-----පස්වැනි කොටස-----
2015.04.06
පෙ.ව 5.32
සර් අපිට ලෝකයේ හැම මහද්වීපයෙන්ම වගේ භූ චලන රැසක් වාර්තා වෙනවා. ඒ වගේමයි කවදාවත් නොදැකපු ආකාරයේ චලන කීපයක් අගහරු හා සිකුරු ග්‍රහයන් අතර සිදුවන බවත් අපට ලැබී තිබෙන තොරතුරු වල දැක්වෙනවා.
අපිට කරන්න තියෙන දේ සීමිතයි කෙවින්.
සියලුම යුධ නැව් ස්ථානගත වී ඇති බව අපට දන්වනවා කැප්ටන්.
හොදයි. සන්නිවේදන කටයුතු වල තත්වය කොහොමද?
චන්ද්‍රිකා අතර තොරතුරු හුවමාරුව තරමක් අකාර්යක්ෂමයි. විකිරණ වල බලපෑමක් තිබෙන බව පෙන්වනවා.
භූ කම්පන සිදුවී තිබෙන ස්ථාන ගැන මට පෙන්වන්න.
පැසිෆික් සාගරයේ හා ඉන්දියන් සාගරයේ දකුණට වන්නටත් රුසියාවේ දකුණුදිග චීනයේ ඉන්දියාවේ හා දකුණු ඇමරිකාවේ මේ පෙන්වන තැන් වල තමයි දැනට අපට නිශ්චිතවම සිදුවූ භූ කම්පන ගැන වාර්තාවක් දෙන්න පුළුවන්.
ඒ ආශ්‍රිතව සිදුවූ වෙනස්කම් ගැන එහෙම වාර්තා වෙනවද?
පොලොවේ විශාල ඉරිතැලීම් හැරෙන්නට විශේෂ යමක් නැහැ සර්.
හොදයි. අපි බලමු. මට කමාන්ඩර් රොජර්ව සම්බන්ධ කරන්න.
කමාන්ඩර් රොජර් කුමක්ද ඔබගේ තත්වය.
දැනට ඉන්දියන් සාගරයේ ජාත්‍යන්තර සීමාවේ රැදී සිටිනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් අපව අමතා හේතු විමසා සිටියා.
කාලගුණ තත්වය යහපත්. නියෝග ලැබෙනතුරු සියලු දේ සූදානමෙන් කැප්ටන් ඇන්ඩෘ.
අහසේ විශේ වෙනස්කම් දක්නට ලැබෙනවද?
නැහැ කැප්ටන්.
----------------------------------------------------------------------------------------------------------------
පසු වදන
මේ 2020 වර්ෂයයි.
වර්ෂ 5000කට පසු ඇල්නියම් ග්‍රහ වාසීන් පරදවා වර්ෂ 2015දී මහා රාවන නම් රජු නැවතත් පෘථුවිය කරා පැමිනියේය.
ඒ වන විට පෘථුවියේ පාලනය තම අනසකට යටත් කරගෙන තිබූ ඇමරිකානු රජය ප්රමුඛ බටහිර ජාතීන් තුල තිබූ වැරදි වැටහීම් හේතුවෙන් ඔවුන් එම ආගමනය වැලැක්වීමට විශාල ප්රයත්නයක් දැරූ නමුත් ඒ සියල්ල ව්‍යාර්ථ විය.
අවසානයේදී රජු ප්රමුඛ සේනාව පෘථුවියට සේන්දු වූ අතර ඒ වන විට වැලලී තිබූ ඉතිහාසයේ මිත්‍යාවන් සේ ලියැවී තිබුනු නගර ආදියද එතෙක් සොයා නොගත් තාක්ෂනික දැනුමද සොයාගැනීමට ලක්විය.
ලෝකයේ තිබූ බල විශමතාවය, යුද්ධය හා ඒ වනවිට ඇතිවී තිබූ ගැටලු රාශියක් නැතිවී ගොස් සාමකාමී සමෘධිමත් යුගයක් ආරම්භ විය.
කුමක් හෝ හේතුවක් නිසාවෙන් සියලු රාජ්‍ය නායකයින් රජු සමග එක්වූ අතර අවසානයේ ඔහු විසින් නැවතත් ලංකාව කේන්ද්‍ර කොටගත් පාලන ක්‍රමයක් ආරම්භ කලේය.
ලෝකය තුල විසීරී පැවතුනු සම්පත් එක් රාජ්‍ය පාලනයක් යටතේ පැවතුනු හෙයින් සියලුම රටවල් අතරේ ක්‍රමවත්ව බෙදී ගියේය.
අවසානයි.
ප.ලි - මෙය ප්‍රභන්ධයක් වන අතර අනිවාර්යයෙන් සිදුවිය හැක්කක් හෝ නොහැක්කක් බව පැවසිය නොහැක. පළමු වැන්න බැවින් යම් යම් අඩු පාඩු තිබිය හැක. ඒවා ගැන සඳහන් කරන්නේ නම් කෘතඥ වෙමි. මක්නිසාද යත් ඉදිරියේදී එම අඩුපාඩු මගහරවා ගැනීමට එය විශාල රුකුලක් වන බැවිනි. ස්තූතියි!!!!!!
සුබ පතනවා දිගටම ලියන්න මෙවන් කතා අනාගතයට හොද පන්නරයක් වේවි ...............
ReplyDeleteස්තූතියි සචිත්!!!!
Deleteඅන්තිම ටික කියවද්දිනම් වර්ගපූර්ණිකාව කියවනව කියලමයි හිතුනේ....
ReplyDeleteකථාව ලස්සනයි...
හි හි...
Deleteවර්ග පූර්ණිකා බ්ලොග් දෙකක් ඕන්නෑ කියලා හිතුන නිසා ඉක්මනටම ඉවර කරා...
ස්තූති වේවා කමෙන්ටුවට..
සිරාවට ඈ... :)
Deleteමීයා +++
හික්ස්...
Deleteඅයියෝ,අන්න ජයරත්න උන්නැහේව එෆ්.බී.අයි එකෙන් අරන් ගිහින්ලු.
Deleteහිනා වෙලත් හමාරයි :(
හෑ....
Deleteඒ මුකෑ....
අපරාදෙනේ...
මම නම් හිතුවේ නෑ මෙච්චර ඉක්මනට ඉවර වේවි කියලා..
ReplyDeleteඉස්සර රාවණ රජතුමා කීවම අමුතු කික් එකක් ආවට දැන් නම් හිනා යනවද මන්දා..:ඩී
ඒ වුනාට කතාව ලස්සනයි!
දැන් ඉතින් අලුතෙන් එකක් ලියන්න පටන් ගන්න
කට්ටියට ජෝක් එකක් වෙයි කියලා හිතුන නිසාමයි ඉවර කරේ...
Deleteදැං ඉතිං ට්‍රෙන්ඩ් එකක් වෙලානේ රාවනා...
ජයවේවා!!!!!!!
ඉවර උන එක ගැන නම් දුකයි.... ඉස්සරහටත් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා...
ReplyDeleteහෑ.......
Deleteඋබත් රාවන කෑල්ලක් අටෝ ගත්තද?????
අනිවා අනිවා...
ලීනවා..
ඉක්මනින් අවසන් කිරීම පිළිබද මාගේ තදබල විරෝධද...
ReplyDeleteරාවණ සිද්ධම්... :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මොනා කරන්නද රජතුමනි...
Deleteතරියාට අනුකම්පා කරන සේක්කා...
ජයරත්න උන්නැහේ මට මේ කතාව ලියන එක එපාකෙරෙව්වා නෙව...
ස්තූති වේවා!!!!!!
එල එල නියමයි
ReplyDeleteඑල නං එල....
Deleteඇත්තටම ලස්සනය් අය්යේ....... මම ඔක්කොම කියෙව්ව.... ඒත් කතාව තව දික් කර නම් හරි
ReplyDeleteස්තූතියි පිස්සු හැදෙන සඳ....
Deleteඔක්කොම හොඳයි, අන්තිමේ කෙළගෙන ඇවිත් බ්රේක් නොගහන්න. ජයරත්න උන්නැහේ උනත් අප්සෙට් යන්න තිබ්බා. ලියන්න නේ තිබ්බේ ඉතුරු ටිකත්.
ReplyDeleteකෙලගෙන ආපු පාරට අද බ්රේක් ගහන්න සෑහෙන්න හිතුවා...
Deleteමොනා කරන්නද ඉතිං...
මල්ලි, මම මේ ටික කියන්නම්. උඹ ජෝක් එකක් වෙනවද නැද්ද කියල තීරණය වෙන්නේ උඹ ලියන එක අනුවම නෙවේ. ඒ ලියන දේ මොනවගේ අරමුණකින් ලියනවද කියන එක හරහා. ඒ කියන්නේ උඹ ලියන දේ මොකක්ද ඒ දේ හරහා කියන්න හදන්නේ මොකද්ද කියන එක මිනිස්සු දකින්නේ කොහොමද අන්න එතනින් තමා ජෝක් එකක්ද ප්‍රබන්ධයක්ද කියලා මිනිස්සු ගන්නේ. ජයරත්න උන්නැහේ කියන්නේ වෙනම කතාවක්. ඒ එක්ක මේක පටලගත්තු එක වැරදියි. මමත් ඒක කියවනවා. ඒත් මේක මම කියවන්නේ ඒ මානසිකත්වයෙන් නෙවෙයි. ඒ හින්දා අවුලක් ගන්නේ නැතුව ලියන දේ ලියහන්. මල් විතරක්ම නැතුව ගල්මුල් වුනත් බාර ගමු. මොකද මේ කතාව ලස්සනට ගලාගෙන ගියා. ඒත් අන්තිම ටික නිකම් වීසි කළා වගේ තියෙන්නේ.
Deleteඇත්ත ඇත්ත පිලිගන්නවා...
Deleteනවත්තන්න හේතුව රාවනාලා වැහි වැසීමයි...
ස්තූතියි උපදේශෙට...
ඉදිරියටත් මාත් එක්ක ඉන්න..
ජයවේවා!!!!!
පොලොව පාළුනේ මේ බොරු වලට තරියෝ. මට පෙන්නේ ජයරත්න ගොයියගෙන පාර අහගෙන වගේ.
ReplyDeleteහි හි...
Deleteජයරත්න ගොයියා තමා මේවට වගකියන්න ඕනා...
සාදරෙං පිලිගන්නවා පිටවාන...
නියමයි......
ReplyDeleteනියමයිනං එච්චරයි කිලර්...
Deleteස්තූතියි...
සාදරෙං පිලිගන්නවා..
බොහොම ලක්ෂණ සංකල්පයක්.. මමත් උනන්දුවෙන් කියෙව්වා.. කතාවට සම්බන්ධ සිද්ධි ගොඩක් තියන නිසාත්.. ඒව කෙටියෙන් කියන්න උත්සහ කරල තියන නිසාත් පොඩි පටලැවෙන තැන් කීපයක් ආවා.. ඊලග ඒවා සිද්ධි ගලපල දිගඇරල ලියන්ට.. ටිකක් වැඩි උනාට නොකියවා ඉන්නෙ නෑ... ඒ තරම් ලක්ෂණයි කතාව...
ReplyDeleteසුබ පතනව එකෙම්ම... මේ වගේ කතා, කවි, කාටුන්, චිත්‍රපටි, ටෙලි හදන්න අපි පමා උනා වැඩිද මන්දා!
-ඩයිනමයික්
බොහොම ස්තූතියි ඩයිනමික්...
Deleteපලවෙනි එක නිසා වැරදීම් ඇති ඒවාට සමාවුව මැනව...
පිලිගන්නවා කෙරුවාවට සාදරෙං...
නියමයි. හැබැයි මචන් ඉවරකරපු විදියනම් ටිකක් අස්ම්පුර්නයි වගේ. මන් මිටවඩා ටිකක් වෙනස් එන්ඩ් එකක් බලාපොරොත්තුවෙන් හිටියේ. හදිස්සියට ඉවරකරලා වගේ තමයි පෙන්නේ. එකට ඉතින් අව්ලක් නෑ. පලවෙනි එකනේ. දිගටම ලියහන්. මගෙන් ඕනේ සප් එකක්. ගූඩ් ජොබ් මචන් !!!!!!
ReplyDeleteඒකනං මටත් තේරුනා බං....
Deleteමොනවා කරන්නද ඉතිං..
තව එතත් පටං ගන්න ප්ලෑනක් ගහනවා...
තැංකූ ඈ....
ජයවේවා.
ජය ශ්‍රී මචන්. දිගටම්, ලියපන්.
Deleteඑල එල...
Deleteජය ශ්‍රී වේවා!!!!!!
ලස්සන පබැඳුමක් තරියා...දිගටම ලියන්න සුභ පතනවා..
ReplyDeleteආපහු පුළුවන් නම් අක්ෂර වින්‍යාසය නිවැරදිද බලන්න..siyabas.lk උදව් වේවි..
කතාවෙ ගලායාමේත් ප්‍රශ්න තියනවා..එකදිගට කියවගෙන යද්දිත් නොතේරෙන ගතියක් තියනවා..
මේ වැරදි හදාගෙන ලස්සන ලියන්න සුභ පතනවා..
ස්තූතියි අදහස් දැක්වූවාට...
Deleteපිලිගන්නවා කෙරුවාවට...
කතාව ලස්සනයි සුදු මල්ලි දිගටම ලියන්න......
ReplyDeleteහි හි...
Deleteහා අක්කේ...
තැංකූ ඈ....
//කුමක් හෝ හේතුවක් නිසාවෙන් සියලු රාජ්‍ය නායකයින් රජු සමග එක්වූ අතර අවසානයේ ඔහු විසින් නැවතත් ලංකාව කේන්ද්‍ර කොටගත් පාලන ක්‍රමයක් ආරම්භ කලේය.//
ReplyDeleteහුරේ... ලංකාවට ජයවේවා..!!!!
හි හි... ඒකනං ඔරිමජිනල් ප්‍රභන්ධයක් ඈ..
Deleteප්‍රබන්ධය හොද තත්වයෙන් ඇති බව සිතමි.... ඉදිරියට තව හොද ඒවා ලියැවේවා !
ReplyDeleteස්තූතියි සිරෝ.....
Deleteජය ශ්‍රී!!!!!!
අනේ ඉවර වුනාද?
ReplyDeleteඅඩුම තරමේ 2200 වෙනකන් වත ලිව්වනම් අපිට රස කර කර කියවන්න...
තව අලුත් එකක් ඉක්මනට පටන් ගන්න හොඳේ...
ඔබට ජය!!!
හි හි....
Deleteබයිට් කරන එකෙත් සීමාවක් නෑ නේ...
එල එල අළුත් එකක් ඉක්මනට දාන්නංකෝ
//මෙය ප්‍රභන්ධයක් වන අතර අනිවාර්යයෙන් සිදුවිය හැක්කක් හෝ නොහැක්කක් බව පැවසිය නොහැක. //
ReplyDeleteමේක ප්‍රබන්ධයක් නෙමෙයි, ඇත්තටම වෙන දෙයක්. ඔබට කිසියම් අදෘෂ්‍යමාන බලවේගයක් විසින් මෙය පවසල තිබෙනව. නමුත් රාවණ රජතුමාගේ පැමිණීමේ වර්ෂ ගැන පොඩි පරස්පරතාවයක් තිබෙනව. ඒකට හේතුව මහාචාර්ය ස්ටීවන් හෝකිංස්ට අනුව Grandfather Paradox එක අනුව අළුත් Time Line එකක් ක්‍රියාත්මක වීමත්, තරියා එම Time Link එක ගැන පුරෝකථනය කර තිබීමත්ය.
ඔව් මට හීනෙං වගේ තමා මේක ඇහුනේ...
Deleteඒත් මං පිලිගන්න කැමති උනේ නෑ..
පස්සෙ වර්ගපූර්ණිකාවේ ලිපි කියවනකොට මට වැටහුනා ජයරත්නයන්ට වගේ මටත් රාවනා හීනෙං කෝල් කරන්නැති කියලා..
ජය ශ්‍රී!!!!!
අගෙයි. නියම හෙළයෙක් ලෙස දක්වා ඇති කතාව. රාවන රජුගේ ආගමනය ගැන බලාපොරොත්තුවෙන් සිටින හෙළයන් හට ශක්තිය දහිරිය මෙවන් කතාවලින් ලබාගත හැක. ශ්‍රී රාවන සිද්ධම්!
ReplyDeleteස්තූතියි කෝරලේ මහත්තයෝ..
Deleteජයවේවා!!!!
අපූරුයි. කතාවෙ අවසානය වගේ එකක් ඇත්තටම උනොත් එහෙම අපේ දේශපාලුවන්ට තමයි බං කෙලවෙන්නේ. ඔබට ජය පතනවා...!
ReplyDeleteඅනිවා අනිවා චන්දන අයියා..
Deleteවැලේ වැල් නැතිවනවා..
ස්තූතියි කමෙන්ටුවට!!!!!!