ලගින්ම ඉන්න කස්ටිය

Monday, July 9, 2012

සමින්දික අයියා නොහොත් යුගයේ අජපල්ම බ්ලොග හිමි සෑමාගේ හමුවීම

උදේ පාන්දරම ඇහැරුනේ වෙනදා වගේම ලෙකට යන්න. ඒත් ඉතිං සීතල වැස්සක් වහිනකොට ඇදෙං බහින්න හිතුන්නෑ. කෝම හරි කැලණිය බස් ස්ටෑන්ඩ් එකේ තිබ්බ හිස් 135ක ඉදගත්තේ පුරුදු විදිහටම හෙඩ් ෆෝන් දෙක කනේ ගහං පාඩුවෙ ගමන යන්නයි.

ජනේලෙං පනින්නද කියලා අහන්නා වගේ මං පාර දිහා බලං ඉන්නකොට ඈතිං එනවා පේනවා නිකං දැකලා පුරුදු මූනක්. 


මේ මොකෙක්ද මේ?



සුට්ටක් වෙලා ඔන්න බලං ඉන්නකොට මෙන්න බොලේ සෑමා

මගෙ අප්පේ... හෑ.. මේ මොකෙක්ද මේ.. මටම කියැවුනා ඈ..

මං හිතාන හිටියේ සෑමා ලියන බ්ලොගේ හැටියට සෑමා යනු සික්ස් පැක් දැමූ අඩි 6යේ පොරක් කියාය. 

සෑමා යනු සික්ස් පැක් දැමූ අඩි 6යේ පොරක්


සෑමා දුටු මගේ ඇස් නලලට යෑම වලක්වාගැනීමට හෙන ආයාසයක් දැරීමී.

කෝමිං කෝම හරි සෑමා මං ඉන්න බස් එකටම නැගලා දැං ඔන්න මාව පාස් කරනවත් එක්කම මං 
 කියලා ඇහුවා.

මෙන්න අපි අතර සිදුවූ ඒ සාකච්චාව. 

"මේ සෑමයියා නේ.
ඔව්නෙ. ඔයා කොහොමද මාව අදුරන්නේ.
ඇයි අර බ්ලොග් එක ලියන්නේ ඔයා නේ.
(සෑමාට තරු විසි වෙනු පෙනින..)
අප්පටසිරි ඔව්නේ. මල්ලි මාව ඒකෙංද අදුරන්නේ.
ඔව්.
මල්ලි කැලනි දහම් පාසලේද.
ඔව්. හැබැයි ඉතිං අද තමා ඔයාව හරියටම දැක්කේ.
ඒමද. ඔයා බ්ලොග් එකක් කරනවද මල්ලි.
(මේකගේ කට කෑවත් මදිය. මා බ්ලොග් ලිවීමට ආ මුල් අවධියේ අවශ්‍ය කරන දේ දැන ගැනීමට සෑමාට වනයක් වෙමින් චැටෙං ප්‍රශ්න ඇසූ ආකාරවත් මතක නැත.)
සෑමයියේ මම තරිදු තරිදු. අර තරියාගේ කෙරුවාව කරන්නේ.
අප්පදබොල ඒ උබද. ඒ පැටලිලා බං ඉන්නේ. බ්ලොග් කීයක්නං ඉතිං දවසකට බලනවද. (පේනවනේ ඉතිං..)


ඒ ඉතිං මේ සෑමයියා කොහේද යන්නේ.
වැඩට බං.
කොහේ.
අරහේ. (තැන කිවිය නොහැක. සෑමාට සුදු වෑන් තර්ජන ඇත)
ආ. එහෙද. හරි හරි. "
කොහොමෙං කොහොම හරි අතීත ආවර්ජන, දහම් පාසලේ අධර්මයෙං පිරි කැපිලි කෙටිලි, කුලේ අංකල්ගේරසකතා, බ්ලොග් කලාවේ ප්‍රවණතාවන්, අඩවි රජා බලයෙන් පහ කිරීම යනාදී විවිධ දේ ගැන කතා කරමින් අපි ඉදිරියටම ඇදුනා.

සෑමාගේ හමුවීමේ විස්තර සවිස්තරාත්මකව ලිවිය හැකි මුත් සෑමාගේ කුජීත බ්ලොගයේ උඩ තිබෙන අහිංසක මුහුන බලා ඒවා විස්තර කල නොහැක.

ඉතිං සෑමා හමුවීමේ අනෙත් දේවල් රහසක් හැටියටම ලග තබා ගනිමින් බ්ලොගේ නොදා මම අදුරන 20කට තිහකට විතරක් කියන්න හිතාගත්තා. මොකටද නිකං සෑමයියව බයිටට ගන්නෙ ඈ. අපේ කොල්ලෙක්නේ..

ඉතිං සෑමත් එක්ක කතා බහ අතරතුර මං විටින් විට බස් එකේ සිරි නරඹන්නත‍් අමතක කලේ නෑ.

ඇඩෙනවා අප්පා. පට්ටම ඔපිස් අක්කලා ටිකක්. කැලණියේ මෙච්චර ලස්සන උං ඉන්නවා කියලා දැන ගත්තෙත් අද.


ඔපිස් අක්කලා


ඒක දැකලා මට හැමදාම මේ වෙලාවට ලෙක්චස් යන්න ආසාවක් ආවත් පරක්කු උනාම ලෙක්චර් හෝල් එකට නෝන්ඩි සහිතව ඇතුල්වීම මතක් වෙලා මං මගේ හැඟීම් පාලනය කරගත්තා.

ඉතිං සෑමට සමුදීලා මං බොරැල්ලෙං බැස්සා. ඊට පස්සෙ මොනා උනාද කියලනං මං දන්නෑ ඈ....




ප.ලි - ඔන්න සෑමයියේ මං වෙන මුකුත් දැම්මෙ නෑ ඈ..



බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

46 comments:

  1. හි හි කලින්ම මං කතාව අහගත්තා, නොකියපු ඒවත් දැනගත්තා

    ReplyDelete
  2. හී හී..නියමෙට ලියලා ඔයා සහෝ.. මට නම් මැවුනත් එක්ක ..:)

    ReplyDelete
    Replies
    1. හික්ස්...
      මැවුනේ සෑමයියගේ මූනද?????

      Delete
  3. //135ක ඉදගත්තේ පුරුදු විදිහටම හෙඩ් ෆෝන් දෙක කනේ ගහං පාඩුවෙ ගමන යන්නයි.//

    මාත් එහෙම හිතං තමා හැමදාම 35ට නගින්නේ, මෙනවා කරන්නද කොහෙද හිටුපු එකෙක් ආ සෑමා නේද ඇහුවනේ.

    //සෑමට සමුදීලා මං බොරැල්ලෙං බැස්සා. ඊට පස්සෙ මොනා උනාද කියලනං මං දන්නෑ ඈ....//

    ඊට පස්සෙ මම ආතල් එකේ හැන්ඩ්ස් ෆී කනේ ඔබා ගත්තා.

    මම නම් හැමදාම ඔය වෙලාවට ඔපීස් යන්නේ උබ ඔය කියපු අක්කලා. ලංගිලා නිසා තමා. එදා ඒ චෑන්ස් එකත් නැහැ. තරියගේ බොරු අහන්න වුන නිසා.

    ** මට දැනුයි මතක් වුනේ. තරියාගේ බ්ලොග් කෙරුවාව කියන එක මම ඉස්සර හිතං හිටියේ 'නරියාගේ බ්ලොග් කෙරුවාව' කියලා. ඒකයි මම එවලේ ඇහුවේ එතකොට නරියා කවුද කියලා. බැලින්නම් ඒ උඹම‍නේ.**

    සෙට් වෙමු !

    ReplyDelete
    Replies
    1. හික්ස්.. තරියාද ඉදහිට නරි ගති පායි ඈ...
      අනිවා සෙට් වෙමු!!!!
      ජයහෝ!!!!!

      Delete
  4. අනේ මාවත් හම්බෙයන්කො...ආසයි නේ :P

    ReplyDelete
  5. මේක මඩද..ඔව් නේද...

    ReplyDelete
    Replies
    1. මේකෙ කොයිද මඩ...
      මඩ ගෑවිලාවත් නෑ...

      Delete
  6. මරු සීන් එක... අදමයි මෙහෙ ආවෙ...

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා ඉන්ද්‍රජිත්!!!!!!
      ජයවේවා!!!!!!!

      Delete
  7. සෑමාට අබ සරණයි.

    …මේ පුතාත් කැලණිය පැත්තෙද ඉන්නේ ??

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව...

      Delete
    2. @හසියා- මුං එක්ක බැහැ බං වසන්න..

      Delete
  8. හ්ම් හ්ම්
    බොහෝම ස්තුතියි බ්ලෝග් සතියේ 4 වන දිනයේ දායකත්වයට

    ReplyDelete
  9. @තරියා,
    අනේ මන්දා තරියා ඔයාට මේ සෑම් වගේ කෙනෙක් හම්බවුනා කියලා පෝස්ටුවක්ම දාන්න වුනා නේ.

    @සෑමා,
    අපිටත් බැයිද අපොයිමන්ට් එකක් අරන් හරි මුණ ගැහෙන්න අවස්ථාවක් හදලා දෙන්න..බ්ලොග් ලෝකේ “දැවැන්තයෙක්“ මුණ ගැහෙන්න අපිත් ආසයි.. හික්ස්..

    ReplyDelete
    Replies
    1. නැතුව බෑනේ..
      බ්ලොග් ලෝකේ “දැවැන්තයෙක්“ මුණ ගැහුනම පෝස්ට් එකක් නොදා පුළුවනැයි..

      Delete
    2. දැවැන්තයෙක්?? ඔළුව වැදිලද රූ..

      මම තාම බ්ලොගට අවුරුද්දක් වත් නැති පොඩි කිරි සප්පයා... ඊට වඩා අයියලා ඉන්නව නොවැ..

      අපොයිමන්ට් දාගන්න මට කතා කරන්න :පී

      Delete
    3. දැක්කද සෑමයියගේ තියෙන නිහතමානීකම ඈ..

      Delete
  10. හැබැයි සැමා පෝස්ට් එකක් දැම්මොත් මලය උඹ ගැන...ඔය වගේ කියල නවතින්නෙ නැහැ බලාගෙන හොඳේ...!!

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත ඉතිං...
      හික්ස්....

      Delete
    2. @වී‍පොකුර +1

      අන්න එහෙම තේරුම් කරල දියං බං මූට..

      Delete
    3. හි හි...
      මං දන්නවා නෙව සෑමයියා හොද එකා බව..

      Delete
  11. එළ එළ... අපිව හම්බවෙන්නත් වරෙන් තරියා...

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා..
      හම්බඋනොත් කතා කරන එක කරනවා..

      Delete
  12. විනාසයි මඩ පාරක් නේද.

    ගහට ගහකුත් මොරටුවේදී මුණගැහෙනවා කියනවනේ. එහෙව් එකේ මේ පුංචි රටේ යලි කවදා හෝ අපි යලි හමුවේවි.

    ReplyDelete
    Replies
    1. අනිවා ඩෙෆා...
      ලගදිම හම්බවෙයි...

      Delete
    2. පැතුම් උඹ තරියාට නම් මාට්ටුවෙන්න එපා..

      Delete
    3. නරකට තියෙයි...
      මේ සෑමයියට පෝස්ට් එකකුත් සෙට් උනේ..

      Delete
  13. මේක නම් මඩක්මයි

    ReplyDelete
    Replies
    1. පිස්සුද පිස්සුද?
      එහෙම මඩ ගහනවැයි සෑමයියට?????/

      Delete
    2. ඔව් සචියා මුන් දන්නෙ ඔච්චර තමා..

      නිව්ටන්ගේ තෙවන නියමය සිහියට ගනින් පුතා;;

      Delete
    3. හෑ....
      සූදාංනං සරීරෙං සිටිය යුතුයි වගේ..

      Delete
  14. අපෝ... සැමා අයියා ඔය ජඩයා වගේ කතා ලිව්වට අහිංසකයි හෆ්ෆා...;0

    ReplyDelete
    Replies
    1. ඒ සෑමයියට එහෙම ජඩයා ජඩයා කියන්න එපා ඈ...
      පව්නෙ අහිංසක කොලුවා......

      Delete
    2. එල හිතූ මෙන්න 5ක්...

      Delete
    3. ජඩයා කීවට වෙන්නැති 5හ.. :D

      Delete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????