එතකොට මං 9 වසරේ. උබ අම්මගෙ බඩේ. අපිත් එක්ක එකතු උනෙත් ඒ අවුරුද්දෙම තමා. මුල්ම සතියෙ බොලාට නමක් නෑ. තිබ්බෙ අංකයක්. ඉස්පිරිතාලෙදි රවුං කාඩ් බෝඩ් කෑල්ලක නො 11 කියලා ලියලා අතේ ගැට ගහලා තිබ්බා. අපිත් ඉතිං ජොලියට වගේ උබට කිව්වෙ 11 කියලා. පස්සෙ නමක් දාන්න කියලා අකුරු හම්බවෙලා තිබ්බා. හම්බෙලා තිබ්බෙත් පට්ට අකුරු ටිකක්. පු යන්නයි ක යන්නයි. කාලා වරෙංකො. අම්මා හොයලා හොයලා දැම්ම ලස්සන නමක්. පවුලෙ අනිත් ඔක්කොම පිරිමි ලමයි නිසා කෙල්ලංගෙ නං එච්චර භාවිතයේ නෑනේ. ටික කාලෙකිං උබේ හමේ පාටත් එක්කම මං සුදු නංගි කියන්න පටං ගත්තා. දැං උබට අවුරුදු 8යි. ඒ කියන්නෙ බං මං හෙන ඉක්මනට වයසට ගිහිංනේ. ලොකු අයියා උනාට මං මෙලෝ රහක් නැතුව ඇති. ඇත්ත මං පිලිගන්නවා. මොනා කරන්නද හලෝ. අවුරුද්දකිං උබටම හරියන්න මල්ලි කෙනෙකුත් හම්බඋනා. ඒකත් හොදා. නැත්තං උබත් එක්ක සෙල්ලං කරන්න වෙන්නෙ අපිටනේ.
![]() |
මං ලොකු අයියා |
මේකයි, අද උබේ 8වෙනි උපන් දිනේ. දෙන්න තෑග්ගක් ගන්න සල්ලි නෑ බං. අවුරුදු 21ක් උනාට මට තාම ජොබක් නෑනේ. කරුම ලෙක්චස් වලට ගාටනවා තාමත්. සතියක් ඉතර පහු වෙලා දුන්නට කමක් නෑ නේ? කෝම හරි සල්ලි ටිකක් එක්කහු කර ගන්නං.
අවුරුදු 8 උනා වගේ ඩබල් වේගෙකිං උබට 16ක් වෙයි. පට්ට කෑල්ලක් වෙයි කියලා දැං තියෙන දේහ ලක්ෂණ වලිං මට හිතෙනවා. උනාට කමක් නෑ පරිස්සං වෙයං. ලස්සන අහිංසක බෝනික්කෝ වගේ කෙල්ලො තත්පර ගානෙං විනාස වෙලා යන හැටි මේ ටික කාලෙට මං ඕනතරං දැකලා තියෙනවා. මොන දේ FB එක කියන කරුමෙටනං අත ගහන්න හිතන්නවත් එපා. මේ පේනවනේ ගැලවිල්ලක් නෑ. උබලෑ කාලේ වෙනකොට ලෝකෙ කොහොම තියෙයිද කියලා මං දන්නෑ. නන්නත්තාර නොවී හොද ලොක්කියෙක් වෙයං. වෙන අයියලට වගේ දෙන්න දාර්ෂණික ටෝක් මං ගාව නෑ බං. රටේ ලෝකෙ එකාලට අනං මනං කියන්න බැරි වෙන්න හොදට හැදියං. එච්චරයි. කියපු දේවල් පිලිවෙලක් නැතුව ඇති. ගනං ගන්න එපා බං. මට ඕවා එච්චර කියලා හුරු නෑ.
මේක ලිව්වට වැඩකුත් නෑ. මොකද උබ බ්ලොග් කියවනවයි කියලයැ. අපරාදේ මෙච්චර හරි ටයිප් කරේ. බ්ලොග් කියවන්න පුළුවං වෙච්චි දවසක මේක කියවහං. සුභ උපන් දිනයක් වේවා සුදු නංගි. ජයවේවා!!!!!!!
ලොසිංජරයක් හරි දීං
ReplyDeleteහ්ම්ම්ම හ්ම්ම්ම්...
Deleteදෙන්න ඕනා තමා..
This comment has been removed by the author.
ReplyDeleteමොකෑ ලෝන්ලි ගර්ල් ඩිලීට් කලේ????
Deleteනංගිට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteසුභම තමා...
Deletehande sawariyakata ewanna ,,,,,,,,, hande saranai :D
ReplyDeleteපිස්සු හදෝලා එවන්නද ඈ..... :D
Deletehappy birthday sudu nangi
ReplyDeleteපිට් තමාලු...
Deleteසුදු නංගි ට සුබම සුබ උපන්දිනයක් වේවා..!
ReplyDeleteඑල ඈ...
Deleteමං කියන්නං..
අය්යලගෙ දැඩි රැකවරනය ඕන කාලයක් මේක..!
ReplyDeleteඅනිවාර්රෙං අනිවාර්රෙං...
Deleteඅයියලත් පරිස්සං වෙන්න ඕන කාලයක් මේක..
සුභ පැතුම් මචං නංගිට. ලොකු ගානක දෙයක් ඕනේ නැහැ පොඩි දෙයක් හරි දියණ එයාල සතුටු වෙනවා. මම ඉස්කෝලේ යන කාලේ අපේ නංගිගේ උපන්දිනේට දුන්නේ තුඩු මාරු කරන පැන්සලක්. වැඩි ගානක් උනේ නැහැ. එත ගොඩාක් සතුටින් හිටියේ.
ReplyDeleteඇත්ත..
Deleteතෑග්ගක වටිනාකම සල්ලි වලිං මනින්න බෑ තමා....
මෙවන් අයියෙක් ලද "පව් නංගි.."
ReplyDeleteමොනව වුනත් සුභ වේවා..
හික්ස්..
Deleteපව් නං තමා ඉතිං..
මුනා කරන්නද???
අපේ සුදු නංගිට සුභ උපන්දිනයක් වේවා කිව්වයි කියල කියහන්. මන් දැනට දැකල තියෙන හොදම උපන්දින තෑගිවලින් එකක් තමයි මේක. ඇත්තටම නියමයි. මේකේ උඩින් පේන දේට වඩා හරි ගැඹුරු ධාර්ශනික අදහසක් යටින් තියෙනවා.
ReplyDeleteඅනිවා කියන්නං..
Deleteනැත්තං දහං පාසල් ආවම උබම කියහං....
මොකක්ද බං ඒ ගැඹුර...
මං දන්නෙත් නෑ ඔහෙ ලිව්වා මිසක්..
අපෙනුත් සුභ පැතුම් හ්ම්ම්.. කදිම පොස්ටුව සහෝ ..:)
ReplyDeleteස්තූතියි හිමාවී!!!!!!
Deleteසුදු නන්ගට සුබ උපන්දිනයක්....
ReplyDeleteස්තූතියි සයුරි!!!!!
Deleteසුදු නංගි ට මගෙන් සුභ පැතුම්... උඹට උපදෙස් දීලා විතරක් ෂේප් වෙන්න බෑ කොල්ලෝ... අනාගතේ නංගි සම්බන්ධ වගකීම් ලැබේවි ඉටුකරන්න... වෙලාවක අපේ දිහාවටත් ඇවිත් යන්න එන්න..
ReplyDeleteඅනිවා අනිවා...
Deleteදත ගැලවෙයි..
මොනා කරන්නද ඉතිං නංගිනේ...
අනිවා එන්නං සිරෝ!!!!!!
නංගිට සුභ උපන්දිනයක් වේවා!!!
ReplyDeleteලස්සනම පෝස්ට් එකක් සහෝ. බොක්කෙන්ම කියලා කියන්න ඕනේ ටික.
ස්තූතියි ක්සැන්ඩර්...
Deleteහික්ස්..
නංගී වෙනුවෙන් මෙවන් දෙයක් ලියන උඹ අපේකාල්යේ සුපිරි අයීයා කෙනෙකි එන්න එන්නම අසම්මතය ජයගන්නා යුගයක උඹ වැනි උතුම් පුතෙකු ලක්මවට ආදර්ශයකි . බොක්කෙංම මේ පෝස්ට් එක මුලු ලංකාවේම නංගිලා වෙනුවෙන් ය. ..... මෙය කියවා මට රතු ඉන්දියනු නයක සියැටෙල් ගේ හා ඇමරිකානු නායක ඒබ්රහම් ලින්කන්ගේ කතා මතක්වී ඇඬෙන්නට ආවේය . උඹට ජය නංගීට සුබ උපන්දිනයක් කිව්වාද කියා කියපිය................ ඉහි ඉහි ........මේ කඳුලු සතුටටය !
ReplyDeleteබං මේ කිංඩි දාන්න එපා ඈ...
Deleteඕකනේ උබලත් එක්ක බැරි...
හොදි ඕන්නැතිවෙන්න බයිට් කරනවනේ..
හ්ම්ම්ම්ම්.. ලස්සන පෝස්ට් එකක්.......
ReplyDeleteස්තූතියි පසන්!!!!!
Deleteපහු වෙලා කෑගි දෙනවනම් සුබ උපන්දිනයක් කියන්න දවසක් පහුවුනාම මොකෑ. පොඩි දෙයක් දීපං. අවුරුදු 8නේ.
ReplyDeleteහ්ම්ම්ම්..
Deleteඔවු රාජ් අයියේ..
අරං දෙන්න ඕනා..
සුදු නංගිට සුභ උපන්දිනයක් වේවා..පරක්කු උනාද මන්දා...
ReplyDeleteතාම තෑග්ගවත් දුන්නැති එකේ මොන පරක්කුද බං...
Deleteස්තූතියි මචං..
ඔය මල් වට්ටියකුයි ළමා සාරියකුයි අරංදුන්නම ඇති......
ReplyDeleteඇති වෙයිද?????
Deleteහික්ස්..
ස්තූතියි සුමිත්
සුබ උපන්දිනයක් වේවා දෝනිට..
ReplyDeleteඔන්න අදමයි මේපැත්තෙ ආවේ.. අස්වැන්නට ඇවිත් ගිහින් තිබුණා.. ස්තූතියි
ස්තූතියි දයානන්ද අයියේ..
Deleteඔව් ඔව්..
පිලිගන්නවා කෙරුවාවටත්..
නියම පෝස්ට් එකක්. මාත් හෑලි ලිව්වට මේ වගේ කෙටි ලිපි කියවන්න තමයි ගොඩක් කැමති. සරළව ලිව්වත් දාර්ශනිකත්වයක් මෙහි තිබෙනව.
ReplyDeleteබොහොම ස්තූතියි මීවනපලානයෙනි..
Deleteමේවට කැමති උනාට කමක් නෑ අකමැත්තෙං උවත් අර හෑලි ලියන්න..
ජයවේවා!!!!!!
හොඳ අයියා කෙනෙක්...
ReplyDeleteහික්ස්..
Deleteඔය කියන තරං හොද නෑලු නිෂ්..
පිලිගන්නවා කෙරුවාවට!!!!!!!
නංඟිට සුබ උපන්දිනයක් අවතාර්ගෙනුත් ඈ
ReplyDeleteපහුඋනාට සමාවෙයන් මට මේක මිස් උනා
ඕක මොකක්ද මචං..
Deleteස්තූතියි කමෙන්ටුවට!!!!
මමත් ඉතින් පහුවෙලා තමා සුබ පතන්නේ මොන කොරන්නද රාජකාරි බහුලයි නොවැ.හම්මප මොනාද ළමයෝ දුන්නේ නංගිට.
ReplyDeleteඕක මොකක්ද කෝරලේ මහත්තයෝ..
Deleteනංගිට දුන්නා බෝනික්කෙක්..
ස්තූතියි කමෙන්ටුවට!!!!
අඩේ... මේක කියෙවුවෙ අද...
ReplyDeleteඅයි මිස් මයි වන් ඇන් ඔන්ලි බ්රෝ... :'(
ඒ මුකෝ ඒ????????
Deleteඑයා මෙහෙ නෑ නේ.. හිටියත් ඒකාට මං ගැන ගානක්වත් නෑ නෙව..
Deleteඒ අතින් ඔයා ග්රේට් තරී...
යා...
Deleteඅයැම් ග්රේට්...
හැබැයි ඒකි නිසා නෙමේ ඈ...
matama kiala blogak nathi nisa mama "Ano" wek una...eth thariyo mage internet ithihasetama ahata kandulak apu ekama post eka meka...matamai kiala nangiyek na..mama thaniyama haduna ekek..eth matama kiala ekek mama hamadamath pathanawa..adatath hetatath hamadatamath ehemai..Sudu nangita suba upan dinayak kiapan..
ReplyDeleteප්රාර්ථනාව ඉෂ්ඨ වේවා යයි එකසිතින්ම ප්රාර්ථනා කරනවා මචෝ....
Deleteජයවේවා!!!!!!!!!!!!!!!!