ලගින්ම ඉන්න කස්ටිය

Monday, August 6, 2012

එදා 2005 සුනාමියේ අතුරු කතාවක්...

සැලකිය යුතුයි:- අධි සංවේදී, හෘදයාබාද ඇති හෝ ගර්භනී කාන්තාවන් මෙය කියවීමෙන් වලකින්න.
 
දිනය 2012 අගෝස්තු 5 වනදා. වේලාව රාත්‍රී 9 පමණ වන්නට ඇත.

මේ කඳුලු කතාව අපට හමු වන්නේ බස් රේඩියෝ ඔන්ලයින් චැට් පෙට්ටියේදීය.

“අපේ තාත්තා රජයේ කුලී වැඩ කලේ..
අම්මට රස්සාවක් නෑ ගෙදර..
අපි ඉන්න ගෙදර තට්ටු දෙකේ ලෑලි ගෙයක්..
මම පාඩං කරන්නේ ලැපේ එලියෙං..
මට උදව් කරන්න....“

ඔහු තම කදුළු කතාව ඇරඹීය.




අපි සියළු දෙනා ඔහුගේ කතාව ඇසීමට එක් රොක් වුනෙමු.

මල්ලි ඔයා ඉස්කෝලෙ ගියේ කොහිද? හැම තිස්සේම මෝඩ ප්‍රශ්ණ අහන බට්ටී ඉස්සර විය.

අක්කේ පැත්තකට වෙලා ඉන්නවකෝ. මං මුල ඉදං කියන්නං. ඔහු ලෙසටම උත්තර දුන්නේය.

කවුරුත් මගේ අසරණ කමට උදව් කරන්නෑ.

2005 අවුරුද්දේ ඇතිවෙච්ච සුනාමිය ඕගොල්ලංට මතක ඇති.

සුනාමියට හසුවූ උඩරට මැනිකේ දුම්රිය


අපේ නුවර තිබ්බ ගෙදර ඒ සුනාමියට අහු වෙලා කැඩුනා.

ඒකෙන් අපිට ඉන්න හිටින්න තැනක් නැති උනා.

ඔහු තම කතාව මදක් නතර කොට කදුළු පිහින්නට උනා.

ඉතිං මල්ලි? එදා අපිත් එක්ක චැටට සෙට්වූ ෆාතිමා රැලි කර ගත්තාවූ නලලින් යුතුව ප්‍රශ්ණ කරා.

ඉතිං අක්කේ ගේ කැඩුනම අපි ඉන්නෙ පාරෙද? අපි එහෙං ගියා. යනකොට මාව දඹාන හරියෙදි අතරමං උනා. ඒ නිසා මට අම්මලව මග ඇරුනා.

හුටා. ඉතිං? පැත්තක සිටි ප්‍රසාට කියැවිනි.



ඉතිං දෙයියනේ අතේ සතේ නැති මට කරන්න දේකුත් තිබ්බෙ නෑනේ. මං දඹාන ස්කීම් එක මැද්දෙ හිඟා කෑවා.  ඔහොම හිඟා කකා ඉන්නකොට දඹානේ හිටපු මැර වැද්දෙක් මාව පැහැරගෙන ගියා. පැහැරගෙන ගිහිං මාව හිර කරං හිටියා. එහෙම ඉන්නකොට මට ඒ වැදි රැලේ නායක වැද්දගෙ දුවව සෙට් උනා. එයාගෙ නම ගෝමරී.

ගෝමරී ලස්සනයිද මල්ලි?? හාල්පාරු බොරලුවා එසේ ඇසීය.

පුච්චා දවා හළු කරවන බැල්මක් හෙලූ මල්ලී තුඃ ගා කෙල පිඩක් ගැසුවේය.

ටිකක් වේලා අහස දිහා බලං හිටි ඔහු නැවතත් කතාව ආරම්භ කලේය.

මං එයත් එක්ක මුළු කතාවම කිවුවා.

එයාට ඇඩුනා. එදා සඳ තිබූ රාත්‍රියක්. ඒ රාත්‍රියේ එයා මා ලගට ආවා..

නායක වැද්දගෙ දුව ගෝමරී


මල්ලි ඔය කෑල්ල පන්නන්න. හරි නෑනේ. මෙතන ගෑල්ලමයි ඉන්නවනේ. ඔයා පස්සෙ වෙලාවක ඔය කොටස අපිට කියන්න. පැත්තක සිටි  ජේ.ඩී හෙවත් ජෙටා කීය.

එහෙම මුකුත් නෑ අයියේ. මඟුලක් කතා කරනවා.

ජෙටා තවදුරටත්  මුහුන දී ගත නොහැකිව  ඕෆ්ලයින් ගියේය.

එදා රෑ ගෝමරී  මං ගාවට ඇවිත් කූඩුවේ යතුර දීලා ගියා.

ඉතිං මං රෑ වැද්දො සෙට් එකම පත බෑවෙනකං හිටියා. වැද්දො  එකා දෙන්නා ගොරවනකොට මං හෙමිං සීරුවේ කූඩුවේ දොර ඇර ගත්තා.

දොර ඇර ගත්තු ගමංම මං එතන ඉදං ඔරේ රන් එකක් දුන්නා. පහු වෙනිදා එලි වෙනකංම මං රන් කරා. 

හචීස්. එක් වරම අපේ හොටු චොයිස් කරනා අයිසා හෙන පතාර කිඹුහුමක් ඇරියේ කතා කරමිං සිටි මල්ලිගේ මුහුනේ හොටු තලියක් තවරමිනි.

හොටු චොයිස් කරන හොට්ටී (අයිසා)


අයිසා දෙස අනුකම්පා සහගත ලෙස බැලූ මල්ලී තම සරමෙං මූන පිහදා ගත්තේය.

මහියංගන ටවුමට ගියපු මට මතක් උනා හම්බන්තොට අපේ ආච්චලෑ ගෙදර. මං ආයේ දවස් දෙකක් විතර හිගා කෑවා. 

හිගා කාලා කාලා මං ගමනට අවශ්‍ය මුදල එකතු කර ගත්තා. එහෙම්මම මං හම්බන්තොට බස් එකක නැගලා ගියා ආච්චිලෑ ගමට.

අනේ දෙයියනේ එහෙ යනකොට මං හීනෙකිංවත් හිතපු නැති දෙයක් වෙලා තිබ්බේ?

ඕවා ඔහොම තමයි මල්ලි. මිනිස්සු ඉපදුනාම මැරෙන්නම වෙනවා.  ඒකයි ලෝක ස්වභාවය. ලොකු මොට්ටි ඌ කාව්‍යා කියන්නට විය.

කවි අක්කා මොකක් ගැනද මේ කියවන්නේ? මල්ලි ඇසීය.

නෑ ඉතිං මල්ලි ගමට යනකොට ආච්චි මැරිලනේ. නේද? කාව්‍යා කීය.

නෙදකිං. හෙන ගහන කතා කියන්න එපා අක්කේ. අපේ ආච්චි තාම ඉන්නවා කෙල්ල වගේ.

කාව්‍යා එතනින් එහාට කතා කලේම නැත.

මං ගමට යනකොට එතන ගම නෑ. අපේ ආච්චිලා පේන්නත් නෑ. එතන ලොකු වැවක් හදලා.



වැව මැද්දෙ තිබ්බ ලොකු ගල් කුට්ටියක් මිනිස්සු ටිකක් එකතු වෙලා කඩ කඩ හිටියා.

මට කිසිම දෙයක් හිතා ගන්න බැරුව එතැනම  ඇන තියං හිටියා.

දවල් දොලහ විතර වෙනකොට ඈතිං වට්ටි පෙට්ටි වගයක් ඔළුව උඩ තියා ගත්තු ගෑනු වගයක් වැව පැත්තට එනවා පෙනුනා.

සීවරං දෙයියන්ටම  ඔප්පු වෙච්චාවේ. අපේ ආච්චි.

මං ආච්චියේ කියාගෙන දුවගෙනන ගියා.

මං ආච්චිට  වෙච්ච දේ එක විරාම ලක්ෂණයක් අඩු නැතුව කිවුවා.

ආච්චි සාවදානව මං කියපු දේ අහගෙන ඉදලා දිගු සුසුමක් හෙලුවා. අන්තිමට කිවුවා ඕක තමා පුතේ ජීවිතේ කියලා.

මට මගේ කට බිම උලා ගන්න හිතුනා.

මං ඒක අමතක කරලා ආච්චිගෙං ඇහුවා ගමට මොකද උනේ කියලා.

ආච්චි කිවුවා අපේ ගම උඩ වරායක් හදන්න රජතුමාට ඕන උනා කියලා.

ඉතිං ආච්චියේ කෝ වරාය? මං නොදන්නා කමට ඇහුවා.

ආච්චි ඔළුවේ තිබ්බ වට්ටිය බිමිං තියලා අත පුරෝලා කනේ පාරක් ගැහුවා.

තෝ අපේ රජතුමාව සෙල්ලමට ගත්තද යකෝ කියලා.

මගේ ඇහෙං කදුලු පැන්නා. ඒවා මං බිවුවා. ලුනු රහයි.

ඉතිං ඉතිං මල්ලි? අපේ ඉතාලියේ ලසිත් අයියා කතාව අහගන්න ඉවසිල්ලක් නැතුව ඇහුවා.

වතුර උගුරක් බීපු  මල්ලි ආයේ කතාව කියන්න පටං ගත්තා.

මට තේරුනා රජතුමා ගැන කතා කරන එක සරීර සෞඛ්‍යට  හොද නැති බව.

ඉතිං ඒ පාර මං ආච්චිගෙං ඇහුවා කෝ සීයා කියලා.

ආච්චි අත දික් කරලා වැව වරාය මැද්දෙ ගල පෙන්නුවා.

මං ඇහුවා සීයට අමු කැවිලද වැවේ වරායේ ගල් කඩන්න කියලා.

ආච්චි මුකුත් නොකියා ඇගිලි දෙකක් කටේ ගහලා හයියෙං විශිල් එකක්  ගැහුවා.



නෑ......... මෙච්චර වෙලා කතාව අහං හිටපු රජාට කියවුනා.

නෑ නෙමේ ඔවු. ටික වෙලාවකිං ගලේ ඉදං අපි හිටපු පැත්තට බෝට්ටුවක් පිටත් උනා.

හරි මල්ලි දැං අපිට ඔයාගෙ අසරණ කම තේරෙනවා. ඔයාට දැං මොකක්ද වෙන්න ඕනා උදව්ව. එතැන සිටි බුද්ධිමත්ම, කඩවසම්ම, නැනවත්ම, ගුණගරුකම, රටක් වටින මං නැත්තං ඕගොල්ලො කවුරුත් දන්න තරියා ඇහුවා.

බුද්ධිමත්ම, කඩවසම්ම, නැනවත්ම, ගුණගරුකම, රටක් වටින මං නැත්තං ඕගොල්ලො කවුරුත් දන්න තරියා


ඒක අහපු මල්ලිගෙ ඇස් දෙකෙංම කදුලු පැන්නා.

අයියා විතරයි අයියා මාව තේරුං ගත්තෙ. කියමින් ඔහු මාව බදා ගත්තා.

අයියේ මට ජීවත් වෙන් සල්ලි කීයක් හරි  දුන්නොත් හොදටම ඇති අය්යේ. ඔහු කීවා.

සුනාමියෙං පස්සෙ මං ජෝර්දානේ ස්විස් බැංකුවේ එකවුන්ට් එකක් ඕපන් කලා රුපියල් 5ක් දාලා.

ඇයි මල්ලි ස්විස් බැංකුවේම එකවුන්ට් එකක් ඕපන් කලේ. මහජන බැංකුවේ දැම්මනං එලනේ. පොලියෙං ජීවත් වෙන්න පුළුවං. සුභානි අක්කා කීවාය.

අයියෝ සුභානි අක්කේ ඒකවත් තේරෙන්නෑනේ ඔයාට. ස්විස් බැංකුවේ දැම්මම සුනාමියක් ආවම යට වෙන්නෑනේ. මුදල් සුරක්ෂිතයිනේ. කියමින් මා සුභානි අක්කාට විස්තරය පැහැදිලි කලේය.

ප්‍රශ්ණය ඇසූ වේලාවේ ඇටි කෙහෙල් කාපු උගුඩුවෙකු මෙන් ඇස් ලොකු කරං බලං හිටපු මල්ලී උඩ පැන මාව නැවතත් බදා ගත්තේය.

තරී අයියට විතරයි මේවා තේරෙන්නේ. ඔහු කීවේය.



අසරණ මට උදව් කරන්න ඕගොල්ලො කැමතිනං මේ තරී අයියා අතට මුදල් දෙන්න.  ආධාර දෙනකොට ඇමරිකන් ඩොලර් වලිං විතරක් දෙන්න. නැත්තං කරදරේ. තරී අයියා ගිනුමට බැර කරයි.

කියමින් ඔහු ඕෆ් ලයින් ගියේය.

ඉතිං මං ඕගොල්ලන්ට කියන්නේ, අසරණයෙක්ට පිහිටවෙලා මෙලොවටත් එලොවටත් ඵලදායී පිංකමක් කරගන්න පුළුවං නේද? මේ කතාව කියවා ඉවර වන විට හොදින් ඔබේ හෘදයට සවන් දී බලන්න. එය ස්පන්දනය වන ශබ්ධය ඔබට ඇසෙන්නේනම් ඔබත් මොහුට ආධාර කරන්න.

ඒ නිසා හැකි තරම් ඕගොල්ලන්ට පුළුවන් තරම් ආධාර ඉක්මනින් මට ලබා දෙන්න. ආධාර ලබාදීමට කැමති ඈයෝ ඒ සම්බන්ධව මා හට මැසේජයක් දමා විමසීම් කරන්න.

ඔබ සැමට ජයවේවා!!!!!!!

සැ.යු - මෙම ආධාර මුදල් මාගේ කැමරාව ලබාගැනීමේ ගිනුමට බැර නොවන බවට සහතික නොවෙමි.


ප.ලි - මුදල් පිලිබද සම්පූර්ණ වගකීම මා ගන්නේ යැයි මා කියන්නේ නැත.

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

78 comments:

  1. සුනාමියේ තවත් අතුරු කතාවක් : තරියාගේ දූෂනය ┌∩┐

    ReplyDelete
    Replies
    1. තරියාගේ දූෂණය කොයිද බං????
      මං මේ උදව්වක්නේ කරන්න හදන්නේ..

      Delete
  2. adoow !! ahuweyankooo !!
    habai maru kathawa :PPP lolzzz

    ReplyDelete
    Replies
    1. අයිසාගේ හොටු වැක්කිරීම ජනතා ප්‍රසාදය හමුවේ තව දුරටත් ඉදිරියෙන්..

      Delete
  3. මොකක්ද කැමරාව? Cannon 5d නෙමෙයිනේ?

    ReplyDelete
  4. හික් හික් හික්...අපේ කවියා අක්කත් කොහේ හරි ගිහින් ඇදගෙන නාගන්නවනේ....ඔක්කොම හොදයි හැබැයි අර හොටු තලිය නම් වසම කැතයි බන්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම කවියා නා ගන්නේ බට්ටි මැට්ටි සමගින්ම වීම එහි ඇති සුවිශේෂත්වයයි

      Delete
  5. අඩලා වැඩි කමට හොටුත් එනවද මන්ද..
    එහෙනම් ඔයාගේ ජංගම දුර බනුවේ අංකය දෙන්නකෝ මෙයා.

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයා ශේප් එකේ නම්බරේ ඉල්ලනවා.අනේ දැන් කාලේ කෙල්ලන්ගේ හැටි මට ඇඩෙනවා තනි ඇහැට

      Delete
    2. නැත්නම් කොහෙමෙයි මැසේජ් කොරන්නේ නිශාන් අයියා?? :D

      Delete
    3. දෙන්නංකෝ නම්බර් එකට දෙකක්ම..
      (කෙල්ලෙක් නම්බරේ ඉල්ලුවම මොන කොල්ලද නොදී ඉන්නේ ඈ..)

      Delete
    4. මගේ එකත් ඔන්නම් කියන්න ඈ :D

      Delete
    5. හික්ස්..
      මං කීන්නංකෝ..

      Delete
  6. ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ.........යා!

    ReplyDelete
    Replies
    1. අප්පේ රාජ් අයියේ අයිසක්කට ඊයා කීන්න එපා..
      පවුනේ

      Delete
  7. මේක සිරාවටම ගිය කතාවක් කියල මම හිතුවේ බොලන්. ඒක එහෙම නෙවෙයි නේද ?

    ආධාර දෙනකොට දෙනකොට හරියටම තක්කෙටම හොයල දුන්නේ නැත්තම් සොරි තමයි. මොකද රට පුරාම දුෂණය වැහි වැහැල

    ReplyDelete
    Replies
    1. හික්ස්..
      කීයක් හරි දුන්නට මං මුකුත් කියන්නෑ ඉතිං..

      Delete
  8. හොටු කෙල්ලව දැක්කම මට බඩගින්නක් ආවා බං මං කාලා එන්නම් ඈ කොමෙන්ටුවක් දාන්න.ආහ් හිටපන් පරණ ඩොලර් කාසියකුත් තිබ්බා කැටේ, මං ඒකත් අරන් එන්නම්!

    ReplyDelete
    Replies
    1. අනිවා මතක් කරලා අරං එන්ට ඈ..

      Delete
  9. සිරාවටම මේක නම් අතරු කතාවක් තමා..
    හික්ස්..කොහොම වුනත් අසරණයා මේකට ගාව ගත්ත එක නම් වැරදියි..:))

    ReplyDelete
    Replies
    1. අතුරෙ යනවා වගේ වැඩකි අතුරු කතා ලිවීම..
      අසරණයා යනු ඒ අසරණයා නොවේ..

      Delete
  10. තරියා සක්විති...

    ReplyDelete
    Replies
    1. සක්විති පරපුරේ උවද ඌ මෙන් නැත..
      ඇත්තේ අහිංසක ටාගට් එකකි..

      Delete
  11. අනේ සාදු..! මෙන්න මගෙන් රු.5ක් . අහ් ඒව එපා කිව්වනෙ. ඔබාමා කාරයා ගෙන් ඩොලරයක් ඉල්ලලවත් දෙන්නං කො :)

    ReplyDelete
    Replies
    1. අනිවා ඩොලර් පමණි..
      අනෙක්වා භාර නොගැනේ..

      Delete
  12. Replies
    1. ඇයි සිනහ වෙන්නේ හසිතයියේ..
      අපේ අසරණකමට ගල් ගසනු එපා..

      Delete
  13. හ්ම්ම්ම්.. තරියාගේ කෙරුවාව ම තමා මේකට කියන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මේක තමා කෙරුවාව තරියගේ..
      සාදරෙං පිලි ගන්නවා රතු හැට්ට කාරියේ..

      Delete
  14. සීවරං දෙයියන්ට??

    බුද්ධිමත්ම, කඩවසම්ම, නැනවත්ම, ගුණගරුකම, රටක් වටින මං නැත්තං ඕගොල්ලො කවුරුත් දන්න තරියා - හික්ස්! :)


    අයියා විතරයි අයියා මාව තේරුං ගත්තෙ. කියමින් ඔහු මාව බදා ගත්තා.- චැට් එකෙන්??

    හි හි....

    අයේෂ් අක්කිගෙ පින්තුරේ තමා පින්තුරේ :)

    නියමා............යි....හිනාවෙවී කියෙව්වො...

    ReplyDelete
    Replies
    1. සියළුම දේට පැහැදිලි කිරීම් ඇත.
      1- සීවරං යනු දෙයියෙකි.
      2- අනිවාර්යයෙන්ම කියා ඇති කරුණු සත්‍යය.
      3- බදා ගන්නවා යැයි ඔහු වරහන් ඇතුලේ දැක්වූයේය.
      4- අයිසාගේ සැබෑ පින්තූරයක් බව තහවුරු කරමි. නමුත් පාට වෙනස්ය. මක්නිසාද අයිසා කට්ට කළුය.

      Delete
  15. තෝ මාව කෑවා ,,, අපරාදේ යකෝ මගේ කිලෝ බයිට් ටික ...

    ReplyDelete
    Replies
    1. ඇයි මී අයියේ..
      අපරාදේ උනේ????

      Delete
  16. මේ වැඩේ නම් සක්විතිටත් එහා යන අයිටම් එකක්.හැබැයි පට්ට ලිවිල්ලක් ඈ... අර හොටු සහිත පින්තූරෙ හරිම කලාත්මකයි හරිම සිරියාවන්තයි...

    මෙච්චර කාලයක් මග ඇරිලා තිබ්බනේ.ඕං පස්සෙන් පන්නන්නත් දැම්මා මං

    ReplyDelete
    Replies
    1. හික්ස්...
      සක්විති වගේ නෙමේ මම සාධාරණයි ඈ..

      Delete
  17. අනේ අම්මපා මූත් නිකන් අර ටෙලෙවිසොන් එකේ ඇඩ් කාරයෝ වගේ කුප්පම කතාව යටින් දානවා සුට්ටං අකුරින් :ප
    කමක් නෑ ඔන්න පිංඅතේ වැඩක් නේ ඔන්න මාත් එව්වා ලක්ෂයක්

    ReplyDelete
    Replies
    1. ලක්ෂයක් වැඩී අයියේ..
      කැමරාව රු 20000යි.
      ඉතිරි 80000 මං නැවත එවන්නං ඈ..

      Delete
    2. මල්ලි මල්ලි :ප

      Delete
  18. හයියෝ හිනවෙලාම එපා වෙනවා බං :D
    ලියනවා කිව්වට මෙහෙම එකක් ලියනවා කියල කවුද දන්නේ

    ReplyDelete
    Replies
    1. උබ දන්නවනේ ඉතිං මං ලීනවා කිව්වොත් ලීනවා..

      Delete
  19. අපොයි !!!!!!!!!!!!!!!

    අර හොටු පොටෝ එක කොහෙන්ද බං ?????????????

    ReplyDelete
    Replies
    1. අයිසක්කගෙ ෆොටෝ එකක් ගන්න එක ලේසි උනේ නෑ..
      හොද වෙලාවට මගේ ෆොටෝ ගබඩාවේ ඒක කලිංම ඩවුන්ලෝඩ් කරලා තිබ්බා..

      Delete
  20. ලියනවා කිව්වට සුපිරිම විදියට ලියලා. නියම නිර්මාණයක්. හතර අතටම වැදෙන්න ගහලා.

    ReplyDelete
    Replies
    1. හිතලා ගැහුවෙ නෑ අයියේ..
      ලියනකොට නිකංම වැදිලා..
      ස්තූතියි කමෙන්ටුවට..

      Delete
  21. ඊයායා තරියා....මොකක්ද අනේ මේ හරුපේ :) සේරම හොඳයි අර හොටු පොටෝ ඒක නැත්නම්

    ReplyDelete
    Replies
    1. මේක මේ පොඩි යටිකූට්ටු වැඩක්..
      චැටේදි සෙට් උනේ..
      හොටු පොටෝ එක අයිසක්කගේ..

      Delete
  22. ඇත්තටම මට කදුළු ආවා කියවද්දී..මම අනිවා උදව් කරනවා බං,,,account නොම්බරේ එවපන්....

    ReplyDelete
    Replies
    1. අනිවා මචං..
      උබලා වගේ හෘදස්පන්දනය වෙන අයට විතරයි ඒවා තේරෙන්නේ..
      මං ඇවිත් සල්ලි ගන්නං..

      Delete
  23. ඕනෑම පචයක් රසවත්ව ගොතා කීමේ හැකියව ගැන ආඩම්බර වෙමි , සැ.යු.:- ඔබගේ පචය ගැන කිසිදු පැහදිමක් නැත :(

    ReplyDelete
    Replies
    1. පච ගෙතීම වූ කලී මා විසින් උත්පත්තියෙන්ම ගෙන ආ ප්‍රතිභා ශක්තියකි..
      ස්තූතියි කමෙන්ටුවට මලිති අක්කේ..

      Delete
  24. අපරාදේ ඌට දබානෙට වෙලාම ඉන්න තිබුනේ ....

    ReplyDelete
    Replies
    1. ගෝමරීව බැදගෙන නේද?????
      මටත් ඕකම හිතුනා..

      Delete
  25. ඔහු තම කදුළු කතාව ඇරඹීය.

    එහෙම කියලා රංජා ගෙ ෆොටෝ එකක් දැම්මෙ ඇයි බන්... උගෙත් කදුලු කථාවක්ද තියෙන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ඉදින් බලන්න සිරෝ ඔහු වැද්දන්ගෙන් මිදී ටවුමට පලා යන ආකාරය..
      ස්ටන්ට් ක්‍රියාවක් නේද????
      මට නිතැතින්ම රංජන් අයියාව මතක් විනි..

      Delete
  26. චික්...අර හො‍ටු පොටෝ එක....!

    ReplyDelete
    Replies
    1. ඒම කීන්න එපා වී පොකුර..
      ඒක තමා මේකෙ ක්ලයිමැක්ස් එක..

      Delete
  27. තු තූඌඌඌඌඌඌ තු විතරක් අනේ මේ හොටු පොටෝ එක අයින් කරපියකෝ.ඒ මදිවට මේ කොහෙවත් ඉන්න අහිංසක මාවත් මේකට ගාවලා අනේ මේ තරියා නරියම තමා

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න මරණීය තර්ජන එල්ල වෙනෝ..
      තාම ලොකු මොට්ටි විතරයි ආවේ..
      දැං එයි පන කඩං පොඩි මොට්ටිත්..

      Delete
  28. අද තමයි තරියගෙ බ්ලොග් එකට ගොඩ උනේ .
    …අර හොටු පින්තූරෙ නැත්නම් තමා හොද :D

    ReplyDelete
    Replies
    1. හික්ස්..
      සාදරෙං පිලිගන්නවා ගිං අක්කේ...
      දිගටම රැදී සිටින්න කෙරුවාවත් එක්ක..

      Delete
  29. පට්ට මඩක්.. ඒත් ටිකක් විතර පිලිවලකින් ලියලා

    ReplyDelete
    Replies
    1. අනේ ක්සැන්ඩර් අයියේ මොන මඩද අප්පා..
      මේ පොඩි ආධාර පත්‍රිකාවක්..

      Delete
  30. මට තවමත් ඇඩෙනවා... දුකයි ඇත්තමයි..

    ReplyDelete
    Replies
    1. අඩන්න එපා මචං අඩන්න එපා..
      ආධාරයක් කරලා පිහිටවෙන්න පුළුවංනේ..

      Delete
  31. මැසේජ් එකක් ගහන්න උබේ 4න් නම්බරේවත් දුන්නෑනේ. කමක් නෑ සුවිස් බැංකුවේ අකවුන්ට් නම්බරේ හොයලා දීපන් මොකද උබට සල්ලි දෙන්න බයයි.

    ReplyDelete
    Replies
    1. අලේ අවිස්වාසනං සල්ලි දෙන්ට එපා..
      විස්වාසනං පමණක් දෙන්ටකෝ අතට මුදල්..
      බොහොම ස්තූතියි කමෙන්ටුවට!!!!!!

      Delete
  32. පෞද්ගලික සුනාමියක්ද මන්දා....

    ReplyDelete
    Replies
    1. ඔව් වෙන්න පුළුවං 2005දි කිවුවනේ..

      Delete
  33. අඩේ මේක සුපිරි බන් . .. මැක්සා ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුකා අයියා...
      ජයවේවා ඈ....

      Delete
  34. Replies
    1. ස්තූතියි සභිත් මේ පැත්තෙ ආවට!!!!!!!

      Delete
  35. තලියෝ සල්ලි ටික සමුපකාර බැංකුවේ දැම්මා නම් තමයි වැඩිය හොඳ .... :D
    අර අයිසගේ හොටු පින්තූරේ තමයි ඉවසන්න බැරි ... :/

    ReplyDelete
    Replies
    1. හික්ස්...
      සමූපකාර බැංකුව සුනාමියක් ආවම අහු වෙනවනේ...
      අයිසා ඉතිං හොටුමනේ...
      හි හි..
      පිලිගන්නවා පැංචිව කෙරුවාවට..
      බෝම ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!!!!

      Delete
  36. සේරමත් හරි.අර "හොටු චොයිස් කරන හොට්ටී (අයිසා)" ගෙ පින්තුරේ තමයි එපා වෙන්නේ.ඊයා....

    ReplyDelete
    Replies
    1. ඒ අයිසාගේ සැබෑ ස්වරූපයයි!!!!!!!!!!!

      Delete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????