අද උදේ ගෙදර හිටපු නිසා ටීවී එක බලන්න ඉදගෙය
චැනල් එකිං එක මාරු කර කර හිටියා. හැම එකේව කාන්තා වැඩසටහන්. සාකච්චා, ලග්න පලාපල.
චැනල් එකෙං චැනල් එක මාරු කර කර යනකොට මැක්ස් ටීවී කියලා චැනල් එකක අල් ජසීරා එකේ
නිව්ස් වගයක් යනවා දැක්කා. වෙන බලන්න දේකුත් නැති එකේ නිව්ස් බල බල ඉන්නකොට ඒක ඉවර
වෙලා අර්ත් රයිස් (Earthrise) කියලා වාර්තාමය වැඩසටහනක් පටං ගත්තා.
ලගින්ම ඉන්න කස්ටිය
Monday, March 4, 2013
Friday, March 1, 2013
මරු ඩාන්ස් එක නේ බං??? (සිහින සිතිවිලි 7)
ඔව් දැං ධම්මිකා කෝල් කරලත් ඇතිනෙ.......
අප ඊයේ දින මෙන්ම කවුළුවෙන් එබී මුරකරු ඇමතුවෙමු...
අංකල්... සුභසිංහ මැඩම්ගෙ වැඩකට ආවෙ....
ආ ඉන්න ඉන්න....
කියමින් දුරකතනයෙන් කාටදෝ අමතා සික්කා ගේට්ටුව ඇරියේ තරමක මිත්‍රශීලී ආකාරයකිනි........
කියමින් දුරකතනයෙන් කාටදෝ අමතා සික්කා ගේට්ටුව ඇරියේ තරමක මිත්‍රශීලී ආකාරයකිනි........
අඩෝ පට්ටනෙ.... මිනිහා දවසට ඉගෙන ගෙන වගේ නේ??????
හි හි......
හි හි......
අප සිනා සෙමින් ගේට්ටුවෙන් ඇතුල්වී ඉදිරියට යන විට පෙර දින නොදුටු ශිෂ්‍යාවක් කාර්යාලය දෙසින් පැමිණ අපට ඇය පසු පස පැමිනෙන ලෙස කීවාය....
අපද ඊයේ සිදුවූ ක්‍රියා පිලිවෙල මතකයේ ඇති නිසා සිනාසී කිසිවක් නොකියා ඇය පසු පස්සේ වැටුනෙමු....
අපද ඊයේ සිදුවූ ක්‍රියා පිලිවෙල මතකයේ ඇති නිසා සිනාසී කිසිවක් නොකියා ඇය පසු පස්සේ වැටුනෙමු....
ආ එන්න පුතාලා.... ගුඩ් මෝනිං.....
සුභසිං මහත්මිය කටපුරා සිනාසී කීවාය...
සුභසිං මහත්මිය කටපුරා සිනාසී කීවාය...
ගුඩ් මෝනිං මැඩම්....... අප දෙදෙනාත් පෙරලා කීවෙමු......
-----------------------------------------------------------------------------------------------------
මැඩම් මේ මැශින් එක ටිකක් ස්ලෝ. ඒක නිසා මං ලැප් එක අරං ආවා... මෙතන නැතුව මේක තියාගෙන වැඩ කරන්න තැනක් දුන්නොත්නං ගොඩක් හොදයි. නිතරම ක්ලාසස් තියෙන නිසා මෙතන ටිකක් ඩිස්ටර්බ් මැඩම්....
මාධවයා කෙලින්ම කියා දැම්මේ ගනනකට නොගෙනයි.
මාධවයා කෙලින්ම කියා දැම්මේ ගනනකට නොගෙනයි.
හරි පුතා....
ඔඩිටෝරියම් එක හොදයි නේද?
ඔඩිටෝරියම් එක හොදයි නේද?
කමක් නෑ මැඩම්.....
හැබැයි එතන රියහසල් කරනවා..... මෙතනට වඩා ගෝෂාව....
ඒත් කමක් නෑ මැඩම්....
මෙතන ඉන්නකොට අපිටත් ඩිස්ටර්බ් ලැබ් එකේ අයටත් ඩිස්ටර්බ්නෙ....
මෙතන ඉන්නකොට අපිටත් ඩිස්ටර්බ් ලැබ් එකේ අයටත් ඩිස්ටර්බ්නෙ....
OK පුතා......
තව පොඩි උදව්වක් ඕනේ මැඩම්....
මට මේ වීඩියෝ එක තනියම කරන්න අමාරුයි....
මොකද මං ඉස්කෝලෙ මේ කෙනෙක් නොවන නිසා සමහර ක්ලිප්ස් ලයිනප් කරන කොට කාගෙං හරි දන්න කෙනෙක්ගෙං අහගන්න ඕනා....
මැඩම් ඊයෙ මට ඒකට ගොඩක් උදව් කරා චායා....
පුළුවංනං විතරක් චායව ඩියුටි වලින් රිලීස් කරන්න පුළුවංද අදත් මට හෙල්ප් කරන්න පුළුවන් වෙන්න.
මට මේ වීඩියෝ එක තනියම කරන්න අමාරුයි....
මොකද මං ඉස්කෝලෙ මේ කෙනෙක් නොවන නිසා සමහර ක්ලිප්ස් ලයිනප් කරන කොට කාගෙං හරි දන්න කෙනෙක්ගෙං අහගන්න ඕනා....
මැඩම් ඊයෙ මට ඒකට ගොඩක් උදව් කරා චායා....
පුළුවංනං විතරක් චායව ඩියුටි වලින් රිලීස් කරන්න පුළුවංද අදත් මට හෙල්ප් කරන්න පුළුවන් වෙන්න.
අයියෝ සුළු දෙයක්නෙ පුතා. මං එවන්නං. සුභසිංහ මහත්මිය කීය.
සුභසිංහ මහත්මියට නොපෙනෙන්න මාධවයා මා දෙසට හැරී ඇහැක් ගසා සිනාසුනි.
මමද මාධවයාගේ ක්‍රියාකලාපය ගැන සිතමින් සිතින් සිනා සුනෙමි.
එතකොට සහන් ඔයාගෙ වැඩේ කොහොමද????????
මැඩම් ඒකනං මං ඊයෙ රෑම වගේ ඉවර කලා......
පොඩි පොඩි අඩුපාඩු ඇති මැඩම් ඒවා නං ඕගනයිසර් ප්‍රතිභා එක්ක කතා කරලා තමා විසදගන්න තියෙන්නෙ......
මමද මාධවයාව අනුගමනය කරමින් මැඩම්ට පොත පෙරළුවෙමි.
පොඩි පොඩි අඩුපාඩු ඇති මැඩම් ඒවා නං ඕගනයිසර් ප්‍රතිභා එක්ක කතා කරලා තමා විසදගන්න තියෙන්නෙ......
මමද මාධවයාව අනුගමනය කරමින් මැඩම්ට පොත පෙරළුවෙමි.
ගුඩ් ගුඩ්. තෑන්ක්ස් පුතා.
ඕගොල්ලො මේ කරන උදව්වනං කවදාවත් අමතක වෙන්නෑ.
පිංසිද්ධ වෙනවා ඕගොල්ලන්ට.
ඕගොල්ලො මේ කරන උදව්වනං කවදාවත් අමතක වෙන්නෑ.
පිංසිද්ධ වෙනවා ඕගොල්ලන්ට.
මාධවයත් මමත් මැඩම්ට අහිංසක සිනහවක් පෑවෙමු......
හරි පුතා එහෙනං ඕගොල්ලො මේ නංගිත් එක්ක යන්න ඔඩිටෝරියම් එකට මං එතනට එන්නං......
දුව මේ අයියලා දෙන්නට ඕන විදිහට එතන ඇරේන්ජ් කරලා දෙන්න හරි....
ශිෂ්‍යාවද ඔලුව වනමින් හා යැයි සුභසිංහ මහත්මියට සන් කලාය.....
ඇය පිටවනවාත් සමගම අප දෙදෙනාත් පෙර පරිදිම ඇය පස්සේ වැටුනෙමු.
ශ්‍රවනාගාරය ආසන්නයේ එතරම් කලබලකාරී බවක් නොතිබූ බැවිනුත් මේ වන තෙක් මිත්‍රශීලී ප්‍රතිචාර බාලිකාවන්ගෙන් ලැබුනු නිසාත් අප දෙදෙනා කිසිදු පැකිලීමකින් තොරව එයට ඇතුල් උනෙමු....
නමුත් අප එයට ඇතුල් වූ පසු දක්නට ලැබුනු ප්‍රතිචාරය පෙර දිනයට වඩා තරමක් වෙනස් විය...
නමුත් අප එයට ඇතුල් වූ පසු දක්නට ලැබුනු ප්‍රතිචාරය පෙර දිනයට වඩා තරමක් වෙනස් විය...
![]() |
| ශ්‍රවනාගාරය ආසන්නයේ එතරම් කලබලකාරී නැත |
ගහපු ලේබල්:
පොඩි කතාවක්,
ප්‍රභන්ධ,
සිහින සිතුවිලි
Friday, February 22, 2013
රස්තියාදුවේ යන්නේ නැතුව ඉක්මනට එන්න. (සිහින සිතිවිලි 6)
කලින් කොටස් මෙතැනින් කියවන්න
මාධවයගේ පඩි ටෝක් අහගෙනම කුස්සියට ගිහිං පිඟානයි අතයි හෝදලා අතටම වතුර අරං බීලා හැරෙනවත් එක්කම මාධවයගේ අම්මා කුස්සියට ආවා...
ඇන්ටි මං අද ගෙදර යනවා...
මාධවයගේ පඩි ටෝක් අහගෙනම කුස්සියට ගිහිං පිඟානයි අතයි හෝදලා අතටම වතුර අරං බීලා හැරෙනවත් එක්කම මාධවයගේ අම්මා කුස්සියට ආවා...
ඇන්ටි මං අද ගෙදර යනවා...
ඇයි පුතා????? පාඩං කරලා ඉවරද?????????
නෑ ඇන්ටි.... තව තියෙනවා.... වෙන දවසක කරනවා..... කම්මැලියි ඇන්ටි.......
දැම්ම කම්මැලි උනොත් ඉතිං හොදට තියෙයි........
කියමින් සිනාසෙමින්ම ඇය ශීතකරණය වෙත ගියාය..........
කියමින් සිනාසෙමින්ම ඇය ශීතකරණය වෙත ගියාය..........
මම පොත් බෑගයට ඇදුම් කීපය දමාගෙන මං යනවා ඇන්ටී කියා හඩ නගා කීවෙමි....
ගහපු ලේබල්:
කුජීත,
ඩේ කතා,
පොඩි කතාවක්,
ප්‍රිෆෙක්ට් කතා,
සිහින සිතුවිලි
Sunday, February 17, 2013
එකදාස් නමසිය බරගනං වල ලවු
සිරා අයියගේ ඇන්ටික් පෝස්ට් ටික දැක්කම මටත්
හිතුනා සේපර් එකේ මං ගාව තියෙන පත්තර ටිකත් බ්ලොග් ගත කරන්න..
ඒ අනුව අද බ්ලොග්ගත කරන්නේ 1928 මාර්තු මාසේ
දිනමිණ පත්තර වල තිබ්බ ලවු කේස් ටිකක් සහ පත්තරයේ කලාතුරකින් පලවී ඇති පින්තූර
කීපයකි.
මේ තියෙන්නේ එදා දිනමිණ පත්තරේ ලෝගෝ එක..
Thursday, February 14, 2013
ඒක නෙමේ චායා මොකද කියන්නෙ....... (සිහින සිතිවිලි 5)
කලින් කොටස් මෙතැනින් කියවන්න
මතකද මාව?
මගේ ලැජ්ජා ගතිය තරමක් නැතිවී ගියායින් මා ඇයත් සමග කතා කිරීමට උත්සහ ගතිමි.
ඇය ඔව් යන්න හැගවීමට හිස සැලීය.
කථා නැත්තෙ ඇයි බයද?
ඇය සිනාසුනා මිස පිලිතුරු නොදුන්නාය.
ගහපු ලේබල්:
කුජීත,
ඩේ කතා,
පොඩි කතාවක්,
ප්‍රිෆෙක්ට් කතා,
සිරා,
සිහින සිතුවිලි
Tuesday, February 12, 2013
හොරු කවද්ද සහන් ඇත්ත කිවුවේ??? (සිහින සිතිවිලි 4)
නෝ තෑන්ක්ස්. අපි කාලා නේ ආවෙ මාධව??
මම මාධවගෙං ඇසීමි.
ලැජ්ජවෙන්න එපා සහන් කන්න කියමින් චායා සිනාසීය.
ඔව් බං ලැජ්ජාව පැත්තකිං තියලා කාපං.. මාධවයා රෝල්ස් වලිං කට පුරවාගෙනම කිවුවේය.
ඔව් බං ලැජ්ජාව පැත්තකිං තියලා කාපං.. මාධවයා රෝල්ස් වලිං කට පුරවාගෙනම කිවුවේය.
ගහපු ලේබල්:
කුජීත,
ඩේ කතා,
පොඩි කතාවක්,
ප්‍රිෆෙක්ට් කතා,
සිහින සිතුවිලි
Thursday, February 7, 2013
ලංකාව, බෞද්ධ ධර්මය හා පන්සිල්
අද වෙනකොට ලංකාව ඇතුලේ පුදුම ආගමික ප්රබෝධයක්
ඇති වෙලා ආගමට දහමට ලැදි ජනතාවක් බිහිවෙලා ඉන්නවා. සාමාන්‍ය සමාජෙනං කොහොමද දන්නෑ
ඒත් අන්තර්ජාලය තුළනං එහෙමයි.
ගහපු ලේබල්:
ගවේෂණ,
පොඩි කතාවක්,
මට හිතුනලු,
රියැලිටි,
සිරා
Wednesday, January 30, 2013
මුංගෙ ආච්චිලට හාල් ගරන්න
සහෝදරවරුණි බ්ලොගට පෝස්ට් එකක් දැමූ කල්හි එය බ්ලොගරය තුල නිසි අයුරෙන් පබලිස් නොවූ කල්හි මල පැනීම සාධාරණය..
අද දිනේ ජයග්‍රාහී 10 වෙනි වතාවට ඒක මට වුනි...
මුං නොමිලේ සේවාව දුන්නා යැයි කියමිං මෙවැනි කුප්ප වැඩ කිරීම කිසිසේත් අනුමත කල නොහැක..
සිදු වූ ප්‍රමාද දෝශය අමතක කොට පහත ලිංකුවෙං සිහින සිතිවිලි තුං වෙනි කොටහට යන්න...
ස්තූති වේවා!!!!!!!!
අද දිනේ ජයග්‍රාහී 10 වෙනි වතාවට ඒක මට වුනි...
මුං නොමිලේ සේවාව දුන්නා යැයි කියමිං මෙවැනි කුප්ප වැඩ කිරීම කිසිසේත් අනුමත කල නොහැක..
සිදු වූ ප්‍රමාද දෝශය අමතක කොට පහත ලිංකුවෙං සිහින සිතිවිලි තුං වෙනි කොටහට යන්න...
ස්තූති වේවා!!!!!!!!
නෙට් බෝල් කෙල්ලෝ හරි ලස්සනයි නේ බං? (සිහින සිතිවිලි 3)
කලිං කොටස් මෙතැනිං කියවන්න.
අපි පිටසක්වල ලෝකයකට ගියාක් මෙන් වට පිට බලමින් යුවතිය පසු පස්සේ යන්නට වීමු. කුඩා ගැහැනු දරුවන් රොත්තක් නෙට් බෝල් ක්‍රීඩාවේ යෙදේ. ඔවුන්ට සැර දමමින් තරමක් වැඩිමල් බාලිකාවන් තිදෙනෙක් ගුරුහරුකම් ලබා දේ.
අපි පිටසක්වල ලෝකයකට ගියාක් මෙන් වට පිට බලමින් යුවතිය පසු පස්සේ යන්නට වීමු. කුඩා ගැහැනු දරුවන් රොත්තක් නෙට් බෝල් ක්‍රීඩාවේ යෙදේ. ඔවුන්ට සැර දමමින් තරමක් වැඩිමල් බාලිකාවන් තිදෙනෙක් ගුරුහරුකම් ලබා දේ.
![]() |
| කුඩා ගැහැනු දරුවන් රොත්තක් නෙට් බෝල් ක්‍රීඩාවේ යෙදේ |
ගහපු ලේබල්:
කුජීත,
ඩේ කතා,
පොඩි කතාවක්,
ප්‍රිෆෙක්ට් කතා,
සිරා,
සිහින සිතුවිලි
Saturday, January 26, 2013
පොල් සෙවන ආහාර වැඩසටහන අංක 1
කෑම කියන එවුවා එක එක විදිහට හදන්න
පුළුවංනේ..
මං මේ ඊයේ නිකං ඉන්න එකේ තිබ්බ ජාති ටිකක් කලවං කරලා අමුතු කෑමක්
හැදුවා.
ඒක හදලා කෑවෙත් මමම තමා. අවුලක් නෑ, පට්ට රසයි.
වැසිකිලි ප්‍රශ්ණ ඇති
උනෙත් නෑ..
Wednesday, January 23, 2013
වෑර්ලස් කතන්දරේ තුංවෙනි කොටහ
පහුගිය දවස් ටිකේ වැඩ ටිකක් වැඩි උන නිසා සහ
එයාටෙල් පිස්සු කෙලින්න පටං ගත්තු නිසා බ්ලොග් වැඩ අමතක කරන්න උනා.
ඒ දවස් ටිකේ
පරණ ටේප් ටිකක් ආයේ දාලා ෂේප් උනා.
වැඩේ කඩාකප්පල් වෙන්න කලිං දදා හිටියේ වයර්ලස්
එකේ අතීතේ ගැනනේ.
අද ඔන්න ඒක ආයේ දාන්නයි යන්නේ.
කලිං කොටහ කියෝපු නැති අය මෙතැනිං කියවන්න.
රයිට්. ඒකේ අන්තිමට නැවැත්තුවේ අපි රුක්මනී
දේවි හඬ පරීක්ෂනේට සහභාගි උන හැටි කියලනේ.
ගහපු ලේබල්:
අධ්‍යාපන,
ගවේෂණ,
ගුවන් විදුලිය,
පොඩි කතාවක්,
රියැලිටි,
සිරා
Thursday, January 17, 2013
සිහින සිතිවලි 2
පළමු කොටස කියවන්න මෙතැනින්
අද දෙවැනි කොටස
කොහෙද බං උබලා අහස් කූරක් අහවල් එකේ ගහගෙන වගේ දුවන්නෙ? රෝල්ස් එකක් කටේ ඔබා ගන්න ගමන් කසුන් ඇසුවේය.
අද දෙවැනි කොටස
කොහෙද බං උබලා අහස් කූරක් අහවල් එකේ ගහගෙන වගේ දුවන්නෙ? රෝල්ස් එකක් කටේ ඔබා ගන්න ගමන් කසුන් ඇසුවේය.
නාන්න බං. උබත් එනවද?
නොදකිං පිංගුත්තරයා..
තොට හෙන ගහනවා. තනියම ගිල්ලා නේ ඒකත්. මාධවයා කියාගෙන කියාගෙන ගියේය.
ඌට දරුනු ඊතල පාරක් වැදිලා.
උගුරු දන්ඩ හිල් වෙලා. කතා කෙරවෙන්නෙ නෑ.. මාධවයා පිලිතුරු සැපයීය.
ඕන ඊතලයක්. යමංකො කියමින් කසුන්ද අප සමග එක් විය.
පාසලට ඇතුලුවන විටම ඉනෝකා මැඩම් හමු වීම අපේ අවාසනාවම විය.
අපි මද සිනාවක් පා ගුඩ් මෝනිං මැඩම් යැයි කීවේ පුරුද්දට මෙනි
ගුඩ් මෝනිං කියමින් ඉනෝකා මැඩමුත් සිනාසී කාර්යාලය දෙසට නික්මිනි
ඒ බලහංකො බං මෙයත් අපිටම කෙලවන්න සෙට් වෙනවනෙ. මට කියැවිනි.
ඉනෝකා මැඩම් යනු අප පන්ති බාර ගුරුමහත්මියයි.
ඇයි උබල අද කොහෙ හරි මාරු වෙන්නද යන්නෙ? කසුන් විමසුවේ අප දෙදෙනාගේ කතාබහ නිගමනය කරමිනි.
ඔව් බං. අද අපි පොඩි වැඩකට යනවා. මාධවයා කීවේ එතරම් කැමැත්තකින් නොවේ.
කොහෙද? අපිවත් එක්ක පලකො. කසුන් කීවේය.
බැරිවෙයි බං. ධම්මිකාගෙ වැඩකට යන්නෙ. එයත් එයි මං හිතන්නෙ. මාධවයා කීය.
හරි හරි උබලා ඉතිං ලොකු සයිස්නෙ.. හරි මස්සිනා කියමින් කසුන් ලමුන් උදය රැස්වීමට ගෙන යන පෝලිමට එක් විය.
අප දෙදෙනා කාර්යාලය දෙසට හැරුනේ ශිෂ්‍ය නායක පැමිනීම රපෝර්තු පොතේ අත්සන් කිරීමටයි.
බලහංකො බං.
ප්‍රොබේෂන් සමහර උං උදේ 5ටත් ඇවිල්ලා. මුංට නින්ද යන්නෙ නැද්ද මන්දා.
ඉක්මනින් තම අත්සන සහ වේලාව යෙදු මාධව පෙර පිටුව හරවා බලා කීවේ සිනහසෙමිනි.
ප්‍රොබේෂන් සමහර උං උදේ 5ටත් ඇවිල්ලා. මුංට නින්ද යන්නෙ නැද්ද මන්දා.
ඉක්මනින් තම අත්සන සහ වේලාව යෙදු මාධව පෙර පිටුව හරවා බලා කීවේ සිනහසෙමිනි.
උනන්දුවනෙ බං. අනික තාම අළුත්නෙ. පරන වෙනකොට හරියයි. මා කීවේ පොතේ අත්සන යොදමින්මයි.
මේ අද ඩියුටි කරන්න බෑ බං. දාඩිය දාගෙන අහරෙ යන්න බෑ. ප්‍රයිමරිය පැත්තට මාරු වෙමුද? මම යෝජනා කලෙමි.
හ්ම්ම්ම්ම්ම්. එහෙම කරමු. මාධව එය අනුමත කලේය.
(උදේ රැස්වීම)
ගහපු ලේබල්:
කුජීත,
පොඩි කතාවක්,
සිරා,
සිහින සිතුවිලි
Sunday, January 13, 2013
සිහින සිතුවිලි
අඩෝ නැගිටපං. ඉස්කෝලෙ යන්නෙ නැද්ද?
ජෝගි එපා බං නිදා ගන්න දියංකො.
තෝ අපේ ගෙදර පාඩං කරන්න කියල ඇවිත් නිදා ගත්තම හරිද යකෝ?
ඒ පාරනං මට ලෙසටම මල පැන්නේය.. යකෝ තොපේ ගෙදර පාඩං කරන්න ආවෙ පාඩං කරල ටිකක් නිදාගන්න. පව් නොදී ලයිට් එක ඕෆ් කරගෙන පල මගෙං සිංහල අහගන්නෙ නැතිව. කියා මම ෙපාරවනෙයන් මුහුන වසා ගත්තෙමි.
ඔය ලමයට ටිකක් නිදා ගන්න දෙන්න ලමයො. පාඩං කරල නිදිමත ඇතිනෙ. මාධවගෙ අම්මා ඈතින් කියනවා ඇසිනි.
බලපං ඩෝ උබලගෙ අම්මට විතරයි ඒකවත් තේරෙන්නෙ..
බලපං ඩෝ උබලගෙ අම්මට විතරයි ඒකවත් තේරෙන්නෙ..
තේරෙයි තේරෙයි. අන්න උබේ තාර පීප්පෙගෙ ඉස්කෝලෙට යන්න අද ඔෆීශියල් ටිකට් එකක් ඇවිත් තියෙන්නෙ. උබට බැරිනං ඉදිං. මං තව එකෙක් එක්ක යන්නං. මාධවයා ඇගට නොදැනී කිව්වේ සිරාවටම වගේ.
මාධවයට පස්ස හරවා රෙද්දත් පොරෝගෙන හිටි මගේ නිදිමත කොහෙන් ගියාද නැත.
(මාධවයට පස්ස හරවා රෙද්දත් පොරෝගෙන)
ගහපු ලේබල්:
පොඩි කතාවක්,
සිරා,
සිහින සිතුවිලි
Wednesday, December 26, 2012
ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි 21ක වෙලානේ...
පළවෙනි උපන්දිනේ පාස් කරලා නිකං අද ඊයේ වගේ,
මෙන්න බොලේ 21ක්ලු..
ඇඩෙනවා....
ඇඩෙනවා....
21 කියන එකේ විසේසත්වය මොකක්ද කියලා බලමු...
- දුම දාන එවුන්ට අවුලක් නැතුව දුං බට ගන්න පුළුවං කඩ වලිං, හැංගෙන්න අවස්ය නෑ..
ගහපු ලේබල්:
Intro,
කුජීත,
පොඩි කතාවක්,
මට හිතුනලු,
රියැලිටි,
සිරා
Wednesday, December 19, 2012
මේ විපතකදී පිහිට වෙන ඔබට කෙරෙන ඇරයුමයි
පසුගිය දවස් කිහිපය ඇතුලත ලංකාවට ඇතිවුන අයහපත් කාලගුණ තත්වය නිසා අපේ රටේ මිනිස්සු ගොඩක් කරදර වලට මුහුන දුන්නා..
මේ වගේ දේවල් වලදි රටේ ලොකු ලොක්කො ක්‍රියාත්මක වෙන්න ඕන උනත් අර රටේ එහෙම දෙයක් වෙන්නෑ..
ගහපු ලේබල්:
Sri Lanka News,
රියැලිටි,
සිරා
Sunday, December 16, 2012
වෑර්ලස් කතන්දරේ දෙවෙනි කොටස
ආරම්භ
කර ගත්තු ගුවන් විදුලි සේවයේ ප්‍රධාන විකාශනාගාරය පිහිටලා තිබුනේ වැලිකඩ. මහා බ්‍රිතාන්‍යයේ
1922දි ගුවන් විදුලි සේවාව ආරම්භ වෙලා වසර තුනක් වැනි කෙටි කාලයක් තුලදිම ශ්‍රී
ලංකාවෙත් ගුවන් විදුලි සේවාවක් ආරම්භ වීම වාර්ථාවක් බවට සලකනවා. ආසියාවේ ජ්‍යෙශ්ඨතම
ගුවන් විදුලිය ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය බවට හදුන්වන්න පුළුවන්. ඒ දවස් වල තිබුන
හිරු නොබසින අධිරාජ්‍ය නැත්තං බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අනෙකුත් රටවල ගුවන්
විදුලියට නායකත්වය දුන්නේ ශ්‍රී ලංකාවයි.
![]() |
| සංස්ථාව ඉස්සරහදි ගත්තු ෆොටෝ එකක් |
ගහපු ලේබල්:
අධ්‍යාපන,
ගවේෂණ,
ගුවන් විදුලිය,
පොඩි කතාවක්,
සිරා
Thursday, December 13, 2012
වෑර්ලස් කතන්දරේ පළවෙනි කොටස
මං
තරියා දැං කරන්නේ ජන සන්නිවේදනයනේ ඉතිං අපිට ඔය අනං මනං ඉගෙන ගන්න වෙනවා, එහෙම
ඉගෙන ගත්තු පාඩමකිං කට්ටියට වැදගත් වෙයි කියලා හිතපු එකක් බ්ලොගේ දාන්න තීරනේ කලේ
පාඩම කියලා දෙන අතරතුරමයි. එදා පාඩම උනේ ගුවන් විදුලියේ විකාශනය. ඒකෙං ලංකාවේ ගුවන්
විදුලිය ඇති උනේ කොහොමද කියලා සේපර් එකේ කියලා දාන්නං.
ගහපු ලේබල්:
අධ්‍යාපන,
ගවේෂණ,
ගුවන් විදුලිය,
පොඩි කතාවක්,
සිරා
Sunday, December 9, 2012
මාර සීන් එක...
ෂර්ලොක් හෝම්ස් ලංකාවේ පර්යේසන කරපු සීන් එකේ දෙවනි කොටහ මං ඊයේ ( 08 සෙනසුරාදා ) බ්ලොගේ දැම්මා කස්ටියට ප්රමාදයකිං තොරව කතාව දෙන්න ඕන නිසාවෙං.. ඒත් බ්ලොගර් කාරයා කන පාත් වෙන්නම බීලා නිසාද මංදා ඒක පබ්ලිස් වෙලා නෑ... ඉතිං මගේ ඥාති වරිගයාව මතක් කරන්නැතුව පහත දැක්වෙන ලිංකුවෙං ගිහිං දෙවනි කොටහ කියවන්න කියලා මං ඉල්ලා හිටිනවා...
ජය ඈ....
ෂර්ලොක් හෝම්ස් වායු රයිෆලයේ අභිරහස (Sherlock Holmes Mystery of the Air rifle) දෙවනි කොටස
ජය ඈ....
ෂර්ලොක් හෝම්ස් වායු රයිෆලයේ අභිරහස (Sherlock Holmes Mystery of the Air rifle) දෙවනි කොටස
Saturday, December 8, 2012
ෂර්ලොක් හෝම්ස් වායු රයිෆලයේ අභිරහස (Sherlock Holmes Mystery of the Air rifle) දෙවනි කොටස
මළසිරුර එතැනින් ඉවතට ගෙන යෑමට පැමිණි පිරිස සිරුර ඔසවද්දී...
”හෝව් ...හෝව්.... පොඩ්ඩක් ඉන්න....”
කෑ
ගසමින් සිරුර ළඟට ගිය හෝම්ස් එතැන මඳවේලාවක් හිට ගෙන සිට අවට පිරික්සා ඇමති තුමාගේ
නිවස දෙස බලාසිට ජානක මහත්මයා ඇමතුවේය...
“ජානක
මට කියනවද ඇමති තුමා මෙහාට ආවෙ ඇයි කියල....?“
“ඇත්තටම
හෝම්ස් මේ අමතිතුමාගෙ දෙවැනි විවාහයෙ නිවස... මෙහෙ එන්නෙ සති කිහිපයකට සැරයයි කියල
අපිට ඇමතිතුමාගෙ රියදුරාගෙන් දැනගන්න ලැබුණ. බොහෝ වෙලාවටඒ සෙනසුරාද දිනයන්ලු.“
ගහපු ලේබල්:
ගවේෂණ,
පොඩි කතාවක්,
ප්‍රභන්ධ,
ෂර්ලොක් හෝම්ස්
Thursday, December 6, 2012
ෂර්ලොක් හෝම්ස් වායු රයිෆලයේ අභිරහස (Sherlock Holmes Mystery of the Air rifle)
මහාචාර්ය රත්නායක හා ඔහුගේ සහයක මයුර විසින් කල කාල තරණ
පර්යේෂණයේ ප්‍රතිඵලයක් ලෙස 2005හේ පෙබරවාරි මස අතීතයේ ජීවත් වී මියගිය චරිතයන්හි
මතකයන් සහ විඥානයන් වර්තමානයට ගෙන්වා එය ක්ලෝන තාක්ෂණය මගින් නිපදවූ ශරීරයකට ඇතුල්
කර අතීත චරිතයන්ට පන දිය හැකි ක්‍රමවේදයක් නිපදවීය.
ගහපු ලේබල්:
අද්භූත,
ගවේෂණ,
ප්‍රභන්ධ,
ෂර්ලොක් හෝම්ස්
Subscribe to:
Posts (Atom)


















