ලගින්ම ඉන්න කස්ටිය

Sunday, January 13, 2013

සිහින සිතුවිලි


අඩෝ නැගිටපං. ඉස්කෝලෙ යන්නෙ නැද්ද?

ජෝගි එපා බං නිදා ගන්න දියංකො.

තෝ අපේ ගෙදර පාඩං කරන්න කියල ඇවිත් නිදා ගත්තම හරිද යකෝ?

ඒ පාරනං මට ලෙසටම මල පැන්නේය.. යකෝ තොපේ ගෙදර පාඩං කරන්න ආවෙ පාඩං කරල ටිකක් නිදාගන්න. පව් නොදී ලයිට් එක ඕෆ් කරගෙන පල මගෙං සිංහල අහගන්නෙ නැතිව. කියා මම ෙපාරවනෙයන් මුහුන වසා ගත්තෙමි.

ඔය ලමයට ටිකක් නිදා ගන්න දෙන්න ලමයො. පාඩං කරල නිදිමත ඇතිනෙ. මාධවගෙ අම්මා ඈතින් කියනවා ඇසිනි. 

බලපං ඩෝ උබලගෙ අම්මට විතරයි ඒකවත් තේරෙන්නෙ..

තේරෙයි තේරෙයි. අන්න උබේ තාර පීප්පෙගෙ ඉස්කෝලෙට යන්න අද ඔෆීශියල් ටිකට් එකක් ඇවිත් තියෙන්නෙ. උබට බැරිනං ඉදිං. මං තව එකෙක් එක්ක යන්නං. මාධවයා ඇගට නොදැනී කිව්වේ සිරාවටම වගේ.

මාධවයට පස්ස හරවා රෙද්දත් පොරෝගෙන හිටි මගේ නිදිමත කොහෙන් ගියාද නැත.


(මාධවයට පස්ස හරවා රෙද්දත් පොරෝගෙන)


ඈ අඩෝ මොකක්ද ඒ සීන් එක? මාධවයා තාර පීප්පෙයි කීවෙ ඇයට බව මා දනී.

නෑ නෑ උබට මහන්සිනෙ. උබ දොයිය ගනිං උක්කුං පැටියා. අපි ගියා ඈ. කියමින් මාධවයා පොත් ටික ගත්තේය.

අඩෝ බලු වැඩ එපා මස්සිනා. කියහංකො සිද්ධිය මං ඇදෙන් බහින ගමං ඇසීමි.

ඔක්කොටම කලිං දත් මැදල මූන හෝදං වරෙං. යකෝ කට වටේ කුනු කෙල. ගෝතයා. චීත්තෙ ගැන ඇහුවම තමා මුන්ට අපි මස්සිනාල වෙන්නෙ.

මට විනාඩි දෙකක් දියං. කියමිං මම සිනහවේගෙනම බාත්රූම් එකට දිව්වෙමි. කලබලයට තුවායත් අමතක වී නාන කාමරයට පැමින ඇත. 
ඒ මචාං. ඒ තුවාය ගෙනෙං බං. මම මාධවයට කෑ ගැසීමි.

අඩෝ ඕක ගෙනෙංකො බං. මා හැකි ඉක්මනිං මුහුන සෝදාගෙන නැවතත් කෑ ගැසුවේ මාධවයා තුවාය නොගෙනා නිසාය. 
සුළු මොහොතකින් නාන කාමරයේ දොරට තට්ටු කරනවා ඇසිනි. මාධවයාගේ අක්කා තුවාය ගෙනවිත්ය. මොනාද හලෝ තුවාය ගෙනියන්නවත් මතක නෑනෙ ඉතිං. මහ ලොකුවට ඒ ලෙවල්ලු. 
හී.. මං අක්කට විරිත්තා තුවාය ගත්තේ තෑන්ක්ස් සිස් කියන ගමංය. 
සිස් තමා කියමිං ඈ යන්නට ගියේ කින්ඩියට හිනාවකුත් දාගෙනය.

මාධවයා අපේ සෙට් එකේම එකෙකි. මා මාධව හදුනන්නේ පෙරපාසල් යන්නටත් පෙර සිටය. මාධවගේ පව්ලේ අය මට මගේ පව්ලේ අය මෙන්ම විය. කාන්ති ඇන්ටිත් හේෂනී අක්කත් මාධවත් මට අපේ නෑදෑයන්ටත් වඩා කිට්ටුය. මාධවගේ අප්පච්චි මිය ගියේ මාධව කුඩා කාලයේදීමය. අප දෙදෙනාගේ පවුල් අතර බැදීම කොතෙක් වීද යත් තාත්තා නැති මාධවට අප්පච්චි වූයේ අපේ තාත්තයි. අපේ අම්මා මාධවට තවත් අම්මෙක්ම විය. ඒ වගේම කාන්ති ඇන්ටිත් මට තවත් අම්මෙක් විය. මාධවත් මමත් කුඩා කල පටන්ම පාසල් ගියේ කොලඹ ප්‍රධාන පෙලේ පාසලකටය. මා යන පාසලටම මාධව දැමීමට අපේ තාත්තා ගත් වෙහෙස මාධවගේ මව නිතරම සිහිපත් කරන්නේ කදුළු පිරි දෙනෙතිනි.

පුතා අද ඉස්කෝලෙ යනවද? නාන කාමරයෙං මුහුන පිහිදමින් එලියට පැමිනෙන මගෙන් මාධවගේ අම්මා ඇසුවේ කුමටද කියා මා දනී. ඒ තවත් බත් පාර්සලයක් එතීමටයි. 
ඔව් ඇන්ටි. මා කියූ දේ ඇසුනු මාධවත් ඌටම සෙට් වෙන උගේ අක්කත් ඈතින් සිනා සෙනු ඇසුනු ඇන්ටිගේ මුහුනේ ප්‍රශ්නාර්ථයක් විය. මා කාන්ති ඇන්ටි අසලින් ඉක්මනින් ඉවත් වූයේ කොල්ලො කියන්නාක් මෙන් ඉල්ලං මාමයිට් ගා ගැනීමට අවශ්‍ය නොවූ නිසාවෙනි.

දඩි බිඩි ගා ලෑස්ති වූ මම මාධවයා සමගින් ගෙදරින් එලියට බැස්සේ කාන්ති ඇන්ටී ඔතා දුන් බත් පාර්සලයත් රැගෙන ඇන්ටිට වැදීමෙන් අනතුරුවයි.

දැං කියහංකො මොකක්ද සීන් කෝන් එක. මං මාධවයගෙං ඇසීමි. 
අද අරුංගෙ ඉස්කෝලෙ පොඩි වැඩකට මට ධම්මිකා මිස් එන්න කිව්වා.

ඒ සිරාවට. මට කියැවිනි.

සිරාවට තමා බූරු පැටියො. තෝ නිසා මටයි කටු සෙට් වෙන්නෙ. තොට මොකෝ? තෝ ගිය වෙලාවෙ ඉදල අරකිට පැනි මුට්ටිය හලයි. මට තමා ඉතිං අර ගෑනි කියන අර වැඩෙයි මේ වැඩෙයි කරන්න වෙන්නෙ.

ඒ උබට උම්ම එකක් දෙන්න හිතෙනව බං. බස් නැවතුම් පලට ලං වෙන ගමන් මා කීවෙමි.

දෙන්න හිතුනට කමක් නෑ දෙන්න එපා. මේ කෙල්ලො හිතයි මාත් උබ වගේ ගේ පොරක් කියලා. මාධවයා බස් නැවතුම් පොලේ සිටින කෙල්ලො දිහා බලමින් කීවේය.

පල හු*** යන්න..
මා සිනාසෙමින් කීවෙමි.

ඒත් සමගම බස් රථය පැමිනියේය.

බස් රථයට ගොඩවූ අප පිටු පස අසුනේ අසුන් ගත්තේ බස් රථය අපේ සීයාට අයිති එකක් මෙනි. මාධවයා මටත් එක්ක ටිකට් ගත්තේය.

ඇය මට මුන ගැසුනේ බාලිකා පාසලක විවාද තරගයක් අතරතුරදීයි. ආරාධිත පාසල් අතරින් ඔවුන්ගේ පාසලේ විවාද කන්ඩායම සමග පැමින සිටි ඇය මා මුලින්ම දුටුවේ විවේක කාලය අතරතුරදියි. ඔවුන්ගේ පාසලේ විවාද කන්ඩායමේ ලමුයෙකු සමග අප කන්ඩායමේ නාලක ප්‍රේම සම්බන්දතාවක් ඇති බැවින් මට නාලකගේ මාර්ගයෙන් ඇය පිලිබද තොරතුරු දැන ගැනීම ඉතා පහසු දෙයක් විය. 
ඇය නමින් ප්‍රතිභා විය. ප්‍රතිභා හට මා උනන්දු වී දැන් මාස කීපයක් වන නමුත් තවමත් සාර්ථක වීමට නොහැකි වීම යහළුවන්ගේ නිතර බයිට් එකක් වීමට මග පාදා ඇත.

(ඇය මට මුන ගැසුනේ බාලිකා පාසලක විවාද තරගයක් අතරතුරදීයි)

ආමර් වීදිය බහින්න.. කොන්දාගේ බෙලෙක් කටහඩට මා පියවි සිහියට ආ අතර ඒ වන විටත් මාධවයා නැගිට කෙල්ලෙක් සමග කථා කරමින් සිටියේය.

ආමර් වීදියෙන් බැසගත් අප 176 බස් රථයක නැග්ගේය.

මරදාන ගොඩගේ පොත්හල අසල කලර් ලයිට් අසලින් බැසගත් අප පාසල දෙසට දිව ගියේ තරමක් ප්‍රමාද වී තිබූ නිසාවෙනි.

(මරදාන ගොඩගේ පොත්හල අසල කලර් ලයිට්)

අසල තිබූ හෝටලයක් තුලින් මාධවයා කියා කෑ ගැසුනු නිසා මාධවත් මාත් ඒ දෙසට ඇදුනෙමු...


ඉතිරිය මතුවට.........

(මේක මේ පරණ කතාවක්, ආයෙත් මුල ඉදං පටං ගන්න හිතුනා. 
හැකි ඉක්මනිං ඉතිරි කොටහ දාන්නං)

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

65 comments:

  1. කලින් දාපු එකක්ද ... මම කියවල නෑනේ... ඉතුරුටිකත් දාපන්

    ReplyDelete
    Replies
    1. යෑෂ්...
      ඉස්සෙල්ලම බ්ලොගට ලිවුවේ මේක...
      ඉතුරු ටික දාන්නං..
      මේක මේ මෙගා ටයිප් එකක්...

      Delete
  2. හැක් , මම හිතුව අතිතවර්ජනයකට ලැහැස්ති වෙන්ව කියල

    ReplyDelete
    Replies
    1. අතීතා වර්ජනයක් නෙමේ ඈ...
      පටලෝගන්න එපා....

      Delete
  3. අයියෝ භාගයයිනෙ දාල තියෙන්නෙ...:(

    ReplyDelete
    Replies
    1. දාන්නං දාන්නං...
      කොටස් වශයෙං යන්නේ ඈ...

      Delete
  4. ඉස්සරහින් ඉන්නෙ ප්‍ර‍තිභා ද ? ඒ වැඩේට මක්කැයි උනේ...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ..
      ඔය අහුවෙච්ච ෆොටෝ කෑල්ලක් දැම්මේ..
      ඒ වෙච්ච ටික ඉස්සරහට ටික ටික දාන්නං....

      Delete
  5. මොකද්ද බං වැඩක් පටන්ගත්තම ඉවර කරපංකො!

    ReplyDelete
    Replies
    1. දවසිං දාන්න දිග වැඩියිනේ...
      මෙගා එකක්...

      Delete
  6. කුතුහලේ උපරිමේටම දාලා ඉතිරිය පසුවට කියනකොට හයියෝ.......... :D

    ReplyDelete
    Replies
    1. නැත්තං ගතියක් නෑනේ...
      ඉක්කන්ට දාන්නං ඉතුරු කෑල්ලත්...

      Delete
  7. Replies
    1. සහනයගේ සුදුම සුදු කෑල්ලට මාධවයා කියන්නේ තාර පීප්පෙලු...

      Delete
  8. උඹ හිටිගමන් දවල් හීන දකිනවවත්දෝ කියල හිතුන, හ්ම් හ්ම්.... ඉතුරු ටිකත් දාමුකෝ.

    කොහේද බං පහුගිය දවස්වල ගිහින් හිටියෙ, ෂර්ලොක් හෝම්ස්තුත් නෑ, රේඩියෝ සිලෝනුත් නෑ, උඹත් නෑ.

    ReplyDelete
    Replies
    1. දවල්ටනං මං හීනම තමා දකින්නේ...
      මේක මේ නිකං කතාවක්...
      මගේ නෙට් කනෙක්සන් එකෙං බ්ලොග් බලන්න බෑ...
      මේ වෙන ක්‍රමේකිං එන්නේ..
      බලමු ඉක්මන්ට හදාගන්න..

      Delete
  9. සිංහාවලෝකනය .............. අපි මඟ බලාගෙන

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එහෙම එකක් නෙමේ...

      Delete
  10. ඔන්න ඔන්න තරියා අයියා කැත වැඩ ඇ, දැන් ඉතින් අපි කුතුහලේ හදන් බලාන් ඉන්න එපැයි..සැහ්

    ReplyDelete
    Replies
    1. හෑ...
      සුට්ටක් බලං ඉන්න වෙයි..
      ගනං ගන්න එපා ඈ..

      Delete
  11. ඉතිරි ටික දාල උඹම අපිට මතක් කරපං. අපිට වෙලාවක් නෑ මේවා අස්සේ බඩ ග-ගා හොයන්න.

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක්ද?
      හාකෝ හාකෝ...

      Delete
  12. හ්ම්ම් හ්ම්ම්...කනත්ත බාලිකා වගේ නේද?

    ReplyDelete
    Replies
    1. පිංතූරෙං කිසිවක් තීරණය නොකරන්න...

      Delete
  13. ඉතුරු කෑල්ල ඉක්මනට දාපං බං..

    මාර කේස් එක කියන්නේ මං හිතන් හිටියේ මෙච්චර දවසක් මම උබේ බ්ලොග ෆලෝ කරනවා කියලනේ.. අඩේ සොරි ඈ..

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද ඈ...
      ඉතුරු එකත් ඉක්මන්ට දාන්නං..

      Delete
  14. Hari..ela..thawath prema wurthanthayaka erabuma..mathu sambandai.. :)

    ReplyDelete
    Replies
    1. මේක පරණ ලවු ඉස්ටෝරියක් ඈ...

      Delete
  15. ඉතුරු ටික දාන්නෝ

    ReplyDelete
  16. දාමුකෝ එහෙනම් අනිත් ටිකත් බලන්න. හොඳම ටික ඉස්සරහට වගේ.

    ReplyDelete
    Replies
    1. ටික ටික එන්නේ..
      අඩුපාඩු තිබ්බොත් කියන්න ඈ...

      Delete
  17. මං බැලුවේ මූ අපේ ඉස්කෝලෙ පැත්තවත් බලලද කියලා.. හි හි

    ReplyDelete
    Replies
    1. ගෝතමීද??????????
      ඉස්කෝලෙ හරියට දන්නැති නිසා ඇහුවේ...

      Delete
    2. මාත් හිතුවෙ නිකමට එහෙමයි.. ;)

      Delete
    3. ඩබලම ගෝතමීද??????

      Delete
  18. පාඩම් කරන්න මම මගේ යාලුවගේ ගෙදර හැටි මතක් උනා බන් . .

    කලින්ම ඇන්ටිට කෝල් කරලා කියනවා කන්න ආසා ජාති නැතිනම් ගෙදර ගිය ගමන් ඇන්ටි මාට් අද මේව ඕන අරවා ඕන කියලා කියනවා. නැත්නම් ඇන්ටිම ඇවිත් මගෙන් අහනවා පුත ඔයා කන්න ආස මොනවද කියලා . .

    අනිත් උන්ට මලේ මල . .

    පස්සෙ කට්ටිය පාඩම් කරන්න ගන්නවා මම ගිහින් ඇන්ටියි අන්කලුයි අක්කයි එක්ක ටී වී බලනව . .

    කාලා බීල ඉවර වෙලා ආපහු ටී වී බලනවා.

    නිදා ගන්නවා.

    කස්ටිය මහ රෑ නිදිමත යන්න කියලා හංගල තියෙන පොත් බලනවා . .

    ඒ වෙලාවට ඇහැරිලා ඒවා බලලා ටොයිලට් ගිහින් ඇවිත් ආයේ නිදා ගන්නවා . .

    හික් හික් හික්

    කතාවේ ඉතුරු ටිකත් දාපන් පුතා . .

    ReplyDelete
    Replies
    1. මාත් රෑට සෙට් වෙලා පාඩං කරපු දවස්වල කයිය ගැහුවා මිසක් පාඩමක් කරේනං නෑ...
      අපි සෙට් වෙලා කරන පාඩං..
      දාන්නං දුකා අයියා ඉක්මන්ට..

      Delete
  19. තරියගේ මෙගා පාට් 2

    ReplyDelete
    Replies
    1. මෙගා වලට ආසත් නෑ..
      ඒත් ඉතිං ලියනකොට නිකංම මෙගා වෙනවා නලීන් අයියේ..

      Delete
  20. සිරාවටම මේ කතාවටනම් පට්ට ලයික් ඈ... කෝ අර එතකොට ෂර්ලොක් හෝම්ස් ගේ එකට මක්කයි වෙන්නේ තරිස් ?

    ReplyDelete
    Replies
    1. එවුවා දාන්නං බං ටික ටික...
      හදිස්සියක් නෑනේ...

      Delete
  21. Replies
    1. දෙකක් නෙමේ කොටස් බර ගානක් තියෙනවා...

      Delete
  22. ඊලග කෑල්ල තවත් රසවත්යැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. හරියට සුදු ඇපල් වගේ වෙයි බොහෝවිට...

      Delete
  23. ආ.......... කෝ දැන් ඉතුරු ටිකත් කිව්වානම් ඉක්මණට... :D
    හුරුපුරුදු වටපිටාවක ඇදෙන කතාවක්නෙ.. බලමුකෝ ....

    ReplyDelete
    Replies
    1. දාන්නං දාන්නං ඉක්මන්ට....
      වටපිටාව හුරුපුරුදු වෙන්නේ මරදානේ ඈයන්ට..

      Delete
  24. හික් හික් ...
    http://mrurealpage.blogspot.com/

    ReplyDelete
  25. තරියාගේ පැණි බේරෙන කථා මාලාව මෙතැන් සිට....

    ReplyDelete
  26. ඉතුරු ටිකත් ලියන්ඩෝ !

    ReplyDelete
  27. හොදම හරිය තාම ඇගිල්ලේ වගේ

    ReplyDelete
  28. ඊළඟ ටිකත් බලමුකෝ..
    මේ කොටස අමතක වෙනකම් ඉඳලා ඉතුරු ටික ලියන්න එපා හොඳේ..!!

    ReplyDelete
  29. පටන් නිද්දිම මතු සම්බන්දයි හෙන ගහනවනේ යකෝ ඈ....

    //කොල්ලො කියන්නාක් මෙන් ඉල්ලං මාමයිට් ගා ගැනීමට අවශ්‍ය නොවූ නිසාවෙනි.// අඩේ ඇත්ත නේද කොල්ලෝ එහෙම කිව්වට උඹලා කියන්නෑනේ..... ;)

    ReplyDelete
    Replies
    1. තරුවා පරණ තරහා පෝස්ට් එකෙං පිරිමැහීම හෙලා දකිනවා ඩෝ.....

      Delete
  30. හෝටලේකටත් රිංගන්න වගේ. බලමුකො ඉතුරු ටිකත්.

    ReplyDelete
    Replies
    1. යකෝ මේක පරණ එකක් කියල දැක්කෙ පස්සෙනෙ. :D

      Delete
  31. අඩේ මූත් මෙගාවක් ලියන්න අරගෙන නේ ඔන්න මාත් ආවා කියවන්න

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????