ලගින්ම ඉන්න කස්ටිය

Thursday, February 7, 2013

ලංකාව, බෞද්ධ ධර්මය හා පන්සිල්


අද වෙනකොට ලංකාව ඇතුලේ පුදුම ආගමික ප්‍රබෝධයක් ඇති වෙලා ආගමට දහමට ලැදි ජනතාවක් බිහිවෙලා ඉන්නවා. සාමාන්‍ය සමාජෙනං කොහොමද දන්නෑ ඒත් අන්තර්ජාලය තුළනං එහෙමයි.





සිංහල ජාතියත් බෞද්ධ සාසනයත් වෙනුවෙන් ඔවුන් පන උනත් දෙන්න සූදානම් බවයි ඒ සටහන් වලින් තේරෙන්නේ. උදාහරණ අවශ්‍ය නෑ අන්තර්ජාල පරිශීලකයින් ඒක දිවා රෑ අත්දකිනවා.

ලංකාවට බුදුදහම ලැබෙන්නේ මිහිදු හාමුදුරුවන් යටතේ කිවුවට අපිට හිතන්න පුළුවං ලංකාවට බුදුදහම ලැබෙන්නේ ඊට බොහෝ කාලෙකට කලිං කියලා. මොකද බුදුහාමුදුරුවොත් ලංකාවට වඩිනවනේ.

බුදුදහමේ ඉතිං බලනවනං පිළිපදින්න දේවල් ගොඩක් තියෙනවා. සිල් ඕනේනං කෝටි ප්‍රකෝටි ගනං තියෙනවා මං දන්න විදිහට. ඒත් ඒවා රකිනවද කියන එක ගැන තියෙන්නේ ප්‍රශ්ණාර්ථයක්.

පන්සිල් කියන්නේ ඒ සිල් අතර තියෙන අන්තිම සරල සහ ගොඩක් ජනප්‍රිය දෙයක්. නිතිපතා සමාදං වෙලා පිළිපදින්න පුළුවං දෙයක්.
මොනාද පන්සිල් කියලා බලමු.

  • පරපණ නැසීමෙන් වැලකීමේ සික්ශාපදය
  • අන්සතු දේ ගැනීමෙන් වැලකීමේ සික්ශාපදය
  • කාමය වරදවා හැසිරීමෙන් වැලකීමේ සික්ශාපදය
  • බොරු කීමෙන් වැලකීමේ සික්ශාපදය
  • සුරාව පානය කිරීමෙන් වැලකීමේ සික්ශාපදය


එකින් එක අරගෙන බලමු බෞද්ධ රට වෙන ලංකාවේ තත්වය ගැන.

පරපණ නැසීම ගැන කතා කරනකොට අද කට්ටිය ගොඩකගේ පිළිකුලට හේතුඋන හම්බයෝ අයිං කරමු. මොකද උංට සත්තු මරං මස් කන්න, වැරදි කරන මිනිස්සුංව මරන්න ආගමෙන්ම අවසර දීලා තියෙනවා. දැං එහෙම එපා කියපු බුද්ධාගං කාරයන්ගේ ක්‍රියාකලාපය බලමු. සියයට 90ක් විතර තමන්ට විදින්නැතුව ලගින් යන මදුරුවෙක්ව උනත් චප්ප කරලා පොඩි කරලා අඹරලා දානවා අතින්. බොහොම සරලයි ශික්ෂාපදය කැඩෙනවා. මස් කන අනං මනං ඕනේ නෑ. රටේ හැම තැනම මිනී මැරුම්. මහ එකාගේ පටන් පොඩි එකා දක්වා තමන්ගේ තත්වය රැකගෙන ඉන්නේ මිනී මැරුම් වලට පිංසිද්ධ වෙන්න. කැලේකට ගියොත් අලි මරණවා දල කපනවා සත්තු මරණවා මස් කනවා. හාමුදුරුවරු මරණවා මරපු උං එලි වෙනකොට මරණවා. ඇත්ත ලියන මාධ්‍යවේදීන් නිකංම මැරෙනවා අතුරුදං වෙනවා. තාත්තා අම්මවයි ලමයි දෙන්නවයි පුච්චලා මරණවා සමහරු ගහලා මරනවා අම්මලා ළමයි ගඟට දලා මරනවා. මේ වෙන කොහෙවත් නෙමේ බෞද්ධ රාජ්ජේ...

අති උත්තම සිංහල බෞද්ධයන් දෙමලෙක්ට පහර දෙමින් විනෝද වන ආකාරය
දෙවනි එක බලමු. සොරකම් කිරීමෙන් වැලකීම. නැති තැනක් කියන්න අමාරුයි. ඒ තරමට හොරකම. රටේ පාලකයෝ කරන තරමක් කරන්නේ හොරකම. රාජ්‍ය සේවකයා හාෆ් ෂීට් කොලේ හිටං හොරකං කරන එක තමා කරන්නේ. එතකොට බස් වල කොන්දා. සම්පූර්ණ හොරකම. හොරකම. වංචාව. දූෂණය. හැමතැනම අඩු නැතුව.

කොහෙද? බෞද් රාජ්ජේ.

තුන. කාමය වරදවා හැසිරීම. කාමය වරදවා හැසිරීම කියන්නේ වැරදියි කියලා හිතන ලිංගික ක්‍රියාවල යෙදීම කියලා හිතමුකෝ. රටේ ස්ත්‍රී දූෂණ ළමා අපචාරනං දවසකට කොච්චර වෙනවද? ඒවා කරන උං වැරදියි කියමුකෝ. 

එතකොට සාමාන්‍ය ජනයා? 

ලංකාවේ ඉන්නේ ඔක්කොම ලිංගික පිපාසයකින් ඉන්න ජරා හැත්තක්. නිවුස් වල උනත් වැඩිපුර බලන්නේ දූෂණ ක්‍රියා තියෙන නිව්ස්. කට්ටිය දන්නවා මං වැඩ කරන්නේ නිව්ස් සයිට් එකක කියලා. අපේ සයිට් එකේ දූෂණ ක්‍රියාවක් ගැන එහෙම දැම්මොත්, හප්පා.. එක විකාරයයි. කමෙන්ට් ගොඩයි හිට්ස් වැහිවැහැලා. ඒකට පුන්‍ය කර්මයක් ගැන නිව්ස් එකක් දැම්මොත්? බලු බල්ලෙක් නෑ කියවන්න. 

මේ තත්වය බ්ලොග් එකක් තියෙන කෙනෙක්ටත් බලාගන්න පුළුවං. ලිංගිකත්වය සම්බන්ධ කිසිම දෙයක් මගේ බ්ලොග් එකේ නැතත් සර්ච් කී වර්ඩ්ස් ගොඩක් තියෙන්නේ ලිංගිකත්වය සම්බන්ධ ඒවා. 



එතකොට අපි ගමු ස්ත්‍රී දූෂකයෝ ළමා අපචාරකයෝ ගැන. රට කරවන ආණ්ඩුවේ වැඩි හරියක් ඉන්නේ එහෙම උං. පන්සලක ගත්තත් (බෞද්ධයා ගැන කියන නිසා අනෙකුත් ආගමික ස්ථාන ගැන කතා නොකරමි. නැත්නම් ඒවායේද තත්වය මීට සමානය) හාමුදුරුවරුන්ට ලස්සන කොල්ලෙක් කෙල්ලෙක් පේන්න බෑ. කෙල්ලන්ට වඩා කොල්ලන්ට පංසල කියන ස්ථානය දැන් යන්න බැරි තැනක් වෙලා ඉවරයි. (බහුතරයක් තැන් වල) මේවා වෙන්නේ මේ ධර්මද්වීපයේ....

හතර බොරු නොකීම. රට වාසීන්ගෙන් සියයට 99යි දශම 9ක්ම බොරු තමයි කියන්නේ. ධර්මය දේශනා කරන හාමුදුරුවෝ රටේ නායකයෝ අම්මා තාත්තා දුවලා පුතාලා ඔක්කොම බොරුව කරන්නේ. ළමයින්ට බොරු කිරීම උගන්වන්නේ දැන් අම්මලා තාත්තලමයි. නැත්තං හොද ඉස්කෝලෙකට යන්න බැහැ. සර් ඇහුවොත් එන්නේ කොහෙ ඉදන්ද කියලා අහවල් තැන ඉදන් එන්නේ කියහං. පොඩි එකා බොරු කීමට අම්මගෙන් තාත්තගෙන් ඉගෙන ගන්නේ එහෙමයි. මැති ඇමතිවරු ගැන කතා කිරීමට අවශ්‍ය නැහැ. ඒ මිනිස්සුංගේ ජීවිතේම බොරුවක්. උපතේ සිට විපත දක්වාම බොරු කියන සමාජයක් ඉන්න රටක් තමයි මේ ධර්මද්වීපය.

සුරා පානය එහෙමත් නැත්තං මත්පැන් භාවිතය පිළිබඳව රටේ කතා කරලා වැඩක් නෑ. ගොඩක් අය පාවිච්චි කරනවනේ. මේක බලන අයත් ගොඩක් එහෙමයි කියලා දන්නවා. ඒ අයට ඒවා නවත්තන්න කියලනං මං කියන්න යන්නෑ. තේරුමක් නැහැ. අපේ වචන නාස්ති වෙනවා විතරයි වෙන්නේ. හැබැයි මේ තත්වය අපරාධ ක්‍රියා වලට දාලා බැලුවොත් ඉදලා හිටලා සාමාන්‍ය ප්‍රමාණයෙන් භාවිතා කරන අයටනං අදාල වීමේ හැකියාවක් නෑ. නමුත් සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත් අදාලයි මොකද සරීර සෞඛ්‍ය දුර්වල වෙන නිසා. 

රටේ අදායම් අතර වැඩිම බදු ආදායම් ලබන දෙකක් තමයි ඔය දුම්කොල බදු සහ සුරා බදු. කොච්චර වැඩි කලත් මිනිස්සු ඒවට තියෙන ඇල්ම අඩු වෙන්නේ නෑ. නරකම දේ තමයි මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් තමන් කවුද කරන්නේ මොකක්ද කියන දේ පිළිබඳ තියෙන වැටහීම නැතිවෙලා ඉහත කියපු අනිත් සික්ෂා පද 4ම කඩන්න පුළුවං තරමේ ශක්තියක් ලැබෙනවා. නමුත් ලංකාවේ මිනිස්සුන්ට නැතුවම බැරි දෙයක් බවට අද සුරාව පත් වෙලා තියෙනවා. 



ගිහි ජනතාව කෝප්පෙට හලං බොනකොට හාමුරුවරු තැඹිලි බොන කතාව කවුරුත් දන්නවා ඇති කියලා හිතනවා. ඒ ඉස්සර තැඹිලි කෝම්බෙට මුවා වෙලා බිව්වට අදනං එලිපිට බොන අවස්ථාත් ඕන තරං තියෙනවා. පන්සල් වල පෙරහැරවල් තියනවා. ඒ පෙරහැරවල් වල ගමන් කරන ලොකු එකාගේ සිට පොඩි එකා දක්වා ඒකෙ ගමන් ගන්නේ ගොඩක් වෙලාවට බීලා. ඔය පන්දං ගෙනියන උන්නැහෙලා එහෙමනං වැනිච්ච ගමං. තව ඔය ලොකු ලොකු ස්ථාන වල ගමන් කරන අය ඒ ස්ථාන ලබා ගන්නේ නිසි බලධාරීන්ට අරක්කු බෝතලේ පවර් එක පෙන්නලා බවත් ගොඩක් අය දන්නවා. පෙරහැරක් පටං ගන්න කලිනුත් බෝතලේ, ඉවර උනායිං පස්සෙත් බෝතලේ. ඔන්න ඔහොමයි ධර්මද්වීපේ.

පන්සිල්වත් රකින්නැතුව ධර්මේ ආරක්සා කරන්න කොහෙවත් යන හම්බයන්ටවත් දෙමලුන්ටවත් ආගං කාරයන්ටවත් බැන්නට වැඩක් නෑ. මේ රටේ ලොකුම අපරාධ කරන්නේ ඔය කියන මහලොකු සිංහල බෞද්ධයෝ. ඉස්සෙල්ලා ඔය සරල පන්චසීලේ ආරක්ෂා කරලා හිටිල්ලා. ඊට පස්සේ කෑ ගහපල්ලා... රෙද්ද...

තමං හැදිලා ඉන්න ඕනා අනුං හදන්න. ඒකයි ක්‍රමේ. අපේ උං තියෙන දහදුරා වැඩ ඔක්කොම කර කර අනිත් එවුංට ඇගිල්ල දික් කරනවා හරියට ඇමරිකන් කාරයෝ වගේ. ලැජ්ජයි.

දැං කියයි මාත් හම්බයින්ට කත් අදින එකෙක් කියලා. එහෙම එකක් නං නෑ කලේ මං දැක්ක දේ කිවුව එක.. ඔහොම හිතන උං නං මෙන්න මේක බැලුවත් අවුලක් නෑ.. 


ප.ලි.
ඉහත ලිපියේ ලියුම්කරු වන මා මාගේ දැනුමේ හැටියට පන්චසීලයේ සිල් පද පහෙන් තුනක් රකින බවත් ඒවා නම් පරපණ නැසීමෙන් වැලකීම, කාමයේ වරදවා නොහැසිරීම සහ සුරා පානයෙන් වැලකීම යනාදිය වේ. මා බොරු කීමෙහි හා සොරකම් කිරිමෙහි වර්තමානය වන විට නියැලෙමින් සිටිමි. යාළුවන්ටනං කියන්නේම බොරු වන අතර කරන එකම සොරකම ලෙස කෑම සොරාකෑම දැක්විය හැක. එයද මිතුරන්ගෙන් සහ පොඩි නංගීගෙන් සහ මල්ලීගෙනි. කාමය වරදවා හැසිරීම යන්න පර අඹුවන් කරා යෑම සහ වැරදි ලිංගික ක්‍රියා වල නියැලීම යන නිර්ණායකයන්ගේ සිට සොයා බැලූ අතර එය ඊට වෙනස් අර්ථයක් දෙන දෙයක්නම් පවසා සිටින ලෙසත් දන්වා සිටිමි. සාපේක්ෂව මේ ගැන කතා කිරීමට සුදුසුකමක් ඇති පුද්ගලයෙකු ලෙස සිතන බැවින් මෙම පෝස්ටුව කෙටීමට තීරණය කළෙමි. ධර්මාචාර්ය කරපු එකෙක් හැටියට තිබෙන්නාවූ දැනුම යොදාගත් අතර මේවා වැරදිනම් ඒ පිළිබදව සමාව ලබාදී නිවැරදි කරන මෙන්ද ඉල්ලා සිටිමි.


ප.ප.ලි
මේ කිසි දෙයක් වැඩක් නෑ අපිට අපේ ආතල් අරං හම්බයන්ට කෙලින්න විතරයි අවශ්‍ය කියලා හිතෙන අය කමෙන්ටු නොදාම නික්ම යන්නේ නම් යහපති.

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

84 comments:

  1. එල එල බෞද්ධයෝ ගැන ඇත්තම කියලා තියනවා.. :D

    ReplyDelete
    Replies
    1. බෞද්ධයෝ විහිං චාටර් වෙනවා...

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකට සම්බන්ධ නැති දෙයක්නේ සහෝ..

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. @මඩිස්සලේ නිශාන් :
      මලිත්ට ගහද්දි ඇයි චංචලා අඬන්නේ...

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. අම්මටසිරි...
      මං මාරයිනේ...
      මෙවුවට මං පස්සේ රිප්ලයි දාන්නං...
      එතකං ඔය අහිංසක කෙල්ලව කන්නැතුව පැත්තකට වෙලා ඉවසීමෙං ඉන්න ඈ....

      Delete
    6. @ 1 ඇනෝ...
      දන්නවනං හොදයි...
      මටත් වෙලාවක කියන්න දැනගන්න ආසයි...
      ඒ ලවු එක ගැන මට කියන්න දෙයක් නෑ.. ඔයාට මොනාද දැනගන්න ඕනා කියලා දන්නෙත් නෑ...
      අහිංසක කෙල්ලංට මඩ ගැසීමෙන් වලකින්න... එච්චරයි...

      Delete
    7. @නිශාන්..
      ඒක තේරුං ගන්න බැරි එකෙක් බං ගනං ගන්න එපා...

      Delete
    8. @ 2 ඇනෝ 3 ඇනෝ සහ 4 ඇනෝ...
      කියන්න දෙයක් නැත...

      Delete
  3. මම හිතන් හිටියේ උඹ මාර ඩීසන්ට් කොල්ලෙක් කියලා, ඒත් හිට්ස් කමෙන්ට් වලට තමංගේ ආගම පාවා දුන්නු කෙනෙක් විදිහටයි මල්ලි උඹව දකින්නේ මං

    ReplyDelete
    Replies
    1. ඇයි බන් ඉතින් අනෝ කොමෙන්ට් දාන්නේ :D , කොදු ඇට පේලිය උලුක් වෙලා ඇති මේ දවස් වල ඉන්ටර්නෙට් එකෙන් සමාජ සේවා කරලම නෙහ් ?

      Delete
    2. කොන්ද පන නැති ඇනෝ හිවලෙක්නේ බං උඹ කියන දෙයක් කෙලින්ම කියපන්කො නැත්නම් 2ක පුන්නේ නැතිව පල

      Delete
    3. @ ඇනෝ අයියේ..
      ආ එහෙම හිතාගන්න..

      Delete
    4. @ නොහික්මුනු මචං..
      හික්ස්...
      ඒක එහෙම තමා මටත් තේරෙන්නේ...

      Delete
    5. @ කෝරලේ අයියා..
      මං කියන්න ඕන ටික ඔයා කියලා...

      Delete
  4. මචං....ඇත්ත කතාව! බුකියේ බෞද්ධ කියාගන්නා ගොඩක් අය සිල් පද පහවත් හරියට රකින්නේ නැති අය! අනේ මන්දා බං මුන්ට මොකක් වෙලාද කියලා!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං එකපාර හැදුන පිස්සුව මොකක්ද කියලා..
      ඉස්සල්ලා රාවණාව විකුණං කෑවා..
      දැං බුද්ධාගම විකුණං කනවා...

      Delete
  5. ඔයා හරි මලේ අපි කවුරුවත් හරියට පන්සිල් පද පහ රකින්නේ නෑ තමා.. ඒ කියන්නේ ප්‍රතිපත්ති ගරුක බෞද්ධයෝ දැන් නෑ කියන එක. ඒත් ජන්මෙන් ආ බෞද්ධ කම තියනවා. ඒත තමා මේ හිස ඔසවන්නේ... ඒත් එහෙම වෙන්නේ යම් දුමක් අනෙක් පැත්තෙන් ද එන නිසා බව අමතක කරන්න එපා.. ආගම් වාදයට මා විරුද්ධයි.. එය බොදු අපට පමණක් නොවේ අනෙක් ආගම් අදහන්නන්ද තේරුම් ගත යුතුයි.. අනෙකා ආගම් වාදය පතුරවන විට අපත් ඒ දෙසට නැඹුරුවනවා.

    ReplyDelete
    Replies
    1. ඒකට උත්තරේ තියෙන්නේ FB post වල නෙමෙයිනේ නලීන් අයියේ. උදාහරණයක් "හලාල් කන්නෙපා" කියලා අම්බානට ලිපි ෂෙයාර් කරන පොඩි එකෙක් ඉන්නවා අපේ ගෙවල් ළඟ. උගෙන් මං ඇහුවම හලාල් කියන්නේ මොකක්ද කියලා ඌ කියනවා ඌරු මස් කියලා! අන්න ඒ වගේ තමයි අපේ උන්ගේ සිංහල බවුද්ධ විප්ලව.

      වෙන්න ඕන මෙච්චරයි රටේ නිතිය ක්‍රියාත්මක කරන්න බල කරන එක. ඒ වගේම ඔය ප්‍රශ්න වැඩි වෙන්න හේතු වෙන නීති අයින් කරන්න බල කරන එක. නැතිව "හම්බයෝ මරමු" කිය කිය කෑ ගහන එක නෙමෙයිනේ. අනික "හම්බයෝ මරමු" කිව්ව සිංහල බවුද්ධයෝම නේද "අනේ අපේ රිසානා" කිව්වෙත්!

      ජාතියට ආගමට ගරු කරන්න රැකගන්න ඕන. නමුත් බුද්ධිමත්ව.

      Delete
    2. මිස්ටර් ඇනෝ සමග එකගයි...

      Delete
    3. @ නලීන් අයියා...
      ඇනෝනිමස්ගේ මතේ තමා මාත් ඉන්නේ..
      ක්‍රියාදාමයේ වෙනසක් ඇතිවිය යුතුයි..

      @මිස්ටර් ඇනෝ..
      ඔව් මචං ගොඩක් උං කරන්නං වාලේ කරන උං ඉන්නේ..

      Delete
  6. පට්ට තරියෝ..
    ඇත්ත ඇති සැටියෙන්.නියමයි...!!
    -pramudi-

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම්..
      තැංකූ ඈ...

      Delete
  7. තිත්ත උනත් උඹ ඇත්ත කියලා තියනවා තරියෝ...අපි අනිත් ආගම් වලට ගරහන්න කලින් අපේ ආගම අපේ එවුන්ගෙන් විනාශ වෙන්න නොදී රැකගන්න ඕන...බලපන් පත්තරයක් බැලුවොත් කොච්චර අපරාධ තියනවද?වැරදි කරන එකාට ආගමක් නෑ..උ මොන ආගමේ උනත් වැරැද්ද වැරද්දමයි...මම හිතන්නේ එහෙමයි..

    ReplyDelete
    Replies
    1. අපේ එවුං කරන තරමක් කරන බලු වැඩ ඔක්කොම කර කර අරුං මරං කන හරකගේ පුකේ එල්ලෙනවා...
      පිස්සු බං..

      Delete
  8. hmmm kiyami kaage dosaa

    ReplyDelete
  9. බ්ලොග්කරුවන් ගොඩක් සැබැව දකින අය විදියට මම කලින් දැකල තියෙනවා කොමෙනට් වලිනුට්ත් ,
    උබ කතා කරේ අපේ වැරදි උනත් මේ සමහරු දැකල තියෙන්නේ උබ වෙන ආගම් වලට කත් අදිනවා වගේ , ප්‍රථමික මනසවල් තියෙන උන්ගේ ඇදෙ අරින්න අපිට උණු පුරුක් නැහැ බන් ,

    හොද පොස්ටුවක් ~

    ReplyDelete
    Replies
    1. උං ගැනනං කතා කරලා වැඩක් නෑ බං..
      කොහොමත් ඇනෝ නිසා ඔයවගේ දේවල් සලකාබැලීමකින් තොරවම ඉවත් කරනවා මමනං..
      තැංකූ මචං!!!!!

      Delete
  10. නියම පෝස්ට් එක මචන්.මම එහෙම කිව්වේ නිකන් කියන්න දෙයක් නැති නිසා නෙවේ.මටත් ඔය ටික කියන්න අවශ්‍ය වුනා ඒත් මම සිංහල වුනත් අන්‍යාගමිකයෙක් නිසා මට මේවා කතා කරන්න බැහැ ඇනෝ නිදහස දීලා තියෙන නිසා.ඒකෙන් අසරණ දෙවම්පියොත් බැනුම් අහනවා.මන් කියන්නේ නැහැ හැම බෞද්ධයාම එහෙමයි කියලා මොකද උඹත් බෞද්ධයෙක්නේ.අපේ ගමෙ පන්සල් දෙකක් තියෙනවා ඒවායින් සිල් ගන්න සිල් අම්මලා කරන වැඩ මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා මට ඒවායින් වැඩකුත් නැහැ හැබැයි මුස්ලිම් උනුත් ඔක්කොම අන්තවාදීන් කියන්නත් බැහැ ඒකටත් හේතු තියෙනවා.ඒවා ගැන පෝස්ට් එකක් දාන්න හිතන් ඉන්නවා ඒ අතරේ ඇනෝ කොමන්ට් වලින් ගුණ ගයන උන් ගැන ගණන් ගන්න එපා.අපේ අදහස් වලට විරුද්ද වුනාම ඇනෝ කොමන්ට්ස් දාන එක ඇත්තටම කොන්ද පන නැති කමක් ඒ අතින් බුවා එළකිරි.

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් අය ගැනනං මං එච්චර කතා කරන්න කැමති නෑ බං..
      අන්තවාදීන් හැම ආගමේම ඉන්නවා..
      මුස්ලිම් ක්‍රිස්තියානි හින්දු බෞද්ධ කියලා වෙනසක් නෑ..
      ඒ අතරිං මං දන්න තරමිං මුස්ලිම් ප්‍රතිශතය වැඩියි.... ඒකෙං කියන්නෑ උංගෙ ඔක්කොම අන්තවාදීන් කියලා...
      අපේ මේ මහලොකු බෞද්ධ සෙට් එක හදන්නේ බෞද්ධයංවත් ඒ ගානට ඇදලා දාන්න..
      ඇනෝලවනං මං පයට පෑගෙන දූවිල්ලක් තරංවත් ගනං ගන්නෑ..
      මොකද ඇනෝලා ඔක්කොම කොන්ද පන නැති පොන්න මිනිසුන් වන නිසා...

      Delete
  11. දහයෙන් දහයයි. නියම කතාව මල්ලි. ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බයවෙන්න හොඳ නෑ. මේ කාලේ බුදුහාමුදුරුවෝ හිටියනම් අපේ බෞද්ධයෝ කරන වැඩ දැකල උන්වහන්සේ වනගත වෙනවා අර පාරිලේයිය වනන්තරේට වැඩිය වගේ.

    ReplyDelete
    Replies
    1. පාරිලෙයියට වැඩම කරලා නැවතුනොත් හොදයි උන්නාන්සේ...
      මේ යක්කු බුදුදහම සම්පූර්ණයෙන්ම විකෘති කරනවා ප්‍රදීප් අයියේ..
      මේකත් මානසික රෝගී තත්වයක් වෙන්න බැරිද හැබෑට...

      Delete
  12. ගොඩක් අය දකින, කතාකරන ඇත්ත පැත්තක් තරියා උඹ කතා කරලා තියෙන්‌නේ... නමුත් මට අනුව නම් ඒක 100% ඇත්ත නෙවෙයි...

    මම මේ කතා කරන්නේ ෆේස්බුක් ආගමික ආලය ගැන නෙවෙයි... ඒක විකාරයක් විතරයි... මම හැමදේටම අතීතය ඇදගන්න දඟලන කෙනෙක් කෙනෙයි.. ඒත් මේ කතාවෙදි ඒක ඕනේ කියලා හිතෙනවා...

    ඇත්තටම අතීතයේ දි උනත් හොඳ, ඒ කිව්වේ පන්සිල් රකින හොඳ බෞද්ධයෝ, මිනිස්සු නිසාම විතරද ආගමත්, ජාතියත් රැකුනේ... මම ඉතිහාසය ලොකුවට දන්නේ නෑ .. ඒත් මම අහලා තියෙනවා එක්තරා හිමිනමක් එළාර දුටුගැමුණු යුද්ධෙදි සිවුර අතෑරලා ඇවිත් හමුදාවට බැඳිලා, යුද්ධ කරලා, යුද්ධය ඉවර උනාම ආපහු ගිහින් මහණ උන කතාවක්..

    ඇත්තටම යම් යම් තත්ව වලදි පරමාදර්ශී චරිත හා සමඟ නොයෙකුත් වැරදි තියෙන අයත් එකතු වෙලා තමයි යමක් කරන්න වෙන්නේ.. සියලු දෙනාම එක වගේ පිරිසිදු චරිත තියෙන අය නෙවෙයි...

    මෙතනදිත් ඇත්තටම හොඳ බෞද්ධයෝ විදියට නෙවෙයි යම් දෙයක් සිද්ධ වෙන්නේ... බෞද්ධයෝ විදියට.. හැම කෙනාටම ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගන්න තරම් දියුණු මනසක් තියෙනවා නම් මේ වෙනකොටත් රහත් වෙන අය ඉන්න ඕනේ... එහෙම නෑ නේ..

    නමුත් පෘතග්ජනයෝ විදියට තමන්ට විරුද්ධව යමක් සිද්ධ වෙනකොට ඒකට විරුද්ධව නැඟී ඉන්න එක සිද්ධ වෙනවාමයි... ඒකට ආගම නෙවෙයි බලපාන්නේ.. මෙතනදිත් ඇත්ත ඒකයි... මෙතනදි විශාල වශයෙන් බෞද්ධයන්ට පහර වදිනවා... ඒකට විරුද්ධව නැගී නොහිටින්න හෝ සෘදි බල පාලා ආගම හා ආගමිකයන් බේර ගන්න පුළුවන් අය නැති නිසාත් පෘතග්ජනයෝ හැටියට සාමාන්‍ය බෞද්ධයන් මීට එරෙහිව එක්රැස්වීමක් තියෙනවා... මට පේන විදියට නම් ඒකේ වැරැද්දක් නෑ... නමුත් සාමකාමී විදියට කරන්න පුළුවන් ගොඩක් වැඩ තියෙද්දි එකපාරටම පාරට බහින එක මම අනුමත කරන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. හිරු අක්කේ සාමකාමී විදිහට කරන්න පුළුවන් ප්‍රායෝගික දේවල් ටිකක් කියන්න.මම මේ ඇත්තටමයි අහන්නේ මොකද මුස්ලිම් හැම එකාම වැරදි නැහැ කියන මතයක ඉන්න මට දැනගන්න ඕන අන්තවාදී මුස්ලිම්වරුන්ට සාමකාමී විදිහට කරන්න පුළුවන් දෙයක් ගැන.එෆ් බි එකේනම් ඉන්න අය හම්බයන්ව මරන් කන්න පුළුවන් සයිස් එකේ ඉන්නේ ඉන්නේ ඒත් සාමකාමී පියවරක් ඇත්තටම කා අතරවත් නැහැ.

      Delete
    2. මුස්ලිම් හැම එකාම වැරදි කියලා මම කො‌ෙහවත් කියලා නෑ.. නමුත් ඇත්ත තත්වය නිශාන් මේ වෙන්න යන දේ ඇතුලේ මුස්ලිම් අය ගන්නේ තමන්‌ෙග් ආගමේ පැත්ත.. ඒක හරි හෝ වැරදි උනත්... මොකද ඒක ප්‍රශ්න ඇසිය හැකි ආගමක් නෙවෙයි.. අනිත් එක හොඳින් හෝ නරකින් තමන්ට හොඳක් වෙනවනම් මොන මනුස්සයද අකමැති....

      මම ඔයාගේ බ්ලොග් එකෙත් කිව්වා මේක ගැන නිශාන් ඔයාට මතක ඇති..

      කරන්න පුළුවන් එක දෙයක් තමයි අද වෙනකොට පොඩි ව්‍යාපාර වල ඉන්න සිංහල බෞද්ධ අයට මූල්‍යමය අතින් උදවු කරන්න ක්‍රමයක් හදන එක.. පොඩි ව්‍යාපාර කරන අයට අඩුම ගානේ බැංකු ණයක් වත් සහනදායී විදියට ලබාදෙන්න ක්‍රමයක් හදන එක..

      ඒ වගේම පොඩි ව්‍යාපාරයකදි නීතිමය උපදෙස් ගන්න ( ඔය හලාල් සහතිකය වගේ රැවටිලි වැඩ වලදි ඒවා තේරුම් කරලා දෙන්න) ක්‍රමයක් හදන එක... මොක ඒවා වලදි උපදේශකයෝ නෑ නේ.. අද ලාබේ බලලා කරන මේ වගේ වැඩ තියෙනවා.. නැතුව දුර දිග බලලා වැඩ කරන්න සිංහලයා දන්නේ නෑ...

      නිතිමය අතින් වගේම වෙනත් ක්‍රම වලින් සමහර ව්‍යාපාර වලට ඒකාධිකාරයක් පවත්වාගෙන යන අයට ඒකට ඉඩ නොදීම.. නිශාන් දන්නවා ඇති ලංකාවේ ආනයන අපනයන වෙළදාමේ අතරමැදියන් විදියට ක්‍රියා කරන්‌ෙන් ප්‍රධාන වශයෙන්ම මුස්ලිම් අය...

      ඒ වගේම ව්‍යාපාර සඳහා සිංහලයන් උනන්දු කිරීම... අපේ අය වරද්දගත්ත එක තැනක් තමයි ආණ්ඩුවේ රස්සා බලාගෙන හිටපු එක...

      ඒ වගේම දැනට තියෙන ඒ වගේ සිංහලයන්‌ෙග් ව්‍යාපාර ප්‍රමෝට් කරන්න උදවු කිරීම... ... විශේෂයෙන් පිටරටින් ගේන දේවල් වලින් යැපෙන්නේ නැතුව කරන නිෂ්පාදන වලට...

      අන්තවාදී මුස්ලිම් අයට ලංකාවේ ඉන්න සාමකාමී මුස්ලිම් අය ගොදුරු කරගන්න ඉඩ නොදී ඉන්න එක.. ෆේස්බුක් එකේ යන විකාර ටික දවසක් නැවතිලා තිබබා... දැන් ආයිත් පටං අරගෙන...

      මම ව්‍යාපාර පැත්තෙන් ටිකක් දන්න නිසා මේ පැත්ත ගැන කිව්වේ.. තව අයට තව අදහස් තියෙන්න පුළුවන්... සිංහලයා ශක්තිමත් නම් මේ ගොඩක් වැරදි දේවලට එකමුතුව නැගී ඉන්න පුළුවන්... දෙශපාලනයට උනත්... ඒත් අද වෙලා තියෙන්නේ සිංහලයා දුර්වලයි.. ඉතිං එකමුතුවක් නෑ..

      මේවා කරන්නේ නැතුව සිවුර කරේ තියන් පාරට බැහැලා, කඩ සාප්පු වටලලා නීතිය අතට ගන්න එක නෙවෙයි කරන්න ඕනේ... මම හිතන්නේ එහෙමයි...

      Delete
    3. තව දෙයක්.. අන්තවාදී මුස්ලිම් අය කරන කිසිම දෙයක් අපි වගේ එළිපිට කරන්නේ නෑ... සාමාන්‍ය දෙයක් කරනවා වගේ එයාලා යටින් තමයි වැඩේ ගෙනියන්නේ.. මම ඒක දන්‌ෙන් එහෙම දෙයක් මගේ ඇස් ඉදිරිපිටම වෙලත් ඒක තේරුම් ගන්න බැරි උනා මට.. මට නම් තේරුමක් නැති හින්දා කියමු.. ඒත් දැනුම් තේරුම් තියෙන වැඩිහිටියන්ට පවා ඒ වෙච්ච දේ මොකද්ද ඇත්තම දේ කියන ඒක තේරුනේ නෑ... නමුත් මට දැන් තේරෙනවා එතන උනේ ඉස්ලාම් ආගමික අන්තවාදී ක්‍රීයාවකට මුල පිරිමක් කියලා.. කාගේ හොඳ වෙලාවටද මන්දා ඒ වැඩේ සාර්ථක උනේ නෑ...

      මේ රටේ ඉන්න උගත් මුස්ලිම් අය අන්තවාදී ත්‍රස්තාවාදයට විරුද්ධයි.. මොකද ඔවුන් මේ රටේ තිබ්බ හැම දෙයක්ම අපි හා සමානවම භුක්ති වින්දා... අධ්‍යාපනය, ආගම ඇදහීමේ නිදහස, තමන්ගේ සංස්කීතියට අනුව ජීවත් වීමේ නිදහස වගේ.. ඒකත් ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම නූගත්, අන්ධ භක්තියෙන් ආගම අදහන මුස්ලිම් අයට වඩා දියුණුයි... ඔවුන් දන්නවා මේ රටේ තියෙන, සිංහලයන්ගේ, බෞද්ධයන්ගේ, කතෝලිකයන්ගේ තියෙන සාමකාමීබව හින්දා තමයි ඒ දෙවල් ඔවුන්ට ලැබුනේ කියලා... ඒත් ආගමේ තියෙන දේවල් එක්ක එයාලට විරැද්ධ වෙන්න බෑ.. ආගමේ නාමයෙන් ඔවුන් එකමුතුයි... ඒත් අපි එහෙම නෙවෙයි.. අපි තව තවත් එකිනෙකා විවේචනය කර කර පිල් බෙදෙනවා...

      Delete
    4. @ හිරු අක්කේ...
      ලංකාවේ ප්‍රශ්ණයක් තියෙනවවා..
      ඇත්ත මං ඒක පිළිගන්නවා..
      ඒත් ඒකට අපි පිළියම විදිහට කල යුත්තේ ඔය වගේ වැඩක්ද????????
      අර ඔයා කිවුවා වගේ මුස්ලිම් අය මොලෙං ගේම දෙනවනං අපි ඔහොම ගොං පාට් දාන එකෙං නෝන්ඩි වෙන්නේ සමස්ත බෞද්ධ ජනතාවමයි..
      ඉස්සර වගේ නෙමේ දැං මුළු ලෝකෙම කනෙක්ටඩ්..
      රජ කාලේ කරපුවා දැං කරන්න බෑ..
      මෙහෙ වෙන දේවල් වලට පිට රටවලට මැදිහත් වෙන්නත් පුළුවං..
      එහෙම බැලුවම අපිට වඩා ලොකු ජාත්‍යන්තර බලවේගයක් මුස්ලිම් අයට තියෙනවා..
      කිසිම සපෝට් එකක් නැතුව මොක්කුද වගේ හැගීම් වලට වහල් වෙලා ගේමට ගියොත් ඉල්ලං කන්නයි වෙන්නේ....
      ආ නැද්ද.....

      Delete
    5. @ නිශාන්...
      ඔය කියලා තියෙන්නේ බං හිරු අක්කා කරන්න ඕන දේ..
      ප්‍රශ්නේ ඒවා ක්‍රියාත්මක වෙන්නැති එකයි...

      Delete
    6. ඒක තමයි මං කිව්වේ.. බොදු බල සේනා වගේ සංවිධාන වලට මුලින්ම කරන්න තියෙන්නේ සංවිධානය ශක්තිමත් කරගන්න එක... දැනටත් වෙලා තියෙන්නේ රටක් හැටියට සිංහලයා මොන දේකට වත් විරුද්ධවෙන්න ශක්තිමත් නැති එක... අනිත් එක මේ කරන දේවලින් සිද්ධ වෙන්නේ මෙහෙම දෙයක් වෙන්න ඕනේ කියලා හිතන අය පවා මේ මොන විකාරයක්ද කියලා පැත්තකට වෙන එක...

      මේ රටේ උන්ම එක එකාගේ වැරදි අල්ලන් පිල් බෙදිලා, අනිත් එකා කරනකම් පැත්තකට වෙලා, අත් බැඳගෙන ඉන්නකොට ඉතිං මොකාද සපෝට් එකට ඉන්නේ..

      Delete
    7. බොදුබලසේනා වගේ සංවිධානයක් ලංකාවට අවශ්‍යයි..
      නමුත් ඒ මිනිස්සුංගේ ක්‍රියා පටිපාටියනං බලු වටින්නෑ..
      බලු සේනා කියලා නම වැටෙන එක නවත්තන්න බෑ ඉතිං...
      නොන්ඩි වෙලා ඉවරයි....
      හිරු අක්කත් එක්ක මං එකගයි...
      සිංහලයව ශක්තිමත් කරලා ඉන්නෝනා මොක කරන්නත්..
      ඉස්කෝලෙට සල්ලි දෙන්න පොල් අහුලන බෞද්ධ ළමයි ඉන්න රටක් මේක..
      එහෙම උං කොහොමද කඩු පයිට් කරන්නේ???????

      Delete
  13. කතාව ඇත්ත මල්ලි... අපි හැමෝම තමන්ගේ කම රැකගන්නෙ නැතුව අනිත් අය තමන්ගේ කම රකිනවට බනිනවා... ඒ මිනිස්සු අඩුගානේ එක ප්‍රතිපත්තියක ඉන්නවා... අපිට ආගම ජාතිය දෙකම මතක නෑ.. හැබැයි කාටහරි මොනවහරි කරල හිරිඇරගන්න තියනව නම් ඊට වඩා දෙයක් නෑ...

    ReplyDelete
    Replies
    1. සිරාවට...
      උං හරක් මැරුවත් කරන්නේ ආගමේ කියලා තියෙන නිසානේ...
      අපේ උං ආගමේ කියලා තියෙන ඒවා හරියට කරනවනං මේක අද සුරපුරයක්...

      Delete
  14. ඇත්ත බං ගොඩදෙනෙක්ගේ බෞද්ධ කම තියෙන්නේ උප්පැන්නෙයි වාචාල කටවලයි විතරයි. හෑබෑවට කරන දෙයක් රකින ප්‍රතිපත්තියක් නෑ. පේන්නැද්ද තමන් අභීත සිංහල කොන්දපන තියන බෞද්ධයෝ කියලා හිතන් ඉන්න උන් ඇනෝ විදිහට ඇවිල්ලා මලපහ කරලා හත්පොලේ ගාගෙන යන හැටි...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ බං ඒ ගැනනං..
      හක්කේ දඩමස් බොක්කේ බුදුරැස්...

      Delete
  15. උපතින් බෞද්ධයෝ වීමම පමණක් අද ගොඩක් බෞද්ධයොන්ට උරුම වෙලා. ඒ ගැන කතා කරපු එක ගැන සතුටුයි. හිරු අක්ක කිව්ව දේ එක්කත් එකඟ වෙනවා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...
      උප්පත්ති බෞද්ධ වීම තමා අපේ උංට හෙනේට හිටින්නේ..
      ඇයි මෙලෝ මලදානෙක අවබෝධයක් නෑනේ...

      Delete
  16. kiyanna dewal godak thibunath sinhala aul bn. Eth mehema kiyala yannam. Api me loketa enne his molagedi aran. Api ape samajayen thamai igenaganne. Ithin minissu ekinekata wenas. Hemoma ekawage ne.
    Umbath ekka 95% ekangai. Aneth 5% gena passe aweth kiyannam.

    ReplyDelete
    Replies
    1. අනිත් සියයට 5 තමා මචං මට වැදගත්...
      අනිවා ඇවිත් කියහං...
      මොකද මමත් සියල්ල දත් නෙමේනේ...

      Delete
  17. මට ඔය සම්භාව්‍ය වචන දාලා ක්මේන් කොටන්න දන්නෙ නෑ කියලා දන්නවනෙ අයියණ්ඩියා, මේ පෝස්ට් එකත් එක්ක මම එකගයි, හැබැයි අදටත් මම ජාතිවාදෙට කැමති නැහැ, මොකද මගේ පුරුද්දක් තියනවා, වැරද්දක්, අනවශ්‍ය දෙයක්, අසාධාරණ වැඩක් දැක්කොත් ඕනේ ජාතියක් ආගමක් වෙනුවෙන් මම කතාකරනවා.. කෝමත් මම වැඩිපුර පිළිගන්නෙ මනුස්සකම කියන ආගම ගෑවිච්ච මිනිස්සු ගැන විතරයි,

    ReplyDelete
    Replies
    1. සමහර ආගම් වලනං පැහැදිලිවම ඒ මනුස්සකම කියන එක නෑ..
      ඒත් ඒකෙං ඔප්පු වෙන්නෑ ඒ ආගම අදහන හැමෝම අමනුස්සයෝ කියලා...
      සම්භාව්‍ය වචන අවශ්‍ය නෑ කියන සිංහලේ තේරෙනවනං එච්චරයි සම්මියා..
      අද ලංකාවට හෙනගැහිලා තියෙන්නෙත් ඔය සම්භාව්‍ය රැඩිකල් බුවාලගේ අංජබජල් කෙරුවාවල් නිසා තමා..

      Delete
  18. තිත්ත වුනත් කතාව ඇත්ත මචං. පන්සිල් වත් රකින අය නම් හරිම අඩුයි.. බුකියේ ෂෙයාර් වෙන දේවල් වලින් නම් වෙන්නේ එකිනෙකා කෙරෙහි වෛරයක් ඇති වෙන එක තමා වැඩිපුරම.

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්නැති උංට බුද්ධාගම ගැන කතා කරන්න අයිතියක් තියෙනවද????????
      එතනයි මගේ ප්‍රශ්ණය ඇතිවෙන්නේ චන්දනඅයියා...

      Delete
  19. ඔබ ධර්මාචාර්ය්‍ය කර ඇති බැවින් ඊට අනුචිත පරිදි බොහෝ කරුණු ගොනුකර ඇත. වරදක් නැහැ. නමුත්, ඔබ නොකියු පැත්තක් ද තිබේ. අප මේ දකින්නේ ඉබේ හටගත් වර්ගවාදී ලක්ෂණයක් නොව. එය ඔබ කියන කරුණුවලට අමතරව දේශපාලනයට බද්ධව ඇත. ධනේශ්වර ක්‍රමයක අර්බුද මත ඊට සහයෝගයට එක්කර ගන්නා සඟයෙක් ලෙස වර්ගවාදය/ජාතිවාදය පෙන්විය හැකිය (සෑම අවස්ථාවේදීම නොව). වර්තමානයේද පවතිනුයේ එවැන්නකි. මේ ක්ෂණික නූඩ්ලස් මෙන් මතු වූ තත්ත්වයකි. නමුත්, බොහෝ දෙනෙකුට තෙරුම් ගැනීමට කාලයක් ගතවේ වි.

    1983 ජූලි කලබලය යනු ද මේ ආකාරයෙන් පැන නැඟි සමාජ තත්ත්වයකි. අවසානයේ ජාතිවාදය අවුළුවා එහි බරපැන ජවිපෙ සහ සමසමාජ පක්ෂ මත පටවා ඒවා තහනම් කරමින් පාලකයින් තම අත පිස ගනු ලැබුවා. නමුත් සත්‍ය බොහෝ දුරස්ය. එමෙන්ම එවකට රජය යේ දෙවෙනි අවශ්‍යතාවය වූයේ ජනතාවගේ ගැටලු ද තාවකාලිකව හෝ යටපත් කරගැනීම යි.

    අද ද ජනතා ගැටලු සඳහා වත්මන් රජයට විසදුම් නැත. නමුත් එම ජන අවශ්‍යතා මැඩලීමට කදිම ආයුධයක් හෝ ඇමක් ලැබී ඇත. ඒ වර්ගවාදයයි.

    අවසන් වරට මෙසේ ද කියන්නම්, කිසියම් කාලයක දී හෝ වර්ගවාදී මත ගැටුමක් ඇතිවීමට ද ඒ ඒ ආගම් සහ ජාතීන් ගේ නායකත්වය උසුලන ඊනියා නායකයින් කිහිපදෙනෙක් තම ජාති/ආගම් වාදී න්‍යායන් මුවහත් කරමින් මෙහෙයවන ලදී. නමුත්, එහි ඵළ නෙලා ගැනීමට බලා සිටින්නේ ඊටත් එහා ගිය කුහක ඊනියා පාලකයින් පිරිසක්....

    ReplyDelete
    Replies
    1. ඇත්ත..
      ආගමේ නාමයෙං අපි කාගෙවත් ඉත්තෝ වීමේ උවමනාවක් මම දකින්නෑ...
      මගේ මතය ඇවිත් මේ තියෙන තත්වයට මීට වඩා හොද විදිහට අපිට මුහුණ දීමට පුළුවංකම තියාගෙන නැවත යුද්ධයකට යා යුතු නැහැ...
      පුහු වීරත්වය ෆේස්බුක් එකට පමණක් සීමා උනු බොරු බෞද්ධයෝ ගැනයි මම කිවුවේ...

      Delete
  20. තිත්ත උනත් ඇත්ත කතාව තරියෝ.. බොරුනම් මාත් කියනවා.. අර උඹ කිවුවා වගේ යාළුවෝ එක්ක.. හොර වැඩ කරනවා එක ගෙදර ඉන්න අංකල්ට..

    බුකියේ නම් ගොඩක් දේවල් ශෙයාර් වෙනවා.. පහුගිය දවසක මෙහේ පන්සලේ සිද්ධියක් අල්ලගෙන මුළු කතානියා වටේම කැලෑ පත්තර ගැහුවා.. ඒකත් ඉතින් බුද්ධාගමේ අයම තමයි..

    ReplyDelete
    Replies
    1. හික්ස්....
      අනුෂ්කා එක්ක මාත් ඉතිං හොරවැඩ කරනවනේ...
      බුද්ධාගමේ සමහර එවුං ඉන්නවා හෙන කුප්පයෝ...

      Delete
  21. ඇත්ත බං.උඹ කියන්න ඕනේ ටික ඒ විදියටම කියලා තියෙනවා.අපේ වැරදි හදාගන්නේ නැතුව අනිත් එවුන්ව හදන්න යන එක මහ විකාරයක්

    ReplyDelete
    Replies
    1. අවවාදෙට වඩා ආදර්ශෙ උතුම් කියන එක එවුන්ට අමතකයි...
      අනිත් මස් හොදට කකා හරකව විතරක් බේරගන්න දගලනවා...
      ගොං පාට්..

      Delete
  22. ඇත්ත කතාව...නියම ලිපියක් තරියා අයියේ !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වකා..
      ජයවේවා!!!!!!!!!!

      Delete
  23. ස්තුතියි තරියා ලිපියට..තමන්ගේ ඇහේ පොල් පරාල තියාන අනිත් අයගේ ඇස් ගැන හොයන එකේ තේරුමක් නෑ..කොහොම වුනත් මොළේට ඉඩ දීලා තීරණය කරන්න පුළුවන් වෙනකම් අපේමේ හැඟීම් වලන් දුවන බොරු යුද්ධ දිනන්න පුළුවන් වෙන්නෑ..

    මුස්ලිම් අය එයාලගේ ආගම පතුරුවන්න සුක්ෂම විදිහට වැඩ පිළිවෙලක් අරන් යනවා නම් අපිත් අපේ ආගම රැක ගන්න ඒ වගේ මොලෙන් ගේමක් අරන් යන්න ඕන..නැතුව මේ හුදකලා සටන් වලින් වෛරය උත්තේජනය වෙනවා පමණයි..

    මෙහෙමත් දෙයක් තියනවා ධර්මය විසින් ධර්මය පිළිපදින තැනැත්තා රකිනවා කියලා බුද්ධාගමේ තියන නිසා අපිට ආගම රැකගන්න තියන එකම විදිහ ඒක පිළිපදින එක විතරයි..

    ReplyDelete
    Replies
    1. සියයට සීයක් සම්පූර්ණයෙන් එකගයි....

      Delete
  24. හැමෝගෙම කිල්ලෝට වල හුණු ටික ටික තියෙනවා නේද තලියෝ. අපිට අපේ ආගම වගේම අනිත් මින්සුන්ටත් ඒ අයගේ අගම උතුම් කියන දේ හැමෝම වටහා ගන්නව නම් ඇත්තටම අපේ රට මීට වඩා ලස්සන වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ....
      ටික ටික නෙමේ සමහරුංගේ තලි තලි...
      ඔය කෑ ගහන සමහර හාමුදුරුවරුන්ගේ පවා...

      Delete
  25. මෑත කාලයේ මම දැකපු පොස්ටු අතරින් හදවතට කථා කරන පළමු පොස්ට්ටුව ඔබ වටහාගෙන ඇති ධර්මය හොඳටම ඇති.
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගයනි අක්කේ...

      Delete
  26. මේකයි මලේ ඔයා හොඳටම දනනවා මම කොහොමත් හම්බ විරෝධියෙක්. අපේ උන් කරන ක්‍රමේ වැරද්දක් විතරයි මම දකින්නේ ඒ ඇරෙන්න කරන දේ නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ක්‍රමේනං සම්පූර්ණ වැරදියි...
      මං හම්බ විරෝධියෙක් නෙමේ..
      හැබැයි ඒගොල්ලංගේ ජාතිවාදී වැඩ වලටනං සම්පූර්ණයෙං විරෝදියි...

      Delete
  27. බොරුවට කෑ ගහන ආගමට පණ දෙන්න දඟලන, අනික් ආගම් හෙලා දකින්නේ හරියට තමන්ගේ ආගමේ එක සිල් පදයක්වත් රකින්නේ නැතුව. ෆේස්බුක් එකේ ඉන්න ඔය පොස්ට් ශෙයා කරන ඩයල් මට පෙන්ඩ බෑ...අනිවා මේ යන තාලෙට රටේ ආගම් යුද්දයක් ඇතිවෙනවා සිකුරුයි.

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් ඉතිං ඒකෙං පාඩු වෙන්නෙත් අපිටම තමා බං...
      අවුරුදු 30ක් විදපු එක මුන්ට අමතකයි..
      ඒ කාල වල නැට්ට පුකේ ගහගෙන හිටපු උං තමා දැං ඔය කෑ ගහන්නේ..
      ආයෙත් යුද්ධයක් ඇති උනොත් ඉස්සෙල්ලම හැංගෙන්නෙත් ඕකුංම තමා...

      Delete
  28. උඹට මේවා පෙන්නේ බහුතරය සිංහල බෞද්ධ නිසා.ඇමරිකාව අරන් බැලුවාම තියෙන්නේ අනිත් පැත්තේ. ක්‍රිස්තියානි ආගමේ වුන් තමා වැඩිපුර අපරාධ කරන්නේ. දවසකට ලංකාවේ කාන්තා දුෂණ 5ක් සිද්ද වෙනවා ලු.නමුත් මෙතනදී මේ සියල්ල සිද්ද වෙන්නේ සිංහල බෞද්ධයා අතින් විදියට තමයි ඒත්තු ගැන්වෙන්නේ.උතුරේ දෙමල ජනයාද නැගෙන හිර මුස්ලිම් මිනුසුන් අතින් මේ දේවල් සිද්ද වෙනවා.

    උඩින් හිරු අක්කා කියල තියෙන දේ ගැනත් ටිකක් අවධානය යොමුකලොත් හොඳයි,

    නමුත් මේකේ තිත්ත ඇත්ත ගොඩාක් තියෙනවා. පොස්ට් එකේ තොරතුරු අනුව හැම සිංහල බෞද්ධයම මේ විදියේ අපරාධ සිද්ද වෙනවා නම් මේකත් මෙක්සිකෝව වගේ වෙන්න ඕනේ. සුළුතරයක් ඉන්නවා වුනුයි යහ මගට ගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++

      Delete
    2. @ අසරණයා...
      එකගයි මචං..
      මම අදාල කරගත්තු සිදුවීම් වලනං පැහැදිලිවම ඒ පිටිපස්සේ හිටියේ බෞද්ධයෝ..
      මම කියලත් ඇති.. මං මේකට අදාල කර ගන්නේ බෞද්ධයෝ විතරක් නිසා අනිත් ආගම් ජාති ඇතුලේ තියෙන දේවල් ගැන කතා කරන්නේ නෑ කියලා..
      මොකද මට වෙන ජාති ආගම් හදන්න උවමනාවක් නෑ..
      හිරු අක්කා කියන දේ ඇත්ත...
      අවශ්‍ය බොරු සෝබන තරිජන ගර්ජන නෙමේ..
      ප්‍රතිඵලදායක ක්‍රියාදාමයක්...
      ස්තූතිවන්ත වෙනවා කමෙන්ටුවට...

      Delete
  29. මේ වගෙ ලිපියක් ලිව්වට තරිට ස්තූති කරන්න ඕනෙ..FB එකෙ යන ජාතිවාදය දැක්කම බඩදගලනවා..අපේ උනුත් ඔහෙ SHARE කරනවා..කරන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ..කාගෙවත් ලණු කාලා නිකම් කෑ ගහනව මිසක් ප්‍රශ්න කරන්නෙ නෑ ඇයි කියල...තමන්ගෙ ආගම රැක ගන්නව නම් ඒකට අනුව ජීවත් වෙන එකයි තියෙන්නෙ...කවුරුවත් අල්ල ගත්තය? තමන්ගෙ ඇහෙ පොල් පරාලෙ පේන්නෙ නෑ අනිත් එකාගෙ ඉදිකට්ට පේනව...

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම ලංකාව තුළ ඉස්ලාම් අන්තවාදයක් ක්‍රියාත්මකයි..
      ඒක මං නෑ කියන්නෑ..
      ඒත් ඒකට විරුද්ධව අපේ අය ගන්න ක්‍රියාමාර්ගය වැරදියි...
      ඒක ගැනයි මං කියන්න උත්සහ ගත්තේ අක්කේ...
      නෝ ලිමිට් එක ඉස්සරහා උද්ගෝෂණය කලා කියලා ඒක පහුවෙනිදට වැහෙන්නෑ...
      ඒක තේරුං ගන්න බැරි අපේ ඈයෝ බොරුවට දගලනවා..
      මං නං හිතන්නෑ ඔය ෆේස්බුක් එකේ කෑ ගහන උං ඕවට ප්‍රායෝගිකව සහභාගි වෙනවා ඇති කියලා...

      Delete
  30. උඹට අපිව වේලාසන හමු වුනා නම් සුරාමේරය සිල්පදයත් කැඩෙනවා....

    ReplyDelete
    Replies
    1. මං නං හිතන්නෑ සිරා අයියේ..
      ඒක ප්‍රතිපත්තියකට වඩා මං ඒ ටේස්ට් එකට අකමැති එකයි හේතුව..
      හික්ස්...

      Delete
  31. කාලෙකට කලින් මමත් මෙවැනි ලිපියක් ලිව්වා..
    රට තුල විතරක් නෙමෙයි.. රටින් පිටතත් දැන් දැන් සිංහලයන් විසින්ම ඔවුන්ව නැතිකරන්න පටන් අරන්..

    ReplyDelete
    Replies
    1. ලිංක් එක දාන්න තිබ්බනේ...
      අනේ මන්දා එවුවා කවදා කෙළවර වෙයිද කියලා....
      බොහොම ස්තූතියි අදහසට.......

      Delete
  32. ඔය කියන විදිහට පානදුර ශ්‍රී සුමංගල හාමුදුරුවන්ගේ ඉඳල වීර පුරන් අප්පු,කැප්පෙටිපොල මහදිකාරම්,සරදියෙල්ල වගේ ඔක්කොම අබෞද්දයෝ.. පර සුද්දන් ඇවිල්ල ගහනකොට මත්‍රී කර කර ඉන්න ඕනේ මේ කියන විදිහට.. මුස්ලිම් ප්‍රශ්නයදී බෞද්ධ කියන එක ගාවගන්න එපා.. ඒක සිංහල ජාතියේ පැවැත්ම පිළිබද ප්‍රශ්නයක්.. සිංහල කතෝලික මිනිහත් ඔය ප්‍රශ්නෙදි කතා කරන්නේ සිංහල බෞද්ද පුරවැසිය වගේමයි.. පටලව ගන්න එපා මේක ආගම ගැන නෙමේ ජාතිය ගැන ප්‍රශ්නයක්..

    ReplyDelete
    Replies
    1. පෝස්ටුව කියවා තේරුම් ගැනීම ඔබ සතු වගකීමකි...
      බොහොම ස්තූතියි කමෙන්ටුවට!!!!!!!!!!!

      Delete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????