා බලා කීවේ සිනහසෙමිනි.
උනන්දුවනෙ බං. අනික තාම අළුත්නෙ. පරන වෙනකොට හරියයි. මා කීවේ පොතේ අත්සන යොදමින්මයි.
මේ අද ඩියුටි කරන්න බෑ බං. දාඩිය දාගෙන අහරෙ යන්න බෑ. ප්‍රයිමරිය පැත්තට මාරු වෙමුද? මම යෝජනා කලෙමි.
හ්ම්ම්ම්ම්ම්. එහෙම කරමු. මාධව එය අනුමත කලේය.
(උදේ රැස්වීම)
ගහපු ලේබල්:
කුජීත,
පොඩි කතාවක්,
සිරා,
සිහින සිතුවිලි
Sunday, January 13, 2013
සිහින සිතුවිලි
අඩෝ නැගිටපං. ඉස්කෝලෙ යන්නෙ නැද්ද?
ජෝගි එපා බං නිදා ගන්න දියංකො.
තෝ අපේ ගෙදර පාඩං කරන්න කියල ඇවිත් නිදා ගත්තම හරිද යකෝ?
ඒ පාරනං මට ලෙසටම මල පැන්නේය.. යකෝ තොපේ ගෙදර පාඩං කරන්න ආවෙ පාඩං කරල ටිකක් නිදාගන්න. පව් නොදී ලයිට් එක ඕෆ් කරගෙන පල මගෙං සිංහල අහගන්නෙ නැතිව. කියා මම ෙපාරවනෙයන් මුහුන වසා ගත්තෙමි.
ඔය ලමයට ටිකක් නිදා ගන්න දෙන්න ලමයො. පාඩං කරල නිදිමත ඇතිනෙ. මාධවගෙ අම්මා ඈතින් කියනවා ඇසිනි.
බලපං ඩෝ උබලගෙ අම්මට විතරයි ඒකවත් තේරෙන්නෙ..
බලපං ඩෝ උබලගෙ අම්මට විතරයි ඒකවත් තේරෙන්නෙ..
තේරෙයි තේරෙයි. අන්න උබේ තාර පීප්පෙගෙ ඉස්කෝලෙට යන්න අද ඔෆීශියල් ටිකට් එකක් ඇවිත් තියෙන්නෙ. උබට බැරිනං ඉදිං. මං තව එකෙක් එක්ක යන්නං. මාධවයා ඇගට නොදැනී කිව්වේ සිරාවටම වගේ.
මාධවයට පස්ස හරවා රෙද්දත් පොරෝගෙන හිටි මගේ නිදිමත කොහෙන් ගියාද නැත.
(මාධවයට පස්ස හරවා රෙද්දත් පොරෝගෙන)
ගහපු ලේබල්:
පොඩි කතාවක්,
සිරා,
සිහින සිතුවිලි
Subscribe to:
Posts (Atom)