ලගින්ම ඉන්න කස්ටිය

Friday, July 13, 2012

ඒ සුදු නංගි... මං ලොකු අයියා

එතකොට මං 9 වසරේ. උබ අම්මගෙ බඩේ. අපිත් එක්ක එකතු උනෙත් ඒ අවුරුද්දෙම තමා. මුල්ම සතියෙ බොලාට නමක් නෑ. තිබ්බෙ අංකයක්. ඉස්පිරිතාලෙදි රවුං කාඩ් බෝඩ් කෑල්ලක නො 11 කියලා ලියලා අතේ ගැට ගහලා තිබ්බා. අපිත් ඉතිං ජොලියට වගේ උබට කිව්වෙ 11 කියලා. පස්සෙ නමක් දාන්න කියලා අකුරු හම්බවෙලා තිබ්බා. හම්බෙලා තිබ්බෙත් පට්ට අකුරු ටිකක්. පු යන්නයි ක යන්නයි. කාලා වරෙංකො. අම්මා හොයලා හොයලා දැම්ම ලස්සන නමක්. පවුලෙ අනිත් ඔක්කොම පිරිමි ලමයි නිසා කෙල්ලංගෙ නං එච්චර භාවිතයේ නෑනේ. ටික කාලෙකිං උබේ හමේ පාටත් එක්කම මං සුදු නංගි කියන්න පටං ගත්තා. දැං උබට අවුරුදු 8යි. ඒ කියන්නෙ බං මං හෙන ඉක්මනට වයසට ගිහිංනේ. ලොකු අයියා උනාට මං මෙලෝ රහක් නැතුව ඇති. ඇත්ත මං පිලිගන්නවා. මොනා කරන්නද හලෝ. අවුරුද්දකිං උබටම හරියන්න මල්ලි කෙනෙකුත් හම්බඋනා. ඒකත් හොදා. නැත්තං උබත් එක්ක සෙල්ලං කරන්න වෙන්නෙ අපිටනේ.

මං ලොකු අයියා



මේකයි, අද උබේ 8වෙනි උපන් දිනේ. දෙන්න තෑග්ගක් ගන්න සල්ලි නෑ බං. අවුරුදු 21ක් උනාට මට තාම ජොබක් නෑනේ. කරුම ලෙක්චස් වලට ගාටනවා තාමත්. සතියක් ඉතර පහු වෙලා දුන්නට කමක් නෑ නේ? කෝම හරි සල්ලි ටිකක් එක්කහු කර ගන්නං.

අවුරුදු 8 උනා වගේ ඩබල් වේගෙකිං උබට 16ක් වෙයි. පට්ට කෑල්ලක් වෙයි කියලා දැං තියෙන දේහ ලක්ෂණ වලිං මට හිතෙනවා. උනාට කමක් නෑ පරිස්සං වෙයං. ලස්සන අහිංසක බෝනික්කෝ  වගේ කෙල්ලො තත්පර ගානෙං විනාස වෙලා යන හැටි මේ ටික කාලෙට මං ඕනතරං දැකලා තියෙනවා. මොන දේ FB එක කියන කරුමෙටනං අත ගහන්න හිතන්නවත් එපා. මේ පේනවනේ ගැලවිල්ලක් නෑ. උබලෑ කාලේ වෙනකොට ලෝකෙ කොහොම තියෙයිද කියලා මං දන්නෑ. නන්නත්තාර නොවී හොද ලොක්කියෙක් වෙයං. වෙන අයියලට වගේ දෙන්න දාර්ෂණික ටෝක් මං ගාව නෑ බං. රටේ ලෝකෙ එකාලට අනං මනං කියන්න බැරි වෙන්න හොදට හැදියං. එච්චරයි. කියපු දේවල් පිලිවෙලක් නැතුව ඇති. ගනං ගන්න එපා බං. මට ඕවා එච්චර කියලා හුරු නෑ.

මේක ලිව්වට වැඩකුත් නෑ. මොකද උබ බ්ලොග් කියවනවයි කියලයැ. අපරාදේ මෙච්චර හරි ටයිප් කරේ. බ්ලොග් කියවන්න පුළුවං වෙච්චි දවසක මේක කියවහං. සුභ උපන් දිනයක් වේවා සුදු නංගි. ජයවේවා!!!!!!!

ලොකු අයියා

බුකි කමෙන්ට් කරුවන් සදහාමයි

54 comments:

  1. ලොසිංජරයක් හරි දීං

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම හ්ම්ම්ම්...
      දෙන්න ඕනා තමා..

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොකෑ ලෝන්ලි ගර්ල් ඩිලීට් කලේ????

      Delete
  3. නංගිට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. hande sawariyakata ewanna ,,,,,,,,, hande saranai :D

    ReplyDelete
    Replies
    1. පිස්සු හදෝලා එවන්නද ඈ..... :D

      Delete
  5. සුදු නංගි ට සුබම සුබ උපන්දිනයක් වේවා..!

    ReplyDelete
  6. අය්යලගෙ දැඩි ‍රැකවරනය ඕන කාලයක් මේක..!

    ReplyDelete
    Replies
    1. අනිවාර්රෙං අනිවාර්රෙං...
      අයියලත් පරිස්සං වෙන්න ඕන කාලයක් මේක..

      Delete
  7. සුභ පැතුම් මචං නංගිට. ලොකු ගානක දෙයක් ඕනේ නැහැ පොඩි දෙයක් හරි දියණ එයාල සතුටු වෙනවා. මම ඉස්කෝලේ යන කාලේ අපේ නංගිගේ උපන්දිනේට දුන්නේ තුඩු මාරු කරන පැන්සලක්. වැඩි ගානක් උනේ නැහැ. එත ගොඩාක් සතුටින් හිටියේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත..
      තෑග්ගක වටිනාකම සල්ලි වලිං මනින්න බෑ තමා....

      Delete
  8. මෙවන් අයියෙක් ලද "පව් නංගි.."

    මොනව වුනත් සුභ වේවා..

    ReplyDelete
    Replies
    1. හික්ස්..
      පව් නං තමා ඉතිං..
      මුනා කරන්නද???

      Delete
  9. අපේ සුදු නංගිට සුභ උපන්දිනයක් වේවා කිව්වයි කියල කියහන්. මන් දැනට දැකල තියෙන හොදම උපන්දින තෑගිවලින් එකක් තමයි මේක. ඇත්තටම නියමයි. මේකේ උඩින් පේන දේට වඩා හරි ගැඹුරු ධාර්ශනික අදහසක් යටින් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවා කියන්නං..
      නැත්තං දහං පාසල් ආවම උබම කියහං....
      මොකක්ද බං ඒ ගැඹුර...
      මං දන්නෙත් නෑ ඔහෙ ලිව්වා මිසක්..

      Delete
  10. අපෙනුත් සුභ පැතුම් හ්ම්ම්.. කදිම පොස්ටුව සහෝ ..:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිමාවී!!!!!!

      Delete
  11. සුදු නන්ගට සුබ උපන්දිනයක්....

    ReplyDelete
  12. සුදු නංගි ට මගෙන් සුභ පැතුම්... උඹට උපදෙස් දීලා විතරක් ෂේප් වෙන්න බෑ කොල්ලෝ... අනාගතේ නංගි සම්බන්ධ වගකීම් ලැබේවි ඉටුකරන්න... වෙලාවක අපේ දිහාවටත් ඇවිත් යන්න එන්න..

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා...
      දත ගැලවෙයි..
      මොනා කරන්නද ඉතිං නංගිනේ...
      අනිවා එන්නං සිරෝ!!!!!!

      Delete
  13. නංගිට සුභ උපන්දිනයක් වේවා!!!

    ලස්සනම පෝස්ට් එකක් සහෝ. බොක්කෙන්ම කියලා කියන්න ඕනේ ටික.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ක්සැන්ඩර්...
      හික්ස්..

      Delete
  14. නංගී වෙනුවෙන් මෙවන් දෙයක් ලියන උඹ අපේකාල්යේ සුපිරි අයීයා කෙනෙකි එන්න එන්නම අසම්මතය ජයගන්නා යුගයක උඹ වැනි උතුම් පුතෙකු ලක්මවට ආදර්ශයකි . බොක්කෙංම මේ පෝස්ට් එක මුලු ලංකාවේම නංගිලා වෙනුවෙන් ය. ..... මෙය කියවා මට රතු ඉන්දියනු නයක සියැටෙල් ගේ හා ඇමරිකානු නායක ඒබ්‍රහම් ලින්කන්ගේ කතා මතක්වී ඇඬෙන්නට ආවේය . උඹට ජය නංගීට සුබ උපන්දිනයක් කිව්වාද කියා කියපිය................ ඉහි ඉහි ........මේ කඳුලු සතුටටය !

    ReplyDelete
    Replies
    1. බං මේ කිංඩි දාන්න එපා ඈ...
      ඕකනේ උබලත් එක්ක බැරි...
      හොදි ඕන්නැතිවෙන්න බයිට් කරනවනේ..

      Delete
  15. හ්ම්ම්ම්ම්.. ලස්සන පෝස්ට් එකක්.......

    ReplyDelete
  16. පහු වෙලා කෑගි දෙනවනම් සුබ උපන්දිනයක් කියන්න දවසක් පහුවුනාම මොකෑ. පොඩි දෙයක් දීපං. අවුරුදු 8නේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්..
      ඔවු රාජ් අයියේ..
      අරං දෙන්න ඕනා..

      Delete
  17. සුදු නංගිට සුභ උපන්දිනයක් වේවා..පරක්කු උනාද මන්දා...

    ReplyDelete
    Replies
    1. තාම තෑග්ගවත් දුන්නැති එකේ මොන පරක්කුද බං...
      ස්තූතියි මචං..

      Delete
  18. ඔය මල් වට්ටියකුයි ළමා සාරියකුයි අරංදුන්නම ඇති......

    ReplyDelete
    Replies
    1. ඇති වෙයිද?????
      හික්ස්..
      ස්තූතියි සුමිත්

      Delete
  19. සුබ උපන්දිනයක් වේවා දෝනිට..

    ඔන්න අදමයි මේපැත්තෙ ආවේ.. අස්වැන්නට ඇවිත් ගිහින් තිබුණා.. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දයානන්ද අයියේ..
      ඔව් ඔව්..
      පිලිගන්නවා කෙරුවාවටත්..

      Delete
  20. නියම පෝස්ට් එකක්. මාත් හෑලි ලිව්වට මේ වගේ කෙටි ලිපි කියවන්න තමයි ගොඩක් කැමති. සරළව ලිව්වත් දාර්ශනිකත්වයක් මෙහි තිබෙනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මීවනපලානයෙනි..
      මේවට කැමති උනාට කමක් නෑ අකමැත්තෙං උවත් අර හෑලි ලියන්න..
      ජයවේවා!!!!!!

      Delete
  21. හොඳ අයියා කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. හික්ස්..
      ඔය කියන තරං හොද නෑලු නිෂ්..
      පිලිගන්නවා කෙරුවාවට!!!!!!!

      Delete
  22. නංඟිට සුබ උපන්දිනයක් අවතාර්ගෙනුත් ඈ
    පහුඋනාට සමාවෙයන් මට මේක මිස් උනා

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද මචං..
      ස්තූතියි කමෙන්ටුවට!!!!

      Delete
  23. මමත් ඉතින් පහුවෙලා තමා සුබ පතන්නේ මොන කොරන්නද රාජකාරි බහුලයි නොවැ.හම්මප මොනාද ළමයෝ දුන්නේ නංගිට.

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද කෝරලේ මහත්තයෝ..
      නංගිට දුන්නා බෝනික්කෙක්..
      ස්තූතියි කමෙන්ටුවට!!!!

      Delete
  24. අඩේ... මේක කියෙවුවෙ අද...
    අයි මිස් මයි වන් ඇන් ඔන්ලි බ්‍රෝ... :'(

    ReplyDelete
    Replies
    1. එයා මෙහෙ නෑ නේ.. හිටියත් ඒකාට මං ගැන ගානක්වත් නෑ නෙව..
      ඒ අතින් ඔයා ග්‍රේට් තරී...

      Delete
    2. යා...
      අයැම් ග්‍රේට්...
      හැබැයි ඒකි නිසා නෙමේ ඈ...

      Delete
  25. matama kiala blogak nathi nisa mama "Ano" wek una...eth thariyo mage internet ithihasetama ahata kandulak apu ekama post eka meka...matamai kiala nangiyek na..mama thaniyama haduna ekek..eth matama kiala ekek mama hamadamath pathanawa..adatath hetatath hamadatamath ehemai..Sudu nangita suba upan dinayak kiapan..

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා යයි එකසිතින්ම ප්‍රාර්ථනා කරනවා මචෝ....
      ජයවේවා!!!!!!!!!!!!!!!!

      Delete

ඔබේ අදහස් මට ශක්තියක්.....
අදහසත් කියලම යමු නේ???????