ආයේ ඔය වගේ කතා කියන්න හිතන්නවත් එපා මල්ලි,
ඔයාට තේරෙන්නැද්ද? ඕක හීනයක් විතරයි. අනික හංසිට මොනා නොහිතෙයිද?
ඇයි ඔයාට තේරෙන්නැත්තේ අක්කේ? මං ආදරෙයි.....
එතකොට හංසි?
හංසිටත්....
බොලඳ වෙන්න එපා දරුවෝ. ඔයා හොද කොල්ලෙක්, මං
දන්නැහැ ඔයාට මොනවා කියන්නද කියලා. හැබැයි එක දෙයක්, මං කැමති උනත් අකමැති උනත්
මේවා වෙන්න පුළුවං දේවල් නෙමේ....
---------------------------------------------------------------------------------
උබ යකෝ කන්නේ මොනාද කියපං මට ඔක්කොටම කලිං.
යකෝ තණකොල කන හරක්ට පවා ඔයිට වඩා හොද මොලයක් තියෙනවා.
මං කිව්වේ එවෙලාවේ මට හිතුන දේ බං. අනික මං
දන්නවා ඔය කිව්වට දිනූ අක්කා මට ආදරෙයි කියලා..
ඒක එහෙම තමා, නැත්තං මේ වෙනකොට තෝ අන්ඩක්
දෙකක් කඩාගෙන කොහෙ හරි ඉස්පිරිතාලෙක ඉන්න එපැයි. ප්රශ්නේ ඒක නෙමේනේ, අර අහිංසකීට
මොකද වෙන්නේ කියන එකනේ..
යකෝ, ඒකි මැරෙයි...
මං දන්නවා බං. හංසිට මං ආදරේ නැතුව නෙමේ ඒ
හා සමානවම මං දිනූටත් ආදරෙයි.
මචං මට මේකට කියන්න තියෙන්නේ මෙච්චරයි. මං
දන්නවා උබට කොච්චර කිව්වත් උබ මේක තේරුං ගන්නේ නෑ කියලා. අල්ලපු අත්තයි පය ගහපු
අත්තයි දෙකම නැති කර ගන්න වැඩ කරන්න එපා. දිනූ කියන්නේ අක්කා කෙනෙක් හරිද? ඒක කමක්
නෑ කියමුකෝ. ඇයි යකෝ අච්චර අර පන දෙන්න ඉන්න හංසි ගැන හිතහංකෝ. මං ඔච්චරයි උබට
කියන්නේ.
ඒත් මචං..
කතා...කරන්න එපා... මං තාම කියලා ඉවර නෑ..
අහගනිං... මට උබට මේකට උපදෙස් දෙන්න තේරෙන්නෑ.. මගේ කරුමෙට හරි උබේ කරුමෙට හරි උබ
මගේ යාළුවා. උබ මොන ගොං තීරනේ ගත්තත් ඒකත් එක්ක මං ඉන්නවා. උබ ගන්න තීරණයක් ගනිං.
එච්චරයි. මං යනවා..
උබට මේවා තේරෙන්නෑ.. අමතක කරලා දාපං..
---------------------------------------------------------------------------------
හෙලෝ!!!! මචං මං සාලිය කතා කරන්නේ..
ආ කියහං කියහං.. කෝමද..
අඩෝ ලබන සෙනසුරාදා උබට ෆ්රීද???
ම්ම්ම්ම්ම්... ඔව්.. ඇයි???
නෑ බං මගේ බර්ත් ඩේ පාටි එක තියෙනවා...
එහෙනං අනිවා අපේ ගෙදර වරෙං ඈ..
ඕකේ මචං.. කීයටද???
කැමති වෙලාවක වරෙං..
රයිට් මම කොටාලගෙනුත් අහලා කියන්නං..
ඕකේ.. මං තිබ්බා එහෙං.. ජයවේවා!!
එකෙංම!!!
---------------------------------------------------------------------------------
මාස දෙකකට කලින් සාලියගේ උපන්දිනේ මගේ ජීවිතේ
මෙච්චර වෙනසක් කරයි කියලා මම හිතුවේ නෑ..
කුණාටු එන්නේ කිය කිය නෙමෙයි, දිනූ මගේ
ජීවිතේට ආවෙත් ඒ වගේ තමයි. ඈතිං කුණාටුව හමාගෙන එනකොට අවුවට පිච්චි පිච්චි තිබ්බ
මගේ ජීවිතේ සන්තෝසේ වැඩි කමට උඩ පැන්නා.. ඒ අදුරු වලාකුලුත් එක්ක ඒ දැනුන සීතලට
එවෙලාවේ මං ආස කරපු නිසා. ඒත් මං කවදාවත් හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා..
ඇයි මචං හන්සි ආවේ නැත්තේ??
අද ලෙක්චර් එකක් තියෙනවා කිව්වා බං..
එහෙමද.. එල එල. මේ මචං අපේ ඔෆිස් එකේ සෙට්
එක. මේ හර්ෂ, ගයනි, දිනූ, වසන්ති, රමීශා..
මුං එක්ක මෙතන්ට සෙට් වෙයංකෝ මං අම්මට කියලා එන්නං...
මුං එක්ක මෙතන්ට සෙට් වෙයංකෝ මං අම්මට කියලා එන්නං...
මේ කෝ බං කොටාලා සෙට් එක...?
ආ තව ටිකකිං එයි නදුන්ලත් එක්කම..
හරි හරි...
---------------------------------------------------------------------------------
කොහොමද මචං, උබ සාලියගේ කොලේජ් එකේ
යාළුවෙක්ද??
ඔව්..
දුමක් දානවද???
දාමු..
වරෙං යං..
ආපෝ ආපු වෙලාවේ ඉදං ඔයා බල බල හිටියේ ඕක
තමා. දිනූ එයාගේ කට හඬ අවදි කළේ එහෙමයි.
එයා මගේ දිහා බැලුවේ එච්චරම පැහැදීමකින් නෙමෙයි කියලා මට එවෙලාවේ හිතුනා. බාගවෙලාවට සාලියගේ රස්තියාදුකාර යාළුවෙක් වෙන්නැති කියලා හිතෙන්නැති. නැත්තං ආපු ගමං සිගරට් බොන්න යයියැ... මගේ ගොං කම..
එයා මගේ දිහා බැලුවේ එච්චරම පැහැදීමකින් නෙමෙයි කියලා මට එවෙලාවේ හිතුනා. බාගවෙලාවට සාලියගේ රස්තියාදුකාර යාළුවෙක් වෙන්නැති කියලා හිතෙන්නැති. නැත්තං ආපු ගමං සිගරට් බොන්න යයියැ... මගේ ගොං කම..
හර්ෂ දික්
කරපු සිගරට් එක අරං පිටි අල්ලට ඒකෙංම තට්ටුවක් දාලා මිනිහගේ ලයිටරෙංම පත්තු කරං
බිව්වට මොකෝ දිනූගේ අර මුලිංම දාපු එපාකරපු ලුක් එක නිසා මගේ සිහිය තිබ්බේ වෙන
තැනක.
මොකෝ මචං.. සිගරට් බොන ගමං උබ භාවනා කරනවද??
හිහ්.. නෑ නිකං...
නිකං වෙන්න බෑ.. කෑල්ලවත් මතක් උනාද???
දන්නෙ නෑ, සමහරක්විට එයා වෙන්නැති මගේ කෙල්ල,
ඒත් මං දන්නෑ.. හිතුන දේවල් වචන වලට පෙරලන්නැතුව මං කට කොනිං හිනා වෙලා අහසට තව
දුං වලලු දෙකක් යැව්වා..
තනියම දුමක් දාන්න හිතෙන්නෑ මල්ලි,
කවුරු හරි එකෙක් ලග හිටියේ නැත්තං බොන්න
බෑ..
කාලකන්නි ආණ්ඩුවට පිංසිද්ධ වෙන්න මං නං හෙන
කාලෙකිං යාළුවෙක් නැතුව තනියම සිගරට් එකක් බීලා නෑ. හිකිස්.. එක්කො එකෙක් බීලා දෙන
කොටයක්, නැත්තං ඉතිං මේ වගේ පිනට හම්බෙන එකක් තමා.
ඒකනං ඇත්ත බං, ලගදි වැඩි කලත් හරි කලිං ඩබල්
බොක්ස් එක ගත්තු මම දැං සිංගල් එක ගන්නේ. මල්ලි කොහෙද වර්ක් කරන්නේ???
තාම කැම්පස් අයියේ.. අපි ජොබ් කරනකොට ඉතිං බැරියැ..
තාම කැම්පස් අයියේ.. අපි ජොබ් කරනකොට ඉතිං බැරියැ..
ගනං ගන්න එපා බං.. ඕවා ඔහොම තමා..
හර්ෂත් ඉතුරු වෙලා තිබ්බ ෆිල්ටර් කෑල්ල ලග තිබ්බ ෆාම් ගහක් අස්සට ඔබලා මගේ පිටට තට්ටුවක් දාගෙනම ඇතුලට ගියා..
---------------------------------------------------------------------------------
කොටාලා එන්න වෙලා යනවලු මචං, හර්ෂටත් අද
ඔෆිස් එකට යන්න තියෙනවා කියනවා, දැන්ම කෑම කනවද??
නෑ මචං මං අරුං ආවම කන්නං
ෂුවර්ද??
ඔව් බං..
හරි එහෙනං ඕගොල්ලෝ කන්න...
හර්ෂලත් දිනූලත් කට්ටියම කෑම මේසෙන් වාඩි
උනා. වාසනාවකට වගේ දිනූ මගේ පැත්තට මූන දාලා වාඩි උනේ. දැං මට ඇති තරං ඔය
ආඩම්බරකාර මූණ දිහා බලං ඉන්න පුළුවං. හිත ඇතුලෙං කාලෙකට පස්සේ මතු උන ඒ අමුතු
දඟකාර හිතිවිල්ලට මං හරිම ආස කලා. හොරෙං කෙල්ලෙක්ගේ මූණ දිහා බල බල හීන මවන එක. ඒක
කරලම බලන්න ඕනා.....
දිනූව මං කාලයක් දැන උන්නා වගේ දැනෙන හැඟීම
මට තේරුං ගන්න බැරි උනා. ඒක අදටත් එච්චරම තමා, හැඟීම් කියන දේවල් අපිත් එක්කම
සෙල්ලං කරන්න දෙයියෝ මවපුවද මංදා....
පොඩි පොඩි බත් කටවල් අනාගෙන දිනූ අමුතු ක්රමේට
කාපු විදිහ බලං ඉන්නකොට මගේ කටත් ඉබේටම ඇරෙනවා මට පාලනය කර ගන්න බැරි උනා....
වැඩේ මාට්ටු, දිනූ මං එයා දිහා බලං ඉන්නවා
කියලා දැනගත්තා, දැං හරි අපහසුවෙං තමා කන්නේ, ඉස්සෙල්ලා වගේ තාලෙට බත් කට අනන්නෙත්
නෑ, කීප විටක්ම වතුරත් බිව්වා. ඒ අස්සෙ කොහේවත් තිබ්බ කොන්ඩ කෑල්ලක් අර මූනට
වැටෙනවා, දෙයියනේ මට හංසි හම්බුන කාලෙත් මං දැක්කේ මේවම නේද??
මොකක්ද යකෝ මේ මට වෙන්නේ?????
මොකක්ද යකෝ මේ මට වෙන්නේ?????
Ela!
ReplyDeleteඑල!!!
Deleteකතාවනම් පට්ට.කියෝගෙන යතෑකි එක හුස්මට :), අත්දැකීමකින් තොරව මෙවන් කතා ලිවිය හැක :D ;)
ReplyDeleteහැක නෙමේ නොහැක වෙන්න ඕන.ප්රින්ටින් මිස්ටේක්
Deleteඅත්දැකීමකින් තොරව මෙවන් කතා ලිවිය හැක බං...
Delete"ලිවිය නොහැක" නේද හරි උත්තරේ..?
Deleteපාස්!!!!!!!!
Deleteආසාව :)
ReplyDeleteඔව්... එහෙමත් කියන්න පුළුවං නේ...
Deleteඅකුරු ලොකු කර කතාව පොඩි කර ඇත.. හෙළ දකිමි.. එත් පට්ටය.. පට්ට පාට පාටය ... ජිවිත අතදැකීමක් හෙම නෙවෙයිනේ නෙහ්හ්
ReplyDeleteනෑ නෑ..
Deleteඑහෙම එකක් නෙමේ..
අකුරු ලොකු කරලා කතාව පොඩි කරේ නෑ බං..
දැන් මේක ඉවරද තරියෝ? :
ReplyDeleteඉවරම නෑ..
Deleteබලමු සමහරක්විට තව කෑල්ලක් එන්න පුළුවං...
එල කතාව මචං. මේක දිගටම කොටස් වශයෙන් ලියන් යනවනම් තවත් හොදයි. ජය වේවා!
ReplyDeleteකොටස් වශයෙන් නේ..
Deleteබලමුකෝ...
කතාව එල.එත් යකො එකක් ඉවර කරල ඉදින්කො
ReplyDeleteහික්ස්...
Deleteඅරක ඉවර කරන්න අමාරුයි බං..
බලමුකෝ...
චැහැ අග මුල තේරෙන්නේ නෑ අයියෝ
ReplyDeleteඑහෙමත් එකක්ද???
Deleteඒ මේ මේ? මේක මුකක්ද බොලව්? :O මාව කරකවලා ආයෙත් කරකවලා අතෑරියා වගේනේ.. :O :O O.o
ReplyDeleteතේරෙන්නැත්තං ඉතිං කරන්න දෙයක් නෑ...
Deleteමෙන්න මෙහෙම ලියහන්කෝ මලයා දිගටම
ReplyDeleteවෙලා තියෙන වෙලාවට ලිය ලිය දානවා නලීන් අයියා...
Deleteතැංකූ ඈ ලිව්වත් නොලිව්වත් හොයලා බලන එකට!!!
දැන් පාට නම් ටිකක් පියකරුයි මලයා..
ReplyDeleteබ්ලොගේද????
Deleteහෙන කල්නේ පාට මාරු කරලා...
සා එල කතාව නොවැ
ReplyDeleteටැංකූ ටැංකූ....
Deleteමේ තරියා, මේක කියහන්.
ReplyDeleteඋඹ ඉඳල හිටල ඇවිත් මොනවත් කුරුටු ගාන්නෙත්. බ්ලොග් එක පාළුවට ගිහින්. ඒ මදිවට කමෙන්ට්වලට රිප්ලයි කරන්නෙත් ඉඳල හිටල - ඒව හොඳටම හීල් උනාම. වෙන කොහේදි හරි කමෙන්ට් කරල තියෙනව දකින්නෙත් හදීසියෙන් දවසක. මොනාද බං උඹ මේ දවස්වල ඔච්චර නැහීගෙන කරන්නෙ.
මේක තමයි ඉතිං මීයා වගේ දෙපැත්ත ගහ හග බලනව දිනුද?? හංසිද??
Delete@DDT අයියා...
Deleteඕං දැං හරි නෙව...
1 - ටිකක් කාර්යබහුලයි දැං...
2 - ඉස්සර වගේ බ්ලොග් බලන්න ලියන්න හිතෙන්නෑ..
අනේ මංදා ඉතිං..
දැං කට්ටිය ලියනවත් අඩුයිනේ...
@දේශක්..
Deleteඅන්න හරි බං..
එයාද මෙයාද එයාද මෙයාද එයාද මෙයාද කිය කිය හිත හිත ඉන්නවා... :))))
තරියෝ මේවා තමා නියම කතා.. සමාජයේ කතා වෙන්නත් බය දේවල්. උඹ අගේට ලියල තියෙනවා. මටත් ලියන්න තියෙන ඔය වගේ කතා උඹ නිසා ලියන්න තරං ගටක් ආවා..
ReplyDeleteහෑ...
Deleteසිරාවට...
අඩේ මාරයිනේ බං.. :)
හෆොයි . . . දිනේෂ් කොළඹගේ ගේ සුළඟවගේ ඇවිදින් කතාව වගේ සීන් එකක් . .
ReplyDelete"සමකෝණී ත්රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන . . . " හික් හික් හික්
හ්ම්... මටත් ඔය අක්කලට ලව් කරන සීන් අහන කොට පට ගාලා මතක් වෙන්නෙ ‘සුළඟ වගේ ඇවිදින්‘. මතක හැටියට මුලින්ම ඒ පොත කියෙව්වෙ ඕලෙවල් කරන දවස්වල. කොච්චර වැදුනද කියනව නම් දවසක් දෙකක් යනකන් නිකන් උස්සල පොළොවෙ ගහපු වගේ හිටියෙ, ඔය ලෙඩේ ඉතිං වයසත් එක්ක පොඩ්ඩක් එහා මෙහා වෙනවා. :)
Delete@ දුකා අයියා...
Deleteසුළඟ වගේ ඇවිදින් එකේ තුං කොංසීන් එකක් නැතෝ...
හැකස්...
ඒකනං පට්ට කතාව නේ..
@ DDT
මං ඕකෙ පී.ඩී.එෆ් එකක් දීලා පෝස්ට් එකකුත් දැම්මා...
මුලිංම කියවනකොට පෙරේතයා පොලේ ගැහුවා වගේ වෙනවා තමා...
//මං ඕකෙ පී.ඩී.එෆ් එකක් දීලා පෝස්ට් එකකුත් දැම්මා...//
Deleteඉතිං උඹ හිතුවද මට අමතක උනා කියල, මතකයි යකෝ. මට හොඳටම මතක හිටියෙ ඒකෙ නලීන් අයියගෙ කමෙන්ට් එක. මම හිතුවෙ උඹ පස්සෙ ඒ පෝස්ට් එක ඩිලීට් කරයි කියල. :)
මේ තියෙන්නෙ
ඔව් ඔව් ඒ පොතේ නෑ ඒත් අක්කලට ලව් කරන සීන් එකක් කියවද්දීම මතක් වෙන්නේ ඒ පොත . .
Deleteමම අදයි මේ පොත බැලුවෙ DDT ගෙ ලින්ක් එකේ ගිහින්. එකොළහට පටන් අරන් දැන් එකහමාරයි. හොඳ වෙලාවට පොඩි උන් දෙන්නයි වයිෆුයි නිදි. නැත්තං කඳුලු ආපු වෙලාවල කොහොම හංගගන්නද.
Deleteවස්සාන සිහිනය මට වැදුනෙ මගේ ඉස්කෝලෙම එකෙක් පිරිවෙන පාරෙ ( අපේ ගේත් පිරිවෙන පාරෙ ) කෙල්ලෙක් එක්ක තිබ්බ සීන් එකක් නිසා. කතාවෙ තරම්ම කේස් නොවුනත් සල්ලි නැති නිසා පස්සෙ ගැලවෙච්චි අපේ පාරෙ හිටපු "නොරිකො" එක්ක මගෙත් පොඩි පටලැවිල්ලක් තිබ්බලුනෙ.
අනික් මට වැදුන කතාව දුකා උඹම ලියපු එපා හිරු පායන්න. ඒක අපි ගොඩ දෙනෙකුගෙ කතාවක්. ඒක දැකල තමයි මම උඹට කිව්වෙ අර "ඔටෝග්රෆ්" ෆිල්ම් එක බලපන් කියල. මොකද දෙකම එක වගේ කැරකිල්ල හැදෙන කතන්දර.
ඉන් පස්සෙ මේ "සුළඟ වගේ ඇවිදින්". මේකත් අපේ කාලෙ, අපී ඉස්කෝලෙම එකෙක්ගෙ සීන් එකක් විතරක් නෙමෙයි තව ගැලපෙන ගොඩක් දේ හින්ද අර කරකවල අතෑරිය ගතිය අවුදු තිස් නමේදිත් එහෙමම් ආව කිව්වෙ නැත්තං බොරු.
තරිය මල්ලි උඹටයි DDT ටයි අපිව ඒ කාලෙට ඇදන් ගියාට ස්තූතියි.
මේ බලන්නෙ ගෙදර හාමිනේගෙ කම්පීතරෙන්. ඒ හින්ද ලොග් වෙන්න කරදරයි.
@ DDT එහෙම ඩිලීට් කරන එක හරි නෑනේ... :)
Delete@ දුකා අයියා... ඒ තරමට පොත හිතට වැදෙනවා නේ...
@ ඇනෝ.. අතීතේ තමා අතීතේ නේ...
සිරා කතාවක්නේ. මේ වගේ දේවල් වෙන්න පුළුවන්. එක සැරේ කෙල්ලෝ දෙන්නෙක්. හ්ම්ම්, තව කොටසක් තියෙනව ද?
ReplyDeleteඑක සැරේ දෙන්නෙක්ට පුළුවංනේ..
Deleteඅවුලක් නෑනේ නේ...
තව කොටසක් ගැන දැම්ම කියන්න බෑ..
සමහර විට තියෙයි...
මොකෝ මේ??? ලැම්බට් මොඩල් එකක්ද???
ReplyDeleteලැම්බට් කේස් එකක් තමා... :)
Deleteuba liyanawa.. api balanawa...
ReplyDeleteඒකනේ...
Deleteඑල කතාවක් බං...
ReplyDeleteමම දුලාගේ අඩවියේ™ දුලා
පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:- දුලාගේ අඩවිය | Dula's Place
ගියා ගියා ඒ පැත්තේ.... :)
Deleteපේනවනේ කොල්ලන්ගේ හැටි...:)
ReplyDeleteදැක්කා නේද... ^_^
Deleteපල්ලෙහා දාලා තියන සින්දුව නම් ගැලපෙන්නේ නෑ කියලා හිතුනා තරියා...
ReplyDeleteකතාව ගැන නම් කියන්න තියෙන්නේ ආදරේ සම්මත මිමි වලින් මනින්න පුළුවන් දෙයක් නෙවී කියන එක තමයි..
ලස්සනයි..
ඒ සිංදුව කතාව අයිති එකීගේ ආසම එකක්ලු...
Deleteදීපිකාගේ ගිතය නම් මේ කතාවට ගැලපෙන්නෙ නෑ. ඒත් ආදරේ එකඑක් අය දකින විදිය වෙනස්වෙනවා. යෞවන වයස එහෙම තමයි.
ReplyDeleteඒ ඒ අයට ලව් ඒ ඒ විදියයිලු..
Deleteස්තූතියි දයා අයියේ!!!!!!!!!!!
ඔන්න ඉතින් මේ කතා කියවද්දී අපිත් නොදනිම අතීතයට ඇදෙනවා..දිගටම ලියන්නකෝ..කියවන්න එන්නම්..
ReplyDeleteකට්ටියම අතීතෙටනේ බොලේ ගිහිං තියෙන්නේ...
Deleteපැරණ ඒවා මතක් කරන්න එපා බං.... අයියෝ ...!
ReplyDeleteඇඩෙන්න වගේද අයියෝ????
Deleteදෙන්නෙක්ට ලව් කරන එකනම් වැරදි හෆ්ෆා :/
ReplyDeleteඕවා තේරෙන්නෑනේ ඉතිං එවෙලාවට....
Deleteදෙන්නෙක්ට ලව් කිරීම වැරදි වැඩක් තමයි ඉතින් ..අනේ මන්දා :O
ReplyDeleteකතාව ලස්සනයි අනිත් කොටහත් ඉක්මනින් දාපන් ..
ඇයි බං ඒ වැරදි????
Deleteහැම තැනම මඩ තරියා අක්ක කෙනෙකුට ලව් කියල බලද්දි මේ කථාවනේ.... හ්ම් ඇත්තටම හැමෝම කිව්ව වගේ මටත් මතක් වුනේ සුළග වගේ ඇවිදින් කථාව.... තව තරැණය පත්තරේ සමන් එදිරිමුනි ලියපු කථාවෙ නම මතක නෑ. ඩොක්ට කෙනෙකුට උ/පෙ කරන කෙල්ලෙක් ගෙ කථාව හරිම ලස්සනයි දිමන්සා තේමිය චරිත දෙක....දැන් ආයෙත් තරුණය පත්තරේ යනවා සමන් එදිරි මුනිගෙම ඉලන්දාරියා කියන කථාව ඒත් මේ විදියමයි. කොහොමත් සමන් එදිරිමුණි ආදරේ අමුතු විදියට ස්පර්ශ කරනවා.
ReplyDeleteආදරේ නම් ආදරේ ඒකට වයස් භේදයක් නෑ.නමුත් දෙදෙනෙකුට කිසිම විදියකින් ආදරේ කරන්න බැහැ කියන්න බැහැ. අපි හැමෝටම හිතින් ඔන අයෙක්ට ආදරේ කරන්න පුළුවන්. කාගෙන්වත් බාධාවක් නෑ. ඒත් මා නම් තරයේ හෙලා දැකිමි.
සමන් අයියගේ සුලග නුඹ සහ මම ඉවර උනත් හරි මං තරුණයා ගන්න එක නැවැත්තුවා..
Deleteඉලන්දාරියා හොද ඇති.. ඒත් මට කියවන්න හිතෙන්නෑ..
අරකනං ඇගට වදින්නම දුන්නනේ..
^_^
දෙන්නෙක්ට ලව් කරන එක පව් වැඩේ නේද?
ReplyDeleteඔහොම හිතක් තියෙන එකෙකුට පව්ලක් කන්න නං අමාරු වෙයි ඈ :D
කොල්ලෙකුගේ අවංක හැඟීමක් රහට ලියලා....හ්ම්ම්ම් බලමු ඉතිරියත්
පව් ඉතිං සාපේක්ෂයිනේ...
Deleteපවුල් පසුවට.. කොහොමත් මගේ අත්දැකීමක් නෙමේනේ....
there is no age barrier for love,true story bro,go on
ReplyDeleteTnx Prasad!!!!!!!!!!! :D
DeleteDinu ta adarayak ati wenawa nm..ai eyawa kunatuwakta upama kare??
ReplyDelete