ලගින්ම ඉන්න කස්ටිය

Friday, March 1, 2013

මරු ඩාන්ස් එක නේ බං??? (සිහින සිතිවිලි 7)


කලින් කොටස් මෙතනින් කියවන්න

කෙලිංම යමු නේ බං????????????

ඔව් දැං ධම්මිකා කෝල් කරලත් ඇතිනෙ.......

අප ඊයේ දින මෙන්ම කවුළුවෙන් එබී මුරකරු ඇමතුවෙමු...

අංකල්... සුභසිංහ මැඩම්ගෙ වැඩකට ආවෙ....

ආ ඉන්න ඉන්න.... 
කියමින් දුරකතනයෙන් කාටදෝ අමතා සික්කා ගේට්ටුව ඇරියේ තරමක මිත්‍රශීලී ආකාරයකිනි........

අඩෝ පට්ටනෙ.... මිනිහා දවසට ඉගෙන ගෙන වගේ නේ?????? 
හි හි......

අප සිනා සෙමින් ගේට්ටුවෙන් ඇතුල්වී ඉදිරියට යන විට පෙර දින නොදුටු ශිෂ්‍යාවක් කාර්යාලය දෙසින් පැමිණ අපට ඇය පසු පස පැමිනෙන ලෙස කීවාය.... 
අපද ඊයේ සිදුවූ ක්‍රියා පිලිවෙල මතකයේ ඇති නිසා සිනාසී කිසිවක් නොකියා ඇය පසු පස්සේ වැටුනෙමු....

ආ එන්න පුතාලා.... ගුඩ් මෝනිං..... 
සුභසිං මහත්මිය කටපුරා සිනාසී කීවාය...

ගුඩ් මෝනිං මැඩම්....... අප දෙදෙනාත් පෙරලා කීවෙමු......


-----------------------------------------------------------------------------------------------------

මැඩම් මේ මැශින් එක ටිකක් ස්ලෝ. ඒක නිසා මං ලැප් එක අරං ආවා... මෙතන නැතුව මේක තියාගෙන වැඩ කරන්න තැනක් දුන්නොත්නං ගොඩක් හොදයි. නිතරම ක්ලාසස් තියෙන නිසා මෙතන ටිකක් ඩිස්ටර්බ් මැඩම්.... 
මාධවයා කෙලින්ම කියා දැම්මේ ගනනකට නොගෙනයි.

හරි පුතා.... 
ඔඩිටෝරියම් එක හොදයි නේද?

කමක් නෑ මැඩම්.....

හැබැයි එතන රියහසල් කරනවා..... මෙතනට වඩා ගෝෂාව....

ඒත් කමක් නෑ මැඩම්.... 
මෙතන ඉන්නකොට අපිටත් ඩිස්ටර්බ් ලැබ් එකේ අයටත් ඩිස්ටර්බ්නෙ....

OK පුතා......

තව පොඩි උදව්වක් ඕනේ මැඩම්.... 
මට මේ වීඩියෝ එක තනියම කරන්න අමාරුයි.... 
මොකද මං ඉස්කෝලෙ මේ කෙනෙක් නොවන නිසා සමහර ක්ලිප්ස් ලයිනප් කරන කොට කාගෙං හරි දන්න කෙනෙක්ගෙං අහගන්න ඕනා.... 
මැඩම් ඊයෙ මට ඒකට ගොඩක් උදව් කරා චායා.... 
පුළුවංනං විතරක් චායව ඩියුටි වලින් රිලීස් කරන්න පුළුවංද අදත් මට හෙල්ප් කරන්න පුළුවන් වෙන්න.

අයියෝ සුළු දෙයක්නෙ පුතා. මං එවන්නං. සුභසිංහ මහත්මිය කීය.

සුභසිංහ මහත්මියට නොපෙනෙන්න මාධවයා මා දෙසට හැරී ඇහැක් ගසා සිනාසුනි.

මමද මාධවයාගේ ක්‍රියාකලාපය ගැන සිතමින් සිතින් සිනා සුනෙමි.

එතකොට සහන් ඔයාගෙ වැඩේ කොහොමද????????

මැඩම් ඒකනං මං ඊයෙ රෑම වගේ ඉවර කලා...... 
පොඩි පොඩි අඩුපාඩු ඇති මැඩම් ඒවා නං ඕගනයිසර් ප්‍රතිභා එක්ක කතා කරලා තමා විසදගන්න තියෙන්නෙ...... 
මමද මාධවයාව අනුගමනය කරමින් මැඩම්ට පොත පෙරළුවෙමි.

ගුඩ් ගුඩ්. තෑන්ක්ස් පුතා. 
ඕගොල්ලො මේ කරන උදව්වනං කවදාවත් අමතක වෙන්නෑ. 
පිංසිද්ධ වෙනවා ඕගොල්ලන්ට.

මාධවයත් මමත් මැඩම්ට අහිංසක සිනහවක් පෑවෙමු......

හරි පුතා එහෙනං ඕගොල්ලො මේ නංගිත් එක්ක යන්න ඔඩිටෝරියම් එකට මං එතනට එන්නං......

දුව මේ අයියලා දෙන්නට ඕන විදිහට එතන ඇරේන්ජ් කරලා දෙන්න හරි....

ශිෂ්‍යාවද ඔලුව වනමින් හා යැයි සුභසිංහ මහත්මියට සන් කලාය.....

ඇය පිටවනවාත් සමගම අප දෙදෙනාත් පෙර පරිදිම ඇය පස්සේ වැටුනෙමු.
ශ්‍රවනාගාරය ආසන්නයේ එතරම් කලබලකාරී බවක් නොතිබූ බැවිනුත් මේ වන තෙක් මිත්‍රශීලී ප්‍රතිචාර බාලිකාවන්ගෙන් ලැබුනු නිසාත් අප දෙදෙනා කිසිදු පැකිලීමකින් තොරව එයට ඇතුල් උනෙමු.... 
නමුත් අප එයට ඇතුල් වූ පසු දක්නට ලැබුනු ප්‍රතිචාරය පෙර දිනයට වඩා තරමක් වෙනස් විය...

ශ්‍රවනාගාරය ආසන්නයේ එතරම් කලබලකාරී නැත



නැටුම්, වැයුම්, රැගුම් වලට සූදානම් වූ බාලිකාවන් රැසකුත් ඒවාට ගුරු හරුකම් දෙන ගුරුවරුන් කීප දෙනෙකුත් වූහ.... 
අප ඇතුල් වනවාත් සමගම ශාලාවම නිෂ්ශබ්ද වී අප දෙදෙනා දෙස තත්පර කීපයක් බලා සිටින්නට ඇත... 
මාධවයා බයටම කටේ කෙල සිදී මා දෙස බැලූ ආකාරය මට අද මෙන් මතකය. තත්පර කීපයක නිහැඩියාවකින් පසු නැවතත් යතා තත්වයට පත්විය. අප දෙදෙනා ශාලා දොරටුවෙන් ඇතුල් නොවී සිටියෙමු. තත්වය වටහා ගත් ශිෂ්‍ය නායිකාව ඒ වන විටත් අප දෙසට එමින් සිටි ගුරුවරිය ලගට ගොස් මොන මොනවාද මුමුනන්නට විය. බැරෑරුම් පෙනුම වෙනස් කරගනිමින් ඇයද අපත් සමග සිනා සිය....

ඇතියන්තං. මාධවයා මට පමනක් ඇසෙන්නට කීය....

ගුරුවරිය අප දෙදෙනාට අතින් සන් කලේ ඇතුලට එන්න යැයි කියමිනි......

පුතාලා කොතන වගේද ඕගොල්ලන්ගෙ වැඩේට සුදුසු? ගුරුවරිය අප දෙදෙනාගෙන්ම ඇසුවාය......

මාධවයා මුළු ශාලාව පුරාම හොදින් බලා පිටුපස කොටසට අත දික්කොට අතන හොදයි මැඩම් කීය. මොකද නැත්තං ඉස්සරහා සද්දත් එක්ක වැඩ කරන්න බෑ. මාධව ඇය අහන්නත් කලින්ම හේතුවත් පැහැදිලි කෙරුවේය........

හරි පුතා. එහෙනං එතන ලෑස්ති කර ගන්නකො... 
ඇය එසේ කියා අපට පිටුපා ගියාය.

මොනාද අයියෙ ඕනෙ මෙතන්ට????? 
ශිෂ්‍ය නායිකාව ඇසුවේය.

ඩෙස් තුනක් ඕනෙ. තව වයර් කෝඩ් එකක් ඕනෙ. 
ඩෙස් ඔයා උස්සන්න ඕනෙ නෑ. ගන්න තැනක් පෙන්නන්න අපි ගන්නං. 
මාධවයා සීරියස් මූඩ් එකකින් ශිෂ්‍ය නායිකාවට පැවසුවේය.


ඇය අප දෙස බලා සිනාසී මදක් කල්පනා කරනු පෙනුනි.

අයියෙ ඩෙස් නං පන්තියකින් තමා ගන්න වෙන්නෙ.

අයියෝ කමක් නෑ. ලග පංතියකින් ගන්න පුළුවං වෙයිද?

පුළුවංනං වෙයි. ඇය අඩමානයට මෙන් පැවසුවාය......

අපි එන එක අවුලක් වෙයිද දන්නෑ......

නෑ ඒකං ප්‍රශ්ණයක් නෑ...... 
මං වැඩිපුර ඩෙස්ක් තියෙන පන්තියක් බලාගෙන එන්නං එතකං ඕගොල්ලො මෙතන ඉන්න.

OK! මාධවද පිලිතුරු සැපයුවේය.

මාධවත් ශිෂ්‍ය නායිකාවත් සාකච්චා කරන අතර තුර මා ශාලාවේ පුහුනුවීම් දෙස බලා සිටියෙමි.

අඩෝ මොකද තත්වෙ?????? 
මාධවයා ඇසුවේය.

අවුලක් නෑ. මරු ඩාන්ස් එක නේ බං??? මැද කෙල්ලගේ රැඟිල්ල බලහංකෝ... හිනා කාලා පන යනවා...

හ්ම්ම්ම්. පණ ටිකක් ඉතුරු කරගනිං උබේ බඩකඩිත්තුව ආවම යවා ගන්න..

අනේ පලයං *&$#% යන්න...


------------------------------------------------------------------------------------------------------------------

සුළු මොහොතකින් ශිෂ්‍ය නායිකාව සිනා මුසු මුහුනකින් පැමිනි අතර කතා කිරීම ඇරබූයේ අත තිබූ වයර් රෝල මාධව අත තබමිනි.

පන්තියක් හම්බ උනා අයියෙ.

හරි යමු......

මාධවත් මමත් සුපුරුදු පරිදිම ඇය පසු පස්සේ වැටුනෙමු........

ශාලාව ලගම තිබූ 7ශ්‍රේණියේ පංතියකට අප ගිය අතර ඒ වන විටත් එහි ශිෂ්‍යාවන් ඩෙස් තුනක් පන්තිය තුල සිට පිටතට රැගෙන එමින් සිටියේය.


ඩෙස් ලබා ගත් 7ශ්‍රේණියේ පංතිය 
‍තෑන්ක්ස් මැඩම්. 
අපි දෙදෙනා ඩෙස් දෙක උස්සනවාත් සමගම ඇයද පංතියේ ගුරුතුමියට යමක් පවසා මේසයක් රැගෙන අපත් සමග ආවාය. 
බැරි බැරි ගාතයේ ඇය මේසය උස්සාගෙන ආ හැටි තරමක හාස්‍යක් අප තුල ඇති කලද අප දෙදෙනා සිනා නොවී සිටියේ ඇයගේ සිත රිදේවී යැයි සිතුනු බැවිනි...

අප ශාලාවට යන විට සුභසිංහ මහත්මිය චායාත් සමග ශාලාවේ සිටි ගුරුවරියක් සමග කතා කරමින් සිටියේය..

අප දුටු හැටියේ ඔවුන් දෙදෙනා අප වෙත පැමිණියේය....

ඇයි දුව වෙන කාට හරි කියලා ගෙනත් දෙන්න තිබුනනෙ.... 
සුභසිංහ මහත්මිය ශිෂ්‍යනායිකාවට චෝදනාකාරී ලෙස පැවසුවාය.....

නෑ මැඩම් අපියි කිව්වෙ.... 
වෙලාවත් අපරාදෙනෙ. මම ඇගේ ගැලවීම පිනිස හේතු ඉදිරිපත් කලෙමි. 
ශිෂ්‍ය නායිකාව සිනාසී කිසිවක් නොකියා සිටියාය..

හ්ම්ම්... හරි එහෙනං දුව ඔයා යන්න... වෙන මුකුත් ඕනද පුතා??? 
සුභසිංහ මහත්මිය ඇසුවාය.

නෑ මැඩම් මාධව ඇය දෙස නොබලාම කියා පරිඝණකය ක්‍රියාත්මක කරවන්නට විය....

ආ මේ චායව මං එක්ක ආවා පුතාට උදව් ඕන කියපු නිසා. සුවනියර් එකට තව ටිකකින් ප්‍රතිභා එයි පුතා. මට ක්ලාස් එකක් තියෙනවා මං තර්ඩ් පීරියඩ් එකේදි ආයේ එන්නං.. මොකක් හරි උවමනාවක් තියෙනවනං චායට හරි මෙතන ඉන්න මැඩම් කෙනෙක්ට හරි කියන්න... 
කියමින් සුභසිංහ මහත්මිය අනෙක් ඈත සිටි ගුරුවරුන්ටද අතින් සන් කොට ශාලාවෙන් පිට විය....

චායා අප දෙදෙනා දෙසම පුදුමෙන් මෙන් බලා සිට මාධවගෙන් 
“මං එඩිටිං ගැන මුකුත් දන්නෙ නෑනෙ. ඇයි මාව උදව්වට ඕනෙ කියලා කිව්වෙ“ කියා ඇසුවාය...

මාධවයා මගේ මුහුන දෙස බැලුවේ 
“දීපංකො උත්ත“ 
කියන්නාක් මෙනි......

නෑ මේකයි. මේකට උදව් ඕනෙ. ඉතිං වෙන කෙනෙක් එනවට වඩා දන්න කෙනෙක් එන එක හොද නිසා තමයි අපි මැඩම්ට අරහෙම බොරුවක් ගහලා ඔයාවම ගෙන්න ගත්තෙ. තරහා නෑනෙ. මම මාධවයා වෙනුවට කීවෙමි.....

නෑ තරහනං නෑ ඒත් මං කල්පනා කරා ඇයි මාවම කියලා....  
හරි හරි දැං මොකක්ද උදව්ව????

පොඩ්ඩක් ඉන්න ඉතිං. මෙයා ආපු ගමන්ම වැඩ පටං ගන්නනෙ යන්නෙ. ඉස්සල්ලා අවශ්‍ය දේවල් ලෑස්ති කර ගන්න එපැයි. මාධවයා සිනා සෙමින් කීවේය.......

ඇයද සිනාසී..... 
කෝ දැං ඊයෙ මට කිව්වෙ නෑනෙ මේ සහන්ගෙ ගර්ල් ගැන. 
මාත් මැඩම් ආපු නිසා නිකං හිටියෙ......

ඕපදූප මල්ල ඒකම අහනවනෙ කියමින් සිතේ තරමක කේන්තියක්ද මා සිතේ ඇති නොවුනාම නොවේ.

ඔයාට කියලා වැඩේ දෙල් වෙයි කියලා සහනයා බයයි. 
මාධවයා කීය.

අපෝ නෑ සහන්.... 
අපිත් හෙල්ප් එකක් දෙන්නං. ඇය මා දෙස බලා සිනාසී කියා නැවතත් මාධව දෙස හැරුනේය.

දැන් කව්ද මාධව ඔය ගර්ල්???????????

මාධවයා මා දෙස මොහොතක් බලා සිට මේ අර ප්‍රතිභා..... 
කියා කිව්වේය.

මලා....... මූ මාව කෑවා........ 
මම මටම කියා ගතිමි.


අහ්...... මේ සුවනියර් එක හැන්ඩ්ල් කරන ප්‍රතිභා???? ඕහ් මයි ගෝඩ්.

ඇය විශ්මයට පත්වී අප දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බලන්න විය.

ඕකනෙ ඉතිං මුකුත් කියන්න හොද නෑ. මාධවයා කීය.

නෑ අනේ මට හිතාගන්නත් අමාරුයි. එයා එහෙම බෝයිස්ලත් එක්ක ගනුදෙනුවක් නැහැනෙ ඒකයි.

හා හා එයාට කියන්න එපා. මං තාම මුකුත් කියලවත් නෑ. 
මම කටහඩ අවදි කලෙමි.

අපෝ එහෙමද???? 
මං හිතුවා එෆෙයා එක පටං අරගෙනත් ඇති කියලා. ඒකයි මං ගොඩක්ම එක්සයිට් උනේ. අපිට හොරෙන් ප්‍රතිභා එහෙම කලා කියලා.

ඇයි එයා ඔයාගෙ පන්තියෙද????????

ඔව් අනේ..

හ්ම්ම්ම්ම්.......

ඉතිං ඕක සෙට්ල් කර ගන්නකො සහන්........

ඒක තමා අපිත් මූට කියන්නෙ.... 
කොහෙද මූ බයයිනෙ. මාධවයා මාව උගේ බෙලෙක්කෙන් තවදුරටත් නාවයි......

හදිස්සි වෙන්න බෑ චායා. 
ඒකයි. මම කීවෙමි.

හ්ම්ම්ම්.......

හා ඇති ඇති වැඩ කරමු මං ලෑස්තියි 
කියමින් මාධව වැඩ පටන් ගත්තේය.........


හා ඇති ඇති වැඩ කරමු  


ඒත් සමගම අපට සම්මුඛව සිටි චායා පුටුවත් රැගෙන මාධවට යාබදව අසුන් ගත්තේය.

මමද කටු සටහන් පොත ගෙන ඔලුව කසමින් අරමුනකින් තොරවම පිටු පෙරලන්නට වීමි..........

මිනිත්තු 20ක් පමන ගත වන්නට ඇත. මේසය මත ඔලුව තබාගෙන මා අලසකමින් පොතේ පිටු දෙස බලා සිටියෙමි....... 
එක්වරම අවට ආලෝකය වෙනස් වූයේ ලගට කෙනෙකු පැමිනි විට සිදුවන අන්දමිනි.........

මා ඔලුව ඔසවා බැලුවෙමි. 

ප්‍රතිභා පැමින ඇත..........


---------------------------------------------------------------------------------------------

කරුණාකරලා මෙන්න මේකත් පොඩ්ඩක් බලලම යන්න..

හසංගිට ඔබේ උදව් අවශ්‍යයි...

පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා හසංගිට මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු අතර ඒ සදහා රු ලක්ශ දහයක් වැයවෙනවා. ඒ සදහා හැකි උපකාරයක් කරමු!!!!!! 

Asanka - 0717757855

Nimesh - 0773444819 / 0725226516

රෝගය ගැන දැන ගැනීම සදහා (http://goo.gl/V8L0u) වෙත පිවිසෙන්න

ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

57 comments:

  1. හු හු මන් එක.දැන් ගිහින් කියවන්න ඕනි

    ReplyDelete
    Replies
    1. හැහ්...
      මේකෙත් 1 තරගේ පටං අරංද?????

      Delete
  2. නියමයි නියමයි..ඉතුරු ටිකත් ඉක්මණට දාන්න.

    ReplyDelete
  3. අනේ ඔහොම දවසක් ගත කරලා ඇවිල්ල
    තනියම ඇඳට වෙලා ඉද්දි දැනෙන හැගීම..:(

    ReplyDelete
    Replies
    1. හි හි...
      මේ ඉන්නේ සහන්...
      මුලට සයිලන්ට් කෑල්ලක් දාං....

      Delete
  4. ශ්‍රවනාගාරය ආසන්නයේ ..........ෂා පට්ටනේ..!ලස්සන තැන. ඇත්තම පොටෝද බං..?

    ReplyDelete
    Replies
    1. අදාල පාසලේ ඇත්තම ෆොටෝ....
      ඉන්න අයගෙනං අදාලත්වයක් නෑ...

      Delete
  5. හ්ම්ම් හ්ම්ම්..වැඩේ නැගලාම යනවා වගේ....

    ReplyDelete
    Replies
    1. අනේ මංදා බං....
      බලමු නේ ඉස්සරහට...

      Delete
  6. සහන් කියන චරිතය තරියාද දන්නැ. එහෙනම් ප්‍රතිභා කවුරු වෙන්ට ඇතිද??? :P :D
    කථාව නියමෙට යනවා තරියා..:)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ..
      මගේ සම්බන්ධයක් නෑ...
      ජයවේවා!!!!!!!

      Delete
  7. පාසලේදී බැන්ද.. සමනල් ආදරේ සුවඳ... හමන්න කිට්ටුයි වගේ.. :) එල එල..! මං කල්පනා කලේ සහන් ආපහු යන ගමන් මාධවට කොහොම සලකයි ද කියල... :)

    ReplyDelete
    Replies
    1. අනේ මංදා...
      මල් තියලා වදින්නත් පුළුවං..
      ගල් ගහලා මරන්නත් පුළුවං...

      Delete
  8. මේකත් කියෙවුවෝ..

    ReplyDelete
  9. ලස්සන කතාවක්.. ඔන්න අද තමයි ඉස්සෙල්ල්ම ආවේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුමාරිහාමි අක්කේ....
      පිළිගන්නවා කෙරුවාවට!!!!!!!!!!!

      Delete
  10. අද නම් වෙලාවක් නැහැ පස්සේ හිමින් බලන්නම් පොඩ්ඩෝ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම් ඔහොම යන් ඔහොම යන්

      Delete
  11. එල කිරියෝ...ඊගාව එක ඔනියෝ

    ReplyDelete
    Replies
    1. ඉක්මන්ට දාන්නං............

      Delete
  12. ඇඩෙනවා නේද? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කෙල්ල ලඟට ආවමද බං???????

      Delete
  13. ඊළග කෑල්ල තවත් රසවත් (ද)

    ReplyDelete
    Replies
    1. මංදා ඉතිං...
      කියෝලම තීරණේ කොරන්ට...

      Delete
  14. කාටද දැන් පුටුව පෙරෙලෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අපි බලාගෙන ඉමු නේ බං....

      Delete
  15. ලස්සන කතාව..කොටස් ඔක්කොම කියෙව්වා..පරක්කු කරන්නේ නැතුව ඊගාව කොටස දාන්න හොඳේ

    ReplyDelete
    Replies
    1. දාන්නං අප්සරෝ...
      අදද මංදා මේ පැත්තේ ආවේ...

      Delete
  16. බ්ලොග් එකම සුවදයි බං.. එදාවත් උබ නෑවානේ..

    ReplyDelete
    Replies
    1. ලයිෆ්බෝයි සුවඳයි නේ.....

      Delete
  17. කතාව නං දැං නැගලම යනවා මලයෝ.... ආයෙත් ඒ කාලෙට හිතෙන් යැවෙනවෝ

    ReplyDelete
    Replies
    1. හි හි...
      ඒමැයි...
      ජය ජය!!!!!!!

      Delete
  18. නියමයි තරියෝ. මමත් ඔය පාසල් කාලේ ට්‍රයි එකක් පස්සේ සෙට් කර ගත්තා. ඒ කතාව පස්සේ ඈ...

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් වැටෙයි නේ බ්ලොගේ!!!!!!!!!!!!

      Delete
  19. මොනවා කිව්වත් මට හිතෙන විදියට මේ උඹේ ලව් ස්ටෝරියයි...හා නැද්ද ?

    ReplyDelete
    Replies
    1. වෙන්න බෑ...
      මං සහන් නෙමේනේ....

      Delete
  20. කාතාව නැගල යනවා වගේ නේද මල්ලි? කොටස් 2 ක් විතර මග ඇරුනා කියවලම එන්නම්...

    ReplyDelete
    Replies
    1. හිකිස්....
      එල එල..
      කියෝලම එන්ටකෝ!!!!!!!!!!!

      Delete
  21. ඔබගේ මේ කතාව කියවද්දී අපි ද පාසැල් සමයේ කරපු (දඟ) වැඩ මතක් වෙනවා. ඇත්තටම ඒ කාලෙට ආයේ යන්න ඇතිනම් කියා සිතෙනවා....
    පුළුවනිනම් කොටස් ගාන සංශිප්ත කරලා ගන්න. නැතිනම් කියවන බ්ලොග් හැටියට අගමුල අමතක වෙනවා. නමුත්, එය ඔබේ ලිවීමේ ශෛලියට බාධාවක්නම් එසේ කළ යුතු නැහැ.

    ReplyDelete
    Replies
    1. මාත් කොටස් ගාන අඩු කරන්න ට්‍රයි කරනවා අක්කේ..
      බොහොම ස්තූතියි කමෙන්ට් එකට!!!!!!!!!!

      Delete
  22. හිහිහී.. කතාවටම ගැලපෙන්න කොහෙන්දෝ මේ පින්තූර.. :D කතාව මුල ඉඳන්ම කියවගෙන ආවා. ඉතිරියත් ඉක්මනට ලියන්නෝ...

    ReplyDelete
    Replies
    1. පින්තූර ටික නං අදුරන ගෑල්ලමෙක්ගෙං ඉස්සුවා...
      හිකිස්.....

      Delete
  23. මරු කතාවනේ... මේක ඈත්තම කතාවක්ද

    ReplyDelete
    Replies
    1. අනේ මංදා බං...
      සමහරක්විට ඇත්ත වෙන්නත් පුළුවං...

      Delete
  24. මම කල්පනා කලේ මොකක්ද මේ ජායා එක්ක කරන්න යන වැඩේ කියල....

    ReplyDelete
    Replies
    1. මටත් හිතා ගන්න බෑ දයා අයියේ...
      සපෝටර් ජොබ් එක බාර දෙයිද දන්නෑ නේ...

      Delete
  25. yako meka pattapal boruwak!!!! meka aththatama sihinayak

    ReplyDelete
  26. හෙට යනකොට මාවත් එක්කන් යන්න කියපන් බන් සහන්ට :D

    ReplyDelete
  27. ela kathawa ikmanta ilaga ekkat dampn

    ReplyDelete
  28. අනේ බං ඉස්කෝලේ යන කාලේ අපි කෙල්ලෙක් දාගන්න කාපු කට්ටක්.... මුංගේ පින තමා

    ReplyDelete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????