ක්ලාස් එකෙත් ඊයෙ අමාරු පාඩමක් කලාලු බං...
කව්ද කිව්වෙ????
ලැම්බට්.... ඊයෙ තිස්සයා පංතියෙ පිස්සු කෙල කෙල ඉගැන්නුවලු... පට්ට ෆන් එකක් දුන්නා කියන්නේ...
ඒ යකා රෙද්ද අපි නැති දවසටමයි බං හොද පාඩං ඔක්කොම උගන්නන්නෙ.... මාධවයා එහෙම කියාගෙනම බෝතලේ හිස් කරලා දැම්මා....
ඒක නෙමේ. දැං මුං ඩේ එකට එන්න කිව්වෙ කවද්ද බං?????
මන්දා බං. අපේ වැඩ දැං ඉවරනෙ පැත්තකට වෙලා ඉමු. උංට ඕනනං කියයිනෙ.
ඒ උනාට බං හම්බවෙන්නවත් තියෙන චාන්ස් එකනෙ....
දැං හම්බවෙන්න ඉස්කෝල අස්සෙ රිංගන්න ඕනෙ නෑ බං.... ක්ලාස් දවසට සෙට් වෙන්න පුළුවංනෙ. පුසාට බෝලෙ බස්සලා වේලස්සන ක්ලාස් එකෙං පයිමු. වෙනදට අපි ක්ලාස් එකේ ඉන්න නිසානෙ හම්බවෙන්නෙ නැත්තෙ....